.

.

May 10, 2012

පුදුමයි ඒත් ඇත්තයි.... - Beleave it or not



බොගක් දාන මානසිකත්වයක් නැතිව උවද, මෙය ලියා පල කල යුතු නිසාම ලියන්නේය. සමහර සිඳුවීම් පිලිගැනීමට පවා අමාරූ සහගත බව නොකියාම බැරිය. දැන් දේශපාලනේ උනත් එසේමය. මේ කියන්න යන්නේ ඒවා ගැන නෙමේය. අළුතින්ම පටන් ගත් වැඩේ ගැනය. එනම් "අතිනත සිහින සේවය ගැනය".

ඒ වැඩේ පටන් ගත්තේ, අපේ පවුලේ දුප්පත් කෙල්ලෙක් වෙනුවෙන් බව මා කලින්ම කීවේය. එයාට මගුලක් අප සෑම තැනම සෙව්වේය. පුදුමයක් කියන්නේ මේ බ්ලොග් එක පටන් අරන් මාසයක යන්නත් කලියෙන් මගේ ගෙස්ට් කෙනෙක්, ඇයව කරකාර ගන්න කැමති උනේය. මේ ටිකේ ලියන්න බැරි උනේ ඒ නිසාය. කෙසේ හෝ අනුන්ට මගුල් කරන්න පටන් ගත් යහපත් සිතිවිල්ලම, ඇයට පලදුන්නා විය හැකිය. ඇය විවාහ දිවියට එළඹි අතර, තව සති දෙකකින් පමණ ඩෙන්මාර්කය බලා පිටව යනු ඇත.

මෙය පෞද්ගලික දෙයක් වූවද ලියන්නට සිත් වූයේ. ඒ සඳහා බොහෝ දැන්වීම ලද නිසාත්, පළකළ දැන්වීම් සඳහා විමසීම්ද බොහෝ ලද නිසාය. එම දැන්වීම කිසිම මුදලක් අය නොකර ඔවුනට ලැබීමට සලස්වන ලද අතර. මින් පසු ලැබෙන ඒවාද එවීමට පොරොන්දු වෙමි. නමුත් මින් පසු දැන්වීම් පල නොකරන අතර එය වසා දැමීමට තීරණය කළේය. ඒ පිළිබඳව සමාවන ලෙසද ඉල්ලා සිටිමි.

ඒ හුටපටයත්, රැකියාවේ කාර්ය බහුලත්වයත්, මහන්සියේ තරමට ලැබෙන මුදලින් ජීවත් විය නොහැකි නිසාත්, ලිවීමේ මානසිකත්වයක් නැත. මේ දිනවල විදේශ රැකියාවක් සොයා ගැනීමට වෙහෙසෙන අතර,. එසේ සොයාගෙන මානසික තත්වය හොඳ වූ කලෙක නැවත ඔබ හමුවන තෙක් ඔබෙන් සමු ගන්නා මා.

ඔබේ හිතවත් මාතලන්....

106 comments:

  1. හ්ම්ම්... ඒකත් එතකොට එහෙමයි වුනේලු... ඉක්මනට ජොබක් සෙට් වේවා කියන්නම්කො එහෙනම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාතන්. රූපේ මාරුවෙලා නේද...?

      Delete
  2. ඉක්මනින්ම හොඳ රැකියාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  3. ඊයෙත් මේ පැත්තෙ ඇවිත් ගියා. ලියමනක් නැත්තෙ මොකද කියල හිත හිතයි ආපහු ගියේ.

    මාතලන් .... මම නම් දැන ගත්තා මෙහෙම දෙයක් වෙයි කියලා... ඒ අපේ රටේ ඉන්න ඇත්තන්ගෙ හැටි.

    ReplyDelete
    Replies
    1. පුළුවන් ඉක්මනට නැවත හමුවෙමු

      Delete
  4. මහන්සියේ තරමට ලැබෙන මුදලින් ජීවත් විය නොහැකි නිසාත්, ලිවීමේ මානසිකත්වයක් නැත. මේ දිනවල විදේශ රැකියාවක් සොයා ගැනීමට වෙහෙසෙන අතර// :D Sira Kathawa!

    ReplyDelete
    Replies
    1. එකසිය ගානට ඒ වැඩේට බැහලා ඉන්නේ

      Delete
    2. මට රට යන්න සෙට්මෝල් වෙන ග්‍රහයා සෙට් වෙලා ඉන්නෙ අවුරුදු 22 ඉඳලලු.... වෙලාව බලන්න හෙන සෙට් එකක් ගාවට ගියා... හැමෝම පුදුම වෙනවා මම තාම මෙහෙයි කියලා.... මන්දා මගේ දැනුමෙ හැටියට කරන්න තියෙන දේවල් කොලා... දැං ඉතිං තියෙන්නෙ මගෙන් පිට කොටස්... ඒවා හරියන්න තව අවුරුදු 22 ත් යයිද දන්නැ.... මගේ එකම පැතුම මගේ බ්ලොග් මිත්‍රයවත් ඉටුකර ගනියි කියලා හිතනවා.... මීට වඩා දේවල් කියන්නැ. දේශප්‍රේමියෝ ඉන්නවා ලේබොල් ගහන්න.

      Delete
  5. ඉක්මනට හොඳ රස්සාවක් හොයාගනිං. මේ දවස්වල කොහොමත් ජීවත් වෙන්න අමාරුයිනෙ.

    ReplyDelete
  6. නෑ........
    අෆොයි
    මට මුකුත් තේරුණේ නැහැ වගේ

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ ... කාටත් මඤ්ඤං මේ දවස්වල

      Delete
  7. අපි කවුරුත් පත් වී ඇති තත්වය මේකයි. ඉදිරියක් ගැනනම් හිතන්නවත් බැරි තරම්.යහපත් තත්වයක් ඇතවී ඉක්මනින් ආපසු ලියන්න පුළුවන් වේවා කියලා පතනවා.

    ReplyDelete
  8. අහෝ දුකකි. එහෙනම් විදෙශයක සිට ඉක්මනට අපට ලියන්නට ලැබේවා !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි...
      අහෝ දුකකි...
      ඉරකි තිතකි...

      Delete
  9. හපොයි......ඉක්මනට සේරම ප්‍රශ්ණ විසඳෙන්න කියල ප්‍රාර්ථනා කරනව මාමෝ.......

    ReplyDelete
  10. ඔබේ සියළුම සිතුම් පැතුම් ඉටු වේවා!

    ReplyDelete
  11. ඉක්මනටම අවශ්‍ය අරමුන ඉටුවේවායි පතමි....ජය

    ReplyDelete
  12. ඉක්මනින්ම ඔබෙ සියලු පැතු ඉටුවේවායි පතමි

    ReplyDelete
  13. මම ද වරක් ඔය දේ කලෙමි.(විදෙස් රැකියාවක්).ආයෙත් කරන්න වෙන හැඩයි.

    ReplyDelete
    Replies
    1. මමත් කාළයක් උන්නා.. ජීවීතේ සැපක් වින්දේ ඒ කාළේ විතරයි...

      Delete
  14. කියන්නට කිසිත් නැත. සහෝදරයෙක් අහිමු වූ විටක දැනෙන වේදනාව කෙසේදැයි මා නොයෙක්වර අත්දැක ඇත්තෙමු. අදද එසේම දැනේ. ඇත්තටම පතමි, ඉක්මනින් නැවත හමු වෙන්නට.

    ReplyDelete
    Replies
    1. කිසිදින හමුවී නැතත්.. මසිතද එසේමය....
      ජීවීතය යනු මෙයයි.....

      Delete
  15. මචෝ, මේ දවස්වල මධුමේහය නොහොත් ආර්ථික අහේනිය. බී කපු පෙති වෙනුවට පුක හපාගෙන මැරෙන්න හිතෙනවා. අම්බානක මහන්සිවෙලා ලාච්චුවට වැටෙන සොච්චම හැරෙන්නවත මදි. දරැවෝ ඉල්ලන දේවල් දෙන්න බැරැව ලෝකේ උතුම්ම රටේ ජීවත් උනත් වැඩක් තියෙයිද?

    මාතලන් මතක තියාගනින්, උඹත් පිටරටක රස්සාවට ගිහිල්ලා දේශප්‍රේමය ගැන අනිත් උන්ට උගන්නන්න නම් හිතන්න එපා.

    ReplyDelete
    Replies
    1. උපන්නට ජීවත් වෙන්න බැරි රටකට ආදරේ කරන්න.. මොලේ මයිල් තියෙන්න ඕන.. මගේ ගාව ඔය බොරු නෑ මචන්.. කලින් ගියපු වෙලාවලත්.. බත් කරවල හොයපු එකෙක් නෙමෙයි මම.. හිහ්... හිහ්...

      Delete
  16. සොයන රැකියාව ලැබී මානසිකත්වය යහපත් වී ඉක්මනින්ම යලි ලියන්න ලැබේවා!!!!! ජයවේවා!!!!!!

    ReplyDelete
  17. ඉදහිට හරි ආයෙත් ඇවිල්ල පලයං. කරදර කියන ඒව අවසන් වෙන්න නං නිවන් දකින්නම වෙනව.

    ReplyDelete
  18. ජයෙන් ජයම වේවා!! බලාපොරොත්තු ඉක්මනින්ම ඉටු වේවා!!! ඉක්මනින් ආයේ එන්න

    ReplyDelete
  19. ඉක්මනින්ම හොඳ රැකියාවක් ලැබේවායි එහෙනම් මාතලන්ට

    ReplyDelete
  20. ඉන්දිය සාගරේ (අ ) මුතු ඇටේ ආශ්චර්යය පහල වීමට කලින් දරු පවුලත් එක්ක සතුටින් ජීවත් වීමට හැකි රටක රැකියාවක් සොයා ගැනීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා . බ්ලොග් අවකාශයේ ඉන්න විදේස් පදිංචි කරුවන්ගෙනුත් සහයක් ලැබෙනවා නම් වඩාත් පහසු වෙයි !!

    ReplyDelete
  21. කියවන්නෙක් පමණිMay 11, 2012 at 3:15 AM

    කාලකන්නි ගැන කථා කරපුවා ගගට කපපු ඉනි වගේ. ගොඩයෑමක් පේන්නවත් නෑ. නහයටත් උඩින් වතුරදාලා ඉවරයි. මට හිතෙන්නේ යුද්දේ නැවැත්තුවේ ඒ සල්ලි පිල්ලි ගහන්න මිසක් රටට ආදරේකට නෙමෙයි. නැත්නම් අපිව මේ තරමට තලා පෙලා අඹරයිද.
    යන්න එපා බුදු මාතලං අයියේ කියලා කියන්නේ නෑ. පෝස්ට් එකක්වත් දාන්න අමතර කරන්න එපා. සුභ පතමි. දුක හිතෙනවා අන්තෙටම කලකිරෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් නම් රට ඉවරයි. ඒ උනාට අපිට ඉවර වෙන්න බෑනේ.. මෙහේ උන්නොත් වහ බොන්න තමයි වෙන්නේ...

      Delete
  22. අනේ අපොයි.. ඉක්මනට ජොබක් සෙට් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.. එල ඈ..

    ReplyDelete
  23. මාතලන්ට හොඳක්ම වේවා...!!!

    ReplyDelete
    Replies
    1. මෙහෙම සුබ පතපු ඔබා... ඒ හීන හැබෑ වෙන්න කලින්ම ගිහිල්ලානෙ.......

      Delete
  24. හොද දෙයක්ම සිද්ධ වෙන්න, මගෙනුත් සුභ පැතුම්!!

    ReplyDelete
  25. මම හිතුවා සද්දයක් නැති කොට අර කියපු උපදේෂක කමවත් ලැබිලද කියලා.. ඒකමයි ඊයක් විද්දේ තොරතුරු අහලා..

    ReplyDelete
  26. එවල තිබ්බ ඊයත් දැක්කේ දැන් ටිකකට කලින්. සේරම ප්‍රශ්න ඉකමනටම විසදගන ආයෙත් ඉක්මනින්ම බ්ලොග් අවකාශේදී හමු වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා මාතලන් අයියා..!!!!

    ReplyDelete
  27. මැලේසියා ජොබ් එකක් තියෙනවා රුපියල් 60000ක් විතර ගන්න පුළුවන්.වැඩි විස්තර ඕන නම් රිප්ලයි කොමන්ට් එකකින් ඊය දාන්න

    ReplyDelete
  28. මාතලන් අයියට ඉක්මනට ජොබක් සෙට් වේවා කියලා ප්‍රර්ථනා කරනවා..
    ජය!!!!

    ReplyDelete
  29. ඉක්මනින්ම හොද රස්සවක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා අයියට! සුභ ගමන් අයියා!

    ReplyDelete
  30. මාතලන් අයියගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා මමත් පතනවා....

    ReplyDelete
  31. මොකක්ද මචන් වුනේ?
    මොනවා උනත් හැමදේයක්ම හොඳම අයුරින් සිදු වේවා.

    අවශ්‍යතාවයක් වුනොත් මටත් මේල් එකක් දාපන්. මම හිතන්නේ මගේ මේල් එක හොයාගන්න උඹට පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හිඟන සුද්දෝ මචං එන්නේ.. මුකුත් ගන්නේ නෑ. ටිප් එකක් දෙන්නේ නෑ. කලාතුරකින් අරාබී කාරයෙක්ගෙන් තමයි කීයක් හරි හොයාගන්නේ..
      උඹගේ වචනේ ඇති මචන්...
      තෑන්ක්ස්...

      Delete
    2. සුද්දොත් හොම්බෙන් යන කාලේ ලංකාවේ අපි ගැන කවර කතාද?

      Delete
  32. පතන්න හිටපු සුබපැතුම් ඔක්කොම කලින් අය කරලා. ලොව ඇත්තටම ඇත්තේ හමුවීම් හා වෙන්වීම් පමණද? මොනවා වෙතත් සහෝදරයට යහපතක්ම වේවා! විමුක්ති !!

    ReplyDelete
  33. මට මේක විශ්වාස කරන්නත් අමාරු වුනා. සියලු දේ යහපත් අයුරින් නිමා වේවා!
    henryblogwalker the Dude

    ReplyDelete
  34. අප්පච්චියේ... දැන් කවදද මානසිකත්වය හොඳ වෙන්නෙ....

    ReplyDelete
  35. උඹට විතරක් නෙමේ බං හුඟක් උන්ට ලියන්න තියා හිතන්නවත් වෙලාවක් නැහැ, දැන් තියන ආර්ථික තත්වෙ හැටියට ...

    මටත් දැං තිත්ත වෙලා තියෙන්නෙ, ඒත් පොඩි උන් දෙන්නෙක් හැදුව නිසා කැමති උනත් අකමැති උනත් උන්ට කන්න දෙන්න එපෑ ...

    අනේ මන්දා බං .....

    ඇත්තටම මම නං දැන් බ්ලොග් ලියන එක විතරක් නෙමේ කියවන එකත් නැත්තටම නැති ගානයි, අද මේ පැත්තෙ ආවෙත් නිකමට වගේ බලලා යන්න .......

    සුබ අනාගත්යක් ......

    ReplyDelete
  36. හැම ප්‍රශ්නයක්ම විසඳාගෙන ආයෙමත් ඇවිදින් අපිට බලන්ට කියලා මොනවා හරි ලියලා යන්ඩ මාතලන් අයියා .. !! ජය වේවා !!

    ReplyDelete
  37. කියල තියන කතාව ඇත්ත..ඒකෙ දෙකක් නැහැ.ඉක්මනටම වැඩේ හරියන්න ඕන කියලා අපිත් සුභ පතනවා..
    මාතලන් ලියන දෙවල් කියවන්න බොහොම කැමැත්තෙන් ඉන්න පාඨකයො පිරිසක් ඉන්න බවනං අමතක කරන්න එපා..පුලුවන් හැටියකට මේකත් ඇදගෙනම යමු.

    ReplyDelete
  38. මචන් උඹ වගේම අද ගොඩ දෙනෙක් ගේ තත්වේ මේක තමයි.ආගම ජාතිය කියන අබින් වලින් මිනිස්සු මත් කරල පාලකයෝ පිස්සු කෙලිනවා.මිනිස්සු ජීවත් වෙන්න දහ දුක් විඳිනව.පිටරවල් වලට වෙලා සැපට ඉඳන් එහෙම නැත්නම් ආණ්ඩුවට සෙට් වෙලා ගතමන්ට් එක හොයා ගෙන පෙම්බර ලංකා කියන උන් ඇරුනම අද තමන් උපන් රටට ආදරය කරන්න මානසිකත්වයක් මේ රටේ දහ දුක් විදින මිනිස්සුන්ට තියෙනවද.10 කට කතා කලොත් 9 ක් බලන්නේ මේකෙන් පිට වෙලා ගිහින් ජීවිතයක් හොයා ගන්න.කවදා නම් අපට මේ රටේ ජීවිතය විඳවන්නේ නැතුව විඳින්න පුළුවන් වෙයිද?

    ReplyDelete
  39. මම හෙව්වා උබව. කලින් පෝස්ටුවට ගිහින් මෙකෑ වුනේ කියල කමෙන්ටුවක් දැම්මා..

    මොනව වුනත් පරිස්සමෙන් හිටු. ජයෙන් ජයම වේවා.. සහෝදරයා..

    ReplyDelete
  40. අපරාදේ කමක්නෑ... ගිහින් එන්නකො...

    ReplyDelete
  41. ඉක්මනින් විසඳුමක් ලැබෙන්න කියල මමත් පතනවා . මේ රටවල පිටරැටියන්ට Work permit දෙන්න දාහක් කොන්දේසි . ප්‍රධාන හේතුව ස්වදේශීකයින්ට රස්සා මදිකම .ඉස්සර සල්ලි තිබුන රටවල වැඩකාරයෝ හිටියේ නැති නිසා අපිට ඉල්ලුම තිබුනා . දැන් උනුත් ඉගෙන ගන්නවා . අනික ලාහෙට ගෙම්බෝ වගේ ඉන්දියන් කාරයෝ . ගන්න තීරණයක් පරිස්සමින් . මාතලන් අපිට වඩා ජිවන අත්දැකීම් ඇති පුද්ගලයෙක් . ජය

    ReplyDelete
  42. ඉක්මනටම පැතුම ඉටුවේවා!!!

    ReplyDelete
  43. චේතනා හං භික්කවේ කම්මං වදාමි! කියලානේ බුදුන් වදාලේ ඒ නිසා මාතලන්ට වරදින්නෑ. හිතේ කරදරයක් නැතිව කරන්න පුළුවන් රස්සාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගියාට කමක්නෑ...පුළුවන් වෙලාවක ලියපං මචෝ...

    ReplyDelete
  44. ඒ බලාපොරොත්තුව ඉටුවේවා.. කියල මමත් කියනවා

    ReplyDelete
  45. oyage widihatama liyanawaaaanam,
    Horek,mankollakaruwek, manpaharannek wagema deshapremiyek. Mese kiyanawaaya. Dan man busyya. Manasikathwaya hodha netheya. Patangath weda athehera damanawaaya. Blog liyannata hithak netheya. Rata rassawakata yanawaaya.

    Ane ethakota api nam monawa kiyannada.
    Oyage yahapatha gena hithanawa nam hodaya. E nisa pamanak apita hitha hadagatha hakiya. Blog nam kalawakya. Ehi watinakama ma handunagaththea obenmaya. Mata oba penenne blog lowa dawanthaya lesatamaya. E nisa me wenasa daragatha nohekiya. Oben ma igenagath de bohoya. Ma nam oba newata liyana thuru bala sitinawaya. Kohoma unath ketapath paure nam liyanne netheya. E mage hatiya.

    Ehenam yaluwe oyata good luck. Pathum itu una heta dawase hamu wemu.

    (obai ma dutu hodama blog karuwa.)

    ReplyDelete
  46. දැන් රටේ තත්ත්වෙ ගැන හිතනකොටනම් පිස්සු හැදෙනව. අනේ මන්ද?... මීට කලින් කමෙන්ට් කරල නැතිවුණාට මම අවුරුද්දකට ටිකක් වැඩි කාලයක ඉඳලම මේ බ්ලොග් එක ෆලෝ කරා. සතුටුදායක විදියට ප්‍රශ්න විසඳිල, මානසිකත්වය හොඳවෙල නැවත ඉක්මනින්ම ලියන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. සුබ ගමන්!

    ReplyDelete
  47. ගොඩාක් දුකයි. ඒත් ජිවිතේ ජයගන්න ඕන නේ. මගෙන් සුභ පැතුම්.

    ReplyDelete
  48. හද පාරවයි සහෘදයකුගේ වෙන්වී යාම
    හිතමින් සැනසෙමි එය තාවකාලික බව

    ඔබ මුහුණ දිය යුතුයි ඔබ හමුවේ ඇති අභියෝගයට

    දිය හැකිය එක පොරොන්දුවක්
    නැවත එනතුරු ඔබ
    මගේ බ්ලොගය පවත්වාගෙන යන බව

    බලාපොරොත්තු නැති කර නොගනිමි

    ඔබ මුහුණ දිය යුතුයි ඔබ හමුවේ ඇති අභියෝගයට
    අපට විශ්වාසයි ඒවා ඔබ ජයගන්න බව

    නැති කර නොගනිමි බලාපොරොත්තු

    අප ජීවත් කරවන බලාපොරොත්තු


    ඔබ සිටවූ හොඳ හිත නැමැති පැලය මහ ගසක් වී
    මතු දිනෙක පල දරනු ඇත

    සහෘදය ඔබට ජය

    ReplyDelete
  49. ඹබත් අපත් ඉන්නෙ එකම මානයකය..කුමක් කරන්නද..දිගටම ලියන්න උත්සාහ කරන්න..ඹබට ඡය හා සතුට පතමි...

    ReplyDelete
  50. ඉක්මනටම ෆට්ට ජොබක් සෙට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ.. පුලුවන් වෙලාවක පෝස්ට් එකක් ලියන්න අමතක කරන්න එපා...

    ReplyDelete
  51. ඉක්මනටම ජොබක් සෙට් වේවා.දැන් මෙහේ ඉදලා ජීවත් වෙන්න හරි අමාරුයි...

    ReplyDelete
  52. මචෝ,
    නිවාඩු පාඩුවෙ මේලක් දාපං duliponline@gmail.com

    ReplyDelete
  53. සුබ අනාගතයක්........

    ReplyDelete
  54. මාතලන් මම දකින විදියට ඔබ නිර්මාණශීලී පුද්ගලයක්. ඕබේ රැකියාව කුමක්උවත් ඔබබ්ලොග් අඩවියක් තුලින් කරමින් සිටියේ ඔබගේ හිතේ කැකැ රෙන ප්‍රකාශනය පිටකිරිම යැ මම සිතමි. මේ රට නිදහස් සිතුවිලි සහිත මිනිසුන් බිහිකිරීමේ වගකීමෙන් පලාගිය කාලකන්නි දේශපාලකයන්ට අයති රටකි. මේ රටේ ජිවත්වන සෑම පුරවසියක්ම තම මව්බිමට ආදරය කරන නමුත් දේශපාලකයින් ආදරය කළඋතත් මේ රටේ ජනතාවටය ජනතාවට ආදරය නොකරන පිරිසක් කෙසේනම් රටට ආදරයකරන්නද..........ඔබට ජය.....

    ReplyDelete
  55. හැමදේම හොඳ විදියකට විසඳිලා අයියගේ ජීවිතේ සුන්දර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... රට යන්න ම‍ගෙ නම් කැමැත්තක් නැත්තේ කෙළවරක් නැති බැඳීම් නිසා....

    ReplyDelete
  56. උදව්වක් කරන්න පුලුවන් දෙයක් තියේනං මේලක දාල හරි කියහං.

    ReplyDelete
  57. කෝ මචං උබ. අපිව බලල යන්න ‍වරෙන් !

    ReplyDelete
  58. තාවකාලික සමුගැනීමක් කරලා නොවැ. ඒක තමා මම බැලුවේ කෝ මේ මනුස්සයාට මොකද වුණේ කියලා

    ReplyDelete
  59. හපොයි, උඹත් යනවද? :(

    ඔය අපිත් ඉඳලා හිටලා බුහ් ගෑවට, මෙහෙම එක එකා යන්න ගියොත් අපි බලන්නෙ මොනවද? ඔය කොහෙත් හොඳ සහ නරක තියනවා. මෙහේ ඉන්න කොට එහේ දේවල් මතක් වෙලා හූල්ලනවා,. මේක දාලා එහේ ගියොත් මෙහේ කාපු කෑම, පහසු දිවිපෙවත මතක් වෙලා හූල්ලනවා. කොහෙන් කැපුවත් රාත්තලයි . නොලියම ඉන්න එපා, ඉඳලා හිටලාවත් අකුරු දෙක තුනක් වත් කොටාපිය.

    ReplyDelete
  60. අපි එද්දිම යනවා නේද ? ජීවිතේ සම්බන්ධ ප්‍ර‍ශ්නයක් නිසා කරන්න දේකුත් නෑනෙ, මෙන්න මගෙන් ඒ කාරිය සාර්ථක වේවා කියලා සුභ පැතුමක් !

    ReplyDelete
  61. කියවන්නෙක් පමණිJune 25, 2012 at 5:36 AM

    කවදාද අයේ එන්නේ...

    ReplyDelete
    Replies
    1. කියවන්නෙක් පමණිJune 27, 2012 at 11:46 PM

      හමුවන්න අප ඉතින්

      Delete
    2. කියවන්නෙක් පමණිJune 30, 2012 at 9:54 PM

      දෙනුවන් අයා සිටින්නේ

      Delete
    3. කියවන්නෙක් පමණිJuly 6, 2012 at 2:20 AM

      කියවන්න ඔබේ බොගක්

      Delete
  62. මොකෝ මාතලන් අයියා සීන් එක.. තාම හිතට ෆිට් වෙන ජොබක් ලැ‍බුනෙ නැද්ද?... ඉන්න තැනකින් තාම ඉන්නව කියලවත් නෝට් එකක් දාපන්...

    ReplyDelete
  63. ආයේ බ්ලොග් එක පැත්තට එන්න තව හුගක් කල් යයිද අයියේ...
    නොලිව්වට කමක් නෑ.. ඉක්මණට එන්නම් කියලවත් කියලා පලයන් ඇවිත්...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න