.

.

Sep 29, 2011

පෙ. රාළ වෙත.. - Dear Pe. Raala



පෘතුවියේදීය,

හිතවත් පෙරමුණේ රාළ වෙත,

සෙත්වේවා...!!!

ඔබගේ සැප දුක් කෙසේද. මම නම් සුපුරුදු ලෙසම ආතල් එකේ සිටිමි. මුලින්ම මගේ පොස්ට් එකට දුන් විසිල් පහරටත් එය අගය කිරීම ගැනත් මගේ ගෞරවනීයා ප්‍රණාමය පුද කළ යුතුමය. නමුත් එයින් පසු පෙරදි නිර්දය ලෙස වෛද්‍යවරුන් හා ගැටුණු ඔබ. මාගේ පොස්ට් එක ගැන හා මා ගැන නිර්දය විවේචනයක් ඉදිරිපත් කිරීම මගේ සතුටට හේතු නොවේ.
බ්ලොග් ළොවේ මා ප්‍රියකරන්නාවූ දෙය නම්, ඕනෑම දෙයක් පිළිබඳව වාරනයකින් තොරව අදහස් පළකිරිමටත්, ඒවා විවේචනය කිරීමටත්. එම අදහස් ඉදිරියට ගෙනයාමටත් ඇති හැකියාවයි. මා අකුරැස්සේ කාළකන්නි සිඳුවීම, පොස්ට් එකක් ලෙස පළකිරීමෙන් නොනැවති මගේ උත්සාහය මතින් පාර්ළිමේන්තුව දක්වා ගෙනයාමට සමත් වීමී. එහිදි මා විවේචනයට ලක්කලේ වෛද්‍යවරුන් නොවේ.

ඔබ තුමා විසිල් ගැසුවාට කළබලයකින් හා ඔබේ ඇසින් පමණක් ලිපිය බලා ඇති බව පෙනී යයි. ලිපියේ මුලදීම මේ සේවයෙද හොඳ මිනිසුන් සිටින බවත්. ලැබුනු ප්‍රතිචාර වලට පිළිතුරු දීමේදි ජනතාව අදහන පරිදිම දෙවියන් මෙන් වෛද්‍යවරුන් සිටින බවද සඳහන් කර ඇත. එපමණක් නොව අප පවුල තුල සිටිනා වෛද්‍යවරුන්ද මාගේ පාසලේ මිතුරන් ලෙස සිට අදත් කල්‍යාන මිතුරන් ලෙස සිටින්නාවූ වෛද්‍යවරුන්ද මගේ මතයේම සිටි. සමහර විට අප මිතුරන් ලෙස එකම අදහස් ඇති අය නිසා විය හැක.

මම ලෝකයම දන්නා පොරක් බවත්. එම නිසාම මා ළිං මැඩියකු බවත් ඔබ සඳහන් කර ඇත. මා පමණක් නොව ඔබද අනෙකුත් මාධ්‍යවෙදීන්ද ළිං මැඩියන් බව ඉඳුරාම පිලිගත යුතුය. ඇත්තටම අප දන්නා දෙයක් නැත. නොදන්නා දේ බොහෝය. ඒ ගැන වාදයක් නැත. ඔබත් ඒ ගොඩටම වැටෙන නිසා ඒ ගැන අමනාපයක් නොමැත.

දොස්තරලා සමඟ ඉරිසියාවක් හා ඔවුන්ගේ ජීවීතය ගැන ඉරිසියාවකුත් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීම පිළිබඳ ඉරිසියාවකුත් ඇති බව පවසයි. මෙසේ සඳහන් කරන්නේ කුමන කරුණු මතද යන්න සඳහන් කළේ නම් ඉතා අගනේය. නමුත් මා මගේ දෙසින් සඳහන් කළ යුතුව ඇත්තේ. ඔය එකක්වත් නොව සියළු දේට මා පක්ෂ බවත් නමුත් එහිදී සිඳුවන නොමනා ක්‍රියා සිඳු නොවිය යුතු බව පමනක්මය. මන්ද කුලියට මිනි මැරුමෙන් මෙන්ම මිනිසුන්ට මඩ ගැසීමෙන් වුවද සල්ලි කාරයන් විය හැකි බැවිනි.

විශේෂයෙන් සඳහන් කළ යුතු දෙය නම්. චීටා මේ සඳහා ඉතා වැදගත් ලෙස හා බුද්ධිමත් ලෙස ප්‍රතිචාර දැක්වූ අන්දමයි. එම නිසා එවන් නිහතමානී වෛද්‍යවරුන්ටද මේ ළිපිය මගින් මගේ ප්‍රණාමය පුද කළ යුතුමැය.

මෙ කිසි සේත්ම ඔබ හා අමනාපයෙන් ලියන ලද්දක් නොවන බවද. මා කවුද යයි දැන ගැනීමට මාගේ සියළුම ළිපි කියවන ලෙසද. ඔබට මේ සඳහා පිළිතුරු දීමට ඇයිතියක් හා නිදහසක් ඇති බවද සදහන් කරමින් නවතිමි.

සියළු සත්වයෝ....
නිදුක් වෙත්වා...!!!
නීරෝගී වෙත්වා...!!!
සුවපත් වෙත්වා...!!!
දුකින් මිදෙත්වා...!!!
සැපතට පත් වෙත්වා...!!!
(එතකොට ඔක්කොම ප්‍රශ්ණ ඉවරයි..)


සුබ අනාගතයක්...!!!

මීට.
සදා හිතවත්,

මාතලන්

39 comments:

  1. මාතලන්, පෝස්ටය ඔබට පමණක් එල්ල කර ලියන ලද්දක් නොවේ. ඔබට එහි එක ඇඟිල්ලක් දිගු කරන විට, මා දෙසටද ඇඟිලි යොමු වී තිබෙනු දුටීමි. වෘත්තීය ඊර්ෂ්‍යාව යන්න පොදු දහමකි. ලංකාවේදී දොස්තරලා එහි පීඩිතයෝය. අපට එකඟ විය හැකි දේ බොහෝ ඇත. නමුත් ලිපියේ තොප්පිය ඔබේ සින්නක්කරය කර ගන්නට හදන්නේ නම්, මට කළ හැකි දෙයක් නැත.

    ප.ලි: ලිපිය ලියන ලද්දේ නිර්-රාමු වන මා විසින් මිස් පෙරමුණේ රාළ විසින් නොවේ. අටුවාවේ ලේඛකයෝ පස් දෙනෙක් සිටිති.

    ReplyDelete
  2. නෝ ෆ්‍රේම් කියල තියනව වගේ පොර තමා මේව ලියන්නේ , පෙරමුණේ රාල ලිව්වොත් මුස්ලිම් දොස්තරල ගැන තමයි (ඒ ගැන ඉතාම වැදගත් ලිපියක් රාල ලියල තිබුනා මතකයි , මාතලන් සහෝට වෙලාවක් තියනව නම් ගිහින් බලන්න ) ,

    මම නම් ආයෙමත් පාරක් මාතලන් සහෝගේ කලින් ලිපියට විසිල් පාරකින් සප් එක දෙනව ඕං

    ReplyDelete
  3. මෙය තවත් බ්ලොග් වලියක් නොවේවා කියල තමයි කියන්න තියෙන්නෙ...

    ReplyDelete
  4. ටික කාලෙක ඉඳන් බ්ලොග් රසිකයෙක් වෙලා හිටියට චීටා නොදන්නා මගුල් කොරන්න ගිහිල්ල වරිගේ නහගන්න බැරි නිසා කොමෙන්ටු නොදා හිටිය. මාතලන්ගේ පෝස්ට් එකක නම සඳහන් කරපු එක සෑහෙන කාලෙක ඉඳල මාතලන්ගේ රසිකයෙක් වෙච්ච චීටට ලොකු ගෞරවයක්. මේ කොමෙන්ටුව දාන්නම හිතුවේ තුන්දෙනෙකුට ස්තුතිය පුද කරන්නත් හිතාගෙනමයි. මුලින්ම කතන්දරත් ඊට පස්සේ මාතලන් සහ නිර්-රාමුත් චීටට එලියට දාගන්න බැරුව තිබුණු අදහස් ගොන්නක් එලියට දමා ගන්න වේදිකාවක් සපයල දුන්න. වැදගත්ම දේ තමයි චීට දැනගන්න බොහොම උනන්දුවෙන් සහ ආසාවෙන් හිටපු මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිලිබඳ කතිකාවේ ඒකට කෙලින්ම සම්බන්ධ නැති උදවිය කොහොමද ඒ දිහා බලන්නේ කියන එක ගැන යම් අදහසක් ගන්න ලැබුණු එක.(වෛද්‍යවරයෙක් හැටියට චීට බොහොම උනන්දුයි අපි කරන දේ අනිත් අයට දැනෙන විදිහ දැනගන්න. ඔය ලෙඩේ නිසා ශිෂ්‍යය කාලේ ඉන්ජෙක්ෂන් ගහනකොට ලෙඩ්ඩුන්ට දැනෙන විදිහ බලන්න ඉන්ජෙක්ෂන් ගහගන්න ගිහිල්ල හොඳ පරිප්පුවකුත් කෑවා). අටුවාවේ නිර්- රාමු ගේ ලිපියට වැටුණු කොමෙන්ටු බැලුවොත් චීට වගේ ආධුනික විදිහට නෙවෙයි බොහොම පරිනත විදිහට "මිගාර" කියන වෙන්ඩ ඔන්න මෙන්න විශේෂඥ වෛද්‍ය තුමා අදහස් දක්වල තිබුන. ඉතින් චීට ඔය තුන්දෙනාටම හදවතින්ම ෆුල් සද්දෙට විසිල් පාරක් ගැහුවා ඕන්.

    ReplyDelete
  5. මොන බොරුද මචං, ලංකාවෙ දොස්තරල බහුතරයකගෙ ඔය කියන ප්‍රමිති නෑ. මම කේම්බ්‍රිජ් වල මෙඩ්ඩ කාලෙ මෙහෙ ආව muscular dystrophy ප්‍රොජෙක්ට් එකකට. කොලඹ ෆයිනල් ඉයර් කොල්ලෙකුයි කෙල්ලෙකුයි ලේ අරන් දෙන්ඩ ආව උදව්වට, උනුත් මගෙ ප්‍රොජෙක්ට් එකේ authors වෙන්ඩ තිබුනේ. මට තිබුනෙ ලේ අරන් එකේන් DNA ඇනල්යිසිස් එකක් කරල මියුටේෂන්ස් මොනාද කියල බලන්න. මුන් දෙන්න විනාඩි 30ක් තිස්සෙ අවුරුදු 7-8 ලමයෙක්ගෙ අත් දෙකම හිල් කලා විතරයි. අන්තිමේ මටත් මල පැනල මම කිව්ව if you cant do the job, get some help කියල. නර්ස් කෙනෙක් ඇවිල්ල ලේ අරන් දුන්න. ඔය වගේ තමයි අනිත් ඒවත්.

    Cambridge Doc

    ReplyDelete
  6. අර හයිමන් සෙට් කියල කල්ලියක් ආතල් ගන්න PV කරල කන්‍යාවියන්ගෙ පටලෙ කැඩුවෙත් ලංකාවේ නේ, කොලඹ නේ? කෙල්ලෝ 10-15ක් දිවිනසා ගත්තට පස්සෙ නේද සිද්දිය උඩ ආවේ?

    Cambridge Doc

    ReplyDelete
  7. මේ අර TOEFL කරල කේම්බ්‍රිජ් ගිහිපු (IELTS නෙමෙයි හොදද), GMC නොම්මරේ කියන්න බැරි වෙච්ච, මැනික් කාර තාත්ත කොන්ටැක්ට්ස් පාවිච්චි කොරල රට යවපු උලමා නේද?

    ReplyDelete
  8. [මට තිබුනෙ ලේ අරන් එකේන් DNA ඇනල්යිසිස් එකක් කරල මියුටේෂන්ස් මොනාද කියල බලන්න]

    යනවා යනවා බොරු නොකියා. පී.සී.ආර්. එකට දැම්මම ඕන මියුටේෂන් එකක ලිස්ට් එකක් එනව. ඔයා හිටියද නැත්ද කියල ඒකට වැඩක් නෑ. ඔය යන්තරේ වැඩ කරවන්නේ ටෙක්නීශියන් කෙනෙක්. ඔයා පෙන්නල තියෙන්නේ අන්තිම අවුරුද්දෙත් ඔයාලට දෙන්නේ ටෙක්නීෂියන් වැඩ කියල. කොල්ලෝ, ටෙක්නීෂියන් වැඩ කරන එවුන්ට ඕතර්ෂිප් හම්බ වෙන්නේ නෑ.

    ReplyDelete
  9. ඇත්තටම මමත් අගය කරනවා චිටා කමෙන්ට් කරපු විදිහ . මෙව්වට අපි බ්ලොග් වල ගහගෙන මොකටද . කතා බහ කරනව මිසක . මගෙත් පුද්ගලික ඉරිසියාවක් වත් තරහක් වත් නැහැ දොස්තරලා එක්ක . පවුලේම කීපදෙනෙක් ඉන්නවා . මගේ දොස්තර නෑනා මදුරුවෙක් වත් මරන්නේ නැහැ . ඒ තරමට කරුණාවන්තයි . අපි නම් ආයේ මදුරුවාට අනුකම්පා කරයිද . චටාස් තමයි.

    හැබැයි මේ කතා කාලේ සමහර අයගේ අධිමානසික කම ගැන විතරයි.

    කේම්බ්‍රිජ් යුනිවර්සිටියෙන් මෙහෙ එනවද ප්‍රොජෙක්ට් වලට . ගිනි පිග් එව්වා නෙමේනේ නේද . ළමයින්ගෙන් ලේ ගන්න නොදන්නා කට්ටිය වද දෙනවට මම හරිම අකමැතියි. ඕකට හොඳම හෙදියන් ඉන්නේ ලමාරෝහළේ .

    ReplyDelete
  10. @ නිර්-රාමූ වෙත
    වෘත්තීය ඉරිසියාවක් මා තුල නම් නැත. ලංකාවේ පිඩීතයන් වන්නේ වෛද්‍යවරුන් නොව පොලිසියයි. එය සමාජ සමීක්ෂන මගින්ද තහවුරු කර ඇත. ඊටත් වඩා දේශපාළකයන් හා පැව්විද්දන් ඔබේ දැක්මෙන් සඳහන් කරන්නවූ දෙයට ලක්වේ (මාතලන් සලකන්නේ මේ දෙකම් ජීවත් වීම සඳහා කරන රැකියවල් ලෙසය.) මා තොප්පිය සින්නක්කර කර ගත්තේ නැත. ඔබට මෙන්ම අන් අයටද පලන්දා අවසානයේ මමද පැලඳ ගත්තෙමි. මන්ද අප සියළු දෙනම මහා ප්‍රාඥ්ඥයෝ හෝ සර්ව සම්පූර්ණ පුද්ගලයන් නොවන හෙයිනි.

    ඔබගේ නම නිවැරදිව සඳහන් නොකිරීම ගැන් ලැජ්ජාව සහ කනගාටූව ප්‍රකාශ කර සිටින අතර කොමෙන්ටුවක් තුලින් මෙවන් අගනා බ්ලොග් අඩවියක් ( කින්ඩියට නොවේ, අවංක හදවතිනි. නැතිනම් ඔබ මෙය වැරදි ලෙස ගන්නට පුළුවන.) හඳුනා ගන්නට ලැබීම ගැන සතුටු වෙමි. මේ දිනවල සියලූම පොස්ට් කියවමින් සිටිමි. ඉදිරියට අප සුහඳ මිතුරන් වේ යැයි ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  11. @ බුවා
    එම වරද ගැන අවංකවම ලැජ්ජා වෙමි. අගය කිරීම ගැන ඉතාමත් ස්තූතිය.

    ReplyDelete
  12. @ සාතන්
    කිසිසෙත්ම නැත. අප සියලු දෙනම පන්ඩිතයින් වන්නට හැදුවද පෘතග්ජන මිනිසුන් බැවින් සිත් රිදීම් ඇතිවීම සාමන්‍ය දෙයකි. විවාදයක් නොවේ අදහස් පළකිරිමක් පමණි.

    ReplyDelete
  13. පී.සී.ආර්. එකට දැම්මම ඕන මියුටේෂන් එකක ලිස්ට් එකක් එනව.

    i have a serious doubt about your knowledge... do u know anything about BLAST??
    anyway im not that doctor ok

    ReplyDelete
  14. පී.සී.ආර්. එකට දැම්මම ඕන මියුටේෂන් එකක ලිස්ට් එකක් එනව.

    i have a serious doubt about your knowledge... do u know anything about BLAST??
    anyway im not that doctor.. just a science graduate ok

    ReplyDelete
  15. @ චීටා
    අප බලාපොරොත්තුව වන්නේ ඔබ වැනි මිනිසුන් පිරි ළොවක් කරා ගමන් කිරීමයි. ඔබේ අදහස් ප්‍රකාෂ කිරිමේදි දැක්වූ හික්මීම ගැන නැවත වතවක් ස්තූතී වන්ත විය යුතුය.

    ReplyDelete
  16. @ කෙම්බ්‍රිජ් ඩොක්
    මගේ පොස්ට් එක තුල ඇත්තේ නොමනා ක්‍රියා පිළිබඳ විවෙදනයක් මිස, වෘත්තීය පිළිබඳ විවේචනයක් නොවේ. ස්තූතියි..

    ReplyDelete
  17. @ බින්දී
    මගේ නෑ වෙන නංගි කෙනෙක් ඉන්නවා, මුලු පඩියම යොදවන්නේ වෛද්‍ය සිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන්. කසාද බදින්නත් අදහසක් නෑ. ලස්සන බේරෙනවා. මම කියල තියෙන්නේ මේ ආත්මෙම නිවන් දකියි කියලා.

    ReplyDelete
  18. @ සියළුම ඇනෝවරුන්ට
    ඔබගේ සංවාදයට මැදිහත් වීමට අදහස් නොකරමි. මන්ද,අ අවබෝධයක් නොමැති හෙයිනි.

    ReplyDelete
  19. @ ප්‍රසන්න
    සර්පයෙක්ද...? ස්.... ස්..... ගානවා ඇහුනා...

    ReplyDelete
  20. මාතලන්ගේ ලිපි මුල සිට කියවා ඇත්තෙමි. මගේ ප්‍රියතම බ්ලොග් කරුවෙක් ලෙස මම ඔබව ඉතා ඉහලින් අගය කරමි. ඔබගේ ප්‍රස්තුත ලිපිය මගේද ඉමහත් ප්‍රශංසාවට සැමදා ලක්වේ. මම ඒය කමෙන්ටුවකින්ද තහවුරු කර ඇත. ඔබ මෙවැනි අසාධාරණකම් වලට විරුද්ධව ලියන ඉතා නිර්භීත බ්ලොග්කරුවෙක් ලෙස මම ඉහලින්ම අගයමි.

    නිර් රාමු,
    ඔබගේ ලිපිද නිතිපතා කියවමි. මම ඔබටද සෑහෙන ගෞර්වයක් ඇත්තෙමි. බොහෝ දේවල් ඔබගේ බ්ලොගයෙන් ඉගෙන ඇත්තෙමි.

    චීටා, ඔබ බටහිර වෛද්‍යවරයෙක් බව නොදැන සිටියෙමි. කෙසේ හෝ ඔබගේ විචාරයන් ඉහලින්ම අගයමි. ඔබ නිතිපතා ලියන බ්ලොග්කරුවෙක් වෙනවානම් යමක් කල හැකි අයෙක් බව සිතමි.

    ReplyDelete
  21. @ වෙද මහත්තයා
    ස්තූතියි වෙද මහත්තයෝ....
    මෙස සංවාදයක් ලෙසින් මෙයින්ම අවසන් කිරීමට බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  22. අනේ මේකෙත් වලිනං එපා . . . .

    ReplyDelete
  23. මාලන් මචෝ අහුවෙන්න එපා. බ්ලොග් එකක් ජනප්‍රිය වෙනකොට පරාළයා එතන්නට කඩා පාත් වෙනවා. ඊට පස්සෙ ඒක අවුල් කරලා දානවා. එහෙමපකරන්න හේතුව තමා පරාළයා ලියන බහුභූත කියවන්නේ ඒකේ ලියන එවුන් ටිකම තමා. ඊට පස්සේ වෙන වෙන නම් වලින් උන් ඇරගන්නවා කමෙන්ට් දාලා. එහෙම කරපු බ්ලොග්අඩවි ගැන ලියන්න අවශ්‍ය නෑනේ. අන්තිමට අපිට වෙන්නේ කියවන්න මෙලෝරහක් නැති ඒවා ඉතිරි වෙන එක විතරයි. පරාළලා පැවතුනේ ජනප්‍රිය අනික් අඩවි වලට ගහලා. පරාළගේ බ්ලොග් එකේ මේ දවස්වල මැස්සෝ ඇහිරෙනවා. මිනිහට ඔනේ වලියක් ඇදගෙන ඒ පැත්තටකස්ටිය ගෙන්න ගන්න.
    ගොනා හැරෙන්නේ පොල් පැලේට... කෙල්ල ගෙට ගන් කිව්වලු..
    ඒ වගේම අපි නොදන්න මොනරතැන්න...

    ReplyDelete
  24. @ ඕනයා
    අනෙ මචන් වලියටම් නැතෝ.. ඔක්කොම අමතක වෙන්න ඊළඟට තියන්නම්කෝ තරඟයක්..
    බලාපොරොත්තු වන්න. ළඟදීම.. ඔබේ ළඟම සිනමා ශාලාවෙදී.. තිරගතවේ..
    "කොයි එකාද බැන්දේ"

    ReplyDelete
  25. @ තිසර
    මචෝ මම මාලන් නොවෙයි මාතලන්. ඒක ඌට කරන අගෞරවයක්. ගොඩක් අය එහෙම හිතනවා. නමුත් මගේ මුල්ම පොස්ට් එක බැලුවොත් පෙනෙයි මම මාලන් නොවන බව. කතන්දර ගෙන අහන් දුකාලගේ උදව්වෙන් සහ නිතර කොමෙන්ට්ස් දාන රසික පිරිසත් එක්ක අමාරුවෙන් ආපු ගමනක් මේ. උඹේ කෙස් එකක් තියෙනව වගේ කස්ටිය එක්ක.

    ReplyDelete
  26. අයියා අප්පිලත් තටමල තටමල අමාරුවෙන් අටෝගත්ත තමා මුස්ක් එකක් හා... පොඩ්ඩක් පබ්ලිසිටිය දෙනවකො අල්ලාග පිටෙන්...

    http://jailani.org/

    ReplyDelete
  27. @ ඇනෝ
    වෙබ් අඩවිය දාන්න බේ දොරේ. යේක මොක්කුද කීනවනම් මම් එක්ක ආකමික අඩවියක් වත් කියවන්නේ නේනේ. යේක වරදලා හිතෙන්න යෙපා අප්පා.

    ReplyDelete
  28. බ්ලොග් පාළු තිසරයා මෙතනටද කඩා වැදී ඇත. මොහු කොමෙන්ට් කරන බ්ලොගයක් වේද ඔවුන්ට වගතුවක් නැති වී යන අතර හැක් කිරීම් වලට පවා ලක් වේ. මොහුගෙන් ප්‍රවේශම් වන්න. මොහු මිතුරු වෙසින් බ්ලොග් හැක් කිරීමට පැමිනෙන උම්මත්තකයෙකි.

    ReplyDelete
  29. මාතලන්,

    දිගටම වගේ බ්ලොග් එක කියෙව්වා.. ඉඳල හිටල කොමෙන්ටුවකුත් දැම්ම... අද නම් යමක් කියන්ටම ඕනැ කියල හිතුන...

    මේක මුරුංග අත්තෙ තැබීමක් නොවෙයි... හොඳයි කියල හිතෙන දේ ගැන එහෙම හිතුණ බව සඳහන් කිරීමක් විතරයි..

    එක... ඔබ පොස්ටුව ලිව්වා..ඒකෙ කරුණු වෙනුවෙන් පෙනී හිටිය .. එතනින් නැවැත්තුව... උදා... නිර් රාමු ඒ කතාව ගැන වෙනම පෝස්ට් ලියාගෙන "ගනු කඩුව" කියාගෙන එද්දිත්... සරල උත්තරයකින් නැවතුනා... මම හිතන්නෙ ඒක ඉතා හොඳ පිලිවෙලක්... අපිට ඕනෙ යම් කරුණක් ගැන යම් යම් අදහස් මිසක් අදහස් දැක්වීම ගැන අදහස් නොවෙයිනෙ....

    දෙක... බ්ලොග් අවකාශයේ ඇති පරණ නෝක්කඩු වලට හුම් මිටි නොතියා ඉන්නට තරම් කලපනාකාරී වීම...

    දිගටම වලියෙන් තොර ප්‍රතිපත්තියෙන්ම ඉන්ට ලැබේවා...

    - FLOREAT -

    ReplyDelete
  30. @ නිර්-රාමූ
    හෙහ් හෙහ්.. ඔබ දෙදෙනා අතර අමණාපයක් ඇති බව පෙනේ. තිසර මගේ රසිකයෙක් වන අතර සමහර පෝස්ට් සඳහා විස්තරාත්මක විවේචන පවා ලබා දෙන්නෙකි. ඔබත් මගේ රසිකයෙක් වේවායි පතන අතර. ඔබ දෙදෙනාගේ අමනාපකම් දුරු වේවයිද පතමි. අප ජීවත් වන්නේ ඉතා සුළු කාළයකි. එහිදි මිතුරන් ඇතිකර ගැනීම මිස සතුරන් ඇතිකර ගැනීමට මා කැමති නැත.

    ReplyDelete
  31. @ සපතේරූ උන්නැහේ
    පොඩි කාළේ නම් නාහෙට නාහන කිසිම කෙනෙකුට පෙන්නන්න බැරි පුද්ගලයකු වූවද අද මා එසේ නැත. මගේ වෙනස්වීම මගේ දෙමව්පියන්ට මෙන්ම නෑ හිතවතුනටද සිතා ගත නොහැකි දෙයකි. එම නිසා කිසිම වලියක් නොමැත. නිර්-රාමු පවා මා වටහාගත්තේ යයි සිතමි. මෙය මෙයින් අවසානය.
    ඔක්කොම අමතක වෙන්න "කොයි එකාද බැන්දේ" ළගදීම ඔබේ සිනමා ශාලාවේදී බලාපොරොත්තු වන්න.

    ReplyDelete
  32. "ප.ලි: ලිපිය ලියන ලද්දේ නිර්-රාමු වන මා විසින් මිස් පෙරමුණේ රාළ විසින් නොවේ. අටුවාවේ ලේඛකයෝ පස් දෙනෙක් සිටිති."

    හික් හික් වල්භූත උන්මන්තක දේවල් වපුරන උන්ට කියන්නෙ ලේඛකයො කියලද?

    ReplyDelete
  33. තම්බින්ගෙත් කපටිකම්,
    කුරගලට ගේම දීලා මාතලන්ට කියනව පබ්ලිසිටි දෙන්න.
    ජරා ජාතිය.
    හොරු....

    ReplyDelete
  34. පළමුව මාතලන් ඔබට යම් අපහසුතාවක් වූවානම් සමාවන්න. පරාළ ඇතුළු නඩය විටෙක මා බියෝන්ඩ් යයි සිතයි. තවත් විටෙක ටැබූ යයි සිතයි. විටෙක පුලසිති යයි සිතයි. මා ඒ කිසිවෙකුත් නොවෙයි. මම තිසරය. පොඩි බිස්නස් එකක් කරගෙන ඉන්න දරැ පවුල් කාරයෙකි. චිත්තරපටි සහ සිංදු පිස්සෙකි. පොත් ගුල්ලෙකි. පාදඩයෙකි. ඉස්සර ගංජා කාරයෙකි. දැන් සුරා සූදුවෙන් තොරය. මතට තිත නිසා නොව මතින් තොරවීමේ වාසිය අදටත් විදින නිසාය.

    බ්ලොග් අඩවි හැක් වීම පිළිබද මට වඩා හොදට පරාළ දන්නවා වන්නටද පුළුවන. යම් අඩවියක් යමක් මතු කල විට පරාළලාට උත්තර නැතිවූ අඩවි හැක් වේ. ඔවුන්ගේ කරුණාව ඒ තරම් උතුරා යනවාය.

    ReplyDelete
  35. පිස්සු හැදෙන සඳ

    ReplyDelete
  36. තිසර තවමත් ඉන්නේ මනෝ ලෝකයේය. උන්දා තවමත් සිතන්නේ ටැබූ හැක් කළ බවයි. ටැබුවා දැමූයේ හැක් රංගනයක් බව කරුණු සහිතව ඔප්පු කළ පසුත් මේ බ්ලොග් පාළුවා (අම්බලම් පාලුවා වැනි එකෙකි. අම්බලම් පාලුවා වැසූ අම්බලම් ගරා වැටී යයි) මතවාදීමය ලෙස පීචන් වන විට රක්ෂා නැති කර දමා ඔවුන් නිහඬ කරවීමට උත්සාහ දරූවේ තිස්‍ර සරම උස්සාගෙන කඩේ යන ටැබූම බව අප සාධක සහිතව ඔප්පු කොට පෙන්වීමු. කොටින්ම බයෙන්ද ප්‍රේමේ සහ ටැබූ ඔවුන් විස්න්ම කපා ගත් අසූචි වළවල ගිලී මිය ගියහ. ඒවාට වැසූ නිල මැස්සෙක් "ඤං ඤං" ගෑම ගැන අපි කලබල නොවෙමු.

    ReplyDelete
  37. අනේ බන්ස් මාතලන්, කවුද බන් අර ඔයාගේ ලස්සන දොස්තර නංගී.. අපරාදේ තනිකඩව ඉන්න දෙන එක.. අපි වගේ තනිකඩ හැන්ඩි දොස්තර කොල්ලො ඉන්නව මචං.. මොනාහරී කරලා දීපන්කො.

    ReplyDelete
  38. @ ඇනෝ
    වැඩක් නෑ සහෝ..
    එයා අදහන හාමුදුරුවරු දම්මලත් කිව්වා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න