.

.

Jul 17, 2011

සජිත්, මේ පාරෙන් එන්න - Sajith, take this Road


මම පොඩි සමීක්ෂණයක් කොලා ටික කළකට කළින් එජාපයේ නායකය විය යුත්තෙ කවුද කියල, ඒකෙදි එකම ප්‍රතිශතයක් තමයි රනිල්ටයි, සජිත්ටයි දෙන්නටම ආවේ. ඒ කියන්නෙ මම වගේ රනිල්ට කැමති පිරිසකුත් ඉන්නව කියන එකයි. නමුත් අවංකව සමාජයේ වැඩි පිරිසක් කැමති සජිත් නායකත්වයට එනවට. ඒක මග තොටේ හමුවන අය සමඟ කතා බහ කොලාම තේරෙනව. නමුත් මම නම් හිතන්නෙ රනිල් තමයි නියම සුදුස්සා කියල.

ඒකට හේතුවක් තියෙනව. මොකද 77 වෙනකම් පාර්ලිමේන්තුවේ හිටිය වැඩි ප්‍රතිශතයක් වැදගත් මිනිස්සු, මහත්වරු, දේශපාලනයෙන් හරි හම්බ කලාට වැඩියේ. ඒක නිසා නැති නාස්ති උන මිනිස්සු. ඒක එක හේතුවක් උනා ජේ ආර් ළොක්කට මන්ත්‍රිවරුන්ට පැන්සොන් සිස්ටම් එකක් හදල දෙන්න. ඒක තමයි මම හිතන්නෙ ජේ ආර් කල ලොකුම වැරැද්ද. අනික අවුරුදු 5 න් ඒකට සුදුසු කම් ලබන එක. සාධාරනත්වයක් තියෙනව අඩුම තරමේ අවුරුදු 20-25 කින් ඒකට සුදුසුකම් ලබන්න සකස් කොලානම්. ඒත් ඒක අනවශ්‍යම දෙයක්. මම හිතන්නේ මේ ළෝකේ කිසිම රටක මෙහෙම දෙයක් නැතිව ඇති. (කොහොමත් මේක දීපාල් සිල්ව කියනව වගේ අරුම පුදුම රටක් නොවැ.)

අනික් සෙල්ලම තමයි සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට දෙනවට වඩා ඉහල වටිනාකමක් ඇති වාහන බලපත්‍රයක් ලබාදීම. මේ වැඩෙන් තමයි මන්ත්‍රිවරු බිස්නස් කරන්න පටන් ගත්තෙ. නමුත් ජේ ආර් ළොක්කගේ ඇමති සෙට් එක හොඳට ගැරුව වගේම, රටටත් සේවයක් කළා. ඒ නිසා එයාල මේක ගත්තට ඇති ප්‍රශ්නෙකුත් නෑ කියල හිතෙනව. නමුත් එයින් පස්සෙ උනේ වෙන දෙයක්. ඒ ගැන ලියන්න අවශ්‍ය නෑනේ.

මම කියන ඔය 77 ට කලින් හිටපු මහත්වරුන්ගේ ගොඩට දාන්න පුළුවන් අතලොස්සක් ඉන්නේ එජාපයේ විතරයි. රනිල් එයින් එක්කෙනෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පටන් ගත්තෙ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියල. ඒකෙදි ආර්ථිකය මෙහෙයවන වෙළෙන්දා කියන පුද්ගලය නෑ. ඒ නිසාමද කොහෙද ඒ පක්ෂෙන් ආර්ථිකය කෑව මිසක් ආර්ථිකයට කරපු දෙයක් නෑ. අද වෙන්නෙත් ඒකමයි. ළොක්ක රට ගෙනියන්නෙ යන්නෙ පුරුතුගීසී කාරය එන්න ඉස්සෙල්ල තිබුන තත්වෙටයි. ඒකට ආවඩන්න නොම්බර එකේ හාල්පාරුවෝ සෙට් එකක් එයාට ඉන්නව. මම හිතුව නාමල් පාර්ලිමේන්තුවට ආවමවත් ඒක වෙනස් වෙයි කියල, නමුත් එහෙම වෙන්නෙ නැති පාටයි පේන්නෙ.

සජිත් මහත්තය කරන්නේ මොකක්ද? 2005 මහින්ද මහත්තය බලයට එන්න පාව්ච්චි කරපු මෙතඩ් එක ඊටත් වඩා සාර්ථකව ඉදිරියට ගෙනයන එක. ඔය වැඩෙන් ජනප්‍රිය වෙන්න පුලුවන්, නමුත් අම්බරුවන් අතරෙ පමණයි. ජනප්‍රිය බව දේශපාළනයට අත්‍යාවශ්‍යම දෙයක් වූවත් ජනතාව බුද්ධිමත් කිරීම ඊට වඩා වටිනව. ජනතාව බුද්ධිමත් වෙනවට ඉස්සර හිටපු රජවරු වගේම දැන් ඉන්න පාලකයොත්, නිළධාරීනුත්, උගත්තු කියන මෝඩයොත් කැමති නෑ. නමුත් ශ්‍රී ලාංකිකයෝ වශයෙන් ආඩම්බර ජාතියක් වෙන්න නම් රටේ ජනතව බුද්ධීමත් ජාතියක් කරන එක බොහොම පින් ලැබෙන කටයුත්තක්. (ඉන්දියාව, චීනය වේගයෙන් ඉදිරියට යන්නෙ. අධ්‍යාපනයේ දියුණුව නිසා..). ඒක කරන්න මහන මැෂින් බෙදලවත්, මරණ ගෙවල් වල පුටු සප්ලයි කරලවත්, පන්සල් අළුත් වැඩියා කරලවත් වැඩක් නෑ. ඒකට කරන්න ඕන බුද්ධික පතිරණ කරන වැඩේට ඔබගේ සම්පූර්ණ සහයෝගය දෙන එකයි. (එයත් ඉන්නෙ ඔඹත් එක්ක නිසා ඒ ගැන බයවෙන්න දෙයක් නෑ.)

ඔබ මේ තියෙන මජර කොරොමය වෙනස් කොරන්න කිසි සේත්ම අකමැති බව රාවයේ ජනරංජනගෙ ප්‍රශ්ණ වලට දීපූ උත්තර ටිකෙන්ම පේනව. විධායක ජනපති ක්‍රමයට මම පෞද්ගලිකව කැමති උනත්, ඒකෙන් නියම ප්‍රයෝජනයක් ගත්තෙ ඒක හඳුන්වල දුන්න ළොක්ක විතරයි. ඔබේ පියාත් යම් තරමකට සාර්ථක උනත්, අසාර්ථක තැන් වැඩියි. නමුත් නියම නායකත්වයක් තිබුන. ඒ ගමන උන්නැහේ ආපු හැටි අපට වඩා දන්නෙ ඔබයි. ඉවසීමෙන් සැනසීම ලැබෙන බව උන්නැහේ වගේම මහින්ද ළොක්කත් හොඳින් පෙන්නුම් කළා. (කොතරම් කැපිලි තිබුනත් දක්ෂයට නියම කලට ඒ තැන ලැබෙනව එතෙක් ඉවසන්න). ඊට පස්සෙ විධායකයෙන් ප්‍රයෝජනයක් ගත්තෙ රටට විශාල නායකයන් තොග ගනනින් නැති කළ කාළකන්නි යුද්ධය නැති කළ මේ ජනාධිපති විතරයි. එතනදි ප්‍රෙමදාස මහත්තයට හිටපු පාස්කරලිංගම් වගේම මුන්දැට  ගෝඨාභයත්, සරත් ෆොන්සේකාත් සාර්ථක මෙහෙයක් ඉටු කලා. (එතනින් එහාට කිසිම දෙයක් වෙන්නෙ නැති පාටයි පේන්නේ.)

මේ රට ගොඩගන්න නම්, පක්ෂය ඇතුලේ කුලල් කා ගන්නේ නැතුව, ලැබුන තනතුරෙන් හිත සනසගෙන, නායකත්වත් සමග ජයග්‍රාහී ගමනකට එක්වන්න. ඒ සඳහා මේ ක්‍රමයට වඩා, ජනතාවට හිතවාදී වන වැඩපිළිවෙලක් ඉදිරියට ගේන්න. මේ ජරා දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරන වැඩපිළිවෙලක් ගේන්න. ජනතාවත්, අම්බරුවනුත්, සියළු දෙනාත් ඔබ වටාත් පක්ෂය වටාත් රොක්වනු නොඅනුමානයි.. (එහෙට මෙහෙට පැනපු ඒවුන් නම් ආයෙත් පැත්ත පලාතේ ගන්න එපා. පුළුවන්නම් ජෙප්පො ටික බාගන්න.)

ප: ලි:
සජිත්ටත්, රනිල්ටත්, ඕනෑනම් අපේ මහින්ද මහත්තයටත් දැන ගන්න, රට හදන මගේ යෝජනා ඊළග පෝස්ට් එකෙන්.....

13 comments:

  1. "අනික් සෙල්ලම තමයි සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට දෙනවට වඩා ඉහල වටිනාකමක් ඇති වාහන බලපත්‍රයක් ලබාදීම"

    කොහෙද බං සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට වාහන බලපත්‍ර දෙන්නෙ. ඒව දෙන්නෙ සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට නෙවෙයි ලොකු නිලතල දරණ උදවියට විතරයි. පොඩි එකාට ඕනිනම් පාපැදියක් ගන්න ණයක් දෙනව පොළියත් එක්ක ආපහු අය කරන ආපසු.
    කොහොමත් ඉතින් සජිත්ට වඩානම් රනිල් සුදුසුයි කියල මමත් හිතනව. හැබැයි ඉතින් මේ දේශපාලන සදාචාරය රකින්න උත්සාහ කරනතාක් සාමාන්‍ය මහජනතාවටනම් සෙතක් වෙන්නෙ නෑ මේ කාගෙන්වත්. එන්න එන්නම කෙළවෙනව මිසක්.
    මහජන නියෝජිතයින්ට මහජන මුදලින් ගෙවන අසීමිත වරප්‍රසාද තමයි මේ කාළකණ්නි සදාචාරයට මුල. එහෙම නොවුණනම් එන්නෙ ඇත්තටම සේවය කරන්න ඕනි අය විතරයි.

    ReplyDelete
  2. ලංකාව ගොඩ ගන්න නම් කරන්න තියෙන එකම දේ ජනතාව බුද්ධිමත් කරන එක තමයි... අවාසනාවට මෙච්චර කල් රට පාලනය කරපු අයවත් දැන් කරන අයවත් කරන්නෙ නැත්තෙත් ඕකමයි...

    අනික ඉතිං මිනිස්සුන්ට වුනත් උවමනාවක් නෑනෙ බුද්ධිමත් විදිහට දේකට මැදිහත් වෙන්න... අපේ උන් දන්නෙ උද්ගෝෂණ, උපවාස, අනුන්ගෙ මත වලට එලෝ එලෝ ගහන්න... එතනින් ගියහම පෑනෙන් ලස්සන වචන ලියන්න ‍වගේ ඒව තමයි...

    මගෙ නම් තියරිය රට හදන්න කලින් තම තමන් සිස්ටම් එකත් එක්ක හැප්පෙන්න පුළුවන් මට්ටමට ගොඩනැගෙන්න ඕන කියන එක... දේශපාලනය කරන උන් කරන්නෙ දේශපාලනය මිසක් රට හැදිල්ල නෙමෙයි කියන එක තමයි මගේ මතය...

    ReplyDelete
  3. @ අවුට්සයිඩර්
    ෂොරි ඈ... කේන්ති වානා දොරේ.... ෆුට් සයිකලෙත් වාහන ගොඩටම වැටෙනව නේද...? පට්ට ආතල් කියන්නෙ.. ෆුට් සයිකලේ ගිය ඒවුන් කෲ ෂිප් වලයි යන්නෙ මේ කොරමේට.. ඒත් ළඟදි දැක්ක.. ඩග්ලස් දේවානන්දය සයිකොලේ යනව....

    ReplyDelete
  4. @ සාතන්
    රටට ආදරය කරන එක යුද්ධය දිනපු දවස්වල ටිකක් වර්ධනය වේගන ආවා.. ඒත් රටෙන් තමන්ට දෙයක් නොලැබෙන කොට මිනිස්සු රටට වෛර කොරනව.. ආර්ථිකය ගොඩගන්න ළොක්කට බැරි වගයි පේන්නේ..

    ReplyDelete
  5. මාතලන් ඔය පාරෙම යන්න. මතක ඇතුව ඔය අතේ තීන පොඩි සිලි බෑග් දෙකතුනත් අර ලොක්කගෙ මල්ල වගේම විසි කරලම දාන්න. එතකොට තමයි අපිට ඔය ගමණෙ බලන්න යමක් තීන්නෙ.

    මන් දන්නව පාරෙ මැදින් යන එක භයානක සහ දෙපැත්තෙම වාහනවල හැපෙන්න ඉඩ තීන වැඩක් බව. උත්සාහ කරන්න, අපි ඔබ සමඟයි!

    ReplyDelete
  6. ඕකුන් දෙන්න ඇරගන්න නිසා තමා රජ්ජුරුවෝ එක එක ආතල් ගන්නේ

    ReplyDelete
  7. @ ඉන්දික උපශාන්ත..
    අපි යන්නෙ මැද මාවතේ..
    සිලි සිටි බෑග් දෙකත් තව ටික දවසක් අරන් යනව..
    තවම කඩේ වහල නෑනේ...

    ReplyDelete
  8. @ රත්ගමය
    සජිත් හදාගන්න බලමු..
    මේ රටේ නායකයෝ අඩුයි..
    හිටපු උන් ටිකට වැඩේ දුන්නනේ...

    ReplyDelete
  9. රටට ආදරය කිරිල්ල දියුණු වේගන ආවට ඒ එක්කම ජනාධිපතිවරණෙකුත් ආවනෙ... ඔතන තමයි හෙනේ වුනේ... රටට ආදරෙන් රට හදන්න සෙට් වුන උන් දෙකට බෙදුනනෙ චින්තන ලොක්කයි එස්. එෆ් ලොක්කයි මරාගන්න ගත්තහම... මොන රට හැදිල්ලක්ද ඊ‍ට පස්සෙ...

    ReplyDelete
  10. @ සාතන්
    හත්වලාමේ වෙච්චි දේට මක් කොරන්න ද....?
    ඇත්ත... ඇත්ත...

    ReplyDelete
  11. කාලෙකින් කියවන්න හම්බ උන හොඳ ලිපියක්.. ඒ වගේම මට සතුටුයි ඔබ ඉන්න තැන ගැන පැහැදිලිවම කියන්න පුළුවන් කමක් තිබුන එක ගැන. අර මං හැමදාම කියනවා වගේ..මං ඉන්නේ වෙන තැනක උනත් තමන් ඉන්න තැන ගැන පැහැදිලිව කියලා කතා කරන මේ ක්‍රමේට මම කැමතියි.ජය වේවා..!

    ReplyDelete
  12. යූ ආ වෙල් කම් මචෝ... ළොක්ක වැඩ බැරි ටාසන් ලා සමග හෙළුවෙන් නටනව.. ඒත් තවම බලාපොරොත්තු අත ඇරල නෑ.. මොකද මේක තමයි අවශ්‍ය නායකත්වය...

    ReplyDelete
  13. මමත් හිතන්නේ MR හා SF දෙපසට බෙදී මරානොගත්තා නම් අපි මෙලහකටත් බාගෙට ගොඩය...!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න