.

.

Jul 15, 2011

නාථ දෙවියනේ.. අනාථයි අනේ.. - Prayer for God Naatha


මෙම යාඤ්ඤාව රූකාන්ත ගුනතිලකගේ "අනාත මාරුතේ" ගීතයේ තාලයට ගායනා කළ හැක. මෙම ගීතය 108 වරක් ගායනා කළ බැතිමතෙක් විශ්ව විද්‍යාලයක උප කුලපති පට්ටමකින් පිදුම් ලැබූහ. මෙය ගායනා කිරීම ප්‍රතික්ෂේප කොට එයට අවමන් කළ අයකු බත් කෑ විගසම ලේ වමනය කොට මිය ගියහ. මෙය ඔබට ලැබුනු පසු සිය දෙනෙකු අතර බෙදා හරින්න. එසේ නොකළහොත්, ඔබ කන සියළුම ආහාර ආසනික් බවට පත්වනු ඇත.

නා......ථ දෙවියනේ..... අනා.....තයි අනේ....
බයි කන්නත් බෑ පනේ... ආසනික් අනේ... //


අතීතයේ පටන් වේල් තුනටම කෙලියේ
ඇගෙන් බහින ලෙඩක් නමුත් කා...ටත් නැහැනේ
ඒක වේලක් කෑවත් දැන් විනාසයි අනේ.....
දිවිය තියෙන තුරු මගේ... බත් එපා අනේ.....


නා......ථ දෙවියනේ..... අනා.....තයි අනේ....
බයි කන්නත් බෑ පනේ... ආසනික් අනේ... //


ෆ්‍රයිඩ් රයිස්. බුරියානිද කිරිබත් ලෙසිනේ.....
හීල් බත් ලෙසත් කොළ කැඳවලටත් හොඳනේ....
ඒත් කොහොම බත් කන්නද ආසනික් අනේ....
පාන් කන්න කොහොමත් බෑ ත්‍රස්තවාදිනේ....

නා......ථ දෙවියනේ..... අනා.....තයි අනේ....
බයි කන්නත් බෑ පනේ... ආසනික් අනේ... //

බටදැල්ලද වෙල්මාළුද කුබුක්කන් වනේ.......
කීඩැල්ලන් ගොයම් මැස්සො පනුවො සමගිනේ....
ගොයම් කපා... පා...ගාලා ගොමත් සමගිනේ...
කා..ලා බලාපන් පනේ... හරිම ගුනයිනේ....

අනේ දෙවියනේ ..... කියාපන් පනේ...
දිවිය තියෙන තුරු මගේ...
බත් එපා පනේ.....

විශේෂ නිවෙදනයයි - 

පරම්පරා ගනනාවක් ජාතික ආහාරය ලෙස ගන්නා පරිප්පු..
තව දුරටත් ප්‍රධාන ආහාරය ලෙස පරිභෝජනය කරණ ලෙසට.. කැළණිය විශ්ව විද්‍යාලයේ නාථ දේව පීඨය විසින් සහතික කරණ ලදුව.. ආහාර හා සමූපකාර අමාත්‍ය අන් සය මගින් ගොන් බූරූ ජනතාව වෙත කාරුණිකව දන්වා සිටින වඟයි..........

36 comments:

  1. හික්...කුජීතයි ඕයි

    ReplyDelete
  2. @ රත්ගමය
    ඇත්තමයි ඕයි..............

    ReplyDelete
  3. අපෝ මේක හරිම .... මොකක්ද මන්ද ‍වචන එන්නෙත් නෑ... :)

    ReplyDelete
  4. ෂහ්.. නියමයිනේ... ඊළඟ ට්‍රිප යද්දි මේක ලියාගෙන ගිහින් කියන්න ඕනග අම්බානක් කාලීනයි නෙව...

    ReplyDelete
  5. ගායනාව ප්‍රතික්ෂේප කරමින් බත් කෑම වෙනුවට පාන්වල ගා කන්නට ඇස්ට්‍රා සොයමි! ආච්චිලා ඇස්ට්‍රා කෑවට කමක් නැහැල්ලු නේද?

    ReplyDelete
  6. @ සාතන්
    මොකෑ බන් වචන නේන්නෙ.. උඹේ කටේ පිට්ටුයෑ... :-{

    ReplyDelete
  7. @ හරේ :-)

    සින්දුව කියන කොට රචකයගේ නමත් කියපන්.. නැත්නම් බොට නඩු දානව...

    ReplyDelete
  8. @ අරුණි ෂපිරෝ

    රෙක්සෝනා ගාන ආච්චිලටනම් අඟුණ නැතෙයි කියන්නෙ..

    අනේ මල්ලැල්ලා.. කල්ලල් ලෑ.. බොල්ලැල් ලෑ........ තවත් ඒවත් ලෑ..

    ReplyDelete
  9. ඔන්න ඔහොමයි කලාව පෝෂණයට විද්‍යාව හවුල් වෙන්නෙ.

    ReplyDelete
  10. මට නම් ආසනික් දාපු බත් ඩිංගක් නොකැවොත් නිකන් මොකක්ද වගේ අප්පා

    ReplyDelete
  11. මරුනේ...

    ආයේ ට්‍රිපක් යද්දි හරේ එක්ක සමව කියන්න මාත් දැන්මම කට පාඩම් කරගන්න ඕනේ.
    පසුගිය දවස් වල මුන්නැහේ අළුතින් ලියලා තියෙනවා දැකලා කියවලා ගියා ඒත් කොමන්ට් කරන්න නම් ක්‍රමයක් තිබ්බේ නෑ.
    කොහේද මේ ෆෝන් වලින් සිංහල කියවන්න ඇප් හදන හොඳ කොල්ලෝ ලියන්න එකක් හදලා දෙන්නේ නෑ නෙව. ( බැනලාවත් බලමු මුන් හදයිද කියලා.)
    ( මට තාම මේ ආසනික් කතාව හරියටම තේරිලා නෑ වගේ.. කොහොමත් මම ටියුබ් ලයිට් තමා. )

    ඒ උනාට ආපහු ලියන්න ගත්ත එක නම් බොහෝම අගේයි මාතලන් මහත්තයෝ....

    ReplyDelete
  12. අනාථයි අනේ... ආසනික් අපේ... කුජීතයි අනේ ආචාරියා අපේ..

    ReplyDelete
  13. බතුයි පානුයි දෙකම එපානම් කේක් කාපල්ලා......

    ReplyDelete
  14. අපි නම් කන්නේ බාස්මතී. ඒක නිස අපිට ප්‍රස්නයක් නැහැ.පාකිස්තාන් හාල්නෙ.අරුණි, කතන්දර ඔයගොල්ලන්ටත් එහෙම නේද?

    ReplyDelete
  15. ඔය නාථ දෙවියන්ලවාම ආසනික් දූරියභූත කරන්ට බැරිද මන් අහන්නෙ!

    ReplyDelete
  16. ගිම්හානි, මෙන්න තව විකල්පයක්, කේක්‌ කන්ඩත් බැරි නං අර ඇනෝ කියනව වගෙ පකිස් භාස්මති

    ReplyDelete
  17. @ නලිනි චන්දිමා

    සියළුම විද්‍යාත්මක ක්‍රම හා විද්‍යවන් අහක දමා ගුප්ත විද්‍යවෙන් රට ගොඩගැනීම උදෙසා සරස්වතී දේවීයට බාර වූවෙමි.

    ReplyDelete
  18. @ බුවා

    බලාගෙන කොලුවෝ.. හදිසි නීතීය යටතේ අත් අඩංගුවට ගන්න පුලුවන්...

    ReplyDelete
  19. @ ඉල් මොන්ඩො ද උන පුවෙර පසා

    තෑන්ක්ස් බුවා......

    ReplyDelete
  20. @ සමීර යූ එස් ඒ

    හා හා බලාගෙන.. දේව උදහසට අහු වෙයි....

    ReplyDelete
  21. @ ගිම්හානී

    පාන් පිටි වලින් හදපුවද?... හාල් පිටි වලින් හදපුවද...?
    ප්‍රංසෙට නෑ කමක් තියෙනවද...?

    ReplyDelete
  22. @ කතන්දර

    ඇත්ත + 100%... මට දුක ඒකි බොගක් නොදාන එක ගැන...

    ReplyDelete
  23. @ ඇනොනිමස්

    පකිස්ථාන් ඒවල හෙරොයින් තියෙනවයි කියල.. ඊයේ අඳුනෙන් පෙන්නුම් කොළා...

    ReplyDelete
  24. @ රැඩිකල් අදහස්

    පොඩ්ඩක් හිටහන් බන් තවම අරලිය බවනේ ශක්‍ර දේවේන්ද්‍රයා ආවේස උනේ නෑ....

    ReplyDelete
  25. @ ඔබ්සවර්

    කාලම බලහන්කො ලොක්කො....

    ReplyDelete
  26. මාතලන්
    පාකිස්තාන් හාල් වල හෙරොයින් තියනවා කිව්වෙ අංජනම් දේවිද හනුමන්තද? මොකද මේ දවස්වල හනුමන්තලා වැහි වැහැලා.හැම තැනම ගිනි තියතියා යනවා.

    ReplyDelete
  27. හෆොයි . . .

    මේ සින්දුව රූකාන්ත නම් මලාට කියන එකක් නෑ . .

    කලින් යූන්පී එකට සපෝට් කලා නේද කියලා දේශප්‍රේමීන් රූකාන්තගේ පවුල චන්ද්‍රලේඛාගේ කොන්ඩේ කපාගෙන ගියේ . .

    මෙදා පොටේ මේ ගීතය ගැයුවොත් රූකාන්තගේ මොකක් කපාගෙන යයිද දන්නේ

    හික්ස්

    ReplyDelete
  28. නාථ දෙය්යො පල් උනා එහෙනං ඈ!

    ReplyDelete
  29. @ දුකා

    චූට්ටක් කඩේ ගියාට මාරම ටැලන්ට් එකක් බන්.. ඊට හපන් දෝනියැන්දෑ.....

    ReplyDelete
  30. @ ඉන්දික උපශාන්ත

    පල් නෙමෙයි...... චොර.....

    ReplyDelete
  31. ඔය දෙකෙන් මොකද්ද හොඳ? දෙය්යො පල් වෙන එකද නැත්තං චොර වෙන එකද?

    ReplyDelete
  32. @ ඉන්දික උපශාන්ත

    ෂොරි ඈ... දෙයියො පල් වෙන එක තමා වඩා හොඳ....

    ReplyDelete
  33. Devi waruntath apahase karena modaa parayaaa

    ReplyDelete
  34. අපි වවමු ආසනික් කමු :)

    ReplyDelete
  35. දෙවියන්ට අපහාස කරන්න එපා .බූරැවා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න