.

.

Dec 7, 2011

කණගාටුවෙන් දැණුම් දීමයි.... - Sorry Guys


පඩිය කියන්නේ, වැඩ කරන මනුස්සයෙක්ගේ මූලීක අයිතියක්ය. එහි කතා දෙකක් නොමැත්තේමය. වැටුපකින් ජීවත් වන කෙනෙක් තම වැටුප අතට ගන්නා මොහොත රටක් රාජ්‍යයක් දිනනා මොහොතක්මය. ඒ කතන්දරේ පඩියට වැඩ කරන උන් දන්නවාය. එක දවසක් පරක්කු උනොත් ඔක්කොම වැඩ ජිල් මාල්ය. ප්ලෑන් ඔක්කෝම අප්සෙට් යන්නේය. සතියක් පරක්කු උනොත් එකෙක් වත් වැඩ කොරන්නේ නැතිය. එහෙව් එකේ මාර්තූ මාසයෙන් පස්සේ පඩියක් අද වෙනකම් ලැබිච්ච නැති සෙට් එකක් ඉන්නවාය. පොඩි උන් ටිකක් නෙමේය. VVIP ලාය. වෙන කව්රුවත් නොවේය. ළොකේන් උතුම් රටේ ක්‍රිකට් ටීම් එකය.

එයාලාගේ පඩිය කීයද කියන එක ප්‍රශ්නයක් නොවේය. ඔවුන් එම වැටුප ගන්නේ එය ජාත්‍යන්තර තලයේ රැකියාවක් නිසාය. ජාත්‍යන්තරය සමග සම්බන්ද අනෙක් ආයතන වල අයත් එම ප්‍රමාණයේම වැටුප් ලබනා බව ප්‍රසිද්ධ රහසක්ය. ඔවුන් තම ශක්තියෙන් උපයා ගත් මුදලකින් දැන් ජීවත් වනවා ඇතිය. නමුත් තමන් ලැබිය යුතු මූලීක මිනිස් අයිතිවාසිකමක් වන තම වැටුප මාස කීපයක් තිස්සේ නොලැබෙනවානම්, ඔවුන්ගේ මානසික ශක්තිය කෙසේදැයි කියා සිතා ගත හැකිය.

මෙතැනදී නායකත්වයේ ප්‍රශ්නයක්ද ඇත්තේය. නායකත්වය යනු හැම පුද්ගලයාටම කළ හැකි කාර්යයක් නොවේය. සචින් නොම්මර 1 ටැලන්ට් සාගරයක් වූවද. නායකත්වයේදී ෆේලියර් එකක්ය. ඔහු තම ජීවතය සාර්තක කර ගත් පුද්ගලයෙක්ද වන්නේය. එහෙත් කන්ඩායමයකට නායකත්වයක් දීමට ඔහුට නොහැකිය. අපේ ක්‍රිකටස්ලාට වටිනාකමක් ගෙනාවේ අර්ජුනය. අර්ජුන ටෙස්ට් ගහන්න ආවේ කෝච්චියේය. නායකත්වයට පත්වූ පසු ලෝක කුසලානය දිනන තෙක්ම නායකත්වයේ ලක්ෂන විදහා පෑවේය. නමුත් ඉන් පසු ඔලුව ඉදිමුනේය. බලයෙන් මත් උනේය. පිස්සේක් උනේය. ක්‍රීඩාවෙන් සමුගත්තේත් අම්බ පිස්සුවක් කෙලලාය. (96 න් පස්සේ නාන්න පටන් ගත්ත එක තවම නානවාය.)

අර්ජුන හදපු ගෝලයෝ ඊට පසු අපේ අභිමානය රැකගෙන ගියේය. ක්‍රිකට් උඩු යටි කුරු කල සනත්ලා, මුරලිලා සිටිය නිසා යන්තම් ජාම රැකගෙන ගියේය. අනු ශූරයන් හෝ වෙමින් කාඩ් එක බේරා ගත්තේය. නමුත් දැන් එක දිගටම පරදින්නේය. විමසුම ලියන ඩොන්කි මොනවා කියූවත්, මේ මිනිස්සුන්ගේ පඩි ගෙවන එක ගැන වචනයක් කතා නොකරන්නේය. වර්ල්ඩ් චැම්පියන්ලා උනායින් පසු ගලාගෙන ආ මුදල් සම්බාරය. රටේම ඉන්න හාල්පාරුවන්ගෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය පුරවා, උන්ට පූජා කළේය. ලකුණු 20-30 ගහපු උන්, විකට් එකක් දෙකක් ගත්ත උන් සහ ජීවීතේට ක්‍රිකට් බෝලයක් දක නැති උනුත් ක්‍රිකටස්ලටත් වඩා පඩි ගත්තෙය. පඩිනම් කමක් නැතිය. බෝනසුත් ගත්තේය..

දැන් ඒක කා ඉවරය. තවත් කන්නට දෙයක් නැත්තේය. දැන් ලොක්කගෙන් ණයට ඉල්ලන්නේය. සොච්චමක් දෙන්නම් කියා ලොක්කා කියා ඇත්තේය. ලොක්කාත් මේවාට වග කිව යුතුය. ඩී එස්, දන්දෙණිය හා නිශාන්ත අන්තිම සතයත් කෑවේය. මුන්ව මෙතෙන්ට දැම්මේ ලොක්කාය. යහපත් චේතනාවකින් විය හැකිය. නමුත් උන් කලේ ලොක්කාගෙන් ලකුණු දාගන්න. එන්න තියෙන සල්ලි වගයක් බලාගෙන තියෙන ග්‍රවුන්ඩ් මදිවාට. අලුත් ග්‍රවුන්ඩ් හදපු එකය. අද ඒවාවල හරක් තණකොළ කනවාය. ක්‍රිකට් කාපු උනුත් ඒ ගොඩටම දැම්මානම් වැඩේ නැගලාම යන්නේය. කොප් එකෙන් කියා ඇත්තේත් දූෂිතම ආයතනය ක්‍රිකට් පාළක මණ්ඩළය බවය. ඉස්සර කප් එක තිබුනේ පොලීසියට. දැන් ඒ කප් එකත් ක්‍රිකටස්ලාටය. මේ කාපු උන්ගේ නම් ගම් පොරසිද්ද කොලානම් තවත් වටින්නේය.

අපේ උන් ගැන දුක සිති,  ICC එක හා දකුණු අප්‍රිකාව, යම් කිසි මුදලක් පිරිනැමීමට ඉදිරිපත් වෙලාය. ඒකෙන්වත් මේ මැරීගෙන සෙල්ලම් කොරන එවුන්ගේ පඩි බේරිය යුතුය. පාළක මණ්ඩලේ පිනට කන උන්ට හෙන ගැහුවත් අපට කම් නැතිය. අපි ආදරේ ක්‍රිකටස්ලාටය. ණය වෙලා හරි පෝලිම් වල කට්ට කාගෙන ක්‍රිකට් බලන්න යන්නේ ක්‍රිකටර්ස්ලා බලන්නය. නැතුව නොමිලේ ආතල් එකේ VVIP සීට් වල ඉන්න තප්පදෝරු පින් බතාල හෝ උන්ගේ කෑලී බලන්න නෙමේය. අපට ආතල් එකක් ගන්න තිබුනේ මේක විතරමය දැන් උනුත් අම්බානක කන කොට දුකේ බැරිය.

2002/03 පසු දකුණු අප්‍රිකාවෙ කරන පළමු සංචාරය මෙයය. අපේ පරන වාර්ථාත් එච්චරම හොඳ නැතිය. ටෙස්ට් තරඟ 7 කින් උන් 6 ක්ම දිනලාය. අපිට එකක්වහ් නැත. ඕවර් වලත් එසේමය 12-5 කි. මුරලි නැති පාඩුව හොඳටම තේරෙන්නේය. නමුත් සංගා හා මහේලගේ වාර්ථා සෑහෙන හොඳය. දිනීම කෙසේ වෙතත්. ජාමවත් බේරගෙන එන්නට හේතු වාසනා වේවා කියා එක සිතින් පතනවාය. නැතිනම් වන්නේ. සුද්දන්ගෙන් හා කැගරුවන්ගෙන් පහර කා ලෙඩ වී පකිස්තානු ප්‍රහාර වලින් අසාධ්‍ය තත්වයට පත්වූ සිංහයා දකුණු අප්‍රිකාවේදී වලලා දැමීමටය.

77 comments:

  1. කිරිකට් වලට මගේ නම් කිසිම මනාපයක් නෑ තමා . .

    ඒත් අපේ සිරි දේසේ නම ලෝකේ වටේ රන්දපු කිරිකට් වල අනාගතය සුභ වේවා කියා පතමි මමත් . . .

    ReplyDelete
  2. දුකා හා එකඟ වෙමි. යම්ක් කලොත් ඒයට හිමි ප්‍රතිලාභ ලැබීම අනිවාර්ය්‍ය දෙයකි. එහෙමවත් කරන්නේ නැත්නම් දිනුම ගැන කවර කථාද?

    ReplyDelete
  3. ඔය තරමට නට්ටන් වෙලා ඉන්න අතරේ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල මෙහෙ පවත්වාගන්න දැගලුවේ මොලේ උන හැදිලා වෙන්න ඇති.මේ තත්වය මුළු රටටම නිගාවක්.

    ReplyDelete
  4. @ දුකා
    ක්‍රිකට් ගහන්නේ රටවල් සුළු පිරිසක් උනත්. වර්ල්ඩ් කප් එක දින්න නිසා අනෙක් රටවල් අතරත් ශ්‍රී ලංකාව කියන නම ප්‍රසිද්ධියට පත් උනා. නමුත් දුර්වල කළමණාකාරිත්වය ඒ ආතල් එක නැති කළා. ගොඩ ඒමක් පේන තෙක් මානයක නෑ..

    ReplyDelete
  5. මැක්සා කතා වස්තුව බොස්...

    ReplyDelete
  6. @ වෙද මහත්තයා
    මොන දිනිල්ලක්ද. අසමත් රාජ්‍යයක් කරා වේගවත් ගමනේ මුල් පියවර...

    ReplyDelete
  7. @ ඇනෝ
    එතනත් කරේ නාමල්වත් අන්දගෙන කබරාලයි තව එකෙකුයි (උගේ නම මතක නෑ) ලොක්කව නියමෙට අන්දපු එක. හොඳ වෙලාවට නොලැබුනේ. පාන් ගෙඩියක් රුපියල් 200 කට ව්තර කන්න තිබුනා...

    ReplyDelete
  8. @ නරකයා
    කිරි කැට් ජාතකය....

    ReplyDelete
  9. ඔය ක්‍රිකට් බලල කාටද බන් අයියෙ හරි ගියෙ... ඔතන ඉන්න හොරුන්ගෙ හැටියට ඕක නැතිවෙලා ගියාට කමක් නෑ මට නම්...

    අපේ රටේ ක්‍රිකට් වලට දීල තියෙන තැන හින්ද තමයි අනිත් ස්පෝට්ස් වලට කෙල වෙලා තියෙන්නෙ....

    ReplyDelete
  10. @ සාතන්
    අනික් ස්පොර්ට්සුත් කියල දුන්නේ සුද්දොමනේ ඒත් වැඩ කාරයෝ ඉන්නේ මේකේ විතරයි ඇත්ත කතාව ඒකයි. මුන් ඇර ලෝකෙට ගියේ සුසන්තිකා විතරමයි. රගර් සෝබනේට හොඳයි. ඉන්ටර්නැෂනල් ගේම් වලදි අනික් උන් බෝලේ වෙනුවට අපෙ ප්ලේයර්ස්ල උස්සන් ගිහින් ට්‍රයි එක තියන්නේ. ෆයිනල් ස්කෝර් එක 150 - 0. ෆුට් බෝල් ... හෙහ් හෙහ්. කොරවක්කෝ බෝලයක් පස්සේ එලවනවා වගේ.. ක්‍රිකටර්ස්ලා ටැලන්ට් එකෙන්මයි ඔතෙන්ට ආවේ...

    ReplyDelete
  11. ක්‍රිකට් වලට මනාප නොවෙමි. එත් ඔය වංචාකාර පිං බතාලා සෙට් එකට ඔතනට එන්න පාර හදාපු එකාගේ සිට උන් සැමටම හොරා කෑ රුපියලේ සිට හෙන වැදිය යුතුය. ඒ මේ හොරා කන්නේ ජාතික ධනය බැවිනි.

    ReplyDelete
  12. @ සාතන්
    ඔය අනෙක් ස්පොර්ට් වගේම තමයි ක්‍රිකටුත් තිබුනේ. තනිකර ප්ලේයර්ස්ලගේ ටැලන්ට් වලින් ඔතනට ආවේ. ගාමිනි දිසානායකත් ටෙස්ට් තත්වය ගන්න සෑහෙන මෙහෙවරක් කළා. ඒත් මුල් දවස්වල අම්බානක කෑවා. කොහොම හරි වර්ල්ඩ් කප් එක දිනන තත්වෙටත් ආවා.

    අනික් ස්පොර්ටුත් ඉතින් සුද්දෝ ගෙනාපුවනේ. නැත්තන් ඉතින් පොල් පොර ගහන්නයි අං අදින්නයි තමයි වෙන්නේ. අනිත් ඒවලින් ලෝකෙට ගියේ සුසන්තිකා විතරයි.(ඒකත් ප්‍රේමදාස මහත්තයට පින් සිද්ද වෙන්න.) අනිත් ඒවා සෝබනේට කරන ගේම්ස්. රගර්, ෆුට්බෝල්, ටෙනිස්, ඇත්ලටික්ස් ඔක්කොම එකයි...

    ReplyDelete
  13. @ ක්සෑන්ඩර්
    ඔය කියල තියෙන්නේ නියමෙටම...

    ReplyDelete
  14. ඕහි මේක නම් පට්ට කතාව. පස්සෙ කොමන්ට් එකක් දාන්නම් වෙනම.

    ReplyDelete
  15. @ ඉල් මොන්දෝ
    බලමුකෝ උඹේ කොමෙන්ට් එක..

    ReplyDelete
  16. අන්න ට්‍රැක් පැන්නනෙ.. සුද්දො ගෙනාපු හින්ද නෙමෙයි බන් අයියෙ ක්‍රිකට් වලට කැමති නැත්තෙ... ඒක එහෙම් පිටින්ම සල්ලි උඩ දුවන ගේම් එකක් හින්ද... අනික් අතට සෑහෙන වෙලාවක් මිනිස්සු ඕක වෙනුවෙන් නාස්ති කරන හින්ද...

    20/20 නම් අවුලක් නෑ :)

    ReplyDelete
  17. @ සාතන්
    ඒක හරි. ගොඩක් උන් ඕකට කැමති නෑ.

    ReplyDelete
  18. ක්‍රිකට් තමයි මට හිතෙන විදියට ශ්‍රී ලංකාව කියන රට ,රටක් විදියට ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ වෙන්න මූලිකම වුණු ක්‍රීඩාව.ඒ වගේ ක්‍රීඩාවක් අද මේ පත්වෙලා තියෙන තත්වය ගැන හිතුවම හරිම දුකයි!පරිපාලන දුර්වලතා වගේම,ක්‍රීඩකයින්ගේ උනන්දුව අඩු වීමත් මේකට හේතුවක් වෙන්න පුළුවන්.හොඳ ලිපියක්,කතා බහට ලක්විය යුතු මතෘකාවක්

    ReplyDelete
  19. කතාවනම් ඇත්ත. ලංකාවෙන් කියලා ජාම බේරගෙන ඉන්නේ මේ සෙල්ලම හින්දා. දැන්නම් ඒකටත් කෙලවෙන්නයි යන්නේ. මංහිතන්නේ කිරිකොට් විතර්ක් නෙවේ හැම කිරීඩාවක්ම වලදාන්න වෙයි හෙට අනිද්දාම මේ දේශපාලුවෝ නිසා. කවුරු මොනවා කිව්වත් ඇන්.ඇම් ගාමිණී වගේ කැලිබර් එකේ කිරීඩාවට යමක් කරපු දේශපාලඥයෝ නැති අඩුව හොඳට දැනෙනවා.

    ReplyDelete
  20. ක්‍රකට් වලට පට්ට ලැයික් ය... වෙලා තියෙන හෙනේ දැක්කම හීල්ලෙනවාය...

    ReplyDelete
  21. කියවන්නෙක් පමණිDecember 7, 2011 at 2:34 AM

    වැටුප් ප්‍රශ්නේ පැත්තකින් තියමු. මාවන් අතපත්තු පිතිකරැවන්ගේ පුහුණුකරැ කරේ කවුද කියපල්ලාකෝ. 19න් පහල දැම්මනම් අවුලක් නෑ. තමන් එක්ක ටීම් එකේ සෙල්ලම් කරපු පොරකට පුහුණූකරැ වෙලා සර් කියන්න වුනාම......දිල්ශාන්ට හැමදාම මැච්එක පැරදිලා පිතිකරැවන්ගේ දුර්වලතාවය නිසා පැරදුනා කියන්න තමයි තියෙන්නේ.

    ReplyDelete
  22. ඉස්සර නම් ක්‍රිකට් බැලුවේ තියන වැඩ හැම එකක්ම පාඩු කරගෙන ඒත් දෙයියනේ ඇයිද මන්දා දැන්නම් ආසාවට මැච් එකක් බලන්න හිතෙන්නේ නෑ .. මොනවා වුණත් මම නම් ක්‍රිකට් වලට මාර කැමතියි .. මේ තරම් ලොකු ලොකු අවුල් අපේ ක්‍රිකට් බෝඩ් එකේ තියන බව දැනගත්තේ අදයි ..

    ReplyDelete
  23. හප්පේ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල මෙහෙ තිබ්බෙ නැති එක හොඳට ගියා. කොහොමත් මාතලන් කියනවා වගෙ වාර්තා හොඳ දෙන්නගෙන් එක්කෙනෙක් ගෙදර නැවතිලා. එහෙව් එකෙ අනිච්චාවත සංඛරා තමයි කියන්න වෙන්නෙ.

    ReplyDelete
  24. පොඩි කාලේ හැම බෝලයක් ගානෙම බැලුව... 96 වර්ල්ඩ් කප් එක ඔක්කොම බැලුව... ඊට පස්සෙ දිගටම... ඒත් පස්සෙ පස්සෙ ක්‍රිකට් බැලිල්ල නැවතුනා. අන්තිමට බැලුවෙ වර්ල්ඩ් කප් ෆයිනල් එක. ඊට පස්සෙ නෑ..

    පරදිනව කියල දන්නවා ඉතින් මූනු පොතේ ස්ටැටස් වලින් කට්ටියගෙ...

    ReplyDelete
  25. ක්‍රිකට් කියන්නේ හොඳට ගැහුවොත් මිනිස්සු ආදරේ කරන, නැත්නම් පතුරු යනකල් බනින ගේම් එකක් නේද? :D

    ReplyDelete
  26. You can see පස් coming out !!! කිව්වලු ...දන්නෝ දනිති ;)

    ReplyDelete
  27. අපූරු කතාව.. මමත් ක්‍රිකට් වලට උපන්ගෙයිම පිස්සෙකි.. ඒත් පහුගිය පකිස්තාන සංචාරයනම් බැළුවේ නෑ.. දුක නිසා... බලමු ඊළග ටුවර් එකවත්... මුරලි ගියාට පස්සේ අපි තාම එක ටෙස්ට් එකක්වත් දින්නේ නෑ..

    ReplyDelete
  28. මාතෘකාවට අදාළ නැති වුණත්.............

    අයිෆා එකේ ක්‍රිකට් මැච් එකේ රිතික් රෝෂන් පිට්ටනිය වටේ ඉන්න සෙනඟට ආචාර කරන්න නැගපු වාහනේට නාමලුත් නැගලා රිතික් එක්ක වටේ ගිහින් පජාත වුණා මතකද?

    හින්දි නලුවොයි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයොයි ගහපු මැච් එකෙත් නාමල් පැනලා සෙල්ලම් කළා.

    ඔය අවස්ථා දෙකේදීම නාමල් හදිස්සියේ තමයි ඒ තීරණ ගත්තේ. අනිවාර්යයෙන්ම ලකුණු දාගන්න බලන් ඉන්න හෙංචයියෙක්ගෙ දිරිමත් කිරීමෙන් වෙච්ච වැඩක්.

    ReplyDelete
  29. පට්ට ලයික්.... හැම එකාම දන්නෙ බනින්න විතරයි... බෝලයක් අල්ලපු නැති එවුන් විමසමේ පට්ට පතුරු අරිනව... ඌවත් බදින්න ඕනෙ ඔය මීඩියා කාරයො එක්කම අර ග්‍රවුන්ඩ් වල තනකොල කන්න...

    ReplyDelete
  30. හහ් . . උඹ ඔහොම කියන්නෙ නෑ දන්දෙනිය කාරය ගහපු ගැහිලිටික දන්නවනං . . . ඒජන්සි යූනියන් එක කාලෙ ඉඳල . . . .

    ReplyDelete
  31. මචෝ . . මෙන්න බුකියෙ පාර දීල . . . .
    http://www.facebook.com/photo.php?fbid=229123840494128&set=a.109354255804421.14309.100001895411910&type=3&theater

    ReplyDelete
  32. (මගේ ක්‍රිකට් පිස්සුව ගැනනම් වෙනම පෝස්ට් එකක් දානඩ ඕනේය. මේ ශොට් එකක් දාලා ඉන්න වෙලාවෙ ඒව ගැන කියන්ඩ බැරිය)

    අද ක්‍රිකට් වලට වෙලා තියන දේ නම් මාතලන් කිව්වාට වඩා දෙයක් කියන්ඩ නැත. කියන්ඩ තියන සියලු දේ ගැම්මෙම්ම කියා ඇත. පෝස්ට් එක පට්ටය... දුකය...

    ලබන සතියේ දකුණු අප්‍රිකාවේ සිට ආපු කෙල්ලෙක් හම්බවෙනවාය. ක්‍රිකට් පිස්සියකි. ඒකිගෙන් වහන් වෙලා ඉන්ඩ තැනක් සොයමි...

    ReplyDelete
  33. සමාවෙන්න මෙහෙම කියනවය ක්‍රිකට් ‍ලංනාවට කිර්තිය ගෙනා බව ඇත්ත වෙන්න ඇති ඉන් ලද ප+තිලබ ජනතා වට ගියේ කොහොමද ?
    ලංකාවේ ලේඛකයෙකුට හො නිර්මාණ කරැවකුට සමාජගත විමට ඇති පහසු කමි මොනවාද.. මේ රට හයේ පහරකට ගෙවන ගාන අධ්‍යපනයට වියදම් නොකරයි.

    ReplyDelete
  34. මසුරං කතාව මාතලන් උන්නැහේ.

    ReplyDelete
  35. සමාව භාජනේ කොරන්න ඕනෙ මේ පැත්තෙ එන්න පරක්කු වුනාට, ඔබී හදිසියෙම ලංකාව පැත්තෙ ගිහින් එන්න යනව, ඉතිං රාජකාරි ගොඩගැහිල මේ දවස් වල.

    පොඩි කාලෙම ක්‍රිකට් උණ හැදුන් නැත්තන් හොඳයි කියල හිතෙනව.

    ReplyDelete
  36. ගිය සතියෙ සිරසෙ ඉන්සයිඩ් ක්‍රිකට් බැලුවනං තේරුං ගත්තැහැකි කවුද මේවට වගකියන්න ඕන කියල.

    ReplyDelete
  37. ඕනේ අයියා බුකියා දාලා තිබුණ ලින්ක් එකකින් මෙහාට ආවේ.............

    මම පොඩි කාලේ ඉදන් ක්‍රිකට් මැච් බලන්න මාරම ආසයි.ඉස්සර අපි හිටියේ රජයේ නිල නිවාස වල. හිටියේ උඩ තට්‍ටුවේ.පල්ලෙහා තට්‍ටුවේ තව ගෙයක් තිබුණා.දවසක් මැච් එකක අන්තිම ඕවර 5 යන වෙලාවේ මට පොඩි සූ බරක් ඇවිල්ලා ඉතුරු ඕවර් ටික මිස් වෙයි කියලා බයට ජනේලෙන් ඇග එලියට දාලා පීල්ල දිගේ යන විදිහට සූ කරා......
    වැඩේ කියන්නේ ඒ වෙලාවේ පල්ලෙහා ගෙදර ඇන්ටි වැලේ රෙදි වනනවා...

    ක්‍රිකට් වලට වෙලා තියෙන එක ගැන නම් ගොඩක් දුකයි.කොහොම උනත් අතුරු කමි‍ටුවක් මගින් ක්‍රිකට් පාලනය නොවී ක්‍රිකට් පාලක මන්ඩලය පිහි‍ටුවන්න ගත්ත තීරණය ඉතා හොදයි.හැබැයි අර ඉස්සර හිටපු කම්බා හොරු ආයෙත් පාරක් ඕක අස්සට රිංගුවොත් ලබ්බෙ තොවිලෙ වගේ තියෙයි.

    ඉස්සර ක්‍රිකටර් කියලා කෙනෙක් හොද බ්ලොග් එකක් ලිව්වා.මොකද දන්නෑ එයා දැන් ඒක නවත්තලද කොහෙද?......ඔයාගේ පෝස්ට් එක හොදයි.නියමෙට ලියලා තියෙනවා

    ReplyDelete
  38. සිරසේ ඉන්සයිඩ් ක්‍රිකට් බලාගෙන ඉන්න අතරේ අපේ ගෙදර උන්දෑ කිව්වා මෙහෙම කතාවක්.
    "හැම එකක්ම ඉවරයි වගේ..."
    මම හිතන්නේ උන්දෑ මෑතකදි කියපු හොදම දේශපාලනික කතාව.

    ReplyDelete
  39. // මේ මැරීගෙන සෙල්ලම් කොරන එවුන්ගේ පඩි බේරිය යුතුය. පාළක මණ්ඩලේ පිනට කන උන්ට හෙන ගැහුවත් අපට කම් නැතිය. අපි ආදරේ ක්‍රිකටස්ලාටය. ණය වෙලා හරි පෝලිම් වල කට්ට කාගෙන ක්‍රිකට් බලන්න යන්නේ ක්‍රිකටර්ස්ලා බලන්නය. නැතුව නොමිලේ ආතල් එකේ VVIP සීට් වල ඉන්න තප්පදෝරු පින් බතාල හෝ උන්ගේ කෑලී බලන්න නෙමේය. අපට ආතල් එකක් ගන්න තිබුනේ මේක විතරමය දැන් උනුත් අම්බානක කන කොට දුකේ බැරිය.//

    ඔන්න කථාව මාතලන්... ඕක තමා ඇත්ත. ඒත් ඉතින් කරුමෙට ගොඩ එන පාටක් නෑ.

    සඳුදා සිරසේ inside sports එකේ අර්ජුන/සනත් දෙන්නම පාලක මණ්ඩල, තේරීම් කමිටු ගැන හොඳට කියලා දුන්නා... බැලුවා නම් තමා හොඳ ඒක... ක්‍රිකට් ඇතුලේ තියෙන මාෆියා දැනගන්න ඒ වගේ එකක් බලන්නම ඕනේ...

    ReplyDelete
  40. අතුරු පාලක මණ්ඩලේ පොරක් කිව්වලු වර්ල්ඩ් කප් එක වෙලාවේ "ආර් ප්‍රේමදාස එකේ එක මැච් එකයි ඛෙත්තාරාමේ තව මැච් එකකුයි ගහමු" කියලා. මේ තත්වෙන් හරි කිරිකැට් ඉතිරිවෙලා තියෙන එකයි පුදුමේ. කිරිකැට් ගහපු නෝනගේ පැත්තෙ අය තෙල් සංස'ථාවටත් කෙළිය බව හැමෝම දන්නවනේ.

    අනිත් එක අර හදිසියේ උඩින් ආපු ඇස්ටොන් මාටිං එක උපාලි අංකල් පුතෙකුට තෑගි දෙන්න යනවළු. කිරිකැට් කෙසේ වෙතත් පවුලේ උදවියනම් ගොඩ. අපිට අංගොඩවත් ඉතිරිවෙයිද දන්නෙ නෑ.

    ReplyDelete
  41. අත්දුටුවයි සත්තයි, මේක ගොඩ ගන්න ෂුවර්ම ක්‍රමයක් තියෙනවා. ඕකේ මුල් පුටුවට එන ඕනෑම තකතීරුවෙකුට ඔය පඩි ටික සතියෙන් බේරලා අයෙත් මිලියන් බැරිනම් බිලියන් ගණනක උනත් පිස්සුවක් කෙලින්න පුළුවන්.

    ඕකේ "ශ්‍රී ලංකා ක්‍රිකට්" කියන නම අයින් කරලා "_හින් ක්‍රිකට්" (අර ගුවන් සමාගමේ නම) කියල නම වෙනස් කරන්න. ලෝගෝ එකට දුඹුරු පාට තොන්ඩුවක් වගේ එකක් දාන්න. අයෙත් දෙකක් නෑ, චීනෙන් හරි සල්ලි ගෙනත් මේක ගොඩ දානවා. ඉස්සරහට සල්ලි හොයන්න රට රටවල සෙල්ලම් කරන්න (නෝන්ඩි වෙන්න) යන්න ඕනෙත් නැහැ. ඉඳ හිටලා ඔය වෙල් එළියේ පොඩි මැච් එකක් දෙකක් ගැහුවනම් ඇති නම තියාගන්න.

    මං බොරු නෙවේ කියන්නේ. අර හොම්බෙන් යන ගුවන් සමාගම, පාරුවක්වත් එන්නේ නැති තොටුපොල, චක්ගුඩුවත් ගහන්නේ නැති ජාත්‍යන්තර පිට්ටනිය ඔයිට වඩා පාඩු ලබනවා. ඕක හදන්න ගිහිල්ල තමයි මේකටත් කෙල වුනේ. එව්වා ඔය අපූරුවට යන්නේ.

    ReplyDelete
  42. එකෙක් හමුදාවට බැටරි වගයක් අරන් අවුරුදු දෙකක් හිරේය. නීතිය තදය. සැමට එකය.

    ඒ අනුව ක්‍රිකට් වලින් හොරකම් කරපු තරමට උන්ගේ පවුලේ සහ නෝනගේ පවුලේ සියලුම දෙනා මැරෙනකම් හිරේ දැම්මත් මදිය. ඒ නිසා උන්ට දඩුවම් නොකරමි. ඊ ලගටත් මුන්ම පත්වෙලා ඕකටම ආවත් කමක් නැතිය. නහී වේරේන වේරානිය.

    ReplyDelete
  43. අනේ මන්ද ඔයි ..මොකුත් කියන්න හිතෙන්නෙත් නැ

    ReplyDelete
  44. මොනවා කරන්නද .දිනනකන් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  45. ක්‍රිකට් වලට ලොකු මනාපයක් නැත
    නමුත් සිදු වී ඇති දේ හොඳ නැත, ඉතාම නරකය

    ReplyDelete
  46. @ Rajith,
    //ඉස්සර ක්‍රිකටර් කියලා කෙනෙක් හොද බ්ලොග් එකක් ලිව්වා.මොකද දන්නෑ එයා දැන් ඒක නවත්තලද කොහෙද?......//

    හ්ම්.....අපි නොදන්න 'ක්‍රිකටර්'

    ReplyDelete
  47. @ ජංජාල චාමර
    අයි සී සී එකටත් තේරිලා තියෙන්නේ අපේ උන්ගේ තරම. එහෙන් එන්න තියෙන සල්ලි කෙලින්ම ප්ලේයර්ස්ලගේ එකවුන්ට් එකට දානවලු..

    ReplyDelete
  48. @ කැන්ඩියන්
    ඇයි දැන් ඉන්න එක්කෙනත් මරුනේ. පුදුම සේවයක් කරන්නේ අපේ ටීම් එකට නෙමේ අනික් ටීම් වලට...

    ReplyDelete
  49. @ කියවන්නෙක් පමණි
    හැම එකාම මේකෙන් ජීවත් වෙන්න බලන්නේ...

    ReplyDelete
  50. @ සඳරූ
    අවුල ජාලයක්. නමුත් අනාගතේත් සුභ නෑ පේන විදියට...

    ReplyDelete
  51. @ ලොකු ජෝන්
    නැතිවෙන්න දෙයක් නැති නිසා. වනන්න තියෙන්නේ. මෙන්ඩිස් වගේ...

    ReplyDelete
  52. @ පිස්සා පලාමල්ල
    කෙප්ලර් වෙසල්ස් කියල තියෙනව බී ටීම් එක දැම්මත් උන් දිණුම් කියලා. කොහොමද නෝන්ඩිය....

    ReplyDelete
  53. @ පොකු
    ඒ කෙල්ලේ 96න් පස්සේ ක්‍රිකට් ප්‍රේක්ශකයෝ. අපි එහෙම නෙමෙයි. අපි තවමත් ආදරෙයි. ඒකයි දුක.

    ReplyDelete
  54. @ චම්මා
    පව් බන්. ගමේ එකෙක්නේ. සෑහෙන ඉම්පෘව් දැන් නම්....

    ReplyDelete
  55. @ දිනේශ්
    බලමු... බලමු....

    ReplyDelete
  56. @ විසිතුරු
    මේ වගේ ගුලි කන තාත්තෙකුයි පුතෙකුයි තුන් ළෝකෙම නැතුව ඇති...

    ReplyDelete
  57. @ පොඩි මෑන්
    මම හිතන්නේ පොර "නෝ බෝල්ස්" කියලා

    ReplyDelete
  58. @ ඕනයා
    මොකැයි මම නොදන්නේ. ඉස්කෝලේ යන කාලේ ඉඳලම ගේම් දෙන්නේ.. බුකි කේස් එක නම් මරුනේ....

    ReplyDelete
  59. @ චමිල
    වහන් වෙන්න පොල් කට්ටක වත් හොයා ගනින්. පාළක මණ්ඩලේ පැත්තේත් ඉඩ ඇති 120 විතර එලවලයි කියලයි ආරංචිය...

    ReplyDelete
  60. @ ඉන්දික දිසානායක
    සහතික ඇත්ත. නමුත් මචං ක්‍රිකටස්ලටත් මේ තත්වේ ගන්න මාර කට්ටක් කෑවා.

    ReplyDelete
  61. @ ගල් මල්
    තෑන්ක්ස් මචං

    ReplyDelete
  62. @ ඔබා
    ඒකනේ කරුමේ. පොඩි කාළේ ඉඳන් වෙන දෙයක් නෑ මේක ඇර. එතකොට ක්‍රිකට් මෙච්චර ජනප්‍රිය නෑ. මොකෝ නෝනා තනියෙන් එන්නේ. ඔහේ එන්නේ නැතෙයි..

    ReplyDelete
  63. @ රාජ්
    බැලුවා මචං බැලුවා. සනත් ආන්ඩුවේ වෙලත් බය නැතුව කතා කලා. ඒක අගය කරන්න ඕන....

    ReplyDelete
  64. @ රංජිත්
    බොහොම ස්තූතියි පැමිනීමට සහ අගය කිරීමට...

    ReplyDelete
  65. @ තිසර
    බැලුවා බන් බැලුවා. පුදුම දුකක් ඇති උනේ. නමුත් අර්ජුනයි සංජීවයි වචනයක් කතා කරන්නේ නෑ නිශාන්ත ගැන. උඹගේ හාමිනෙත් ක්‍රිකට් ලවර් කෙනෙක් වගෙයි. කාටත් දුකයි මේ ගැන....

    ReplyDelete
  66. @ චතුරංග පෙරේරා
    ඒක බැලුවා. එහෙම ප්‍රෝග්‍රෑම් එකක් වත් නැත්නම් මිනිස්සු මේව දැන ගන්නේ නෑ.

    ReplyDelete
  67. @ ඇනෝ 1
    උඹ කියන දේ වෙලා ඉවරයි. ඒක නිසා තමයි මේක කෙල උනේ....

    ReplyDelete
  68. @ ඇනෝ 2
    ඒකනම් සහතික ඇත්තය. මාර නීතීයක්ය..

    ReplyDelete
  69. @ අසරණයා
    ඔබ මෙන්ම අපද අසරණය...

    ReplyDelete
  70. @ ලොකු පුතා
    වෙන්න තියෙන් ඔක්කොම වෙලා ඉවරය...

    ReplyDelete
  71. දෙන්නම එනව අප්‍රියෙල්

    ReplyDelete
  72. @ ඔබා
    සෑහෙන බොන්න වෙන කේස් එකක් වෙයි...

    ReplyDelete
  73. @රජිත්:
    //ඉස්සර ක්‍රිකටර් කියලා කෙනෙක් හොද බ්ලොග් එකක් ලිව්වා.මොකද දන්නෑ එයා දැන් ඒක නවත්තලද කොහෙද?.....//

    අනේ යකෝ . . මගෙ කට

    ReplyDelete
  74. සහතික ඇත්ත! ඕවා තවදුරටත් ඇඟෙන් විතරක් ගහන ගේම් නොවේ නෙ දැන්!ඔලුවෙන් ගහන ගේම් වලට හොද මානසිකත්වයකුත් තියෙන්න එපැයි!

    ReplyDelete
  75. @ සබිත්
    මොන මානසිකත්වයක්ද පඩි නැතුව. හොඳ වෙලාවට අද ඉන්කම් තියෙන්නේ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න