.

.

Nov 12, 2011

කුමන්ත්‍රණ ගේම්ස් - Commonwealth Games



පොඩි ගනනකින් අපි අද ඇත පැරදී          ලා
මහ බැංකුවේ ලොක්කා ඇත පවසා            ලා
පොඩි ගානක්ද ගැප් එක මට කියපල්        ලා
ගනන් දන්න උන් අරගෙන පලයල්           ලා

හතලිස් හතක් නෑ අපි ගැන සලකා            ලා
දෙනවයි කිව්ව කට්ටියකුත් නෑ දී               ලා
දීපූ විසි හතට මල්ලක් පුරවා                     ලා
අයිවරි මැණික් තේ පාර්සල් යවපල්         ලා

පටන් ගත්ත දා ඉඳලම ඉල්ලන්                 න
හීල්ලුවා විෂ් කොර කොර පරදින්             න
කොදෙව්වකදි ඡන්දෙන් පැරදිල ඔන්        න
දැන්වත් ඉතින් නාඩාලා නිදියන්               න

ඔලිම්පික් දුවා වින් කල සුසී කෙ                ලි
වී අයි පී ලිස්ට්වල නෑ ඇතේ හැ                 ලී
ඒ වගේද ඇමති හොඳායි අනර්ක              ලි
දුස්ර වලින් කැන්ගරුවන් මැරු මුර            ලි

මේවා පර සුද්දන්ගේ කුමන්ත්‍ර                  ණ
දෙන්නම් බැටේ ආවම සමුළුවට එ            න
ඡන්දෙ නොදුන් උන්ගේ ඉදිරියට පැ         න
උස්සා සරොන් හිටගමු පුක ලෙස පේ       න

.oO0Oo.

45 comments:

  1. හතර විලි ලැජ්ජාවේ බැහැ. පව් අප්පා අර අහිංසක නාමල අපරාදේ. මොන කරුමෙකට මෙහෙම උනාද? මේ පර සුද්දෝ අපිට දැන් අලුත් නායකයෙක් හැදෙනවටත් ඊරිසියයි. උන් දන්නවා කොල්ලා ෆෝම් වුනොත් බඩුම තමයි කියලා. ඒකනේ මේ කුමන්ත්‍රන කලේ. බලමු බලමු අපේ එකා කොහොම හරි ගොඩගමු. අනාගත නායකයා කරමු. සුද්දට රිදෙන්නත් එක්ක.

    ReplyDelete
  2. අනේද කියන්නේ............

    ReplyDelete
  3. @ වෙද මහත්තයා
    මෙහේ ඇවිත් කාලා බීලා නාලා ඩිස්කො නටලා කරෝකේ ගිය උනුත් අරුන්ට ඡන්දේ දීලා. නාමලක් වී මා මලත් කම් නෑ //

    ReplyDelete
  4. @ පිසාචයා
    ඒ කිව්වේ...

    ReplyDelete
  5. කබ්බා රාල් වඩා හරියට ගාන ගැන ගන්න තිබුනා අනර්කලී අක්කගෙන් ඇහුවා නම් , අපරාදේ අනර්කලි අක්ක ඉන්නැත්දි කබ්බා රාල් එක්ක ගීයේ

    ReplyDelete
  6. @ බුවා
    කොහොමත් එකවුන්ටන්ට්ලට කැල්කියුලේටර් නැතුව ගනන් බෑ. කැල්කියුලේටරේ අමතක වෙලාලූ ගියේ..

    ReplyDelete
  7. හිතුමතේ වෙන දේවල්.... ඇත්තටම වෙදානෝ සමග එකග වෙමි... කට්ටිය ෆුල් සප් දි නාමල් මැතිදු රජකරවමු සුද්දන්ට රිදෙන්නත් එක්කම.... හිතුමතේ අලුත් කෙනෙක් මේ පලාතට

    ReplyDelete
  8. හක හක!මටත් ඕන උනේ ඕක පරදින්නමයි හත්වලාමේ ලංකාවේ අයවැය වගේ හතරෙන් එකක වියදමක් දරන්න පුලුවන්ද අපිට අරහේ මිනිස්සුන්ට ඉන්න හිටින්න ගෙවල් දොරවලුත් නැති කාලෙක!
    ලොකේට ණය වෙලා කොටහලු මගුල් ගන්න යනව මුං!

    ReplyDelete
  9. අනර්ගෙ දිලිසෙන කකුල් වැසී
    අනර්ගයි නිතරම වෙනව විසී
    අවර්නයි එය නෑ වගේ සුසී
    ස්වර්ණයි හොඳ කුමකට බාල රසී

    ReplyDelete
  10. එල කවි ටික ඕං!

    අනේද කියන්නෙ... නොකර බැරි දෙයක් වාගෙ, ඕක කොරන්ට වලිකෑවෙ! හම්බුනානං පරම්පරා ගානකට තව ණය වෙන්ට තිබ්බා... මුන්ට මොළේ මැලේරියාවද මංදා මේ රටේ මෙච්චර කරන්න දේවල් තියෙද්දි, මේ වගේ එව්වට මැරෙන්න හදන්නෙ?

    අපේ වෙලාවට පැරදුනේ... මෙන්න මෙව්වා කොරන්න හදන එවුන් තමා නියම 'ආර්ථික ඝාතකයො'!!!

    ReplyDelete
  11. සිරාවටම වෙද මහත්තය කියනව වගේ . . අපි ඔක්කොම එකතු වෙලා පොඩි හාමුව දිනවන්න ඕනෙ . . පර සුද්දන්ට රිද්දන්න . . . .
    ජය වේවා . . . !!!

    ReplyDelete
  12. දේස පෙරේමීන් ටික සරොන් උස්සන් ඇවිත් පුක නෙමෙයි වෙන වෙන ඒවත් පෙන්නලා බනී තොට රටට එන්න තිබ්බ ගේම නැති උනු එකට සතුටු වෙනව කියලා . . .

    පුක කහගන්න නියපොත්ත නැති උනත් අල්ලපු රටවල් වලින් හරි ණයට අරන් කහ ගත්තොත් කාටද අප්පා . ..හික්ස් . .

    අනික නය අරන් ජෝගි දැම්මා කියලා ගත්තු උන් තනියෙම ගෙවන එකක්යැ . .

    අපි ඉතිං හාල් කිලෝ එකෙන් පොල් ගෙඩියෙන් හරි එකට දෙක ගානේ හරි ගෙවලා නය ගෙවන්න තිබ්බනේ . . .

    ReplyDelete
  13. ලෝ කුසලානයක් තිබුනා වසරෙ මුලම
    …ගැහුවා කට්ටියක් ගොඩදා උන් සනුහරෙම
    …තිබුනොත් තව එකක් දෙදහස් දහ අටෙම
    …එක අතකට හොදයි උන එක ඔහොම

    ReplyDelete
  14. හොද වේල්ලවට හම්බ උනේ නැත්තේ....නැත්නම් ඉතින් නාමල් බෙබි ගේ කසාදෙට තිබ්බ සල්ලි වලින් ඇපැයි ඕක කරන්න්න..මොකෝ රජතුමා ඕවාට මිනිස්සුන්ගේ බදු සල්ලි ගන්න කැමති එකක් යෑ........ලංකාවේඅ මේඩ මිනිස්සුන්ට සුද්දෝ සෙල්ලන් කරන හැටි පෙන්නන්න , නාමල් බෙබි ගේ කසාදෙ කරන්න ගන්න තිබ්බ සල්ලි ටික ව්යදම් කරනවට මට නම් හොදටම දුක හිතිලා තිබ්බේ....

    අර මිහින් ලංකා එක ව්ගේ රජතුමාගේ පරම්පරාවෙන් හම්බ වෙච්හ්ච සල්ලි දාලා , ලංකාවේ මෝඩ මිනිස්සුන්ව ලාබෙට ඉන්දියාවේ ගෙනියනවා වගේ ..මේකත් හරි ගියා නම් පරම්පරාවෙන් නාමල් බේබිට උරුම වෙන්න සල්ලි ටික නොවෙද වියදම් වෙන්නේ.....

    හොද වඩේ මෝඩ මිනිස්සුන්ට....රජ්තුමාගේ සල්ලි වලින් ජොලි කරන්න හිතාගේන හිටියට....

    ReplyDelete
  15. උබල වගේ මිනිස්සු ඉන්නකල් මේ රටට හරියන්නේ නැහැ. කැන්ගරු දේසේ මිනිස්සු පිට්ටනි වල බිග් screen වල තම චන්ද ප්‍රතිපල බැලුවේ. චන්දෙ දිනපු වෙලාවේ මුළු රටේම මිනිස්සු තැන තැන දන ප්‍රීති ගෝෂ දැකපුවහම මටනම් දුකේ බැරුව. උන්ගේ plan එක මේකෙන් ජොබ් බර ගානක් සහ බර ගණක ලාබයක් ලබන්න. අපේ මිනිස්සුත් එහම තම හිතාගන හිටියේ. දැන් ඉතින් උබල කියි ජරාව කාල රටට අලාබයක් තම වෙන්නේ කියල. නමුත් මේක තියන්නේ තව ඖරුදු 7 කින්. ඒ වෙනකොට සමහර විට ඔය දුකාගේ ජෙනරාල් හරි වෙන උබල කැමති එකෙක් රට කරවන්න ඉඩ තියනවා. කරන්න තියෙන්නේ දේසපාලනේ මුල් කරගන හැම දේටම පොල්ල දන එක නෙවි.

    ReplyDelete
  16. @Mayya

    //ලංකාවේඅ මේඩ මිනිස්සුන්ට සුද්දෝ සෙල්ලන් කරන හැටි පෙන්නන්න//

    අනේ යකෝ, ඉස්සෙල්ලම Commonwealth රටවල් මොනවද කියල බලල කතා කරපන්. සුද්දෝ විතරක් නෙවි මේකේ සෙල්ලන් කරන්නේ. US සහ ගොඩක් ය්රෝප රටවල් නැහැ.. ලංකා, ඉන්දීය Canada , NZ , AUS සහ ගොඩක් අප්‍රිකානු රටවල් තම තියෙන්නේ. ලංකාවේ එඋන්ට ඉතින් Cricket ඇරුනම වෙන සෙල්ලමක් නැහැනේ.

    " අසුබවාදියා සුළගට බැන බැන ඉන්නවා....
    සුබවාදියා හොද සුළගක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා,.........
    යථාර්ථවාදියා තිබෙන සුළගට අනුව රුවල සකස් කරනවා"

    ReplyDelete
  17. @ජානක - ඕස්ට්‍රේලියාවට මෙවන් තරඟාවලියකින් ලබා ගත හැකි වාසි ශ්‍රි ලංකාවට එලෙසින්ම අත්පත් කරගැනීමේ හැකියාවක් නැත , ශ්‍රි ලංකාවේ ආර්ථිකයට මෙවන් උත්සවයක් අතිරේක බරක් වන්නේ ඇස්තමෙන්තු ගත වියදම රටේ ආදායමෙන් 1/4 පමණ වන නිසාය තව අවුරුදු 7 කින් එම ප්‍රතිශතයේ වෙනසක් විය හැකි මුත් මෙහි මූලික ආයෝජනයන් දැන් සිටම කල යුතුවන නිසා එයින් රටේ ආර්ථිකයට වන බලපැම ප්‍රභලය . ලංකාවේ දූෂනයන් ගැන අමුතුවෙන් කිව යුතු නොවේ , ඉන්දියාව හා බංගලාදේශය ලාභ ලැබු ලෝක කුසලානයෙනුත් පාඩු ලැබු ශ්‍රි ලංකාව ගැන කවර කථාද . අදාල ඉදිකිරීම් හා සංවර්ධනයන් ඇරඹු සැනින් ගසා කැම් ඇරඹෙනු ඇත . එවිට තවත් වසර 7කින් රට පාලනය කරන්නාගෙන් ඇති වැඩක් නැත , බොහෝ විට මොකා පාලනය කලත් ලංකාවේ දූෂන වංචා වල ඇතිවන වෙනසක් නැත .

    ඉන්දියාව මීට කදිම උදාහරණයකි , ඔවුන්ගෙ තරඟ සංවිධාන කමිටුව දූෂිතයින්ගේ පිරි පැවතිනි , අවසානයේ සිදුවූයේ දිදුලන ආර්ථිකයක් වශයෙන් තමන් සතුව තිබු නාමයටද කිලුටක් එක කර ගැනීම පමණි

    අනෙක හේතූන් කිහිපයක් නිසා මෙම අවස්ථාව මෙවර ලබා ගැනීමේ ප්‍රයෝගික හැකියාවක් නොතිබිනි . ඒම තත්වයන් නිරීක්ෂනය නොකර අනවශ්ය ප්‍රචාරන වියදමක් දැරීම ද පැහැදිලි මෝඩ කමකි

    ReplyDelete
  18. @බුවා
    //බොහෝ විට මොකා පාලනය කලත් ලංකාවේ දූෂන වංචා වල ඇතිවන වෙනසක් නැත //

    ඒ කතාව ඇත්ත , නමුත් එහෙම කියල අපි අත පය අකුලාගෙන තව පරම්පරා ගානක් තියන දෙයක් කල බීල ඉන්නද. ආණ්ඩුවට බැන බැන ඉන්නවා ඇර අපිට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද ?

    ජනක

    ReplyDelete
  19. @Janaka CS
    IIFA එකෙන් අපි ලබපු ලාභයක් පෙන්නන්න පුළුවන්ද?
    එතකොට ලෝක කුසලානෙන්?

    එක එක්නොට රගන්න මේ රටේ මිනිස්සුන්ගේ තුට්ටු දෙක වියදම් කරපු හැටි ඇස් දෙක ඇරගෙන ඉන්න ඕනම කෙනෙකුට පේනවා. මතකනේ රිතික් රෝෂන්ගේ කැබ් එකේ නැගලා නටපු නාඩගම. කොහොමත් ඉතින් මැදමූලන බූදලේ විකුණලා කරනවනම් ඕන දෙයක් කරාට කමක් නෑ. අනිත් එක ඕස්ට්‍රේලියාවේ ජනතාව මේ සමග" හදවතින්ම හිටියා. ඒකට හේතුව මෙමගින් ලැබෙන ප්‍රතිලාභය තමන්ටත් ලැබෙයි කියලා ඒ රටේ මිනිස්සු 4 පාරක්ම අත්විදලා තියෙන නිසා. උදේට වැඩට යන්න හරියට බස් එකක් කෝච්චියක් නැති රටේ අඩුමිල ගුවන් සේවා දැමීම වගේ වැඩක් තමයි මේක.

    @මාතලන්
    ආරංචි විදිහට ඉන්දියාව, මැලේසියාව හා සිංගප්පූරැව වගේ රටවලිනුත් අපට චන්දේ දීලා නෑ. ලෝකයටම බලපෑම් කල හැකි නායකයාටත් සලකලා නෑ වගේ. අපේ චූන් අපිට චූන් කියන්නේ මේවාටය. පුක පෙන්නලා නිකන් ඉන්නවනම් කාලා ඉන්න පුළුවන්. ඊට පස්සේ අපිට අරින්න එන එකනේ ඉවසන්න බැරි.

    ReplyDelete
  20. @ජනක - ප්‍රයෝගිකව ඉතින් බලාගෙන ඉන්න එක තමයි අපි කරන්නේ , මේ බ්ලොග් කෙරුවාව වචනයකින් හරි විරෝධය පල කරන්න , අවංකව රට වෙනුවෙන් යමක් කරනවාය කියල විශ්වාසයක් තියන මනුස්සයෙක් රටේ නායකය වුනු දාටතමයි ඔය දේවල් රටින් තුරන් වෙන්නෙ . අඩුම තරමේ යන්තම් ගැටගහගෙන යාමත් මකබැවෙන වැඩ තමයි ඔය ක්‍රිඩා තරඟය වගේ ඒවා . ඒ නිසයි නැතිවුන එක හොඳයි කියන්නේ , ලංකාව කියන්නෙ හොඳ දෙයක් වුනත් නරකට කරන රටක් කියන එකට උදාහරණ බොහෝමයි

    @තිසර - ඇහ් ...ඉන්දියාවත් අනික් පැත්ත ගහලද ? මෙච්චර පස්ස දීගෙන ඉත්දිත්

    ReplyDelete
  21. @ බුවා
    උඹගේ පෝස්ට් එක තමයි මම මේ ගැන දැක්ක හොඳම පෝස්ට් එක වෙල් බැලන්ස්..

    ReplyDelete
  22. @ හිතුමතේ
    බොහොම ස්තූතියි හිතුමතේ මේ පැත්තට ආවට.. දිගටම වරෙන් මචන්.. කොමෙන්ට්ස් සෑහෙන වටිනවා. ක්‍රිටිසයිස් කළත්..

    ReplyDelete
  23. @ සබිත්
    අවංකවම මම කැමතියි මේක ලැබුනනම්. මොකෝ කොම්ස් කේස් තිබුනත් සීඝ්‍ර සංවර්ධනයක් ඇති වෙනවා. ඒ නිසා. නමුත් මේ පිස්සො ටිකක් යවලා ඕවා දිනන්න බෑ. ඔස්ට්‍රේලීයාවෙන ආවේ "රාජ" තාන්ත්‍රිකයෝ. මෙහෙන් ගියේ "රාජ" කුමාරවරු.

    ReplyDelete
  24. @ ඉන්දික උපශාන්ත
    අම්මට සිරි සිංහයත් හෙන කළා රිටක්නේ..

    ReplyDelete
  25. @ ගීතක
    යුද්දයට ප්‍රොෆෙශනල්ස් ලා හිටියට ආර්ථිකයට ප්‍රොෆෙශනලස්ලා ලොක්කා ගාව නෑ. සැටලයිට් කාළේ රට කාපූ එකා තාමත් රට කනවා.

    ReplyDelete
  26. @ ඕනයා
    පිස්සුද බන් බලපන්කෝ ලොක්කා. තාම නිකන් 40 ක් වත් නෑ වගේනේ..

    ReplyDelete
  27. @ දුකා
    අද ණයට හෙට මුදලට...

    ReplyDelete
  28. @ ලොකු ජෝන්
    ඩී ඇසුයි දන්දෙනියයි ක්‍රිකට් නැති කරා ලංකාවේ. පේනවනේ ප්‍රථිපල. මුන් රත්තරන් බිත්තර කිකිලි මරල හරි ගන්නවා.

    ReplyDelete
  29. @ මයියා
    අපරාදේ ඉන්ටර්නැෂනල් ගල් ටිකක් ලයිව් බලන්න තිබ්බ චෑන්ස් එක නැතිඋනා. මට නම් දුකේ බෑ.

    ReplyDelete
  30. @ ජනක සීඑස්
    මෙයෙමයි මචන්.. මම උඹගේ අවසාන මතයට සම්පූර්ණයෙන් එකඟයි. මේක දේශපාලන ඇසකින් බලන එක වැරදියි. මේක ලැබුනනම් සීඝ්‍ර සංවර්ධනයක් රටේ ඇතිවෙනවා. මම ලොක්කට තවමත් සළකනවා. මොකෝ ෆොන්සේකා හිටියත් බටහිර රටවලින් කොක්ක ඇදපු වෙලාවේ අනික් උන් වගේ නැට්ට පුකේ ගහගන්නේ නැතුව කොන්ද කෙලින් තියන් හිටපු එකට. මොකෝඅ ඒ කාළේ බ්ලොග් ලියනවා තියා හුස්ම ගන්නත් බයෙන් නේ උන්නේ. නමුත් ලොක්කට හොඳ ටීම් එකක් නෑ ආර්ථිකය දියුණු කරන්න. ඔක්කොම බොරු කාරයෝ සහ හාල් පාරුවෝ ඉන්නේ. උඹ නිකන් කල්පනා කරපන්. දක්ෂිණ අධිවේගී මාර්ගය හෙට හෙට හෙට කියල ලොක්කව කී සැරයක් ඇන්දුවද. හම්බන්තොට තෙල් ගහන්න එනව කිව්වා 2011 අප්‍රේල් වල. ඌ එහෙන් අන්දනවා. ක්‍රිකට් වර්ල්ඩ් කප් තියපු එක රටක් වත් ලොස් වෙලා නෑ. ඒත් අද අපෙ ප්ලේයර්ස්ලට පඩි ගෙවාගන්න සල්ලි නෑ. එහෙම බැලුවම මේක නොලැබුන එක හොඳයි. ඉන්දියාව අරන් නෝන්ඩි උනා වගේ නෝන්ඩි නොවී. අනික බලපන් ඔස්ට්‍රේලියාවේ ආපු පිරිසයි අපේ පිරිසයි අතරේ වෙනස. අපේ උන්ට බඩුවක් දීලා ආත්මෙම උනත් ගන්න පුළුවන් උනාට. ඒ වගේ දේවල් පිළිකුල් කරණ පිරිසකුත් ළෝකේ ඉන්න බව වටහා ගන්න එක කාට කාටත් හොඳයි. කොහොමත් අපේ විදේෂ සේවය හා රාජතාන්ත්‍රික දූතයෝ සත පහක වැඩක් නෑ. සල්ලි කෑවත් බෝගොල්ලගම මීට වඩා වැඩක් කළා..

    ReplyDelete
  31. @ තිසර
    ඒකනේ බන් මුන් කාලා බීලා කරෝකේ ගිහිල්ලා බඩු ගහලා අන්තීමෙට අරුන්ට කතිරෙ ගහල. උඹ දන්නවද හේතුව. උන්ගේ සුක පුදුයිනේ...

    ReplyDelete
  32. ඈ බං..අනර් කෙලී මොන හත්තිලව්වකට ගියාද? මොන සෙල්ලමද එයා කරන්නේ???
    අපරාදේ...හම්බන්තොට වැල්ලේ ගහන සෙල්ලම් ටිකක් බලා ගන්න තියෙන චාන්ස් එක නැතිඋනා ;-(

    ReplyDelete
  33. @ කැන්ඩියන්
    ඒකි විතරක් නම් කමක් නෑ. අම්මත් එක්ක ගිහින්.. ඒකනේ බන් මටත් තියෙන දුක.. ෆොරින් ගල් ටිකක් බලා ගන්න තිබුන චෑන්ස් එක නැති උනානේ..

    ReplyDelete
  34. ‍මිලියන පන්සීයද කොහෙද ගිහිං තියෙන්නෙ.අද රාවය පත්තරේ තියෙන්නෙ.

    ReplyDelete
  35. @ රාජ්
    ඇත්තෙයි.. පොඩි ගානක් නේ.. ඒකත් දුන්නේ බේබිගේ යාළුවෙක් කියල "දිවමිණ" පත්තරේ තියෙන්නේ..

    ReplyDelete
  36. අප්පට සිරි...අම්මටයි දුවටයි ගිය කල...........
    දැන් ඉතින් පොරීන් ගල් නැවක් වත් එයිද කියලා බලාගෙන ඉමු!

    ReplyDelete
  37. ඕකට විමල් අරින්න තිබ්බෙ, ලෙමන් පෆ් උපවාසයක් හරි කොරල ගේම ලංකාවට ගේනව ෂුවර්

    ReplyDelete
  38. @ ඔබා
    ඉස්සර අරන් ගියාට දැන් එක්ක යන්නේ නෑ. ඉනටර්නැෂනලි බ්ලැක් ලිස්ටඩ්..

    ReplyDelete
  39. සර්, මට විතරක් වත් කියන්නකෝ අර අනර්කලී එක්ක ගියේ මොන වැදෙටද කියල ..

    ReplyDelete
  40. observer , විමල් ඇරියනම් අපිට තවත් වියදමක් දරන්න වෙනවා. ලොක්කටත් එහෙ යන්න වෙනවා තව ප්ලේන් එකක් අරගෙන තැබිලි ලෝඩ් එකකුත් අරගෙන මූට පොවන්න.

    ReplyDelete
  41. @ ඇනෝ
    ඉස්සෙල්ල මට කියහන් උඹට වයස කීයද කියලා.

    ReplyDelete
  42. අනේ අපරාදේ බන්... පෙට්ටෝල් ඩීසල් පොල් එලවලු හාල් ඔක්කොම මිල ඩබල් කොරල හරි අපි ඕක කරන්න තිබ්බ බන්... ඕක කරල අපි හෙළුව් වැල්ලෙන් ගියත් මොකද බන්.... දුකේ බැරුවා...

    ReplyDelete
  43. @ පිස්සා පලාමල්ල
    දැන් ඉතින් දුකට පුන් ගහලා පූජාවක් හෙම තියලා ලැස්ති වෙලා ඉඳහන් පෙක පුන්නන්න.. කුමණ්ත්‍රන කාරයන්ට.. හෙහ් හෙහ්...

    ReplyDelete
  44. මමත් හිතුවේ අපිට ඕක ලැබෙයි කියලා.. ඒත් අවාසනාවද වාසනාවද මන්දා ඒක ලැබුනේ නෑ...

    ReplyDelete
  45. @ දිනේශි
    කළමණාකරනය දුර්වල නිසා නොලැබුන එක හොඳයි. නමුත් ලංකාවට ආදරය කරණ කෙනෙක් ලෙස දුකයි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න