.

.

Jul 12, 2017

ජනප්‍රියම බ්ලොගර් වීමට මනාප දුන් සියල්ලන්ටම් ස්තූතියි... - Thank you all





සෝෂල් මීඩියා ඩේ වෙනුවෙන් දුන් "එටි අවෝර්ඩ්ස්" වල, ජනප්‍රියම බොග දාන්නා ලෙස මාතලන් තේරි පත්වෙලා කියන නිව්ස් එක මම දැන ගත්තෙත් අද චානුක වත්තේගමයන්ගේ බුකි පෝස්ට් එකක චමීර ජීවන්ත දෙද්දුවගේ දාලා තිබුන කොමෙන්ට් එකකින්. (මාතලනුත් දැන් පට්ට බිසි නිසා, වැඩියේ සැරිසරන්නේ බුකියෙනේ).. මේ සම්මානය මාතලන්ට හුඟක් වටිනවා. හේතුව මේක ජනතා කැමැත්තෙන් තෝරපු දෙයක් නිසා.

එක එකා මොන මොන මළදාන කීවත්, මාතලන් හැමදාම ලිව්වේ ජනතාව වෙනුවෙන්. එක එක පක්ෂ වලට ලියන්න ඇරයුම් පිට ඇරයුම් ආවත්, ඒ කිසි දෙයක් පිලි නොගත්ත බව, ආරාධනා කරපු අයයි, ඒවට සම්බන්ධ අයයි හොඳිනම් දන්නවා. 

ඉතින් ඒ බව මනාව තරුම් ගත්ත පිරිසක් ඉන්නවය කියන එක මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා.. මෙය මාතලන්ට ලැබුනේ මාතන්ට මනාප දුන්න උඹලා නිසා.. ඒ නිසා මට උඹලට දෙන්න පුළුවන් එකම දේ තමයි උඹලා වෙනුවෙන් ලියන එක..

රටේ ප්‍රසිද්ධම ආයතන, කන්ඩායම් හා පුදගලයන් අතරේ මාතලන් ඉන්නෙත් උඹලා නිසා... 
ඒ නිසා මේ සම්මානය මගේ නෙමෙයි උඹලගේ..

මේ සඳහා ප්‍රධාන පිටුවහලක් උනේ මාතලන් බුකි ගත වීම.. අපේ තාත්තා ඉස්සර බුකියට යනවා කියලා බැන්නට, මට බනින්න ආච්චි උන්නෙත් නැති නිසා, මාත් දැන් බුකියේ ඔට්ටු අල්ලනවා එක සිය ගානට..

ඒ නිසා බුකියෙන් මාතලන් වෙනුවෙන් කැම්පේන් එකක් කළ චානුක වත්තේගමයන්ටත්, අජිත් පැරකුම් ජයසිංහටත්, කපිල එම් ගමගේටත්, අනෙක් සියළුම බුකි මිතුරු මීතුරියන්ටත් ඒ නිසා විශේෂයෙන් ස්තූතියි..

ඒ වගේම මාතලන් බ්ලොග් පටන් ගත්ත කාළේ පටන් උදව් පදව් කළ, කතන්දරකාරයාටත් (රසිකලොජි සමඟ කතන්දරකාරයා මිය ගියා) ටැබූලාටත්, මාලන්ලාටත්, ඉන්දිකටත්, දුකාටත් වගේම, නම් ගම් සඳහන් නොකල සියල්ලන්ටත්, රියල් ඇනෝලාටත්, ප්‍රෝෆයි ඇනෝලාටත්, මාතලන්ට බැන බැන මාතලන් හොරෙන් රස විඳිනා සියල්ලන්ටත් ස්තූත්යි..

නැවත් කිව යුතුව ඇත්තේ 

මේ සම්මානය මගේ නෙමෙයි උඹලාගේ..

(මේ....... පාර්ලිමේන්තුවට ඉල්ලුවොත් හෙමත් මනාපයක් දීපල්ලා)

126 comments:

  1. අපේ මාතලන්ට ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. හලෝ මාතලන්, ඉතිං කොහොමද සැප සනීප. අපේ මාතලන්ට ජනප්‍රියම සම්මානය ලැබුනට වැඩියෙන්ම සතුටු මට. ඒත් මාතලන් ඇයි දැන් වැඩිය ලියන්නේ නැත්තේ? අපේ හැලප එහෙමත් ලියන්නේ අඩුවෙන්. රාජුත් එහෙමයි. ඒත් ඉතිං මං හැමදාම ඔපිස්‌ එකට ගියාම මාතලන්ගේ සින්ඩියට ඇවිත් එකේ බ්ලොග් බලනවා.

      ආ අපේ ලොක්කා මේ ටිකේ හෙන සතුටෙන් ඉන්නේ. ලගදි රට ගිහිල්ල එනකොට අපිට ඔපිස්‌ එකේ හැමෝටම තෑගී ගෙනත් දුන්නා. අද ඔපිස්‌ ගිහිං ලොක්කා එක්ක කාර් එකේ නැගිලා ගියානේ ඔපිස්‌ එකේ ගනුදෙනු කරන බැංකුවට. මං ලොක්කා බැංකුවට යනකං ඉදලා හිමිං සැරේ කාලක් ගහලා ආවා විජහට බත් ටික කන්න කලින් දවල්.

      ඉතිං මාතලන් දැන් නං මං ගෙදර එද්දී බෝතලයක් අරං ආවා, අපේ මාතලන් ජනප්‍රියම බ්ලොග්කරු උනාට සතුටට. දැන් නං බාගයක් විතර ගහලා, ගෝලීප් එකකුත් පත්තු කරන් ඉන්නේ. තව ටිකකින්බත් ඩිංගක් කාලා හාන්සි වෙන්න ඕනි. ඔන්න මං පොටෝ එකකුත් ගත්තා අපේ මාතලන්ට බලන්න. එහෙනං ආයේ එන්නං කෝ.

      පොටෝ එක මෙතැනින්

      Delete
    2. මේ බෝතල් ආතල් ඇනෝ කෙමෙන්ට් එක පරණයි මේ කෙමෙන්ට් එක වෙන බ්ලොග් පොස්ට් එකකට දාලා තිබුනා

      Delete
    3. බෝතල් ඇනෝගේ ගල් කොමෙන්ට් එක සම්මානේ වගේම වටිනවා

      Delete
  2. මනාපය නොදෙමි. ජන්දය නම් දෙමි

    Congratulations !

    ReplyDelete
    Replies
    1. මට මනාප නේද සුන්දරී? :)))))))))

      Delete
    2. චන්දෙත් එක්ක මනාපෙත් දුන්නා නම් තමා වටින්නේ

      Delete
    3. ජන්දේ වෙනි, මනාපේ වෙනයිනේ මාතලන්! ජන්දේ නම් වෙනස් වෙනවා, මනාපේ නම් දුන්නොත් දුන්නම තමයි හි හි හි

      Delete
  3. මාතේ Well Done,

    මම නම් උබට චන්දය දුන්නේ නෑ වෙන මොකවත් නිසා නෙමෙයි "සෝෂල් මීඩියා ඩේ වෙනුවෙන් දුන් "එටි අවෝර්ඩ්ස්" වල" ගැන හාන්කවිස්සියක් මම දැනසිටියේ නෑ, පසුගිය දිනවල මම තරමක වැඩ අධික උනා.

    කොහොම උනත් ඔබට ජය !!!

    ReplyDelete
    Replies
    1. මාත් පට්ට බිසි බන්.. බඩේ බත් ටික දාගන්න..

      මම දැනගත්තෙත් පත්තරෙන් හිටන්..

      Delete
  4. මචෝ ඔය සම්මානය නියම ජනතා සම්මානයක්. මම නම් ටක්කෙටම දැනගෙන හිටියා පස් දෙනා අතරින් ඕක ලැබෙන බව. පැරා මාතලන්ට චන්දයක් දැම්ම කියල බුකියෙ ස්ටෙටස් එකක් දාල තිබුන ලින්ක් එක එක්ක.ඒකෙන් දැන ගෙන තමයි චන්දයක් දාන්න සෙට් උනේ.
    ඒ කතා වැඩක් නැහැ මචෝ
    දැන් ඕන කරන්නෙ බීච් එක අද්දර ගිටාර් පාරක් ගහන්න චාන්ස් එකක්.
    ශර්ට් එකක් දන් දෙන්න උනත් බොක්කෙන්ම රෙඩි කිව්වා
    සෙට් වෙමුද.....................
    කවදටද.....................

    ReplyDelete
    Replies
    1. අනිවා ..........අඩියක් ගහලා සමරමු

      Delete
    2. එක තමයි මචෝ වටිනාකම..
      අනික මම වෙනුවෙන් කැම්පේන් කලේ දැවන්තයෝ

      Delete
  5. කාට වාසි වුනත් අවාසි වුනත් උඹේ ලිවීමේ හැකියාව වගේම හරි තැනට ඇනේ වදින විධිහට ලිවිම හැමදාම අගය කරපු එකෙක් හැටියට ජය වේවා කිව්වා.

    ReplyDelete
    Replies
    1. මහ පොලොවේ පය ගහලා ඉන්න මිනිස්සු කියන දේ තමා මාතලන් ලියන්නේ මචෝ... අනික මම දන්නවා නෙළුම් යාය සම්මාණේ වෙනුවෙන් උඹ මාර බැක් එකක් දුන්න බවත්... ඒකත් මට වටිනවා

      Delete
  6. තුති ගැයුම්
    ලද දිණුම්
    බ්ලොග පිදුම්
    සුභ පැතුම්.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමියෝ

      Delete
  7. මාත් එහෙමයි. පැරා දාපු ලින්ක් එකේ ගිහිං චන්දේ දුන්න.. ඒක බුකියේ දැකපු හැමෝමත් ඒ පස්සෙ චන්දේ දුන්න.. අනිත් කැටගරිස් වලින් චන්දයක් දුන්නේ අනං මනං එකට විතරයි .. බ්ලොග් මතක තියෙනකං මාතලං කොහොම අමතක කරන්නද?
    මේ මහා ජනප්‍රිය බ්ලොග්කරුගේ කාර් එකේ දවසක් මගේ ෆෝන් එක දාලා ගිහිං.. පහුවෙනිදා මාත් නැතුව අපේ අකමඩේශන් එකේ කුස්සියටම හොයාගෙන ගිහින් කුකා ගේ අතටම ඒක ගෙනත් දීලා ගියා කියහංකෝ.. උඹ මහපොලොවේ ඉන්න එකෙක් කියන්න මට වෙන ටීකා ඕනි නෑ.. මාතලං-දි සිංහල බ්ලොගර් .. අමුතුවෙං සමරන්න දෙයක් නෑ. චියෑස්!!!

    ReplyDelete
    Replies
    1. සිම් එක විසි කරලා ෆෝන් එක උගස් තිබ්බ නං මේ තියන හූනියං වලිං බාගයක් අහවරයි..මේ මාතය එක්ක බෑනේ .. ඕ යේස් :D

      Delete
    2. නෙද්දකින් වල් පත්තරය.. හිපාටුව.. අහුවෙයකෝ ටෝ..

      Delete
    3. ඒක බොහෝම සුළු දෙයක් මචෝ...

      උඹලා බ්ලොග් වලට මට වඩා සේවයක් කරලා තියෙනවා...

      Delete
  8. හුට්ටාරේ.. අපේ තව එකක්.ජයවේවා රිදෙන්නම !!
    සමරමු සමරමු ...

    ReplyDelete
    Replies
    1. උබගේ කෙමෙන්ට් එකක් දැක්කම සම්මානයක් ලැබුනා වගේ සතුටයි මචෝ

      Delete
    2. ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ඇති ඉහලම සතුටයි මෙලොවේ.

      Delete
  9. මම නම් ඡන්දයක් දුන්නේ නෑ ඔන්න...

    ඔහේට විතරක් නෙමෙයි ලොක්කෝ...
    කාටවත්ම...

    ReplyDelete
    Replies
    1. ඡන්ද අයිතිය කියන්නේ බොහෝම වටිනා දෙයක්...

      Delete
  10. "CORVUS OCULUM CORVI NON ERUIT"

    මාතලන්ට ජයවේවා! ඇනෝ බිය දුරුවේවා !



    ReplyDelete
    Replies
    1. මම ඇනෝලට තියා කාටවත් බය නෑ... බොහෝම ස්තූතියි

      Delete
  11. මාතලන්ට සුබ පැතුම්!!
    වැඩි වැඩියෙන් ලියන්නට ශක්තිය ලැබේවා!!!

    ReplyDelete
  12. මම වැදගත් රියල් ඇනෝ කෙනෙක්, මමත් මාතලන්ට චන්දෙ දුන්නා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි වැදගත් ඇනෝ

      Delete
  13. දැන්වත් අර රොකට් රෝහිනිව ඉවරයක් කොරල දැම්මනම් නාකද

    ReplyDelete
    Replies
    1. ඒක වෙලාවක ලියනවාමයි

      Delete
  14. එකනම් පක්ෂ පාට නොබලා මතා අයියන්ඩි වැඩ කරමි
    ලයිට් කණු නගිනවා , කොඩි වැල් කපනවා , අනිත් උන්ගේ පෝස්ටර් වල තාර ගානවා

    ReplyDelete
  15. සුබ පැතුම් මචෝ!!

    ReplyDelete
  16. සුබ පැතුම් මචං...

    හරියට බුකියෙවත් බ්ලොගේවත් නැති නිසා ඔය ගැන දැනගෙන හිටියේ නැහැ බං, ඒ නිසා ජන්ද දෙන්න උනේ නැහැ...

    ReplyDelete
  17. සුභ පැතුම්.හැබැයි චන්දය නම් දුන්නෙ නෑ.දන්නෙත් නෑ. මේ එටි අවෝර්ඩ් වල බොලොගර්ලට අවොඩ් එකක් දුන්න මුල් අවස්ථාව නේද....?

    ReplyDelete
  18. කුරුටු ගෑ ගී පවුර වෙනුවෙන් උඹට උණුසුම් සුභ පැතුම් මාතේ...

    මේ සිරි ලංකාවේ වෙන දේවල් වලට කලකිරෙන්නේ නැතුව මේක හදාගන්න නිරන්තරව වලිකමින් බොහෝ ඇසූ පිරූ තැන් ඇතියකු ලෙස ඔබ සිදුකරන මෙහෙවර බොහොම අගෙයි...

    කුගෑගීප

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සෙට් එකටම... උඹලා එකෙක්වත් නොලියන්නේ ඇයි කියන එක ගැටළුවක්,,,

      Delete
  19. Congratulations!

    ReplyDelete
  20. Replies
    1. තැන්කූ ඉවාන්... විටක් කමුද...?

      Delete
  21. මෙහෙම අවෝර්ඩ් එකක් තියෙයි කියල දන්නෙත් ටීවී එකේ ගියහම. ඒ නිසා චන්දෙ දෙන්න බැරි උනා. ඒ උනාට කමක්නෑ ඔය අපූරුවට සම්මානෙ අරං තියෙන්නෙ.

    සුබ පැතුම් ලොක්කෝ!

    මේ සම්මානෙ අපේ නම් දවසකට එක පෝස්ටුවක්වත් එන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. තැන්කූ කසුන් මල්ලි... ඒ වගේම උඹටත් හැප්පි හැප්පි වෙඩින් ලයිෆ් කිව්වා

      Delete
  22. සුබ පැතුම් ලොක්කා..!!

    ReplyDelete
  23. මාතලන්ට සුබ පැතුම්!!
    වැඩි වැඩියෙන් ලියන්නට ශක්තිය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සෙව්වන්දි

      Delete
  24. මොකා එකඟවුනත් නැතත් මාතලන් තමන්ගේ හිතට එනදේ ස්වාධීනව ලියනවයි කියන එක ඉතා පැහැදිලියි. ලිවීමේ ස්ටයිල් එකත් ස්වාභාවිකව ගලා ගෙන එන එකක් මිසක් හදා ගත්ත එකක් නෙමෙයි, එනිසා පාඨකයින්ටත් හොඳින් වදින හා එන්ටර්ටේනින් වෙනවා. A thoroughly deserving award. Congratulations !

    ReplyDelete
    Replies
    1. සරළව ජීවත් උනාම සියල්ල සැහැල්ලුයි... නිවන බොහෝම ළඟයි...

      Delete
  25. /*..... ඒ වගේම මාතලන් බ්ලොග් පටන් ගත්ත කාළේ පටන් උදව් පදව් කළ, කතන්දරකාරයාටත් (රසිකලොජි සමඟ කතන්දරකාරයා මිය ගියා) ......*/

    ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් (මළවුන් අතර සිට එවන) මගේ සුභපැතුම් ද පිළිගන්න.

    ReplyDelete
    Replies
    1. අර විචරක ලොක්කත් මේ වගේ ආයි එයිද ?
      එහෙ ගිහිල්ලත් මෙහෙ ඒවාම තමයි හොයන්නේ එහෙ උන්ව කවුරුත් ගණන් ගන්නේ නැතිව ඇති

      එහෙම නැතිනම් එ ලොකෙයි මේ ලෝකෙයි දිත්ව පුරවැසිබාවේ අරගෙනද දන්නේ නෑ මේකටම කෙලින්න එන්නේ

      Delete
    2. අපරාදේ කන්දරකාරයා පන පිටින් මරා දැම්මෙ

      Delete
  26. CONGRATULATIONS, මාතා

    "දෙයක් වේ නම් යම්, සුදුස්සාටම අයිති විය යුතු"

    මේ සම්මානය ලැබී තියෙන්නෙ උඹේ (අපේ) මතවාදයට හා උඹ එය ඉදිරිපත් කරන අභීත අලංකාරයටයි.

    ඒ ආකර්ශනීය 'අභීත අලංකාරය' එලෙසින්ම පවත්වාගෙන යාමට උඹට ශක්තිය හා දිරිය ලැබේවායි ඉතසිතින් පතනවා.

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචෝ..

      අභීතත් බය නැතුවම වැඩේ කොරන් යනවා

      Delete
  27. අර කමියා පෙන්නලා තිබුන පාරක් දිගේ ගිහින් මමත් දුන්න නෙවෙ ඔබ තුමාට ජන්දේ... සතුටුයි ඉතින්.. සුබ පැතුම් ඔන්න

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම්.. උගේ නම දාන්න අමතකත් උනා

      Delete
  28. Congrats Matha macho ! Well done !

    - Another real Ano

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් රියල් ඇනෝ...

      Delete
  29. ඇත්තෙන්ම මම ඡන්දෙවත් මනාපෙවත් දුන්නෙ නෑ. කොටින්ම මම එහෙම එකක් තියෙන බව ගැන අවබෝදෙන් හිටියෙත් නෑ. නමුත් උඹට මගේ උණුසුම් සුභ පැතුම්. උඹ ලියන හැම දේටම මම එකඟ නොවුනත් උඹට සම්මානයක් දෙන්න වටින බව මම පිළිගන්නවා, මචං.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒ මදෑ... උඹලා මේකෙන් ගිය එක විශාල පාඩුවක්... මගේ ප්‍රියතමයෙක් උඹත්

      Delete
  30. Aththama kiwwoth Mathalanta dunne ethana anith ewuntath deela wedak nethi nisa.

    ReplyDelete
    Replies
    1. :)

      මේක මම දාපු එකක්ය කියයිද දන්නේ නෑ සම හරක්

      Delete
  31. සුභ පැතුම් ලොක්කා

    ReplyDelete
  32. සුබ පැතුම්

    ReplyDelete
  33. හුටා මාතලන් ආයි ඇනෝ ඇරලා ...අරිනවා වහනවා .....වහනවා අරිනවා
    මොකක්ද බන් ඔය දෙබඩි ජිවිතේ .....

    හරි දැන් මොකක්ද බන් ඔය "එටි අවෝර්ඩ්ස්" කියන්නේ කවුද කොහෙද කවදා ද කාගේද කොහෙන්ද කොහොමද මෙලෝ දෙයක් දන්නේ නැනේ

    ඕකත් මිට අවුරුදු 3 විතර කලින් උඹව ගොනාට අන්දලා මොකද්ද ලි කැල්ලක්දීලා, රට ගිය ඇත්තන් කළා වගේ වැඩක්ද
    කොහොමත් ඉතින් කෙසෙල් වත්තේ ඩයස් ප්ලේස් එකෙ එකෙක්නෙ
    නොම්බර 1 තමා කොහේ ගියත් ..නැද්ද

    ReplyDelete
    Replies
    1. ඇනෝ වහන්නේ... මට ගහන ඒවට බයේ නෙමෙයි... පඩත්තල හැත්ත විචාරකගේ දෝනියැන්දටත් ගහන්න ආපු නිසා..

      ඩයස් ප්ලේස් නෙමෙයි, මාතලන්ට කොහෙත් ඔට්ටුයි

      Delete
  34. හුටා මෙහෙම එකක් තිවුණා කියලවත් දැනගෙන හිටියෙ නැහැ නොවැ !

    කොහොම නමුත් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... මම දන්නෙත් නෑ අප්පා

      Delete

  35. වෙන category එකකට ජනාටයි ප්‍රියාටයි vote කරන්න ගිහින් බ්ලොග් වලින් මාතලන් ඉන්නව දැකල මාත් දුන්න චන්දයක්.
    ජයවේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචෝ

      Delete
  36. සුබ පැතුම් මාතලන්! බුකියේ නැති නිසා පෝස්ට් එකෙන්ම තමා දැන ගත්තේ. නියම පොයින්ට් එකට රිදෙන්නම දෙන මේ වගේ බ්ලොගක් නෑ. මමත් චන්දෙ දුන්නා කියලා හිතාගනින්. බුකියේ නැති බ්ලොග්වාසි අපි වාගේ උන්ගැන හිතලා දිගටම බ්ලොග ලියපන්. ජයින් ජයම වේවා !!!

    ReplyDelete
    Replies
    1. අනිවා... මේක දාලා යන්නේ නෑ කවදාවත්...

      Delete
  37. අයින් වෙලා පයින් යන මාතලන් ට ජයින් ජයිම වේවා හිටන්!

    ReplyDelete
    Replies
    1. සාරස

      සිරස රූපවාහිනියේදී අදහස් පල කරමින් හිටපු ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංග කියා සිටියේ සංචාරක සිම්බාවේ පිල හා ශ‍්‍රී ලංකා පිල අතර පැවති තරග පහකින් යුතු එක්දින තරගාවලියේදී සූදුකරැවන් මැදිහත්වී යමක් සිදුව ඇති බව පෙනෙන්නට ඇති බවත් හැකියාවක් ඇත්තේ නම් මේ ගැන FCID යන බවත්ය.

      සංචාරක සිම්බාවේ පිල හා ශ‍්‍රී ලංකා පිල අතර පැවති තරග පහකින් යුතු එක්දින තරගාවලියේදී ක‍්‍රිකට් ඔට්ටු අල්ලන්නන් අතර සිම්බාවේ කණ්ඩායම සිටියේ අවම වාසියේ බව හිටපු ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසයි.

      මේ අතර ඇතැම් අන්තර්ජාල මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ සිම්බාවේ තරගාවලි පරාජය නිසා මෙරට ප‍්‍රසිද්ධ බුකිකරැවෙකු රැපියල් බිලියන පහකට (කෝටි 500) ආසන්න ලාබයක් ලබා ඇති බවයි.

      සුප‍්‍රකට ඉන්දීය ඔට්ටු තබන්නන් පවා ශ‍්‍රී ලංකාව දිනන බවට ලංසු තබද්දී මෙරට බුකිකරුවා විසින් සිම්බාවේ දිනන බවට ඔට්ටු අල්ලා ඇතැයිද එම වාර්තාවල සදහන්ය.

      Delete
    2. අස්ස රේස් සෙල්ලමේදී බුකී ජොකි සහ පන්ටර් ලගෙන් අන්තිමට ජය ගන්නෙ බුකියා. ක්‍රිකට් ලොක්කෝ සූදුකරැවන් නම් අනිවාර්ය්‍යයෙන්ම ක්‍රිකට් වලදි වලදි ජය ගන්නෙත් බුකියා. (ෆේවරිට් දින්නොත් බුකිය පරාදය්.ක්‍රිකට් ලොක්කෝ සූදුකරැවන් නම් ක්‍රිකට් වලටත් ඉතින් අඹ සරනම තමය්.)

      මේක බුකිපාලගෙයි රිලාසිරියගෙයි රහස් කුමණ්ත්‍රන ප්‍රතිපලයක් !

      රිලාසිරිය ලවා තරඟ කරුවන්ගෙ මාණසිකත්වය දුබලකලා, බුකිපාලයා යටින් ඉඳන් වැඩේ දුන්න. කොහොමද උන්නාන්සේලාගෙ ටිකිරි මොලේ???

      Delete
  38. ඉතින් ඊට වඩා සුදුස්සෙක් ඉන්නවද :-)

    ReplyDelete
  39. සුභ පැතුම් බොක්කා.....අකුරු කොටන උඹේ ඇගිලි ඔලට...සම්මා සම්බුදු සරණයි...!

    ReplyDelete
  40. එටි අවොර්ඩ්ස් වලට වැඩි මනාපයක් නැති උනාට ගිහිං චන්දේ දීලා ආවා අපේ මාතා ට! අපේ එකෙක් නේ! :)
    ශ්‍රී සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මචෝ

      Delete
  41. Congratulations for you and Pujitga Jayasundara. Both are great!

    ReplyDelete
  42. ඔබගේ ජයග්‍රහණයට සුභ පැතුම්
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නගෝ

      Delete
  43. මචෝ මම ඔහොම දෙයක් තියනවද කියලා දැනගෙන හිටියේ නැහැ, බොලොග් පැත්තේ ගොඩ උනේ සෑහෙන කාලෙකින්. කොහොම උනත් මගේ උණුසුම් සුභ පැතුම් !!!!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන උන් මේක දැනගෙන උන්නේ නෑ... බුජියෙ නම් පොඩි හා හෝවක් ගියා...

      Delete
  44. මේ උන්මන්තක මගේනුත් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මචෝ

      Delete
  45. වියුණුපති ගරු ප්‍රියන්ත හේවගේ හෙවත් මාතලන් මැතිඳුනි,

    ඔබතුමාගේ ජයග්‍රහණය පිළිබඳ අපගේ හෘදයංගම සුභාශිංසන පිළිගනු මැනවි.

    ඔබතුමා වර්ෂ ගණනක සිට විවිධ ක්‍ෂේත්‍රයනට අදාළ විවිධ ප්‍රපංචයන් අලළා සංවාදජනක වියුණු සටහන් රාශියක් පළ කර ඇත. විවිධ සමාජදේශපාලනික ගැටලු දෙස නව මානයන් ඔස්සේ එළඹීමට පාඨක ප්‍රජාව යොමු කර වන්නට ඔබතුමාගේ වියුණුසටහන් සමත් ය. එම වියුණුසටහන්වල ගැබ් වන ශක්‍යතාව සමාජදේශපාලන විප්ලවයකට ගාමක බලය සපයනු නියත ය. මෑත කාලීන ලාංකීය දේශපාලන ඉතිහාසය විසින් එම ශක්‍යතාව පිළිබඳ සුනිශ්චිත අනුභූතික සාක්‍ෂ්‍ය සපයනු ලැබේ. සංවාද මණ්ඩප දෙකක දී මාතලනුන් විසින් රචිත වියුණුසටහන් සමුච්චයේ දේශපාලන විභවතාව අතීතයේ දී බී.බී.සී. ය පවා පිළිගත් බව අපට මතක ය. මාතලන්හු අදීන වූ ද අභීත වූ ද අප්‍රමාණ චරිතයක් වන්නාහ.

    සිංහල වියුණුකරණයේ අභිවෘද්ධිය උදෙසා ප්‍රමුඛ ම දායකත්වයක් සම්ප්‍රදානය කළ, කරන, අනාගයේ දී ද කරන්නට නියමිත වියුණුකරුවාණන් ඔබතුමන් බව අපි අපගේ ගුරු බන්‍ධුල කුදලාගමයන් ද අපගේ ගරු උපදේශක අතිගරු සරසතුමන් ද සමඟ එක් ව මෙහි සටහන් කරන්නෙමු. සිංහල මාධ්‍ය වියුණුකරණය ප්‍රචලිත කිරීමට ඔබතුමා දායක වී ඇත්තේ වියුණුකරුවකු ලෙස විශිෂ්ට වියුණුසටහන් පළ කිරීමෙන් පමණක් නො වේ. සිංහල මාධ්‍ය වියුණුකරණයට පැමිණෙන නවකයනට ඔබතුමා නිබඳ ව සපයන නිර්ලෝභිත සහ කීර්තිසම්භාවනාලාභනිරපේක්‍ෂිත අනුග්‍රහාධාරෝපස්තම්භනාදිය අපි මහත් සේ අගයමු.

    ඔබතුමාගේ අධීක්‍ෂණයෙන්, පරිපාලනයෙන් යුත් 'මාතලන්ගේ සින්ඩිය' යනු අප සැම නිබඳ ව ප්‍රවිෂ්ට වන වියුණුසංඝය (වියුණුසම්මේලය) ය. ඔබතුමන් වියුණුකරණයේ අභිවෘද්ධිය උදෙසා කළ සඵල ම කාර්යභාරය 'මාතලන්ගේ සින්ඩිය' ය. 'මාතලන්ගේ සින්ඩිය' කෙතරම් අප අතර ප්‍රචලිත ව ඇති ද යත් අතීතයේ දී 'මාතලන්ගේ සින්ඩිය' අපට හඳුන්වා දුන් අපගේ හිතෛෂී අතිගරු සරසතුමාගේ වියුණුවට පවා අප වර්තමානයේ දී ප්‍රවිෂ්ට වන්නේ 'මාතලන්ගේ සින්ඩිය' ඔස්සේ ය.

    ඔබතුමාගේ වියුණු සමාජ සත්කාර ඉදිරියට ද කර ගෙන යාමට ⁣වාසනාචිත්තධෛර්යයාදිය නොමඳ ව ලැබේවා! ප්‍රියන්ත හේවගේ හෙවත් මාතලන් ශ්‍රී නාමය දනන් තුඩ තුඩ චිරාත් කාලයක් රැව් පිළිරැව් දේවා!

    සංස්කාරක මණ්ඩලය,
    සාර්වජනික ⁣ක්‍ෂේත්‍රය.

    (මාතලන් මැතිඳුනට කෙරෙන ගෞරවයක් ලෙස මෙම ආලෝචනය අපගේ WordPress නාමරේඛයෙන් මෙහි පළ කරන්නට අපි ව්‍යාවෘත වූයෙමු. එහෙත් Blogger සහ WordPress අතර වන කිසියම් පිළිගැටුමක් නිසා දෝ එසඳහා වර නො ලැබිණි.)

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තූතියි

      ඔබලාගේ බ්ලොග් අඩවිය යාවත්කාලින නොවීම ගැන ඇත්තේ බලවත් කනගාටුවක්...

      Delete
  46. Maathalan brother

    Congratulations. ....!

    Due to busy life with job and many other things. ...I couldn't make comments on your blogs.

    But we read your blog ever time u post it to the Web

    Keep the good work as usual

    All the best to you

    ==Adrian from Toronto

    ReplyDelete
  47. Nominate වෙලා හිටපු අයගෙන් මේකට හිටපු සුදුසුම කෙනා මාතලන්,එටි අවෝර්ඩ් ගැන දැන්ගෙන හිටිය වැඩිදෙනා ෆේස්බුක් ට්විටර් භාවිතා කරන අය ඉතින් මේක තව ප්‍රචාරය උනා නම් තව තරගේ වැඩි වෙනවා.කොහොමවෙතත් මාත් මාතලන්ට චන්දෙ දුන්නා.මං ඉස්සරහ ඉද්න් බලාගෙන හිටියා මාතේ සම්මානේ ගන්න ඉස්සරහට ඒවී කියලා කොහෙද ආවේ නෑ නේ

    ReplyDelete
    Replies
    1. කලින් දැන ගත්තානම් අනිවාර්යයෙන් එනවා..

      දැන් හාමිනාගෙන් බේරිල්ලක් නෑ ඒක කොහොම හරි අරගෙන එන්නය කියලා...

      Delete
  48. අපි එනකොට චන්ද පොල වහලා. දිනුවට පස්සෙ එකතු වෙන අය වැඩි හන්ද ඕන්න මාත් ජයවේවා කියනෝ

    ReplyDelete
  49. Congratulations!

    From one of your regular readers

    ReplyDelete
  50. ජයවේවා....ඔහොම එකක් ගැන දැනගෙන හිටියේ නෑ නොව...අනික ඔහේට ඕව එච්චර ගානක් නෑනේ..ඒ හින්දා හොඳයි..ගොඩාක් අයට ඔහොම අරවා මේවා දීලා පිලිගැනීමක් කලාම ඇඳගන්නවනෙ...ඒ උනාට මිස්ටර් මාතලන් එහෙම නෑ..මොනා උනත් කන්නඩි කුට්ටම නලලේ....දැන් ඉතිං කස්ටිය යහමගට ගන්න ලියමු..යහපාලනය නෙවී යහමග හොඳේ...!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න