.

.

Nov 18, 2011

කෙසර ගීතය - Lion Song

සිනහසෙනු මිස
හඬා පල නැත
දරන මේ තැත
කැනහිලුන් කැල
නගනු රාවය
කෙසරු විලසින...

රැදෙන තෙක් කූඩූවේ
අපිම වෙමු සිංහයෝ
ගයති රණ ගී මුවින්
දරා සව්දිය අතින්
නෝන්ජල් කැනහිලුන්....

නොරුස්නා සුවදක්ය
බිය නිසා වෙව්ලමින්
මුව සිනා රඳවමින්
නොදැනීම පිටවේවී
අධෝවාතය සෙමින්....

දිනෙක එයි 
සත් මුහුද කලඹමින්
මහ පොලොව දෙදරමින්
මහා හඬ නංවමින්
මුරගසං වරුසාව
හෙන ගෙඩිද විහිදමින්...
අගුල් දියවී යාවී
සෑම සිර කුටියකම..

සිංහයෝ අපි වම්හ
කෙසර නද නැගුවාවූ
නෝන්ජල් කැනහිලුන්...
එකෙක් වත් ඕනෑය
පිරිතකට, තොවිලයට...
නියෝජිතයෙක් ලෙසින....

කැනහිලුනි බියවන්න
නොමැත කාරන මෙතන
සියළු සත ළොව වෙසෙන
දනී..
කැනහිලා....කැනහිලාමයි
සිංහයා... සිංහයාමයි...

.o0o.

පොඩි උන් පිනවීම සඳහා සර්කස් පෙන්නන, හීලෑ කරන ලද..... දෙන දෙයක් කා, කියන විදියට නටන සිංහයන් ගැන නොවේ.......

33 comments:

  1. well said...

    Jayanath

    ReplyDelete
  2. අර නන්දගෙ තුන් හෙලේ කැලෑතුල සිංහපැටව් සිංදුව මතක් උනා! මතක තියාගනිං අපිට වැරදුන තැන තමයි මුරුගසංවරුසාව එනකල් බලං ඉඳිල්ල. දියසේනයගෙ ඉඳල මෛත්‍රී බුදුන් දක්වා අපි බලං ඉඳී, කෙලවෙනව නොදැන!

    ReplyDelete
  3. නියම කතාව ඉන්දික

    අපි පුරුදු වෙලා ඉන්නේ කටට ඉබේ වටෙන කම්
    මහන්සි වෙලා ලබා ගන්න කිසිම කැමැත්තක් නෑ.
    කටට වැටුනොත් "හුරේ මම හරි ලකී" කියනවා
    නොවැටුනොත් "මේ අල්පේච්ච බව හොඳයි" කියනවා . .

    ReplyDelete
  4. දිරි නොගෙන ලබාගත්
    දිනුමක්
    පවතීද මේ ලොව
    එසේ නම් එය
    කිසිම වටිනාකමක් නැති
    කිසිම අගයක් නැති දෙයක්
    නොවේ කියා කිව හැකිද?
    හරියට අර
    එකදාස් නමසිය
    හතලිස් අටේ ලබාගත්
    සිරි ලංකාවේ නිදහස මෙන් . . !!

    ඉතිං නිකම් බලන් ඉමු අපි
    ලැබෙන කම් දූෂණයෙන්,
    භීෂනයෙන් තොර
    සාමකාමී නිවහල් රටක්
    බාලගිරි . .
    අද නෙමේ හෙට . . .!

    ReplyDelete
  5. ඉන්දිකගේ කතාව ම තමයි මටත් හිතෙන්නෙ කියන්න තියන එකම කතාව කියලා!!!!

    ReplyDelete
  6. කැනහිලා සිංහයාට ගූ බයයි. උගේ ෆුල් ෆොස් එක දාල සිංහයා කූඩුවට දාල වටේ හොක්කි හොක්කි කියල නටනවා, සිංහයා එලියට එනකන්.

    ReplyDelete
  7. @ ජයනාත්
    තෑන්ක්ස්...

    ReplyDelete
  8. @ ඉන්දික උපශන්න්ත
    නන්දා නැන්දා කියන ජාතියේ සිංහයෙක් නේ උඹත්. මම ආසයි නන්දා නැන්දා රෝහන මාමාට කියලා මියුසික් දාලා මේකත් ගයනවනම්. ඒත් දැන් එයාලගේ කන් ඇහෙන්නේ නෑ. පව්. යකෝ කවියන්ගේ මුරගසන් වරුසාව ඉක්මනටම එනවා. ඇත්ත එක වගේ නෙමේ. ඒ වරුසාව පටන් ගන්න හොඳ මෝසම් සුළඟක් විතරයි නැත්තේ. මෝසම් සුළඟ හිර කරලනේ..

    ReplyDelete
  9. @ දුකා
    කොහොමත් ලංකා ඉතිහාසයේ වීරයෝ දෙන්නයි ඉන්නේ සිංහළ ජනතාවට. කෙනෙක් "දුටු" ගැමුණු, අනෙකත් ඒ පැත්තෙම, "චන්ඩි" මහින්ද. නමුත් මේ දෙන්නටම උදව් කල පිරිසකුත් ඉන්නවා. ඒ නොදියුණු යුගයේ එළාරගේ සොහොනටත් ගරු කරන්න තරම් දියුණු සමාජයක් සිටියා. ඒකට බුද්ධාගමත් ඉවහල් වෙන්න ඇති. රහතන් වහන්සේලත් උන් යුගයක්නේ. නමුත් අද.. කියන්නත් ලැජ්ජයි..

    ReplyDelete
  10. @ අරුණී ෂෆිරෝ
    මුරුගසං වරුසාව කිව්වේ ජනතා බලයට..

    ReplyDelete
  11. @ ඇනෝ
    සිංහයා එළියට ආපූ දවසට.. හෙහ් හෙහ්.. මේකම තමයි .. චරිත වෙනස්...

    ReplyDelete
  12. @ පිස්සා පලාමල්ල
    මේ රටේ සිඳුවීම් සිඳුවන්නේ වෙගයෙන්. අමතකවීම සේම..

    ReplyDelete
  13. මාතලන්,
    දන්නවා නේද වීදුරු කටු කෑවම මිනිස්සුන්ට වෙන දේ. ආන්න ඒක තමයි දැන් අපිට වෙලා තියන්නේ.

    ReplyDelete
  14. @ වෙද මහත්තයා
    දන්නවා, දන්නවා, අපොයි මොකෝ මම නොදන්නේ... ඔබ හරි....

    ReplyDelete
  15. සුදු කොඩි නඩුව ඉවරයි. ඒකේ ප්‍රතිපලය තමයි සුදු කොඩි කතාවට නීතිමය අර්තකතනයක් ලැබීම. ජාත්‍යන්තරව තියෙන ගැටළු වැඩි වෙන්න පුළුවන්. ඒත් ජෙනරල් තුමාට මේ වගේ පක්ෂග්‍රාහී පළිගන්නා තීන්දුවක් ලබාදුන් නායකයින් වෙනුවෙන් මේ රටේ සියළුම ජනතාවට හදවතට එකගව පෙනී හිටින්න පුළුවන්ද? ඒ නායකයන්ට එදාට මේ රටේ ජනතාවගේ සහාය ඉල්ලන්න පුළුවන්ද?

    එක හීනෙන් එළිවෙන්නෙ නෑ කට කහනවටයැ....

    ReplyDelete
  16. @ තිසර
    කන අතගාන්න කශේරුකාවක් තිබුන එකෙක් හරි හිටපු එක ළොකු දෙයක්. මට මේ වෙලාවෙ මතක් වෙන්නේ ජේකොබ් සූමා ගැන ඇඳපු ළොකප්‍රසිද්ධ කාටුන් එක.. ඒකේ චරිත විතරයි වෙනස්...

    ReplyDelete
  17. එයිද මුරුගසං වරුසාව . . . .???
    නැත්තං
    වෙයිද අමතක පුරුදු පරිදිම. . . .???

    //පොඩි උන් පිනවීම සඳහා සර්කස් පෙන්නන, හීලෑ කරන ලද..... දෙන දෙයක් කා, කියන විදියට නටන සිංහයන් ගැන නොවේ.......//

    මේක තමයි මට නැගලම ගිය කෑල්ල

    ReplyDelete
  18. @ ඕනයා
    එනවා එනවා ළඟදීම එනවා. දැක්ක නේද ගිගුරුම් නද..

    ReplyDelete
  19. මුරුගසන් වර්ෂා අමුතුවෙන් වහින්න දෙයක් නෑ. අප්‍රෙ රටේ පාර්ලිමේන්තුවෙ උන්ගෙන් 95% විතරයි සමාන්‍ය උන්ගෙන් 80% විතරම මුරුගයො තමයි. අර අහින්සක දොස්තර මහතයට කරපුදේම පේන්නෙ නැද්ද? අහින්සකයො සහ සුදුස්සො දුක් විදිනවා, මුරුගයෝ ඔක්කොම උඩ පුටුවලටයි පිටරටවලටයි යනවා!

    ReplyDelete
  20. @ අන්නෝව්න්
    ඉන්න බුද්ධිමතුන් ජනතාව ගොනාට අන්දමින්. පිට රටින් දෙන දේ කාලා. රජතුමාට ප්‍රසස්ති ගායනා කරනවා.

    ReplyDelete
  21. අනේ මන්දා ඇයි අපේ මිනිස්සුන්ට තාම සිංහයාගෙයි කැනහිලාගෙයි වෙනස අඳුනාගන්න බැරි...මෙච්චර කාලයක් සිංහයෝ වගේ පෙන්නගෙන හිටපු කැනහිලෝ ...කේ ඇරලත්.

    ReplyDelete
  22. @ කැන්ඩියන්
    අපේ ජනතාව එහෙම කර ගැනීඅ වීර කමක් ලෙස සලකන ජාතියක්. අදත් අර බූරූවා ජනමූල නායකයෙක් ගැන කෑගැහැව්වේ ආන්ඩුවේ වයර්ලස් එකේ.

    ReplyDelete
  23. නියමයි මාතලන්....

    ReplyDelete
  24. @ දිනේෂ්
    ටැන්කූ.....

    ReplyDelete
  25. මරු අයියේ ඈ... මෙව්වට ඉතිං ලොකු ​ලොකු කමෙන්ට් දාන්න අපි තාම චූටි වැඩියි නොවැ...

    ReplyDelete
  26. @ මාළු පැටියා
    පිස්සුද උඹලා තමයි මෙවල පෙරමුන ගන්න ඕන.නමුත් හැඟීම් වලින් නෙමෙයි. බුද්ධියෙන්. හැඟීම් වලින් විසඳන්න ගිහින් කට්ටියක් නැති උනා. උතුරේ සහ දකුණේ දෙසරයක්ම....

    ReplyDelete
  27. කියෙව්ව කොමෙන්ට් ටිකත් එක්කම, මොනව කියන්නද කියල හිතාගන්න බෑ, මාතලන්.

    ReplyDelete
  28. @ ඔබා
    ඇත්තම කතාව ඒක තමයි....

    ReplyDelete
  29. කැනිහිල්ලු රැල එකතු වෙලා නියම සිංහයෙකුට කරන අපරාදෙ දැක්කහම කලකිරෙනව. සිංහයා එලියට ආව දවසට මේ දේම වෙනව කියන එකට මම ඔබත් එක්ක එකඟ නෑ. මොකද කැනහිලොයි, බල්ලො, පූසො, කොටි, වලස්සු හිටියට කොන්ද කෙලින් තියෙන සිංහයෙක් වෙන නෑ ..

    ReplyDelete
  30. @ කක්කා
    නමුත් සිංහයා අති දරුණුයි. කූඩූ කළ සිංහයා ඊටත් වඩා දරුණුයි. නිදැල්ලේ හැසිරෙන්න දැම්මොත් නම් විනාශයක්මයි.. නමුත් මේ සිරගත කිරීමට මම විරුද්දයි. අර ඉස්සර වගේ නාවික හමුදා මූලස්ථානයේ තිබ්බම ඉවරයි. එලියට දාන්න බයනම්.

    ReplyDelete
  31. කක්ක නෙමේ මම 'කැක්කා'November 24, 2011 at 2:57 AM

    මාතලන්. මම පෞද්ගලික කැමතියි මේ වගේ සිංහයෙක් ඇවිත් මේ රටේ ඉන්න හොරු, පාතාලයො, දූශකයො වගේ රටට වින කරන එවුන් විනාශ කරල දානවට. මේ වගෙ සිංහයෙක් එක අවුරුද්දක් මේ කැලේ රජ වුනා නම් ඇති.

    ReplyDelete
  32. @ කැක්කා
    සමාවෙයන්.. නම වැරදියට ලියුවට.. බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව ඒක තමයි..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න