.

.

Mar 19, 2012

පටි ගලවා අමු හෙළුවෙන් උඩු ගං බලා යන පටිසෝතගාමී වන්දනාව - Ravaya Silver Jubilee



පටිසෝතගාමී = ගලන අතට නොව, උඩු ගං බලා පිහිනීම
.
වික්ටර් අයිවන්ගේ පටිසෝතගාමී කයිය.

අඩෝ තොපිලා දැනගනියව්...!
ලෝකේ ඉන්න හොඳම කර්තෘ,
ඒ විතරක් නොවෙයි යකෝ..
මාක්ස්, ලෙනින්, ගාන්ධි මොන බලු කුක්කොද
වික්ටර් අයිවන් කිව්වම
ෆිලෝසිපර් වන් ඇන්ඩ් ඔන්ලි...
පාන්ඩු වැනි ආන්ඩු දෙන
හිතුනම ඒවා පෙරලන

ජේ. ආර්. නම් මූසලයගේ,
මළ මූසල ව්‍යවස්ථා..
රටට කොඩිවිනේ මේකයි.
ක්‍රමේ වෙනස් කළ යුතුමයි...!
18 එක් කරලා හරි

ප්‍රේමදාස, විජේතුංග, චන්දිරිකා.
වගේ නෙමෙයි..
ඕන තැනක, දැක්ක ගමන්,
බඩ මිරිකනවා හයියෙන්..
සල්ලි දීලා රාවය කන
තොපි වගේද මහ රජානෝ..

යූ ඇන් පී මට අරහං..
මට හිතුනම ඕන එකෙක්.
කරනවා මම සුපර් මෑන්...
ප්‍රභා පවර් ෆුල් කාලේ,
ඌ මගේ හීරෝ රාළේ
යුද්ද කොරලා හරියන් නෑ
බලේ බෙදමු අපි රාලේ..
වට කරලා දෙන කාළේ,
"විප්ලවයෙන්" බෑනේ මලේ..
උගේ ඔළුව පැලු කාළේ,
දැන මොකටෙයි බෙදා බලේ..

තොපි දකින්නේ දවල් හීන..
කරනවා මම ප්‍රතිශෝධන..
සම්පන්තන් රනිල් සැවොම,
මම කියනා දේම අසන,
අපි ඔක්කොම එකතුවෙලා,
ගේනවා සුභ අනාගතේ...!!!
අඩන් නැතුව එතකන් තොපි
බලන් හිටන් දෙන දේ කා..
.oOo.
සිල්වර් ජුබිලි කයිය

ජනරංජන, විමලරත්න,
නුවන් උදය, රුහුණුගේලා...
ටිරන් කුමා, කුසල්, එරික්,
පාඨකයොයි එකතුවෙලා..
ගං ඉවුරේ බලා සිටියි,
අත් දෙක කම්මුලේ උලා..

බුදු අම්මෝ මට බැරියෝ...!!!
"අයිවනයා පීනනවෝ".
උඩ පැත්තට නෙමෙයි යකෝ,..
ගලන අතට අමු හෙළුවෙන්...

සුනිල් වෙජේ සිරිවර්ධන,
වියන්ගොඩද, කම්මැල්ල වීර..
රාවය අද තෙක් කියවන.
මුදල් දිදි ඇදගෙන යන,
බුද්ධිමත්ම පාඨක කැල..
"හූ" තියනවා උඩ පැන පැන
අයිවන් හෙළුවෙන් පීනන
ඒ ගං ඉවුරේ හිටගෙන...
කකුල් දෙකෙන්,
කොන්ද කෙලින්....
.oOo.

මාතලන්ගෙන් වික්ටර් අයිවන්ට...

පොලිටික්කෙක් වෙන්නට නම් පොත් ලියන්න ඕන නේ          ද
මහින්ද අයියා එතකොට ලියලා තියෙන පොත මොකක්           ද
චෞර රැජින වගේ එකක් වැඩිය නොකර සද්ද බද්                     ද
ඔහේ ලියා එයා නමින් පල කෙරුවොත් හොඳයි නේ                ද

.oOo.

රාවයේ 25 වන සංවත්සර සංග්‍රහයේ පල කොරන්නේයි කියලා ලිපීයක් ලියලා දැම්මා ඒක ඒ සාර සංග්‍රහයේ පළ උනේ නෑ. කැමතිනම් මෙතනින් බලන්න. අකමැතිනම් ඒත් බලන්න.

54 comments:

  1. බුදු අම්මෝ මට බැරියෝ...!!!
    "අයිවනයා පීනනවෝ".
    උඩ පැත්තට නෙමෙයි යකෝ,..
    ගලන අතට අමු හෙළුවෙන්...

    එත් ඌ හිතාගෙන ඉන්නේ ඒක අනිත් උන්ට පෙන්නේ නෑ කියලනේ බන් . . . ජරා සතා . . .

    ReplyDelete
    Replies
    1. දැන් ඔක්කොම උන්ට දෙනවා. දෙන්නම් බැටේ විචාරයෙන්.

      Delete
  2. දිවයිනේ ගාමිණී සුමනසේකරට,කීර්ති වර්නකුලසුරියට ඇතුළු බොහෝදෙනාට සිදුවූ මනෝ විපර්යාසය වික්ටර් අයිවන් මහතාටද සිදුවුණි.මා මුල්ම දිවයින පුවත් පත 1983 වසරේ සිට 2009 දක්වාම නොකඩවාම කියවූ පාඨකයෙක් වුනි.කිර්ති වර්නකුලසූරිය තම ආරක්ෂක විශ්ලේෂණ ලිපියෙන් දඩමස් ගොරක බවට පත් කිරීමේ උත්සාහය වැටහුණු දා පටන් දිවයින පුවත් පතින් සම්පුර්ණයෙන් ඈත් වුනෙමි.මේ සියලු දෙනාට සිදුවූ විපර්යාසයට එනම් ඇත්ත ඉදිරියේ අන්ධ භාවයට පත් වීමේ රහස තවමත් වටහා ගැනීමට නොහැකිව සිටිමි

    ReplyDelete
    Replies
    1. මෙයට හේතුවක් ඇත. ඒ සඳහා මගේ මතයට සමාන මතයක් ඇති ළිපි දෙකක් ගිය සතියේ රාවයේම පලවිය. මගේ මතය ඇතුලත් ළිපියක් ලිවීමට බලාපොරොත්තු වෙම්.

      Delete
  3. වැඩක් නෑ කියලා

    ReplyDelete
  4. චෞර පරපුර කියලත් එකක් ලියයි හේත්තුවක් දාගන්න තරම් හයිය අත්තක් මතුවුනාට පස්සේ (පඨකයො සතුටු කරන්න ලියලා වැඩක් තියෙනවය) .

    ReplyDelete
    Replies
    1. "....හේත්තුවක් දාගන්න තරම් හයිය අත්තක් මතුවුනාට පස්සේ..."
      හරියට හරි! හුස්ම වැටෙන එක නොකඩවා පවත්වා ගැනීම ඔය ඔක්කෝටම වැඩිය වැදගත්නේ ආයුබෝවං.

      Delete
    2. @ රාජ්
      ඒකත් ඇත්ත

      Delete
  5. කොහොම උනත් විවේචනයක් කරන්න තරම් දෙයක් හරි අයිවන් මහත්තයගෙ ඉතුරුවෙලා තියනව. කොච්චර උනත් මම නං බලාපොරොත්තු අත්හැරගෙන නෑ, අනිත් පත්තරමාමල එක්ක බලද්දී.

    ReplyDelete
    Replies
    1. විවේචනාත්මක ළිපි පළකරන එකම ළොකු දෙයක්නේ. දැන් මම පත්තරේ ගන්නේ ඒ නිසා

      Delete
  6. math Diwaina paththare balilla nawaththuwe keerthige boruwa dakka dawase indala Iwankarayanam depita kattuwa kiyala danne adaka eeyeka nowei. thanks patta kavi tika ,

    ReplyDelete
  7. අකමැති නං ඒත් බලන්න කිව්ව හින්ද ලිපි දෙකයි කොමෙන්ට් ඔක්කොමයි කියෙව්ව.

    වික්ටර් අයිවන්ගෙ පින්තුරෙ දැක්කම මතක් වුනේ අපි ඉස්කෝලෙ යන කාලෙ ආයුධ අතට ගත්ත, දැන් වයසට ගිය, මනුස්සයෙක්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. ඉස්සර ආයුධ ගත්ත. දැන් වයසට ගිහින් කඩේ යනවා..

      Delete
    2. ඒ කතාව සම්පූර්ණයෙන් ඇත්ත ඉස්සර විප්ලවකරාට දැන්නම් කරන්නේ කඩේ යන එක තමයි

      Delete
  8. වික්ටර් අයිවන් ම ලඟා කරගත යුතුයි කියන බටහිර ප්‍රජාතන්ත්‍ර වාදය තියන, අධිකරණය ස්වාධින රටක අර චව්ර රැජින වගේ ඕපාදුප පොතක් පල කලොත් එයාගේ වත්කම මදි වන්දි ගෙවන්න. මේ උන්දම තමා ප්‍රේමදාස කිරිකල නාව ගන්නවා කියල පත්තරේ පළ කරන කොට, එකට ප්‍රචණ්ඩව ප්‍රතික්‍රියා දක්වන එකේ වරදක් නැහැ කියන්නේ.

    ReplyDelete
    Replies
    1. සැටලයිට්ට නෙමෙයි. එක පතේ කන එකා හරි කමක් නෑ. දිරවන්නේ නැත්නම් දෙනවා ගූ වලින්ම.

      Delete
    2. සජීව ධනුද්ධරMarch 20, 2012 at 10:35 AM

      මම මීට කලින් වැඩ කරපු තැනට ආපු එක් පාරිභෝගික මහතෙක් මෙයා ගැන හොඳ චරිත සහතිකයක් දුන්නා.ඔහු ඒ දිනවල කොළඹ වරායේ සේවය කරමින් ඉඳලා තියෙන්නේ. ඔහුගේ නවාතැනේ කාමර සගයා ලු මේ අයිවන්. ඔහු හැමදාම වැඩ ඇරිලා යද්දි හෝ එහෙමත් නැත්නම් ගෙදර ගිහින් එද්දි අනිවාර්යයෙන්ම බත් පාර්සලයක් හෝ වෙනත් කෑමක් අනිවාර්යයෙන්ම අයිවන්ට ගිහින් දෙනවලු කාමර සගයා නිසා.ඒත් අයිවන් නෙවෙයිලු ඒ මනුස්සයාට වතුර වීදුරුවක් අරන් දුන්නේ,ඒ මදිවට අහුවුන තැන මෙයාට කැපිල්ල දානවලු.
      ඔය අයිවන් මාර ඊර්ෂ්‍යා සහගත, කුහක ,ආත්මාර්තකාමී හා වීශේෂ වශයෙන්ම අතිශ්‍ය අවස්ථාවාදී තමාට එහා පොරක් නැත යන මතය දරන බුවෙක් කියලයි ඔහු කිව්වෙ.
      ඒ මනුස්සයා කියලා තියෙන්න සම්පූර්ණ ඇත්ත නේද?

      Delete
    3. සහතික ඇත්ත. මේ දවස්වල පත්තරේට සහයෝගය දෙන අයගේ රෙදි ගලවනවා. එයා දන්නේ නෑ එයා හෙළුවෙන් කියලා..

      Delete
  9. malli baila nethuwa buddagama gena liypan. oya puka loku ewun hitanne un merenne ne kiyala.

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් ... මම බුද්ධාගම ගැන ලිව්වොත් තිපි මාව මරන් කයි..

      Delete
  10. මන් රාවය කියවන්නෙ නෑ හොඳ වෙලාවට..

    ReplyDelete
    Replies
    1. වෙන කියවන්න එකක් නෑනේ..

      Delete
  11. කාලය වෙනස් උන හැටි..

    ReplyDelete
    Replies
    1. ලොක්කා ඉනා බේත් දෙනවා වගේ හැම එකාටම. යන්න නරකයි අරලිය මල් වත්ත පැත්තේ

      Delete
  12. එයත් වැනෙන චරිතයක්නෙ......

    ReplyDelete
    Replies
    1. පිස්සූ.. එයා කියන්නේ එයා තරම් කෙලින් පොරක් ළොවෙත් නෑ ලොවි ගහෙත් නෑ කියලා

      Delete
  13. මේ කතාවට කටේ ගල් බෝතලයක් හලන්න හිතෙනවා බොලේ..

    ReplyDelete
    Replies
    1. මගේද එයාගෙද... මොකෝ එයා ලියලා තිබුනා විස්කි තිබුනත් ගහන්නේ ගල් කියලා.. මගෙත් ප්‍රියතම..

      Delete
  14. චෞර රැජින ලියපු එකට හැබැයි දැන් දුක් වෙනවත් ඇති මයෙ හිතේ..

    දේශපාලනයේ සදාකාලික මිතුරෝත් සදාකාලික හතුරෝත් නැහැලු නේද ?

    ReplyDelete
    Replies
    1. ඒ දේශපාලනේ නේ. මේ ජේශ්ඨ මාද්‍යවේදියෙක් කියන කෙනෙක්නේ..

      Delete
  15. අයිවන් ගොයියට සැදෑ සමය සුවසේ ගතකරන්න හිතිල ඇති බං

    ReplyDelete
    Replies
    1. ඕක පන්තිය පිළිබඳ ප්‍රශ්ණයක්, දන්නෝ දනිති..

      Delete
  16. මේ වන විට කිසිම මාධ්‍යකරුවෙක් හෝ මාධ්‍ය අයිතිකාරයෙක් මේ පවතින ක්‍රමයට එරෙහිව පෑන හොල්ලන්නෙ නෑ. වැල යන අතට මැස්ස ගහනවා.මොනව කරන්නද වෙන දේ දිහා බලාන ඉන්න ත්ත්වයටම පත්වෙලා.

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ.. ජනරළ පත්තරේ කියනවන්න. රාවයේම, තිසරණී ගුණසේකර බය නැතුව තවම ලියනවා..

      Delete
  17. අනුන්ගේ දෑත් ශක්තිමත් කරන්න ගියාම තමන්ගේ දෑතේ වැඩේ බැරි වෙනවා කියලා කියන්නේ ඒක තමයි.. දැං නම් මෙලෝ රහක් නෑ...

    ReplyDelete
    Replies
    1. දැන් පිස්සු. බන්දුල ඇමති තුමාට වගේ..

      Delete
  18. කාලෙකට පස්සේ නුවර පත්තර ලෑල්ලකට එබිලා බැලුවා ...බුදු අම්මෝ කියලා කියවුනා තියන පත්තර කඩමාලු කන්දරාව දැකලා. ඒ අස්සේ රාවයත් තියෙන්නේ දිලිහි දිලිහි...ගන්නත් හිතලා ...අයිවනයාගේ ගොරකා මූණ මතක් වෙලා අයිඩියා එක අතෑරියා. පත්තර කඩමාලු ගන්න තියාගත්ත සල්ලි වලින් කූල් බියර් පාරක් ගහලා ගෙදර ගියා.

    ප:ලි: මේ දවස් වල බ්ලොග් කියවන එකයි කොමෙන්ට් දාන එකයි පොඩ්ඩක් අවුල්. අපේ මහගෙදරට මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් වැඩකරන්නේ නෑ හරියට.

    ReplyDelete
    Replies
    1. මහ ගෙදර විකුණුවනම් හරි. ජානාධිපති උපදේෂකයෝ දෙන උපදෙසක් දුන්නේ..

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. චරිත හතක් නෑ.. බර ගානක්.

    ReplyDelete
    Replies
    1. දැන් නම් රඟපාන්නේ කවුද රජා චරිතේ..

      Delete
  21. තේරුනේ නැහැනේ. කවුද වික්ටර් කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ඉස්සර මාධ්‍යවෙදියෙක්.. රාවය කතෘ.. රාවය කියන්නේ පුවත් පතක්.. දැන් ....

      Delete
    2. මල මගුලයි . . . රටේ ඉන්න දෙවනියටම ජනප්‍රිය මනුස්සයද කොහෙද වික්ටර් අයිවන් කියන්නෙ . . . මෙයා එයාව දන්නෙ නැතිලු

      Delete
    3. දන්නේ නැහැ ඕනේ අයියේ :)

      Delete
  22. ලොකු දුකක් ඇති වෙනවා මේ මනුස්සයට මෙහෙම උසුළු විසුළු කරනකොට. මූ ඉස්සර ලංකාවට ලොකු සේවයක කරා. ඔය පත්තර කාරයෝ අනිත් උන් ප්‍රේමදාසගේ පස්ස ඉම්බිනකොට. ඇත්තටම මේකා ඒ කාලයේ වීරයෙක්. දෑත සවිමත් කරන්න කියල ඉතාමත් ගවුරනීය පුද්ගලයෝ වලව්ව පැත්තට මෙරුවෝ වගේ ඇදිල ගිහිල්ල පච වෙලා පඩික්කමට වැටෙන එක මහා ඛේදවාචකයක්.

    මේ අවාසනාවන්ත ඉරණම අත්‍ වුනේ මූට විතරක් නොවෙයි. ඒ කලේ සනත් ජයසූරිය කියන්න මගේ වීරයෙක්. දැන් මේක දිලිසෙන කෝට් එකකුත් ගෙන පාර්ලිමේන්තුවේ නාමල් හමු එක්ක ඉන්නවා දැක්කහම ... තූ නොදෝමකින්. පිටියේ පතාක යොදයෙක් වුන අර්ජුනත් තැඹිලි පලේ පැත්තට හැරෙන ලකුණු පහල වෙලා තියෙනවා අනේ දෙවියනේ. ඉස්සර ජැකාගේ වැඩ අපි බැලුවේ කෙල විසිවෙන්න විසිල් ගහ ගහ. දැන් මේක වලන් හෝදනවා. මූම විහිලුවට ලක් කල "සුචච කීකරු බලු කුක්කා" බවට මූම පත් වෙලා. අසහාය කලාකරු රෝහණ වීරසිංහත් රජට කඩේ යනවා. ප්‍රේමකීර්ති කලින්ම මරුන එක හොදයි කියලත් හිතෙනවා. තාමත් අපි එයාව මතක් කරනවා. අද හිටියනම එය ප්‍රශස්ති ලියයි. ඉතිහාසයට එක්වෙන්නේ පඩික්කමෙක් හැටියටයි. සූරියප්පෙරුම පඩි තුමා "ඉතින් හසන්ත මහත්තයෝ ... " කියා කියා විග්‍රහවල් කරනකොට අපි කට අරගෙන අහගෙන හිටියේ. අද මූ දකිනකොට චැනල් එක මාරු කරනවා. ඩලස් කියනෙත් අසහාය, එඩිතර මාද්‍ය වේදියෙක්, ඉස්සර. අද මේක රජාගේ ජොකා හෝදනවා , හෙළුවෙන්. මොනවා උනත් ගූ විමලුත් ඉස්සර රට හොල්ලපු හොද කථිකයෙක. අද මූ දැක්කකහම පුකෙනුත් හිනා යනවා.

    වෙලවකට මගේ මොලේ කචල්ද කියලත් හිතෙනවා. ඉස්සර මහින්ද රාජපක්ස කියල මගේ ලෝකේ පතාක වීරයෙක් හිටිය. පද යාත්‍රා ගියා, දකුණේ කොල්ලෝ වෙනුවෙන්, මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා ගියා. ප්‍රේමදාස සැහෙන්න හෙල්ලුන. අද මූම ප්‍රේමදාස වගේ වෙලා. සාටක වලව්ව කියන්නේ රටේ හොද පුද්ගලයන්ගේ සොහොන් බිමක්. ඔවුන් එකට ඇදගන්නේ, මුදල් අල්ලස්, ලිංගික අල්ලස්, ප්‍රසිද්දිය හෝ තර්ජන මගින්.

    මෝඩකමට හරි අවංක කමට හරි දෑත සවිමත් නොකරන්න ගියා එකම ප්රසිද්ද පුද්ගලයා ජනරාල විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කෝම දීලා ජාත්‍යන්තරයත් අන්දන්න ගියේ. වැඩේ හරි ගියේ නෑ...

      Delete
  23. ප්‍රභා පවර් ෆුල් කාලේ,
    ඌ මගේ හීරෝ රාළේ
    යුද්ද කොරලා හරියන් නෑ
    බලේ බෙදමු අපි රාලේ..
    වට කරලා දෙන කාළේ,
    "විප්ලවයෙන්" බෑනේ මලේ..
    උගේ ඔළුව පැලු කාළේ,
    දැන මොකටෙයි බෙදා බලේ..

    ReplyDelete
  24. අනේ මන්ද මාතලනයෝ....
    වික්ටර් අයිවන් කරපු වැඩ අප්සට් කියල කියනවා.... අයිවන් ලඟ ගඳයි කියලත් කියනව...
    ඉතින් සුවඳ කට්ටියට සුවඳ දේවල් කරන්න තිබුණනේ කියල කියන්න හිතෙනව මට....
    දැං එකෙක් කියල තිබුණ ජනාධිපතිවරණයේදී රාවය මොනවත් කළේ නැහැලු... රාවය මහින්දට කඩේ ගියාලු කලින්... ආණ්ඩුව පෙල්ලුවේ සයිබරෙන්ලු..
    ඕකේ දෙවනි කෑල්ල නං ඔයත් කිව්වනෙ.. ඒකට පදනමක් තියෙනව... ඒත් අනේ අපි මොනවත්ම කළේ නැහැ කිව්වහම..,,,,,,,,,
    සයිබරයෙන් මාර ඉන්වෙස්ටිගේටිව් වැඩ කරන්න ඇති නේද?
    ලසන්ත රුහුණගේල නිකන් බලන් ඉඳිද්දි සයිබරේ කට්ටිය සමාගම් මැඳුරේ දවස් ගණන් පොත් පෙරළ පෙරළ ඉන්වෙස්ටිගේෂන් කරන්න ඇති නේද?
    ටිරන් කුමාරල බලං ඉඳිද්දි සයිබරේ කට්ටිය මරණ තර්ජන මැද්දේ අළුත්ගම, වනාතමුල්ලේ ගිහින් ලියන්න ඇති නේද?
    ඇත්තටම රාවයේ සියඹලා තිබුණෙම නැත්ද? සියඹලා තියේනම් රාවය හැදුවේ කවුද?

    ReplyDelete
  25. ජනරංජනලා මොනවද කළේ?
    පුරවැසි බලය හදලා හයිඩ් එකෙන් පටන් අරන් රට වටේ ගියේ සයිබරේ කට්ටියනේ....
    ඔය සයිබරේ තමා ටික කාලේකට කලින් හම්බයන්ට ගහනවා කියලා රට ගිනි තිබ්බේ.. (දැන් විල්පත්තුවෙන් ආයේ පටං අරං)
    සයිබරේට මොළයක් නෑ.. සයිබරේට මොළේ දුන්නේ කවුද කියල හොයන්න

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න