.

.

Aug 27, 2012

මුන්නේස්වරම් ගාථා - Prayer for Munneswaram



අනුබුදු හිමිට කෙළ වැඩ උන් පෝද්දල
මහනාහිමිට කුණු හබ්බෙන් දම් දෙසලා
කැහැපොට ගහන් සිවුරත්, අඳනේ එළියේ
එළුවගේ බෙල්ල බේරනවා මුන් නේස්වරම්


කොල්ලෝ නිවන් දකිනා කල ටයර් තුල
සිල් ගන්නවා හැම පෝයට රජ්ජුරුවෝ
පිරිත් නූල් ගැට ගහලා මහ රජුට
සෙත් පැතුවේ බෝම්බයෙන් පිදෙන්නද



කැම්පස් ටික වහලා ඒ ලෙවල් කුඩූ
පුංචි පහේ සිස්සත්තෙත් විනාසලූ
මතු පරපුර නැති වූවත් හෙන ගහලා
ඒවට මුකුත් බන නෑ කටවල් වැහිලා

ගොවියෝ අඬනවා මහ වැහි ඉල්ලාලා
ආධාරයක් වත් නෑ බෙදනව සොමි චන්දේ
කොල්ලෝ අඬනවා රස්සාවක් ඉල්ලා
දායකයාද එළුවොද ලොකු ස්වාමිනි



බනට දෙසන්නේ ඔක්කොම එකයි කියා
පැය හතරක් පෝලිමෙ ඉඳ ගෙදර ගියා
වී අයි පීලා, ඕ අයි සී සමග ගියා
ලස්සන කෙල්ලෝ පොඩි සාධුගේ පස්සෙ ගියා

අම්මේ තාත්තේ උපදින මතු බවෙක
මෙතේ බුදුන් යලි මතු බුදු වන දිනෙක
වී අයි පී පවුලක ඔබ ඉපදේවා
නිතිනම් ඉතින් නිවනින් සැනසීම බොරූ


************
 පොඩි රවුමක් යනවා, කොමෙන්ට්ස් වලට රිප්ලයි පරක්කු වෙයි.. අමනාප වෙන්න එපා..

40 comments:

  1. සාධු ! සාධු ! සාධු !

    ReplyDelete
  2. ඇත්ත කතාව. සාධු සාධු!

    ReplyDelete
    Replies
    1. මුසාවාදා වේරමණී සිඛ්ඛා පදං සමාධියාමී

      Delete
  3. කලියුගයනේ මේ ....

    ReplyDelete
  4. හික්ස්... VIP පවුල....

    ReplyDelete
  5. මුන්නේශ්වරම් පැත්තේ යනවද දන්නේ නෑ. :D

    ReplyDelete
    Replies
    1. මම ඉතින් නොයන තැනක් තියෙයි

      Delete
  6. සහතික ඇත්ත කතාව බන් . . රජයේ කාර්‍යාලවල පොලිසියේ හෝ අන්තැන් වල සැමට එකා වගේ සලකන නීතිය සැමට පොදු දෙයක් කියලා සලකන එහෙව් තත්වෙකට රට ගෙන්න පුලුවන් නායකයෙක් එන දවස වෙනකම් වී අයි පී නොවුන පොදු ජනයාට ඉතිං හබක් තමයි.

    කුනු ගොඩක් වෙලා තිබබ් ආමි එක එහෙව් නීතිගරුක විදිහට හදපු ජෙනරල් සරත් ෆොන්සේකාට රටත් එහෙම හදන්න පුලුවන් කියලා මට නම් තාම විස්වාසයි බන් දේසපාලන දැනීමක් උන්දැට නොතිබ්බත් (දේසපාලන දැනීම තියෙන එකා උගේ බලේ තියාගන්න දතකනව මිසක් රට දියුනු කොරන්න හිතන්නේ වත් නෑ කියලා ඇස් පනාපිට ඔප්පු වෙනවනේ අප්පා)

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, මගේ විශ්වාසයත් ඒකමයි.

      Delete
    2. හමුදාවක් හදනවා වගේ නෙමෙයි රටක් හදන එක. ආර්ථිකය වැඩ කරන හැටි දන්න කෙනෙක් ඕනා ලංකාව ගොඩ ගන්න නම්.

      නීතිගරුක නායකයෙක් හිටියාටත් මදි, මිනිස්සු වෙනස් වෙන්න කැමති නැත්නම්.

      Delete
    3. මමත් හිතන්නේ විනයගරුක කෙනෙක් හිටියොත් ඇති කියල. සියල්ල දත් වෙන්න ඕනේ නැහැ හරි අය හරි තැනට දාල වැඩේ ගත්තහැකි.

      දැක්ක නේද ඔය හැම දේම දන්නවා කියපු සරම් චන්ඩි ටික කරන වින්නැහිය. ක්‍රිකට් ඉවරයි. හෙජින් කොරල විනාසයි. මැච් නැති පිට්ටනි, නැවු නැති වරාය, හීනමානෙට නම ගහගන්න හදපු ගුවන් සමාගම් ... මේකයි මහදනමුත්තගේ ආර්ථිකය.

      Delete
    4. රට හදන්න කලින් කට හදාගන්න ඕන. අනික ඉතින් ප්‍රජා අයිතියත් නෑනේ

      Delete
    5. මෙන්න පුක දෙනෝ. විනය කෙසේ වෙතත් කාන්තා සෙබළියන්ගෙ විනය නං තැකුවා

      Delete
  7. කාලීන කථාබහක්... වගකිවයුත්තන්ගේ ඇස් යොමු වේවා !

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචං, වගකීම් ලැබෙන්න ලැබෙන්න ඉහළට යන්න යන්න එවුන්දලගෙ ඇස් පෙනීම දුර්වල වෙනව.

      Delete
    2. වගකිවයුත්තෝ නම් මේවා බලන්නේ නෑ. ඒත් වෙනම කස්ටියක් දාලා ඉන්න බව නම් දන්නවා

      Delete
  8. අම්මප කතා ටික නම් ඇත්ත මෙව්වා දිහා බලන් අපිට හූල්ල හූල්ල තමා ඉන්න වෙන්නේ :/

    ReplyDelete
    Replies
    1. එහෙම ඉඳලා හරි යනවැයි

      Delete
  9. මොනවා කියන්නද?

    මාතලන්ට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රාර්ථනාවත් ඒකම තමා

      Delete
  10. good one !keep on writing

    ReplyDelete
    Replies
    1. thanks..
      even a one word comment,
      give us lot of courage and strength

      Delete
  11. ඉපදෙන හැම භවයක VIP වේවා !

    ReplyDelete
  12. වෙනසක් වෙන්න කරන්න කාලේ හරි..
    ඒත් වෙනසක් නොවෙන එකනේ ප්‍රශ්නේ..
    කොහොම උනත් හැමදාම අපි වලේ.....
    උන් තමා දිනපු ඈයෝ.. අපි හැමදාම පරාදයි......
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නෑ. ජනයාගේ මෝඩකමයි මූලීක වැරද්ද

      Delete
  13. VIP පවුල.. ඒකත් නරකම නෑ...

    ReplyDelete
  14. ඕවා නම් කතා කර වැඩක් නැත :/

    ReplyDelete
    Replies
    1. උබට අම්ම කෙනෙක් වෙන්න ඕනි කිව්ව නේද කෙල්ලේ? ඕනි නම් මම ඒකට උදව් කරන්නම්.

      Delete
    2. ඒකනේ කවියෙන් දැම්මේ ගායනා කොරන්න

      Delete
  15. හිත යට දේශපාලන කුහක කමක් තියාගෙන ලිව්වා නේද පද ටික? එත් මොනවා කරන්නද තිත්ත ඇත්ත මේක තමා ..

    ReplyDelete
    Replies
    1. මමත් ඉතින් පෘතග්ජනයෙක්නේ..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න