.

.

Aug 19, 2011

දෙයියා...!!! - God...!!!


අපේ ඇමතිතුමා හිටපු ගමන් පිස්සුම කෙළිනවාය. මාතලන් අපේ ඇමතිතුම කිව්වේ මාතලන්ද කැළණියේ නිසාය. එපමණක් නොව මාතලන්ගේ ප්‍රියතම දෙශපාලණ සෙට් එකෙන් කෙනෙක් නිසාය. එතුමා ප්‍රසිද්දියේ කොරන වැඩ අනෙක් උන් අප්‍රසිද්දියේ කරයි, නමුත් උන්නැහේ කරන්නාවූ සියළුම වැඩ කරන්නේ එළිපිටමය. අනෙක ජනාතාව ඉල්ලන්නේ මේ ජාතියේ බඩුනම්, අපිට කොරන්නට දෙයක් නැත. ලක්ෂ ගනනින් මනාප ගන්නේ ඒ නිසාය.

අනෙක් උන් පාතාලය දමා මීඩීයා එකට වැඩ දෙන අතර එතුමා කෙලින්ම ගේමට බසී. අනෙක් උන් පොලොස් කොට්ටෝරුවන්ට සද්ද නැතුව පාට් දමද්දී එතුමා ඕ අයි සී එක්ක ප්‍රසිද්දියේ ගේම ඉල්ලයි. අනෙක් උන් තම ආසනයට මෙළෝ දෙයක් නොකරන අතර, උන්නැහේ හොදින් හෝ නරකින් ආසනයට සෑහෙන දෙයක් කරයි. මේ ආසනයේ ප්‍රසිද්ධ අය කොතරම් සිටියද කැළණියට ආළෝකයක් ගෙන ආවේ එතුමා බව නොකියා නොහැකිය. මන්ද ජේ ආර්, සිරිල් මැතිව්, රනිල් වැනි අය නියෝජනය කළ ප්‍රදේශයක් වූවද ඔවුන් මෙහි කළ මෙළෝ මළදානයක් නැත.

එතුමා ජනතාවගේ හිත සුව පිණිස විෂ්ණු දේවලයක් ඉඳි කොට ඇත. එම නිසා ප්‍රශ්න ඇති අයට එහි ගොස් දෙවි පිහිට ලබා ගත හැක. වෙන පළාත්වල මෙන් මෙහි ග්‍රිස් යක්කු නැත. හිටියොත් ග්‍රීස් යකාගේ අම්මාටත් දෙයියන්ගේම පිහිටය. ඩෙංගු ද නැත. මදුරුවෝ සිරිසේනට බය නැති උනාට මර්වින්ට බයය.කවදත් ජනතාව සමග සිටින එතුමාට ලොක්කා මහජන සම්බන්ධතා ඇමති කම දුන්නේ නිකමට නොවේය.

උන්නැහේ අළුතෙන්ම සේවයක් ආරම්බ කොට ඇත. පවුලේ ඇති ඕනෑම ගැටලුවක් එතුමාට ඉදිරිපත් කළ හැක. ඒ අනුව,
  • පෙම්වතා හෝ පෙම්වතිය හැරයාම
  • සැමියා හෝ බිරිඳ පැනයාම
  • පතන සකරු හෝ සහකාරිය ලබාදීම
  • කැමති අය ගෙන්වා ගැනීම
  • එපා අය ඈත් කිරීම
  • විවාහ ප්‍රමාදය
  • විභාග ජය
  • රැකියා ලැබීමට
  • නොවිකෙනෙන ඉඩම් විකිනීම
  • ව්‍යාපාර ලාබ ලැබීමට
  • ලිංගික දුර්වලත
  • ඇඟ උණුකරවා යාම
  • ලිංගික අප්‍රාණිකත්වය
  • ලිංගය කුඩාවීම
  • ධාතු පිටවීම ප්‍රමාදයට
  • මාස් ශුද්දිය නැවත්වීම හෝ යලි ආරම්බය
  • සුදු කබර
  • පොතු කබර
  • අන්ඩවාත
  • පීනස්
  • හර්නියා
  • දියවැඩියාව
  • අංශභාගය
 ඇතුළු සියළුම නිධන් ගත රෝග ආදී එකි මෙකී නොකී සියළුම ගැටළු හා අට අනූවක් රෝග සඳහා දැන් ඔබට ඕනෑම වෙලාවක එතුමා හමුවිය හැක.

නමුත් කොතරම් හොඳ දෙයක් කළද ඒවාට විරුද්ධ වන අය වැඩි බැවින් මේ පිලිබඳ ප්‍රචාරයවීමෙන් අනතුරුව කොටුව ඉට්ටේසොම ඉදිරිපිට රැස්වූ සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙයියා ඇමතිතුමගේ ප්‍රකාශයට විරුද්ධව පිකටින් ව්‍යාපාරයක් සහ පත්‍රිකා බෙදීමක් සිඳු කරන බවට ලද ආරංචියට අනුව එතෙනට රැස්වූ මාද්දියවේදීනට, මැටි ඇමටි නෝනාවරුන් හෙවත් මැඩොම්ලාද සත්‍යග්‍රහයක් ආරම්බ කොට තිබූ බව දැක ගත හැකි වූ අතර එහි මූලිකත්වය එ ජා කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් කොට ළෝක ප්‍රසිද්ධ වූ ඇමතිතුමාගෙ බිරිය විසින් හොබවන ලදි. 

එහිදි බෙදාහරින ලද පත්‍රිකාවේ මහා දුක් ගැවිල්ලක් විය. දැන් තිබෙන රාජකාරීන් වන, සාක්කියට අත්සන් කිරීම, මළ ගෙවල් වල පෙට්ටියට අත ගැසීම. කොටහළු ගෙවල් වලට සහභාගී වීම. ජහමන දිනය පැවත්වීම වැනී දහසක් රාජකාරී මැද මර්වින් සිල්වා ජනතාවගේ පවුල් ප්‍රශ්නත් විසදීමට යාමෙන් අප ජනතාව අතර අප්‍රසාදයට පත්වන බැවින්, වහාම මේ සඳහා විරුද්ධවන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා තිබුනි. උද්ගෝශනය අවසානයේ සියළුම දෙනා පෙස්සොම බාරදීමට ලේඛම් කාර්යාලයට ගිය අතර. මාද්දියවේදියෝ දෙයියා ඇමතිගේ ගේ ඉදිරිපිට පොදිකන ජනතාව ගැන වාර්ථා කිරීමට පිටත්ව ගියහ.

ප: ලි: 
හොඳ වෙලාවට ශ්‍රී ලාංකික ගෝත්‍රික ජනතාව අප්‍රිකාවට වඩා ටිකක් හොඳය, කන්‍යාභාවය නැතිකිරීමත් ප්‍රභූවරුන්ගෙන්ම සිඳුවීමට නියමිතව තිබුනානම් මැටි ඇමටිලාට වෙන වැඩක් කිරීමට කාළයක් ඉතුරු වන්නේ නැත......

ඒ වගත් මෙසේ විය....

32 comments:

  1. මේ මොකක්ද මේ සීන් එක... සාතනුත් මේ දෙයියට වැරදි ලකුණක් දැම්මනෙ...

    මෝඩ කමට හරි චන්ඩි කමට හරි කරන එක එලිපිට කරන එකටනම් සාතන් මනාපයි ඕන්...

    ReplyDelete
  2. @ සාතන්

    බලාගෙන ගියාම උඹත් නියම් කොල්ලෙක් නොවැ

    ReplyDelete
  3. තමන්ගෙ බූරු , අමන කම් වලට මුලු රටටම වන්දි ගෙවන්න සලස්වන විකාරවංශලට වඩා නම් මෙයා හොඳයි තමා . අනික් අතට එක එකා දම්මල ගස්සවන්නේ නැතුව ගේමකට තමන්ම බහින එකත් නරකම නැ , ඒ උනාට පොරගේ හාල් පාරු වැඩත් ඕනි තරම් , ඔය දේවාල ගැහිල්ලත් ඒයින් එකක් තමයි

    ReplyDelete
  4. මොකෑ මේ සීන් කෝන් එක.... දැන් උන්දැ වශි ගුරුකමුත් කොරනවයැ...

    ReplyDelete
  5. @ buwa

    අව කැපෙන කතා කියන්ට එපා බුවෝ....

    ReplyDelete
  6. @ ප්‍රසංග

    ඇයි බන් දැක්කෙ නැතෑ....

    ReplyDelete
  7. තව කොච්චර වැඩ මෙතුමා කරලා දෙනවද අනේ මන්ද? ලෝකෙ ඉන්න එකම මහජන සම්බන්ධතා ඇමති නිසා අන්තර්ජාතිකවත් වැඩ ඇති නේද? කොහොම හරි ලිපියේ අඩංගු දෙ ගැන එකඟයි. මොකද මොන වැඩේ කලත් එලිපිට, නම් ගම් ඇතුව නිසා. හැබැයි පුතය වැඩ කරු. නැත්තන් අප්පා තිස්ස හිටපු මදාවියෙක් අද මෙතනට ආවේ කොහොමද? නිකමට හිතලා බලන්න.

    ReplyDelete
  8. මට නම් කියන්න වෙන්නේ එළිපිට කලත් හැංගිලා කලත් වැරදි වැඩ හෙලා දැකිය යුතුයි.

    ReplyDelete
  9. අනේ අපිට වාසනාවක් නැති උනා නෙව ඔය දිස්ත්‍රික්කේ උපදින්ට..ඒකට මේහේ ඉන්න උන්...

    ReplyDelete
  10. අපරාදේ බං අයියේ දේවාලයක් දාන්න තිබ්බේ... ඔය පැත්තේ කොල්ලෝ කොළඹට වෙලා කෙල්ලෝ හොයනවා...

    ReplyDelete
  11. නෝමන් පලිහවඩන කියන්නේ මාතලන්ගේ නෑයෙක්ද?

    ReplyDelete
  12. මොනවා කිවත් කවුරු කොහොම කිවත් මම කැමතිම විදිහේ දේශපාලන රටාවක් තමා මෙතුමාට තියෙන්නේ...
    කවදා හරි ජනපති පු‍ටුවට ඉල්ලුවොත් මිසක් මට චන්දයක් දෙන්න නම් වෙන්නේ නැ මගේ පාලතේ නොවන නිසා...

    ReplyDelete
  13. @ වෙද ගෙදර මහ වෙදනා

    අනෙක් උනුත් මදාවියෝ තමා.. ඒ උනාට වෙද මහත්තයෝ මේ යකාගේ මනුස්සකමත් වැහිවැහලා..

    ReplyDelete
  14. @ ඇනෝ

    ඔබගේ කීමට 100% එකඟයි.. ඒත් ජනතාවගේ සිතුම් පැතුම් අනුවලු නායකයෝ බිහිවෙන්නේ..

    ReplyDelete
  15. @ ගිම්හානී

    ඉතින් කෙල්ලේ මෙහෙ වරෙන්කෝ පදිංචියට..
    මාර ආතල්..

    ReplyDelete
  16. @ prasanna86k

    අනේ පලයන් බන් යන්න.. කොළඹ කෙල්ලො කැළණියේ කොල්ලො හොයනව.. මොකෝ උන් ඩොක්ටර් වගේම බුලට් බඩු.. ඉස්සර තමයි කැළණිය මැටි වැඩට ප්‍රසිද්ධ..

    ReplyDelete
  17. @ sithuwilimandiya

    අපේ අප්පුච්චත් මගෙන් අහනව ඔය ප්‍රශ්නෙම..

    ReplyDelete
  18. @ දේවා ගේ අඩවිය

    අනේ පනේ ඉතින් වරෙන්කෝ මෙහාට..

    ReplyDelete
  19. මගේ යාලුවෙක්ට ඒඩ්ස් මෙතුමා ඒකත් හොද කරාවියැ

    ReplyDelete
  20. කැළණි දෙයියා....

    ReplyDelete
  21. යකාගෙ හැටියටනොවැ විමානෙ පහලවෙන්නෙ... බොලාලෑ පලාතෙ ඉන්න අනිත් පැත්තෙ කට්ටිය නේද අර බබා නෝනත් උඩින්ම දියවන්නා පැත්තට යැව්වෙ... :D

    ReplyDelete
  22. @ යසියා

    ඒඩ්ස් කිව්වේ ආධාර වෙන්ටෑ.. ඇන් ජී ඕ කාරයෝනම් පෙන්නන්න බෑ...

    ReplyDelete
  23. @ JOTHISHALANKA

    සදාකල් රැදේවා...!!!

    ReplyDelete
  24. @ සපතේරූ උන්නැහේ

    අනිත් පැති වගේම් මෙහෙත් "ජනතාව බුද්ධිමත්..."

    ReplyDelete
  25. අනේ වාසනාවන් අපේ දිස්ත්රික්කෙට ඉරිසියා කරන්න එපා කට්ටිය . හැමදාම ගරා වැටුණු කැළණි බස් ස්ටෑන්ඩ් එක ගිය පාර හොඳට හදා තිබුන . ඒකත් දෙය්යගේ වැඩක්ද . ජැක් ස්පැරෝ කියන්න වගේ වංක එකා විශ්වාස කරන්න පුළුවන් මොකද ඌ හැමදාම වංක නිසා . අවංක එකා කොයි වෙලේ වංක වෙයිද දන්නේ නැහැ . ඒ හින්දා ඌව විශ්වාස කරන්න බැහැ. මේකත් ඒ වගේ තමයි .

    ReplyDelete
  26. @ Bindi

    නරක දේ නරකයි කියනව වගේම.. හොඳ දේත් අගය කොරන්න ඕනා

    ReplyDelete
  27. මේ වගේ අය මේ වගේ තැනක ඉන්නව නම් ඒකටත් වග කියන්න ඕන අපිම තමා බං!

    ReplyDelete
  28. අබුද්දස්ස කාලේ......

    ReplyDelete
  29. @ Soda ගුනේ
    ලබුත් තිත්තලු රාලේ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න