.

.

Jan 4, 2012

සුබ අනාගතයක්...!!! - Suba Anaagathayak...!!!



නිදහස දිණූ රට වැසියන් රජ වේවා
ගොන් මැටි ඇමතිවරුනට හෙට කෙල වේවා
කට හොඳ නැති ජෙනරල් එළියට ඒවා
කතරගමට හයිවේ එක දික්වේවා

පිස්සු කෙළින ලේඛම්ලා චුත වේවා
යූ ඇන් පීයේ ගොන් අලි ටික වඳ වේවා
රතු පාටියේ සෝමේ දිවි රැකදේවා
සම්බන්ධන්ගේ තැන කරුණට හිමි වේවා

සෝවාන් ලැබූ හිමිවරු බුදුවරු වේවා
පනිවිඩ කරු හනි හනිකට පැමිණේවා
ආගම් චැනල් ටී වී වල ඉතිරේවා
බන කිය කිය දුසරිත රට පැතිරේවා

සුද්දා මැරූ වැද්දට හෙට කෙළවේවා
සල්ලි තියෙන සුද්දෝ වැඩියෙන් ඒවා
අඩියෙන් අඩිය ෂෙරටන් තව ඉඳිවේවා
එවට යන්ට අපටත් පින පෑදේවා

ක්‍රිකට් පඩිය වේලාවට ලැබදේවා
ලේඛම්, සභාපතිටත් කල හොඳ වේවා
ස්පෝට් චැනල් එකෙ ලාභය වැඩි වේවා
වැඩි වැඩියෙන් ජය අප වෙත ගෙන ඒවා

කොමෙන්ට් කරන උන් තව තව වැඩිවේවා
සිංහල බ්ලොග් තව වැඩියෙන් බිහිවේවා
මේ වසරෙන් ළොව අවසන් නොම වේවා
යන එන මිතුරු සැමටම කිරි ඉතිරේවා

සුභම සුභ නව වසරක් වේවා...!!!

යි, පතන්නේ...
සකල කළා වල්ලභ, කළා භූෂන, කළා නිධි, කළා රිට සම්මානයෙන් පුද ලද මහා කවි


මාතලන් 

44 comments:

  1. makanam niyamai... siyalla adangui..ela..

    ReplyDelete
  2. සුභ නව වසරක් වේවා , මාතලන් ට සහ පවුලේ සැමට

    ReplyDelete
  3. කියවන්නෙක් පමණීJanuary 4, 2012 at 4:24 AM

    මෙයා සෙත් කවියක් අස්සේ වස් කවියකුත් කොටලා

    ReplyDelete
  4. සුභ අනාගතයක් අංකුර කවි මාතලන්ට. කදිම කවි ටික. මම හරිම මනාපයි.

    ReplyDelete
  5. මාතලන් මාමා දැක්ක කල්,
    කොහෙද හිටියෙ?
    මම මාමා ගැන ලිපියක් දැම්මා...

    ReplyDelete
  6. වේවා සුභ වසරක් නව ...


    මේ මොකද පහු ගිය ටිකේ සද්දයක් තිබුනෙ නැත්තෙ ??

    7 ගාලු එනවයි ??

    ReplyDelete
  7. එහෙනම් ඕන් උඹටත් සුභ මෙව්වා එකක් වේවා . . .!

    ReplyDelete
  8. සුභ නව වසරක් වේවා!!.ලස්සන කවි ටික..

    ReplyDelete
  9. සුභ නව වසරක් වේවා! කොහේද ගෑටුවෙ මෙච්චර දවස්?

    ReplyDelete
  10. මාතලන් අයියටත් සුභම සුභ නව වසරක් වේවා කියල කෝඩුකාරයත් එක හිතින්ම ප්‍රාර්ථනා කරනව................!

    ReplyDelete
  11. මේ පැතුම් අඩු වැඩියෙන් ඉටු වෙන සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  12. ආයිබෝ වේවා....!!!
    එසේම වේවා.......!!!

    ReplyDelete
  13. එසේම වේවා කිව්වා....

    ReplyDelete
  14. මිතුරන් ලෙසින් එන සතුරන් දුරු වේවා!
    හරවත් ලිපි ලියන අය තව තව වැඩි වේවා!
    බ්ලොග් ලෝකයේ සැම දෙන තරු වේවා !
    රන් තරු අතර මා පුන් සඳ වේවා! :D :D

    ReplyDelete
  15. සුබ නව වසරක් වේවා....කිටියෙන් පෑනියෙන් ඉතිරේවා....

    ReplyDelete
  16. සුබ නව වසරක් වේවා මාතලන් අයියා .. සෝයි කවි ටික

    ReplyDelete
  17. lassanay aththama liyala thiyanawa...........

    ReplyDelete
  18. නිදහස් අධ්‍යාපනයත් රුක ගෙන කැම්පස් එන්න බැරි වෙච්ච උන්ටත් ඩිග්රි ගන්න පුළුවන් වාතාවරනෙකුත් ඇති උනොත් හොඳයි සරසවි සිසුන් මර්ධනය කරන උනුයි පිස්සු කෙලින ශිෂ්‍යයොන්ටත් කෙලවෙන ගමන්..
    කවියෙන් කියන්ඩ ට‍්‍රයි කලේ හරිගියෙ නෑ...

    ReplyDelete
  19. මාතලන් ,ඔබට සුබ නව වසරක් වේවා !
    යසයගේ ලියුම ලියන යසලාලක තිස්ස .

    ReplyDelete
  20. //අඩියෙන් අඩිය ෂෙරටන් තව ඉඳිවේවා
    එවට යන්ට අපටත් පින පෑදේවා//මගේ කැමතිම කෑල්ල

    /නරකයා....!! said..පිස්සු කෙලින ශිෂ්‍යයොන්ටත් කෙලවෙන ගමන්.. /???? සූට්ටක් අප්සට් ඒ කෑල්ලට!

    /Gimhani said...

    රන් තරු අතර මා පුන් සඳ වේවා! :D :D/ එසේම වේවා!

    ReplyDelete
  21. දහසක් බලාපොරොත්තු ඉ‍ටුවන , හිතේ සතුට ඉතිරෙන වාසනාවන්ත සුභම සුභ නව වසරක්ම වේවා...

    අයියා ලග තිබුනු නම්බර් එක මිසින් mail එකක් දානවද අයියේ..

    ReplyDelete
  22. එසේම වේවා කීවා.. :)

    ReplyDelete
  23. මාතලන්ගෙ බ්ලොග් එක තව සරු වේවා
    ලියනා පෝස්ට් ඔක්කොම ටික හිට් වේවා
    සිංහල බ්ලොග් කලාවට කිරි ඉතිරේවා
    දෙදහස් දොලහ කිරි පැණියෙන් ඉතිරේවා

    ReplyDelete
  24. හප්පේ ඇති යන්තං ආවා මං හිතුවෙ උස්සං ගියාවත්ද කියලා

    …තව තවත් මොන මොනවා හරි අපේ ඔලුවලට ඔබ්බවන්න මේ වසරෙදිත් හැකියාව ලැබේවා!!

    ReplyDelete
  25. කාලා නිදි හින්ද වෙන්ටැ පහුගිය දවස්වල සද්ද නැතුව උන්නෙ!

    ReplyDelete
  26. නෙමා් විත්තිෙයන් පළෙවනි කෙමන්ටුව ෙම්.දිගටම ෙබාග බැලුවට ලියන්න කම්මැලි නිසා ලියුෙව නෑ.පුලුවන් ෙවලාවට ෙමානව හරි කරැටු ගාල යන්නම්ෙකා.මාතලන් සෙහා් ඇතුලු හැම ෙදනාටම සුභ අලුත් අවුරැද්දක් කිව්වා ඕන්........

    ReplyDelete
  27. සුභ අනාගතයක් කියලා කරන්නේ අනාගැනීම විතරයි නේද?

    ReplyDelete
  28. මෙන්න මාතලන් ගේ මුල්ම ප්‍රාර්ථනය. මේ දැන් ලින්ක්-විතින් එකකින් දැක්කේ!

    http://maathalan.blogspot.com/2010/04/blog-post_147.html

    ඔබටත් ජයවේවා මාතලන් අයියේ!

    ;-)

    ReplyDelete
  29. මාතලන්ටත් නව වසර සුභ වේවා!

    ඔහ්.... මාතලන් කතන්දරටත් අයියද?

    ReplyDelete
  30. කයියේ කියලා තියන ආකාරයෙන්ම සියලුම කරුණු කාරණා සඵල වේවා!

    ReplyDelete
  31. ඔයාටත් එසේම වේවා...:D

    ReplyDelete
  32. එළ කිරිස් සුබම සුබ අවුරැද්දක් වේවා...
    අළුත් නිර්මාණ අපි වෙනුවෙන් කරන්නට දිරිය ශක්තිය ලැබේවා...

    ReplyDelete
  33. මාතලන් ටයි පවුලේ සැමටයි සුභ නව වසරක්මෙ වේවා ! ඇයි ගොයියෝ සාහිත්‍ය දූෂණ, සම්මානෙ අමතක උනැයි ?

    ReplyDelete
  34. ඩිංගිත්තක් පමා උනා මේ පැත්තෙ එන්න.

    උඹට සුභ අළුත් අවුරුද්දක් වේවා. . .!!!

    ReplyDelete
  35. කොහෙන් හරි මේ පෝස්ට් එක මිස් වෙලා තිබුනා ! ඔය ඇරඹුනේ 07 වෙනිදායින් සිංහල බ්ලොග් වල 2012 පිබිදීමක් කියලා හිතනවා සහ එකම ප්‍රාර්ථනය !

    ReplyDelete
  36. මාතලන්ට එසේම වේවා කෝ එහෙනං...

    ReplyDelete
  37. මාතලං ගොයිය මරු... මට බ්ලොග් අවකාශෙට එන්න වෙන්නෙ නැති කාලේට පෝලිමට ලිපි නැත.

    සුබ නව වසරක් වේවා

    ReplyDelete
  38. මාතලං ගාලු ගියත් හරි නෑ තාම පෝස්ට් එකක් දැම්මෙ

    ReplyDelete
  39. කෝ ගාලු ගියාට අපි මෙයාව දැක්කෙ නෑනෙ පොටෝවල. මේක සීතම්බර සළුවගේද!
    කැළනියෙ පින්කන් වලට එකතුවෙලා සුදු ඇත දණ නවල එක්කං ගිහින්වත්ද?

    ReplyDelete
  40. ඔන්න පරක්කු වෙලා හරි මගෙනුත් සුබ පැතුම් ........

    ReplyDelete
  41. @ සියළු දෙනාටම

    බොහොම ස්තූතියි. ගොඩක් පරක්කු උන නිසා වෙන වෙනම කොමෙන්ට් කලේ නෑ....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න