.

.

Jul 18, 2011

වෙල් ඩන් දිල්කා සහ රංගේ ගේ ජෝක් එක - Well Done Dilka & Range's Joke


කළින් ළියල පළකොරන්න තියෙන පෝස්ට් තුන හතරක්ම තිබුනත්, ඒ සියල්ලටම කළින් මේ පෝස්ට් එක දමන්න ඕනෙයි කියල හිතුන. කාළීන මාතෘකාවන් ගැන සංවාදයන් වල යෙදෙන නිසා බොහෝ වෙලාවට මම දිල්කගේ අංශක තුන් සිය හැට බලනව. (කෙල්ලත් ලස්සනයිනේ.) මොකෝ අපේ පළවන සංවාද වැඩ සටහන වන "ජන හඬ" දැන් මෙළෝ රහක් නැති නිසා. සත පහක වැදගම්මක් නැති කාළකන්නියෝ තමයි දැන් ඒකට ගේන්නේ. ජවිපේ එකාට ඇර අනෙක් ඒවූන්ට කාතා කොර ගන්න වත් බෑ.



මගේ සහෝදර බ්ලොග් අඩවියක නිර්දය ලෙස දිල්කව විවේචනය කොරල තිබුන. ඒක ඒ මනුස්සයගේ නිදහස. ඒ වගේම මගේ විවේචනයත් එතුමා පළකරල තිබුන. ඒකෙදි දිල්කව දාල තිබුනෙ කන්නාඩී දාපු ඩොන්කි කෙනෙක් විදියට. ඒ පොස්ට් එක නොලියවෙන්න මේ පොස්ට් එක නොලිය  වෙන්නත් හොඳටම ඉඩ තිබුන.

මොනව උනත් දිල්කා, දේශපාළන සංවාද අළුත් මානයකට රැගෙන ගියා. මේ හේතුවෙන් එයාට පෞද්ගලිකව ප්‍රශ්න වලට මුහුණ දෙන්නත් සිඳු උනා. හැම පුද්ගලයගෙම වැරදි තියෙනව වගේ, එයාගෙත් වැරදි නැත්තෙ නෑ. අනන්තත් තියෙනව. නමුත් ඊට වඩා හොඳ පැත්ත වැඩියි. දෙරණ සමබරයි කිව්වට එහෙම දෙයක් නෑ. පවතින වාතාවරණය අනුව එහෙම බලාපොරොත්තු වෙන්නත් බෑ. නමුත් සෝම අක්කගේ එක වගේ වමනේ යන සයිස් එකටම වැඩේ කරන්නෙත් නෑ. වටෙන් පිටෙන් හෙමිහිට ආන්ඩුවටත් ගහනව.

මොනව උනත් ඊයේ වැඩ සටහනෙදිනම් සරත් ගුණවර්ධන මහත්තයගේ කලිසම ගලවල තමයි ගෙදර යැව්වේ. එතනදි දිල්කා නගපු ප්‍රශ්නවලට උත්තර දීගන්න බැරි උනා පමණක් නෙමෙයි. දිල්කගේ රුදුරු විවේචනවලටත් ඔහු ලක් උනා. ඒ වගේම ඇය ඒ ගැන මනා ලෙස සියළු කරුණු වලින් සන්නද්ධව සිටියා. ඒ නිසා සරත්ට එක බොරුවක්වත් කියන්න බැරි උනා. සුපුරුදු පරිදි එජාපයට එල්ල කරන්නට ගිය චෝදනාත් දිල්කාගේ ප්‍රති උත්තර හමුවේ, සරත්ටම ගිලගන්න සිඳු උනා. දුරකතනයෙන් සම්බන්ධ වූවන්ද නියෝජ්‍ය ඇමතිතුමාත් මේකට සම්බන්ධයි කියපු වෙලාවේ එතුම ඇටි කෙහෙල් කාපු උගුඩුවගේ තත්වෙට පත් උනා.

එපමණක් නෙමෙයි නියෝජ්‍ය ඇමතිතුමා පොරොන්දු වෙලා ගියේ මේ වංචාවට සම්බන්ධ සියළුම නිළධාරීන් රටින් පිටවීම වලක්වන බවට සහතික වෙමින්. (දේශපාළන පොරොන්දුවක් නිසා මට වගේම දිල්කටත් කට කොනෙන් හිනා ගියා.) කෙනෙක් විවේචනය කරණව වගේම හොඳ දෙයක් කළාම එය අගේ කළ යුතු යැයි මම අදහස් කරන නිසා දිල්කාට උපහාරයක් ලෙස මේ පොස්ට් එක පල කල යුතු යැයි මගේ සිත මට බලකලා

සමහර විට දිල්ක මේ ලෙස වෙනස් වීමට, අර පෝස්ට් එකෙන් කරපු විවේචනයත් හේතු වන්න ඇති. එහිදි ඇයව විවේචනයට ලක්කොට තිබුනේ ආචාර්ය මහාචාර්ය වරුන් පැමිනීමේ ළේඛනය අත්සන් කිරීම පිළිබඳව නගපු ප්‍රශ්නයට. මේක ආචාර්ය මහාචාර්ය හා දොස්තරලට තියෙන හීනමාන රෝගයක්, එයාලා දෙවිවරු වගේ අති ව්ශේෂ පුරවැසියන් ලෙස සිතා ගෙන සිටීමේ අධිකාරී රෝගය සුව වන තුරු මේ වගේ විවේචන වලට සාමාන්‍ය පුරවැසියෝ ලක් වන එක තව දුරටත් සිඳුවෙයි. ඒ ගැන අලුත්ම පොස්ට් එකක් W3Lanka එකේ තියෙනව කියවලා බලන්න.

මම ජොක්ස් වලටත් කැමති නිසා දිල්කට දවසක් වෙච්ච ඇබැද්දියකුත් සඳහන් කොරන්නම්. එදා වැඩ සටහනට සහබාගී උනේ එජාපයේ හැන්ඩියෙක් හා කටකාරයෙක් වන සූජීව සේනසිංහ. සාකඡ්ඡාව අවසන් උනේ මෙහෙමයි.

දිල්කා - ඔබතුමා දක්ෂ තරුණ මන්ත්‍රිවරයෙක්, තවම තනිකඩ ජීවීතයක් ගෙවන්නේ, නැද්ද අදහසක් ළඟකදි විවාහයක් පිළිබඳව.

සුජීව - හොඳ ප්‍රශ්නයක් දිල්කත් තවම විවාහ වෙලා නෑ නේද..? අපි දෙන්න මේ ගැන වැඩ සටහනෙන් පස්සෙ කතා කරමු නේද..?

මූන රතු උන දිල්කා, ලැජ්ජාවෙන්ම වැඩ සටහන නිමා කළා.. (මොනව කලත් මැච් වෙන ජෝඩුව)


රංගේ බන්ඩාරගේ විහිළුව -

මගේ ආසනේ කෙළවර හරියේ තියෙනව ගමක්, එහෙ තියෙනව පාසලක් හරිම දුශ්කරයි, එකට පත්වෙලා ආව ගුරුවරියෙක්, එයා ඉන්නෙත් පාසලෙම තියෙන පොඩිම් පොඩි ගුරු නිවාසේ, ටික දවසකින් පාසලට පත්වෙලා ආවා ප්‍රින්සිපල් කෙනෙකුත්, උන්නැහෙත් දුර පලාතක කෙනෙක්, එයත් නැවතුනා අර ගුරු නිවාසෙම, හැබැයි නිදා ගන්නෙ පිලේ, ඔන්න දවසක් මොර සූරන වැස්ස, ඉතින් ටීචර් කිව්ව ප්‍රින්සිපල් මහත්තයට කාමරේට එන්න කියල, කාමරේ ඉඩ නැති නිසා දෙන්නට නිදා ගන්න උනෙත් එකම ඇඳේ, ඒත් ප්‍රින්සිපල්ගේ කොට්ටෙ දෙන්න මැද්දෙන් තියල තමයි එදා ඉඳල දෙන්නම නිදා ගත්තෙ.

ඔන්න දවසක් මේ පාසැලෙන චාරිකාවක ගියා, චාරීකාව ගියේ අපේ විමල් ඇමතිතුමාට යන්න බැරි උන සීගිරියට. ඔන්න සීගිරිය ගල උඩදි අර ටීචර්ගේ පන් තොප්පිය හුළඟට ගහගෙන ගියා. මේක දැකපු ප්‍රින්සිපල් ටීචර්ගෙන් අහනව, "ටීචර් මම පැනල තොප්පිය අරගෙන දෙන්නද" කියල. මොකක්ද දන්නවද ටීචර් කිව්වේ. "අනේ යන්න ප්‍රින්සිමල් මහත්තය යන්න දැන් මාස ගානක් තිස්සේ, අර කොට්ටෙ පැන ගන්න බැරි එකා කොහෙද ඔය තොප්පිය අල්ලන්න පනින්නේ.."

ඊට පස්සෙ කතා කරපු සජිත් එයිට හපන් කතාවක් කිව්ව.. දැන් ඔබ තුමාල රංගේ බන්ඩාරගේ විහිළු කතාව ඇහුවනේ, හැබයි ඒ ප්‍රින්සිපල් වෙනුවට හිටියේ රංගේ මන්ත්‍රිතුමානම්, චීන මහා ප්‍රාකාරේ දෙන්න මැද්දෙන් ගැහුවත් වැඩක් නෑ පනින එක පනිනවමයි. (රංගේ නෙමෙයි පක්ෂ විපක්ෂ සේරම එහෙම තමයි.. අම්බපාලිල ටික මදි කෂ්ටියට.)

40 comments:

  1. ගොඩක් වෙලාවට ලිපි කියවලා "පට්ට" හරි "එළ" හරි ඔබලා කම්මැලි කමෙන්ට් එකක් දාලා යනවා. ඒත් අද මාතලන් ලියල තියෙන්නේ "දිල්කා" ;) ගැන නිසා හිතුනා කමෙන්ට් එකක් දාන්න.

    ඔයා ලියලා තියෙන දේවල් වලට එකඟ වෙනවා. ඒ වගේම ගැහැණු කෙනෙක් ලංකාවේ දේශපාලන වැඩ සටහනක් මෙහෙයවන්නේ පළමු වතාවට මන් හිතන්නේ. ඒකත් අගය කරන්න ඕන. ඔයා කියලා තියෙනවා වගේ දිල්කා ගොඩක් වෙලාට එන්නේ එයාගේ හොම් වර්ක් කරලා, ඒ නිසා එයා එයාගේ ප්‍රතිවාදියාව හරීම සුක්ෂ්ම විදිහට අමාරුවේ දානවා. උත්තර දෙන්න බැරුව දගලන මැති ඇමත්තන්ට ඇය කට කොනින් දාන හිනාවත් බලන්න ලස්සනයි.

    මන්නම් හිතන්නේ ලංකාවේ තියෙන සංවාද වැඩසටහන් වලින් ඉදිරියෙන්ම 360 තියෙනවා කියලයි. ලංකාව ඇතුලේ කොහොමත් 100% සාධාරණ දේශපාලන වැඩසටහන් බලාපොරොත්තු වෙන්න අමාරුයි නේද?

    ReplyDelete
  2. @ malansamarawickrama
    අපේ රටේ වගේ රටක සාධාරන විවේචන දකින්න අමාරුයි.. ඒකටත් හේතුවක් තියෙනව, මිනිස්සු හරි කේන්තියෙන් ඉන්නේ. හොස්ස ලගින් මැස්ස ගියත් මැස්සගේ අම්මට බනින තරමට මිනිස්සු පීඩාවට පත්වෙලා ඉන්නේ. ඒ වගේ අය අතරේ ඔබ වැනි අය ඉන්න එකත් හිතට සන්තෝෂයක්...

    ReplyDelete
  3. මගේ නම් හිත ගියෙ අන්තිමට දාල තිබ්බ ජෝක් ටිකට...

    මමත් හිතන්නෙ දිල්කා අක්කන්ඩි හොඳට වැඩේ කරනව කියල තමයි... සමහර දවස්වලට නම් එතනට එන හරක වගේම හරක් ප්‍රශ්නයක් දෙකක් ඇහුවට ප්‍රතිශතයක් විදිහට ගත්තොත් හොඳයි කියන්න පුළුවන් ප්‍රමාණෙ සෑහෙන වැඩී...

    (මම නම් දැන් ඉඳල හිටල ඕව බලන්නෙ... මොකෝ මගේ තියරිය ආණ්ඩු පක්ෂ, විපක්ෂ ඕනම එකක් හරි කියන එකනෙ... අපේ රටේ ඉන්න එක දේශපාලන චරිතෙකටවත් මම වැරදී කියන්නෙ නෑනෙ..)

    ReplyDelete
  4. ඔබ හා 100% එකඟයි. මාත් ආසයි දිල්කගේ 360 සංවාදයට. ඔබ නිවැරදිව කියූ ආකාරයට ඇය ඉතා සූක්ෂමව දේශපාලකයින් අමාරුවේ දමනවා. සමහර අය හත් පොලේ ගා ගන්නවා. මේ සංවාද අතරින් මම කැමතිම සංවාද තමයි, ඇය
    1 පාඨලී
    2 රනිල්
    3 සෝමවංශ
    වැනි අය සමඟ කල කථා.
    සමහර විටකදී පොඩ්ඩක් ආණ්ඩුවට අදින්නත් ඇය අමතක කරන්නේ නැහැ. ඒත් දැනට යන හොඳ වැඩ සටහනක් තමයි. වැරදි නැත්තේ කාටද?

    ReplyDelete
  5. සුජීව එක්ක කතා කොරන්න ගිහින් තමා දිල්කා ඇනගත්තේ....
    හිරිකිත නැතුව බැලුව 360ක් තමා ඒක....

    ReplyDelete
  6. @ සාතන්
    උඹ නම් නියම කොල්ලෙක් බන්....

    ReplyDelete
  7. @ වෙද ගෙදර මහ වෙදනා
    තැන්ක්ස් වේවා...!! මොකෝ මහත්තයෝ තවම බිසිය.. පොඩි චූර්ණයක් වත් දාන්න වෙලාවක් වත් නැත.

    ReplyDelete
  8. @ රත්ගමය
    ඇත්ත බන් මමත් හරියට රස වින්ද.. මොකෝ එතන ප්‍රසංගික බවයි, රසාංගික බවයි, සරාගී බවයි, නුරාගී බවයි ඔක්කොම තිබුන නේ.. ඒ වගේම තමා මුඛරි කමත්.. උගත් බවත්..

    ReplyDelete
  9. දිල්ක හරිම චතුර විදිහට වැඩ සටහන මෙහෙයවනවා. අප්පිරියාවක් නැතුව බලන් ඉන්න පුලුවන් වෑඩසටහනක්.හරි දක්ෂ නිර්භීත කෙල්ලක්.රන්ජනුත් ලෙඩක් දැම්මනේ ඇයට .කරදර ගොඩාක් ආවා පසුගියකාලේ . ඕව ඔහොම තමා.

    ජෝක්ස් ටිකත් රසවින්දා.
    ඇය වෙනුවෙන් සටභනක් තැබුවාට ඔබතුමාට ස්තූතියි..

    ReplyDelete
  10. සෝමා අක්කගෙ වාහිනිය එක්ක බලනොට නම් දෙරණ ඉන්නේ ගව් ගාණක් ඉදිරියෙන් , දේශපාලනිකව විතරක් නෙවෙයි වින්දනාත්මක පැත්තෙනුත් .විශේෂයෙන්ම ප්‍රවෘත්ති මාධ්‍යක් විදිහට තමන්ගේ නම හොඳ තැනක තියා ගන්න දෙරණ සමත් වෙලා තියෙයි .ආණ්ඩුවේ තියන වැරදි විවේචනය කරන කොට ගහන්න පුලුවන් තැනට , වදිනට තැනට හැමෝටම පේන්න ගහන නිසා ඉතින් මධ්‍යස්ථ බවකුත් පේන්න තියනව. හැබැයි ඉතින් මාධ්‍යකින් වෙන්න ඕනි සැබැ විවේචනයන් නම් ලේසියෙන් කෙරෙන්නෙ නැ . දිල්ක කරන්නෙත් ඒ දේම තමයි . ඒ අතරට ගොන් පාටුත් දානව . හැබැයි ඉතින් කාන්තාවක් විදිහට ඔය තත්වයෙන් කරගෙන යන එකත් ලොකු දෙයක් කියල කියන්න පුලුවන්

    ReplyDelete
  11. @ buwa
    කාන්තවක්ම නිසා බේරිල ඉන්නව.. නැත්නම් මරාගෙන කාලා...

    ReplyDelete
  12. @ගිම්හානි . රන්ජන්ට ආපු චෝදනාවත් අමු කෙබ්බයක් බව තමයි මේ වෙනකොට පේන්න තියෙන්නේ .රන්ජන්ට ඔය වගෙ දේවල් අලුත් ඒවත් නෙවෙයි . ඒ නිසා මම නම් හිතන්නේ නැ දිල්කට තර්ජනය කරන්න තරම් හේතුවක් රන්ජන්ට තිබුනා කියල . ඒක විපක්ෂ මන්ත්‍රි කෙනෙක් අල්ලගෙන කරපු මවා පැමක් වෙන්නත් බොහෝ දුරට ඉඩ තියනවා

    ReplyDelete
  13. @ ගිම්හානී.
    අනේ කෙල්ලෙ ෂොරිම වෙන්න ඕනේ. ඔහේගේ කොමෙන්ට් එක දැක්කෙ දැන් කොමෙන්ට් දදා ඉන්නෙ ලියනවකො මොනව හරි..

    ReplyDelete
  14. මේක ගැන නම් මොකුත් නොලියම බෑ. - "මේක ආචාර්ය මහාචාර්ය හා දොස්තරලට තියෙන හීනමාන රෝගයක්, එයාලා දෙවිවරු වගේ අති ව්ශේෂ පුරවැසියන් ලෙස සිතා ගෙන සිටීමේ අධිකාරී රෝගය සුව වන තුරු මේ වගේ විවේචන වලට සාමාන්‍ය පුරවැසියෝ ලක් වන එක තව දුරටත් සිඳුවෙයි."

    මම හිතන්නේ මේ දෙවර්ගයේම රැකියාව දවසේ පැය ගානකට සීමා වෙන්නේ නෑ. සමහර දවස් තියෙනව පැය 24ම වැඩ කරන. නැතුව ඔය කියන විදිහේ ලෙඩක් නිසා නෙවෙයි අත්සන් බෑ කියන්නේ...

    ReplyDelete
  15. ෂහ්: ගොඩක් කාලෙකින් 360 බලන්න බැරිවුණා. ලබන සතියෙ ඉඳලවත් බලන්න ඕනෙ. ලිපිය දැම්මට ස්තුතියි සහෝ!

    ReplyDelete
  16. @ Saumya
    පැය 24 නෙමෙයි පැය 32 ක් වැඩ කළත් අත්සන් කළාම මොකෑ වෙන්නෙ. එතකොට නේ ඔප්පු කරන්න පුළුවන් පැය 24 වැඩ කළා කියළ. මහන්තත්ව කම මිසක් වෙන මොනවත් නෙමේ. අනෙක හිතන්න එපා අනෙක් ක්ෂේත්‍රවල අයත් වේළාව නොබලා වැඩ කරනව කියන එක.

    ReplyDelete
  17. @ blog gadol
    ඊයෙනම් පට්ට... සරත් ගුණවර්ධන නැති කළා...

    ReplyDelete
  18. තවත් ව්‍යපාර තියන ආයතනයකට ස්වාධිනව කටයුත+
    කිරිම අපහසුයි නමුත් 360 වැඩසටහන නිෂ්පාදක ඒ සදහා ලොක+ උත්සහයක් ගන්නවාග

    ReplyDelete
  19. @ indika sissanayake
    ඇත්ත.. අනෙක් ඒවත් එක්ක බලන කොට ප්‍රවෘත්ති සහ උදෑසන පුවත් පත් විවරනය උනත් සෑහෙන සමබරයි...

    ReplyDelete
  20. " ඒ ගැන අලුත්ම පොස්ට් එකක් W3Lanka එකේ තියෙනව කියවලා බලන්න."

    I did search this, but couldn't find. Please give me the link for that post.

    ReplyDelete
  21. ඇත්තටම කමෙන්ට් එකක් දාන්න මම ඕක බැලුවෙම නැනේ... එත් ඉතින් කතාව මැවෙන විදිහටම ලියලා තියනවා..... එහෙමනම් මමත් වෙල්ඩ්න් කියන්න්ම්කෝ

    ReplyDelete
  22. @ ජය ශ්‍රී

    තෑන්ක්ස් කිව්ව...

    ReplyDelete
  23. @ Anonymous
    ඕන්න කියවගන්න.. කිසිම කෙනෙකුට ඉඩක් දෙන්න කැමතිම නෑ..
    http://w3lanka.blogspot.com/2011/07/indian-phobia-of-sri-lanka-government.html

    ReplyDelete
  24. @ දේවාගේ අඩවිය
    තව දවසකින් දෙකකින් අද දෙරණ වෙබ් එකේ දාවී.. බැලුවට පාඩූ නෑ..

    ReplyDelete
  25. විශ්ව විද්‍යාල ආචාරිය වරයෙක් විදිහටයි මේ කියන්නේ. අපේ වෘත්තියේ හැටියට නිදහස් වටපිටිවක් අත්‍යාවශ්‍ය වනවා. ඒක විශ්ව විද්‍යාලය තුළ වේවා, නිවස තුළ වේවා හෝ වෙනත් තැනක වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම ප්‍රශ්න පත්‍රයක් සකසන්නේ නිවසේ කව්රුවත්ම නැති වෙලාවක. ඒ මට බාධා කරන්න කෙනෙක් නැති නිසාත් රහස්‍ය භාවය නිසාත්ය. සමහර විට ලිපි හෝ දේශන වලට සුදානම් වෙන්නත් ගෙදර හෝ වෙනත් පුස්තකාලයක් යොදා ගන්න පුළුවන්. අන්න ඒ නිසා අපිට විශ්ව විද්‍යාලය තුළටම වෙලා කටයුතු කරන්න කියලා හිර කරන එක ප්‍රායෝගික නෑ. ලෝකයේ ඕනෑම රටක සරසවි තුළ තත්වය ඒක තමයි.

    ReplyDelete
  26. @Malagala: මැඩම්, ඇටමැස්සා අඩවියෙත් පල කරපු මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න පුලුවන්ද?

    “විශ්වවිද්‍යාල ආචාර්යවරු පහළවෙන අදහස් එමවෙලවේම ළමයින්ට බෙදාහරින්නේ නැහැ. කොලේක ලියල තියාගෙන පස්සේ කාලසටහනට අනුව දෙන්න පුළුවන්” – මේ තර්කය වෙනත් ඕනෑම වෘත්තිකයකුට අදාලයි නේද? “මම මේ වැඩය කළේ office hours වල උනාට ඒගැන කල්පනා කළේ ගෙදරදි” කියල (සමහර විට ඒක ඇත්තක් ම වෙන්න පුලුවන්) ඕනිම කෙනෙකුට ඒ සදහා වැටුප් ඉල්ලන්න පුලුවන් නේද?

    ReplyDelete
  27. malagala මහතාණෙනි, දහස්වාරක් සමාවන්න ඔබේ නම වැරදියට කියවා වැරදි ලෙස ඔබ ඇමතීම ගැන.

    ReplyDelete
  28. ඔව් විශේෂයෙන්ම නිර්මාණශීලීත්වය හා නිදහස් චින්තනය අත්යයවශ්යි වෘත්තීන් වල මේ තත්වය අපට දකින්නට පුළුවන්. උදාහරණයක් විදිහට වෙළද දැන්වීම් නිර්මාණ ආයතන පෙන්වන්න පුළුවන්.
    නමුත් වි.වි. ආචාර්යවරුන්ගේ තත්වය එතනින් එහාට ගිය එකක්. බොහෝ වි.වි. ආචාර්යවරුන් ඒ ඒ ක්ෂේත්ර වල ප්රවවීනයන්. ඔවුන්ගේ උපදෙස් හා මග පෙන්වීම් රජයට හා පුද්ගලික අංශවලට අත්ය.වශ්ය යි. මේ නිසා විවිධ දේශන සම්මන්ත්රීණ වලයට සහභාගීවීම අපේ වෘත්තියේ කොටසක්. මෙවැනි දේවල් පැමිණීමේ ලේඛණයක් තුළ සිරකිරීම ප්රානයෝගික නැත. සමහර වැඩමුලු දින කිහිපයක් පැවැත්වේ ඇතැම් විට ලංකාව නියෝජනය කර විදේශගත වීමට සිදුවේ. කොටින්ම කීවොත් අපගේ සේවය මේ රටට මිසක් එක් සරසවියකට සීමා වන්නේ නෑ.
    හැබැයි මිනිසුන් තුළ ස්වයංවිනයක් පවතිනවානම් මෙය ඕනෑම වෘත්තියකට යොදා ගත හැක. පුද්ගලික අංශය මෙය ඇතැම් විට අත්හදාබලයි.

    ReplyDelete
  29. @ malagala
    මහත්මයා අමනාප වන්න එපා. ඔබ තවමත් සිතන්නේ ඔබ ගැන පමණයි, සුළු උදාහරණයක් කියන්නම්, ඔබත් අපත් අද නිදහසේ ජීවත් වන්නෙ වේලාව අවේලාව නොබලා සටන් කළ සෙබලු නිසයි. එතකොට ඔවුන්ගේ ඒ සේවයේ අගයක් නැතිද..?

    ReplyDelete
  30. මම මෙතනදී අදහස් පළකලේ වි.වි. ආචාර්යවරු පැමිණීම සටහන් කිරීම ගැන පමණයි. විශේෂයෙන්ම එවැනි දෙයක් නොකරන්නේ ඇයිද යන්න ගැනයි. කිසිතැනක අනිත් වෘත්තීන් හෑල්ලුවට ලක් කරලා තියෙනවාද?
    ඒ ඒ වෘත්තීන්ට ආවේනික වූ ලක්ෂණයන් පවතිනවා මම කතා කලේ මගේ වෘත්තිය ගැන පවතින යම් දුර්මතයන් ගැන. සමාගමක් ඉන්න විවිධ උපදේශකයන්ට (consultants) කියන පුද්ගලයන්ට ගෙවීම් කරන්නේ කරන සේවයට මිසක් පැමිනීම බලල නෙමෙයි. මම කොතනකවත් කිව්වද හමුදා සෙබලුන් හෝ වෙනත් අයගේ සේවය අගයක් නෑ කියලා?
    සෑම පුද්ගලයකුගේම සේවය සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍යයි. හැම සේවයක්ම උසස්. ඒ ඒ සේවයන් සමාජයට උපරිම ලෙස ලබා ගන්න තමයි විවිධ වැටුප් තළ දීමනා හා නීතිරීති පවතින්නේ. අපිට වෘත්තීන් දෙකක් සංසන්දනය කරලා එකක් උසස් අනෙක පහත් කියන්න බෑ. එකක අත්සන් කරන නිසා අනිත් වෘත්තියේ අයත් අත්සන් කරන්න කියන්න බෑ.
    මට තවද තේරෙන්නේ නෑ ඔබ සෙබලු ගැන කියමින් මගෙන් අහන්නේ මොකද්ද කියලා.

    ReplyDelete
  31. මම හිතන්නේ වි.වි. අචාර්යවරයාගේ කාර්යය වි.වි. තුළ දේශන පැවැත්වීම පමණක් නොවන බව අප තේරුම්ගත යුතුයි.
    1. වි.වි. දේශන පැවැත්වීම හා දැනුම බෙදා දීම
    2. වි.වි. පරිපාලන කටයුතු කිරීම
    3. නව දැනුම හා නිර්මා‍ණ බිහිකිරීම
    4. රටේ විවිධ ව්‍යාපෘතීන්ට දායක වීම/ උපදේශන කටයුතු
    කියන කරුණු 4ම අපෙන් ඉටුවිය යුතුයි. මෙහිදී 3 හා 4 යන කරුණු වි.වි. තුළ තමන්ගේ කාර්යාලය තුළට වී පමණක් කළ හැකිද කියන කරුණ නිසයි අපේ සේවය වි.වි තුළට සීමානොවන බව කීවේ.
    මෙහිදී පෙන්වා දුන්නේ අපගේ වෘත්තියේ ලක්ෂණයක් මිසක් එය අනෙක් වෘත්තීන්ට වඩා ශ්‍රේෂ්ඨ බව ‍පැවසීමට නොවේ

    ReplyDelete
  32. @ malanga
    ඔබතුමාගේ අදහස් හා යම්තාක් දුරට එකඟවිය හැකි අතර, එකඟ විය නිහැකි කාරනාද බොහෝ වන්නේය. නමුත් මා ඔබගේ නැගී සිටීමට 100% එකඟවෙමි. ඔබ ඔය කියානා තරම් සේවයක් අපගේ වි වි මගින් සිඳු නොවන බව මගේ හැඟීමයි. එසේ සිඳු වනවා නම් රැකියා යදින යාචකයන් පිරිසක් වෙනුවට කශේරුකා සවි ඇති මිනිසුන් වත් මේ රටේ බිහි වනු ඇත. නමුත් නොවන්නේද එයමය.

    මා කාළයක් ඊශ්‍රායලයේ පර්යේෂන ආයතනයක සේවය කලෙමි. (විශේශඥයකු ලෙස නොවේ.) මෙහි සියළුම සේවකයෝ මගේ ඉතා කුළුපඟු මිතුරන් වූ අතර එබැවින්ම ලංකාවට පැමිණියෝද බොහෝය. මෙහි සභාපති වරයා තම පර්යේෂන කටයුතු සඳහා ළොව පුරා සැරිසරන බැවින් බොහෝ වේලාවට මෙම ආයතනයේ දක්නට නොමැත. නමුත් ඔහු මෙහි පැමිනෙන හා පිටවන සෑම විටකම සුළු සේවකයන් හා පේලියට පැමිණ තම ඇඟිලි සළකුන තබා යාමට අමතක කරන්නේ නැත. දියුණුවේ හා නිහතමානීත්වයේ රහස එයයි.. (ලොක්කා අමතන්නේද පෞද්ගලික නාමයෙන්ම පමණි.)

    ReplyDelete
  33. ඔය කියන කතා වලට මම එකගයි සම්පූර්ණයෙන්ම

    ReplyDelete
  34. මාතලන් අය්යට මිස් උනාද දිල්කා සහ පබා ගේ වැඩසටහන..ඒකත් නියමයි නේ... :D

    ReplyDelete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. @ ChammA
    අපෝ නෑ.. රිපීට් ටෙලිකාස්ට් එකත් බැලුව.. පට්ටම ආතල් ඒක.. පබාට වැඩිය පොලිටික්ස් දන්නවා අපේ 5 පන්තියේ ඉන්න බබා..

    ReplyDelete
  37. dilka samanmali is the best female announcer in sri lanka

    ReplyDelete
  38. පින් වපරි දිල්කා මේකි දැන්වත් නානවද දන්නෙ නැහැ...මැරිකල නිසා.......

    ReplyDelete
  39. මේකත් බැලුවනම්....

    http://www.elakiri.com/forum/showthread.php?t=1389335

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න