.

.

Nov 10, 2011

චූ බර - Pee Stories


චූ කතා පටන් ගත්තේ කතන්දර මහතාය. ඒ මහතා චූ කතා, ජොක්කුන්ගේ කතා, කයි කතාවලට පොරොසිද්ද කෙනෙක්ය. මමත් ඉස්සර චූ කතාවක් ලියුවේය. ඒ කාලේ බොග්වල කවුරු කවුරුත් චූ කළේය. චූ ගලා ගියේය. කොල්ලො කොහොමත් චූ වැඩ වලට පොරොසිද්දය. කොල්ලන්ට ඒක වටින්නේ ඒකට වෙනම් ගැජට් එකකුත් තියෙන නිසාය. අත දරුවා කාලේ ඉඳන් මැරෙනකම් කොරන්නේ ඕක අල්ල අල්ල ඉන්න එකය. පොඩි කාලේ ජොලියට ඇල්ලුවාට. ලොකු වෙනකොට අල්ලන්නේ වල් කොමටය. තව තව කතාය. ඉස්සර "සිනා" කියා පත්තරයක් තිබුනේය. ඒකේ තේරවිලි වලට මේ ගැන ගැන ලස්සන කතා කියා තෝරන්නට තිබුනේය. මේ චූ කොරන ගැජට් එකට මීයා කියාද කියන්නේය. කොල්ලෝ කියන්නේ වයසට ගියාම සීයා බුලත් කොටන විට සීයාගේ මීයා පස් කනවා කියාය.

කෙල්ලන් චූ කොරන හැටි කත කරන්නට නොයන්නේය. මොකද එතකොට පෝස්ට් එකේ චූ කලා වගේ වෙනවාය. දවසක් පොඩි එකෙක් කලබලයෙන් අම්මා වෙත දුවගෙන ආවේය. මොකද පුතේ කළබලේ කියා ඇසුවාම ඌ කිව්වේ, අම්මේ මාල වැදේ ඒහා ගෙදර චූටී ගේ ජුන්ඩා මුකටියා කඩා ගෙන ගිහිල්ලා කියාය. පොඩි උන්ට ජංගි අන්දන්නට පටන් ගත්තේ මුගටි කඩාගෙන යන නිසා විය හැකිය. කිඹුලා කඩාගෙන ගිය කතාවකුත් ඇත. එහෙම කට්ටිට. හැන්දැවට ඩුප්ලිකේසොන් රෝඩ් එකේ ඉන්නවාය.

සමහර තැන්වල ලියා තියෙන්නේ මුත්‍රා කිරීම බල්ලන්ට පමණයි කියාය. ඉතින් අකුරු කියවන්න පුළුවන් බල්ලෝ, බල්ලන්ට වෙන්කර ඇති ස්ථානවල පමනක් චූ කොරනවාය. එහෙම කොරන්නේ සල්ලි දීලා චූ කරන තැන්වලට වඩා බල්ලෝ චූ කරන තැන් පිරිසිඳු නිසාය. අනිත් තැන් නම් කෙල්ලෝ කීයටවත් දන්නේ නැති තැනක්ය. ඒවා නම් බාර් හා රෙස්ටුරොන්ට්ය. සමහර උන් ගොඳට ගැහුවම ගෙදරට අහු නොවෙන්න බුලත්, ටොපි, පේර කොල කනවාය. එහෙම කොරන්නට උවමනා නැත්තේය. බීපූ තැන ටොයිලට් එකට ගියහම හරිය.අරක්කු ගඳ කීයටවත් නොයෙන්නේය. නෝනා හිතන්නේ ගුණසිංහපුර ටොයිලට් එකට ගිහින් කියලාය. ඒකට ගියේ මොකෝ කියා නෝනා බනිනවාය. ඒ ඇඳුම් හෝදන්නේත් වෙනමය. පුදුම සුවඳක්ය. ඇඟ කිලිපොලා යනවාය. පැරීසියේ විලවුන් සාප්පුවකට ගියා වගේය.

කොමඩ් දාලා හොඳට තිබුනත් එසේමය. මහත්තුරු හිතන්නේ වලට දැම්මොත් කචල් කියාය. ඒ නිසා කක පුරක පුරක වටේට දානවාය. ෆ්ලස් කොරන්නේ නැතිය, ජල සම්පත සුරකිනවාය. චූ සම්පත පැතිරෙනවාය. ජනාධිපති කෙනෙක් අනික් වැඩෙත් මේස් එකකට දමා මේ විදියට කළා කියා වල් කොල්ලෝ කියනවාය. අන්දරේගේ කතාවකුත් තියෙනෙවාය. කොහොම හරි මේ බර හැදුනොත් ඔක්කම බරවල් පරාදය. අනිත් බරත් ඒ වගේ උනාට ඒක කලිසමේ දාගත්තත් නෝ ප්‍රස්ය. මොකෝ බුක් එක ජජ් කොරන්නේ කවර් එක බලලාය. ඒ කියන්නේ මූන පැත්ත බලලාය. ඒ නිසා චූ ගියෝත් කාටත් පෙනෙනවාය. ඒ නිසා බර වැඩි උනාම ඉස්මොනට සැහැල්ලූ කොර ගත යුත්තේය. නැත්තන් මුත්‍රා අඩස්සිය හැදෙනවාය. ඒක හැදුනොත් මළ විනාසොයක්ය. බඩත් කොරවෙනවාය. දවස් ගානක් දුක් විඳින්නට වන්නේය. ඒ නිසා අහු වෙන තැනක කොරනවාය. ඒ අතින් නම් පිරිමියෙක් වෙලා උපදින්න පින් කොරන්න ඕනෑ කියන කතාව ඇත්තක්මය.

දියවැඩියෝ කාරයන්ට හැම තිස්සේම චූ බර වෙනවාය. අර්ෂශ් කාරයන්ට අනිත් වැඩේ වගේය. අපේ සෙට් එකෙත් එහෙම එකෙක් ඉන්නවාය ඌට කියන්නේ චූලා කියාය. මම කියන්නේ චූලෝදර කියාය. ඒ කියන්නේ චූ පිරුන උදරය කියන එකය. බය උනාමත් චූ බර වෙනවාය. ඒකට හෙතුව වෙද මහත්තයාගෙන් හෝ නලිනි නෝනා ගෙන් අසා ගත යුතු වන්නේය. ලජ්ජාවටත් හැදෙන්නේය. කොහොම හරි මේ බර පාර්ලිමේන්තු පනත් වලටත් වඩා බරය. මෙච්චර කතාවක් කිව්වේ චූ බරේ බැරෑරුම් කම වටහා දෙන්නටය. ඊයේ පෙරේදා "උන් දීපූවා අපි ගන්න. අපි අරන් තොට දෙන්න..."  කියනා පනතක් සම්මත කොර ගත්තේය. ඒ වෙලාවේ ඔක්කෝටම පාරිමේන්තුවේ ඉන්න කියා ලොක්කා කීවේය. ඒ උනාට 4-5 දෙනෙකුට හුජ්ජා බරක් හැදුනේය. පනතට වඩා, චූ බර, බර වැඩි නිසා ඒ අය චූ කොරන්නට ගියේය. කරුමෙට ඒ වෙලාවෙම මේ පනත සම්මත කර ගත්තේය. අරගොල්ලෝ චූ කොර එන විට සම්මත වෙලාය. වල් යක්කු ඒ ගැන එක එක ඒවා ලියනවාය. සම හරක් කියන්නේ ඇමතිකම් වලටත් කෙලවෙයි කියාය.

ඒ උනාට ලොක්ක එහෙම කොරන එකක් නැතිය. මොකෝ මේ ගොල්ලොන්ගෙන් එකෙක් සරම උස්සා පූල් එකටත් චූ කොරපු නිසාය. ඒ නිසා මෙයට ඊළඟ පනත තෙක් සමාවක් දිය යුතු වන්නේය. එදාටත් චූ කරන්න ගියොත් නම්, චූ කොමිසමක් පත් කර පියවරක් ගත යුතු වන්නේය. කොමිසන් මණ්ඩලයට, චූ කරන්න නොගිය වාසූ, ඩීව්, හා තිස්ස යන රජ තුන් කට්ටුව පත් කොල හැකි වන්නේය. නමුත් චූ කල උන්ට විරුද්ධ තීරණයක් නම්, එයට විරුද්ධව උසාවී යා හැකි පරිදි නිර්දේශ ඉදිරිපත් කල යුතු වන්නේය. එසේ නොමැතිනම් "ප්ලීස්.... මේ අයි ගෝ ටු ද බාත්-රූම්"  කියා කතානායකගෙන් අවසර ගෙන ටොයිලට් යන ක්‍රමයක් ඇති කළ යුතුය.

-0-

චූ කොරන්න ටොයිලට් වෙත ගිය කලට
සම්මත වෙලා පනතත් අපෙ කරුමයට
ඊළඟ පනත සම්මත වෙන වෙලාවට
කක්ක ගියත් ඉන්නව සෑර් පුටුව උඩ

-0-


දවසක් ඩෝප් කාරයෙක් වෙරි මරගාතේ චූ බරවෙලා ලේඩීස් ටොයිලට් එක ට රින්ගුවේය වැඩේ අහවර කොර ජුන්ඩාත් අතින් ගෙන අනික් පැත්ත හැරුණා පමණි,
"චිකේ..... ඊඊඊඊඊඊඊඊඊඊයායායායායා......." කියා කෑ ගසාගෙන නෝනා කෙනෙක් කම්මුල් දෙකේ අත් දෙක ගසාගෙන මෙසේ කිව්වාය.
"මේක කාන්තාවන්ට පමණයි.."
"ඉතින්.. ඉතින් මේකත්, කාන්තාවන්ට පමණයි තමයි...."
කී මහත්තයා ජුන්ඩා ඇතුලට දමාගෙන සිප් එකත් දමාගෙන යන්න ගියේය.

-0-

48 comments:

  1. මම මේ බැලුවා මාතලන් යන්නේ කොහේද කියලා. අන්තිමට නේ තේරුනේ. අනේ අර ලෙමන් පෆ් මහත්තයා පව්, අනිත් මහත්තයාත් පව්, (අර උපාසක මහත්තයා.) පව් අනේ එයාල එහෙම නරක ලමයි නෙමෙයි. ඒත් චූ බර මහ බරක්නෙ. මොනවා කරන්නද. ඔය ලමයි නරක වැඩ කරන්නේ නැහැ. වැඩිහිටියෝ කියන එක හොඳට අහනවා. පව් අප්පා කනේ පොරොප්ප ගහගන්න අහගන්න ඇති නේද?

    ReplyDelete
  2. @ වෙද මහත්තයා
    මම හිතන්නේ. ලෙමන් පෆ් නාට්ටිය වගේම. චූ නාට්ටියක්ද කොහෙද.. උපාසම මහත්තයා මාලෙත් එක්කන් ගොහින් තියෙන්නේ..

    ReplyDelete
  3. //මහත්තුරු හිතන්නේ වලට දැම්මොත් කචල් කියාය. ඒ නිසා කක පුරක පුරක වටේට දානවාය.//
    වතාවක් මම ටොයිලට් එකක නෝටිස් එකක් ගහල තියනව දැක්කා "මහත්වරුනි . . එය ඔබ හිතනා තරම් දිග නැත" කියල

    මාතලං හවසට හවසට ඩුප්ලිකේශන් පාර පැත්තෙ යනව වගේ . . .

    ReplyDelete
  4. "ඉතින්.. ඉතින් මේකත්, කාන්තාවන්ට පමණයි තමයි...."
    මරු කතාව.....

    ඇන්ඩයියට බ්ලොග් කියවන්න දැන් ඕන තරම් වෙලාව තියෙනව වගේ.....

    ReplyDelete
  5. චූ කරන්නට අරක තිබුණාට කෙළින් ඉන්නට කොන්දක් තිබුණාදැයි සොයා බැලීමද වටිනවාය.

    වරක් චූ කර දෙවරක් සොලවන්න යනුවෙන් ඉස්කෝලේ ටොයිලට් එකේ ලියා තිබුණාද මතකය. කෙසේ වෙතත් ගෑණු 10ට පෙන්නුවත් එක කොල්ලෙකුටවත් පෙන්නන්න එපා කියා උපදේශයක් තිබුණේය. "මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය" කියලා කතාවක්ද තිබ්බේය. ටීචර් කළු ලෑල්ලේ ලියා මේ ලියලා තියෙන්නේ කා ගැනදැයි කොලු කුරැට්ටන්ගෙන් ඇසුවේලු. එකෙක් කීවේ ෂුවර් එකටම සීයා ගැන කියාය. කළුලෑල්ල දුටු ටීචර්ටද එහෙමම හිතුණාලු. "ම" යන්න වෙනුවට ලියා ඇත්තේ "ප" යන්නය.

    ReplyDelete
  6. හපොයි දෙය්යනේ...මේවට ඉතිං මොනවා කියනවාද කියලා හිතාගන්ටත් බෑ...:D

    ReplyDelete
  7. මේ දවස් ටිකක් සීතල නිසා වෙන්නැති මාතලන් අය්යට මේ වගේ කතා මතක් වෙන්නෙ ....

    ReplyDelete
  8. මෙතෙන මේක ගැන අදහස් දක්වනවා කියන්නේ, පුංචි කාලේ ඉඳන් ආදරෙන් බලා ගත්තා එක කපා ගන්නවා වගේ වැඩක්...!

    ReplyDelete
  9. චූ කරන්න ගිය එක හොඳයි ඉන්න තැන තෙමාගන්නෙ නැතිව .

    …අර කාන්තාවන්ට පමනයි කතාවනම් නියමයි

    ReplyDelete
  10. හනේ හෆොයි...අන්තිම කතාවනම මල් හතයි

    ReplyDelete
  11. ඇත්තද මාතලෝ ඔය කෙල්ලො කොහෙ හරි ට්‍රිප් ගියාම පොල් කොලයක් කඩාගෙන හිටගෙන චු දානව කියන්නේ ඒක දිගේ?????
    හික්ස්
    කතාව නම් මල් හතයි!

    මාත් දැකලා තීයනවා ටොයිලට් එහෙක "හුජ්ජ කර බි** දෙවරක් සෙලෙව්ව්වත් අන්තිම බිංදුව ජොකා සතු වේ"කියලා ලියලා තියනවා
    මං කොහෙද මන්ද දැක්කා දැන් ඕවා එකතු කරලා පොතකුත් ගහල තියනවා ශ්‍රී ලංකාවේ වැසිකිලි සාහිත්්යයද මොකක්ද කියලා! ..

    ReplyDelete
  12. සමතැන ඉල්ලන කාන්තා පාර්සවේ අයට මමනං කියන්නෙ හිටගෙන චූ කරල පෙන්නන්න කියල.(හැබැයි තනි කෙලින් ඉන්නත් ඕන කකුල් දිගේ බේරෙන්නත් බෑ...):(

    ReplyDelete
  13. @ ඕනයා
    නියම කස්ටියය. පාටි වලට ගෙනාවාම පට්ටය. එලිවෙනකන් උනත් නටනවාය..

    ReplyDelete
  14. @ පිසාචයා
    අනේ නෑ බන් අද පොඩි නිවාඩුවක් ලැබුනා..

    ReplyDelete
  15. @ තිසර
    අනිත් කතා දෙක නම් අසා තිබුනේය. "පරණ තුනක්" කතාවනම් පට්ටය...

    ReplyDelete
  16. මාතලං . . .
    කොළඹ ඉන්ටකොන් එකේ ඉතිහාසයටම පලවෙනි වතාවට ජා ඇලිං ඉම්පොර්ට් කරන ලද සෙට් එකක් නටවා වාර්තාවක් තැබුවෙමි. ලඟදීම මගේ බ්ලොගේ ඡායාරූපයක් බලාපොරොත්තු වන්න . . .

    ReplyDelete
  17. @ පොඩි කුමාරිහාමී
    හිතලා... පස්සේ හරි මොනවා හරි කියන්නකෝ..

    ReplyDelete
  18. @ ගිම්හානී
    නෑ කෙල්ලේ මේ පනත් පාස්වෙනවනේ.. ඒකයි...

    ReplyDelete
  19. @ මාළු පැටියා
    කස්ටියක් නම් කොන කපා ගන්නවාය..

    ReplyDelete
  20. @ ලොකු ජෝන්
    අම්මපා එහෙම වුනා නම් හෙම වස ලැජ්ජාව නොවැ..

    ReplyDelete
  21. @ චම්මා
    මල් හතයි.. කැවිලි හතයි.. බුලත් හතයි..

    ReplyDelete
  22. @ සබිත්
    උඹත් නියම පොරක්නේ. මගෙන් අහල හරියනවය. කෙල්ලෙක්ගෙන්ම තමා අහන්න වෙන්නේ. මමත් දැක්කා ඔය වගේ පොතක් තියෙනවා..

    ReplyDelete
  23. @ රාජ්
    නිකමට හරි උන් කිව්වොත් කොහෙමෙයි. ඉඳගෙන ෂූෂ් සද්දෙත් එක්ක අපිට කොරල පෙන්නනෙයි කියලා.. කටෙන් තමයි ෂූෂ් ගාන්න වෙන්නේ.. ඒ නිසා නිකම් ඉමු...

    ReplyDelete
  24. machan oya lemon puff la upasakala ayath wenne genuth nowana pirimith novana set ekata but ekama wenasa me rata ethule api unta pimpiyo kiyanawa wenuawata deshapremiyo kiyanawa.....

    ReplyDelete
  25. කෝච්චි වල ගහල තියෙන්නෙ නෝටිස් එකක් 'කාන්තාවන්ට පමණයි' කියල. ඕනය වගේ අසමජ්ජාති එව්වො වෙන්නැති, ඕකෙ 'පමණයි' කියන එකේ 'ම' යන්නයි 'ණ' යන්නයි කුරුටු ගානවනෙ.

    ReplyDelete
  26. "ඉතින්.. ඉතින් මේකත්, කාන්තාවන්ට පමණයි තමයි..."

    මේකනම් පට්ටම කතාව.. අර කවියත් ඒ වගේම තමයි...

    ReplyDelete
  27. අපේ ලොකු බාහුට පැම්පර් නැතුව ඉන්න පුරුදු කරන කාලෙ දුර ගමන් යනකොට පොඩි ප්ලාස්ටික් බෝතලයක් අරන්ගියා. හය්වේ එකේ නවත්තල පාර අයිනෙ චූ කරවන්නයැ. ඉතින් අරුත් ජුන්ඩ අරකට දාල අගේට කොරනව, පස්සෙ බෝතලේ වහල පිටිපස්සෙන් තියන් ඉඳල නැවැත්තුව වෙලාවට හිමීට ඩස්බින් එකට දානව.
    ලොකු සයිස් ඩයපරුත් නැති එකේ මුන්ටත් කට කපපු බෝතල් ටිකක්වත් දුන්නනම් ඉවරනෙ.
    ඒක නෙමෙයි ලොක්ක, නරකද මේ වගේ උන්ව ඊළඟ කොමන්වෙල්ත් එකේ ජිම්නාස්ටික් ඉසව්වලටවත් දැම්මොත්. කොන්දත් නැතිව ඉන්න එකේ එළට නැවෙන්නත් ඇහැක් ඇතිනෙව!

    ReplyDelete
  28. @ ඇනෝ
    දේශප්‍රේමියෝ කියන්නේ. එකේ හොඳම එක. හැබැයි මුන්ම තමයි තත්පරෙන් දේශද්‍රෝහියා වන්නේත්..

    ReplyDelete
  29. @ ඔබා
    එතකොට බස්වල පුජ්‍ය පක්ෂය ස්ඳහා වෙන්කර ඇති කියන එක වෙනස් කරන්නේ ඩිපෝවේ කස්ටියම වෙන්නෑ..

    ReplyDelete
  30. @ දිනෙෂ්
    තැන්කූ මචෝ...

    ReplyDelete
  31. @ ඉන්දික උපශාන්ත
    පිස්සුද සිංහයෝ. ඊට ඉස්සෙල්ලා තව ගේම් කීයක් තියෙන්වද. තාම හෙලිකොප්පරයක් වත් නෑනේ..

    ReplyDelete
  32. ආයෙ කොමෙන්ට් දාන්න දෙයක් ඉතුරු කරලා නෑ. ඔක්කොම කියලා ඉවරයි.වල් යක්කු. අපි නං ඔහොම නෑ.
    මම අදමයින් ආව. දන්නෙ නැති හින්දා අහන්නෙ. අර ඉන්දික කාටූන් එකේ ඉන්දික මාතලන්මද? ඒ කාටූන්ස් නම් කියලා වැඩක් නෑ. පට පට පට්ටයි.
    henryblogwalker the Dude

    ReplyDelete
  33. @ ඩියුඩ්
    වෙල්කම් කිව්වා එහෙනම්. අනේ නෑ.. ඌ ටැලන්ට් සාගරයක්. මගේ සයිබර් යාළුවෙක්.

    ReplyDelete
  34. ela..maru katawa..89 parlimantuwa bomba wadunu walawa samaharakge cu karana akth ahimi una aka prthi palam tawa kanak paralimahtu giya..

    ReplyDelete
  35. සහතික ඇත්ත මාතලන් කොල්ලෙක් වෙලා උපදින්න නම් පින් කරලා තියෙන්න ඕන ..

    ඉස්කෝලේ කාලේ මතක් වුණා !

    ReplyDelete
  36. @ ඉන්දික දිසානායක
    හහ්.... හහ්... හා..
    "මැදපු කමිස තුන" කතාව මතක් උනා...

    ReplyDelete
  37. @ සඳරූ
    හොඳ හොඳ සෙල්ලම් වෙන්නැති ඒ කාළේ....

    ReplyDelete
  38. අන්තිම කතාව මරු..
    මටත් චූ බර වගේ මම යනෝ...

    ReplyDelete
  39. @ ප්‍රසංග
    ඉක්මනට පලයන් ... නාන්න ඉස්සර..

    ReplyDelete
  40. මේවා ඊ මේල් වලින් බලන නිසා බ්ලොග් එක පැත්තේ එවෙනවා අඩුයි!

    මෙන්න වැසිකිලියක තිබුණු ගි පදයක්...

    එදා රෑ
    වැසී කිලියේ දී මා
    මුත්‍රා කළේ.......
    සිතකින් නොවේ!

    ReplyDelete
  41. @ කශූ
    මීට පස්සේ ඊ විදින්නේ නෑ ඕන්...

    ReplyDelete
  42. උරුමෙටයි, ලෙමන් පෆ්ටයි ඉතින් හැමදාම චූ බර හැදෙනවා ඔය වගේ පනත් ගෙනාපුවාම.

    චූ කරනවා කියලා වෙන මොනවාවත් කරනවාද දන්නෑ මේ ගොයියලා!

    ReplyDelete
  43. @ කැන්ඩියන්
    බන භාවනා කොරනවා වෙන්නත් පුළුවන්...

    ReplyDelete
  44. //බන භාවනා කොරනවා වෙන්නත් පුළුවන්..//

    චූවා දිහා බලාගෙන :-)

    ReplyDelete
  45. චූ බරත් හැදුනා මේක කියවලා.... සුපිරිය...

    ReplyDelete
  46. @ පිස්සා පලාමල්ල
    දුවපන් තෙමා ගන්නේ නැතුව.. තෑන්ක්ස් මචන්..

    ReplyDelete
  47. මේකත් කාන්තාවන්ට පමණයි කතාව පට්ටයි ඕයි

    ReplyDelete
  48. @ නෝටියා
    ඕයි කියන්නේ අපි එම්.පී ලද ඕයි....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න