.

.

Aug 10, 2011

අනේ සීයේ කතන්දරයක් කියන්නකෝ - Grandpa Jokes


ආච්චිල ගැන කතාවක දෙකක් ලිව්වහම මේකේ ඉන්න සීයල අමනාප වෙලාලූ. අද කියන්න යන්නෙ සීයා කතා.. අපේ සීයල ගැන නම් දැන් දැන් ඇහෙන කතා අති හයානකයි. අබුද්දස්ස කාළේ ලබුත් තිත්ත වෙනවලුනේ බොලව්.. ඉතින් තව කතාද....???


***********

පෞද්ගලික ආරෝග්‍ය ශාලවක නවත්වා සිටී තම 85 වියැති සීයා බැලීමට මුණුබුරා පැමිණියේය.
දැන් කොහොමද සීයට..?
වරදක් නෑ හොඳයි...
කොහොමද සීයේ කෑම එහෙම..?
වරදක් නෑ.. එක එක දව්සට එක එක මෙනූ දෙන්නේ...
එතකොට නර්ස්ල..?
කියල වැඩක් නෑ මේ කෙල්ලො නම් හරිම ෂෝක්... 
එතකොට නිදාගන්න.. ??? සීය හොඳට නිදා ගන්නවයි...???
ඒ ගැන කතා කරන්න දෙයක් නෑ.. පැය 9 ක හොඳට නින්ද යනව.. හැමදාම රෑ 10 ට නෙස්කැෆේ එකයි ව්‍යාඝ්‍රා එකකුයි දෙනව.. හොඳ සැපට ඒ දෙක බිව්වයින් පස්සේ නියමට නින්ද යනව..
මොකක්..? 
තක්බීර් වූ මුණුඹුරා සිස්ටර් සොයාගෙන ගියා.. 
මොනවද ඔයාල කරන්නේ.. ඇත්තද මේ සීයා කියන්නේ..?
මොකක්ද.. ?
ඔයාල එයාට දිනපතා රෑට නෙස් එකකුයි ව්‍යාඝ්‍රා එකකුයි දෙනව කියන්නේ.. බොරු වෙන්නැති මම හිතන්නේ..?
නෑ නෑ බොරු නෙමෙයි.. ඇත්ත...
හැමදාම රෑ 10 ට අපි දෙනව.. නෙස් එකට එයාට හොඳට නින්ද යනව.. ව්‍යාඝ්‍රා එක නිසා ඒයා ඇඳෙන් වැටෙන එක වැලකෙනව..

******************

සීයාගේ අවුරුදු 100 උපන් දින සාදය ඉතාමත් ඉහලින් පැවැත්වෙමින් තිබූ අතර.. කතා කිරීමට අපහසූ වූවද තම අදහස් ලියා පෙන්වීමට පොතක් හා පෑනක්ද රෝද පුටුවේ පොකට්ටුවක රඳවා තිබුනි.. සීයාගේ පාටිය වූවද සීය රෝද පුටුවේ තබා සියළු දෙනාම සතුටු සාමීචියේ යෙදි සිටියේය. (පොඩි අයගේ බෝත් ඩේත් මෙහෙමම නොවැ..)
"මෙන්න සීයා නැගිටින්න හදනවා....."
කියා කවුදෝ කෑ ගැසූ බැවින්, පවුලේ අය පැමිණ, උරහිස් දෙකෙන් ඔසවා නිසි ලෙස පුටුවේ හිඳුවා, වටේට තිබූ කොට්ට නිසි ලෙස සකස්  කොට නැවතත් තම තමන්ගේ බයිලා වලට සෙට් උනේය..
පාටිය ජයටම යයි.. 
"මෙන්නෝ.....  සීය ආයෙත් නැගිටින්න හදනවෝ..'
කියා යලිත් කවුදෝ කෑ ගැසු බැවින්, සියළු දෙනාගේ අවදානය සීයා වෙත යොමු වූ අතර නැවතත් පවුලේ අය පැමිණ පෙර පරිදිම ඔහුව නිසි ලෙස සකස් කොට නැවතත් තම තමන්ගේ වැඩ කටයුතු වල නිරත විය. මේ සිද්දිය දෙස මුල සිටම බලා ගෙන උන් තරුණයෙක්, ටික වේලාවකින් නැවතත් සීයා නැගිටීමට උත්සාහ කරන බව දුටුවෙන් වහාම සීයා වෙත ගොස්..
"ඇයි සීයේ මොකක්ද වෙන්න ඕන..?"
කියා විමසුවේය. තම පොත හා පෑන ලබාදෙන ලෙස හස්ත මුද්‍රාවෙන් සීයා කියූ බැවින්, තරුණයා එය සීයාට ලබා දුන්නේය..වෙව්ල වෙව්ලා පොතේ මොනවාද කුරුටූ ගෑ සීයා එය තරුණයා වෙත යොමු කළේය.. 

"අනේ පුතේ පඩයක් අරින්න මාව ටිකක් උස්සපන්"

**************

අපේ පරණ සීයල ගැන කවුරුත් දන්න පොඩි ජෝක් එකකුත් තියෙනව..

"සීයා විට කොටන විට සීයාගේ මීයා පස් කයි...."

16 comments:

  1. ටික දවසකින් මේ පැත්තෙ එන්න බැරිවුනා... කතා ගොඩක් දාලනෙ..

    මුලම කතාව තේරුනේ නෑනෙ අයියෙ... ?????

    ReplyDelete
  2. @ සාතන්

    කොහෙද බන් ගියේ.. ව්‍යාඝ්‍රා බිව්වම මොකෑ වෙන්නේ.. අන්න ඒක උනාම.. සීයා වැටෙන්නේ නෑ.. බ්ලොක් වෙනව..

    ReplyDelete
  3. ෆට්ට
    @සාතන්
    නිදාගෙන ඉන්න මිණිහෙකුගෙ ඇගට දණ්ඩක් හයිකලාම එයා වැටෙන්නෙ නෑනේ..සිම්පල් ප්ලෑන් එකක්.

    ReplyDelete
  4. @ රාජ්..

    ඔය ලියල තියෙන්නෙ ලස්සනට...

    ReplyDelete
  5. අයියෝ ඕවත් වැඩද ආච්චිට කිව්වනම් ගම් ගානවනේ ව්‍යාඝා මක්කටැයි?

    ReplyDelete
  6. හික් හික්!! අන්තිම කතාව වෙන්න පුලුවන්ද?

    ReplyDelete
  7. අන් සෑම තැනකදීම වගේම මෙතනදීද මට පේන්ට තියෙන්නේ ..
    සීයලාට වඩා ආච්චිලා ඉදිරියෙන් ඉන්න බවයි.....

    ReplyDelete
  8. @ වෙද ගෙදර මහ වෙදනා

    කතාවේ ආච්චී වැලිගම්පිටි ගිහිල්ලලු ඉතින්..

    ReplyDelete
  9. @ blog gadol
    නාකී උනහම විටක් කොටල බලහන්කෝ...

    ReplyDelete
  10. @ Gimhani
    මක්කැයි දොඩන්නෙ කෙල්ලේ.. චන්ද ලැයිස්තුවේ ගෘහ මූලීකයට අස්සන් කොරන්නෙත් අපේ හාමීනේ..

    ReplyDelete
  11. අපිත් ඉතින් කවද හරි සීයල වෙනවනේ කියල මතක් උනා!

    ReplyDelete
  12. @ පොත් ගුල්ලා
    ඒ උනාට වල් සීය කෙනෙක් නම් වෙන්න එපෝ

    ReplyDelete
  13. එල කතා සෙට් එක ඈ ..

    ReplyDelete
  14. @ හිස් ඇහස

    තෑන්ක්ස් සඳරූ

    ReplyDelete
  15. පඩ කතාව එල!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න