.

.

Jul 24, 2016

කොමෙන්ට්ස් වලටත් සම්මාණ, බ්ලොග් වසන්තයා හා VAT 69

ජනප්‍රියම කොමෙන්ට් කරුවකු වූ "ප්‍රා ජේ", තිස්සගෙන් සම්මාණ ලබමින්

පොටෝ සියල්ලම "අටමාගේ" බුකියෙන් උස්සන ලදි

අම්මට සිරි ලංකාවේ හැම එකාම වගේ බැන බැන බලන සතියේ කළ දසාවට අනුව ඉදිරි සතියේ අළුත් මිතුරන් ඇති කර ගැනීමත්, මිතුරන් හා උත්සව වලට සහභාගි වන්නට ලැබෙන බවත් කියලා තිබුනාය. මගේ ජොබ් එක අනුව ගිය සතියේ නොව හැම සතියෙම වගේ මේ දෙකම වෙනවාය. ඒත් ගිය සතියේ නම් ළොකු වෙනසක් තිබුනේය. ඒ අළුත් "බ්ලොග් යාළුවෝ" තුන් දෙනෙක්ම හඳුනා ගන්නට ලැබුන එකය.

රවී.. ගීයක් කියමින් නොව ගයමින්
"ඉයන්ගේ අඩිවිය" ලියන ඉයන් කෝල් එකක් දීලා කිව්වේ, "නිදහස් සිතුවිලි" වල ලියන, "රවී වීරසිංහයා"
වෙනුවෙන් පොඩි සාදයක් හවසට තියෙන බව,ත් පුළුවන්නම් ඇවිල්ලා යන්නෙයි කියලාය. පළවෙනි බ්ලොගා මුන ගැසුනේ එසේය. රවියා, මාතලන් සිතා සිටියාට වඩා බොහෝ සුන්දර මිනිසෙකු වූ අතර, පෙනුමින් බොහෝ දුරට අපේ නෙළුම් අජියාමය. එකම වෙනස උසෙහි ඇති ඉතා සුළු වෙනසක් පමණක්මය.

ඒ සාදයට අවසාන මොහොතේ පැමිණි "සැහැල්ලුව" ලියන "සිංහයා" හෙවත් ඉන්දික උපශාන්තයා කිව්වේ, බ්ලොග් වසන්තගේ සම්මාණ උළෙල ගල්කිස්සේ හෝටලේ ළඟ හෙනහුරාද හැන්දෑවේ තියෙනවා කියලාය. ඒ වෙලාවේ ඒ දේ කිව්වේ නැත්නම් කීයටවත් සම්මාණ පාටියට එන්න වෙන්නේ නැතිය. නියම වැඩේ කියන්නේ, සාමාන්නියෙන් වෙන්නේ, එක්කෝ සම්මාන උළෙළවල් කැන්සල් වෙන එකය. එහෙම නැත්නම් කල් දමනා එකය. ඒත් කියපු දිනයටත් කලින් තියනා සම්මාණ උළෙලක් මේ දැක්කාමය.

ජනප්‍රියම බ්ලොග් කරුවකු වූ "චූටී මහත්තයා, Dr. ඇල්කේමියාගෙන් සම්මාණ ලබමින්
බ්ලොග් වෙනුවෙන් කරනා ඕන දේකට කොන්දේසී විරහිතව සප් එක දෙන එක මාතලන්ගේ සිරිතය. මොකෑ කියනවා නම්, එදා සිට අද වෙනකන් හඳුනාගත් බොග දානා හැම එකාම අබිමානයක් ඇති පුද්ගලයන් වීමමය. මම හිතන්නේ, අම්මට සිරි ලංකාවේ පාන්ඩු ආන්ඩු වලින් ආධාර උපකාර ඉල්ලන්නේ නැති එකම පිරිස, බොග දාන උන් වෙන්න ඕනාය. උන් ඔක්කෝම ආඩම්බර කාරයෝය. ඔය නෙළුම් යායට උනත් කරූ එන එකට අකමැති උන් බොහෝය. නමුත් එතන කරන්නේ, කරූගේ මාර්ගයෙන් බ්ලොග් කියන දේ සමාජ ගත කරන්නට උත්සාහ කොරනා එකය. ඒක කිසි ලෙසකින් වත් හිස් ටින් එකක් නෙමේය. තනිකරම මාකටින් පාරක්ය. 

දුමියාගේ නෙළුම් යාය සම්මාණය කමියා හා ජීවන්ගෙන්
බ්ලොග් වසන්තය තනිකරම බ්ලොග් කරුවන් දෙදෙනෙකුගේ මහන්සියේ අග්‍ර ඵලයකි. ඒ ඉන්දික හා "දුමීගේ කට කහන කතා" ලියනා දුමියාගේය. ඉන්දික මා කලින් හඳුනාගෙන උන්නද, දුමියා අඳුනා ගත්තේ ඊයේය. ඒ වගේම, "සයිබර් යාය" ලියනා කෙහෙල් කොරටුවේ චූටී මහත්තයාත්. ඒ මහත්තයාගේ, චූටී මහත්තයාත් හාමිනාත් අඳුනා ගන්න ලැබුනේත් ඊයේය. සම්මාණ හදා තිබුනේ ඉතා වටිනා ලීයක් කියා, ලී ඉස්පැසලිස් ඉන්දිකයා කියූ වෝල්නට් ලීයෙන්ය. එය ඇත්තටම මනරම් ලීයක් බව නොකිව මනාය. ඒත් සම්මාන වලටත් වඩා තැන හිමිය තිබුනේ වැට් වලටය. සමහරක් විට මේ දවස්වල ඒ ගැන තද බල කතා බහක් යන නිසා වෙන්න ඇතිය.


මේ සම්මාණ උළෙලේ මාතලන් දකිනා ඉතා වටිනාම දෙය නම්, කොමෙන්ට්කරුවන්ට සම්මාණ හිමි වීමය.  ඉතින් මේ ගැන ඇනෝ දාන උන්ට මාර හිතේ අමාරුවක් එනවා ඇතිය. සෑම දෙයටම වටිනාකමක් තියෙනවා වාගෙම, තමන් අකුරු කරන දේටත් වටිනාකමක් තියෙනවා කියනා එකට අනර්ඝම උදාහරණය මේ සම්මාණයය. බ්ලොග් වල කොමෙන්ට් දානා උන් අතරේ කොන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් දමනා උන් ප්‍රෝෆයිලයකින් එනවා වෙනුවට එන්නේ ඇනෝ ලෙසය. මෙය නම් මහා අපරාදයක්මය. මාතලන් නම් අමු කුණුහබ්බෙන් අහගත්තත් කියන්න තියෙනා දේ කියන්නේ මාතලන්ගේ නමින්මය. 

ඊයේ සම්මාන හම්බ උන උන්ගෙන් ඇවිත් හිටියේ දෙන්නෙක් පමණය. ඒ "ප්‍රා ජේ" හා "කෙහෙල් කොරටුවේ චූටී මහත්තයා" පමණය. පිට රට උන් කෙසේ වෙතත්, ලංකාවේ ඉන්නා උන් මේවට සහභාගි වී සහයෝගයක් නොදීමෙන් කරන්නේ, ඒවා කරන උන්ගේ මහන්සිය සමච්චලයට ලක් කොරනා එකය.

නෙළුම් යායේ පාටියේදි ගිටාර් ගැසූ ජීවනයා, ඊයේ ගිටාරය කරේ තියාගෙන නැටූ අතර, එළිවන තෙක් කිසිම ලෝබ කමක් නැතිව පට්ටම ලෙස ඉන්ටලූඩ්ද සමග ගිටාරය ප්ලේ කල දුමියාට අපේ නොමද ගෞරවය හිමි වෙනවාමය. ඒ පාටිය කිසිදා අමතක නොවන එකක් වෙනවා නම් ඒ දුමියාගේ අගනා ගිටාර් වාදනය නිසාමය.

කාගෙදෝ එකක් ඉල්ලා ගත් කමියා හා දුමියා  සමග තවත් නරුමයෙක්
ඉතා සොඳුරු රාත්‍රියක් ගත කිරීමට අවස්ථාව සලසා දුන් දුමියාටත් සිංහයාටත් අපේ ගෞරවය හා ආදරය මේ වෙලාවෙත් පිරි නමා සිටිනවාය. ඒ වාගේම සහභාගී වූ සියළුම මිතුරන්ටත්, ඒ සැඳැව සොදුරුතම සැඳෑවක් කිරීම වෙනුවෙන් මාතලන්ගේ බොක්කේ ප්‍රණාමයත් පුද කරනවාය. සෑම දෙයකම වෙනසකට කවදත් මනාප මාතලන්ට මෙන්ම සහභාගී වූ සෑම එකාම මේ සම්මාණ උළෙල ඉහලින්ම අගය කළ බවද නොකියා සිටිය නොහැකිය. ලබන වසරේත් මීටත් වඩා හොඳට මේ වැඩේ කිරීමට සියළු ශක්තිය හා ධෛර්යය ලැබෙවා කියාත් අවසාන වශයෙන් ලියා තබනවාය.

ප: ලි:
මෙම උළෙලේ අය වැය හා විගණන වාර්ථාව ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකි බව සංවිධායක මණ්ඩලය අප වෙත දන්වා එවා ඇත.

වසන්තයාගෙන් සම්මාණ ලද උන්

වසන්තය විමැසීමට එක් කල තම ලිපි සියල්ලට ලද සම්මුච්ඡිත ඡන්ද ප්‍රමාණය අනුව ජනප්‍රියතම බ්ලොග් රචකයින් තිදෙන ලෙස සැමරුම් ලබන්නේ -
සඳරු - හිස් අහස
බුද්ධි ප්‍රසාද් - සයිබර් යාය
කීර්ති කුළසේකර - සොඳුරු අතීතයෙන් බිඳක්

බ්ලොග් කලාවේ පැවැත්මට අතිශය වැදගත් සාධකය වන කමෙන්ට් කලාවේ ජනප්‍රියතමයන් තිදෙනා වන්නේ...

ප්‍රා ජේ - නිට්ටෑවා
ප්‍රසන්න - දෙමළ ණ යා
රවී - මාගල්


බ්ලොග් වසන්තය 2015/2016 දෙවසරෙහිදිම වැඩිම ලිපි සංඛ්‍යාවක් පල කරමින්, බ්ලොග් වසන්තයටත් සමස්ථ සිංහළ  සිඔහල බ්ලොග් ක්ශේත්‍රයටත් කරන ලද අමිල මෙහෙවර උදෙසා සංවිධායක මඩුල්ලේ විශේෂ ස්තූතිය සහ සමරු සම්මාණය ;

රසිකොලොජි - රසික සූරියආරච්චි.

166 comments:

  1. මොනවා කුරුටු ගාන්නද මන්දා. එන්ඩ බැරිවෙච්ච එකෙක් උනත්, මේ වගේ දෙයක් සංවිදානය කරපු ඇත්තන්ටයි ආපු ඇත්තන්ටයි මයේත් ඉස්තුතිය දෙන්ඩෝ!

    ReplyDelete
    Replies
    1. කෙදිනක හෝ හමුවෙමු....

      Delete
  2. ජීවිතේට අහපු හොඳම ගිටාර් වාදනයක්.
    @ඉන්දික හා දුමී, සියලු දේට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. දෛවයෝගය ගහන්න පුළුවන් කියන්නේ ආයේ ඉතින් අහන්න දෙයක් නෑ..

      ඌ, මම දැකපු හොඳම එකෙක්...

      Delete
    2. එකම ආකාරයේ රසවින්දනයක් තියන කට්ටියක් එකතු වීම තමයි එදා රාත්‍රිය එච්චරම සුපිරි උනේ.....ඒකයි ගත කල හැම විනාඩියකටම හැමෝගෙම රසවින්දනයට වටිනාකමක් එකතු උනේ.....

      ප්‍රා ජේ ඇතුලු එදා එදා හඳුනාගත් සොඳුරු මිනිසුන්ට ප්‍රණාමය .......!

      Delete
  3. ලොකු කමකට නෙමෙයි බොල ආවෙ නැත්තෙ. හිතපු දවස් වලටත් කලින් මේක සිද්ද කරන්න දින දාගත්ත නිසා දවස් දෙක තුනක් ඇතුළත වැඩ ටික එකලාසයක් කරගන්න බැරි උන හින්ද. අනික බොලා ඔක්කොම කොළඹ අවට එවුවො වෙච්චි.
    මොනව උනත් අපි වෙනුවෙන් උඹල වැට් ගැහුවනෙ ඒ මදැයි. හැක්..

    දුමියටයි‍, ඉන්දිකටයි ස්තුතියි මේ වැඩේ සාර්ථකව අවසානය දක්වා මෙහෙයුවට.

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් ප්‍රසන්නයෝ.... ඒ කියන්නේ උඹ මහ රෑත් වැඩ කරනවද...?

      මේක තිබුනේ යක්කු ගස් යන වෙලාවක...

      Delete
    2. ඒක තමයි බොල අවුල. කවුරුවත් අපිව ගෙනත් දාන්නෙ නෑනෙ. හැක්..

      Delete
    3. මොකෑ යකෝ නැත්තේ... පිටකොටුවට දාන්න ඕන තරම් අය ඉන්නේ.. එතනින් යාපනේට නෙමෙයි සිරිපුරටත් බස් තියෙනවා...

      Delete
    4. උඹ කොහොම හරි ආවනම් තමයි වටිනාකම වැඩි වෙන්නේ.... මොනවා නමුත් ප්‍රසන්නට හද පිරි සුභාශිංසනය...!

      Delete
    5. ස්තුතියි දුමී. නැවත වෙලාවක හමු වෙමු.

      Delete
  4. Replies
    1. හික්.... හික්.... තාම ඉන්න එකත් ළොකු දෙයක්....

      Delete
  5. වැට් කෙසේ වෙතත් 69 ට අකමැති කවුද ?

    සියළු දෙනාටම ජයවේවා

    ReplyDelete
    Replies
    1. අපේ අයට VAT 20 අවුලක් උනෙත් නෑ. VAT 15 තමයි අවුල....

      විස්කිවලට මාතලන් බොහෝම මනාපයි...

      Delete
    2. එදා මී විතයි ගී පොතයි නියමෙට බ්ලෙන්ඩ් උනා.....!

      Delete
  6. ඉන්න තැනටම ඇවිත් එක්ක ගිහින් ආපහු පරිස්සමෙන් එතනටම ගෙනත් දැමුවා වුද පාන්දර හතරට පිලාවුස් චීස් කොත්තුවකින් හා කිරි කාලකින් නොමසුරුව සංග්‍රහ කලාවූද ඒ ඔක්කොටම වඩා (වෙරි මර ගාතේ නොවුනත්) බුල ගහලා කාර් එකේ දමා ගිය මගේ පෝන් කටුව වෙහෙස නොබලා ආපහු ගෙනත් ඉන්න තැන හොයාගෙන ගිහිං බාරදීල එන්න තරම් නිහතමානී වූවා වූද බ්ලොග් කලාවේ වත්මන් පිකාසෝ මාතලන් ට මාගේ මේ සම්මානය ...

    ReplyDelete
    Replies
    1. අයියෝ ඒවා බොහෝම සිම්පල් දේවල් මචෝ..... ඒ වගේද උඹ බ්ලොග් වලට කරන සේවය...

      Delete
    2. ආ...ඕව බොහොම පිං අතේ වැඩ. මාවත් දවසක් පරිස්සමට මගෙ ගෝලයෙකුට හෑන්ඩ් ඔවර් කරල තිබ්බ. මම පහුවදා දන්නෙ.

      Delete
    3. ඒ උනාට උඹට තාමත් ඩෝප්.. මොකෝ එදා මාව බැස්සුවෙත් ඉවානයා..

      Delete
    4. අපේ එකා කිවුවෙ සුද්දෙක් වගේ මහත්තයෙක්නෙ කතාකලේ කියල, ඉවානය ඒ කියන්නෙ සුද්දෙක් වගේ ද ? ඒ වෙලාවෙ සුදුමැලි වෙලා හිටියද ?

      Delete
    5. මමයි ඌයි තමයි උඹව ත්‍රී වීල් එකට පැටෙව්වේ... ඒ උනාට ආවේ ඉවානයාගේ වාහනේ...

      Delete
  7. පාන්දර තුන වෙනකල් හිටියෙ එතන හිටපු උන්ගේ match වීම නිසාමයි ... ස්තූතියි indika අයියා .. ස්තූතියි amathaka නොවන මතකයක් ඉතුරු karapu දුමි අයියාට ...sahodara කමින් ලෙන්ගතු වුනු උඹල okkotama.....අමාරුවෙන් මේකත් කොටගත්the....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... එතන අපූරූ ගැලපීමක් තිබුනා... අනික ආඩම්බර කමක් නැතිව දුමියා දුන්න බකප් එක..

      Delete
    2. සජ්ජා උඹේ පැමිනීමත් හඳුනාගැනීමට ලැබීමත් සතුටක්.... ඒ වගේම උඹේ ගී ගැයීමේ හැකියාවත් අගේ කරන්න ඕනේ......!

      අයියෝ මාතේ මොන ආඩම්බර කම්ද මචන්.....කට්ටිය රැඳිලා හිටියනං සිහි නැතිව වැටුනත් ගිටාර් එක අත අරින්නේ නම් නෑ.......!

      අපි ඊලඟ වසන්තය අගදී නැවත හමුවෙමු......!

      Delete
  8. සුබ පැතුම් හැමෙදනාටම...

    ReplyDelete
    Replies
    1. සම්මානලාභීන් වෙනුවෙන් ඉස්තූතියි

      Delete
  9. හයියා‍ෙ අපි දන්න්‍ෙ දැන් න්‍ෙ

    ReplyDelete
    Replies
    1. මුන් අපිට කියන්නෙත් නෑ ඉයන්ලයි ගෙදරදි හම්බ උනේ නැත්නම්...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මාතේ උඹ අපේ ඉන්විටේෂන් ලිස්ට් එකේ මුල ඉඳන්ම හිටියා....උඹට නොකියා බ්ලොග් සම්බන්ධ වැඩක් කරනවානම් ඒක බ්ලොග් අවකාශයටම කරන හානියක්.......

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. අපිටත් සන්තෝෂයි අපිට කියවන්න දෙයක් ලෙයන බ්ලොග් කාරයින්ගේ ජයග්‍රහන හා අගය කිරීම් දකින කොට.
    ඉදිරිය තවත් සාර්ථක වෙයි. !

    ReplyDelete
    Replies
    1. "ලියන බ්ලොග් කාරයින්" ලෙස නිවැරදි විය යුතුයි

      Delete
    2. ඇයි එතකොට කොමෙන්ට් කරුවෝ...????

      කොමෙන්ට්කරුවෝද මනුෂ්‍යයෝය..

      Delete
    3. වැලිකඩ හිර ගෙදර "සිරකරුවෝත් මනුශ්‍යයෝය" කියල ගහල තියෙන එක දැකලා දවසක් සුද්දෙක් ඩ්‍රයිවර් ගෙන් ඇහැව්වලු එතකොට අපි අමනුස්සයෝද කියලා.
      (ඉන්ග්‍රීසියෙන් හරිද )

      Delete
  12. මේක සංවිධානය කල සෙට් එකටයි ආපු සෙට් එකටයි මොහෝම ඉස්තූතී ...දුමීගේ අමතක නොවන ගිටාර් පාරක් වගේම තිස්ස අයියගෙ අමතක නොවන සිංදු සෙට් එක ... හැමදාම වගේ අටමයි මායි චුට්ටං වලියකුත් ගියා ... හැක හැක හැක .... ඒක නෙමේ කවුරු හරි පිංවතෙක් රෑ 12න් පස්සෙ වෙච්ච ඒව ගැන සවිස්තර වාර්තාවක් දාන්න පුලුවන්ද ..? අන්තිමට මතක බුද්ධි ගෙ පුතා එක්ක අර ලයිට් එකෙන් සෙල්ලං කරනව විතරයි ..

    ReplyDelete
    Replies
    1. උඹ වෙරි බහින්න මූදට පනිනවා! ආයේ ගොඩ එනවා! ඕක තමයි කරපු දේ තුන වෙනකන්

      Delete
    2. හිහ්..හුහ්..හෙහ්.. මුහුදට පනිනවා .. ගොඩ එනවා...

      Delete
    3. අඩේ ඒත් මං බැලුව මගෙ කාමරේ කොහොමද මූදු වැලි තියෙන්නෙ කියල ....

      Delete
    4. 12:00 පස්සෙ නම් උනේ පැයක් විතර උඹව නැති වෙලා හෙව්වා... ඊට පස්සෙ තමයි හොයා ගත්තේ අර කුෂ් කියපු කතන්දරේ...

      කොහොම හරි උඹේ බුලත් විඩට ගොඩක් ඉස්තූතියි හොඳේ...

      Delete
  13. Very well do all blog people I also think. I like to tel victary chears. Coment people take price very good too. I like to apricate all this orgenice people works. My congadulasions to all people there and all the best wishes.

    ReplyDelete
  14. මචං රවියා කිව්වද ෆෝටෝ කෑල්ලක් දාන්න එපා කියලා?

    ReplyDelete
    Replies
    1. රවියා ඊයෙ හිටියේ නෑනේ ...

      Delete
    2. ෆොටෝ වලට වැඩි කැමත්තක් නැති බවයි පෙනුනේ...

      උඹ අජිත්ගේ ෆොටෝ දැකලා තියෙනවා නේ....

      Delete
    3. / ෆොටෝ වලට වැඩි කැමත්තක් නැති බවයි පෙනුනේ... /

      අඩේ එහෙම කිසිම අකමැත්තක් නැත. අනික අකමැත්තක් තිබුණත් බං දෙකක් වැදුනම ඒවගෙ දේවල් ගැන උනන්දුවෙන්ට වෙලාවක් ද නැත. බදාදා සුහද හමුවේ පෝටොස් සීයට අනූනමයකම මම සිටිමි.

      එදා ඒ වෙලාවේ ඩෝප් මරගාතේ අනිවාර්යයෙන් සෙනසුරාදා සාදයට එනබවට ඉන්දිකයා වැළඳ බදාගෙන මම සපථ කල බව පහුවදා මට මතක් කොට දුන්නේ ප්‍රාජේය. එහෙත් ඉරිදා උදේ පාන්දරම මම ගෙදර සිටීම අනිවාර්ය වන කර්තව්‍යයක් යෙදී තිබුනු බැවින් ළසෝ දුකින් වුවද සාදයට සහභාගී නොවීමට තීරණය කළෙමි.

      විත්ති වාචකය නොහොත් පාපෝච්ඡාරණය -

      අපේ ගෙදර පිහිටා ඇත්තෙ කුඩා කඳු ගැටයක් මුදුනේය. නිවසට පිවිසීමට කොන්ක්‍රීට් දමා ඉදිකල ප්‍රවේශ මාර්ගයේ ආනතිය බොහෝසේ අධිකය. ඊට අමතරම ප්‍රධාන මාර්ගයේ සිට අංශක අනූවකින් හැරී ප්‍රවේශ මාර්ගයට පිවිසිය යුතු නිසා කොහොමත් නිවස අසළටම වාහනයක් ගෙන යෑම ඉතා අසීරුය. ( 4WD අලුත් ටයර් දැමූ වාහනයක් හැර )

      එබැවින් මාර්ග ඉදිකිරීමේ කොන්ත්‍රාත් කරුවකු වන මගේ බිරිඳගේ ඥාති සහෝදරියකගේ සැමියාහට මේ බව දැන්වූ විට ඔහු පැවසූයේ මේ දිනවල අනුරාධපුරයේ කොන්ත්‍රාත්තුවක් කරන බවත් අප වෙනුවෙන්ම සෙනසුරාදා රාත්‍රියේ ගෙදර පැමිණ ඉරිදා උදෑසන නමයට අපගේ මාර්ගය පරීක්ෂා කොට සුදුසු ප්‍රතිකර්මයක් නිර්දේශ කිරීමට පැමිණෙන බවත්ය.

      කරුණු එසේ හෙයින් බිරිඳ මට මෙසේ පැවසුවාය. "මේ කීය වුනත් කමක් නෑ සෙනසුරාදා ගෙදර ඇවිල්ල ඉන්න හොඳද? අර මනුස්සය අච්චර දුර බැහැර ඉඳල එන්නෙ අපේ වැඩේ හින්දමයි. ඒ මිනිස්සු වැඩ තියෙන මිනිස්සු. ඒ හින්ද රස්තියාදු කරවන්ට බෑ. ඔන්න මම නොකිව්වයි කියන්න එපා..."

      එබැවින් සාදය සංවිධානය කල සහෘදයනි, සහභාගී වීමට නොහැකිවීම පිළිබඳව ඔබ සැමගෙන සමාව අයදිමි.

      පලි - මාර්ග කොන්ත්‍රාත්කාර ඥාති සොයුරා හා සමඟ දිවා ආහාරයට පෙර සුලු කර්මාන්තයකට සහභාගී වී ඉන් අනතුරුව උගේ පරණ 32 ශ්‍රී ජීප් එක ස්ටාට් නොවී පරණ ගම්පල පාර දිගේ එහාටත් මෙහාටත් කිලෝ මීටර් පහක් පමණ තල්ලු කොට යන්තම් ස්ටාට් කොටගත් ඉක්බිති හිඳුනු මත යලි පණගැන්වීමට ඒ අසලම වූ අඹ ගහක් සෙවණේ හිඳ යලි මධු සාදය කන්ටිනිව් කල විස්තරය පසුව ලියමි....:)

      Delete
    4. කාපූ බීපූ වේලාවට කියන ඒව්වා කව්ද අනේ ගනන් ගන්නේ... මම ඕක ඉන්දිකයට එදා කියලා දුන්නා...

      Delete
    5. රවීගෙ ෆොටෝ කෑල්ල දැක්කට පස්සෙ අර නිදහස් මල ඉලවුවෙ කොමෙන්ට් දාන්නත් බය හිතෙනව හිටං. හැක්..

      Delete
    6. රාජකාරී දේවකාරියටත් වඩා උතුම් කියලා කියමනක් තියෙන එකේ භාරී-කාර්යය සංසන්දනය කරන්න පුළුවන් කාරියක් මේ තුන් ලෝකේම නෑ රවියෝ....

      මුන ගැසෙන්න තිබුනා නම් කොච්චර ලොකු දෙයක්ද කියලා හිතෙන ගමන්ම අපිත් ඉන්නේ උඹේ බෝට්ටුවේම නිසා කොන්දේසි විරහිතව එකඟ වෙන්න ඕනේ....

      අපි ඊලඟ වසන්තය අගදී මුන ගැසෙමු......!

      Delete
  15. ඔව්! ඒක සුන්දර සැන්දෑවක්. බ්ලොග් ලියන්න අරගෙන අවුරුදු පහ හයක් වුනත් මාතලන් ඇතුලු ඔතෙනට ආපු සියලු ම දෙනා පාහේ හමුවී කතා කලේ ඊයේ.

    දුමියාගේ ගිටාර් වාදනය එදා සවස ජිවිතේ කිසි දා අමතක නොවන සැන්දෑවක් කලා. ඒක නම් හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ළෝකේ චිත්තර කතන්දර කාරයා හඳුනා ගන්න ලැබීම සතුටක්... උඹේ පොඩි එකත් මරු බං.... හාමිනත් එහෙමයි... අන්තීම සින්දු තුන කිව්වේ එයාට නේ...

      Delete
    2. කෙහෙල් කොටුවේ චූටි මහත්තයා සහ මැරියන් දේවිව දැක හඳුනා ගැනීමම කොච්චර ලොකු දෙයක්ද ?

      චූටි මහත්තයට හද පිරි සුභ පැතුම්........!

      Delete
  16. එල එල ඈ. අපි නං තාම පොඩි උන්. කවදාහරි ඔක්කොම හම්බෙමුකෝ.

    ReplyDelete
    Replies
    1. සරදියෙල් කොහොමත් පොඩි එකෙක් නේ...

      Delete
  17. හොඳටම රෙෂ්පට්... !!!

    අම්මප හිටියනං බලෙන් හරි එනවා . ඕ යේස්

    ReplyDelete
    Replies
    1. නැගලම ගියා බං.... තනිකර අමරදේව වික්ටර් වගේම ජෝන් ඩෙන්වර් ලා එක්ක ෆ්ලෑස් බෑක් සෝ එකක් ලයිව් බැලුවා වගේ

      Delete
  18. බොග් ලිව්වේ නැති වගේම.. කම්මැලි කමට කොමෙන්ට් නොකර සද්ද නොකර යන මටත් ආරාධනා කරලා ඔන්ලයින් කතා කලාට කවදාවත් මුණ නොගැසුන සුන්දර මිනිස්සු ටිකක් මුණ ගැහෙන්න අවස්ථාව උදාකරලා දුන්නට සිංහයාට බොහෝම පිං! ගිටාර් එකකින් පිස්සු වට්ටලා පාර හොයාගන්න බැරි ඉද්දි ගෙදරටම ගෙනත් දාපු දුමියටත් ඒවගේම පිං!

    ReplyDelete
    Replies
    1. කොහෙන් හරි හැම එකාටම සම්බන්ධ කමකුත් තියෙනවා බං... උඹත් ආතල් පොරක්.... අර ලින්ක් එකට තෑන්ක්ස් හොඳේ...

      Delete
    2. බැ0කුවෙ ලින්ක් එකද

      Delete
    3. ඔව් ඕනේද? හැබැයි චාර්ජ් කරනවා!

      Delete
    4. "බැංකුවේ ලින්න් එක" පට්ට කොමෙන්ට් එක බං.... හිනා කාලා මැරුණා...

      Delete
  19. හොඳා හොඳා ඔහොම යං

    ReplyDelete
    Replies
    1. ගමන දුරයි... මඟ කටුකයි...

      Delete
  20. මාත් දන්නේ පෙරේදා අටං අයියා කිව්වට පස්සෙයි

    ReplyDelete
    Replies
    1. මේක හදිසි අවස්තාවක් මචෝ....

      Delete
  21. ආරංචිය නං අටමගෙන් ලැබුණා.විස්තරේ ලිවීම ගැන බොහොම සතුටුයි.

    ReplyDelete
    Replies
    1. මම කලේ ඉතින් විස්තරේ පත්තරේ දාපු එක...

      Delete
  22. අපිට නම් මෙලෝ දෙයක ආරංචියක් නෑ, දැනුවත් කලා නම් අපිත් එනවනේ බ්ලොක් ලෝකයේ සුන්දර මුහුනවල් ටිකවත් බලා ගන්න​.

    ReplyDelete
    Replies
    1. උඹ නෙමෙයි අපි දන්නෙත් නෑ... මේක රහස් කුමන්ත්‍රණයක් :).... ඒත් අපට හොරා ඒවා කොරන්න අමාරුයි.... :)

      Delete
  23. //පෙනුමින් බොහෝ දුරට අපේ නෙළුම් අජියාමය. එකම වෙනස උසෙහි ඇති ඉතා සුළු වෙනසක් පමණක්මය.// මට දැන් වහ කන්නට වෙලාය . අටමා ෆොටෝ එකකුත් එවලා තිබේ. හේ හේ
    එතන හිටින්නට බැරි වීම ගැන දුකයි. ලනක්වේ හිටියානම් අනිවාර්යයෙන්ම එනවාය. ඊළඟ සැරේට දුමියව කොහොම හරි ගෙන්න ගෙන සින්දුඅවල් අහිය යුතුමය.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඌට එන්න පුළුවන් වෙලාවක දා ගත්තට පාඩු නෑ... කිසි ආඩම්බරකමක් නැති ඔච්චර ටැලන්ටඩ් එකෙක් මම දැක්කමයි.. කිසිම එකෙක්ගේ හිත රිදෙව්වේ නෑ... සාමාන්‍යන් උඹ දන්නවා නේ මියුසික් ටිකක් පුළුවන් උන්ගේ පවා තියෙන රස්නේ....

      Delete
    2. අජිත්,

      මට වෙලා තියෙන්නේ වහ කා කැළේ රිංගීමටය. උඹ මම වගේ හෝ මම උඹ වගේය කියලා මුලින්ම කීවේ රන්දිල්ය. නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලට සහභාගී වී පසු දින ඇය මට කථා කොට මෙසේ පැවසුවාය "අනේ මිස්ටර් රවී, අජිත් අයියා නම් ඇරපු අතක් නෑ ඔයා වගේමයි"

      Delete
    3. අපි දෙන්නම අර වහ වොඩ්ක බෝතලයක් අරං දුකට සෙට් වෙමු මචන්. ඔය ලංකාවේ මේ දවස්වල ඇස් ලෙඩක් සිග්ගරයෙන් පැතිරෙනවලු. රන්දිකාට අලුත් කණ්නාඩි සෙට් එකක් අරන් දීමට යෝජනාවක් ද කරමි.

      Delete
    4. අජිත් විසින් බ්ලොග් වසන්තයේ සාර්ථකත්වයට ලැබුනු පිටිවහල අමතක කරන්නේ නෑ.....අදහස් උදහස් හුවමාරු කරගනිමින් අප සියල්ල දිරිමත් කල අජිත් උඹටත් අපේ හද පිරි ගෞරවය......!

      අනිවා අපි දවසක සෙට් වේවි, එදාට උඹලා වෙනුවෙන් ඇඟිලි වල ලේ හිඳෙන තෙක් හරි ගිටාර් එක ප්ලේ කරනවා කරනවා මයි.....!

      Delete
    5. අනිවා , ජයවේවා

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. ප්‍රයෝගික ප්‍රශ්න නිසා එන්න බැරිවීම ගැන කණගාටුයි. අපේ කතාවල වැදගත් චරිතයක් වූ "ලෙනදොර " එවන්නට හැදුවත් අන්තිම මොහොතේ ඒ වැඩෙත් හරිගියේ නෑ.. ලෙන්දොරත් කරන්නේ මාතලන් ගේ රස්සාවට සමාන දෙයක් විය යුතුයි මම හරිද මන්දා ... ඒ නිසා හඳුන්වලා දෙන්නත් හිතාගෙන හිටියේ ...දුග්ගන්නාරාළ වූ කමි මගේ සම්මාන ,සහතික ගන්නවා කිව්වා.
    මමත් හරි කැමති විදිහකට ( චාමෙට ) උත්සවේ සිද්ධවෙලා තිබුණා. . ඉන්දික , දුමි, අටම්ක සහ කමි ඇතුළු සංවිධායකයින් සැමට ස්තුතියි.. ලංකාවට පැමිණි වෙලාවක හමුවෙමු... ජයවේවා ... විස්තරේ ලිව් මාතලන්ටත් ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. උඹගේ සම්මාණය මගේ අතින් දෙන්න ලැබීම සතුටක්...

      Delete
    2. දැක්කා.. චායාරුප වලින්.. ඒ ගැන සතුටුයි අපටත්... තව තව හොඳ රසවත්බ්ලොග් පොස්ට් ලියවේවා !!!

      Delete
    3. පාඨක සම්මානයට පාත්‍ර වූ ඔබට හද පිරි සුභාශිංසනය......!

      Delete
    4. ස්තුතියි දුමි..... ලබන වසරේ සම්මාන උළෙල තවත් සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා

      Delete
  26. දන්නේ නැත,නොදැන උන්නාට නාවාට අැසීමත් සතුටක්ය.මාතලන්නම් කතා කළාට අපව හමුවන්න ඒන්නේ නැත.ඒ් ගැන බලවත් මෙව්වා ඒක.

    ReplyDelete
    Replies
    1. මටත් වේලා කළමණාකරනය ගැන ප්‍රශ්නයක් තිබේ... මොකෝ බඩේ බත් දාගන්න කරන ජීවන සටනත් එක්ක... මේවා ඉතින් අහඹු හමුවීම්.... අනෙක යක්කු ගස් යන වෙලාවල් වල ඒවා නේ...

      Delete
  27. එළයැ... කෝ රවියා?

    ReplyDelete
    Replies
    1. බලමු රවී කැමත්ත පල කොලොත් පොටෝ එකක් දාන්නම්...

      Delete
    2. ඕන් මචෝ දැම්මා මගේ ළඟ තිබුන ක්ලියර්ම එක...

      Delete
    3. අම්මට හුඩු. රවියා මේ අපි වගේ හාල් කෑල්ලක් නෙවෙයි. මාර මීටරයක් කියලා පේනවා ඉන්න ඈන්ගල් එකෙනුයි තට්ටෙනුයි. බලපල්ල ඔලුව ඇල කරගෙන ඉන්න ඈන්ගල් එක. එතකොට අත් තියාගෙන ඉන්න විදිය. (කොච්චර බීලා හිටියත්) මචං මාතේ මූ සිහි නිච්චි නැතුව යන්න ගැහුවාමත් ඔය composure එක තියෙනවද?

      Delete
    4. එකෙන්ම ඩූඩෝ.. ඌ පට්ට පර්සනැලටියක්..

      Delete
  28. සිකුරදා රැත් බිලා සෙනසුරදා රැත් බොන්න එන්න දගලුවනම් සම්මාන කෙසේ වෙතත් ගෙදරින් පොලු පාරක් හම්බවෙනවා..හැමෝටම සුබ පැතුම් ...
    එදා අපිව පරිස්සමට ගෙනත් දාලා ටී එකයි සිගරට් එකයි අරගෙන දුන්නට පිං මාතයියේ..

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත.... අනික වකුගඩු වලට උනත් හොඳ නෑ නේ....

      Delete
  29. හැමෝටම සුබ පැතුම්...නොදුටු බ්ලොග් කරුවන් කිහිපදෙනෙක්ම දැක ගන්න ලැබුනා...

    ReplyDelete
    Replies
    1. තව කීප දෙනෙක් උන්නා... ඒ පොටෝ බුකියේ ෂෙයාර් වෙනවා...

      Delete
    2. ඒ ෆොටෝ ටැග් කලා නම් හරි. නොදන්නා දෙතුන් එනෙකුත් හිටිය.

      Delete
  30. සියලු සම්මාන ලාබීන්ටසුභපැතුම්.... ඒ වගේම සංවිධායක මණ්ඩලයටත් සුභපතනවා මේ වගේ වැඩක් සංවිධානය කළාට.....

    ReplyDelete
    Replies
    1. ඔවුන් සියළු දෙනා වෙනුවෙන් ස්තූතියි

      Delete
  31. එක ලග තිබුන අවස්තා දෙකට සහභාගී වෙන්ඩ බැරි උනා, කවදාවත් හමුවෙලා නැති ඉන්දික , දුමී , බුද්ධි හමුවීමේ අශාවක් වගේම රවි හමුවීමේ ආසාවක් තිබුන , ප්‍රශ්ණ ගොඩක් නිසා අවස්තාව මග හැරී ගියා.
    කොකාලට සම්මාණයක් දීම පිලිබද මගේ අප්‍රමාණ ප්‍රීතිය .

    ReplyDelete
    Replies
    1. ආවා නම් ත්‍රී වීල් එකක පටවලා කුරියර් කරන්න තිබුනා....

      Delete
  32. දිනු දේශය අනතුරේ.. යළිත් අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණයක්.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. තොගේ සම්මානෙ අන්න සඳරුව ගාව තියෙනවලු. හැක්..

      Delete
    2. මේක අධිරාජ්‍යවාදි එකක් නෙමේ.... මැද පෙරදිග ක්‍රමන්ත්‍රණයක්...

      Delete
    3. මේ මැද පෙරදිග කුමන්ත්‍රණයෙන් අපව හැලීම ගැන බලවත් විරෝධය. දුමියා හා ඉන්දික ගේ නිවෙස් ඉදිරිපිට මහා පිකටිං විරෝධතාවයට සහභාගී වෙන්න. එනවා කියා උන්ටත් පොල්ල තිබු දේශකයාට අපේ උපහාර

      Delete
    4. පිකටිං එහෙකට ආවට කමක් නෑ මචන්.... එනවනන් කලින් කියලා වරෙන්, අඩුම කුඩුම ටික ලෑස්ති කරගන්න......!

      Delete
  33. දුමීගේ ජීවිතයේ ගත කරපු සොඳුරුම රාත්‍රියක් තමයි එදා සොඳුරු, සහෘද බ්ලොග් කරුවන් එක්ක ගෙවිලා ගියේ. දුමී හැමදාමත් අදහන සත්‍යයක් නම් සමාජමය සහ දේශපාලනිකව මොන අදහස් උදහස් සහ ඝට්ටනයක් තිබුනත් කලාව, සාහිත්‍යය සහ රසවින්දනය යනු සියළුම බ්ලොග් කරුවන් එකම කුලකයකට දමන පොදු සාධකය කියලයි. එදා රාත්‍රියේදී ඒ රසවින්දනය උපරිම තලයකයි තිබුනේ. දුමීගේන් මාතේ ඇතුලු සෙට් එක ඉල්ලපු සින්දු දුමී ප්ලේ කලේ අවුරුදු 15කට විතර පස්සෙ......ඒ හැම එකක්ම දුමීගෙත් ප්‍රියතම ගීතයි....මතකයේ හැමදා රැඳිලා තිබුනෙත් ඒකයි.....

    මොනව උනත් සිංහයටයි දුමියටයි හිතුනේ නම් පාටිය ඉක්ක්මනටම ඉවර උනාදෝයි කියලයි.....වැට් බෝතල් 2ක්ම ගෙඩි පිටින් ඉතුරු වීමත්, කෑම බීමත් හෝටලේ කුස්සියේ වැඩ ඉවර වෙන්න කලින් ඕඩර් කරලා තිබුනු නිසත්, හද ගී පොත හිමි තිසාගේ ගී පොතේ තව සින්දු සිය ගාණක් ඉතුරු වී තිබීමත් නිශා යාමය ගෙවිලා යනකන් පාටිය ඇදගෙන යෑමට අවශ්‍යය සියලුම අඩුම කුඩුම නොඅඩුව සපයලා තිබුනා...... ඒත් ඉතින් මාතේ ඇතුලු සහෘදයන්ගේ සොඳුරියන්ගේ සොඳුරු මූනු ටික මතක් වෙන මතක් වෙන වාරයක් පාසා එක්කෙනා දෙන්නා හැලෙන්න පටන් ගත්තා....... ඒ ආතතියෙන් මිදිලා හිටියේ එකම එක්කෙනයි..... ඒ සම්මාන ලාභී කෙහෙල් කොටුවේ චූටි මහත්තයා විතරයි. තම සොඳුරිය වූ මැරියන්ද සමග පැමිනි නිසා සහ ඇය රාත්‍රිය උපරිමයෙන්ම විඳමින් සිටි නිසා ඒ ආතතියෙන් ගැලවුනු එකම එක්කෙනා උනේ අපේ චූටි මහත්තයා විතරයි.....

    බ්ලොග් වසන්තයේ සම්මානා ලාභී සියළුම දෙනාට සිංහයගෙත්, දුමීගෙත් හද පිරි සුභාශිංසනය මේ අවස්ථාවේ පිරිනමනවා. බ්ලොග් වසන්තය සාර්ථක කර ගැනීමට සියළුම ආකාරගේ සහයෝගත්, දිරි ගැන්වීමුත් කල සියළුම සහෘදයන්ටත් හද පිරි ප්‍රණාමය. කිසිම විටක කිසිම දේකට නෑ බෑ කියන වචන නොහඳුනන අපේ කමියා නොහොත් සුමිත් කලණසිරි සහෘදයාත් බ්ලොග් වසන්තය සාර්ථක කර ගැනීමට ලොකුම සාධකයක් වුනු බවත් අමතක කරන්නේ නෑ......

    අපි නැවතත් මීලඟ බ්ලොග් වසන්තයේ අගදී හමුවෙමු...

    ReplyDelete
    Replies
    1. කලිං කිව්වනං අපිත් එනවනෙ සිංහයෝ.

      දුමියා උඹේ ගිටාර් පාර ගැන කියන්න වචන නෑ. මම හිතං හිටපු අහිංසක කෙට්ටු දුමියා එහෙමම හිටියා. හැක් හැක්.

      අමතක නොවෙන හැන්දෑවක්. උඹලා ලංකාවට එන හැම සැරේම වසන්තයක් තියමු හැක්.
      චූටිමහත්තයගෙ චූටි මහත්තයා නං මරු.
      කෝ අර දොඩංගොඩ හාමු?
      ඉවාන් පවුලූශා
      (මගේ ප්‍රොෆයිල් එකටත් කෙලවී ඇත. විසේසන්නයෙක් අල්ලා හදාගත යුතුය)

      Delete
    2. ඒ උනාට දුමියෝ එදා සිංහයාගෙන් දැන ගත්තේ නැත්නම් මට එන්න වෙන්නේ නෑ.. ටුවර් එකේ මුල් දවස් තුනට වෙන එකෙක් හොයා ගත්තේ හෙන අමාරුවෙන්...

      නැවත වතාවක් තෑන්ක්ස් උඹේ නිර්ලෝභී මනුස්සකමට..

      Delete
    3. ඉවාන්, මම නම් දැක්කේ එතන හිටපු අහිංසකම එකා උඹ වගේ.......! අපිත් උඹලා වගේ හීනියට හිටපු කාලයක් තිබුනා.......!

      අනිවා නෙළුම් යායේ බ්ලොග් නෙළුම් පිපෙනවා වගේ වසන්තයේදි බ්ලොග් කුසුම් පිපෙනවාමයි........!

      ගිටාර් ගැහිල්ල නම් එච්චර එකක් නෙමෙයි බං, මෙහේ ඉන්නකොටත් ගොඩක් වීක් එන්ඩ් වල කරන්නේ ඉතින් පොඩියට සෙට් වෙලා සින්දුවක් දෙකක් කියලා කාන්සිය මග අරවා ගන්න එක තමයි.

      ජීවනයා දුන්න බකප් එකත් සිරා බං..... මම ඌටම ආවේනික වෙච්ච උගේ ගිටාර් ස්ටයිල් එකට පට්ට කැමතියි.....

      Delete
    4. මාතේ වැරැද්ද මගේ බං..... ප්ලෑන් ඔක්කොම උඩු යටිකුරු වෙලා මේ විදිහට ඉක්මනටම වැඩේ කරන්න උනේ මගේ නිවාඩු වලට හදිසියේ වෙච්ච අප්සෙට් එකක් නිසා....!

      කොහොම හරි වැදගත්ම දේ ඔච්චර වැඩ රාජකාරී මැද උනත් උඹගේ පැමිණීම.... ඒක අපිට ලොකු හයියක්.....!

      Delete
  34. රවි අයිය හිතුවට වඩා වයස තට්ට පොරක් අප්පා... හෙක් හෙක්..
    මේ බ්ලොග් ලියන තට්ටයො ටික රැක ගන්න ඕන...

    සම්මාන ලැබූ සැමටම සුභ පැතුම්. ආයෙත් එකක් එයි කියල හිතනව...
    (නෙළුම් නෙලුවට පස්සෙ කොමෙන්ට් දානවමද මංද. කොහෙදෑ මේ වභාග භීතිකාව ලොකුයි ඔක්කටම වැඩිය)


    -----මීට වෙන්න තට්ටයෙක්...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒ පෙනුමෙන් නේ බං... සිතිවිලි වලින් අපිත් හොඳ කොල්ලෝ හොඳෙයි...

      Delete
    2. සියළුම තට්ටයන්ට ජයවේවා

      Delete
  35. ඊළඟ එක අපිවගේ හුජ්ජ කොල්ලන්ටත් කියනවා නම් හොඳයි !

    ReplyDelete
    Replies
    1. ඊළඟට තියෙන එකට ඔහේට කොහොමත් එන්ඩ වෙයි....

      Delete
    2. බ්ලොග් ස්පියර් එකේ හුජ්ජ කොල්ලෝ, රජ කොල්ලෝ කියලා දෙයක් නෑ.... හැමදේම තීරණය වෙන්නේ ලිවිල්ලේ රහත් එක්ක..... රහට ලියනවනම් කියවන්න කට්ටිය අනිවා එනවා..........ගැම්මක් අරන් ලීවොත් නෙළුම් යායට, බ්ලොග් වසන්තයට සම්බන්ධ වෙන එක වලක්වන්න සක්කරයටවත් බෑ.....

      Delete
  36. මුං හොරෙන්ම බීල සින්දුත් කියල.

    ReplyDelete
    Replies
    1. කව්ද යකෝ හොරෙන් බීවේ... කසියා බිව්වැයි හොරෙන් බොන්න... බොහෝම පරසිද්දියේ... ගල්කිස්සේ මූදූ වෙරළේ බිව්වේ...

      Delete
  37. සම්මානලාභී සියළුම දෙනාට සුබපැතුම් !

    ReplyDelete
    Replies
    1. ඔවුන් වෙනුවෙන් ස්තූතියි...!!!

      Delete
  38. රවී, දුමී සහ සිංහයා කියන්නෙ හැබැහින් දැකගන්න කැමැත්තෙන් උන්න බොහොම සුන්දර බ්ලොග් ලියන්නෝ තුන්දෙනෙක්. අවුරුද්දකට වතාවක් බ්ලොග් වසන්තයාව ගෙනල්ලා සිංහල බ්ලොග්වලට ගේන කික් එක වෙනුවෙන් දුමීටත්, ඉන්දිකටත් බොහොම ස්තූතියි! ඒ වගේම වසන්ත සම්මානලාභී හැමෝටම උණුසුම් සුභපැතුම්!!

    හොඳම කමෙන්ට්කරුවන්ට දෙන සම්මානවලින් උනන්දු වෙලාවත් අපේ ඇනෝලා හැබෑ නම්වලින්ම අදහස් දක්වන්න පෙළඹේවි කියා හිතනවා. :)

    ReplyDelete
    Replies
    1. අපරාදේ වටිනා කොමෙන්ට්ස් කවුරුවත් නොදන්න ඇනෝ කෙනෙකුට බැර කරන්නේ...

      Delete
    2. අනිවා බස්සිවත් දැක හඳුනා ගන්න තිබුනා නම් කොච්චර දෙයක්ද ? ලබන වසන්තයේ අගදීවත් මුන ගැහෙන්න බලමු බස්සි නගෝ.....!

      මාතේ කිව්වැහේ වටිනා කමෙන්ට් කරනා ඇනෝලා තමන්ගේ ප්‍රොෆයිලයෙන් ඇවිත් ඒ කමෙන්ට් වලට වටිනාකමක් එකතු කරනවා නම් කොච්චර හොඳද ?

      Delete
  39. සිංහල බ්ලොග් කියවන්න අරන් ගොඩක් කල් උනාට අදයි කොමෙන්ටුවක් කොටන්නෙ
    මාතලන් අයියගෙ බ්ලොගෙ අනිවා හැමදාම කියවන්නෙ පට්ට මෙව්වා එකෙන්
    ජයවෙවා හැමොටම

    ReplyDelete
    Replies
    1. දැන් කොමෙන්ට් කාරයන්ටත් සම්මාන ලැබෙන නිසා කොමෙන්ට් එකක් දාන එක ගැන සලකා බලපල්ලා...

      Delete
    2. මාළුවාට වතුර ඕනේ වගේම, බ්ලොග් කාරයන්ටත් කමෙන්ට් කාරයන් නැතිවම බෑ.....එක වචනයකින් හරි කමෙන්ට් එකක් වැටෙන එක බ්ලොග් ලියන එකෙකුට කොච්චර වටිනවද කියලා ආපහු කියන්න ඕනේ නෑ......! ඉතින් අපි දිගටම කමෙන්ට් කරමු..... කවදා හෝ බ්ලොග් කරුවන් අතින්ම ඇගයීමකට ලක්වන්න පුළුවන් වේවි...!

      Delete
  40. සුන්දර වැඩක අවසානය සුන්දර විදිහට සටහන් වෙලා.. ගහට ගහක් සෙට් වෙච්චි නිසා සාදය නැගල ගිහින් කියලයි කොමෙන්ට් දකිනකොට හිතුනෙ.. අටමාන් ගෙ ෆොටෝ නිසා ආව වගේ දැනුනා.
    සුභපැතුම්..!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹ ගැනත් රවියා ආපු දවසේ කතා උනා...

      Delete
    2. හෑ...අර මක්කද? මතක් උනාටත් සංතෝසයි
      හිටිංකො අයියණ්ඩි.. තව ටික කාලෙකින් හොඳින් හරි නරකින් හරි එනව කොළොම්පුරේ පැත්තෙ.. කාලෙකින් ඩෙඩ් බොඩි වෙන්න ගැසුවෙ නෑ.

      Delete
  41. පළවෙනි අවස්ථාවට සහභාගී උනේ රවී ලොක්කව මුණ ගැහෙන්න තිබ්බ උවමනාවටමයි...
    ඒ වැඩෙන් බෝනස් එකක් විදිහට ඉන්දික උපශාන්ත ව මුණ ගැහෙන්නත් ලැබුනා...
    බොහොම සන්තෝසයි එක එකාව හරි මේ විදිහට මුණ ගැහෙන එක ගැන...
    මේ දවස් වල සති අන්තය කියන්නේ බොහොම නරක කල දසාවක්, ඒ නිසා තමයි නොම්බර දෙකට එන්න බැරි උනේ...
    දුමියා, කෙහෙල් කොටුවේ චුටි මහත්තයා එහෙම මිස් වෙච්ච එක ගැන කණගාටුයි...
    බලමු ඊළඟ වතාවක...

    උත්සවය සංවිධානය කරපු සෙට් එකට ස්තුති කරනවා වගේම සම්මාන ලද සහෘද බ්ලොග් සහ කමෙන්ට් කරුවන්ට සුබ පතනවා...
    එන්ඩ බැරි වීම ගැන සමාව භාජනයක දාල ඉල්ලනවා...

    ReplyDelete
    Replies
    1. උඹ එදාම කිව්වා නේ එන්න වෙන්නේ නෑ කියලා....

      Delete
  42. සුබ පැතුම් !! මේ වගේ සිද්දි ගැන අහන්න ලැබීමත් සතුටක්

    ReplyDelete
    Replies
    1. කෙදිනක හෝ හමු වෙමු.....

      Delete
  43. මාතලන් ලොක්කා

    බ්ලොග්කරුවන් සියල්ලෝම සුන්දර මිනිසුන් කොටසකි
    එම පුද්ගල එකතුවක් එක් තැනකට එකතුකරගැනීම අතිදුශ්කර කටයුත්තක් බව කිවයුතුනොවේ

    මේ සුන්දර මින්සුන්ගේ එකමුතුකම- සහෝදරත්වය-අවන්ක මිනිසත්කම සැමදා පවත්වාගන්න "බ්ලොග් ලෝකය" උදව්කරාවිකියලා හිතනවා

    ==Adrian from Toronto==

    ReplyDelete
    Replies
    1. හැම එකාගෙම හොඳ නරක දෙකම තියෙනවා... වටිනාකම කියන්නේ අපි හැම එකාම ඒක තේරුම් අරගෙන සිටීම...

      Delete
  44. ප්‍රමාද වෙලයි මේ පැත්තේ ඇවිත් පෝස්ට් එක කියෙවුවේ. තව තවත් බ්ලොග් කාරයෝ බ්ලොග් ලෝකයට එකතු වේවා කියා ප්‍රාර්ථනා කරනවා. බ්ලොග් ලියන සැමට ජය වේවා!

    ReplyDelete
  45. ෂා මාතෙ. පට්ට සැපක් අරන් වගේ කස්ටියම. එකොස්ටික් සංගීතෙට මමත් එකෙන්ම මනාපයි ඈ 😜 බලමු බලමු ලබන නෙළුම් යාය සෙට් වෙනකොටම දෙමාපිය තුමා සහ තුමියත් ලංකාවට අවොත් මමත් එනව. ඒ නැතත් උබ අටම සහ සිංහල බ්ලොග් එකේ "රස්ති අරියාදු" (මොකද සම්බාව්‍ය කියන ඇවුන් කියන දේවල් මට තේරෙන්නෙ නැත) ඇවුන් එක්ක අඩියක් ගහන්ටම ඕනි. ජය වේවා..!! 👊🏽

    ReplyDelete
    Replies
    1. අටමා නැතිව ගහන අඩ්ඩකින් වැඩක් නෑ ළොක්කා.... නිකං බිව්වේ නෑ වගේ...

      Delete
    2. අටමත් එක්ක සෙට් වෙලා අඩියක් ගහන්න සෑහෙන්න කාලෙක ඉඳන් ආසාවක් තිබා......උඹ ක්යන එක ඇත්ත..... අටමා හිටියේ නැතිනම් එදා හරියට පුර හඳ නැති පසලොස්වක වගේ වෙන්න තිබුනා......!

      Delete
  46. කලිං දන්නවනං මාත් එනව බං. හද ගී පොතෙන් පිටුවක් කියන්න හැක්.

    ReplyDelete
    Replies
    1. ඔරිජිනල් එකා නම් ආවා... මේ ඩුප්ලිකේට් එකෙක් වෙන්ටෑ...

      Delete
    2. මගේ ප්‍රොෆයිල් එකටත් කෙලවෙල ඒ අස්සෙ. දුමියා ,කුශ් ,සිංහයා සහ බුද්ධි හඳුනා ගන්න ලැබුන එකට සතුටුයි අම්බානට.
      අර දොඩංගොඩ ඇමතිතුමා යහතිං ගිහිංද?
      දුමියා අතුරු ආන්තරාවක් නොමැතිව ආපහු ය්‍න්න ඇතැයි සිතමි.
      ජය

      Delete
    3. හුකා.... ඒක හදා ගනින් කොහොම හරි... මටත් ඔය වැඩේ දෙසරයක් ඉතර උනා...

      Delete
    4. ඉවාන්.... දුමියා නම් යහතින් ආවා..... ඒ උනාට ඩ්‍රාමා එකේ නම් අඩුවක් නෑ........උඹ අහපු නිසා වෙච්චි දේ ඔන්න ඔහේ මෙතන කොටලා දාන්නම්.........

      මාස ගාණකට කලින් ටිකට් බුක් කරලා තිබ්බ මුළු පවුලේම නිවාඩුව රාජකාරී ප්‍රශ්නයක් නිසා හදීස්යේම වෙනස් කරන්න උනානේ.......ඉතින් කලින් ආපහු එන්න හිටපු දවසට මාසෙකට කලින් ෆැමිලි එකේ රිටර්න් ටිකට් චේන්ජ් කරන්න උනා.... කොහොමින් කොහොම හරි මට ඒ ෆ්ලයිට් එකේම සීට් එකක් සෙට් කරගන්න බැරි වෙච්චි නිසා, එදාම පැය 5කට 6කට පස්සෙ තිබිච්ච ෆ්ලයිට් එකක තමයි මම ආවේ.....!

      ඉතින් මට කලින් මගේ දරු පවුල මෙහෙට සැපත් උනා කියමුකෝ, මම හදීසියේ ජූලි මැද ලංකාවට ආපු නිසා ජූනි මාසේ ලයිට් බිල ගෙවන්න බැරි උනා......දරු පවුල රෑ 11ට විතර ගෙදර එනකොට ගෙදර ලයිට් කපලා........මේ දවස්වල ඩුබායි සමර් කියන්නේ ගෙවල් දොරවල් ගිනි පෝරණු වගේ. ඒ සී නැතිව විනාඩි පහක් හිටියොත් ආයේ ඉතින් රෝස්ටඩ් චිකන් වගේ තමයි.......අනේ මම ඉතින් එයාර් පෝට් එකේ ඉන්නකොට අපේ ගම හාමිනේගෙන් මට ආදරණිය කෝල් එකක් එනවා.......විනාඩි 20ක විතර රොමෑන්ටික් වචන ගොඩකට පස්සේ, අනේ ඉතින් ඒ වෙලාවේ හැටියට තිබිච්ච එකම සොලුයුෂන් එක තමයි ගම හාමිනේට පොඩි උන් ටිකත් එක්ක ලඟ පාත හෝටලයක නවතින්න ඇරේන්ජ් කරපු එක....

      මගේ ෆ්ලයිට් එක තිබුනේ පාන්දර 2.30ට. මම ඩුබායි වලින් බහිනකොට මෙහේ වෙලාවෙන් පාන්දර 5 යි. (සමර් නිසා මෙහේ ඒ වෙනකොටත් හොඳටම එළිය වැටිලා ). ඔන්න ඉතින් ගෙදර ආවා. ලයිට් නෑ. ගිණි රස්නෙනෙ ජනෙල් දොරවල් ටික ඇරලා දැම්මා. කුස්සියට මූන පොවන්න බෑ. ෆ්‍රිජ් එකේ තිබ්බ මස් මාලු එළවළු ඔක්කොම කෑම කුණු වෙලා පට්ට ගඳයි. ගේ ඇතුලේ ඉන්න බැරි නිසා බිල්ඩිමේ පල්ලෙහා මලබාරි කඩේට වෙලා පරාට දෙකක් කාලා තේකක් එහෙම බීල උදේ 8 වෙනකොට ගියා බිල ගෙවලා, පැනල්ටි ගෙවලා කනෙක්ෂන් එක ආපු අරගන්න. (මෙහේ ඒ වැඩේට යනේ විනාඩි 15යි ) . ඔන්න ගෙදර ආවා, ෆ්‍රිජ් එකේ තිබ්බා ඔක්කොම කුණු වෙච්ච මස්, එලවලු, ඉස්ම ගලන තක්කාලි එහෙම ඔක්කොම අයින් කරලා ෆ්‍රිජ් එක යතා තත්වයට ගන්න කොට වෙලාව 11යි.

      ඊට පස්සේ පූස් පැටියෙක් වගේ හෝටලේට ගිහිල්ලා ගම හාමිනේව ගෙදරට වඩම්මලා අපේ අම්මා කෙහෙල් කොලේ ඔතලා බැඳලා දුන්නු සම්බා බත්, වේලපු බිලින් දමා තෙල් දා තිබූ කට්ට කරවල, පරිප්පු සමග සම්බෝල තෙම්පරාදුවත් එක්ක එකට අනලා කවලා ෂේප්මන්ට් එකක් දා ගත්තා. ඔන්න ඊට පස්සෙ තමයි ටිකක් ඇහැ පියව ගත්තේ......දැන් ටිකකට කලින් නැගිටලා තමයි ඕං මේ පැත්තේ ආවේ......

      මගේ නිවාඩුව ඉවර උනේ ඔන්න ඔහොම.......

      Delete
    5. අනුවේදනීය කතාවක් දුමියෝ.... මට හිතා ගන්න පුළුවන් හාමිනා අමතපු හැටි....

      Delete
  47. සතුටුයි මාතා, සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. ඔවුන් වෙනුවෙන් බොහොම ස්තූතියි....!

      Delete
  48. සෙට් වෙන්න කැමතිම සෙට් එකක්.......

    ReplyDelete
    Replies
    1. ඔබ එනවා බලා.... අපි සිටිමු බලා....

      Delete
  49. සුභපැතුම්....

    ReplyDelete
    Replies
    1. ඔවුන් වෙනුවෙන් බොහොම ස්තූතියි....!

      Delete
  50. සියලු සම්මාන ලාභින්ට සුභපැතුම්.... ඒ වගේම සංවිධායක මණ්ඩලයටත් සුභපතනවා සංවිධානය කළාටත් ඉදිරියටත් තව තවත් සාර්ථකව කරන්න ඉඩ ලැබෙන්න කියලත්........

    ReplyDelete
    Replies
    1. ඔවුන් වෙනුවෙන් බොහොම ස්තූතියි....!

      Delete
  51. උඹෙ පැමිණීමටත්, මේ පෝස්ට් එකටත්, බ්ලොග් වසන්තය වෙනුවෙන් දුන්න බකප් එකටත් බෝමා ස්තූතියි. අපි ආයි පාරක් ඊලඟ වසන්තයෙ අනිව සෙට් වෙමු.

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ කියන්න තියෙන්නේ ගනන් ගන්න එපා මචෝ කියලා විතරයි... අනිවා ලබන සැරෙත් සෙට් වෙමු....

      Delete
  52. සම්මාන ලැබුණු හැමදෙනාටම සුබපැතුම්. ලංකාවේ බ්ලොග් සංස්කුරුතියට ජය වේවා... මේ මහන්සිය හයි හත්තියක්ම වේවා කියල හදවතිංම ප්‍රාර්තනා කොලා ඕං ඈ...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වලට හොඳ තැනක් අනාගතේ එනවාමයි....

      Delete
  53. //රවියා, මාතලන් සිතා සිටියාට වඩා බොහෝ සුන්දර මිනිසෙකු වූ අතර, පෙනුමින් බොහෝ දුරට අපේ නෙළුම් අජියාමය. //

    අන්න කතාව! මං ෙම් පාර ෙනලුම් යාය සම්මාන උත්සවය ගැන කියද්දි රවී මහතැනට ඔය විදිහට ම කිව්වා

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි ඔය රවියා කියලා තියෙන්නේ කතන්දරේ.... කිසිම වෙනසක් නෑ...

      Delete
  54. ලබන සැරේ වැඩේ කරද්දී ඔක්කෝම වගේ එකතු කරගෙන කරන්න ඇහැක් විදිහට ප්ලෑන් කරමු. මමත් දෙන්න ඇහැක් සපෝර්ට් එකක් දෙන්නම්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න