.

.

Jul 20, 2011

ළොක්කා නාඩගම් බලන්න මහරගම යයි - Lokka watch KOLAM at Maharagama


ඡන්ද ලයිස්තුවවත් හදා ගන්න බැරි හාල්පාරුවන්ට උතුරේ පොඩි ඡන්දෙ වැඩේ බාර දුන්නොත් ජොනි බට්ටන්ගේ පටළැවිල මළ විනාසයක් කර ගන්නා බව දන්න නිසාම, ජනාධිපතිතුමාම අතුරු මිතුරු දඹදිවතුරු උඹල මගේ උතුරෙ මිතුරු, උතුරෙ ම්තුරු උනොත් හතුරු ගහනව තොපි පතුරු පතුරු සින්දුව ස්ටේජ් ගානක ගායනා කොට ගෙදර පැමිණියේ තව දුරටත් සංදර්ශන පැවැත්වීම රාජගිරියේ කොමසාරිස් විසින් ඊයේ රෑ සිට නැවැත්වූ බැවිනි.



ටික දවසකින් ගෙදර ආපූ නිසා ශිරන්ති නෝනා හොඳ කොළ කැඳ කෝප්පයක්ද හදාගෙන විත් ජනාධිපති තුමා අසලින් ඈදී ගත්තාය. මොනවද අනේ ඔයා ගෙනාවේ කියා ආදරයෙන් ඇසූ නෝනා යාපනේ සිට ගෙනා පන් පෙට්ටි පෙරලන්නට පටන් ගත්තේය. තල් හකුරු, කොට්ට කෙලංගූ, මිදි, රතුළුනූ, යාපනේ අඹ, අරව මේවා පෙට්ටි මැද්දේ ඩෝබී කෙන්ක්ගේ රෙදි පොට්ටනියකුත් වැරදීමකින් ගෙනත් ඇති බව පෙනුන නිසා මේ මොකක්ද අනේ මේ කියා නෝනා ජනාධිපති තුමාගෙන් ඇසුවාය.බලන්නකො අනේ ගියපු වෙලාවේ ඉඳල මට හීතල හැදිල වගේ එක එකා රෙදි කෑලී ගෙනල්ල පොරවනව. මළම වදේ මම ඔන්න ඔක්කොම ටික ගෙනාවා ඔහේ ඕක සාරී මන්දීර් වලට දීල සාරියක් දෙකක් ඉල්ල ගන්නකො හොඳෙයි. කියූ ජනාධීපති තුමා හැට හුට්ටම බැලීම සඳහා ඉතා ස්වාධීන සේවය නරඹන්නට 3ඩී එක ඕන් කොට ග්ලාස් දෙක දමා ගත්තේය.

කකුල් පහේ කුකුල්ලුයි, මල් පහේ කෙහෙල් කැනුයි, පිට රටවල් වල අච්චාරුයි, කසිලි බිසිලියි, ගොන් ජෝක්ස් සමග හුට පට්ටම විකාශය වන අතරේ, රදලියගොඩගේ අබලි යකඩ වැඩ පොලක් ගැන නිවේදනයක් දැක වහාම දුරකථනයෙන් රදලිය සම්බන්ද කර ගත්තේය. මේ උඹ ඕක පටන් ගත්තට කමක් නෑ අර පෑළියගොඩ යකඩ ගොඩ කන්න ආපූ එකාගෙන් පරිස්සම් වෙලා කොරන දෙයක් කොරහන් හොඳෙයි කියා අවවාදයක් දුන්නේය. කවදත් කළාවට කැමති ජනාධිපති තුමාට නාට්ටියක් බැලීමට හදිසි දොලදුකක් ඇති වූයෙන් ශිරන්ති නෝනා ගෙන් ඒ ගැන විමසූ විට නෝනාද දෙපයින් කෙලින් හිටගෙන එක පයින් ඒ යෝජනාව අනුමත කළේය. ඇමරිකාවේ සිට පැමිණි සෙට් එකෙන් මෙළෝ වැඩක් නැති එකාගේ නාට්ටියක් මේ දවස්වල මහරගම යොවුන් රඟහලේ වේදිකා ගත වන බව දැනගත් ජානාධිපති තුමා නෝනාත් කාරෙකට දමාගෙන කශ්ටියට හොරෙන් හයි ලෙවල් එක දිගේ තම රථය පදවාගෙන ගියේය.

කොහේදෝ යන පඟර නැට්ටෝ නැට්ටියෝ වගයක් පාර්ලිමන්ට් ජොක්ස් නම් වූ නාට්ටිය රඟපාමින් සිටි අතර නරඹන්නෝ සිටියේ උඩ බැවින් ජනාධිපති තුමා පැමිණි බව එකෙක් වත් දුටුවේ නැත. ළොක්කා ආපූ බව දැනගත් ගේට් කීපර් ලොක්කා පස්සෙන්ම වැටුනේ ඒ අතරේය. විපක්ෂයේ එළු රැව්ලක් ඇති බාගෙට නැෂනල් ඇඳගත්ත එකෙක් තෙල් ගිවිසුමක් ගැන වලියක් අදින්නට හැදුවත් ආන්ඩූ පක්ෂයේ මුහුනෙන් පසු ශරීරයම එක සමාන එකෙක් ඒකට කොක්ක ඇද්දෙය. හාල්පාරුවෙක් වැනි විපක්ෂ නායකයා කතානායකයාගෙන් ගෙමක් ඉල්ලු කළ කතා නායක නළුවා කීවේ මම අධ්‍යක්ෂකගෙන් අහල අනිද්දා කියන්නම් කියාය.

කාගෙන් අහන්නද ඩෝ මම මෙහේ කියා කියන්නට හිතුවත් නාට්ටියක් නේදැයි සිතූ නිසා කෙන්තිය යටපත් කර ගත් ජනාධීපති තුමා මූ උතුරට රේල් පාර මාස හයෙන් දාලා වැඩක් නැති නිසා දැන් නාට්ටි හදන්න පටන් අරන් වගේ කියා හෙමිට මිමුනූ දේ ගෙට් කීපරයාට ඇසි ඌ ගත් කටටම ඔව් සෑර් යැයි කීවේය. හොඳ වෙලාවට සෑර් ආවේ ඒත් මම බැලුවා ජනාධ්පති නැති පාර්ලීමෙන්තු මක්කටෙයි කියල. ඔබ තුමා මූලාසනේට ගියානම් ඉවරයිනේ කියා කිවේය. තමුසෙ සද්ද කොරන්න එපා කට්ටියට ඇහෙයි ඒක නෙමෙයි මේ වැඩේට කීයක් විතර ගියාද දන්නෙ නෑ මූ මෙතන පාර්ලිමේන්තුවක් හදල නේ. සෑර් මම දන්න විදියටනම් කෝටී එකයි ගිහිල්ල තියෙන්නෙ. අනික ඇමතිවරු දිවුරුම් දුන්නෙත් ඇමතිතුමා ඉදිරියේ කියා පත කේලමක් ඇද බෑවේය.


අසු හාර දහසේ මහා පහන් පූජාවට හා පිච්ච මල් පූජාවටත් එහා මළ පැන්න ජනාධිපති තුමා. මූ පත්තර කාරය ඕකුන් විශ්වාශම කරන්න බැරි උන් මට පේන්නේ මූ මෙතන වෙනම රාජ්‍යයක් හදල මාව නැති කරන්නද කොහෙදැයි කී ජනාධ්පති තුමා ලන්කාවේ දැවැන්තම නට්ටි නිශ්පාදනය බල්ලාට දමා නෝනාත් ඇදගෙන මලත් අතට ගෙන වාහනයට ගොඩ විය.මගදී ගෝඨාට කෝල් එකක් ගත් ජනාධ්පති තුමා කීවේ මල්ලියේ අන්න අර පොලොස් කොට්ටෝරුවා මහරගම වෙනම රාජ්‍යයක් පිහිටවල. බුද්ධි අංශ වලිනුත් වැඩක් නෑ  ඉලංගකෝන්ට කියල වහාම අත් අඩංගුවට අරන් එරොප්පෙටම පටවනව. නැත්තන් මූ තව නාට්ටියක් ගහයි ජනාධිපතිත් දාල කියාය. නුගේගොඩ හන්දියෙන් වාහනය ගාළු පාර දෙසට හැරවූ ජනාධිපති තුමා ටෙනිසන් කුරේ ගේ ගේ ළඟ වාහනය නතර කළේය.

6 comments:

  1. හික් හික් හික් .... මාතලන් අයියත් මාර ඒව තමයි ලියන්නෙ... අර අතුරු මිතුරු සින්දුව අයියගෙම නිර්මාණයක් වෙන්න ඇති...

    ReplyDelete
  2. @ සාතන්
    ඔව් ඔව් ඇයි දැක්කේ නෑ ටැලිවිසොන් එකේ..

    ReplyDelete
  3. අර පිස්සුවට කෝටියක්? අම්මියෝ!!!

    ReplyDelete
  4. @ blog gadol
    මෙළෝ රහක් නැති හාල් පාරුවෙක් තමා

    ReplyDelete
  5. මට පේනනේ අයියත් හොරාට ගිහිං වගේ නාටිටය බලන්න.

    ReplyDelete
  6. @ prassanna86k
    එහෙම නැතුව කරණ විවේචනය අසාධාරනයි නේද කොලුවෝ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න