.

.

Sep 4, 2011

කොහිළ කොරටුව - නිමී - Kid Farmer - The End



කොහිළ කොරටුව - 1
කොහිළ කොරටුව - 2

එතැන් පටන්...

"මොකක්ද පර නාකියා කරපු වැඩේ" මම තනියෙන් අපේ වත්තේ. අලි කලිසමය නෝ කතා. වත්තේ පිරිස එකා දෙන්නා හෙමිහිට මාරු වෙනවා. අලි කලිසමයගේ පවුලේ අය විතරක් ඉතුරු උනා. මොකක්ද xxx  නාකියා මේ කරපු වැඩේ. අප්පට බොල එදානේ මම දැනගත්තෙ මට කුණුහබ්බත් පුළුවන් කියළ. "අපි මේකේ ආයිත් වපුරන්න යන්නේ", ඉතින් xxx මේ හරියේ කොහොමත් වපුරන්නේ නෑනේ. "රාජපක්ෂ මහත්තය කිව්ව මේ හරියෙත් වපුරන්න කියල" අලි කලිසමය දෙවනි බොරුවත් ඇදලා ඇරියා. "හරි මම ඒක අහගන්නම් කෝ අන්කල් ගෙන්" කියන කොටම තාත්තා දුවගෙන ආවා. මම අද රඟපාන්නේ එයාගේ එදා චරිතේ. හරි හරි පුතා අපි යමු ගෙට ඕව කොහොමත් යට වෙනවනේ. අපි ආයෙත් වවමු. කියලා මාවත් ඇදගෙන ගෙට ගියා

පරුෂ වචන නොමැතිව, මේක සෑහෙන අපරාධයක් කියල අම්මා අලි කලිසමයත් එක්ක පොඩි ආගියුමන්ට් එකක් ගියා. මම එදා රඟපෑවේ අම්මගේ චරිතය. එයාට අසාධාරනේ පෙන්නන්න බෑ. තාත්තා එයාවත් ගේ ඇතුලට අරන් ආවා."ඕවා අපේ ඉඩම් නෙමේනේ" කියල. අම්මයි තාත්තයි කවදාවත් රන්ඩු වෙන්නේ නැති නිසා වැඩේ එතනින් අහවර උනා. ඒ උනාට මට මේ වැඩේට සෑහෙන තරහයි. මොනව හරි කරන්න ඕන කියන එක හිතට ආවා. සද්දෙ ඇහිලා ආව දයියලයි ගෙදර අය ගියයින් පස්සේ, ඇඩ්වයිස් එකක් ගන්න ගියා දයිය හම්බ වෙන්න. මිනිහා ගෙයින් එළියට බහින්නේ නෑ. එයාලගේ තාත්තත් හෙන වසයි. මිනිහා කිව්වා ඔන්න ඕක අමතක කරලා දාන්න කියල. ඒ උනාට මේක කොයොම අමතක කරන්නද. පුදුම දුකකින් ආයෙත් ගෙදර ආවා.

හැන්දෑ වෙලා ජෝතිලා ආවා. පොරට මාර අප්සෙට් වැඩේට. මොකද මටත් වඩා වගාවට ආදරෙයි මිනිහා. අපේ කණ්ඩායම් රැස්වීමක් පටන් ගත්තා ගෙවල් වල හොරෙන්. මම, ජෝති, ප්‍රේමසිරි (ජොතිලගේ කඩේ වැඩ කරන්නේ අපේ වයසෙමයි.) මැනිකා (අපේ ගෙදර වැඩ කරන අක්කා. ටිකක් වැඩිමල්) රුක්මනී (ජෝතිලගේ ගෙදර වැඩ. අපේ වයසෙමයි.) ජෝතිගේ නංගියි. ප්‍රේමසිරි තමයි ලීඩර්, ගෙනාවා යෝජනාව, අලි කලිසමයගේ වගාව එදා රෑම ඔක්කොම කපලා දාන්න. ජෝතියි මමයි එක හෙලාම විරුද්ධ උනා. ගස් වලට ආදරේ කරණ අපි කොහොමෙයි ඒ දේ කරන්නේ.

"එහෙම නෙමෙයි, අපි ආයෙත් කොහොම හරි කොහිළ කොරටුව වවමු'. ඒ ජෝතී. කෝ ඒත් අලයක්වත් නෑනේ. "අපි කොහොම හරි හොයාගෙන ටික දවසකින් වැඩේ කරමු". හරි එහෙනම් එහෙම කරමු. මේ අතරේ ඊළඟ දවසේ හැන්දෑවේ වත්තේ මහතුන් (අපේ කල්ලියේ නැති උනාට මගේ ච්ත්‍රපට විවේචන අහන්න එන යාළුවෙක්) හොඳ ආරන්චියක් අරන් ආවා. ඒ තමයි අපේ දඬු වලින් අලි කලිසමය කොහිළ පාත්තියක් දාලා කියල. එදා හව්සම හදිසි රැස්වීමක් කැඳෙව්වා. මහතුනුත් සහභාගී උනා. රෑටම ඔපරේෂන් එක ක්‍රියාතමක කරන්න තීරනය කරා.

ටීම් එකම, මහතුනුයි එයාගේ අයියයි එක්ක, ටෝච් එහෙම අරගෙන අලි කලිසමයගේ ඔක්කෝම දඬු ටික ගලවල ගෙනල්ල, මගේ කොරටුවේ හිටෙව්ව. එකක්වත් ඉතුරු කළේ නෑ. මට හොඳට මතකයි ඊ ළග දවස නිවාඩු දවසක්. අලි කලිසමය වෙල පැත්තෙන් නැතුව ඉස්සරහ පැත්තෙන්ම අපේ ගෙදර ආවා. දැම්මා තාත්තට කොම්ප්ලේන් එක. ජෝතිලයි ගෙදර අයයි අපේ ගෙදර අයයි ඔක්කොම එතන. වෙලාවට, නස්කූනී වැඩක් උනාට, හැමෝම අපේ පැත්තට කතා කළා. හොඳයි මම බලාගන්නම්කෝ කියල අලි කලිසමය යන්න යන කොට මම කිව්ව. ආයේ ගැලුව්වත් අපි ඒකමයි කරන්නේ කියල.

විනාඩි 30 විතර ගියේ නෑ, අලි කලිසමය ආයෙත් ආවා රාජපක්ෂ අංකල් එක්ක. නඩුව ඉදිරිපත් කළා. මිනිහත් අපේ පැත්ත ගත්තේ.. කට උත්තර නෑ. මට දුක හිතුනා. මම කිව්ව දඬු ටිකක් දෙන්නම් ඔහෙත් හිටවගන්න කියල. කට්ටියම කතා නැතුව විසිරිලා ගියා. එවේලේම වෙලට බැස්ස අපේ ටීම් එක. දඬු ටිකක් ගලවලා අලි කලිසමයගේ පාත්තියේ හිටෙව්වා. රාජපක්ෂ අන්කල් කිව්වා මුළු වෙලේම හිටෙව්වත් මට කමක් නෑ කියලා. අපි ඒ වැඩේත් කාළේකට පස්සේ කළා. අද අලි කලිසමය මේ ළෝකේ නෑ. වෙලත් තනිකර කැළෑව.

ඒත් අර කැළෑව අස්සේ අදත් යෝධ කොහිල වර්ග වල පටන් පොඩි කොහිළ දක්වා හැම ජාතියක්ම තියෙනවා. අවශ්‍ය අය ඇවිල්ලා අදත් කඩාගෙන යනවා. විශේෂයෙන් අලි කලිසමයට තිබුනු රෝගේ තියෙන අය.

ප: ලි:
කතාව පොඩි අයට ලියන විදියට ලියල. චිත්‍ර ටිකක් ඇඳලා, ළමා පොතක් වගේ ගැහැව්වොත් මාකට් එකක් තියෙයි මයේ හිතේ.

27 comments:

  1. නියම කතාව...හැබැයි පොඩි වුන්ට කතාව ගහනවනම් මෝරල් එක මොකක්ද කියලා පැහැදිලිව කියන්න වෙයි..නැත්නම් මේක කොයි අතට යයිද දන්නෙ නැහැ....

    ReplyDelete
  2. @ luckey

    අම්මපා හැබෑව.. ඒත් ඉතින් මඩොල්දූවේත් තියෙනවනේ මරිසි වැඩත්..

    ReplyDelete
  3. මේ රටේ අධ්‍යාපනයට දැන් තිබෙන අසුන්ගත අධ්‍යාපන ක්‍රමය නැතුව මෙහෙම ප්‍රායෝගික වැඩත් එක්ක එන ක්‍රමයක් තමයි මම හිතන්නේ හරි යන්නේ. ඒ නිසා මේ වගේ කථාවල වැදගත්කම බොහෝමයි.

    ReplyDelete
  4. @ වෙද මහත්තයා

    ටෑන්ක්ස් වේවා...!!! වෙද මහත්තයෝ...

    ReplyDelete
  5. loke hitana taramma naraka na neda ban . . . .!

    ReplyDelete
  6. නියම කතාව.පොඩි එවුන්ට edit කරලා කතාව ලියන්න හොඳයි තමයි...:D

    ReplyDelete
  7. අපිත් ඔහොම ගැලෙව්ව මන්යොක්ක වත්තක්... වත්තක් කිව්වට වත්තෙන් කාලක් විතර... හැබැයි ගස් ටික ආපහු හිටවල ආවෙ... අපි හොඳ ළමයිනෙ... :)

    ReplyDelete
  8. @ දුකා

    කව්ද කියන්නේ.. අපි හොඳනම් ළෝකේත් අපිට හොඳයි.. ඉඳල හිටල පොඩි පොඩි කේස් ආවට..

    ReplyDelete
  9. @ නිසූපා

    බලමු නේද අනාගතේ.. ඕන් කෙල්ලේ ඔයාගේ බ්ලොග් එකත් මගේ සින්ඩියේ අනං මනං ගොඩට දාගත්තා.. තරහ නෑනේ..?

    ReplyDelete
  10. @ සාතන්..

    බි: පෙ: සි:
    චී විතරක්.. හොර කුරුම්බනම් කඩල තියෙනවා..

    ReplyDelete
  11. අනේ ඉතින් කොහිල නිසාම හොඳයි.. ගලවන්ටයි හිටවන්ටයි.....

    ReplyDelete
  12. @ Gimhani

    නැතුව... නැතුව.. කොහිළම නිසා හොඳා තමා...

    ReplyDelete
  13. පොඩි උන්ට ලියන පොතේ අර XXX වෙනුවට දාන සිංහල අකුරු මොනවද?

    ReplyDelete
  14. කොහිල දළු තෙල් බැදුම වගේම කතාවත් රසවත්.
    මැණික්

    ReplyDelete
  15. @ කතන්දර මහතා

    abc.. කියල දානවද.. බ්ලෑන්ක් තියනවද..නැත්නම් මුත්තා වගේ වචනයක්..? උපදෙසක් දෙන්න ඔහෙත් කතන්දර කියන්නේ ළොකු අයටනේ..?

    ReplyDelete
  16. @ Praසන්ன

    ළස්සනයි ඒ නම.. ඒ උනාට ගම්පෙරළිය වගේ.. ආන්ඩූ විරෝධි පොතක් වෙයිද දන්නේ නෑ..

    ReplyDelete
  17. @ මැණික්

    ස්තූතී වේවා මැණිකේ...!!!

    ReplyDelete
  18. ගොයියෝ කතාව සම්පූර්ණයෙන් කියෙව්වේ අද, හැබැයි අනුපිලිවෙලට. බොහෝම රසවත්ව ලියලා තියෙනවා නොවැ.

    අපි කලින් හිටි මැදපෙරදිග දේසයේ පලාතක ලංකාවේ එලවලු පලා ආදිය ලැබුනේ නැහැ. ඒත් අපේ උදවිය එකතුවෙලා මුකුණුවැන්න, නිවිති, කන්කුන් වගේ පලා වර්ගත්, පොඩි කතුරු මුරුංගා යායකුත් හදලා තිබුනා. පිරිසිදු කරන ලද ඉරිගේෂන් වතුර වලට ලස්සනට වැවුන රසට කෑවා.

    දැනුත් ගමේ ගියාම ඇතිවෙන්න කතුරු මුරුංගා කොල හා මල් කන්න තියෙනවා.

    ලොක්කා, කතාව කියවාගෙන යද්දි මතක් වුනේ 77ට කලින් තිබූ ගෙවතු වගාව ක්‍රමය. මල් පෝච්චිවල එලවලු, පලා වර්ග හිටවපු කාලේ. ඒ විතරක් නොවේ ඉඩතියෙන තැනක පරන ටින්, ප්ලාස්ටික් බාජනවල විතරක් නෙවේ පොල්ලෙලි එකතුකරලා ගැටගහලා තක්කාලි, අමු මිරිස් වගේ දේවල් වවපු කාලේ... අමාරුකම් තිබුණත් වස විස නැතිව කන්න තිබුන ක්‍රමයක්.

    මේ මෑතක දී අපේ කර්මාන්තයට අදාල සමීක්ෂණ වාර්තාවක් එළිදක්වලා තිබුණා. ඒ අනුව ක්ෂේත්‍රයේ වැඩිපිරිසක් විශ්‍රාම ගියාට පසුව යෙදෙන්න කැමැති අංශය හැටියට තෝරාගෙන තිබුනේ ගොවිපල වගාව. ඉන් ඔබ්බට ප්‍රශ්ණ කිරීමේ දී හෙලිදරව් වී තිබුණා හැල්මේ දුවන ජීවිතයේ සැන්දෑ සමය ගෙවන්න (නෝ ටෙන්ෂන්) සුදුසු ක්‍රමයක් හැටියට ගොවිපල වගාව, දෙවැනි කාරනය ෆුඩ් සේෆ්ටිය.

    මා ද පෞද්ගලිකව කැමැති අංශයක්.

    ReplyDelete
  19. තොරණ හන්දියෙන් බැහැල කොයි පැත්තේද ඔය කොහිල කොටුව ..ධර්මාලෝකේ පැත්තට වෙන්නද . මේ මාතලන් නම් දන්නා කෙනෙක් වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  20. @ ගල් මල්

    කවුරුත් කැමතියි පරිසරය එක්ක ජීවත් වෙන්න. මම නම් වයසට ගියාම ජීවත් වෙන්න ගමක් තෝරගෙන ඉවරයි..

    ReplyDelete
  21. @ Bindi

    ධර්මාළෝකය පැත්තට මීටර් 200.. දාලා ගලවපු රේල් පාරටත් මෙහා.. ඒ පැත්ත දන්නවයි..?

    ReplyDelete
  22. මොකද මන්දා මට මේක අස්සේ පේන්නම අර අලියන්ට වෙච්ච සංගදියමයි.
    හැබැවටම මේ කලේ කොහිල ටිකක් වවලා කන්න දෙන්න තමයි තියෙන්නේ ඔක්කොමලාට.

    ReplyDelete
  23. @ Il mondo

    කාටත් කොහිළ අවශ්‍ය කාළයක් මේ..

    ReplyDelete
  24. කොටස් තුනම අද කියෙව්වේ... රස වින්දා... අපෙ අම්මලත් වත්තයි අල්ලපු වත්තේ තියෙන පුරන් කුබුරෙයි අපි වවමු රට නගමු මේ දවස් වල...

    ReplyDelete
  25. මට මේක මිස් වෙලා ..

    මම මේ කතාව එනකම් කියලා බලාන ඉන්නවා ඔය අතරේ මට හිතුනා මට මේක මිස් වුණා වත් ද කියලා මෙන්න බලද්දී බැබලි බැලි තියනවා කොහිල කතාව .

    ආසාවෙන් පෙරේත කමෙන් මේක බැලුවා ..පස්ටයි මචං මොනා වෙලාද අලි කලිසම් කාරයා මලේ ?

    ReplyDelete
  26. ප්‍රශ්නේ විසඳිච්චි විදිහ නම් හොඳයි...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න