.

.

Nov 21, 2011

කතා, ආප්ප කඩේට ගිනි තියයි - LGBT (lesbian, gay, bisexual, and transgender)


කස්ටිය කියන්නේ කතා බට කැලේකට ගිනි තියලා කියාය. ගිනි තබා ඇත්තේ බට කැලේකට නොවේය. ආප්ප කඩේටය. "ගේ" කතා ලියා අත ගත්තා පමණය. දැන් ලැස්බියොන් ගැන ලියන්න වෙලාය. මේ ගැන කතා කොරනවා අඩුය. නමුත් වැඩේ නැගලාම යනවාය. අපේ සටේ හැටි එහෙමය. මතට තිතය. නමුත් තිතට මතය. පොඩි උන් බිව්වොත් මැරෙනවාය, ලෙඩ හැදෙනවාය. රජ ගෙදර බිව්වාට පුරස්නොයක් නැත්තේය. කියන්නේ මාතලන් නෙමේය. චක්කොරවර්ති වහන්සේය. කොයි වැඩෙත් සද්දම නැතුව යනවාය. නොදන්න උන්ට මෙව්වා මැජික්ය.

ගේ පොරවල්ටත්, ලැස්බියන් කස්ටියටත්, සිංහලෙන් කියන්නේ සම ලිංගික කියාය. නමුත් ඉංගිරිසියෙන් වචන දෙකක් ඇත්තේය. වචනයක් දමා ගන්න අහුබුදු ශූරීන් උන්නානම් මරුය.. ටැබූත් මෙව්වාට කියන නරි හම දන්නවාය. කස්ටිය ලස්සන නමක් යෝජනා කොරානම් වටින්නේය. නමුත් වල් කොල්ලෝ නමක් දමා ඇත්තේය. ඒ "ආප්ප දානවා" කියාය. මේවා කවුරුත් දන්න ඒවාය. නොදන්නවානම් උඹ බබාය. කෙල්ලනගේ හොස්ටල් වල වැඩේ නැගලාම යනවාය. අක්කිලාට බය නංගිලා බයට  යනවාය. චන්ඩි අක්කා කෙනෙක් ගේ ෆේවරිට් උනොත් නංගිත් චන්ඩි ශාමාය. ඒ නිසා සමහරු කැමැත්තෙන්ම යනවාය. එයා අක්කා උනාම එයා චන්ඩියා වෙනවාය. වැඩේ දිගටම යනවාය. කොල්ලෝ කියන්නෙ සමහර පාසල් ආප්ප කඩ කියාය. සමහරක් ඒවට ටෙස්ට් ටියුබ් කියාද කියන්නේය. කෙල්ලෝ මේ ගැන වඩා හොඳින් දන්නවාය.

සම හරක් කියන්නේ මේවා කන්‍යාරාමවලින් බෝ උනා කියලාය. මාතලන් ඒක පිලිගන්නට අකමැතිය මේවා ළෝකයේ, අතීතයේ පටන් පැමිනි ඒවාය. මානසික ලෙඩක් නොවේය. හෝමෝන කෙලියක්ය. මේකී හරියට කොල්ලෙක් වගේ කියන්නේ කට කහනවාට නෙමේය. ඒ පිරිමි නැකතෙන් උපන් කෙල්ලන්ය. මොකෝ අනේ හැම එකටම ඇඹරෙන්නේ ගෑල්ලමෙක් වගේ කියන්නේ ගෑල්ලමයි වගේ කොල්ලන්ටය. මේක ජාන අප්සට් ගිහින් වෙන වැඩක්ය. ජාලේ මේ ගැන ලිපි බොහෝය. ඕන කෙනෙකුට කියවා අවබෝධ කර ගත හැකිය.

ලොරෙන්සෝලා එන්න කලින් මෙහේ තිබුනේ නිදහස් ලිංගික චර්යාවක්ය. නීතී රීතී තිබුනේ නැත. බත් කනවා වගේ සාමාන්‍ය දෙයක්ම විය. නමුත් කතෝලික ආගමෙන් මේ නිදහසට සීමා පැනවීය. එතැන් පටන් නීතියට පිටින් යන ඒවා අපචාරය. සොබාදර්මෙට පටහැනිය. නමුත් වැඩේ නැගලාම යන්නේ නීතී දාපු තැනමය. ඒ ළොකේ හැටිය. ළෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ ඒ නිසාය. ලංකාවේ රජවරුන්ට අන්තප්පුර තිබුනේය. ඒවායේ 500-600 පිස්සු හැදෙන කෑලී සිටියේය. මේ පුර අඟනෝ සමග සැට් වෙන්න අගමැතිට තියා සේනාධිපතිටත් බැරිය. කිං ට පමණමය. එතකොට කිං නැති වෙලාවට අන්තප්පුරේ අය අන් කෙලියාද, ආප්ප දැම්මාද කියා සෙල්ළිපියකින් වත් සොයා ගත යුතුය.

මට නම් මෙය සුන්දර දසුනක්මය. $ 9.99 කෑලි දෙකක්ම බලන්න පුළුවන් නිසා, මේවාට කැමතිය කියා ඇනෝ කෙනෙක් කතාට කොමෙන්ට් එකක් දමා තිබුනේය. ඔය උඩ පින්තූරයේ දමා තිබෙන්නේ මාතලන් බැලූ සුන්දර බයිස්කෝප් තුනක්ය. වැලට වඩා මේවා රසය. පුළුවන්නම් බැලුවාට කිසිම අමනාපයක් නැතිය. එකක් නම්, රූපවති කෙනෙකුත් පෙන්නුවාය. කොයි රූපවතී දැයි දැන්නම් මතක නැතිය. පෙන්නපු එක "බෝයිස් ඩෝන්ට් ක්‍රයි" ය. (Boys Don't Cry) (ලංකාවේත් මේකම හැදුවෙය. නම "තනි තටුවෙන් පියඹන්න"ය. මතක් කල "ලොකු ජෝන්" ට, පතන දෙයක් වැඩි වැඩියෙන් ලැබෙනවාමය.) අනෙක් වා නම් සල්ලි දීලා අරන් බැලුවේය. "ඇන්ජලීනා ජෝලී" නංගී ඉන්න "ජියා" එකක්ය, (GIA) අනික සුන්දරම සුන්දර "ෂැරෝන් ස්ටෝන්" සහ පිස්සු හොඳම එක "එලේන්" සිටිනා "ඉෆ් දීස් වෝල්ස් කුඩ් ටෝක්"ය. (If these walls could talk) අති සුන්දර බයිස්කෝප්ය. සොයාගෙන බැලුවාට පාඩුවක් නැතිය. ලෙස්බියන් ජෝක් එකකුත් ලියලා වැඩේ නවත්වනවාය.
-0-
වෙනම එපාර්ට්මන්ට් එකක ජීවත් වෙන සූසී තම මවට ඩිනර් එකකට එන ලෙසට ආරාධනා කළේය.

හැමදාම කසාද බදින්න කිව්වත් සත පහකට ගනන් ගන්නේ නැති සූසී ගැන තිබූ සැකය. එහි සිටී රූමත් සැන්ඩ්‍රා දැකීමෙන් තවත් තීව්ර විය.

"හ්ම්.. එහෙනම් මේකී කසාද බදින්නේ නැත්තේ මේ නිසා තමයි...." කියා තමන්ටම කියා ගත් මව කෑම මේසයෙදී සූසී ගේ සහ සැන්ඩ්‍රාගේ නෙත් බැලුම් වලින් වැඩේ හරි බව සැක හැර දැන ගත්තේය.

ළිඳ ළඟ සංගමයේ සභාපතී දූරය දරන තම මව ගැන හොඳින් දන්නා සූසී තම මවගේ සැකය දුරු කළ යුතු බව සිතා "නෑ අම්මේ අපි රූම් මේට්ස්ලා විතරයි, අම්මා හිතන දෙයක් මෙතන ඇත්තේ නෑ.." කියා ෂෙප් කර ගත්තේය.

දින දෙක තුනකට පසු.... "මේ..... සූසී, ඔයාගේ අම්මා ඇවිල්ලා ගියපු දවසේ ඉඳලා, අර බත් බෙදන්න තිබුන රිදී හැන්ද නෑනේ අනේ.. ඔයා හිතනවද ඒක අම්මවත් ගෙනිච්චා කියලා.."

"මටත් සැකයි... ඒත් මම ලියුමක් ලියලම ඒ ගැන දැන ගන්නම්කෝ.. " කී සූසී අම්මාට ලියුමක් ලියුවාය.

ආදරණීය අම්මේ, මම කියන්නේ නෑ ඔයා අපෙ රිදී හැන්ද "අරගෙන" ගියා කියලා. ඒ වගෙම මම කියන්නේ නෑ ඔයා ඒක "අරගෙන නොගියයි" කියලත්. නමුත් කොහොම හරි.. ඔයා එදා රෑ කෑමට ඇවිත් ගියයින් පස්සේ ඒ රිදි හැන්ද නැතිවෙලා තියෙනවා.

දවස් කීපයකට පසු ලියුමක් එනවා සූසීට (තැපැල ඉස්ටයික් නේ..)

ආදරණීය දුවේ,
මම කියන්නේ නෑ ඔයා සැන්ඩ්‍රා එක්ක "නිදා ගන්නවා" කියලා. ඒ වගේම මම කියන්නේ නෑ ඔයා සැන්ඩ්‍රා එක්ක "නිදා ගන්නේ නෑ" කියලත්. නමුත් කොහොම හරි, සැන්ඩ්‍රා එයාගේ ඇඳේ නිදාගන්නවනම්, මේ ලියුම ලැබෙන කොටවත්, ඔය හැන්ද එයාගේ ඇඳ උඩ තිබිලා හම්බ වෙලා තියෙන්න ඕන.

මීට ආදරණීය අම්මා.
.o0O0o.
විශේෂ :- "හික් හික්", "පට්ට", "එළ", "චොර " ක්ලික් කර අදහස් දක්වන්නන්ටත් ඉතාමත් පින්. කොමෙන්ට්ස් තමයි බ්ලොග් ජීවත් කරවන්නේ..

80 comments:

  1. හරිම හදිසියෙන් ලියමි. ගංගා හරස්කර වේලි බැන්දට මිනිස් සංතානය හරස් කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. සීනි බෝලයක් කටේ දාන්න ඕන කතාවක්....

      Delete
  2. @ වෙද මහත්තයා
    ඒකනේ කියන්නේ. ලංකාවේ මේවා නීතියෙන් තහනම්. නමුත් වැඩේ නැගලම යනවා. මිනිස් අවශ්‍යතාවයන් නීතී පනවලා නවත්වන්න බෑ. හරියට කට කතා වගේ.

    ReplyDelete
  3. ඔය සමලිංගිකේ නං එච්චර හොඳ එකක් නෙවෙයි කියා හිතෙනවාාය
    boys don.t cry- කෙප්පය!

    ReplyDelete
  4. @ තනි අලියා
    හොඳ අයට හොඳ ඇතිය. ඒ ඔවුන්ගේ අයිතියය.
    ඇත්තය කොල්ලොත් අඬනවාය.

    ReplyDelete
  5. හප්පේ..එක වචනයක් සර්ච් කොරලා තමා හොයාගත්තෙ...:)))

    ReplyDelete
  6. @ නිසුපා
    ඒ වචනේ හොයා ගත්තම මේ ගැන සම්පූර්ණ අවබෝධයක් ලැබෙනවා. මේ ලිපියේ පරමාර්ථය උනෙත් එයයි. හොයාගෙන කියෙව්වට ගොඩක් ස්තූතියි..

    ReplyDelete
  7. ඔය වචනේ අපටත් කියලා දුන්නානම්...:D

    ReplyDelete
  8. මොකද්ද හප්පා ඒ එක වචනෙ? අගේ නොකර කිව්වනං බලන්න.

    ReplyDelete
  9. හැන්දෙ කතාව එල ගොයියො....

    ReplyDelete
  10. @ රාජ්
    කට්ට සම්බලත් එක්ක නම් පට්ට..
    නෑ බන් ආප්ප..

    ReplyDelete
  11. බලාගෙන යද්දී කොල්ලන්ට වැඩිය කෙල්ලෝ වල්නේ :-D

    ReplyDelete
  12. @ පොකු
    මම හිතන්නෙ නිසුපා කියන්නේ LGBT කියන වචනය. ගොඩක් ඒවුන් මගෙන් ඇහුවා ට්‍රාන්ස්ජෙන්ඩර් (transgender) ගැනත්. මේ හැම එකම විකිපීඩියා එකෙත් ඔෆ්ස්ෆඩ් ඩික් එකෙත් විස්තර කරලා තියෙනවා

    ReplyDelete
  13. @ ඔබා
    ඔන්න දැම්මා වචන දෙකක්ම. මේව කියෙව්වම මේ ප්‍රශ්නය ගැන සාධාරනව බලන්න පුරුදු වෙයි. ඔබාට නම් මේවා නතින් නේ. ගෑල්ලමයි ඔහේගේ වචනයක් මයේ හිතේ.

    ReplyDelete
  14. @ සාතන්
    කොහෙයි බන් මක බෑ උනේ. තව හැන්දෙ කතාවක් තියෙනවා. පස්සෙ දාන්නම්..

    ReplyDelete
  15. @ සමනලුන්ට වෙඩි තියන නලීන්
    ඔක්කොම මනුස්සයොනේ.. තවත් සත්ව කොට්ටාසයක් නේ..

    ReplyDelete
  16. .
    ලෙස්බියන් අනේ තව තව ලොව බිහි වෙවා
    ලංකාවෙත් අනේ මේවට නිසි තැන ඒවා
    දූවරු ඇති අයත් තව දුවෙකුට රැකවරණය වේවා
    කොල්ලනේ අනේ නුඹලටනම් සොරි වේවා

    ReplyDelete
  17. හැන්දේ කතාව කියෙව්වහම මට තවත් කතාවක් මතක් වුණා. ටිකක් සැර වැඩි වෙයි ද මන්ද, හරි නෑ වගේ නම් අයින් කරන්න.

    ලෙස්බියන් වැම්පයර් තම අනෙක් වැම්පයර් සහකාරියට කිව්වේ මොකද්ද?
    -තව මාසෙකින් හම්බවෙමු.

    ReplyDelete
  18. අර අශොක හඳගම තනි තටුවෙන් පියාඹන්න පියඹන්න කියලා ගැහුවෙත් ඔය Boys Dont Cry එකම තමයි. හැබැයි පොර කියුවෙනම් මිනිහගෙ ස්වනිර්මානයක් කියලා. එක වෙනම කතාවක් . හැබැයි ගොයියො ඕවා ප්‍රමෝට් කොරලා අපිට හූල්ලෝනව හෙම නොවෙයි ඕන්.

    ReplyDelete
  19. @ ගිම්හානී
    කොල්ලො කොල්ලෝ නම් උන් ගේ නම ගේය (Gay)
    කෙල්ලො කෙල්ලොනම් ලැස් බියෝ ලාය (Lesbians)
    කොල්ලයි කෙල්ල නම් ඉස් ට්‍රෙට් පොර වල්ය (Straight)
    ඕන එකක් අපි නම් බයි සෙක්ස්ලාය (Bisexual)

    ReplyDelete
    Replies
    1. අනේ ඔයාගේ කවි රසය නම් මරේ මරු..අයියේ....අයියා ඉගෙන ගත්තේ කොළඹ හතේ ප්‍රධාන පිරිමි පාසලේ නේද?

      Delete
  20. @ හිරණ්‍ය
    අනේ කිසි අප්සෙට් එකක් නෑ. නියම කෑල්ල. ඇත්ත නේ...

    ReplyDelete
  21. @ ලොකු ජෝන්
    තෑන්ක්ස් මම මේ නම මතක් කොර කොර උන්නේ. පෝස්ට් එකේ ලියන්න ආවෙම් නෑ. මැන්ටල් කස්ටියනේ. ඕකට නියම කතාවක් කිව්වා දිනේෂ් ප්‍රියසාද්. මේ ළෝකේ තියෙන්නේ කතන්දර 55 ක්ලු එක නිසා හැම නිර්මාණයම තව එකක කොපියක්මලු.

    ReplyDelete
  22. අනේ අර හිරණ්‍ය මොනවද කියලා ගිහින් තියෙන්නේ? අපට නොතේරෙන දේවල් මෙහෙම කතා කරන එක හරිද?

    ReplyDelete
  23. (රහසින්) හිරණ්‍ය පේන්නෙත් පොඩ්ඩක් වැම්පයර් කෙනෙක් වගේනේ. අනේ එයාට කියන්ට එහෙම එයා හොඳේ...:D:D:D

    ReplyDelete
  24. අපේ රට පාලනය කොරපු යසලාලක තිස්ස රජතුමා සහ දොරටුපාලක සුභ දෙන්නත් ගල් කාරයෝ කියල කතාවක් තියෙනවා නේද

    ReplyDelete
  25. ලෙස්බියන් එව්ව බලනකොට තීන ආතල් එක ගේ එකක් බැළුවමත් තීනවද? එහෙම නැත්තං ලෙස්බො ප්‍රොමෝට් කරන්න එපා.

    ReplyDelete
  26. @ පොකු
    ස්.......ස්...... කාටවත් කියන්න එපා. ටිකක් ඒ වගේ තමයි. බලාගෙන බෙල්ලමලු කිස් කරන්නේ..

    ReplyDelete
  27. @ ඇනෝ
    මමත් අහල තියෙනවා. මෑත දෙශපාලන චරිත වලත් ඔය හැම වර්ගෙම ඉන්නවා..

    ReplyDelete
  28. @ ඉන්දික උපශාන්ත
    සිංහභාහුට කියන්න අවංකවම නෑ. නමුත් ඒකටත් කැමති කාළයක් තිබුනා.

    ReplyDelete
  29. මොනවද මේ මං ගැන රහස් කතාකරන්නේ? ඔය රහසින් කිව්වට මට ඕව ඇහෙනවා හොඳේ. කුමාරිහාමිට කියල දෙන්න හින්ද මට ලෙස්බියන් වැම්පයර්ල ගැන රචනාවක් ලියන්න වේවි වගේ.

    ReplyDelete
  30. මගේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා ලිපියේ මං මගේම පඬිවදන් මිසක් කාමාශාව ඇතිකරවන ජූසි කතන්දර ලියන්නේ නෑ කියලා කිව්ව නිසා වෙන්න ඕනෑ මාතලන් මේ පෝස්ට් එක දාන්න හිතුවේ!

    ලෙස්බියන් කපල්වලත් හස්බන්ඩ් සහ වයිෆ් රෝල්ස් තියෙනවා. එලන් ඩී ජෙනරස් සහ පෝෂියා ඩි රොසි කපල් එකේ එලන් තමයි හස්බන්ඩ්.

    යකෝ මෙතන ගෑනු පිරිලා නේ!

    ReplyDelete
  31. @ හිරණ්‍ය
    ලියපන් ලියපන් කාලයක් මේකේ චූ ගලා ගියා. දැන් මේවා

    ReplyDelete
  32. @ කතා
    සහතික ඇත්ත කතෝ. ගොඩක් වෙලාවට එයාලා අඳින්නේ පළදින්නේ හැසිරෙන්නේ පිරිමි වගේ. "ගේ" කේස් වලත් වයිෆ් කෙනෙක් ඉන්නවා. ගොඩක් වෙලාවට "බටයා" කියන්නේ ඒ චරිතය. නමුත් ඉතින් සාමාන්‍ය ගෑණූ පිරිමි කසාදවල නම් හස්බන්ඩ්ගේ රෝල් එක කරන්නේ හාමිනේ තමයි ඉතින්. හා බොරුද...?

    ReplyDelete
  33. ගැල්ලමයි මගේ වචනයක් මම හිතන්නෙ, තව ඒවා හැදුවා මම හිතන්නෙ ඒවත් මුලින්ම කිව්වේ මම වෙන්ටෝන. වරදින්ඩ පුලුවන් හැබැයි, මේ තියෙන්නෙ ‍ඒවා,

    බුන්ට සීයා - ඔබා මාමා
    කුදුරම්බෝ - බුදුඅම්මො
    හයිඩ්‍රජන් බැලුම් බොලේ - මේක බ්ලොග්කාරියකට හැදුවේ උන්දැ කැමති නං කියයි.
    .............

    මාතලන්,

    මටත් හිතට අල්ලලා ගියේ මේකෙ හෙඩ්ලයින් එකයි හැන්දෙ කතාවයි.

    ReplyDelete
  34. අස්වාභාවික හැඟිමක් නොවෙන නිසා කැමති එකෙක් කරගත්තාවේ කියලයි මාත් හිතන්නෙ

    ReplyDelete
  35. අනේ ඒ කට්ටිය ඔහේ උන්නාදෙන්.
    ඔබත් ඔහොම ඔතන ඉන්න, මමත් මෙහෙම මෙතන ඉන්නවා.

    ReplyDelete
  36. there is an another category call "bi-curious" and they are showing some "bi sexual" curiosity but distinguish from the "bi-sexual" label

    ReplyDelete
  37. lesbian couple is same as conventional couple and there are husband and wife roles.the lesbian husband can be quickly identified by appearance as they showing least feminine but the wife role is more tender.Gay couple also the same but bit hard to identify the husband straightway but still there are some unique charterers like beard ,muscular and bold head.Moreover lesbian couple also have a privilege to get their own children and can get the "sperm" from the Donor.

    ReplyDelete
  38. @ බුද්ධි
    ෂොරිම වෙන්ඩ ඕනෑ. නියම කොල්ලෙක්නේ. හරි ලස්සනයි ඒක. හෙඩ් ලයින් එක නම් මගේ. හැන්දෙ කතාව ගොඩක් පරණ එකක්.

    ReplyDelete
  39. @ බුවා
    හැමෝම උඹ වගේ හිතනවනම් කිසිම අවුලක් නෑ...

    ReplyDelete
  40. @ Alfafox07
    Thanks for sharing the information. Any way I have never heard of the category that u mention in your first comment. Thanks again.

    ReplyDelete
  41. @ දයල් බති
    තොටුපල අයිනේ කවුද අත වනන්නේ.

    ReplyDelete
  42. අපේ රටේ හුඟ දෙනෙක් අතර වැරදි අදහස් දෙකක් තියෙනව ඔය ලේස්බියන් කට්ටිය ගැන...

    එකක් තමා එයාල පිරිමින්ව පේන්න බැරි පිරිමි පිලිකුල් කරන කස්ටියක්ය කියන එක...

    අනෙක තමා එයාල ලස්සන කෙල්ලෙක් දැක්ක ගමන් බලෙන් ඇඟට පැනල බිම පෙරලගන්න සයිස් සයිකො කට්ටියක් ය කියන එක...

    දෙකම පට්ට වැරදියි... නොදන්න කෙනෙකුට හොයාගන්න කිසිම ලකුනක් නැති තරම් උන් සාමාන්‍යයි... කොල්ලො කෙල්ලොත් එක්ක පාටි වලට යන විනෝද වෙන සාමාන්‍ය විදිට ජීවත්වෙන කෙල්ලො උනුත්...ප්‍රේමය විරහව වගේ දේවල උනුත් විඳිනව සාමාන්‍ය විදිහට... තමුන්ගෙ සහකාරිය වෙන්වෙලා කියල වේදනාවෙන් හිටපු අපේ යාලුවෙක්ව සනසවන්න බූට් කාපු කොල්ලෙක්ව ගොඩදාගන්නවට වඩා අමාරු වුණා...

    ReplyDelete
  43. @ සපතේරූ උන්නැහේ
    ඇත්ත. මාර ලව් එකක් යන්නේ එතන. ඔය බෝයිස් ඩෝන්ට් ක්‍රයි කියන්නේ ඒවගේ ෆිල්ම් එකක්. මමත් වෙන රටක ඉන්න කාළේ මේ වගේ යාලුවෝ වැහි වැහලා හිටියා. ඒ නිසා මෙයාලා ගැන හොඳටම දන්නවා. කට්ටිය දන්නවද දන්නෙ නෑ. පුරුෂ ලිඟුව තියෙන කෙල්ලො ඉන්නවා කියලා. සර්ජරි වලින් නෙමෙයි උපතින්ම.

    ReplyDelete
  44. හැන්දේ කතාව නම් පස්ටය

    ReplyDelete
  45. @ චම්මා
    හොහෙද බන් උන්නේ. වැදගත් කතන්දර පේනවනේ...

    ReplyDelete
  46. Oyage bloga 'Boga' wageya. Dual Core/4GB ram/1GB separate VGA/1Mbps download thiyana mage machine eken balana kotath page eka ihala pahala yanne harima amaruwen. Grarhics adu karoth honda.

    ReplyDelete
  47. check this out then you could find the answer
    http://www.gotoquiz.com/are_you_bi_curious

    ReplyDelete
  48. අපි තාම පුංචියි...!

    ReplyDelete
  49. @ ඇනෝ
    පිස්සුද අනේ.. මම මේ සවුන්ඩ් වත් නැති පරණ ලදරමක අපූරුවට වැඩ කොරන්නේ.

    ReplyDelete
  50. @ Alfafox07
    ha ha ha... that was fun and great. LOL

    ReplyDelete
  51. @ ගෝල්ඩ් ෆිෂ්
    වරෙන් ජංගියකුත් ඇඳන් හිල් පොල් කට්ටකුත් අරන් හරහට නාවන්න.

    ReplyDelete
  52. ලිපියනම් එලය... ලංකාවේ පේන්න නැතත් අපි මෙහේ නම් අනන්තවත් මග තොටේ දකිනවාය..

    ReplyDelete
  53. මගේ වැඩපොලේ ඉන්නවා lesbian ජෝඩුවක්...සැවොම දන්නා දෙයක්. ඒ උනත් හුඟ දෙනෙක් මූණට නොකිව්වාට 'වපර ඇහින්' බලන බව පේනව. නැති තැන ඇද talk දානව. Political Correctness නිසා තමයි බටහිර සමාජය මේ ගැන එලිපිට කතාකරන්නේ නැත්තේ. පසුගිය දොහක මගේ වැඩ්පොලේ වැඩකට මට යන්න ලැබුනා LGBT රැස්වීමකට. මේ අයගේ ජීවිත වල අභ්‍යන්තරය ගැන සෑහෙන්න දැනගන්න ලැබුනා එකෙන්. බොහෝ දෙනා කතාකරේ discrimination ගැන.
    කැමතිනම් මේක බලන්න. http://www.scotland.gov.uk/Publications/2008/02/19133153/3

    ReplyDelete
  54. @ දිනෙශ්
    ඔහේ දන්නේ නැති උනාට මෙහෙත් නැගලාම යනවාය

    ReplyDelete
  55. @ කැන්ඩියන්
    ලංකාවට LGBT හඳුන්වාදීමේ පුරෝගාමියා. ජනතාවට LGBT සපයන්නෝ. මාතලන්, කතා සහ සහෝදරයෝ

    ReplyDelete
  56. දාන්න තියන කොමෙන්ට් එක . . කතන්දරට දාපු එකම තමයි . . . .
    අමතර ටික . . .
    //විකිපීඩියා එකෙත් ඔෆ්ස්ෆඩ් ඩික් එකෙත් විස්තර කරලා //
    "ඔක්ස්ෆඩ් ඩික් එක" දාර භාංඩයක් වෙන්න ඇති නේ ????

    @පොඩි කුමාරිහාමි:
    ඔය හිරණ්‍ය කිවුව කතාව කියන්නෙ ලෙස්බියන් වැම්පියෝ දෙන්නගෙ කතාව වෙන්ටැ ???

    වතාවක් ලේ බිවුවට පස්සෙ ආයෙ ලේ බොන්න ලැබෙන්නෙ මාසෙකට පස්සෙ නෙ

    ReplyDelete
  57. //ලංකාවට LGBT හඳුන්වාදීමේ පුරෝගාමියා. ජනතාවට LGBT සපයන්නෝ. මාතලන්, කතා සහ සහෝදරයෝ //

    පේනවා..පේනවා....දෙන්නා තරඟෙට පෝස්ට් දානවා..අපිත් මැරීගෙන කොමෙන්ට්ස් දානවා...:-)

    ReplyDelete
  58. @ ඕනයා
    දවස් 28 කට පස්සේ...

    ReplyDelete
  59. අර ගිම්හානි ළමය දාල තියෙන්නෙ ඇඩ් එකක්වත්ද මන්දා

    ReplyDelete
  60. කෝ Room in Rome පිච්චර් එක අඩුයි නේ ??

    ReplyDelete
  61. @ කැන්ඩියන්
    එහෙම තමයි පුරෝගාමියෝන්ගේ හැටි. හරි ආඩම්බරයි

    ReplyDelete
  62. @ ඇනෝ
    ඒක ඉතින් එයාගෙන් තමයි අහන්න වෙන්නේ..ඒක දැකලා නෑ ඇනෝ. රූම් ඉන් රෝම් හොයාගෙන බලන්න වෙනවා

    ReplyDelete
  63. ඔය කොයිවත් කොහෙත් තියේ... වැට කඩොලු බැඳල නවත්තන්න පුළුවන්ය ආසවල්...

    ගෝල්ඩ් පිස් පොඩියි කිව්වා.... ඔය ඉතින් බලපන්කො මාතලං අයියේ...

    ReplyDelete
  64. @ පිස්සා පලාමල්ල
    සමහර උන් එහෙම තමයි. මැරෙනකන් පොඩි මහත්තයා. බබා. පොඩි හාමූ. පොඩි පුතා. හිච්චි. චූටී.

    ReplyDelete
  65. මාතලන් දාල තියෙන හැන්දේ කතාව මම අහල තියෙන්නේ අම්මයි පුතයි පුතාගේ ගෙදර ඉන්න වැඩකාරියි අතර සිද්ද වුනු දෙයක් කියල කොහොම උනත් එල ලිපියක්

    ReplyDelete
  66. @ ජීවන්
    එව්වා ඉතින් පුදුම වෙන්න කාරනා නොවෙයි නේ..

    ReplyDelete
  67. එලය.... පට්ටය.......

    ReplyDelete
  68. @ අසේල
    එහෙනම් කමක් නැත..

    ReplyDelete
  69. This comment has been removed by the author.

    ReplyDelete
  70. හැන්දේ කතාව මං වෙනත් විදියකට අහල තියෙන්නේ

    ReplyDelete
  71. මාත් හැන්දේ වෙන වර්ශන් එකක් ඇහුවේ...

    පෝස්ටුවම අගනේය

    ජය ශ්‍රී..

    ReplyDelete
  72. මාතලන් ලස්සනම එක බලල නෑනෙ "Mulholland Dr."

    ReplyDelete
  73. Pastama Pattai eaaaaaaaaa............

    ReplyDelete
  74. මගේ ලඟම මිතුරියකුත් කැමති කෙල්ලන් ට. එයා මේ ගැන දෙන උත්තරය හරිම සරළ, තාර්කික උත්තරයක්. එයා අහනවා "මම වට්ටක්කා කන්න කැමති නැහැ, ඔයා කැමති ද?" කියලා. කැමතියි කිව්වාම, "ඔයා වට්ටක්කා කද්දී මම කවදාවත් අපෝ ඔව්වා කන්න එපා... මම ආසම නැති කෑමක් ඕක.." කියලා කවදා හරි අහලා තියෙනවා ද කියලා. එතනින් එහාට මට අහන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අනිත් එක, ලෙස්බියන් කිව්වම අපි හිතන්නේ එයාලා දකින, ආශ්‍රය කරන හැමෝම ඒ වගේ කියලා. මට මගේ යාළුවා පැහැදිලි කරපු දෙයක් තමයි, අපි කෙල්ලෙක් ව දැකලා ආකර්ෂණය වෙනවා වගේම තමයි ලු එයාලටත්. හැම කෙල්ලෙක් වම අපිට ලස්සනට පෙනෙන්නේ නැහැ නේ. එයාලට ත් එහෙමලු. එයා ගේ ගොඩක් යාළුවො, ස්ට්‍රේට් අය ලු.

    ReplyDelete
  75. I've been surfing online more than three hours today, yet I never found any interesting article like yours. It is pretty worth enough for me. Personally, if all web owners and bloggers made good content as you did, the internet will be a lot more useful than ever before.

    Have a look at my blog post ... online payday loan lenders

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න