.

.

Aug 13, 2012

පොඩි කෙල්ලෙක්, බෝයි ෆ්‍රෙන්ඩ්ට කියපු කවිය - Teenage Love



අයියෝ ඔයා බය වෙලානේ අනේ...!

හේන කොටයි අප්පච්චි,
අම්මන්ඩිත් පිට වෙච්චි..
ආච්චි නම් සැර කොච්චි,
දෑස ඇගේ නොපෙනෙච්චි..
කී දවසක් පහු උනාද,
ඒත් මොකෝ බය වෙච්චි..

වෙනදටනම් මෙහෙම උනොත්,
බේරිල්ලක් නැති වෙච්චි..
ඉන්න දෙන්නෙ නෑ කෙල්ලට,
ගලේ අඹරනව කොච්චී..

සබාපතියෝ අහු උනාට,
තමුසෙ මොකට බය වෙනවද..
මීයෝ පූසෝ ඇල්ලුවාට,
ඊට එහා අපි යනවද..

ආවේ නැතොත් උඹ දිගටම
හංස පැටව් නොම දකින්න,
මට වෙන්නේ.... වෙන එකෙකුට
උංව දෙන්න කිති කවන්න.

.oOo.

අපිටත් මෙහෙම සුන්දර කාළයක් තිබුනා. අනේ දැන් ඉන්න උන් බයවෙලා. මහ එවුන් කරන කාළකන්නි වැඩ නිසා...

66 comments:

  1. හප්පටසිරි ..... මම බය ....... වුනා.

    ReplyDelete
  2. හික්ස්.. මරු කවිය අප්පා.. :)

    නඟා මොකෝ තරහා වෙලා
    මොනාද මේ කියන කතා
    ඔහොම ඉඳින් ටික දවසක්
    මන් එන්නම් උඹ බලන්න.. ;)

    ReplyDelete
  3. දැන් කාලෙ පොඩි උන්ගෙත් මනස් අවුල් වෙලා ඒකට ඒකාලෙ ......නැද්ද මම අහන්නේ ....

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. එ දවස් නේ දවස්

      Delete
  4. Replies
    1. ඇයි ඔහෙත් තාම මේ වයසෙද...?

      Delete
  5. Replies
    1. බාල අපරාදයක් වෙන්නේ මහ එකෙක් සෙට් උනොත් නේ..

      Delete
  6. මරු කවි සෙට් එක අයියේ...

    ReplyDelete
    Replies
    1. අපි ලිව්වොත් ලිව්වා තමයි... නැතෙයි..

      Delete
  7. එයාලට කවි ලියන්ටත් වෙලා තියනවද? :)

    ReplyDelete
    Replies
    1. කාටද... පොඩි කස්ටියටද...?

      Delete
  8. මරු කවිටික මේ අදහස පහලවෙන්න නිමිත්ත මොකක්ද?

    ReplyDelete
    Replies
    1. නිමිත්ත උනේ නම් රට ඉඳලා ආපූ පොඩි කාළේ ඉඳන් දන්න මැංගෝ කෙනෙක් සෙට් උනා. ඌ පොඩි කාලේ වීර ක්‍රියා ගැන කතා උනා.. දන්නවනේ ඉතින් එතනින් එහාට.

      Delete
  9. කොච්චි ගලේ නෙවේ බං අබරන්නෝනි.. කටේ..

    ReplyDelete
    Replies
    1. මගුලක් කතා කරනවා. කොච්චර වලි දාගෙනද ගලේ අඹරගන්නෙත්..

      Delete
  10. කලබල වෙන්ටෙපා නගේ
    දුක් ගන්නත් එපා නගේ
    මේ දිනවල
    පත්තරවල
    රේඩියෝවෙ
    ටීවි එකේ
    අහන දකින දේ දැක්කම
    කොච්චි උනත් අඹරන්නට
    බය හිතෙන්නෙ නැද්ද නගේ?
    විස්සාසෙට කලා උනත්
    ගැස්සුනාම ලෙඩේ නොවෙද?
    දෙන්න එපා
    හංස පැටව්
    එක එකාට කිතිකවන්න.
    ඇන්න පැන්න එවුන් තමයි
    දැං වැඩිහරියක් ඉන්නේ!

    ReplyDelete
  11. Replies
    1. මොකෝ හෆොයි කිව්වේ. පොඩි කාළේ මතක් උනැයි...

      Delete
  12. පිහිය රනින් වුවත් නගේ
    වැදුනොතින් ලොවේත් නැතේ
    පරිස්සමින් හොඳ සිහියෙන්
    පාවිච්චිය යසයි නගේ...

    - මේ ඔවදන අහවල් රක්ෂණ සමාගමෙන්

    ReplyDelete
    Replies
    1. තම කෙසේ වෙතත් මේක රක්ෂණය වෙලාද කියල බලන අය තවම ඉන්නවා නෙව..

      Delete
  13. මීයො පූසො අල්ලනවද?... පොඩි එකී වරද්දලද කොහෙද?... ;)

    ReplyDelete
    Replies
    1. ඔඅතන අතගෑවට කියලයි එන්න ඕන. ඒ උනාට එහෙම දාන එක කැතයි වගේ නේ...

      Delete
  14. දැන් මීයෝ පූසොන්ට බයයිලු...

    ReplyDelete
    Replies
    1. සැටිපිකට් කරණ ලද ඇත්ත....

      Delete
  15. සමහර මීයෝ බූරුවන්වත් අල්ලනව නොවැ

    ReplyDelete
    Replies
    1. උනුත් ඉන්න එපාය ඉතින්...

      Delete
  16. මීයො පූසො අල්ලනව,ගලේ කොච්චි අඹරනව,හංස පැටව් කිති කවනව වගේ ජොලියක් ගන්නෙ නැතුව ,

    …දැන් ඉන්න එවුන් අල්ලල නිකන් ඉන්නෙ නෑ ඊට එහා යන්නමයි හදන්නෙ..ඒකයි ප්‍රශ්නෙ ..

    ReplyDelete
    Replies
    1. එකනේ වැඩේ.. හැබයි ඉතින් පරිණාමය කියන්නේ ඕක තමයි නේ...

      Delete
  17. //සබාපතියෝ අහු උනාට,//
    ඔය කියල තියෙන්නෙ ලෙසටම :D

    ReplyDelete
    Replies
    1. ඔක්කටම වඩා ඒක හිතට වැදිලා වගේ....

      Delete
  18. කවිය කියවනකොට මාර ආතල් එකක් දැනෙනවා. ඒත් යටින් තියෙන කටුක ඇත්ත.. ඇග හිරිවැටෙනවා...
    ඇඩෙනවා ඕයි.... මේ අපේ රටේ අනාගතයද?

    ReplyDelete
    Replies
    1. අවුරුදු 18 අඩු කෙල්ලන්ගෙන් /කොල්ලන්ගෙන් සත්‍ය දැන ගන්න මැෂින් එකකට(හදලා) සෙට් කොරලා ඔය කියපු දේවල් නොකරප් එවුන් කවුද ඇහැව්වොතින් 95% ක් ඔය දේවල් රහසෙන් කොරලා ඇති බව වැටහේවිග මේවා හැමදාම තියෙනවා. වෙලා තියෙන්නේ දැන්?????????????????

      Delete
    2. ඇනෝගේ ප්‍රතිශතය පිළිබඳව නම් ගැටළුවක් තියෙනවා. ඒ උනාට මචෝ.. අපේ පොඩි කාළේ අපචාර සීන් ගැන අපි හාං කවිසියක් වත් දන්නේ නෑනේ. ගමේ මේ වගේ සීන්. කොටු පැනිලි, හොරා කෑම් තිබුනට, ස්ත්‍රී දූෂණ ගැන නම් අහල තිබුනෙම නෑ...

      Delete
  19. විවෘත්ත ආර්ථිකය ද, මේ දේශපාලන ක්‍රමය ද, ආර්ථික පීඩනය ද, අපි අපි මද වරදකරු?

    ReplyDelete
    Replies
    1. ඔය එකක්වත් නෙමේ අපේ මනුස්ස ගති ගිහිල්ලා ගෝත්‍රික ගතිය ඉස්මතු වෙලා...

      Delete
  20. ආවේ නැත්තම් කියන්න හංසයෝ හුරතල් කරන්න මම අනිවා එන්නම් :D

    ReplyDelete
    Replies
    1. වයස 18 ට වඩා වැඩි නම් ලෙඩේ කොල්ලෝ...

      Delete
  21. Replies
    1. බොහොම ස්තූතියි නිව් බුවා....

      Delete
  22. පොඩි උන්ටත් දැන් ලෙඩේ වැලදිලා තියෙන්නෙ... මේ ලගදි අපේ පැත්තෙ 3 වසරෙ කෙල්ලෙක්ට ඉස්කෝලෙ කොල්ලෙක් ලියුමක් දීලා... ඔයා දැක්කම මට මොනවද වෙනවා කියලා...

    ReplyDelete
    Replies
    1. ඕකට කියන්නේ ක්‍රෂ් එක කියලා මට ඇතිවුනේ 4 පන්තියේදී. අවුලක් නෑ...

      Delete
  23. උඹලා මේ අපිවත් නරක් කරනවා මාතලං ගොයියො! :)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචං. අපිටත් ඔය ආසාවල් නැතුව නෙමෙයි අවංකවම. නමුත් අපිට පුළුවන් ඒවා පාලනය කරගෙන ඉන්න. ඒකයි අපිට මිනිස්සු කියලා කියන්නේ. නමුත් තිරිසනුන්ගෙන් ඒ දේ බලාපොරොත්තු වෙන්න බෑ...

      Delete
  24. ඉස්සරත් උනාලු දැනුත් වෙනවලු මාද්‍ය තමාලු උලුප්පල දෙන්නේ. ඇමති කෙනෙක් කියල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ ඇමතියගේ කතාව ඇත්ත. එක කොටසක් පමණක්. නමුත් දේශපාලඥයා කිව්වේ සමාජයේ වැදගත්ම පුද්ගලයකුට. ඒ මිනිස්සු මේ කජු කිරි කොල්ලෝ කරන වැඩ කරන්න ගියේ නෑ. රටට ගමට වැඩක් කළා

      Delete
  25. හි හි.....:)

    ReplyDelete
  26. මේකනං මරු ‍:)

    ReplyDelete
  27. Replies
    1. මේව සම්භාව්‍ය ගනයට වැටෙනවද දන්නේ නෑ.... :)

      Delete
  28. ඉස්සර නම් මේවා මෙහෙම වුනේ නෑ. දැන් 12, 13 පොඩි එවුන්ටත් ඉතින් මේවා තමා ප්‍රධාන අවශ්‍යතාව. හැබැයි ඉතින් උන්ට 17, 18 වෙත්දී අමුතුවෙන් කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. ඉස්සරත් එහෙම තමා බන්. අපේ ආච්චි බැඳලා තියෙන්නේ 13 දී සීයට 25.. අද එහෙම උනා නම් සීයා හිරේ ආච්චි නඩු දාලා. හොඳ වෙලාවට දෙන්නම දිවිය ළෝකේ ගිහින්...

      Delete
  29. මදන විසේ ගහල හිසේ
    පොඩි වුන් දැන් නවතින්නෙම
    කෙලවර පොඩි ලෑලි කඩේ

    බලාන ගියහම ඒ කාලෙත් එහෙමලු නේ.......

    ReplyDelete
  30. මදන විසේ ගහල හිසේ
    පොඩි වුන් දැන් නවතින්නෙම
    කෙලවර පොඩි ලෑලි කඩේ

    බලාන ගියහම ඒ කාලෙත් එහෙමලු නේ.......

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා,,, දැන්ද දැක්කේ,,,,,,

      Delete
  31. හෙහ් හෙහ්

    ඔන්න ඹහොම ටික දවසක්
    හිඳින් නගේ මම එනකන්
    ගලවන්නම් පිහාටු මම
    හංස පැටවු දෙන්නාගෙම

    පස්ට පස්ට

    ReplyDelete
  32. පිච්චු හැදෙන සඳ... දැන් කාලේ පොඩි උන් බබ්බු :D

    අපිත් තවම පොඩිනේ බං අයියේ... අපි නේ දන්නේ අපි ගැන ;)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න