.

.

Feb 14, 2012

තෙල් මිළ, බුද්ධිමත් ජනතාව. සහ නපුංසකයෝ... - Oil Price Hike



සෝභිත හාමුදුරුවෝ නියම කතාවක් කිව්වාය. ගිහි සෝභිත නෙමේය. මාදුළුවාවේ හාමුදුරුවෝය. 78 ව්‍යවස්ථාවක් ගෙනත් පප්පා කිව්වේ ගෑණියෙක් පිරිමියෙක් කරන්නත්, පිරිමියෙක් ගෑණියෙක් කරන එක ඇර ඕන එකක් කොරන්න පුළුවන් කියාය. ඒ උනාට අපේ ලොක්කා ආන්ඩුවේ ඔක්කෝම ගෑණු කේරුවා කියාය. ගෑණු නෙමේය. පොන්නයෝය. ශ්‍රී ලංකා කරයෝ ඉස්සෙල්ලාම කර අඹා දැම්මේය. ඒ උන්නැහේගේ කර අඹින්න ඒ කස්ටිය 2005 සෙට් උන නිසාය. වමේ යෝධයෝ කියනා කස්ටියගේ ඊළඟට කර ඇඹුවේය. උන් ශ්‍රී ලංකා එක නැත්නම් කොහෙද කියා හොයා ගන්නට හම්බ වෙන්නේ නැතිය.


දැන් විපක්ෂයේ ඉන්නේත් පොන්නයෝය. ප්‍රභාකරන් ඉල්ලපු එකම ඉල්ල ඉල්ලා කට්ටියක් ඉල්ලන් කන්න සෙට් වෙලාය. අලි ටික උන් උන් මරාගන්නවාය. රත්තරන් පුතෙක් කිව්වේ උගේ අප්පා හිටියානම් පැස්ටෝල් මෙච්චර වැඩි කොරන්නේ නෑ කියාය. ඒ උනාට එයාගේ කාලයේත් වැඩි කලේය. එතකොට මහින්ද ලොක්කලා සරම් උස්ස ගත්තේය. පාර්ලිමේන්තුව දෙක කළේය. පා ගමන් ගියේය. ජනඝෝෂා කලේය. දැන් ඉන්න පොන්නයන්ට ඒවා කරන්න බැරිය. ඒ උන් ජීවත් වෙන්නේත් මැදමුලන දෙවියාගේ පිහිටෙන් නිසාය. ඒ නිසා නාහෙට නාහන උන් වගයක් පාරට බහිනවාය. බුද්ධිමත් ජනතාව නිහඬය.

මේ ටික මතක් උනේ ඊයේ රූපවතීගේ කුකුලන් කෙටවීමක දැකලාය. ඒකට ආන්ඩුවෙන් ආපූ දෙන්නා ඇත්ත කතාව කිවේය. මේ තෙල් මිළ සන්සෝදනේ කොරලා තියෙන්නේ බස් ගැමුණුගෙන් අහලාය. ඌ කියලා තියෙන්නේ සහනාධාරෙට කැමතියි කියාය. ඒ උනාට මූ කලේ කැත වැඩේය. එතන හා කියලා පස්සේ ඉස්ටැයික් කලේය. එහෙම කොරලා තියෙන්නේ බස් එක ඉන්කොම්ටැස් එකට මාට්ටු වෙන නිසාය. ඒ කියන්නේ මුන් බස් රැජිස්ටර් කොරලා නැතිය. ඒ කියන්නේ ඉන්සූරන්ස් ද නැතිය. එහෙම ඒවල යන බුද්ධිමත් ජනතාව දෙවරක් හිතන එක හොඳය.

මේ සන්සෝදනේ විපස්සේ පොන්නයෝ කියන විදියට නියම ආර්ථික කළමණාකාරීත්වය නැති නිසාවත්, හෙජිං ගිවිසුම නිසාවත්, බාල පෙස්ටෝල් ගෙනා නිසාවත්, විනිමය අනුපාතිකයේ අඩුවක් නිසාවත්, ගෙවුම් ශේසයේ මලදාන නිසාවත්, රුපියල බාල්දූ කල නිසාවත්, හොරකම වංචාව දූෂණය නිසාවත්, සේවක ඇතිරික්තය නිසාවත් නොවේය. මේ ආන්ඩුව සඟ වෙද ගුරු ගොවි කම්කරු හිගන්නන්ගේ මිස කුඩු කාරයන්ගේ ගංජා කාරයන්ගේ කසිප්පු කාරයන්ගේ බඩු ස්පොට් කාරයන්ගේ එකක් නෙමේය. මේ සංසෝදනේ කරලා තියෙන්නේ ධනපති පන්තියට කෙල වෙලා යන්නය. ඩොලර් කාක්කන්ට කෙල වෙලා යන්නය. බටහිර කුමණ්ත්‍රණ කාරයන්ට කෙල වෙන්නය. මොකෝ උන් ගෙවල්වල උයන්නේ බූමීතෙල් වලින් නිසාය. දුප්පතාට සහනාධාරේ දිගටම දෙනවාය. ඇති නොකියන්නම දෙනවාය. ඒ ජනතාව බුද්ධ්මත් නිසාය.

ගැමුණුට පුළුවන්නම් අපිට බැරි මොකෝ කියා ගල්වෙම මහත්තයාත් කම්බස් වලටත් කෙලින්න යනවාය. ලයිට් බිලටයි ගෑස් වලටත් රඹ හැලෙන්නට දෙනවාය. මේ ඔක්කෝම කරන්නේ ධනපති පන්තිය නැතිකරන්නය. ඒ නිසා එදා වේලා කාන්න නැති බුද්ධිමත් ජනතාව සහනාධාර කා හුලං රී ඊළඟ වතාවේත් මනාපේ දෙනවාය. මේ හැම එකම කරන්නේ ලොක්කා නැති වේලාවේය. ලොක්කා ආ ගමන් කූඩ ජොනියට දුන්නා වගේ මුන්ටත් දෙන්න බැරි කමක් නැතිය. එතකන් බලාගෙන ඉන්න එක හොඳය.. අනික ළඟදීම මන්නාරමෙන් තෙල් එනවාය. එදාට බුද්ධිමත් ජනතාවට පුකට පෙස්ටෝල් ගසාගෙන උඩින්ම යා හැකිය. එතකන් ඉවසන් ඉන්න එක හොඳය. හෙට අනිද්දාට අපේ අගමැති තුමා හරි පචවංස මහත්තයා යරි පයීන් යන එක ඇඟට හොඳයි කිව්වොත් හිනා වෙන්න එපාය. එයාලා කියන්නේ සහතික ඇත්තය.

52 comments:

  1. මාතලන් අයිය කොහෙට ගහන්නවද කියාලා මට තේරුනේ නැතිය... මේ ගැන දෙයක් කොටන්නට හිටියාට උඹ කලින්ම කොටලාය...

    උඹද කලින් කියූ මම අදද විස්වාස කෙරන දෙය නම් බොසා හැමවෙලේම හරි යන්නය... පෙට්‍රල්, ඩීසල් වලට කෙලීම නිසා තම ඉස්සරහට තව තව ඒවාට කෙලවෙයිය... ධීවරයන්ට මාසෙට තිස් දාහක් දෙන්න යන කතාවක් ඇසුනේය... ඒ සල්ලි කොහෙන් හොයන්න යන්නේද කියා ඇසුනේ නැත... බස් බුවාලාද කල්ල මරේ ක‍රගත්තේය... කාගෙ හරි වහලයක් යට රස්සා කරන උන්ටත් මොන මොනවා හරි ලැබේය...

    සාතන් වගේ සොයං රැකියාවක් කරන් ඉන්න උන්ට මාස පඩියක්වත් ජීවන වියදම් දීමනාවත් නැත... වෙන සහනාධාරද නැත... හම්බුකරන ගාන වැඩි කරගන්න විකල්ප මාර්ග සොයනවා ඇර වෙන ක්‍රමයක්ද නැත... මීට වඩා කොටන්න ගියොතින් අද කතාකරන්න යන ගනුදෙනුවට කෙලවෙනවාය... ඒ නිසා මෙතනින් නවතිනවාය....

    ReplyDelete
    Replies
    1. සාතන් මචෝ මාතලන් අයියා හරිය. ගහන්ට තැනක් දැන් හිතා ගන්ට බැරිය. විපක්ෂයේ කාර්්‍යය කරන්ට වෙන්නේ බ්ලොග් ලියන මාතලන් සහ අපිටය...

      Delete
    2. කොහොමත් ගල් යුගයට වේගයෙන් ගමන් කළ හැක.

      Delete
  2. මේ හැම විටම මගේ මුවට නැගෙන එක් ගීතයක් ඇත...... "සිරි කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා... " මට මළ පනින්නෙ අමරදෙව එක්කය... ගෙවල් පැත්තෙ කඩමණ්ඩියේ මුක්කුව තියාන බීඩිය උරා ගෙදර ගෑණිගෙන් කකා ඉන්න පඩත්තලයන්ට තෙල් ගණන් ගියපු එක ගානක් නැත... ඩොලරය නැගීම ලොවෙත් ගානක් නැත අපි රුපියල්නෙ... බැරිවෙලාවත් රාජපක්ෂ කෙසේ වෙතත් අල්ලපු ගෙදර මහින්දයාටවත් උං ඉස්සරහා බැන්නොත් අම්බානක කන්න වෙන වාතාවරණයක් අපේ ගමේ ඇත..

    ReplyDelete
    Replies
    1. ඒ කාළය වෙනස් වන බව පෙනේ

      Delete
    2. ඉතා වේගයෙන් වෙනස් වන බව පෙනේ

      Delete
  3. මේවාට කේන්ති නොගෙන ඉන්න හරිම අමාරුය . . .

    ඒත් කේන්ති අරගෙන අපේම ලේ ටික පුච්ච ගන්නේ මක්කටෙයි කියා සිතාත් . .

    අපේ රටේ මහජන ගොන්නු උම්බෑ කියන හැටි දකින්න අපුල නිසාත්

    අපිත් ඕන් ඔහේ දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්නවා කියා හිතෙනවාය . . .

    ReplyDelete
  4. කාලෙකට පසෙ ලිවුව එක ගැන සතුටුය.. පහුගිය ටිකේ බිසි වී සිටි කාරනාව සමතයකට පත්වී ඇතයි සිතමි. රෑට කියවා බලමි.. දැන් කිය්වන්න වෙලා නැත

    ReplyDelete
    Replies
    1. එහෙනම් පස්සේ කොමෙන්ට් කොරන්නය

      Delete
  5. ලොකු අයියා වෙත ලියමි..
    අනේ ලොක්කයියේ අපේ පොකැට්ටුවෙ තිබූ හිල ලොකු වෙලාය..චූටි ගල් කැටයක් තරමට ඒය තිබු කල ගනං නොගැනිමේ විපාකයේ සාපය දැන්නම් ඉහ මුලටම වැදී ඇත..නියපොත්තේන් වැඩේ දෙන්නට තිබූවත් දැන් පොරොවෙන් කොටන්නට සැරසි සිටින අපි ගැන අනුකම්පාවෙන් බලා වදාලන මෙන් කම්පාවෙන් ඉල්ලා සිටිමු... පොකැට්ටුවේ හිල වසාගන්නට පඩි පොතේ ලොකු කොලයක් ඉරන්නට අපේ උන්දලා සැරසෙන්නට යන්නේ දැන්ය..හදිසියේවත් හේට අනිද්දා වනවිට " ජාතියේ මහා පහන්ටැඹයි....ජන හදන් හඳුනන මහජන බැ යන්නයි..ඔබේ පවුලේ බැ යන්නයි හදිසියේවත් වසා දැමුවොත් කලබල වෙන්නට නම් එපා මොකෑ තව ඔනැ තරම් ප්‍රයිවෙට් බැංකු තිබෙන නිසාය...මේ සැරසෙන්නේ ඒසේවත් කොට පොකැට්ටුවේ හිල වසා ගන්ටයි...

    ReplyDelete
    Replies
    1. මේ යන ක්‍රමේට සෙන්ට්‍රල් බෑන්ක් එකත් වහයි වගේ...

      Delete
  6. වන්නාටය. හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටය. මොකද්දො වෙන්න වගේය. හැබැයි ජාතක කොරන්න පියෙක් නැති නිසා කන්දක් විලිලා මී පැටවකු වැදුසේය. ජහමනයාටත් හොද පාඩම්.ඔන්න හලාවතින් ප්‍රතිපල පිට වෙන්න අරන් බව දැන් ආරංචි වුනා. විපක්ෂේ කෝ??? ....හනේ අම්මේ කොහොම හිටි විපක්ෂයක්ද?

    ReplyDelete
    Replies
    1. දොස්තර ජයලත්ලා එක්ක මොන සටන්ද...?

      Delete
  7. පකිස්ථානෙට ගොස් කීයක් හරි දෙන්නැයි ගිලානි ගෙන් ඉල්ලුවේය.(කරුමෙට ආන් එයාටත් නඩු වැටිලලු).එහෙ ඉදන් ආපු ගමන් ඔන්න ගියා සිංගප්පූරු මං හිතන්නේ එහෙනුත් කීයක් හරි ණයට ගන්න වෙනැති.මේක තමයි ණය වීමේ ආශ්චර්යය.අපටත් වෙච්ච දෙයක්!

    ReplyDelete
    Replies
    1. වානිජ ණය අරන් හරි අඩු ගානට කෑම ටිකවත් දෙනවනම්

      Delete
  8. මෙච්චර කල් කොහෙද හිටියෙ බැලුවා . ලියන්ට කතාවක් එනකන් හිටියා මයෙ හිතෙ.

    …හපෝ ඔය වැඩි උනා මදිය. තෙරෙන්නටනම් තව වැඩිවිය යුතුය. ඒත් තෙරෙයිද මන්දා

    ReplyDelete
    Replies
    1. දැන් නම් කට්ටියටම දැනිලාය. ඔක්කොම වැඩි වෙනවාය

      Delete
  9. දැන් කොරන රස්සාවට පයින් ගහල ලංකාවට එන්න හිතුවා විතරයි....:)

    ReplyDelete
    Replies
    1. අපොයි බය නැතුව එන්න. එයාපෝට් ඉඳලා කෙලින්ම අංගොඩ යන්න.

      Delete
  10. අපිත් දැන් ගලන ජලෙන් දිය දෝතක් අරන් නිකන් ඉන්නව කියල හිතුව. ඩොලරෙ නැගලනෙ. ඒ මදෑ!

    ReplyDelete
    Replies
    1. සිංහයෝ... සිම්බබ්වේ උනුත් ඔහොම හිතපු කාලයක් තියෙන්ඩ ඇති නේද.. ? බලාගන ඉමුකො කොහෙද කෙලවර කියලා..

      Delete
    2. දිගටම ඔහේ ඉන්න වෙයි වගේ...

      Delete
  11. කතා කොල්ලා වැඩන්නැ ආයිබෝං....වන්ඩියක් ගත්තා ඉතරයි.....!

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ සහනාධාරයක් ගන්න ට්‍රයි කොරහන්. ඇමති කෙනෙක් අල්ලගෙන..

      Delete
  12. බලාගෙන මාතලන්... සේදවත්තේ පොන්න ලමා සමාජයේ කස්ටිය මාතලන්ගේ කර අඹන්න එයි ඒ කස්ටියට අපහාස කරනවා කියලා....

    ReplyDelete
    Replies
    1. මම මේ වචනේ පාවිච්චි කරන්න කැමතිම නෑ. නමුත් මෙහෙම නොලිව්වනම් මේකේ අගේකුත් නෑ...

      Delete
  13. ගාලක් ලෑ මාතලන් ..... අලක්කු මිළ වැඩි කොල්ල නෑ නේද... වැඩි කොලත් මොකෝ වෙල් පැන්ට තියෙනවනෙ. වෙල් පැන්ට වැඩි කොලත් අසාදාරන විදියට වැඩි කොලන් නෑනේ...

    ReplyDelete
    Replies
    1. ඒවා මුකුත් ඕන නෑ. සයනයිට් තියෙනවනේ...

      Delete
  14. අලේ.... මොනවා කියන්නද මන්දා මේවට....

    ReplyDelete
    Replies
    1. අලේ මල්ලල්ලෑ මටත් එහෙමයි

      Delete
  15. වීරයා එලියේ සිටියා නම්. විපක්ෂයේ @$^& ට වඩා හොදය !

    ReplyDelete
    Replies
    1. අකමැති උනත් එහෙමත් සිතෙන්නේය

      Delete
  16. අනේ මන්දා ආයුබෝවන්ඩ.අපි මක්ක කියලා කොරන්ඩද?.බස් ගාස්තු වැඩි කරා කියලා පයින් යන්ට ඈ.බස් ගාස්තුනම් දරාගන්න පුළුවන්.ඒත් හෙට අනිද්දාට අනිත් දේවලුත් ගණන් ගියාම පස් තමයි කන්ට වෙන්නේ.පස් කෑම ස්රිරේට ගුණදායකයි කියලත් ආණ්ඩුවේ ඇයො කියන්ට ඉඩ තියෙනවා.පස්වල ආසනික් එහෙමත් නැහැ නෙව.

    හිතේ දුකට අඩියක්වත් ගහන්න විදියක් නැහැ කොල්ලෝ.ඒවත් ගණන් නෙව.වෙල් පැන්ට වලට‍ මනාපයක් නැතිවුනත් වෙන විකල්පයක් නැහැ.එනවද? සුදුවා ටිකක් බොන්න...

    ReplyDelete
  17. වියදම් කරන්න ආදායමක් තියෙන්න එපැයි ඊට සාපේක්ෂව! වැඩි වෙන්නේ නැති එකම දේ ඒක තමයි! ලොක්කට නම් අත මාරුවක් කරගන්න චීනෙ හරි ඉන්නවා! අපිට?

    ReplyDelete
  18. අපිට නැව් නොයෙන් වරායක්.. උසම කුළුනක්.. නෙළුම් පොකුනක්... දැයට කිරුලක්.. නයිට් රේස්... ඔය ඔක්කොම තියෙනවනේ

    ලොක්ක ඕකිඩ් වලට නම් දෙනව මේ දවස් වල... ඔව්ව වැඩක් නෑ මාතලං අයියේ... ඔන්න විදුලි බිලත් වැඩි වෙලාලු හරී ශෝක්

    ReplyDelete
    Replies
    1. මිළ වැඩිවෙලා මොන බොරුද....? ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එකතුවෙලා එච්චරයි

      Delete
  19. මචන් මම හිතන් හිටියේ ඔය බඩු මිල වැඩි වෙන එක දැනෙන්නේ මේ පිට රට වල ඉඳලා එන අපිට විතරයි කියලා. මොකද අපි ගාණ බලල අම්මෝ කියද්දි ලංකාවේ ජීවත් වෙනා ඒක කිසිම ගින්නක් නැතිව අරන් මුදල් ගෙවන නිසා වෙන්න ඕනේ.
    ලංකාවේ තියෙන අනවශ්‍ය වියදම් ටික කපා හැරියා නම් අදටත් වෙන රට වලට වඩා ඉහලට එන්න අපිට හැකියි කියලායි මම හිතන්නේ.

    අපේ නම් නගරාධිපති තුමාට ඕනේ වුනා 2020 ඔලිම්පිc රෝමෙට ගේන්න. ඊයේ රෑ අපේ නායක තුමා කිව්වේ ඒ වගේ දෙයක් හැඬ්ල් කරනවට වඩා ආර්ථික ප්‍රශ්න අපිට තියෙනවා කියලා. උඹ කියන්නේ මට නිකම් අවුරුදු වගේ අද. අපි ගෙවන ටැක්ස් වල දුක් මහන්සිය දන්න නායකයෙක් ඉන්න එකත් ලොකු දෙයක් නේ.

    ReplyDelete
    Replies
    1. අනවශ්‍ය වියදම් වැහිවැහලනේ. ඔය ලොකු ලොක්කො කියන ඔක්කොම උන් පින් බතාලා නේ..

      Delete
  20. මොකෑ බං මේ හිටි ගමං ඇවිල්ලත් විපක්සෙටම නෙලල යන්නෙ? ඒ අහිංසකයො කියල මොනව කරන්නද, දළ ඇත්තුත් දනගැහූ එකේ.

    ReplyDelete
    Replies
    1. ඒ මූ "වාසුදේව" වංසෙ නිසා.

      Delete
    2. තුහ් නොදකින් වාසූදේව. මට පෙන්නන්නම බැරි එකෙක්. මට ඔය සමාජවාදේ. ඒ පක්ෂ, චරිත පෙන්නන්න බෑ..

      Delete
  21. එක පාර පඳුරු ගානකට විදල... හාවෝ ගානකට වැදෙන්න...

    ReplyDelete
    Replies
    1. ඔක්කොම වැරදිනේ... ඒකයි

      Delete
  22. අඩෝ . . . ලොල්ලන්ට ලැජ්ජකරන්න එපාබොල

    ReplyDelete
    Replies
    1. උන්ටත් අන්තයි... ඇත්තටම

      Delete
  23. වදින්න ඕන හැම තැනටම වදින්න ලියලා..

    ReplyDelete
    Replies
    1. අපිවත් ලියන්නේ නැත්නම් එකෙක්වත් නෑ නේ ලියන්න...

      Delete
  24. නෙලුම් පොකුනු නෙලුම් කුලුනු ඉදිවෙනවා
    මන්නාරම් ද්‍රොනියෙන් තෙල් ටික බේරෙනවා
    ආශ්චර්ය බැලු බැලු අත ලෙලදෙනවා
    මාතලන් ගොයිය තැන තැන නන් දොඩවනවා

    ReplyDelete
    Replies
    1. පිස්සු තද උනාම එහෙම වෙනවා

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න