.

.

Aug 11, 2011

ළමා අපචාරද...? ජාතික අපරාධද..? - Is this a Child Abuse or Criminal Act.?.


අපේ පොඩී මහත්තයා යන්නේ ප්‍රධාන පෙලේ පාසලකටය. මාතලන්ද ගියේ මේ පාසලටමය (දන්නෝ දනිති.) පාසල ගැන සඳහන් කළේ මෙය සින්දුවන්නේ මේ පාසලේ පමණක්නම් අනෙක් පාසල්වලට අසාධරණයක් වන බැවිනි. මේවා ගුරුවරුන්ගේ වැරදිද, පාසලේ වැරදිද, කළාපේ වැරදිද, අමාත්‍යංශයේ වැරදිද, ඇමතිගේ වැරදිද, ආන්ඩුවේ වැරදීදයි කීමට මා නොදනිමි. එහෙත් මෙය කවුරුන් කළද, වැරද්දක් බව කිව යුතුමය.

දරුවන්ට පාසල් කාළය තුල මාසයක පමණ නිවාඩුවක් ලබා දෙනුයේ, අධ්‍යාපනයටම යොමු වූ මනස නිදහස් කොට දරුවනට දරුවන් ලෙස ජීවත් වීමටත්, සිතන්නටත්, පරිසරය සමග ජීවත් වීමටත් විශේෂයෙන් මෙවන් පාසල් වල හොස්ටල් වලට වී සිටින ළමයිනට නිදහසේ විනෝදයෙන් කුරුළු පැටවුන් සේ සමනළයන් සේ සිටීමටයි. කොටින්ම අධ්‍යාපන කටයුතු වලින් ටික දිනක් ඈත් කර තැබීමටයි.

නමුත් සිඳුවන්නේ කුමක්ද...? මුලු නිවාඩූ කාළය තුල කළද නිම කිරීමට නොහැකි, හෝම් වර්ක් තොගයක් පැවරුම් ලෙස ඉදිරිපත් කිරීමයි. එක එක විෂය සඳහා වෙන වෙනම් පැවරුම්ය. උදාහරණයක් ලෙස අපේ පොඩි එකාට ( 6 වසර.) දී ඇති පැවරුම් වලින් ස්වල්පයක් සඳහන් කරමි. 
  • නයින්ටීන් ගෙල් ගැන පින්තූර සමගින් පොතක් සෑදිය යුතුය
  • සුනිල් ශාන්ත ගේ සියළුම ගීත පොතක ලියා, එක ගීයක් හොඳින් පුරුදු විය යුතුය. එම පොතට ඔහුගේ ජීවීත කතාවද ඇතුලත් විය යුතුය.
  • ස්වාභාවික විපත් හා ඒවයින් වැලකෙන්නේ කෙසේද... පොතක්
  • ජාතක කතා 25 ක නම් ලියා, එක ජාතක කතාවක් සිතුවම්ද සමග කතා පොතක් ලෙස සකස් කළ යුතුය.
  • පැරණී ගී 16 (ගීත නම් කර එවා ඇත.) සී ඩී තැටියකට කොපි කොට එක ගීයක් පිළිබඳව තමාගේ අදහස් පොතක් ලෙස ලිවිය යුතුය. එම ගීතය හොඳින් පුරුදු විය යුතුය.
  • ප්‍රස්ථාව පිරුළු 25 චිත්‍ර සමග විස්තරාත්මකව පොතක් ලෙස සකස් කළ යුතුය.
ඔය ආදි ලෙසින් තවත් මළ ලෙඩ ගොඩක්ම ඇත. මේ සඳහා අන්තර්ජාලය පුවත් පත් සඟරා ආදිය උදව් කර ගන්නා ලෙස දන්වා ඇත. මේ පාසලේ අනන්තවත් දුප්පත් දෙමාපියන්ද සිටිනා බව මා හොඳින්ම දන්නා කාරනයකි. අන්තර්ජාල කෙසේ වෙතත්, පත්තරයක් වත් මිලදී ගැනීමට නොහැකි දෙමාපියන්ද ඇත. අනෙක ඒව තිබුනාමයයි උපකල්පනය කරමු. මේ සියල්ල කළ පසු අප කුඩා කාළයේ විඳි පාසල නිවාඩුව මොවුන්ට ලැබිය හැකිද..?

කරුමය නම් මේවාට කැමති දෙමාපියන් පිරිස වැඩි වීමයි. උන් ළමයින්ට ආදරය නැත. උන්ට අවශ්‍ය පිම්බෙන්නට කිසිම දෙයක් නොමැති බැවින් දරුවාගෙන් හෝ පිම්බීමටය. තම දරුවා රජෙක් කොරන්නටය. මනුස්සයෙක් කරන්නට නොවේ. අප කුඩා කාළයේ නිවාඩූ කාළයම ගත කරන්නේ ගමේය. ගෙදර සිටියත් කැලේය, වෙලේය, පිට්ටනියේය. විශේෂයෙන් අගෝස්තු නිවාඩුව යනු සරුංගල් නිවාඩුවයි. ඉතා සතුටින් නිවාඩු කාළය ගත කරන අතර පාසල් යාමෙන් පසු "මා නිවාඩූ කාළය ගත කළ හැටි" කියා රචනාවක් ලිවීමට දුන් බව නම් මතකය

මේ පැවරුම් ටික කරන්නට වන්නෙ දෙමව්පියන්ටය, පාසල් දොරටු අසල සිටිනා කාළකන්නින්ට නම් මේවා වැඩ නොවේ. (මේ ගෙට්ටු ළඟ යන හොඳ හොඳ සෙල්ළම් කවුරුත් දනී.) එහෙත් දෙදෙනාම වැඩට යන දෙමව්පියන්ට මෙය හිස රදයකි. කෙසේ වෙතත් මම නම් මගේ දරුවා දහම් පාසල් යවන්නේවත් නැත. එදින නිවාඩු දිනයකි. නිවාඩුව පටන් ගත්ත ගමන් පොඩි එකා ගමේ ගෙන ගොස් ඇරලීය. ඌ දැන් ගමේ අය සමග මා ගත කළ ළමා කාළය විඳින අතර හාමිනේ සහ මම පැවරුම් කරමු.

අපේ එකා සෑහෙන දුරට මම වාගේමය. අමුතු විදියට හිතන එකෙක්ය. මේ වැඩ ටික පොඩි එකාම කලානම්. "මා නිවාඩුව ගත කළ හැටි" ලියන්නට දුන් විට,. ඌ මෙසේ ලියනු ඇත. 

නිවාඩූ කාළයේද මා පාසල් ගියේය. උදැසනම අවදිවී මහ රෑ නින්දට යන තුරු, පුදුම කැමත්තකින් පැවරුම් කලෙමි. පාසල් නිවාඩුව නිසා මා මාටින් වික්‍රමසිංහ මෙන් ගත් කතුවරුයෙකු විය, සිබිල් වෙත්තසිංහ මෙන් චිත්‍ර කතා ලියන්න්නෙක් විය. ව්ක්ටර් අයිවන් මෙන් ගවේශකයකු විය, බන්දුල හරිස්චන්ද්‍ර මෙන් චිත්‍ර ශිල්පියෙක් විය, අමරදේව මෙන් විශාරද ගායකයකු විය, සුනිල් ආරියරත්න මෙන් ගීත විචාරකයෙකු විය අවසානයේදී දේශපාළකයෙකු මෙන් සියල්ල දත් මුකුත් බැරි හරකෙක් විය. ඊළඟ නිවාඩුවට සමහර විට අංගොඩ පැත්තෙ යා හැකිය.

40 comments:

  1. මාතලන්ගෙ අදහසට මමත් එකඟයි. මම ගියෙත් ඔය ඉස්කෝලෙට තමයි. ඒත් වැරදි වැඩේ කවුරු කළත් වැරදිමයි

    ReplyDelete
  2. උන්ව හදන්න බෑ බන්.. මම මගේ එකාව හදනවා...
    මනුස්සයෙක් විදියට.. අදත් ඌ ගමේ මගුල් ගෙදරක් ගිහිල්ල.. මැක්සා අරන්..

    ReplyDelete
  3. ලමයින්ට පැවරුම් දෙන්න ඕනි පාසල් කාලය ඇතුලදි කරන්න මිසක් නිවාඩුවෙදි කරන්න නෙවෙයි . ඔය තියන ඒවායින් පරණ ගීත එකතුව වගේ වින්දානාත්මක දෙයක් (එකක් )නම් කමක් නැ තොග පිටින් පටවන එක මහ චාටර් වැඩක් . අපේ ඉස්කෝලේ ඒ කාලෙ නම් ඔහොම ඒව තිබුනෙ නැ . දැන් නම් බෝ වෙලාද දන්නෙ නැ

    ReplyDelete
  4. ඕක ඇවිල්ලා ගොඩක් තැන් වල එහෙමයි. සිංහල ටීච හිතන්නේ සිසුන්ට "ගෙදර වැඩ" දෙන්නේ තමං විතරක් කියාය. ඉතිං නිවාඩු කාලයේ මාසය පුරා නිවිහැනහිල්ලේ කළ හැකි වැඩක් එයා දෙයි. චිත්‍ර ටීචද හිතන්නේ මුංට උගන්නන්නෙ තමං විතරක් කියාය, එයාද වැඩ දෙයි. සංගීත ටීච, ප්‍රයෝගිත තාක්ෂණ ටීච, පරිසර අධ්‍යයනය ටීච, මෙකී නොකී සියළුම ටීචලා හිතන්නේ මුං ඉගන ගන්නේ (?) තමංගේ විෂය පමණක් බැවින් තමන්ගේ පැවරුම කළ පසු සිසුවාට "නිවාඩුව" ගත කළ හැකි බවයි.

    ආඬි හැත්තෑ හත් දෙනාම හාල් ගෝනි පිටිං දමති!

    ReplyDelete
  5. @ buwa
    අනේ මන්දා.. මාර පව් වැඩක්...

    ReplyDelete
  6. @ budhajeewa
    හැම එකාම මඤ්ඤං එකේ ටීචස්ලා ගැන කවර කතාද.. මම අපේ එකා බේරගන්නව..

    වෙල් සෙඩ් එනිවේ....

    ReplyDelete
  7. මගේ දුව යන්නේ බුදුහාමුදුරුවන්ගේ මහෝපාසිකාවකගේ පාසැලටයි. වසරත් ඕකමයි. අනේ කෙල්ලත් උදෙ හිටන්ම සටන් කරන්නේ කෙසේ හෝ මේ පැවරුම් ඉවර කර ගැනීමටයි. විෂයන් 13 තිබේ. උන්ට එක පෙලට මතකයෙන් විෂයන් නම් ටික කීමටද මතක් නැත. මටද මතක සිටින්නේ නැත. අනේ අපේ ළමයින් කවදා හරි වැඩිහිටියෝ වුනහම උන්ට ප්‍රශ්නයක් ආවහම විසදග්න්නවත් ප්‍රායෝගික දැණුමක් නැත. අඩු ගානේ බල්ලෙක් පස්සේ එලෙව්වොත් දුවා ගන්නවත් දන්නේ නැතිය. හැබැයි උන් මහා විෂය දැණීමකින් නම් පරිපූර්ණය.

    ReplyDelete
  8. @ වෙද ගෙදර මහ වෙදනා
    මොළේ කචල් එවුන් ඇමතිවරු උනහම් ඔහොම තමයි.. ඇහුව්වොත් කියයි මම දන්නේ නෑනේ කියල. අමාත්‍යංශේ ඉන්න හරක් උන්ගේ කලර්ස් පෙන්නනව. ඇමති බයිල ගහනව. මුන් එකෙක්වත් ළමයින්ගෙන් අහන්නේ නෑ උන්ගේ අදහස්. නැත්නම් මේ වගේ බූරූ වැඩ කරයිද? අර බුද්ධජීව කිව්ව වගේ එක එකා උන්ට ඕන ඒවා කරනවා. පාලනයක්, නායකත්වයක් නෑ. මම නම් මේව පාසලේදිත් හෙලා දකිනව. පොඩි එකා කැපෙනව, කරන්න දෙයක් නෑ.. උනුත් ව මූ කියන්නෙ ඇත්ත කියල. ඒ උනාට යන්නේ වෙන ට්‍රෙන්ඩ් එකක්. සල්ලි සහ බලය තියෙන හරක්ට අවශ්‍ය දේ...

    ReplyDelete
  9. මම මෙච්චර කාලෙකට ඇහුවමයි ඔහොම පැ‍වරුම් ගොඩක්... යකෝ හතුරෙක්ටවත් ඔහොම පැවරුම් ලැබෙන්න එපා...

    අයියට ෂුවර්ද පොඩි මෑන් 6 වසරෙ කියල.. මෑන් හොරෙන්ම කැම්පස් යනවද දන්නෙ නෑ...

    ReplyDelete
  10. @මාතලන්: බලාගෙන, සමහර උතුමානන්ලා ගෙදර ප්‍රශ්නවල හිරි ඇරගන්න බලාගෙන ඉන්නේ පොඩි එවුංගෙ පිටිං ඔය වගේ චාන්ස් එකක් එනකං. ගෙදර වැඩ ‍නොකිරීමේ වරදට දැඩි දඬුවම් නියම වෙන්න පුළුවං!

    ReplyDelete
  11. මට පේන විදියට ගුරුවරුන්ට ගෙදරදි කරන්න දීපු වැඩ වලින් කොටසක් ලමයට දීලද මන්දා???

    අනේ ඉතින් මේ වැඩ මල්ලත් අරගෙන නිවාඩු දීපු දවසෙ දරුවා ගෙදර එන්නේ සතුටකින් නෙමේනෙ.. අපි ඉස්සර එහෙමද.. මිටින් හල කුරුල්ලො වගේ..

    ඇත්තටම හරිම දුකයි දැන් පරම්පරාව ගැන..අපිට තිබ්බ කුඩා කාලයේ සතුට මේ දරුවන්ට නෑනෙ...මෙහෙම උනාම දරුවොත් සන්වේදීතාවයෙන් අඩු වෙනවා. ඇයි ඉතින් රොබෝල වගේනෙ...

    ReplyDelete
  12. මාතලන්ගේ කතා මම ගොඩාක් වෙලාවට රීඩරෙන් කියවන නිසා කොමන්ට් දාන්න එනවා අඩුයි. අනික ඔය පොලිටිකල් කතා වලට මට ලොකු දැනුමක් නෑ.
    පොඩි එවුන්ට කරන හිරිහැර නම් දැක්කම හරි දුක හිතෙනවා. ළමයින්ට ළමා (හිනාවෙලා දුවලා පැනලා ඉන්න තියෙන) කාලේ අහිමි කරලා මේ අධ්‍යාපන ලොක්කෝ මොන මගුලක් කරනවද කියලා මටත් හිතා ගන්න බෑ. හරියට නිකම් තරඟෙට දුවනවා වගේ පොඩි එවුන්.
    මම ඔය කතාව ගුරුවරයෙක් ඇහුවම කිව්වේ අනේ පොඩි එවුන් මොකද අපිටත් හැමදාම ඇගයීම් අරවා මේවා කරන්න තියෙනවා හවසට හවසට කියලා.

    ReplyDelete
  13. budhajeewa වැඩේ දන්නවා. ඕකම තමයි වෙනවා ඇත්තෙ.

    ReplyDelete
  14. මන් හිතන්නේ හැම ඉස්කෝලෙකම ඔහොම තමා. ගොඩක් පැවරුම් වල තේරුමක් තියෙනවද මන්දා

    ReplyDelete
  15. @ සාතන්
    සතුරොන්ට නෙමෙයි බන් තමන්ගේ දරුවට වෙන එක නේ ඉවසන්න බැරි..
    හෙහ් හෙහ්... මම කියන්නෙත් අපේ පොඩි එකා යුනවසිටි යන්නේ කියල..

    ReplyDelete
  16. @ budhajeewa
    එව්ව කොහෙද මාත් එක්ක.. ඔය ඕන එකෙක් කෙලින් කතා කරන ඒවුන්ට බයයි.. අපේ එකා ගුරුවරු අතරේ මාර පොපියුලර්.. අනික ඉතින් මමයි හාමිනෙයි පැවරුම් ටික කරල.. දවසකින් දෙකකින් පොඩි එකාට කිල දීලා වැඩේ කොම්ප්ලීට් කොරනව.. උගේ නම යනව අපේ හම යනව..
    anyway thanks for the concern

    ReplyDelete
  17. @ Gimhani
    මමනම් ඒ විදියට හදන්නේ නෑ ගින්හානියෝ.. මෑන් මේ ටිකේ ගමේ.. මැක්ස ගන්නවා..

    ReplyDelete
  18. @ Il mondo di una povera pazza
    කොහෙන් හරි කමක් නෑ බලනවට පින්.. ඒ උනාට කොමෙන්ට්ස් තමයි ශක්තිය දෙන්නෙ. මටත් පේන්නේ ගුරුවරුන්ගේ ප්‍රශ්න ළමයි පිටින් අරිනව වගේ..

    ReplyDelete
  19. @ Chami
    ඔව් චමී. බුධජීව හරි..

    ReplyDelete
  20. @ ම
    මුන් 1994 ඉඳලා අධ්‍යාපනය කෑවා...

    ReplyDelete
  21. මගෙ ලොකු දුවත් ඔය වසරෙම තමා... 6 වසරෙ... එයාලට දීලා
    ඉංග්‍රීසි - කොපි රයිටින් 5 පේළි 15 ගානෙ
    මතකත් නෑ අප්පා ෆොටෝ කොපි ගහපු කොළයක්..
    සිංහල - රවනා 3ක් එකක් වචන 1000 ත් 1500ක් අතර
    ගණිතය - භාග හා දශම සංඛ්‍යා පාඩම් දෙකේ පැවරුම් ඔක්කොම...

    ඒ අස්සෙ නෙට්බෝල් ප්‍රැක්ටිස් වලට සතියෙ දවස් 5ම උදේ 8.00 ඉඳල 10.00 දක්වා...

    අර වැඩ ටික නම් කොහොම හරි කරවන්න බලනවා.. ඒත් කාටද පුළුවන් හැමදාම ළමයා එක්කගෙන ඉස්කෝලෙ යන්න... රැකියාවෙන් ස්ටඩි ලීව් දෙනව වගේ... වෙනදට ඉතින් වෑන් මල්ලිගෙ පිහිට තිබ්බට...

    ඒත් මගෙ දරුවට නිවාඩු කාලෙ දුන්න වැඩ ටික එක්ක මට තරහ නෑ.. ඉස්කෝලෙ යන දවස්වල දෙන වැඩත් එක්ක බලපුවාම.. ඉස්කෝලෙ ඇරිලා ගෙදර එද්දි 4.15 වත් වෙනවා... ඉතින් නඟා එක්ක නටලා අපි ගෙදර යන්න කිට්ටු වෙද්දි පොත ගන්නවා... බැනලත් බෑ.. බැන්නට වැඩකුත් නැ.. තනියම බැරි වැඩනෙ තියෙන්නෙ.. ඉතින් උයල පිහල කවල ඔය ටික කරල ඉවද වෙද්දි රෑ 10.30ත් වෙලා... ආයෙ පාන්දර 5.00 ට නැගිට්ටවනවා... සංසාරේ....

    ආ ඉන්ටර්නෙට් කථාව එයාලටත් කියලා.. ගෙදර නැති බව දන්නා.. කඩේකට ගිහින් හරි තොරතුරු හොයාගන්න කීවළු...

    බුද්ධජීවගේ රිෂෙයාර් එකකින් තමා මම ආවෙ ඕන්...

    ReplyDelete
  22. හෆොයි! ඔය පොත් හදන සීන් එක අපි ඉස්කෝලේ යද්දිත් තිබ්බා.
    නිවාඩු කාලේ කරන්න දෙන ගෙදර වැඩ ටික මම කරන්නේ නිවාඩුව ඉවර වෙන්න කලින් දවසෙයි! නැත්තම් අලුත් වාරේ පටන් ගන්න දවසේ ඉස්කෝලේ ගියාම මිස් එන්න කලින් දඩි බිඩි ගාල කරලා දානවා. (මේක කරන්න පුළුවන් උනේ මම උදේ 7 ටත් කලින් ඉස්කෝලේ යන නිසා. අනිත් එක මං වගේ ළමයින්ට තමන්ගේ පොත් දෙන්න කැමති සහ ගෙදර වැඩ කරන හොඳ ළමයි අපේ පන්තියේ හිටපු නිසා)
    හැබැයි අර පොත් හදන වැඩේට නම් ඇත්තම කිව්වොත් මම ආසයි. පත්තර කියවලා, රූප ඇඳලා, වැඩ දාල මම පොත් හදනවා ඉතින්. ඒ උනාට මිස්ලා ඒවා බලන්නේ නම් කලාතුරකින්!

    ReplyDelete
  23. තනෝජා රාජපක්‍ෂ කීවා වගේම ඉස්කෝලෙ තියන දවස් වල දෙන වැඩ එක්ක සාපේක්‍ෂව බැලුවාම නිවාඩු කාලේ දෙන වැඩ ප්‍රමාණය හොඳයි කියලා හිතෙනවා. අද එකාමාරට ඉස්කෝලෙං ගිහිං හෙට උදේ හතාමාර වෙනකොට කරං එන්න දෙන වැඩ කන්දරාව එක්ක බලනකොට ඕව සිම්පොල්.

    ඇත්තම කතන්දරේ තමා ටීචැර්ලට ගාණක් නෑ මේව කරන්නෙ ළමයිද නැද්ද කියන එක. කොහොම හරි පොත් පිරුණාම ඇති. මොකද එතකොට පීරියඩ් එකේ නිවි සැනසිල්ලේ අයිස් පාරක් ගහගෙන ඉන්න ඇහැකි. විවේක සුවෙං කල් ගෙවලා ලකුණු පොත් පුරවන්නත්, ඉඳලා හිටලා ඇවිත් උනුත් බොරුව කරලා යන "ගුරු උපදේෂකලා" (?) ට පෙන්නන්නත් ඒ ඇති.

    ReplyDelete
  24. @ තනෝජා රාජපක්ෂ

    තෑන්ක්ස් ආවට. මහින්ද මහත්තයලගෙ කවුරුත් නෙවෙයි නේ. නැත්තම් මේ ගැන ඔහේට කියල එයාට කියන්න තිබුනා. අනේද කියන්නෙ තනෝජෝ.. මේ ගුරුවරු දෙමව්පියන් නෙවෙයිද. උන්ට දරුවෝ නැද්ද.. අර කිව්ව වගේ ඉස්කෝලේ යන එකත් ලොකු දෙයක් ළම්යි.. මට ඕවගේ තිබුනනම් මම කැලේ පනිනව.. අම්මපා..

    ReplyDelete
  25. @ niroshini

    ඒ කතාව හරීනේ නිරොෂිනී.. ඔයාලා කෙල්ලොනේ. කොල්ලො ඔය වැඩ වලට කැමති නෑ.. ඔන්න බෙන් 10 හරි ස්පයිඩර් මෑන් හරි ගැන ලියන්න කිව්වනම් ලියයි. නිබන්ධන පරදින්න..

    ReplyDelete
  26. @ budhajeewa

    කාට කියන්නද බුද්ධෝ මේවා.. කොහොම හරි මගේ කේන්තිය ටිකක් නිමුනා කොමෙන්ට්ස් දැක්කම.. ඒකට පින් ඔක්කෝටම....

    ReplyDelete
  27. අනේ නෑ මාතලන් තාම නම් එහෙම නෑකමක් හදාගත්තෙ නෑ ;)

    අපේ ලොක්කිට දවසක් ඉතිහාසයට දුන්නා ගමේ ඉතිහාසය ගැන පොත් පිංචක් හදන්ට.. ඉතින් මම අන්තර්ජාලෙ පීරලා... ඉංගිරිසියෙන් ගමේ නමයි එයාලැයි ඉස්කෝලෙ ඉඳන් ගමට තියෙන දුර අරක මේක විකාර පින්තූර අලවලා පොතක් හදලා පැන්සලෙන් විස්තර ලීවා.. ගමට නම හැදුනහැටි හරියට දන්නෙ නෑ.. පැරැන්නෝ මෙහෙම කියනවා කියල ලීවා.. අවට ගම්වල ඉතිහාස ටිකක් ලියලා අපේ ගමේ ඉතිහාසයක් ගැන කවුරුත් දන්නෙ නෑ කියලා ලීවා... ලොක්කි උදේ වෑන් එකේ යන ගමන් අර මම පැන්සලෙන් ලියපුවා උඩ පෑනෙන් ලියලා භාර දීලා.. ලකුණු 18/20 .. අනේ බොරුකරන්න උගන්නනවා වත්ද?

    ReplyDelete
  28. @ තනෝජා රාජපක්ෂ

    අපි කරන්නෙත් ඕකම තමා. බොරුව නැතුව වෙන මොකක්ද..? නමුත් එයාලට වටහල දෙනවා මේ බොරුව කියල..

    ReplyDelete
  29. උගන්නන එක කරන්න ඕන ඉස්කෝලෙ ඇතුළෙ ඉන්න පැය හය ඇතුලෙ. ඉන් පිටතදිත් ඉගෙනගන්ඩම මහන්සි වෙන්ඩනම් මොකටද ඉස්කෝලෙ යවන්නෙ?
    මාතලන් කරන වැඩේ හරි. උන්ට නටා ගන්ඩ කියලා, ළමයට කවදක හරි මතක් කර කර සතුටු වෙන්ඩ පුළුවන් ළමා කාලයක් ලබා දෙන එක වටිනවා. එහෙම බිහි වෙන දරුවා වඩාත් සමබර මනසකින් යුතු කෙනෙක්. සමාජයට වඩාත් ඵලදායී කෙනෙක්.
    ප්‍රශ්නෙ තියෙන්නෙ, ඔය විදිහට ළමයින්ව පොතේම අලවලා තියන්ඩ, ඒ වැඩ සේරම තමන් කරලා හරි ළකුණු ගොඩාක් අරන් දෙන්ඩ, උසි ළමයා උසි කිය කිය තමන්ගෙ හීන පස්සෙ ළමයව පන්නවන්ඩම සැරසුණු දෙමවුපියන් අද කාලෙ වැඩි වීම.

    ReplyDelete
  30. @ නලිනි චන්දිමා

    තැන්කූ දොසතර නෝනේ. ඔබ මගේ මතයට එකඟ වීම ලොකු හයියක්. දරුවටත් මටත් දෙන්නටම...

    ReplyDelete
  31. කාලෙකින් මේ පැත්තෙ ආවෙ, මට මතක විදියට අපි පොඩි කාලෙ නං නිමාඩු කාලෙට "හෝම් වර්ක්" කිසිම දෙයක් දුන්නෙම නැහැ.

    මේ පහතින් ලින්ක් එකේ දීල තියෙන කවි පන්තිය කියවල බලන්න වෙලාව තියෙනවා නං, ඇඩ් එකක් කියල හිතන්න එපා, මේ පෝස්ට් එකට ගැලපෙනව කියල හිතුන නිසා දැම්මෙ.

    http://tlr.thelastrow.net/2011/03/03/%e0%b6%b4%e0%b7%94%e0%b6%82%e0%b6%a0%e0%b7%92-%e0%b6%91%e0%b6%9a%e0%b7%8f-%e0%b6%89%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%99%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b7%84%e0%b6%b1%e0%b7%80/

    ReplyDelete
  32. @ Observer

    මම එහෙම කීයටවත් හිතන්නේ නෑ.. ඉන්ටනෙට් කියන්නෙ ඒකට තමා. සම හරක්ට ජාලය කියන වචනේ තේරුම දන්නෙ නෑ. ඔහේගේ හාමුදුරු සීට් කතාවක් මට ඊමෙල් එකකිනුත් ආවා. වෙනම් බ්ලොග් එකක් නැතෙයි ඔහේගේ කතා ටික කියවන්න..

    ReplyDelete
  33. @ ඔබා මාමා

    අර කතා කියවන ගමන් මේ ලියන්නෙ.. අනේ ලොක්කො.. ඒ පොස්ට් ටිකත් එක්කම .. බොගක් දානවකෝ.. පෂ්ඨ.. ආයේ කතා දෙකක් නෑ.. පෂ්ඨම පෂ්ඨ....

    ReplyDelete
  34. ලස්සනම වැඩේ කියන්නේ මහ ලොකුවට පැවරුම් දුන්නට ඒවා දිහා ඇහැක් ඇරල බලන ගුරුවරු ඉන්නේ සොච්චමයි.

    ReplyDelete
  35. @ malagala

    හැබයි අපරාදේ කියන්නෙ ළකුණු එහෙම දාලා එවනව.. ඒවා දැක්කම මාර සන්තෝෂයි...
    නෑ බන් පොඩි එකාට නෙමේ හාමිනේට.. ඇයි බන් පැවරුම් කරන්නෙ එයානේ මම කරන්නේ උපදේශකගේ රෝල් එක...

    ReplyDelete
  36. පැවරුම් වලට ලකුන දෙන ක්‍රමේ කාගෙන් හරි අහලා බලන්න,, මාතලන් අයියා ලමයි ගෙදර තියා ගන්නවා එහෙනම්.

    ReplyDelete
  37. @ හරී - පිණිපළස

    ඒ මොකෝ ඒ කාටත් දැනගන්න.. කියමුකෝ බලන්න..

    ReplyDelete
  38. මම මේ කියන්නේ මීට අවුරුදු තුනකට කලින් තිබුණු විදිහ. දැං මේවා වෙනස් වෙලා ඇති කියලා හිතන්න අමාරුයි. සාමාන්‍ය පෙලට පාසලෙන් ලකුණු යවනවා කියලා දන්නවා නේද? පාසලේ ඇගයීම් වාර කිහිපයක ළකුනු අධ්‍යාපන දෙපාර්තමේන්තුවත යවනවා. සවිස්තරවම කියන්න මට හරියට මතක නෑ. ඒත් නිදසුනක් හැටියට මෙහෙමයි.. ගණිත ගැටළුව:- 2 * 3 කියමු. උත්තරේ 6 නේ. ඔතන උත්තරේ හැටියට මොකක් හරි ඉලක්කමක් තිබුනොත් ඒ ලමයට ළකුණු 1ක් හිමි වෙනවා. නිර්නායක අනිවාර්යයෙන් ළකුණු 6කින් ඉතා හොඳයි, හොඳයි, මධ්‍යස්තයි,දුර්වලයි, ඉතා දුර්වලයි ආදී වශයෙන්. එහෙම ගත්තම ඉතා දුර්වල උනාට ඉබේ ළකුණක් දෙයියෝ දෙනවා. මේ ක්‍රමේ අනිත් විෂයන්ත ලකුණු දෙන්න හැකි උනත්, මේ ක්‍රමය ගණිත ගුරුවරයාටත් පොදුයි.
    මම අපේ ලොකු තැන එක්ක රණ්ඩු කරලත් තියෙනවා මෙහෙම කොහොමද ලකුණු දෙන්නේ කියලා.
    අපි ඉතින් ලොක්කන්ට බයයි අයියණ්ඩියේ. කිව්ව විදිහට ළකුණු දීලා , වාසි පැත්තට හෝයියා කියාගෙන හිටියා. පොඩි එකා යන පාසලේ වත් , ගුරුවරුන්ගෙ වත් වරද නෙමේ. මහ එවුන්ගෙ වරද ..!!

    ReplyDelete
  39. ඉස්කෝලෙ ගිගිල්ල ඉවරවෙච්ච එක හොඳයි කියල හිතුන,
    නිවාඩු කාලෙ කියන්නෙ නිවාඩු කාලෙ.
    මොනවද මේ වෙන්නෙ?
    වෙන්නෙ ඕනෙ කැමැත්තෙන් කරන වැඩ උන්නන්දු කරවන්නයි!

    ReplyDelete
  40. @ දයාල් බතී

    අනේද කියන්නේ බතියෝ....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න