.

.

Jul 1, 2011

දරිද්‍රථාවය හා නොහැකියාව බොරුවෙන් වැසීම - Icing with Lying


මතබේදාත්මක සිඳුවීම් වලින් ගහන වූ පසුගිය කාළය තුල සිත සනසාගත හැකි සිඳුවීමකින් සතිය අවසන් විය. එනම් ක්‍රිකට් පාළක මණ්ඩලයේ වුන් හොරුන් සියල්ල විසිවී ඇති කාරණයයි.

කළින් පෝස්ට් වලත් සඳහන් කළ ආකාරයට ජේෂ්ඨ ඇමති මණ්ඩලයට පත් කළ යුතු තවත් බොහෝ අය සිටිනා බව මෑතක කරුණු සහිතව ඔප්පු වී හමාරය. 1994 සිට 2002 වන තෙක් සහ නැවතත් චන්ද්‍රිකා ආන්ඩුව තුල සිටි වැඩ බැරි ටාසන්ලා තවමත් කිසිම වැඩක් කර ගත නොහැකිව හත් පොලේ ගා ගන්නවා පමනක් නොව පරිපාළනයේදි අත දරුවන් බව මනාව ඔප්පු කොට හමාරය.

ජනාධිමතිතුමා බලාපොරොත්තු වන ආසියාවේ ආශ්චර්යය මොවුන් සමග තව දුරටත් ගමන් කිරීමෙන් ලබා ගත හැකිද යන්න බැරෑරුම් ළෙස සිතා බැලිය යුතු කාරනයකි. 1994 සිට අධ්‍යාපනයට අංශූ මාත්‍රයක දෙයක් නොකළා පමනක් නොව චන්ද ලැයිස්තුවක් නිසි ලෙස පුරවා ගත නොහැකි පුද්ගලයෙක් මුලු ආර්ථිකයම රඳා පවතින ඉන්ධන වැනි විෂයක් පාළනය කිරීම සඳහා යොමු කිරීමෙන් අද අහිංසක ජනතාව විඳින දුක පාඩුව ජනාධිපති තුම වටහා ගත යුතුය.

තම නොහැකියාව වසා ගැනීම සඳහා තව දුරටත් රූපවාහිනි කැමරා ඉදිරියේ පච කෙලින්නේ නැතිව අවම වශයෙන් සිඳුවූ පාඩුව ගැන අවංකවම කනාගාටුව ප්‍රකාශ කර ඒ සඳහා සම්බන්ධවූ සියළුම නිළධාරින් රැකියාවෙන් ඉවත් කරන බව කියන්නට කොන්ද පන නැත්තේ මන්ද යන්න මෙහිදි සිතා බැලිය යුතු කාරණයකි. කොතරම් පච කෙළියත් සිඳුවූ දෙය පාරේ තොටේ පැය දෙකක රස්තියාදුවක් ගැසුවානම් නෙත් පෙනෙන කන් ඇසෙන හැගීම් දැනීම් ඇති ඕනෑම පුද්ගලයකුට අත්විඳ ගත හැක.

අනෙක් ප්‍රලාපයනම් කොළඹ ජනතාව වැඩිම මන්ද පෝෂනයෙන් පෙළෙන බවට පර්යේශන මගින් ඔප්පු වූ බවට කරන ප්‍රකාශයයි. මේ පර්යේශනයද පැවැත්වූයේ කැළණිය විශ්ව විද්‍යාලයේ නාථ දේව පීඨයෙන් නම් එය එකහෙලා පිළිගැනීමට මම කිසි සේත් නොපැකිලෙමි. මන්ද මෙම නාථ දේව පිඨය දැනටමත් විද්‍යත්මක ක්‍රම කනපිට පෙරලමින් නවතම විද්‍යාත්මක ක්‍රම මගින් විශ්මිත සොයාගැනිම් කර ඔප්පු කොට හමාර බැවිනි.

කෙසේ වෙතත් මෙයට හේතුව පිටි සහිත ආහාර ගැනිම නොව. ජනතාවගේ මිළදි ගැනීමේ හැකියාව සීඝ්‍රයෙන් පහත වැටීමයි. ඒ බව රූපවාහිනියේ විකාශය වන උකස් දැන්වීම් වලින් සහ තැන තැන වසංගතයක් මෙන් මතුවන උකස් ගැනීමේ ආයතන ප්‍රමාණයෙන් ඕනෑම අම්බරුවකුට තේරුම් ගත හැක. කළින් මේ ස්ථානයේ පසුවූයේ නුවරඑළිය දිස්ත්‍රික්කය බව කවුරුත් දන්නා කාරනයකි. එයට හේතුව නුවරඑළියේ වැඩිපුරම ජීවත්වන්නේ දුප්පත්කමේ කෙළවරේම සිටින වතු කම්කරු ජනතාවයි. ඔවුන් පිටි සහිත ආහාර ගන්නේ ආතල් එකට නොව අනෙකුත් ආහාර මිළදි ගැනීමට නොහැකි බැවිනි. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය රොටි සහ සම්බෝළයක් පමණි. එයද බොහෝ විට එක වේළක් පමනි.

කොළඹ දිස්ත්‍රික්කය මෙහි ප්‍රථම ස්ථානයට පත්වීමට ප්‍රධාන හේතුවනම් වෙන කිසිවක් නොව අන් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව කොළඹ තුල පාරීභෝගික භාන්ඩවල මිළ ඉහල තත්වයක පැවතීම සහ සෑම දෙයකටම මිළක් ඇති බැවිනි (වතු කම්කරුවනට දර ටික හෝ නොමිළේ ලැබේ.)

පිටි පචය පතුරුවා ඩෙංගු අමතක කර දැමීම සමහර විට ගොබෙල්ස් න්‍යයයේ කොටසක් විය හැකි වූවද. එම ප්‍රශ්නයේදීද නොහැකියාව මනාව ඔප්පු කොට හමාරය. මන්ද ඩෙංගු බෝකරන ප්‍රධාන ස්ථාන සියල්ලම රජයේ ආයතන බැවිනි.

එබැවින් රට පච කෙළින්නේ නැතිව ප්‍රශ්න වලට නිසි පිළියම් යෙදිය යුතු කාළය පැමින ඇති බව ජනාධිපති තුමාට ඉතාමත් ආදරයෙන් මතක් කරමි. මන්ද යුද්ධය ජයගත්තද මේ වැනි වැඩ බැරි ටාසන්ලා සමග ආර්ථිකය ජයගැනීම නම් සිහිනයක්ම වන බැවිනි.

13 comments:

  1. නායකත්වය කොයිතරම් දුර්වලද යන්න තමයි තේරුම් ගත යුතු එකම සත්‍ය.

    ReplyDelete
  2. ප්‍රශ්ණ වලට පිළියම් යොදන්න ජනාධිපතිට අවශ්‍යතාවයක් නැති බව පසුගිය කාලය පුරා තහවුරු විය. සියඵ ප්‍රශ්ණ දේශප්‍රේමී වාග් සංහාරයෙන් දෙපඵ කිරීම මිස හරිහමන් ඇමැති මණ්ඩලයක් පත්කර ගැනීමට හෝ තමන්ගේ හෙඵව පෙන්වන පත්කර සිටින ඇමැතිවරු ඉවත් කිරීමට හෝ ජනාධිපතිට අවශ්‍යතාවයක් හෝ පෞරුෂයක් නැත. ඇත‍්තෙන්ම ඔඵව කුණුවී ඇති විටෙක නිරෝගී කයක් ප්‍රාර්ථනා කිරිම විහිඵවකි.

    ReplyDelete
  3. kanimadala biduna gedarak gana kavara kathada.

    ReplyDelete
  4. මම ඉතින් ආයුර්වේද ගොබිලනේ. ඔන්න මගේ කථාව. අපි සහෝදරය මේ බ්ලොග් ලියාගෙන මිනිස්සු දැනුවත් කරගෙන දගලනවා මේක ගොඩගන්න.

    අළුත්ම ආරංචිය අපෙ නිලධාරි (හරි ආයුර්වේද වෛද්‍යවරු ඉන්න ඕනෙ තැන්වල ඉන්න දෙශපාලන ගැත්තෝ ) සම්මන්ත්‍රනවලට රට ගිහිල්ල හොරකම් කරලා රටත් ආයුර්වේදෙටත් පහරල දැන් සිංගප්පුරුවේ හිර වෙලා ඉන්නවලු. අනේ මේවා අහලා අඬ්න්නද හිනාවෙන්නද මටම නොතේරේ.

    ReplyDelete
  5. @ Outsider

    වෙනත් නායකත්වයක් පේන තෙක් මානයක නොමැති බැවින් මෙයාගෙන්ම ගොඩ එන්න ට්‍රයි කරමු.....

    ReplyDelete
  6. @ Anonymous 1 & 2

    Thanks for the comments

    ReplyDelete
  7. @ වෙද ගෙදර මහ වෙදනා....

    දෙන්නෙක් තුන්දෙනෙක් ගෙදර යැව්වනම්... අනෙක් එවුන් හැදෙනව...

    ආයුර්වේදයටනම් දෙයියන්ගෙම පිහිට තමා... අද ඊ.ටී.වී. එකේ දැක්ක තායිවානයේ විදේශිකයින්ට බුලත් විකුනන හැටි.. මේව බලන්න යන එවුන් බලාගෙන එන්නේ වෙන ඒවනේ... කාළකන්නි.....

    ReplyDelete
  8. හැබෑට අය්යේ ජනදධිපතිතුමාට මේ බ්ලොග් අඩව් පෙන්නන්න කොරොමයක් කල්පනා කරමු. එතකොටවත් එතුමා යමක් කමක් තේරුම් ගනී නෙව.

    ReplyDelete
  9. @ ගිම්හානී

    බැලිල්ල කෙසේ වෙතත්.. මේ වගේ හොඳ හිතින් කරන විවේචනත් නැති බංගස්තාන කොරන්න තමයි වටේ ඉන්න උන් දඟලන්නේ.. උන් හරි කැමතියි රජතුමා හෙළුවෙන් යනවට. මොකෝ පෙරලුන ගමන් පාට වෙනස් කරල අනිත් පැත්තට පනිනවනේ...

    ReplyDelete
  10. ඇමති මණ්ඩලයට පත් කළ යුතු තව බොහොම දෙනෙක් ඉන්නවා නේන්නම්. එතනනෙ ආශ්චර්යය තියෙන්නෙ. නාථ දේව පීඨය... :D ලස්සන යෙදුමක්.

    මමත් හිතන්නෙ රට ගොඩ නැගීමට තව රූපවාහිනී චැනල් දහයක් පමණද, පන්සියයක පමණ ඇමති මඩුල්ලක්ද අවශ්‍යයි කියලා.

    ReplyDelete
  11. @ දොස්තර නෝනා

    :) :)

    මගේ ගාව මරු යෝජනා වගයක් තියෙනවා... පස්සෙ පෝස්ට් එකක් දාන්ඤං... මේ ටිකේ පට්ට බිසි....

    ReplyDelete
  12. මාතලෝ උබේ අකුරු තව ටිකක් සුදු කරපංකෝ මේවා කියවන්න හරි amarui බන්

    ReplyDelete
  13. @ නරක සමනලයා

    හොඳමයි ගොයියෝ....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න