.

.

Dec 14, 2011

බන්ඩලාගේ හාවා - Banda's Rabbit


ජනක බන්ඩා...රගෙ හා           වා
කැරට් අරන් ආ                        වා
ජොනියා බුහ් ගෑ                      වා
බයේ පැනලා දිව්                      වා

හාවෝ කොළඹ අ                   වා
පෙට්ටි එපා කී                          වා
වාසූ මාමා ආ                            වා
ගොනාට ඇන් දූ                       වා

දඹුල්ලටත් ආ                          වා
පොලොස්ට ගල් ගැහු              වා
කනුවේ බඩ ගෑ                        වා
කඳුළු ගෑස් කෑ                         වා

ගෝනී එපා හා                       වෝ
පෙට්ටි ගෙනෙන් හා               වෝ
හරි ලාබයි මෙව්                        වා
ණයට දෙනවා හා                   වෝ

නොගෙනාවොත් හා             වෝ
ආමී ඒවී හා                           වෝ
පතෝල වම්බොටු ඔක්කො       ම
බලෙන් කඩයි හා                  වෝ

ලොක්කා...ටත් කී                  වෝ
වැඩක් නැතිව ආ                   වෝ
මිනී පෙට්ටියක් අරගෙ              න
හාවෝ වහ බිව්                      වෝ
.oOo.

හෙඩින් එක.. "බන්ඩලාගේ හාවා" කියලා දැම්මේ, සඟ වෙද ගුරු "ගොයි" කම්කරු, බන්ඩගේ සංකල්පයක් නිසා..

අපි වවමු...!!!
වහ,
බී මැරෙමු...!!!

ප: ලි: වැඩේ මාසෙකට අකුලගෙන, දවස් කීයක්ද. මිනිස්සු කොච්චර රස්තියාදු උනාද. ඕ ලෙවල් කරන දරුවෝ.. මේ මාසය තුලවත් මේකට කාටත් එකඟවිය හැකි තීරණයකට එන්න පුළුවන් උනොත්....

33 comments:

  1. හාවෝ මේ වනවිට දිනා ඇත. මාසෙකින් වැඩේ කල්ගියා. විධායකය විසින් ජොනී චකබ්ලාස් කර ඇත. අයියෝ ජොනී කාපිය වහ.


    ඒක නෙමේ මෙයා මේ රටේ ආන්ඩු කීයක්ද දැන්?
    1. ජනාධි... 2. ලේකන්.... 3. හමු.....4 ජොන්.... අනේ මන්ද ගනන් බැහැනේ

    ReplyDelete
  2. ඕවා ඔක්කොම දේශපාලුවොන්ගේයි උන්ගේ හෙන්චයියලාගෙයි ගොන්පාට් බං. උඹලා කවි කතා ලියනවා..අපි ඒවා බලලා කොමෙන්ට් දානවා.. සමහරක් රේඩියෝ, ටීවී, වල කෑ ගහනවා...අන්තර් ජංජාලයේ ලියනවා...ඔන්න අන්තිමට..දාපු පෙට්ටියකුත් නෑ...ගෙනියපු එළවළුවකුත් නෑ... මට මතක් වෙනවා සිසිර කුමාර මාණික්ක ආරච්චි ගේ කතාවක්...
    මේක තමයි ....සසිරිබර මෙසිරිලක....

    ReplyDelete
  3. මෙහෙම ගියොත් අහිංසක හාවන්ට ඉතුරු වෙන්නේ වස තමයි...

    ReplyDelete
  4. කලින් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්ට එනකොට, මෙන්න අලුත් එකක්. හැබෑටම කවි කියනවා ඇර වෙන වැඩක් ඇත්තෙම නැද්ද?

    කෝ ඔය හාමිනේගේ ෆෝන් නම්බර් එක මෙහාට දෙන්ට...:D:D:D

    ReplyDelete
  5. පෙර පාසල් ළමයින්ට මේ කවි පේලිය පුරුදු කොරන්න ඕනි..

    ReplyDelete
  6. @වෙද ගෙදර මහ වෙදනා
    ඔක වෙන්නෙ මෙහෙමයි. ඇමතිල මන්තිරිල විකාර තීරණ අරගෙන රට අවුල් කරනව. ඊට පස්සෙ ලොක්ක ඒව කැන්සල් කරල ලකුණු ටික දාගන්නවා.(ඔය තීරණය බොහෝවිට ගැනෙන්නෙ කැබිනට්ටුවෙ, ලොක්ක ඉස්සරහ උනත්) ඔය ක්‍රියාදාමය දිගටම සිද්ධවෙනකොට රටේ ජනතාවගේ ආකල්ප වෙනස්වෙනව මෙන්න මේ විදියට,
    "ජනාධිපතිතුමා හොදයි! වටේ ඉන්නවුන් තමයි වැරදි තීරණ ගන්නෙ. මුංගෙ වැඩෙන් ජනාධිපත් තුමා තමයි සව්ත්තු වෙන්නෙ" කියල. ඒ නිසා තමයි ඕනෑම උද්ඝෝෂණයක(කෙලින්ම දේශපාලනයට බර නොවූ) දකින්න ලැබෙන්නෙ මෙන්න මේවගේ පාඨ, "ජනාධිපතිතුමනි ඔබතුමා මැදිහත් වී මේ ප්‍රශ්නය විසදල දෙන්න".
    දේශපාලනය නිර්මාණාත්මකව භාවිතා කරනව කියන්නෙ මේකට තමයි. ජනාධිපතිතුමාගෙ මේ දක්ෂතාවයට මමනං ගරු කරනව. මොකද මේවගේ දේශපාලන භාවිතාවක් කවුරුවත් අත්හදා බලල තිබුනෙ නෑ.

    ReplyDelete
  7. මෙරටට රටට ජනධිපතිවරයෙක් විතරක් හිටියොත් මැදෑ කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  8. අප්පේ..... දැන් එලවලු වල ගණන්......

    ReplyDelete
  9. රාජ්,

    මට පුදුමයි කතු තුමා මේ කොමෙන්ට් එක දාපු එක!

    ReplyDelete
  10. @ඉන්දික උපශාන්ත
    මාතලන් වාරණයට කැමති කෙනෙක් නෙවෙයි. ඒකනෙ ලෝබ නැතුව මේව දාන්නෙ. නමුත් බ්ලොග් කියනඑක මීට වඩා ප්‍රචලිත වෙච්ච කාලෙක වාරණය කියනදේ ගේන්න වෙයි. නැත්තං සුදුපාට වෑන්...... එක්කෝ ඕනනෑ.

    ReplyDelete
  11. රාජ්,

    නෑ, මං අදහස් කරේ මාතලනුත් නිතර කියන්නෙ "ජනාධිපතිතුමා හොදයි! වටේ ඉන්නවුන් තමයි වැරදි තීරණ ගන්නෙ. මුංගෙ වැඩෙන් ජනාධිපත් තුමා තමයි සව්ත්තු වෙන්නෙ" කියලනෙ. ඒකයි.

    ReplyDelete
  12. නරකද ඔය ඇමති මන්ඩලේ එලෝල ජනාධිපතිලම සෙට් එකක් ඉන්න කැබිනට් එකක් පත් කරගත්තනම්...

    ReplyDelete
  13. ඕක අතරමැදියට/ප්‍රවාහනය කරන තැනැත්තට අනිවා‍ර්‍ය කලා නම් ඉවරයි!නැත්නම් බොහොම අමාරුවෙන් සම්තින් එක හොයා ගන්න ගොවියට සිද්ද වෙනවා පෙට්ටි ටික ගෙන්න ගන්න තව ලොරියක් අල්ලන්න!

    ReplyDelete
  14. @ වෙද මහත්තයා
    එක්කෝ ඇමතිවරුන්ට පිස්සු, නැත්නම් නිළධාරින්ට පිස්සු.

    ReplyDelete
  15. @ කැන්ඩියන්
    එහෙමම් කියන්න එපා. මේකෙන් එකෙක් හරි දැනුවත් වෙනවා. ඒ නිසා සටන් දිනනවා..

    ReplyDelete
  16. @ දිනේෂ්
    අනිවා වසම තමයි. ඉන්දියාවේ කෑම බීම හරිම ලාබයි. ඒ වගේම ගොයියන්ට සහනාධාර ගොඩායි.. ඉන්දියාවෙන් ගෙනත් දුන්න නම් මීට වඩා ලාබයි..

    ReplyDelete
  17. @ පොකූ
    මේවා දැක්කාම නිකම්ම කවි ලියවෙනවා. ඒකයි වැඩේ..

    ReplyDelete
  18. @ පිස්සා පලාමල්ල
    දියවන්නාවේ පෙර පාසැලෙයි...

    ReplyDelete
  19. @ රාජ්
    අමුම අමු ගොන් රැලක්නේ ඇමති සෙට් එක. ලොක්කගේ කඹ කන්න..

    ReplyDelete
  20. @ ලොකු ජෝන්
    මම හැමදාම කියන්නේ ඕකයි. පප්පට විතරයි වැඩක් කරන්න පුළුවන් ඇමති සෙට් එකක් හිටියේ. 94 න් පස්සේ එකෙක්වත් නෑ..

    ReplyDelete
  21. @ ගිනි කුරුල්ලා
    තැන්කූ

    ReplyDelete
  22. @ නිසූපා
    කිසි ප්‍රශ්නයක් නැතුව තිබුන එක ගොන් ඇමට්ටා කෑවා..

    ReplyDelete
  23. @ නරකයා
    කොහොමද ලොක්කගේ වැඩ..

    ReplyDelete
  24. @ ඉන්දික උපශාන්ත
    කොන්ද කෙලින් තියෙන් උන් නම් මේව කැබිනට් එකේ සාකච්චා වෙන කොටම වැරදියි කියලා වටහල දෙන්න ඕන. උන් ඔහොම නෝන්ඩි උනාට ප්‍රශ්නයක් නෑ. ජනතාව පාවාදීපූ උන්. උන්ට ඇමති කම් නැතත් වලං හරි හෝදන් ඉඳියි. මොකෝ උන් ඇවිත් තියෙන්නේ රට හදන්න නෙවෙයි නේ. උන් හැදෙන්න.

    ReplyDelete
  25. @ සපතේරු උන්නැහේ
    ඒත් වැඩක් නෑ. ඒ වැඩ කරන්නේත් එක ජනාධිපතියි..

    ReplyDelete
  26. @ සබිත්
    ලොරි අයිතිකාරයට වැඩේ බාර දුන්න නම්, පෙට්ටි නැති වෙන්නෙත් නෑ. ඌගේ පෙට්ටි නිසා පරිස්සමත් වැඩියි. ලී පෙට්ටි කරේ තියන් යන උන්ට ප්ලාස්ටික් ගෙනියන්න බැරි හමක් නෑනේ. ඒවනම් බයිලා..

    ReplyDelete
  27. පෙට්ටි වැඩේ නියමයි . . . ඉම්ප්ලිමන්ටිං වල තමා අවුල . . . .

    ReplyDelete
  28. @ ඕනයා
    ඉම්ප්ලිමන්ටින් කියන්නේ චන්ඩි පාට් නේ.. කිසිම සොෆ්ට් ගතියක් නෑ. මුන් ලොක්කගේ පවර්ස් අරන් අහිංසක මිනිස්සුන්ට පාට් දානවා. ලොක්කා ඇමතියන්ට පාට් එක දාලා ජහ මනයාගේ වීරයා වෙනවා..

    ReplyDelete
  29. නියමයි..දැනෙන්න තියෙනවා.

    ReplyDelete
  30. Ha ha hari hawa Jeep eken awa Dishum Dishum gewa Ibbawa patha bewa wage kaviyakuth mata mathaki

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න