.

.

Nov 23, 2011

අය වැය 2012 - Budget 2012


ගවේෂණශීලී මාධ්‍යවේදියකු වන මා විසින් මෙවර අයවැය පිළිබඳ, අර්ථ සාශ්ත්‍රඥ්ඥයින්, බුද්ධිමතුන්, විද්වතුන් හා එළඹුන බුද්ධිමය සංවාද මගින් සකස් කරන ලද විශ්ලේශනාත්මක ආර්ථික විග්‍රහය, පුවත් පත් වලට යොමු කළ අතර, පහත පළවන්නේ එම ළිපියට කිසිසේත්ම අදාල නොවන ඥාතී-හිතමිත්‍රාදීන් හා අසල්වැසියන් විසින් දක්වන ලද ඔවුන්ගේ අදහස් බව කරුණාවෙන් සළකන්න. මෙහි ඇති අදහස් සඳහා මා කිසිම වගකීමක් නොදරන අතර. අදාල පුද්ගලයන් ඒ සඳහා වෙන වෙනම වග කියනු ඇත.

අම්මා :- මෙතුමා මේ ආත්මෙම නිවන් දකිනවා පුතේ. බලන්න සිංහල රජ කාළේට පස්සේ බුද්ධාගමට කොරන සේවය. ප්‍රේමදාස මහත්තයටත් වඩා බුද්ධාගමට ආදරෙයි. පින් කඳක්.

තාත්තා :- අනේ පුතේ අර පිටිපස්සෙ උන්න ඉස්සරහ දත් දෙක මැද්දෙ හිලක් තියෙන් හාදයා බජට් එක ඇහෙනවට කන් දෙකත් වහගෙන ඈනුම් අරිනව දැකලා මට පුටුවෙ එහෙමම නින්ද ගියා. පඩි වැඩිකරලලු නේද..

හාමිනේ :- රෝසි ගේ සාරිය එච්චරම ලස්සන නෑ නේද මෙයා. මේකප් එකත් අප්සට්. ප්‍රසිඩන්ට් ඉතින් කොහොමත් හැන්ඩියනේ. ගාලන්ට් එක ෂිරෝහානා වෙන්න ඕන. මැජික් බෝල් එක නම් දැක්කේ නෑ නේද මෙයා. ඔයා දැක්කද, ඇයි ඉවරවෙලත් බලාගෙන උන්නනේ.

නැන්දම්මා :- මට පෙන්නන්න බෑ ඕකව. පර කොටියා. කො මුන්ට බැරි උනානේ ඕකගෙ දත් දෙක තුනක් ගලවන්න. මූසලයා.

පුතා :- තාත්ති ඇයි ඔයා එයාට ළොක්ක කියන්නේ. අපිට නම් උගන්වන්නෙ ජනාධිපතිතුමා කියලා. ආ තාත්ති පුළුවන්නම් කියන්න ඒ හෙලිකොප්ටර් එකේ මොඩල් එක.

දුව :- තාත්ති.. ප්‍රජාතන්ත්‍රවාදයද.. ප්‍රජාචන්ච්‍රවාදයද.. මැඩම් කියන්නේ ජනාධිපති තුමාට සිංහලත් බෑ කියලා.

අක්කා :- ආ... මල්ලි මම වසුදා බලනවා. පස්සෙ කෝල් එකක් ගන්නම්

මස්සිනා :- මොන බජට්ද බන් අපි හෙව්වොත් අපි කෑවා. හොඳ ෂෝ එකකුත් ගෙනාවා. මචන් හැන්දෑවට වරෙන් ගෙවල් පැත්තේ වල් ඌරූ මස් වගයක් හම්බ උනා. මන් ගාව කොටේකුත් තියෙනවා

අක්කගේ දුව :- මාමි. මහින්ද මාමීගේ ස්පෙක්ස් දෙක ලස්සනයි නේද අපේ තාත්තිටත්, මුස්ඩෑෂ් එකත් ඒ ස්ටයිල් එකමනේ. මාර හැන්ඩියා නේද මාමී. අනේ කියන්නකෝ මාමී. ඔයා හරි නරකයි.

එහා ගෙදර අයියා :- අරුන්ට නෙලලා නේද අම්බානට. නෙලපු උන්ට ඇමතිකම් ෂුවර්. ලොක්ක ඔදට බලාගෙන හිටියේ. මර්වින් මහත්තයා අගමැති කරයිද කියන්නත් බෑ.

එහා ගෙදර අංකල් :- ඔව් ඔව්. දැන් ඉන්න එකාට පිටට තට්ටු කරලා කින්ඩියකුත් දැම්මේ. ජේශ්ඨ කට්ටිය 77 දේවල් දන්නවා නේද කියලා. කන් ඇහෙනවත් අඩු ඇති. හැම එකටම තට්ටු කරනවා.

එහා ගෙදර අන්තරේ ලොකු කොල්ලා :- සහෝ.. අපේ xxx පුතාලා මූලස්ථානේ පුටුත් අරගෙන ගිහිල්ලා. දේශපාලන මණ්ඩලෙන් අහල මගේ අදහස කියන්නම්. රැස්වෙන්න විදියක් නෑ පුටු නැතුව. අර වතුර බෝතලේ ගහපු එකාට බැරි උනානේ ඉලක්කෙට ගහන්න.

එහා ගෙදර අක්කා :- කිරි පිටි වලට කෙලලා නේද මල්ලි. රට ඉන්න ලොකු කෙල්ලගෙ පොඩි එකාට දැන් මගේ තන කිරි තමයි දෙන්න වෙන්නේ.

A/L කරන ලොකු කොල්ලා :- එහෙම දෙන්න ඕන නෑ. දැන් ඩොලර් එකේ ගාන වැඩි වෙනවා. එතකොට අක්කා එවන ගානත් වැඩිවෙනවා. අංකල් ඔයා එනටයිටල් බයික් එකකඩද. ටුවැල්ව් ලැක්ස් පැකේජ් එකටද...

අල්ලපු ගෙදර අයියා :- මේක අය වැයක් නෙමෙයි ණය වැයක්. ප්‍රජාතන්ත්‍ර විරෝධී ආන්ඩුවක්. පඩි වැඩි කරලා වැඩක් තියෙනවද සීයට දහයකින්.... පෙට්‍රල්, අරක්කු, සිකැරට් වැඩිකරලා. ලොක්ක තව තුනකට යැව්වා. ලැජ්ජයි.

අල්ලපු ගෙදර අක්කා :- මෙයාට මල පැනලා තියෙන්නෙ මල්ලි..... 3 වෙනි පුතාට ලස්සෙ දීපූ නැති නිසා.

අල්ලපු ගෙදර අන්කල් :- මේක රනිල් ගේ ගෙමක්. සජිත් මහත්තයාට ගහන්න. නමුත් එයාට වැදිලා නෑ. සජිත් මහත්තයා මරන්න කන්ට්‍රැක් එකක් දෙන්න එංගලන්තෙත් ගිහින් ආවේ. ක්‍රිස්තියානි හැත්ත.

අල්ලපු ගෙදර ඇන්ටි :- මාතලන්, ඔයාලගේ පොල් පැලෙත් විකුණනවනම් කියන්න. අපේ නුවරඑලියේ බන්ගලෝ එකේ හිටවන්න.

පන්සලේ ලොකු හාමුදුරුවෝ :- බලන්න මහත්තයෝ අස්ගිරි පන්සලට දීපූ ගාන. අර වාහෙගේ පනස් දාහ xx ගහගන්න කිව්ව වගේ වැඩක් නොවැ. නැද්ද මං අහන්නේ.. තුහ් තුහ්.. (බුලත් කෙල පඩික්කමට.)

කඩේ මුදලාලී :- මහත්තයා මාත් සුද්දෝ ගෙනියන බස් එකක් ගන්න. කොම්පැනියට දාගන්න පුළුවන් නේද. අපරාදේ ගිය මාසේ ගත්ත ලොරිය. පරණ එකේ ටයරුත් මාරූ කලා. දුකේ බෑ. මහත්තයා පර්මිට් එක විකුනනවනම් මට දෙන්න, මම හොඳ ගානක් දෙන්නම්.

මුදලාලිගේ නෝනා :- කවුද මහත්තයා දයා ගමගේ කියන්නේ. කසිප්පු කාරයෙක්ද..? නෝනා වැඩට ගියාද..? පුතා ඉස්කෝලේ යන්න ඇති මයේ හිතේ.. නැන්දම්මනම් උදේ ඇවිල්ලා මාත් එක්ක කතා කර කර ඉඳලා ගියේ.. හොඳ කට්ට කරවල වගයක් ඇවිල්ල තියෙනවා ගන්න මහත්තය අඩු කරල දෙන්නම්. කොලුවෝ මේ මහත්තයට ඔය හොඳ මස් තියෙන කෑල්ලක් දාපන්. 250 ඇතිද මහත්තයා. මේ කොල්ලො ඔන්න ඔය රුපියලක් දිලා ඔය හිඟන්න යවලා හිටහන්. හිඟන්නෝ වැහි වැහැලා මහත්තයෝ. ගාන පොතට දාන්නද. දැන් ගෙවනවද...?

55 comments:

  1. අර රනිල් ලොක්ක කීව කිසා ගෝතමී උපහැරනේ ක්ෂණිකව ඒ වෙලාවෙම පොරගෙ කටට ආවද නැත්තං කවුරු හරි කලින් කියල තිබිල මතක තියං ඉදල කිව්වද?

    ReplyDelete
  2. @ ජය ශ්‍රී
    පාර්ලිමේන්තුවේ ඉන්න බුද්ධිමත්ම පුද්ගලයා රනිල්. ඒක පක්ෂ විපක්ෂ කවුරුත් පිලිගන්න දෙයක්. මතකද දවසක් ලාල් කාන්ත කිව්වා. එතුමා එක්ක විනාඩි පහක් කතාකරත් පොතක දැණුම ලබාගන්න පුළුවන්, ලොක්ක හොඳයි වල් පල් කතා කරන්න නම් කියලා.

    ReplyDelete
  3. හිඟන්නෝ වැහි වැහැලා මහත්තයෝ. ගාන පොතට දාන්නද. දැන් ගෙවනවද...?

    මට හිතුනේ මෙච්චරයි.

    ReplyDelete
  4. මගේ අදහස කියන්න හැදුව විතරයි දිව ටැපලිලා මුක පූට්ටු උනා. ඒ නිසා අදහස් දක්වන්නෙ නැතිව ඉන්නම්.

    ReplyDelete
  5. @මාතලන්, ඇත්ත මාත් පිළිගන්නවා.එතුමාගේ දුර්වලතාව තියෙන්නේ සන්නිවේදන කුසලතාවල(communication skills).අනෙක් ලොක්කට ඒක තියෙනවා.සේරම ගේම් දෙන්නේ ඒකෙන්.අපේ මිනිස්සුන්ට ඔනෙත් ඒකම තමයි.

    ReplyDelete
  6. අයවැයම ඇහෙව්ව වගේ මාතලංගෙ පෝස්ට් එක බැලුවම... මරු ඈ... පඩි 10% කින් වැඩි කරා කරා කියල උඩ පැන්නට එහෙම නැහැයිලුනේ...

    ReplyDelete
  7. @ වෙද මහත්තයා
    අද නම් වෙද මහත්තයට පොයින්ට් එක ඇහුවෙලා...

    ReplyDelete
  8. @ රාජ්
    අර මොකෝ බන්. ලෙඩක්ද...? එහෙම නැත්නම්.......

    ReplyDelete
  9. @ ජය ශ්‍රී
    ලොක්කා පී ආර් නම්බර් වන්. මම ආසම යටි තොල හපලා බඩට අනින එකට. රිදුනත් ආතල් බන්. පොර කවදත් මිනිස්සු එක්ක හිටියේ.

    ReplyDelete
  10. කතා වැඩක් නෑ, මස්සිනාගෙ කොටේට හේත්තු වුනා දවස ශේප්.

    ReplyDelete
  11. @ පිස්සා පලාමල්ල
    වැඩිකරලා. නමුත් බේසික් එකට එකතු වෙන්නේ නෑ. එතකොට ලෝන් එකක් ගන්න කොට. පැන්සොන් යන කොට එෆෙක්ට් වෙනවා. ඇත්තටම එලවන්ස් එකක්.

    ReplyDelete
  12. 'විශ්ලේශනාත්මක ආර්ථික විග්‍රහය'
    ඔන්න ඕකත් පබිලිස් කොරල දාන්න බැරිද?

    ReplyDelete
  13. @ ඔබා
    පිස්සුද ඔබෝ. ඌ හැමදාම කරන්නේ ඔය වැඩේ. මම බෝතලයක් අරගෙන ගිහින් දෙන්නම භාග්‍යවන්තයෝ වෙලා ආවේ. කාළකන්නියෝ වෙන්න බෑ දැන්ම. තව වයසට ගියාම එහෙම වෙයි සමහර විට.

    ReplyDelete
  14. @ ඔබා
    ඒක.... ලියපු මටවත් තේරෙන්නේ නෑ...

    ReplyDelete
  15. බලන් ගියහම මස්සිනා තමයි මාතලන් අයියෙ උඹේ වටේ ඉන්න උන්ගෙන් මොලේ තියෙන මිනිහ... "අපි හෙව්වොත් අපි කෑවා" වල් ඌර එක්ක කොටේ ගැන කියල තියෙන එකත් පට්ට...

    අය වැයේ තියෙන ඒව කියල මේ වෙනකන් අහපු එව්ව ගැන නම් මට පොඩි ප්‍රශ්න කීපයක් තිබුනට කිසි විරෝධයක් නෑ... කොහොම වුනත් තාම සම්පූර්ණ එක හොයන් කියවන්න වෙලාවක් ලැබුනෙ නෑ...

    ReplyDelete
  16. @ සාතන්
    අපනයන වැඩි කර ගන්න පුළුවන්නම් වැඩේ හරි. නමුත් එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා.

    ReplyDelete
  17. උඹ මාර දස්සය බං. කොච්චර ආන්ඩුවට බැන බැන උනත් ලොක්කටත් ලකුණක් දාන්න අමතක කරන්නෙ නෑ. එක තකට ආන්ඩුවෙ රස්සාවත් බේරගෙන රටෙත් ඉන්න එපාය නේද?
    මොනා උනත් කතාව පංකාදු පහයි!

    ReplyDelete
  18. @ ඉන්දික උපශාන්ත
    වෙද හී ඉස් රයිට් ඕ රෝන්ග් බොස් ඉස් ඕල්වේස් රයිට් කියන එක එකසිය ගානට අදහන කෙනෙක් මම

    ReplyDelete
  19. දැන් අවුරුදු ගානක් ඉඳන් අය වැය දිහා ඇහැක් ඇරලා බැලුවේ නැති එකෙක් මම් . .

    දිවයිනේද මන්දා තිබිලා අහම්බෙන් ඇහේ ඇනුනා සම්පූර්ණ අයවයෙන් 80%ක් ආධාර කියල . . .

    යකෝ ඒක දැක්ක වෙලාවේ ඉඳන් මට හිතුනේ මේ ගේ හදාගන්න අවුරුදු 5කට ගත්තු නය හින්දා මම මුලු පඩියෙන්ම නය ගෙවලා නිඩහස් වෙන්න හිතන්වා . . .

    මොන XXක්ද රටකට පුලුවන් නම් 80% නයත් අරගෙන පාර්ටි දාලා, උත්සව තියලා, රට රටවල ගිහින් ජෝගි දාලා එන්න මේ තනි මම මක්කටෙයි මේ නහින්නේ කියලා . .

    හිතා ගත්තා ක්‍රෙඩිට් කාර්ඩ් ඔක්කෝගෙන්ම වියදම් කරලා ජොලි කරනවා කියලා . .

    නම් ඉතිං මට බැරි උනොත් පුතා වත් ලොකු වෙච්චි කාලෙක ගෙවයිනේ බන් . .

    අයවැය උඹ බලෙන් ඇස්සෙව්වට පින් ඈ . . .

    ReplyDelete
  20. මේ කතාව නම් හරියටම හරි මාතලන් අයිය.. වෙද හී ඉස් රයිට් ඕ රෝන්ග් බොස් ඉස් ඕල්වේස් රයිට්... මමත් ඕක පට්ට ගහන එකෙක්...

    අයිය කියන ප්‍රශ්නෙම තමයි මටත් තියෙන්නෙ... අපනයන වැඩි කලා නම් ගොඩ... ඒත් එතනම තමයි ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ... ඉස්සර ලංකාවෙන් පිටරට පැටෙව්ව කියන කුළුබඩු වර්ගත් දැන් පිටරටින් ගෙන්නන තැනට වැටිලනෙ බන් අයියෙ... කවුරු හරි කිව්වොත් බතල, කිරි අල, කොස් වගේ එව්වත් දැන් ගෙන්නන්නෙ පිටරටින් කියල මම නම් පුදුම වෙන්නෙ නෑ...

    ReplyDelete
  21. අපනයන වැඩි කර ගැනීම කරන්න අමාරැ වෙන්න හේතු කීපයක් තියෙනවා. එකක් අපේ රටේ නිෂ්පාදන වියදම අධික වීම. ඒ නිසා අපේ භාණ්ඩ වල මිල වැඩියි. යවන රටවලින් අඩුවට එනවා. චීනේ අපේ රබර් වෙළදපල ඇල්ලුවෙත් එහෙම.

    අය වැයේ නියම කතාන්දරය තියෙන්නේ ලිපියේ අග. ගාන පොතට දාන්නද? ටවුමේ ආශ්චර්ය ගැන කයිවාරැ ගහන මෑන්ස්ලා හවස සිල්ලර කඩේ ලග ඇඹරෙන හැටි හොදට බලාගන්න පුළුවන්.

    ReplyDelete
  22. ප.ලි. ඊයේ හිටියේ නෑ. ආප්ප ගණන් වැඩිවෙලා නෑ නේද?

    ReplyDelete
  23. රෑ මට කෝල් එක දෙනකොට මස්සිනාගෙ කොටේට හේත්තුවෙලා ඉදල තියෙන්නෙ එහෙනම්...

    :D :D

    ReplyDelete
  24. පට්ට පට්ට....
    ගලයා: අනේ හොරු,උසස් අධ්‍යාපනේට මුං වෙං කරලා තියෙන ටික...මුන්ගේ බඩවල් පුරෝගන්න පාරවල් නං හදනවා....මෙහෙව් අය වැයක්...ංඇක්කා...
    මම මිස් කරලා තියෙන්නේ පට්ට බ්ලොග් එකක් නේ...
    ආයේ කියෝනවා

    ReplyDelete
  25. බජට්ටුව???? ආයිමත්??? හැම මාසෙකම බජට්ටුවක්ද?? ඔය මඩුවෙ මාසෙකට සැරයක් ගෝරියක් නේ.

    //මචන් හැන්දෑවට වරෙන් ගෙවල් පැත්තේ වල් ඌරූ මස් වගයක් හම්බ උනා.//
    ස්ස්ස් ර්‍රර්‍ර ප්ප්ප්ප්! හ්ම්ම්ම්ම්ම්ම්!!!

    ReplyDelete
  26. @ දුකා
    මම ඕක ලයිව් අහන්න (දැන් බලන්න.) පුරුදු උනේ තාත්තා නිසා. නිවාඩූ දාගෙන අහන්නේ. ඒ පුරුද්ද තාමත් තියෙනවා. අර ගහගත්ත එකත් ලයිව් පෙන්නුවනම් තමයි ආතල්.

    ReplyDelete
  27. @ සාතන්
    ළඟදීම උඹගේ සිහින සැබෑවේවී. දැනට එළවළු එහෙම එනවනේ.

    ReplyDelete
  28. @ තිසර
    උඹ හරි. මටත් ඔය සැකය තියෙන්වා. නිෂ්පාදන වැඩි කරන්න බෑ. විදුලි බිල ළොකේ වැඩිම එක. කර්මාන්තයක් පටන් ගන්න බෑන්ක් මැනේජර්ගේ ඉඳලා කුණු එක ගෙනියන එකා වෙනකම් ජරාවට පුරුදු වෙලා. කප්පන් කාරයෝ වැහි වැහලා. ගොවි තැනත් එහෙමයි. ඔය ලංකාවේ මැරීගෙන හදනවට වඩා ලාබෙට පකිස්ථානෙන්, බුරුමෙන් හාල් ගෙන්වන එක ලාබයි. යුද්ධය ගැන විප්ලයවක් කළා වගේ වෙනස් විදියට හිතන මිනිස්සු ඕන ආර්ථිකයටත්. බයිලා ගහන උන් වැඩක් නෑ. මැනේජ්මන්ට් ටැලන්ට් තියෙන උන් ලොක්ක ගාව නෑ. ජනවාරි වලදි වත් තරුණ ඒවුන්ට දුන්නොත් ළොකු දෙයක්.

    හවස සිල්ලර කඩේ ගාව කටිටිය ලොක්කව කිං කරනවා. ඊට පස්සේ ජනරාල් හිරේ දාපු එකට දුක් වෙනවා. ඊට පස්සේ බඩු ගනන් කියලා මුදලාලිට බනිනවා. මුදලාලි උන්ට බනිනවා. ඒ පාර කට්ටිය ඔක්කොන්ගෙම අම්මලට බනිනවා..

    ආප්ප.. හෙහ් හෙහ්.. විහිළුවට නෙමෙයි කෑම ගනන් ගිහිල්ල වගේයි...

    ReplyDelete
  29. @ පොඩි මෑන්
    ඒ ඊයෙනේ බන්. මේක උනේ බජට් එක දවසේ. අනික ඕවා පොරසිද්ද කොරන්න ඕනේ නෑ... කීප් යුවර් මවුත් ෂට්...

    ReplyDelete
  30. @ ගලයා
    වෙල්කම් කිව්වා එහෙනම්. අනික් වත් හෙමිහිට බලන්නකෝ. විශ්ව සම්මානය පත් වෙච්ච කයි එහෙම තියෙනවා.. හෙහ් හෙහ්.. අධ්‍යාපනය ගැන නම් කතා කොරලා වැඩක් නෑ ගලයෝ

    ReplyDelete
  31. @ කැන්ඩියන්
    අපරාදේ වලිය පෙන්නුවනම් ඊළඟ සැරේ මනාප වැඩි වෙනවා අයියලගේ. පව් බන්.. අලි නෙමෙයි බන්.. වල් ඌරා..

    ReplyDelete
  32. මේ තාමත් වසූදා යනවද???

    ReplyDelete
  33. @ නිසූපා
    අක්කගෙන් අහල කියන්නම්... හෙහ් හෙහ්.. අක්කට හොඳ යාළුවෙක්..

    ReplyDelete
  34. හොඳ වෙලාවට උපාධියට ආර්ථික විද්‍යාව නොකලේ. අප්පච්චියේ...මේ සාමාන්‍ය මිනිස්සු කියන ඒවාවත් තේරෙන්නේ නෑනේ ...:D

    ReplyDelete
  35. @ පොකු
    වලව්වල කට්ටියට මේවා අදාල වෙන්නේ නෑ කොහොමත්..

    ReplyDelete
  36. අරුන් යවපු ඈනුම් ටික තමා ආතල් සීන් එක..ඇයි බං එකෙක්ටවත් තේරෙන්නේ නැද්ද කොහෙද!බොලගේ ඇමතිකම් නැති කරනවා කියලා නිකන් හරි කියලා තිබ්බා නම් මුන් ඒකටත් තට්ටු දානවා~

    ReplyDelete
  37. එල!
    ඊයේ ඇල්කෙමියා ත් දාලා තිබුණා හොඳ දෙපදයක්.

    අපෙන් උදුරාගන්නා අය
    උන්ට ඕනෑ හෑටියට වැය කරන අය-වැය!

    ReplyDelete
  38. @ සබිත්
    අනිවා.. තොපි ඔක්කොම බාවනවා කිව්වත් තට්ටු දානවා

    ReplyDelete
  39. @ කතා
    මමත් දැක්කා.. ඇත්ත කතාව ඒ පද පෙලී දෙකේ තියෙනවා....

    ReplyDelete
  40. මාතල්න්ට හෙන ලොකු මිත්‍ර නෑදෑ සමාජයක් නෙව තියෙන්නේ .. මාතලන් ජන්දේ ඉල්ල්ලුවානම් ඔය ජන්ද ටිකම මදෑ බොල දිනන්න .

    ඒක නෙවේ මාතලන් ඇත්තටම ඔහේට දුවෙකුයි පුතෙකුයි ඉන්නවයි ?

    අය වැය කියන එක යන්තමටවත් අහන්න උවමනාවක් නැති මම කට පුරා හිනා වෙවී මේ සාකච්චාව නම් කියෙවුවා .. නියමයි ඈ

    ReplyDelete
  41. @ සඳරූ
    මට හරියන පස්සයක් නෑනේ බන්. ඇයි උඹ හිතුවයි මම තනිකඩයා කියලා.

    ReplyDelete
  42. //ඔය රුපියලක් දිලා ඔය හිඟන්න යවලා හිටහන්. හිඟන්නෝ වැහි වැහැලා මහත්තයෝ. ගාන පොතට දාන්නද. දැන් ගෙවනවද...?// මුලු බජටෙකම මෙතන තියනවා මම උදෙ දාපු කොමෙන්ටුව වැටිලා නෑනෙ

    ReplyDelete
  43. ඇත්තටම බජට් එක කියන්නෙ ලංකාව වගේ කෘෂි ආතිකයක් පදනම් වෙච්චි රටකට අනිවාර්යයෙන්ම තියෙන්නෙ ඕනෙ දෙයක් . . . දැං ඔතනදි අපි හිතන්න ඕනෙ මෙච්චර කාලයක් තිබුන භෝග විතරක්ම මේ විදියට පවත්වගෙන යන එක නොවේ . . අලුත් භෝග වර්ගත් හඳුන්වාදීමක් ගැන . . . . ඒ නිසා මම හිතන්නෙ බජට් එක කියන්නෙ නිතර දෙවේලේම තියෙන්න ඕනෙ දෙයක් කියලයි . . .
    ඇත්තටම බජට් එකෙන් අපිට මොනවද වෙන හානි . . . . ??? ඇත්තටම වාසි මිසක් කිසිම අවාසියක් නෑ . . . දැං උදාහරනයක් විදියට ගත්තොත් බජට් (bud get) අඹ පැලයක් . . ඉතාමත් කෙටි කාලයකදි වැඩි ඵලදාවක් ලබාදෙන එතරම් උස නොයන ශාකයක් . . .
    එහෙම බලද්දි බජට් (bud get) කියන්නෙ මේ පාර්ලිමේන්තුව වැනි ස්තානවල රන්ඩු කරන්න ඕනෙ කාරනාවක්නෙමෙයි . . . .

    මට වැටහිලා තියන විදියට මෙතන වැරදීමක් වෙලා තියෙන්නෙ . . . . බජට් (bud get) එක එන්න ඕනෙ මුදල් අමත්්‍යංශය යටතට නෙමේ . . කෘෂිකර්ම අමාත්්‍යාංශය යටතට.

    ReplyDelete
  44. @ ලොකු ජෝන්
    සමහර වෙලාවට මටත් එහෙම හිතෙනවා. ඒ උනාට දාලා නෑ.

    ReplyDelete
  45. @ ඕනයා
    ලකී අයියාගෙන් හිස් වෙච්ච උපදේශක තනතුරට උඹව දාන්න කියලා මම ලොක්කට කියන්නම් ඊළඟ ප්‍රෙස් මීටීමේදී.

    ReplyDelete
  46. පලමු නියමය;
    අය වැයට ඉස්සෙල්ල බඩු ගනන් වැඩි කරන්න

    2.සිගරට් අරක්කු පෙට්‍රොල් වැඩිකරන්න.

    3.මදි ටික නයට ගන්න.

    ReplyDelete
  47. @ දයල් බතී
    බජට් එකක් තියෙන වලිනාකම පෙම්දස් නිරිඳු හෑල්ලුකලා. ලොක්කා ඒක ජෝක් එකක් කළා.

    ReplyDelete
  48. හපොයි...මං කිව්වෙ ඒක ඉවර වෙලා ගොඩක් කල් නේද කියලයි...:P

    ReplyDelete
  49. බජට් එක දන්න කාලෙකින් අහුවේ නෑ... හැබැයි අර රණ්ඩුවනම් ටිකක් බැලුවා..

    ReplyDelete
  50. @ නිසූපා
    ඇයි ඔය නැවත විකාශය කියල යන නාට්ටිවලට පෙන්නනවා මයෙ හිතේ

    ReplyDelete
  51. @ දිනේශ්
    කොහේ පෙන්නුවද බන් අපේ නැන්දම්මට මල පැනලා ඉන්නෙත් ඒකයි උන්දැට ජයලත් දොස්තර මහත්තයා පේන්න බෑ.

    ReplyDelete
  52. මේ පාර අයවැය ගැන ඔක්කොම මෙතන තියෙනවා නරකම නෑ මම දැනට කියවපු හොදම විග්‍රහය

    ReplyDelete
  53. ප්‍රජාතන්ත්‍රවාදයද.. ප්‍රජාචන්ච්‍රවාදයද... පව් බං.. කොලේ බලං කියෙව්වට උච්චාරනේ දුර්වලයි..

    ජය ශ්‍රී (බුලත් කෙල පඩික්කමට)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න