.

.

Jul 26, 2011

අළුත් ව්‍යවස්ථාව - A New Constitution


මේ පවත්නා වූ මජර, පාදඩ, බහුභූත, කාළකන්නි, රටටම විනයක් වූ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව (මාගේ නිර්වචන නොවේ.) වෙනස් කොට මේ පාරෙන් එන ලෙස රනිල්ටත්, සජිත්ටත්, ජේ වී පී යටත් අවශ්‍යතාවයක් තිබේ නම් කල හැකි එකම පුද්ගලයා ලෙස මා සලකන මහින්ද මහත්තයාටත් මාගේ මේ යෝජනා ඉදිරිපත් කරමි. මෙය මාගේ යෝජනාවක්ම පමණක් නොව ශ්‍රී ළංකා මාතාවට ආදරය කරනා හැමගේම ප්‍රාර්ථනාවක්ම වන්නේය..



මූලීක අවශ්‍යතාවය
  • අධිකරණය, විදේශ සේවය, සිවිල් සේවය, මැතිවරණ කොමිසම, පොලීසිය, හා අල්ලස් හා දූෂණ කොමිසම නිදහස් ස්වධීන ආයතන විය යුතුය. (මේවා විනිවිද බාවයෙන් ක්‍රියාත්මක විය යුතු අතර, විවේචනයට හා විරුද්ධව අධිකරණය වෙත යා හැකි විය යුතුය.... )
  • පළාත් සභා වහාම අහෝසි කළ යුතුය.(තනිකර සුදු අලියෙකි.) **
  • මාධ්‍ය නිදහස (තොරතුරු දැන ගැනීමේ අයිතිය.) තහවුරු කළ යුතුය. (අමන දේශපාලකයන් මෙන්ම අමන මාධ්‍යවේදීන්ද සිටිනා බැවින්. ස්වාධීන මාධ්‍ය අධිකරණයක් හඳුන්වා දිය යුතුය.)
ඡන්ද ක්‍රමය
  • සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතු අතර ආසන ක්‍රමය වෙත නැවත පැමිණිය යුතුය. (කාළකන්නියන් ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම හා බලු පොරය වහාම නවතිනු ඇත.)
  • ජානාධිපති ධූරය හා ආණ්ඩූ කාළය වසර හතරකට සීමා කළ යුතුය.(සැලැස්මක් හා උනන්දුවක් ඇතොත් මේ කාළයද වැඩි බව මගේ හැඟීමයි.)
  • ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය හා පලාත් පාළන ඡන්දය එකම දිනක පැවැත්විය යුතුය (විනාශකාරී වියදම මෙයින් වලක්වා ගත හැක.).
  • පාර්ලීමේන්තුවට තේරී පත්වූ පසු පක්ෂය මාරූ කළ නොහැකි අතර, අවශ්‍යනම් ඉල්ලා අස්වී අතුරු මැතිවරණයකින් නැවත පත්විය යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මියගිය විටද නැවත එම ආසනය සඳහා මැතිවරණයක් පැවැත්විය යුතුය.
  • ජන ඝනත්වය අනුව මැතිවරණ කොඨ්ඨාශ නැවත නීර්ණය කොට උපරීම මන්ත්‍රිවරුන් ප්‍රමාණය 200 දක්වා අඩු කළ යුතුය.
ජනාධිපති
  • විධායක ජනාධිපති දූරය අධිකරණයට යටත් විය යුතුය.(ජනාධීපති විවේචනය කිරීමට හා ඔහුට විරුද්ධව උසාවිය වෙත යාමට ඉඩ තැබිය යුතුය.)
  • අග්‍රාමාත්‍ය දූරය අහෝසි කළයුතු අතර ඒ සඳහා උප ජනාධිපතිවරයකු පත් කළ යුතුය
  • ජනාධිපති උපදේශකවරුන් පත් කිරීම වහාම අහෝසි කළ යුතු අතර, අවශ්‍යනම් අධීක්ෂණ ලේඛම් වරුන් ලෙස අමාත්‍යාංශ 25 ට විෂය පිළිබඳ ප්‍රවීණයන් පත්කළ හැකි විය යුතුය.
  • පාර්ලීමේන්තුව සතියකට දින 4ක් රැස්විය යුතු අතර, ජනාධ්පති අනිවාර්යයෙන් දින දෙකක් පාර්ලිමේන්තුවට පැම්ණිය යුතුය. (ඉතිරි දින හතර අමාත්‍යාංශ අධීක්ෂනයට හා අනෙකුත් රැස්වීම් සඳහා යොදාගත හැක).
  • ජනාධිපතිවරයා ආරක්ෂක ඇමති ධූරය පමණක් දැරිය යුතුය.
පාර්ලිමේන්තුව
  • මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය වහාම අහෝසි කළ යුතුය. (මෙමගින් හිඟන්නන් පාර්ලීමේන්තුවට පැමිණීම වහාම නවතිනු ඇත. ජනතාවට අවංකව සේවය කළ යුතු අය පමණක් ඡන්දයට ඉදිරිපත් වනු ඇත.වසර 20ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සඳහා පමණක් විශ්‍රාම වැටුපක් ගෙවිය යුතුය. )
  • මන්ත්‍රිවරුන්ගේ වාහන බලපත් ක්‍රමය වහාම අහෝසී කල යුතුය. (තමන්ටම කියා වාහනයක් නොමැතිනම් පොදු සේවා මගින් තම පහසුකම් සපයා ගත හැක.)
  • පාර්ලීමේන්තු කාළය උදැසන 8.30 සිට සවස 6.00 දක්වා පැවැත්විය යුතුය. .(සෑම සතියකටම දින 4ක් පාර්ලිමේන්තුව රැස්විය යුතු අතර, ජනාධිපති දින 2 ක්ද, අමාත්‍යවරුන් දින 3 ක්ද අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුය.)
  • නිසි වෙලාවට හා පාර්ලිමේන්තුවට නොපැමිනෙන මන්ත්‍රිවරුන්ගේ වැටුප් අඩු කළ යුතුය. (මළ ගෙවල් වල යාම් හා මගුල් ගෙවල් වල යාම් මින් නැවැත්විය හැක.)
  • දිනපතා පාර්ලිමේන්තු පැමිණෙන මන්ත්‍රීවරුනට විශේෂ දීමනාවක් ලබා දිය යුතුය.
  • පාර්ලීමේන්තුව සජීවීව ගුවන් විදුලියෙන් හා රූපවාහිනී මාර්ගයෙන් විසුරුවා හැරිය යුතුය.
  • ආරක්ෂාවක් අවශ්‍යම යැයි උසාවියක් මගින් තීරණය කරන ඕනෑම මන්ත්‍රිවරයකුට එක ආරක්ෂකයකු පමණක් සැපයිය යුතුය. (පෞද්ගලික හේතු මත නොවේ.)
අමාත්‍ය මණ්ඩළය
  • අමාත්‍ය මණ්ඩළය 25 දක්වා අඩු කළ යුතුය. (සියළුම අමාත්‍යවරුන්ට නියමිත ඉලක්ක සැපයිය යුතු අතර නියමිත කාළය තුල එම ඉලක්ක සපුරා නොමැතිනම් වහාම අමාත්‍ය දූරයෙන් නෙරපිය යුතුය. සෑම මසකම තම ප්‍රගති වාර්ථා අය වැය සමඟ ජනාධිපති වෙත යොමු කළ යුතුය.)
  • ඇමතිවරුන්ටද මන්ත්‍රිවරුන්ට ලැබෙන වේතනයම් ලැබිය යුතු අතර. වහාම පවතින වැටුප අඩු කළ යුතුය.
  • රාජකාරී කටයුතු සඳහා රියදුරකු සහිත අමාත්‍යාශයේ වායනයක් ලබා ගත හැකි අතර එම වාහානය තම පෞද්ගලික ගමන් බිමන් සඳහා යොදාගැනීම සපුරා තහනම් වේ.
  • ඇමතිවරුන් සඳහා පෞද්ගලික කාර්ය මණ්ඩළ පත් කිරීම වහාම අහෝසි කළ යුතුය.(සියළුම සේවකයින් රාජ්‍ය සේවයෙන් ලබා ගත යුතුය.)
පලාත් පාළන ආයතන
  • පළාත් පාළන නියෝජිතයින්ට වැටුප් ගෙවීම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුය.
  • සතියට දින 5 ක් එක වරුවක් අනිවාර්යයෙන් රැස්විය යුතුය.
  • සෑම මසකම අය වැය සභාවට ඉදිරිපත් කළ යුතුය.
මා සිතනා ආකාරයට මේ පොරොන්දු ටික දැන් සිටම ජනතාව වෙත ගෙන යන්නේ නම් සජිත්ට වරදින්නට විදියක් නොමැත....එමෙන්ම එම ගමන සඳහා, 94 සිට රට කන හාල්පාරුවන් එකෙකු හෝ.. බල පෙරේත කමට පක්ෂය ආණ්ඩුවට එකතුවූ මළ පෙරේතයන් එකකු හෝ එකතු කර නොගත් යුතුය.. (මන්ද මුන් එහෙම ප්ලෑන් එකක් ගෙනියන බවට කට කතා තිබෙනා බැවිනි...)

ප: ලි:

මේ සඳහා ඔබේ යෝජනා හා සංස්කරණයන් මා වෙත ලබා දිය හැක....

** .මෙය දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට කිසීසේතම අදාල නොවන විසදුමකි. මෙය අප වෙත බලෙන් පැටවූ ඉන්දියාවට ගැලපුනද, කුඩා රටක් වන අපට කිසිසේත්ම ඔරොත්තු නොදෙන පාළන ක්‍රමයකි. දෙමළ ජනාතාවටම සුවිශේෂි වූ ප්‍රශ්නයක් නොමැති අතර ඇත්තේ දුප්පත් බව හා කාළකන්නි යැපීම් මානසිකත්වයක් පිළිබඳ ප්‍රශ්නයක් බව මාතල්න්ගේ හැඟීමයි. කළ යුත්තේ එම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැන්මයි..

34 comments:

  1. මේ ගැන නම් මොකුත් කරන්න බෑ... මොකද 2/3 නෑනෙ මේ වැඩේට...

    ReplyDelete
  2. අදහස් හොඳයි. ඕවා ක්‍රියාත්මක කරන්න ලොකු ලොක්කන්ට නුවණ පහළ වේවා

    ReplyDelete
  3. හැමෝම කියනවනේ, විවේචනය නොකර විකල්ප/විසදුම් දෙන්න කියලා, ඔන්න විසදුම්. දැන් ඉතින් ක්‍රියාත්මක කරන්නයි තියෙන්නේ :)

    ------
    ඔබතුමා සජිත් හාමුට කඩේ යනවා නේද? ;)

    ReplyDelete
  4. ඔය ‍ඔ‍ක්කොම දැන් පවතින විදියට තියෙනවට මහින්ද මහත්තයා හොඳටම කැමැතියි. ඒක වෙනස් කරන්න එයාට වුවමනාවක් නෑ. එයාට ඕනි බලයේ ඉන්න විතරයි. බලය පවත්වාගෙන ඉන්න විතරයි. බලය රැකගන්න විතරයි.
    රටට ආදරය කරන අය වෙනත් විකල්ප සොයා ගත යුතුයි.

    ReplyDelete
  5. සජිත් ද මහින්දට වඩා වෙනස් බව පෙන්වන එකම ලක්ෂණයක්වත් තවම පෙන්වන්නේ නැති නිසා මේ යෝජනා කොයිතරම් යහපත් වුණත් එයාට මේවා ග්‍රහණය වෙන එකකුත් නෑ.

    ReplyDelete
  6. දම්රුවන්July 26, 2011 at 10:22 PM

    //රාජකාරී කටයුතු සඳහා රියදුරකු සහිත අමාත්‍යාශයේ වායනයක් ලබා ගත හැකි අතර එම වාහානය තම පෞද්ගලික ගමන් බිමන් සඳහා යොදාගැනීම සපුරා තහනම් වේ.
    ඇමතිවරුන් සඳහා පෞද්ගලික කාර්ය මණ්ඩළ පත් කිරීම වහාම අහෝසි කළ යුතුය.(සියළුම සේවකයින් රාජ්‍ය සේවයෙන් ලබා ගත යුතුය.)//

    මේක සමහර ලේකම්වරුන්ටත් අත්‍යවශ්‍යයයි.. මොකද සමහර ලේකම්ලා ඇමතිලට එහා... හපොයි උන්ගෙවටේ ඉන්න හාල්පාරුවෝ..... ඊටත් එහා

    ReplyDelete
  7. එතකොට අධිකරණය විවේචනේ කිරීමේ හැකියාව නැද්ද අනිත් දෙන්නට?

    එහෙම නෙවෙයි, ව්‍යවස්ථාව නිර්වචනය කිරීම වගේ දෙයක් හෝ ව්‍යවස්ථාධායකය හා විධායකය සම්බන්ධ ගැටළුවක් අධිකරණයට තනි බලයට බාර දෙනවට වඩා, තුනම එකට සිට සාකච්ඡා කරන තැනක් අවශ්‍යයි.

    ---

    මොකද මේ සෙල්ලම්බත් උයන්න හිතිලා? :D

    ReplyDelete
  8. ඉතාම හොඳ අදහස්,එත් ඔබ වැනිව සිතන්නෝ දේශපාලන අධිකාරියේ නොමැති නිසා දැන් පවතින මේ ඉහද තබා ඇති ක්‍රමය දිගටම පවතිනු ඇත.

    ReplyDelete
  9. මා සාමාන්‍යයෙන් දෙශපාලන ප්‍රශ්න වලට කමෙන්ට් නොලියන නමුත් ඔබගේ අනගි යෝජනා වලට මගේ විවේචනය එකතු කරමි. මේ සියළුම යෝජනා පසසමි. නමුත් මට නම් සජිත්, රනිල්, මහින්ද හෝ වෙනත් දැනට සිටිනා නායකය්න් සියල්ලම එක වල්ලේ පොල්ය. එම නිසා අපි ඇදුම මසමු. අන්දන්න වෙන්නේ කාටද කියා දන්නේ නැත. එහෙම එකෙක් තවම මට නම් නැත.
    1. ඔබ කියූ පරිදි අමාත්‍ය වරුන් අදාල විෂය ගැන යම් හෝ ඉගෙනීමක් ලැබූවන්ගෙන් තෝරා ගැනීමට යෝජනා කරමි. එසේ නැති විට අදාල විෂය ගැන උගතෙක් දැනුමැත්තෙක් විශව විද්‍යාල හෝ එවැනි තැනකින් ගැනීමට 10 ජාතික ලැයිස්තුවක් අවශ්‍ය අතර එම ජාතික ලයිස්තුව අනුව පත් වූවකු අමාත්‍ය තනතුරක් දරන විටදී හැර ස්වාධීනව සිටිය යුතුය. ඔවුන් පත් කිරීම පාර්ලිමේතුවේ ඡන්දයෙන් විය යුතුය.
    සෑම අමාත්‍යාංශයක්ම උපදේශක මංඩලයක අධීක්ෂනයට යටත් විය යුතුය. ඔවුන් වැටුප් නොලබන වෙනත් රාජකාරී කරනා (අදාල විෂය පිලිබඳ උගතුන් විය යුතුය.) අය විය යුතුය.
    තවත් යෝජනා ඇතත් ඔබගේ අනගි යෝජනා වලට මගේ 100% ඡන්දය දෙමි.
    ඒත් මේවා කවදාවත් මේ රටේ සිදු නොවන බව මම නම් දනිමි.

    ReplyDelete
  10. දෙමල ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳව හැර අනෙක් කරුණු සමග එකඟ වෙනවා...

    මේ වගේ සාකච්චාවක් කරලා ඒ වෙනස්කම් කරගන්න ජනතාව තුලින්ම අරගලයක් ඇති වෙන්න ඕනේ. එක මිනිස්සුන්ට ආදරේ කරන නායකයෙක් හා ඔහු වටා එවැනිම පිරිසක් හිටියොත් මෙවැනි වෙනස් කම් කල හැකියි...

    ReplyDelete
  11. හැබැයි.. දැන් ඉන්න අය නම් මෙහෙම කට්ටිය නෙමෙයි...

    ReplyDelete
  12. "ඒත් මේවා කවදාවත් මේ රටේ සිදු නොවන බව මම නම් දනිමි."

    මේක නම් හොඳ ආකල්පයක් නොවේ..
    අපේ බලාපොරොත්තුව විය යුත්තේ කවදා හරි මෙහෙම වෙනසක් කරන්න පුළුවන් නායකයෙක් හදා ගැනීමයි...

    ReplyDelete
  13. @ සාතන්
    උඹ ඉන්නෙ තුනම නැති වෙනකම්ද..? නැත්නම් තුනම නෑ වගේද..?

    ReplyDelete
  14. @ blog gadol
    මාගේ ප්‍රාර්ථනයද එයම වේ...!!!
    සුබ අනාගතයක්...!!!
    අපිට....

    ReplyDelete
  15. @ malansamarawickrema
    ඇත්ත නේන්නම් ළොක්ක හැම තිස්සෙම කියන්නේ...

    අවංකවම මම තවමත් කඩේ යන්නේ මහින්ද මහත්තයට, හැබයි... ගෝනී අරන් නෙමෙයි.. විවේචන සහිතව.. මම කැමතිම නායකය රනිල් .. නමුත් ජහ මනය කැමති සජිත්ට නේ..

    ReplyDelete
  16. @ '''Outsider'''
    මහින්ද කැමති එක නෙමේ ප්‍රශ්නේ.. එන්න හිතන් ඉන්න ඒවුනුත් මේවට කමති එකයි ප්‍රශ්නේ.. ඔබගේ දෙවන අදහස හා මා 200% එකඟයි...

    ReplyDelete
  17. @ දම් රුවන්
    අනේද බන් කියන්නෙ.. මට දුක හැම එකාම ඩොක්ටයි, ඩොක්ට සැටිෆිකේට් එක තියෙන එකාවයි මරන් කන්න හදන එකට අනික් උන් ඊට එහා., අරුන් දෙන්න මිනිස්සු එක්ක හරි ඉන්නව...

    ReplyDelete
  18. @ budhajeewa
    ඉතා අගනා අදහසක් එය එකතු කරමි..

    රටේ මහ ළොකු උගත්තු, මහ ළොකු සිවිල් පොරවල්, මහ ළොකු සංවිධාන ව්කල්පයක් කතා කරනව තියා හිතන්නෙ වත් නැති එකේ අපිවත් කතා කරමු බන්.. ඔන්න ඔහේ සෙල්ලමට වගේ....

    ReplyDelete
  19. @ වෙද ගෙදර මහ වෙදනා
    සිද්ද නොවෙනවයි කියල හිතපුව සිද්ද උනේ වෙද මහත්තයෝ.. ඒකට හේතුව සම්ප්‍රදාය වෙනස් කරන්න පුළුවන් මිනිස්සු දෙන්නෙක් තුන්දෙනෙක්.. අපි බලාපොරොත්තු තියාගමු..

    ReplyDelete
  20. @ Nadun Kanchana
    මේ රටේ සිඳු නොවෙනවයි කියපුව බොහෝ සිඳුවෙලා තියෙනව.. ඔබගේ මතයට මම ගරු කරනවා...

    ReplyDelete
  21. @මාතලන්: එළ එළ.

    මගේ කාලෙකට කලිං හිතුනු අදහසක් තිබුනා මෙන්න මෙහෙම ව්‍යවස්ථාදායකයට නියෝජිතයන් පත් කිරීම සම්බන්ධව:

    ප්‍රාදේශීය පාලන ආයතන (ප්‍රාදේශීය හා නගර සභා) වලට තමයි ජනතාව තම නියෝජිතයන් පත් කරලා යවන්නේ. එහි අභ්‍යන්තර ඡන්දයකින් තෝරා පත්වෙන නියෝජිතයකු තමන්ට අදාළ "දිස්ත්‍රික් සභා"වේදී තම ප්‍රදේශය නියෝජනය කරනු ඇත (මේ ක්‍රමයේ පළාත් සභා නැත.). දිස්ත්‍රික් සභා වල අභ්‍යන්තර ඡන්දයකින් තේරී පත්වන්නන් එක් දිස්ත්‍රික්කයකින් 10 දෙනෙකු බැගින් පාර්ලිමේන්තුවට තේරී පත් වනු ඇත.

    දැඩි පෙරහන් ක්‍රියාත්මක වනු ඇති අතර රටටම බලපාන තීරණ ගන්නා පාර්ලිමේන්තුවේ සුදුස්සන් පමණක් රැඳීම මෙමගින් තහවුරු වනු ඇත.

    නුසුදුසු ක්‍රියාවන් 3ක යෙදී හසුවන්නන්ට ජනතාව නියෝජනය කිරීමේ හැකියාව වලක්වනු ඇති.

    මෙම ප්‍රාදේශීය, දිස්ත්‍රික්, පාර්ලිමේන්තු සභා වල ගන්නා එක් එක් ක්‍ෂේත්‍රයන්හි තීරණයන් පිළිබඳ අදහස් දැක්වීමට ඒ ඒ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ඉඩ ලැබෙනු ඇති.

    පත් කොට යවන නියෝජිතයන් ඉවත් කර ගැනීමේ හැකියාව ජනතාවට ලැබෙනු ඇති.

    ReplyDelete
  22. budhajeewa, මාතලන්
    මම තාමත් බලාපොරොත්තුතියාගෙන් ඉන්නේ, අපි බලමු, කවදා හරි මේ දෙවල් කරන්න.

    මට හරිම පුදුමයි. ඔබගේ යෝජනා මමත් කලකට කලින් සිතා තිබුනා. මගේ වියදමින් ඒ අදහස් පොත් පින්චක් විදියට සකස් කරලා 225 දෙනාටම බෙදුවා. අර දිනේෂ් ගුනවර්ධන කමිටුවට යෝජනා ලියා යැවුවා. ලැබුනා කියලාවත් දන්වලා නැහැ. ඔය ඔබ කියපු ලෙසම ගම්සභාවලට ගමින් තෙරෙන මංත්‍රීන් ඊට පසු ඒ අය අතර චන්දයකින් ජනාධිපති දක්වා යන ක්‍රමයක්, අපි වැරදි ඇති. ඒත් නිකමට ලැබුනා කියන්න තිබුනාඅ. ඒකත් නැහැ. ඔහොම තමයි

    ReplyDelete
  23. බොරු එපා, රජතුමා නේද ඉන්නේ ජනාධිපතිටත් උඩින් මේ ව්‍යවස්ථාවේ?

    ReplyDelete
  24. @වෙද ගෙදර මහ වෙදනා: ගණං ගන්න එපා. ඔච්චර සුරංගනා කතා වගේ පෙනෙන යෝජනා තියා, කරන්න පුළුවං දෙයක් වත් මේකෙ ක්‍රියාත්මක වෙන්නෙ නැ. මේක ලංකාවනෙ. වතුර බොරවෙච්ච වෙලාවෙ - ඒ කියන්නෙ ඕනම වෙලාවක - මාලු ටිකක් බාගන්න, එහෙම නැත්තං බාන කට්ටියට බාගන්න දීල වෙන රටක් හොයාගෙන යන්න. :)

    ReplyDelete
  25. @ කතන්දර
    ඔය කිව්වෙ ඉතින්, හරි හරි කඩේ යනව තමයි.. ඒ උනාට මේ ක්‍රොමේ අනුමත කොරන්නෙ නෑ.. රජතුමාට විකල්පයක් පේන මානෙක වත් නෑනේ.. කොහොමත් හැම තැනම තියෙන්නෙ වැඩ වසම් කොරොමේ නොවැ..
    අපි බලමු හදාගඤ්ඤ.. හෙහ් හෙහ්

    ReplyDelete
  26. @ වෙද ගෙදර මහ වෙදනා
    අපි සිහින දකිමු... ඒ සිහින සුබ සිහින වේවා...!!!

    ReplyDelete
  27. මේව සජිත්ට නෙමෙයි කාටත් හොඳයි පාඩමකට ගන්නවනම්. අරුණිගෙ තාත්තවත් හිටියන මේ සිහින දැකිල්ලෙ හොඳ පැත්ත ලස්සනට කියල දෙයි.

    ReplyDelete
  28. අයියෝ ඔයා ඇමෙරිකන් ව්‍යවස්ථාවේ පින්තුරයක් ලංකා රාජ්‍ය මුද්‍රාව එක්ක එකතු කළේ මොකද? ඒ විදියට හිතන්න කැමති සුළු කොටස හරි හොයාගන්න කොච්චර අමාරු ද?

    ඊ ළඟට චන්ද අපේක්ෂයා යනු රටේ බලය අල්ලා ගන්නට සැලසුම් ගහන්නා මිස රටේ අභිවෘද්ධිය සඳහා සැලසුම් ගහන්නා නොවේ.

    ඉතින් ඔයා දාන ටික පිළිගන්නා ජනතාව වැඩි වෙන්නේ නම් එදිනක ඔවුන්ගේ චන්ද ලබන්නට සැලසුම් ගහන්නාට සිද්ධ වීම නිසා එදාට ඕවා සම්මත වේවි.

    තව කියන්න. තව කතා කරන්න. රටට ආදරයක් ඇත්නම් මෙවැනි වෑයම් කිසිදා අත් නොහරින්න. ජය ‍වේවා!

    ReplyDelete
  29. @ ඉන්දික උපශාන්ත
    තෑන්ක්ස් ඈ.. අරුණිගෙ තාත්ත කවුද හැබෑට.. මම නොදන්න නිසයි අහන්නේ...

    ReplyDelete
  30. @ arunishapiro
    මම හැම තිස්සෙම පින්තූරෙනුත් කතාවක් කියන්න උත්සාහ කරනව.. ඒක තේරුම් ගත්තට ගොඩක් ස්තූතියි.. අපි උත්සාහ කරමු නෝනේ.. මේ අපේ මව්බිම නේ...

    ReplyDelete
  31. මට තුන තිබ්බට දේශපාලනේ කරන එකෙක්ටවත් 3 නෑනෙ... ඉතිං ‍හොඳ ව්‍යවස්ථාවක් නෙමෙයි දෙව්දුවක් ගෙනිහින් දුන්නත් වැඩක් වෙයිද?...

    මගේ තියරිය එක එක මිනිහ හැදෙන්න ඕන කියන එකනෙ... එකපාර රටක් හදන්න යන එක දැන් තියෙන තත්ත්වෙත් එක්ක කරන්න බැරි වැඩක්...

    ReplyDelete
  32. @ සාතන්

    හෙහ් හෙහ්.. දෙව් දුවක් ගෙනිහින් දුන්නොත් නියමෙට තියෙයි...

    ReplyDelete
  33. හැමදෙයකටම වගේ එකගවෙන්න පුලුවන්.ඒත් සමානුපාතික නියෝජන ක්‍රමය වෙනස්කරන එකට නම් ජයශ්‍රී විරුද්ධයි.මේගැන දීර්ඝ වශයෙන් කතා කළා (ලිපි කීපයකින් ම)මේඝය බ්ලොග් එකේ.කාල වේලාව තියෙනව නම් කියවල බලන්න.යොමුව නම ඔස්සේ ඇත.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න