.

.

Aug 21, 2011

සංඝ ආඥාවක් - Action against Maathalan


මාතලන් පන්සල් යන්නේ නොගිහින්ම බැරි උනොත්ය. මන්ද...? දිවිය භවන වගේ තිබුනත් එහි අඩුපාඩූ බෝහෝමයකි. බ්‍රේස්ලට් උපාසක මහතුන් ඉන්ස්ටන්ට් නිර්වාන ලබා ගැනීමේ උතුම් පරමාර්ථයෙන් මර්සඩීස් දන් දුන්නද එහි අඩුපාඩූ තවත් ඇත. හාමිනේ පන්සල් යනවාට මාතලන් කොහෙත්ම කැමති නැත. ගමේ කාළකන්නි,... හාමුදුරුවන්ට එක එක කතා කියනවාය. ඒ නිසා ඇහට කනට පේන බවලත් උදවිය හා ගැහැණු දරුවන් තනි පංගලමේ එහි යවන්නට දායකයන් කැමති නැත. ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන කියා උන්වහන්සේම අපට කියා දී ඇත.


මාතලන් පොඩි කාළයේත් එහි යාමට අකමැතිය, ඒ සාධුලා හැංගී මුත්තන් හා අල්ලන සෙල්ලම් කොරන්න කතා කොරන නිසාය. අල්ලන සෙල්ලම් දුර දිග ගොස් දවසක් ගමේ පව්කාරයෝ පන්සලට ගල් ගැහුවා යාන්තම් මතකය. ඒ සෙල්ලම කරපු සාධුට පන්සලෙන් යන්නටත් සිඳුවීය. අප්පච්චිලා ගල් වඩුවෙක් ගැන ඒ කාළේ කතා වීය.ඒ ගමේ පන්සලය. ග්ලෝබල් විලේජ් එකේ කියන්නේ ළමා අපචාර කියාය. කලින් කීවේ දැන් පන්සලය. දැන් නැන්දම්මා නිසා මාතලන්ද සැදැහවත් කෙනෙක් වී හමාරය. උන්දෑ, ... පින්කම් දාන මාන පැනලා බාර ගන්නවාය. ඒ නිසා සමහර පින්කම් වලට මාතලන්ද ඉතා කැමැත්තෙන් සහබාගී වෙනවාය.

අපටද හීල් දානයක් හා දහවල් දානයක් මාසිකව ඇත. කරුමෙට හරි නිවන් ගියොත් පින් පොතේ ඒවා ලියවී තිබෙනු ඇත. ලොකු සාධු නම් කොරන තැනකට, අප මුදල් ගෙවූ විට, එතනින් දානය සකස් කොර දෙනවාය. මේ දන් බෙදිල්ලට නැන්දම්මා ගේ ළිඳ ළඟ සංගමයේ සාමාජිකාවන් සහබාගී වෙනවාය. මහ බැංකුව ආදායම වැඩිවී ඇතයි කියූ දා සිට මාතලන්ගේ ආදායම අඩුවී ඇත, ආදායම අඩුයි කියා බොරු කිව නොහැකිය. එවිට අපායේදී ළෝදිය කටට දමනවාය. තොලේ නොගෑවී උගුරට දමනවානම් ප්‍රශ්නයක් නැත, මාතලන් ඒ ක්‍රමය මෙහේදී පුරුදු වෙනවාය.

ආදායම එහෙමමය. මිළදී ගැනීමේ හැකියාවද මොකක්ද එක අඩුවෙලාය. ඒකට ආණ්ඩුව පලි නැත. මගේ වගේම හර්ෂ ද සිල්වාගේත් මොළේ මඤ්ඤං වගේය. මේ පෙර ජාතියේ කළ පවු පල දෙනවාය. ඒ නිසා දනට පිනට දී ලබන ආත්මයේ පින් කෙත හෙළ රන් දෙරණේ ඇමති කෙනෙක් වී යලි උපදින්නට හේතූ වාසනා වේවා කියා පතනවාය. මේ අතරේ නැන්දම්මා කීවේ අන්න නායක හාමුදුරුවෝ එන්න කිව්වා කියාය. උන්වහන්සේ අපේ මෑනියන්ද ආදරයෙන් මතක් කළ බවද ඇය කීවාය. ෂුවර් එකටම අපේ මදර් ඉන් ලෝ මගේ බන පන්සලේ කියා ඇතුවාට සැක නැත. පන්සලට කේලාම් කීවාට පව් නැත ඒවාට කියන්නේ වයිට් කේලාම් කියාය.පුණ්‍ය කටයුතු කියාය.

ලොකු සාධූ : මහත්තය දන්නව ඇතිනේ ඇයි එන්න කිව්වෙ කියල..??

මාතලන් කියයි : දන්නෙ නම් නෑ අවසර.. හිතාගන්න පුළුවන්.

ලොකු සාධූ : අපි ඔහේට සලකන්නේ නැන්දම්ම නිසා. පන්සල පැත්ත පලාතේ එන්නේ නෑ. දරුව දහම් පාසල් එවන්නෙත් නෑ..

මාතලන් හිතයි : ආවොත් ඉතින් ගානකට තට්ටු, දහම් පාසල් එවන්නෙ කොහොමෙයි යුනිවර්සිටි යන එකෙක් (6 වසර.)


ලොකු සාධූ : හීලට එවන ඉඳි ආප්පෙට පොල් සම්බල් නැවත්තුව, මේ සැරේ සීනී සම්බෝලෙත් නෑ.

මාතලන් හිතයි : පොල් ගන්න ගියාම එළෝ පොල් පේනවා, මුම්බායි ලූණූ වැඩි කොල එක උන්නාන්සේ දන්නෙ නැතුව ඇති.. පව්


ලොකු සාධූ : දවල් දානේට එන කජු මාළුවත් නෑ. 

මාතලන් හිතයි : කජු කිලෝ එක 1800... කජ්ජ බිස බිස තමයි ඉන්න වෙන්නේ කජු කෑවොත්.

ලොකු සාධූ : මාළුත් නෑ මසුත් නෑ.. 

මාතලන් හිතයි : ඒව කන්න පවු අවසර.. මෑතකදියි තේරුනේ.. අර එළුවො මරණ එකට විරෝධතාවේ තියපු දවසේ. උන්නාන්සෙට ඇල්සයිමද කොහෙද..?

ලොකු සාධූ : එතකොට අර ලොකු හාමිනේ වෙනම හදල ගේන සුදු ලූණූ මාළුව ඒකත් නවත්තන්න කිව්වලු නේ..???

මාතලන් හිතයි : නැතුව ඉතින් තමුන්නාන්සෙම නේ සැණකෙලියක් වගේ තියෙන පන්සල ගඳ කිලියක් කොරන්නේ පඩ ඇර ඇර

ලොකු සාධූ : ලබන පාර දානේ නිසි ලෙසට දෙන්න බැරිනම්... අපිට දානේ ඕන්නෑ ඔහේලයි අහින්., 

මාතලන් හිතයි : ඔබ වහන්සේ .නිවන් දකින්න ඕන මේ පින්කමට, මම හිතන්නේ කෑම බීම ගනන් කියල මුන්වහන්සෙත් දන්නව ඇති. ගෑස් ගනන් කියල දානේ උයන උපාසිකාව අපිට ගෑස් පෙන්නනවා..මෙගා වගේම කටකතාත් බලනව ඇතිනේ. 

මාතලන් කියයි : අවසර හාමුදුරුවනේ ලබන සැරේ ඉඳල හොඳට පිළිගන්නන්.. අවසර ගිහින් එන්න.

ලොකු සාධූ : හ්ම්.. හ්ම්... හොඳා.. හරි.. හරි.. සුවපත් වේවා..!!!

හුදී ජන පහන් සංවේගය උදේසා පොඩි සාධූ ඉල්ලූ පිරිකර වර්ග හා ගෙදර පැමිනි පසු අප නිවසේ ඇතිවූ සුහඳ කතා බහ මෙයින් ඉවත් කොට ඇත. 

පවුමට වැඩියෙන්ම ගෙවන තැනට ගොස්,.. බ්‍රේස්ලට් උපාසකයින්ටත් වඩා හොඳ දානයක් දෙන බව සිතාගත් මාතලන් සුරාමේරය මජ්ජ පමා දඨ්ඨානා කිරීමට.. කොලෝනියල් එකට ගොඩවිය.

...o0O0o...


බලන්න බුදු සාමීනි.. දරන්න බෑ බඩු ගිනී...
ගනන් නිසා මොලේ කචල්..
සරණක් වනු සාමිනී....//


ප: ලි:
සිඳුවන දේවල් අනුව පොඩි අනාවැකියක් කියන්නම්. හරි ගිය පසු ගාස්තුව ගෙවන්න. කලබලේට දාපූ නීතීය ඉවත් නොකරන බවක් හනුමා පෙන්වයි....

23 comments:

  1. ඇත්තටම හාමුදුරුවො දන්නවයි අපේ අමාරු පන්සලට වෙල ගිල ගිල එලොව බලාගෙන ඉන්න එක නොවැ කරන්නෙ..

    ReplyDelete
  2. @ indi

    පව් සිද්ද වෙන කතා කියන්න එපා අනේ...

    ReplyDelete
  3. පින් කර ගන්නත් පිනක් තියෙන්න එපයි නේද

    ReplyDelete
  4. අම්මප සැටිපිකට් ඇත්ත . . . . . නැන්දම්මලා පිං කරන්න ගත්තම බෑනලගෙ තමයි රිස්ස යන්නෙ . . . . . මේ පහුගිය දවසක අපේ නැන්දම්මගෙ උපදෙස් පිට අපේ හාමිනේ පංසලට ගිහිං පෝය දවසක දවල් දානෙ බාර අරගෙන . . . . . . නැන්දම්ම ගේන්න ඕනෙ බඩු ලිස්ට් එක දුන්නම මට ඔලුව වටේට සෞරග්‍රහ මණ්ඩලේම කැරකෙනව වගේ දැනුන. . . . . පංසලේ ලොකු හාමුදුරුවො බුදු වෙන්න . . . . උන්නාන්සෙ දවල් දානෙ හීල් දානෙකට මාරු කරල දුන්න.

    ReplyDelete
  5. @ Gimhani

    අනේද පනේ කියන්නේ...

    ReplyDelete
  6. @ ඕනයා

    පෝයට දෙන්න ලේසිම එක තමයි.. ගොටුකොළ සළාදේ..

    අවශ්‍ය ද්‍රව්‍ය :-
    ගොටුකොළ මිටි 25, පොල් ගෙඩි 1, බී ලූණූ ගෙඩ් 5, දෙහි ගෙඩි 4, ලුනු ස්වල්පයක්..
    සාදාගන්න ක්‍රමය දන්නවනේ..

    රසයි, ගුණයි, පහසුයි, ලෙසීයි, සාක්කුවටත් ලේසියි....

    ReplyDelete
  7. හික් හික්!! හාමුදුරුවන්ට බයයි නේද?

    ReplyDelete
  8. @ blog gadol

    කොහොමත් මට වඩා උන්වහන්සෙට සවන් දෙන පිරිස වැඩියි.. ඒ නිසා බයයි..

    ReplyDelete
  9. //මාතලන් කියයි : අවසර හාමුදුරුවනේ ලබන සැරේ ඉඳල හොඳට පිළිගන්නන්.. අවසර ගිහින් එන්න.

    ලොකු සාධූ : හ්ම්.. හ්ම්... හොඳා.. හරි.. හරි.. සුවපත් වේවා..!!!//


    මෙ අතර මැද ලොකු සාධූ හිතයි කොටස අනුමාන කරන්න පුලුවන් පින්වතෙක් ඉන්නවන්ම් ලියන්න බලන්න...

    ReplyDelete
  10. @ Thanikada Jeewithe

    අන්න බොලන් නිර්මාණ කියන්නෙ එව්වට තමයි...

    "බනානලීෆ් බුරියානී, ෆ්ලවර් ඩ්‍රම් චයිනීස්, රජ බොදුන් ලන්ච් පැකට්, ග්‍රීන් කැබින් ලම්ප්‍රයිස්, නාසීගුරානී, චීස් කොත්තු, සබ්මැරීන්.................."

    ReplyDelete
  11. පිං කරන්නත් පිං කරලා තියෙන්න ඕනෑ, මාතලන්!
    පවුකාරයින්ට පිං කරන්න පිං නෑ,
    ඕක මහ විෂම චක්‍රයක්.

    ReplyDelete
  12. @ කතා මහතා

    අපේ හාමුදුරුවොත් ඔය ටිකම කිව්ව.. මයෙ හිතේ ශාසනේට කැප උනු කාළේ ඉගෙනගන්න ඇති..
    පන්සල් නොයෙන් හාවොන්ටයි මුවොන්ටයි හරක්ටයි නිවන් දකින්න බෑ කියලත් කිව්ව... ෂොරි ඈ දේශනා කොලා...

    ReplyDelete
  13. අනේ මන්ද බලත්දි මම විතරක් නෙමේනෙ පව් කාරයො ඉන්නේ. පංසල් ගිය කාලයක් මතක නැහැ. අපේ වෙදහාමිනේ කැමතිත් නැහැ මම පංසල් යනවට. අපේ නායක හමුදුරුවෝ කැමතිත් නැහැ මම එනවට. උන් වහන්සේගේ ප්‍රෙෂර් නගිනවා මාව දැක්කම. ඉතින් අපේ හාමිනේ යන්නේත් නැහැ. දුව යන්නේත් නැහැ. ඉරිදා උදේම දුවව මම ක්‍රීඩා කටයුතු වලට දාල තියන්නේ. ඒ නිසා අපේ පවුලම පව් කාරයෝය. හැබැයි අපේ නායක හාමුදුරුවෝ තාම මගේ ප්‍රශ්නෙකට උත්තර හොයනවා. ප්‍රශ්නෙ තමයි, බුද්ධ, ධම්ම, සංඝ කියන තුනේ තේරුම මොකක්ද, ඕක නිසා දැන් අපිට පංසල තහනම් කලාපයක්.

    ReplyDelete
  14. @ වෙද ගෙදර මහ වෙදනා

    වෙද මහත්තයට කියන්න.. දහම් පාසැලෙන් එලෙව්වා මාව.. ප්‍රශ්න අහනව වැඩියි කියල...

    ReplyDelete
  15. සාතනුත් ඔය බෝට්ටුවෙම තමයි මාතලන් අයිය... පන්සලකට ගිය කා‍ලයක් මතක නෑ... සමහරක් විට ගිය අවුරුද්දෙ විතර යන්න ඇති...

    මාතලන් අයියගෙ ලිවිල්ල තමයි ලිවිල්ල... ලෝදිය කටට දාගන්න එක නම් සාතනුත් ප්‍රැක්ටිස් කොරනව... ;)

    කාලෙකට කලින් ලිව්ව සත්‍ය කතාවක් ..
    http://sathangeadaviya.blogspot.com/2010/11/blog-post_26.html

    ReplyDelete
  16. @ සාතන්

    හැබැයි පුතේ මද පමනට.. පොස්ට් එක එළ...

    ReplyDelete
  17. ඔය පන්සල අපිටත් හුරු තැනක් නෙවෙයි. හාමුදුරුවො ඕන වෙන හේතු ටික ගත්තම අර චාරිත්තරේට මළ ගෙයක් වුණාම පාංසුකූලෙ දෙන්න විතරයි නෙව. මට නං එව්ව ඕනත් නැති නිසා පංසල් පල්ලි ඕනත් නෑ. ඒත් ඕක බදාගෙන ඉන්න උන්ට වඩා හොඳින් අපේ පවුලෙ උන් ධාර්මිකයි. අනිත් උන්ට වාතයක් නොවී සරලව ජීවත් වෙන එක වෙනුවෙන් අපේ පවුලෙ උන් මහා පව් කන්දරාවක් කරල තියෙනවද කොහෙද?

    ReplyDelete
  18. මතකයිනේ මමත් බනක් කියවන්න ගිහින් කාපු පරිප්පුවක් . . . .

    දුකේ බෑ බන් . .

    ඔය ඔක්කෝම අමතක වෙන්න ඩාන්ස් ඩාන්ස් හරි මෙගා නාට්ටියක් හරි බලපන් මාතලන් සිඤ්ඤෝ . .

    ReplyDelete
  19. @ hare :-)

    උඹේ කතාවෙත් ඇත්තක් තියෙනව.. විශ්වයටම මෛත්‍රීය පතුරපු උත්තමයෙක්ගේ ගෝලයෙක් කොහොමෙයි අනුන්ට කෙළ වෙලා පල කියල ගම්මිරිස් අඹරන්නේ..

    ReplyDelete
  20. @ දුකා

    මේ මෙගා එක එහෙම ඉවර වෙන එකක් නෑ මයේ හිතේ...

    ReplyDelete
  21. Thamuse mara modayekne oiii hamuduruwant banana inne nathuwa thopi hadenna balapan kalakaniyoo. muta ul pandam dena parayooo thopii amuma amu kalakanniii

    ReplyDelete
  22. මාතලන් හිතපු ටික ලොකු හාමුදුරුවන්ට කියලම ආවනම් තමා හොඳ...

    ReplyDelete
  23. @ ප්‍රසංග

    මම නොකිව්වට නැන්දම්ම ඒ පින්කම කොරනව

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න