.

.

Dec 10, 2011

කාළගුණේ, මොකෝ උනේ - Funny Weather Forecast


පැස්ටෝල් වල වතුර තියෙනවයි කියා, ඇමතිතුමාම, අමු කෙප්ප හිටගෙන කෙලියේය. ඒත් ලැජ්ජාවක් කියලා එකක් ගෑවීලාවත් නැත්තේය. ඇමතිවරු කෙප්ප කෙලින් රටේ නිළධාරින් කෙප්ප කෙලියාම, ඒක නිව්ස් එකක් නොවෙන්නේය. ඒ නිසා හිටිවන බයිලා වලින්ම දෙනවාය. අද කියන කතාව හෙට වෙනස් වන්නේය. ඉස්සෙල්ලම කිව්වේ අපි අනාවැකි කිව්වා කියාය. ඊට පස්සේ කිව්වේ, එහෙම එක පාරටම එන ඒවා කියන්න කාටවත් බැරිය කියලාය, පැස්ටෝල් ඇමති වගේ මෝඩ චූන් නැතුව මේකේ ඇමතියා කෙලින් හිටියේය. කෙප්ප කෙලින්න නොගියේය. ඒ නිසා වැඩේ හබක් වෙන බව දැනුනාම ඇත්ත වැමෑරුවේය. ඒ කියන්නේ එයාලා අනාවැකි කියන්නේ. පරණ කොරොමේටම බවය. අලුත් ඇක්කුයිට්මන්ට් එයාලාට නැතෙයි කියලාය. එහෙමනම් අහන්න තියෙන්නේ. මෙච්චර කල් කිව්වේ බයිලාද කියාය.

ඇත්තක් කිව්වත් මිනිස්සු පිලි ගන්නේ නැතිය. මොකෝ වහිනවයි කිව්වොත් ඉඩෝරයක් එනවාය. වියලි කාළගුණයක් කොව්වොත් ගං වතුරක්ය. මද සුළං කිව්වොත් සුළි සුළංය. මූද, රළු වෙනවයි කිව්වොත් රැල්ල ගහන්නේත් නැත. වහිනවයි කියන පැතිවලට පායනවාය. පායනවයි කිව්වොත් හෙන ගහ ගහ වහිනවාය. ඒ හෙන මුන්ට පාත් වෙනවානම් මරුය. මුන් මෙහේ පච කෙලිනවාය. අරෙහෙ මාතර මිනිස්සු මැරෙනවාය. බල්ලො බලල්ලු ගානය. දුප්පත් මිනිස්සු නිසාය. වෙන රටවල නම් අඩු ගානේ ඒ පැත්තේ වත් ශෝක දිනයක් කරනවාය. ඒ කෙසේ වෙතත්, මහ ඇමතියි, ඒ පැත්තේ මැති ඇමතිවරුයි, හයි වේ එකේ ලොක්කගේ ජීප්පුව පස්සේ එළවනවාය. ලොක්කට වඳිනවාය. පහට නැමෙනවාය. මාර ආතල්ය.

මම ඔය කාළගුණේට ඉස්කෝළේ යන කොට ගිහින් තියෙනවාය. ඇති දෙයක් නැත්තේය. වහින කාළේට වතුර එකතු කරලා මිලි මීටර් මෙච්චරක් වැහැලයි කියනවාය. හුළං පෙත්තක් කැරකෙන් එකෙන් සුළඟේ වේගය කියනවාය. හැන්දෑවට තඩි බැලුමක් යවලා පොටෝ එකක් අල්ලනවාය. කොහොම හරි අපි ගිය දවසේත් ඒ පොටෝ මැෂිම කැඩිලා තිබුනේය. ඒ මීට අවුරුදු 30 කට විතර ඉස්සරය. හැබැයි ඒකේ කස්ටිය කියන විදියට තාමත් එහෙමය. ඔය මිලි මීටර් කියන්න කාළගුණ විජ්ජාකාරයෝ ඕන නොවන්නේය. ඒ ඒ පැති වල ඉන්න සිරිමානිස්ලාට. පොඩියන්ලාට ඉක්බාල්ලාට කිවා නම් වැඩේ වෙනවාය. උන්ට තියෙන්නේ සෝම අක්කගේ වාහිනියට රිපෝට් එක දෙන එකය. එතකොට ඒකේ ඉන්න උන් කාළගුණ වාරතාව ඔළු වන වන කවියෙන්ම දෙන්නෙය.

සරමත් ගහගෙන යන්න රත්නපුරේට ගං වතුර ගැලුවම තොටළඟ නාගලගම් වීදීයේ කැළණි ගඟේ ජල මට්ටම කියනවාය. ඒක රත්නපුරේට බලපාන්නේ කොහොමද කියලා මං වගේ බූරූවන්ට තේරෙන්නේ නැතිය. ඒකටත් කාළගුණ විජ්ජා කාරයෝ ඕනේ නැතිය. ඔය තොටළඟ පාතාලේ කුඩු කාරෙයෙකුට කිව්වානම් වැඩේ කෙරෙනවාය. කලේ එකම එක දෙයක්ය. එනම් තියෙන ටී වී රේඩියෝ චැනල් වලට කෙප්ප කෙලිය එකය. දැන් වැඩේ නෝන්ඩි නිසා ඒකත් කොරන්න බෑ කියනවාය. මොකෝ වෙන වැඩක් කොරන්න ඒ නිසා වෙලාවක් නැතෙයි කියනවාය. බලාගෙන ගියාම පව්ය. මෙයාලාට වෙන වැඩක් කරගන්න දුන්නනම් අහවරය.

මේ ළඟදිත් පට්ටම ආතල් එකක් දුන්නේය. තද සුළං එන නිසා මුහුදේ යන්න එපා කීවෙය. ගල්කිස්ස පොලිසියත් පීකරේ බැඳගෙන නිව්ස් එක දුන්නේය. එකෙක්වත් කළබල නොවුනේය. එදා ගහක කොළයක් වත් නෝ හෙල්ලුම්ය. තව වැඩක් කොරන්නේය. තව් තිසා ළොකේ බූමීකම්පාවක් උනත් මෙහේ සුනාමී වෝනින් දෙන්නේය. ගෑණූ පිරිමි මල් පළතුරු සත්තු ඔක්කෝම රට ඇතුලට මැරතන් දුවන්නේය. මොකෝ පොලෝසියටත් වඩා සුනාමියට බය නිසාය. ඊට පැය දෙකකට විතර පස්සේ අපේ රටට ඒක බලපාන්නේ නැතෙයි කියනවාය. ඒ එනකොට ගේ තියෙනවාය. ඒ උනාට, නාපු සුනාමියෙන් ගෙදර බඩු ටික අරන් ගිහිල්ලාය. කස්ටිය කාළගුණේ අයගේ මව් ගුණ ගායනා කරනවාය.

ඕකේ ලොක්කා දවසක් ට්‍රොනේඩෝ තත්වයන් ගැන අනාවැකි කියන්න බැහැයි කිව්වේය. අමුම අමු කෙප්පයක්ය. එසේනම් ට්‍රොනේඩෝ චේසස්ලා, සිටින්නේ කොහොමදැයි කියා උන්නැහේ නොදන්නවා ඇතිය. අද කාළගුණ අනාවැකි නිවැරදිවම කිව හැකිය. ඒ සැටලයිට් තාක්ෂණය නිසාය. අපේ හරක්ට බැරි උනාට ඉන්දියාවෙන් වෝනින් එක දුන්නේය. එක්කෝ අළුත් තාක්ෂණයත් සමග ඉදිරියට යා යුතුය. නැතනම් ඔය වටිනා ඉඩම හොඳ ගානකට දිලා, (මේ යෝජනාවනම් බොහෝ විට ඉටුවනු ඇත්තේය.) කස්ටිය, අර කන්දේ ගෙදර කාළගුණේ (ගුණරත්න රංහොටි.) වගේ ගෝල් ෆේස් එකේ බැලුම් බෝලත් අරන් ඩානස් එකක් දමා ආතල් එකක් දුන්නාම ඇතිය. අනාවැකිය අපි ඉන්දියාවෙන් බලාගන්නම්ය. ඒ වගත් මෙසේය.

දවස් කීපයක් චැක් කොරලා වෙදර් ෆෝකාස්ට් ගැජට් එකක් සයිඩ් එකෙන් දැම්මේය. ලංකාවේ නගර කීපයකම අනාවැකි දවස් හතකටම බලා ගත හැකිය.

47 comments:

  1. මම දැන් ඉන්න රට ලෝකයෙ බොහොම දියුණු උපකරණ භාවිතා කරන රටක්. වහින්නෙ වසරකට දවස් කීපයයි. ඒත් ඒ අනාවැකියත් වරදින හැටි මම දැකලා තියනවා. ඒ නිසා මම නම් හිතන්නෙ මේක උපකරණ වලටත් වඩා දත්ත භාවිතාව, අත්දැකීම්,හා සැළකිලිමත්භාවය පිළිබඳ ප්‍රශ්නයක්.

    ReplyDelete
  2. @ ලකී
    මම හිටපු රටවල සිටි එකෙන් සිටි එකට ෆෝකාස්ට් එක හරියටම හරි. හිම වැටෙන වෙලාව පවා හරියට කියනවා... අනික ගුවන් තොටුපොලවල්වල කාළගුණ තත්වය සෑහෙන බලපාන නිසා. නිවැරදිම තොරතුරු දැන් ජාලයෙන් උනත් බලන්න පුළුවන්..

    ReplyDelete
  3. ලියන හැටිනම් මැකසාය... කාලීනය... ආතල්ය....

    ReplyDelete
  4. @ නරකයා
    ආතල්නම් ඒ ඇතිය...

    ReplyDelete
  5. මෙයා වෙඩින් එකක් කතා කරනවාය.අවුරුදු තිහකට කලින් කෙසේ වෙතත් දැන් අවුර්දු හතර පහකට කලිනුත් ඔය කියපු විදිහමය!

    ReplyDelete
  6. මේ ගැජට්ටුවට ලංකාවෙ තොරතුරු ගන්නෙත් අපේ කාලගුණෙන්ද දන්නෙ නැ ..හික්ස්

    ඇත්තටම දැන් කොලඹට වහිනවද (කොලඹ ඉන්න එකෙක් කියාපියව් )

    ReplyDelete
  7. @ සබිත්
    ඔහොම උන එක හොඳය. නැත්නම් මුන් මේ බොරුව දිගටම ගෙනියනවාය. දැන් ඉතින් ඇක්යුප්මන්ට් එනකන් මුන් කෙලින්නේ පච කියා දන්නවාය..

    ReplyDelete
  8. @ බුවා
    හෙහ් හෙහ්.. දැන් කොළඹට වහින්න ඔන්න මෙන්නය. විදුලි කොට කොට වැඩේට සෙට් වෙනවාය. පොදත් වැටෙනවාය. අරුන් කිව්වා නම් පැලෙන්න පායනවාය..

    ReplyDelete
  9. එතනින්ම ඔප්පු වෙනව නේද මේක මේ අලුත් උපකරණ ගෙන්වූ පමණින් විසඳෙන ප්‍රශ්ණයක් නෙවෙයි කියලා...උපකරණ කොයි හැටි වෙතත් තමන් කරන වැඩේ ගැන වගකීමක් ඇති මිනිස්සු ටිකකුත් ඔතන ඉන්න ඕන...
    ඒ වෙනකම් බ්ලොග් විතරක් නෙවෙයි කාළගුණේ බලන්නත් මාතලන්ගෙ සින්ඩියට එන්න කියමු...:D

    ReplyDelete
  10. ලංකාවේ කාලගුණ කට්ටිය හිටියත් නෑ වගේ තමා. අනාවැකි නොකියා ඉන්න එක තමා හොඳ.
    සැටලයිට් ඩේටා වත් ගන්න සල්ලි නැත්ද කොහෙද..
    ලංකාවේ කාලගුණ කට්ටිය හිටියත් නෑ වගේ තමා. අනාවැකි නොකියා ඉන්න එක තමා හොඳ. වෙබ් සයිට් එකේ ලංකාවේ නගර වල අද කාලගුණය ගැන ලියලා තියෙන්නේ මෙහෙමයි:
    සැටලයිට් ඩේටා ගන්න වත් සල්ලි නැත්ද කොහෙද..

    මම ලංකාවේ වැඩකරන කාලේ තද හුළඟක් ඇවිත් ලඟ තිබුන ගහක් ඔෆිස් එකට කඩා වැටිලා ලොකු damage එකක් උනා. insurance ක්ලේම් එක ගන්න කාළගුණ වාර්තාවක් දෙන්න ඕන වෙලා පුදුම කට්ටක් කෑවේ.

    ReplyDelete
  11. මාතලන්..මගේ කළින් කොමෙන්ට් එක අංජබජල් වෙලා ලියවිලා තියෙන්නේ... කෑලි හැලිලා.. කරුණාකරලා ඩිලීට් කරනවද??? අළුතෙන් එකක් දානවා...සොරි වේවා!

    ReplyDelete
  12. පොස්ට් එක ගැන නං කියල වැඩක් නෑ. ඒ කිව්වේ කාල ගුනේ ගැන අහන්න අහන්න ලැබෙන දේවල්.

    ප.ලි.
    'කාලගුනේ' ගුණරත්න රන්හොටී කලකට පෙර මිය ගිය බව ආරංචි වුනා, ඇත්තක්ද?

    @ Kandyan,
    සෙනසුරාද නිමාඩු වගේ, චුට්ටක් අනුමත වෙලාවත් ද?

    ReplyDelete
  13. @ ලකී
    ඔබ හා එකඟ වෙමි. යන්ත්‍රවලින් වැඩ ගන්නත් ඒවා ගැන දන්න මිනිස්සු ඉන්න එපාය. හහ් හහ් හා.... මගේ එක බලන්න ඕන නෑ දැන් කාළගුණේ වෙබ් සයිට් එක අප්ඩේට් වෙනවා නිතරම. http://www.meteo.slt.lk/ මුන්ගේ කාළකන්නි කම කියන්නේ. අප්ඩේට් කරන එකේ වගකීමත් වෙබ් සයිට් එක හදපු කොළඹ විශ්ව විද්‍යාලේ පරිඝණක ඒකකයට පවරලා අත සෝදගන්න ගියේ....

    ReplyDelete
  14. @ කැන්ඩියන්
    මට පේන්න අවුලක් නම් නෑ. ඕනම නම් මකලා දාන්න කියපු එකත් එක්කම මකලා දාන්නම්...

    ReplyDelete
  15. @ ඔබා
    ඔව්නේ ඒ මනුස්සයා මලා මගේ මතකේ හැටියට.

    ReplyDelete
  16. පට්ටය, ආතල්ය,කියලා වැඩක් නැත.මම නං කාලගුණ අනාවැකි කාලයක පටන් ගනන් ගන්නේ නැති නිසා අවුලක් නැත.

    ReplyDelete
  17. @ තීර්ථ යාත්‍රිකයා
    මාර අගය කිරිල්ලක්ය. තැන්කිව්ය...

    ReplyDelete
  18. කාලගුනේ ගැන හිතලා සැලසුම් කරන වැඩ වලට අන්තර්ජාලෙන් තමයි මමත් පුරෝකථන ගන්නෙ. මේ ගොල්ලො කියන දේ අහන්න ගියොත් නම් සොරිම සොරිය !

    ReplyDelete
  19. @ වෙනී
    අන්න මොලේ තියෙන කොල්ලෝ

    ReplyDelete
  20. ‍එලට ලියල තියෙනව... ඒ ඇරෙන්න කාලගුනේ ගැන කියන්න ඕන ඔක්කොම උඹ කියලනෙ බන් අයියෙ ;)

    ReplyDelete
  21. @ සාතන්
    අපි ලිව්වොත් එහෙම තමයි ඉතින්...

    ReplyDelete
  22. අගේය ලියා තිබෙනවාය...කොටින්ම කිව්වොත් මේවා පට්ට පල් ඇත්තය.... දැන්වත් කාලගුණේ හෙළුව වහගන්න දත කාවියයි හිතනවාය

    ReplyDelete
  23. @ දිල්
    වෙදර් එක සවුත්තු උනොත් ආන්ඩුවෙන් මැසින් ටික ගෙනල්ලා දේවිය. ඒ කියන්නේ කාළගුනේට හොඳ වෙන්න කාළගුනේ සවුත්තුම විය යුතුය

    ReplyDelete
  24. කාලගුනය තෙරුම් ගනිම ඉතා පහසුය. දෙපාර්තමෙන්තුවෙන් වහිනවා තද සුලන් ලෙස කිව්වොත් මුහුදු යා යුතුය. එදාට නම් මලාට වහින්නෙ නෑත. පායනවා කිව්වොත් මුහුද පෑත්ත වත් නොබලිය යුතුය. එලියට බහිනවා නම් අනිවාර්යයෙන්ම කුඩයක් රෑගන යා යුතුය.

    ReplyDelete
  25. කාළගුණේ මියයන වකවානුව වන විට බොහෝ දෙනෙකුට ඔහු අමතකව ගොස්ය. ශෝකජනකය.
    කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද මළා හා සමානය. දානයක් මානයක් දීම ඇරෙන්න වෙන මොනා කරන්නද?

    ReplyDelete
  26. ඕ.පු. මාතලන්...ඔන්න ඔහෙ තියෙන්න ඇරහන්. දැන් ඉතින් ආය ගැලෙව්වා කියලා වැඩක් නෑ. ඔබාත් දැක්කනෙ. කොමෙන්ට් එකේ ඉතුරු කෑලි හොයා ගන්න නෑ. කියන්න ආපු දේ ඔලුවෙනුත් ඩ්ලීට් වෙලා.

    ඔබා.... ටක්කෙටම හරි... ඊයෙ මද පමනට සප්පායම් උනා සුමානෙකට පසේ...:-) .....හික්ස්...

    ReplyDelete
  27. කලගුනේ ගැන කතා කරන කරන්න අසා හිතෙනවය.උඹේ කතා ආතල්ය

    ReplyDelete
  28. @ kandyan ,
    අත් දැකීමෙන්නෙ කියන්නෙ

    ReplyDelete
  29. කාලගුනේ ගෑනු ලමයින්ගේ හිත් වගේනම්, අර උඩ තියන පින්තූරේ දැක්කාම කාලගුනේ වෙනස් වෙන එකත් අහන්ට දෙයක්ද? :D:D:D

    ReplyDelete
  30. @ රෙප් මහත්තයා
    කාළගුණ විජ්ජාකාරයෙක් විය හැකිය...

    ReplyDelete
  31. @ තිසර
    කාළගුණේ මොකක්ද බන් ජෝ අබේවික්‍රමත් එහෙමනේ. මේ රටේ කාළාකාරයෝ නෑ කියලා ජයසිරියා කියන කතාව සහතික ඇත්ත. අනිත් කාළගුණේ මළගම කොහොමත් ළඟදීම ගනීවිය...මොකෝ ඔය ඉඩම මාර වටිනවාය...

    ReplyDelete
  32. @ කැනිඩියන්
    ඒකට අවුලක් නෑ බුදු සාධුත් අවසර දීලා නේ තියෙන්නේ. ඇයි බන් චක්‍රවර්ති සාධුත් කිව්වනේ...

    ReplyDelete
  33. @ කැනිඩියන්
    ඒකට අවුලක් නෑ බුදු සාධුත් අවසර දීලා නේ තියෙන්නේ. ඇයි බන් චක්‍රවර්ති සාධුත් කිව්වනේ...

    ReplyDelete
  34. @ අසරණයා
    ආතල් උනාට මාතර මිනිස්සු ගැන දුකයිය....

    ReplyDelete
  35. @ පොකූ
    ඔය කියලා තියෙන්නේ.. පිච්චු කෙල්ල....

    ReplyDelete
  36. කෝ යකෝ මගෙ කොමෙන්ට් එක!

    ReplyDelete
  37. @ ඉන්දික උපශාන්ත
    සිංහභාහූ බොන්නෙත් නෑ නේද...?

    ReplyDelete
  38. අපේ ගමේ ඉන්න නෝටන් ධනපාල කියන මහත්තයා කිසිම උපකරණයක් භාවිතා නොකර අද වහිනවා . හෙට පායනවා කියලා තිතටම හරියන්න කියන එක නෙව පුදුමේ

    ReplyDelete
  39. ඇත්තටම මුන්ව පුරා විද්‍යා දෙපාර්තමෙන්තුවට අනුයුක්ත කරලා දැම්මනම් තමා හොඳ . කිසිම දවසක ඉතිහාසයෙම වැදගත් අනාවැකියක් නම් කරලා නැතිව ඇති

    ReplyDelete
  40. @ සඳරූ
    ඉතින් බන් අපි ඇමතිතුමාට කියමුකෝ. ඔන්න ඔය ඉන්න හැත්ත එලවලා දාලා නෝටන් ධනපාල මාමා දාන්නෙයි කියලා. අපෙ ආච්චිත් ඉස්සර හරියටම කියනවා. විදුලි කොටන කොට ජලනන්දන පිරිත කියන්නෙ මං.. අකුණු සන්නාහක ඕනේ නෑලූ එතකොට...

    ReplyDelete
  41. @ ලොකු ජෝන්
    එතකොට ඒකත් විනාසයි.. දැන් හොඳට වැඩ කරන තැනක් එතන...

    ReplyDelete
  42. කොච්චරවත් බනින අබේසුන්දරව අගේට කොපි කර ඇත්තේය.........

    ReplyDelete
  43. ලිපිය සුපිරිය... කාලගුණේ ගැන අපේ එව්වො කියන්නෙම වැරදි දේවල්ය.

    ReplyDelete
  44. @ ඇනෝ
    සම හරක්ට එහෙමත් පේනවා ඇතිය. මේවා ට කාටවත් පේටන්ට් නැතිය..

    ReplyDelete
  45. @ පිස්සා පලාමල්ල
    එකේන් ඇත්ත කියපු දාට ඉබ්බෝ ඉගිලෙනවාය..

    ReplyDelete
  46. මම දැක්කා කොහෙද තිබුන ඉස්පිරිතාලෙක මැසිමක් ගෙනල්ල මාස ගානක් නිකන් තිබුන කියලා....
    ON කරගන්න දන්නෙ නැතුව.......

    කාල ගුනේටත් එහෙම වෙයිද දන්නෙ නැහැ.....?????

    ReplyDelete
  47. අදටත් අමු කෙප්ප කෙලින්නේ.... උඹ කිව්වා වගේ මැෂින් ගෙනාවට වැඩක් නෑ. ඒවා ඔපරේට් කරන ඒවුනුත් ගෙන්නන්නම වෙනවා.. නැත්තන් පස්සේ ඒකටත් වැරදි කියයි...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න