.

.

Sep 6, 2012

පූසෝ සෙල්ලම (16+) - Pussy Games (16+)


රු. 9000.00 ක බිලක් මීට අවුරුදු 4 -5 කට පෙර අපේ නිවසේ දුරකථනය සඳහා ආවේය. ඊට පෙරත් 4000 ත් 5000 ත් අතර බිල් ආපු බව දැනගත්තේ හාමිනේ මේ 9000 කතාව කියපු නිසාය. ඒ කාළේ මම වැඩ කොරපු කොම්පැනියේ බිලවත් එච්චර උනේ නැතිය. සොයා බැලුවාම දැනගන්න ලැබුනේ අපේ ආදරණීය නැන්දම්මා එයාගේ පවුලේ ඇයි හොඳයිකම් පවත්වාගෙන ගොස් තිබුනේ නිවසේ දුරකථනය හරහා බවය. වේයෝ වගේ නෑයෝ කර තිබුනේ නැන්දම්මාට කෝල් කර ඒ පැත්තට ගන්නෙයි කියන එකය. ඉතින් කුඹුරු කෙටීම්. ගොයම් කැපීම්, සීට්ටු දැමීම්, කුළඟන සමිති රැස්වීම්. මාළු ඇඹුල් තියාල් දැමීම්, ගොඩ වෙදකම් යනාදි අටමගල් ඔක්කෝම කර තියෙන්නේ කෝල් එකෙන්ය.


එදාම දුරකථනය විසන්දි කොට, කාඩ් දාන සැල්පෝන් එකක් අරගෙන දුන්නේය. ඊට පස්සේ රු. 1000 න් වැඩේ ෂේප් විය. අදටත් අප නිවසේ දුරකථනය විසන්ධි කර ඇත්තේ ඒ නිසාය. ඔය වකුගඩු අමාරුව වගේ, තව අවුරුදු දෙක තුනකින් අපේ උන් මැරෙන්නේ කනේ හරි මොළේ හරි කැන්සර් හැදිලාය. සැල්පෝන් එක කනේ ගහගත්ත ගමන්ය. ඉස්සර නම් මල් කැඩුවේ පන්සලේ බුදුන් වඳින්නය. දැන් ඉන්න උන් පාර පනින කොටත් පාර පනින්නේ මල් කඩ කඩාය. බස් කාරයෝ ඇඟ උඩින් ගියාම. කස්ටිය මල් වඩම් අරගෙන මල් කඩපු එකාගේ ගෙදර යනවාය. මදන විසේ තියෙන උන් හම්බ කරන පඩියෙන් 70% වියදම් කොරන්නේ පෝන් වලටයි කාඩ් වලටයි කියා සමීක්ෂණයකිනුත් හෙලි උනේය.

අපේ උන් පෝන් එක පාවිච්චි කොරන්න දන්නේ නැතිය. ඊටත් වඩා පෝන් මැනස් නම් කොහොමත් දන්නේම නැතිය. හිටපු ගමන් කථා කොරලා "කවුද කථා කරන්නේ" කියා අපෙන් අහනවාය. එතකොට මම නම් කට හඬ වෙනස් කොරලා කියන්නේ "තොගෙ අම්මා" කියාය. එතකොට ආයෙත් කථා කොරනවාය. ඒ ආතල් ගන්නය. ඒවාටනම් අපේ උන් චැම්පියන්ලාය. මේවා මතක් උනේ "කතාත්" මේ ගැන ලියා තිබුනු හින්දාය. මේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ වැරද්දය. සුද්දා හිටියානම් මෙහෙම වෙන්නේ නැතිය. මොකෝ උන් හෝඩිය කියාදෙන්න ඉස්සෙල්ලා කියලා දෙන්නේ මැනස්ය. පාරේ යන හැටිය, කන බොන හැටිය, ටොයිලට් යන හැටිය. මේවා කියලා දෙන්න සුද්දා නැති නිසා පබ්ලික් ටොයිලට් වල, වල තියෙද්දි වලට පිටින් රීලා එනවාය.

මල පැනපු නිසා මාත්තුරුකාවත් අමතක උනේය. මේක පොඩි ජෝක් එකක්ය. පෝන් (Porn) වලටයි ෆෝන් (Phone) වලටයි දෙකටම අයිති කතාවක්ය.දැන් ඉතින් දන්න උන් මාව මරන් කන්න එපාය. නොදන්න උන්ට කියලා දුන්නාම ඉවරය.

මුලු දවසේම වැඩ කොට මහන්සීවී ගෙදර ආපූ වෙටරන් සර්ජන්, වොෂ් එකක් එහෙම දා, කා බී නින්දට ගියේය. රෑ 2 ට විතර මල්ලි අවදිවී, වෙටරන්ද අවදීවූ නිසා, සෑහෙන අමාරුවෙන් නෝනාත් කැමති කරගෙන, කුණු කෙලත් එක්කම, සෙල්ලමකට සෙට් උනේය. සෙල්ලම උපරිම හරියේ යනකොට.

ට්‍රීං....ට්‍රීං....ට්‍රීං....

වෙටරන්ට මල පැන්නත්, ෆෝන් එකට ආන්සර් කළේය.

එහා පැත්තෙන් වෙව්ලන කට හඬකින් නෝනා කෙනෙක් කතා කරනවාය.

හලෝ ඩොක්ටර්... මම මිසිස් සිල්වා, අර පූසෙක් අරන් මාසෙකට විතර ඉස්සෙලා හැන්දෑවක ආවේ, රෝස පාට මල් තියෙන සාරියක් ඇඳලා. (ඒ අපේ අයගේ හැටිය.)

ඩොකටර්ට මිසිස් සිල්වලා පැලෙන්න එන නිසා මේ මොන එකීද මතක නැත.
මිසිස් සිල්වාගේ අම්මට කියන ගාථාව කියන්න කටට ආවත් ඒක ගිලගෙන.

ආ... හරි හරි... මිසිස් සිල්වා, ඇයි මේ මහ රෑ.. හදිස්සියක්වත්ද...?

නෑ ඩොක්ටර්.... මට නිදාගන්න විදියක් නෑ... මේ පූසෝ සෙල්ලමට සෙට්වෙලා හරි කරච්චලේ.... මොකද කරන්නේ ඩොක්ටර්...?

කාමරේ ජනේලේ ඇරලා, කෑ ගහලා, පූසොන්ට කියන්න...  ඒයාලට කෝල් එකක් කියලා..

එතකොට නවත්තයිද...?

ඔව් ඉතින් මම නවත්තපු එකේ, උනුත් එහෙම කරයිනේ... ගූඩ් නයිට් මිසිස් පෙරේරා !!! සොරි සොරි සිල්වා....

ප:ලි:

මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. ඇත්තටම අපි පැවත එන්නේ සිංහයන්ගෙන්ද කියලා. මොකෝ ඔය පෝන් ෆිල්ම්ස් වල සුද්දියෝ සෙල්ලම් කරන කොට කෑ ගහන කෑ ගැහිල්ලට උන්නම් අනිවාර්යෙන් බලල් පවුලේ වෙන්න ඕන. අපේ උන් නාගයන්ගෙන් මයෙ හිතේ...

හිකිස්... තේරූනාද මන්දා......

88 comments:

  1. මුල් ටික අමතක වුනා ගොයියො... ඇත්තට අපේ උන් නාගයන්ගෙන්ද කොහෙද තමා පැවත එන්නෙ :)

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතින් කතා දෙකක් නෑ...

      Delete
  2. ෂිකේ ... කකාට වඩා හැතැප්ම ගානක් දුර ගිහින්නේ මෙයා. ඔන්න මාතලන්ගෙන් පොර්න් ෆෝන් අස්සෙ අළුත් පරිණාමවාදෙකුත්.

    ReplyDelete
    Replies
    1. කතා වගේද මම.. මම මහාචාර්ය කෙනෙක්නේ..

      Delete
  3. ෆෝන් පෝන් වෙලා
    පූස් නයි වෙලා
    අනේ මන්දාය මේවා
    අපේ උන් කොහෙන් පැවත එනවාදැයි කියා

    ReplyDelete
    Replies
    1. කොහොම හරි සිංහයින්ගෙන් නම් වෙන්න බෑ..

      Delete
  4. පිස්සුද..?බළල් පවුලේ අයත් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්....මට හිතුණා උඹ අර පූසෙක්ගෙ ෆොටෝ එහෙම දාලා ලෑස්ති වෙනකොට.

      Delete
    2. මට නම් නොරටකදීවත් හමුවී නොමැත..

      Delete
  5. තේරුනේම නෑ මොකවත්ම. රෙපා ඉතිං බබානේ

    ReplyDelete
    Replies
    1. මගේ ලෙක්චර්ස් වලට වරෙන් හිල් පොල් කට්ටකුත් අරගෙන.

      Delete
  6. චීයා මාතලන් අය්යා කියන කතා. කොහෙන්ද අනේ මේවා හොයාගන්නේ.. අනික මෙහෙම ලියන්නේ.. මටනම් ලැජ්ජාවේ පන ගියා...

    ReplyDelete
    Replies
    1. චිත්‍රාල්September 6, 2012 at 7:24 PM

      ගෑණු ලමයින්ගේ හැටි ඔහොමය ඒත් හොරෙන් හොරෙන් ඇවිත් රහ කර කර කියවන්නෙත් මේවාය.

      Delete
    2. ලැජ්ජා බිමින් තියලා කියවලා දාන්න අනේ..

      Delete
  7. ආනේ චෝයි නැන්දම්මා ;)
    යකෝ ෆෝන් බිල 9000ක් හත්දෙයියනේ හතර හන්දි හැම එකක්ම හිරි වැටිලා ගියා :(
    උන්ගේ සෙල්ලම නැවතුන විදිහම පුසොන්ගේ එකත් නවත්තන්න කිව්වා නේ.මේ අපේ ඈයෝ නාගයින්ගෙන් පැවතෙනවා සීන් එක තෙරුන් නෑ නො :(

    ReplyDelete
    Replies
    1. කසාදයක් ගත්ත දවසට තේරේවී

      Delete
  8. monawa naththath ara awasana tika nam theruna.hapoi ewaye dana sadda sansare epa wenawa

    ReplyDelete
    Replies
    1. පිස්සු. සද්දේ තමයි රහ තියෙන්නේ. ඕන නම් සද්දේ නැතුව බලපන්. මල්ලි නෙමෙයි අවදි වෙන්නේ.

      Delete
  9. හිකිස්..! එළ කතාව..
    9000 වෙනකම් ටෙලෙෆොනේ එක ඩිස්කනෙක්ට් කරේ නැද්ද? අපේ ගෙදර එක 2500 පැන්න ගමන් මුලින් අවුට්ගොයින් නෑ. සතියකින් ඉන්කමිනුත් නෑ.

    ReplyDelete
    Replies
    1. චිත්‍රාල්September 6, 2012 at 7:16 PM

      පිස්සුද බං මගේ එක පාරක් ආව 25,000ක් (කොල් කරල එහෙම නෙවෙයි ඩයල්-අප් කාලේ නෙට් ගිහිල්ලා) ගෙව්වේ නෑ. තිබ්බ තඩි පොල්ලක් :)

      Delete
    2. 2500 නෙමේ 4000, 5000 ඒවත් ගෙවලනේ. ඉතිඔන් උන් හිතන්න ඇති කොම්පැනියක් කියලා.

      Delete
  10. මටත් හිතෙන්නෙ අපෙ උන් නගයන් ගෙන් තමා ඔය කියනකොට හැබැයි මම නම් ගන්නෙ සිංහයෙක්

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් අවුලක් නෑ.. තුවාල බෙහෙත් එහෙම ගෙනත් තියා ගනින්

      Delete
  11. අපේ උන් පැවතෙන්නේ නයින්ගෙන් වීමට පුළුවන. මන්ද නිතරම අනුන්ගේ හුඹස් වලට රින්ගීමට ප්‍රියතාවයක් දක්වන බැවිනි. හැබැයි සමහර පෝර්න් බලපුවම සුනඛයන්ගෙන් පැවතෙනවද කියාද විචිකිච්චාවක් ඇති වන්නේය.
    එක නෙවයි මාතලන්, කියන්නකෝ මේ මනුස්සය රෑ දෙකට ඕකට කැමති කරව ගත්තේ කොහොමද කියල. මට මේක රෑ නමයටවත් කරගන්න බැහැ (ළමයි නිදා ගත්තහම). කලින්ම මගේ මූඩ් එක දැනගත්තොත් රෑට බත් එක්ක සුදු ළූණු හරි කනවා. පහු වෙලා තේරුනොත් සිද්ධාලේප තලියක් අතුල්ලගෙන මෝ නැතිව නිදා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. චිත්‍රාල්September 6, 2012 at 7:14 PM

      සිවිල් ස්ටේටස් එක වෙනස් කර ගන්න බය හිතෙන්නේ මේ වගේ කතා ඇහුවම තමයි. :)

      Delete
    2. අඬලා අඬලා මොනවා හරි ගෙනත් දෙනවා කියලා තමයි ඉතින්. නැත්නම් ඉතින් ලිංගික අපචාරවල පිහිට තමයි. නඩු දැම්මොත් හිරේ.

      Delete
  12. මාතලන්..රෑ ආව කෝල් එක නෝනාගේ කුමන්ත්‍රණයක්ද කියලා හොයලා බැලුවේ නැද්ද? නැත්නම් ඔය වෙලාවටම කෝල් කලේ?

    ReplyDelete
    Replies
    1. හොඳ පොයින්ට් එකක්, වෙටරන් ගෙන් අහන්න ඕන..

      Delete
  13. පෝස්ට් එක නම් මල් හතයි
    වැඩිහිටියන්ට පමනයි නිසාම නොවෙයි,
    නැන්දම්මලගෙ ගුණත් ගායනා කල නිසා..

    ReplyDelete
    Replies
    1. මම නම් වලිය දාන කොට කියන්නෙ අපේ දෙවනි බුදුන් කියලා. එතකොට ෂේප්...

      Delete
  14. දුවලා දීලත් නැන්දම්මලා අහගන්න කතා ...පව් අප්පා...:D

    ReplyDelete
    Replies
    1. තාම ඇක්ස්පීරීයන්ස් එහෙම නෑනේ...

      Delete
  15. පෝන් සහ ෆෝන් අතර හුටපටයක්.

    ReplyDelete
    Replies
    1. පස්සෙයි මටත් තේරුනේ. ඒක පෝස්ට් හෙඩින් එකට දැම්මනම් හිටිස් මීටත් එහා.

      Delete
  16. චිත්‍රාල්September 6, 2012 at 7:12 PM

    අර නයි කතාව කිව්වේ සමීක්ෂණයක්වත් කරලද? නැත්නම් විශ්වාසවන්ත එක් සහකාරියක් පමනක් ඇසුරු කිරීමෙන් ඔහොම කතාවක් කියන එක ප්‍රායෝගික නෑ නෙව?

    ReplyDelete
    Replies
    1. පොර ටෝක් නෙමෙයි. එහෙම ඇක්ස්පීරියන්ස් එකක් නැතුව මේ වගේ දේවල් කියන්න අමාරුයි නේ..

      Delete
  17. ප්‍රවීන්September 6, 2012 at 7:27 PM

    Pussy කිව්වම මතක් වුනේ අර මේ දවස් වල ප්‍රසිද්ධ Pussy Riots කතාව ගැන දන්නවද?

    ReplyDelete
    Replies
    1. ඒ තුන් දෙනා අවුරුදු දෙකකට කූරූ ගනින්න යැව්වා. පූටින් මහත්තයා.

      Delete
  18. අය්යෝ කොහෙන් පටන් ගෙන කොහෙන්ද ඉවර කරල තියෙන්නේ . :D

    ReplyDelete
    Replies
    1. වැදගත් විදියට ලියන්න තාම ට්‍රයි කොරනවා. ඔන්න එහෙම ලියපු සුපිරිම එකක් හෙට අනිද්දට දාන්නම්.

      Delete
  19. මාතලන් අර මැනර්ස් ගැන කියන කතාව නම් පට්ටම් ඇත්ත බං.
    මහ රෑට වැරදි නොම්මරේකට කතා කරලා ඔය කවුද කියලා අහන එක. (වඳුරන්ට දැලිපිහි හම්බවුනා වගෙ)
    බොග දාලා ෆ්ලශ් නොකර යන එක.
    චූ කරලා කිසිදා ෆ්ලශ් නොකරන එක. (මේ දෙකම වතුර තියෙද්දිත්)
    ජල මාර්ග වලට බොග දාන එක.
    බස් එකක පත්තරයක් කියවනකොප්ට කෑලි ඉල්ලන එක, නැතිනම් එබිලා කියවන එක.
    මෙහෙම ගියොත් කොච්චර නම් තියෙනවද?
    එතකොට නම් පැවත එන්නෙ බලලුන්ගෙන්වත් නයින්ගෙන්වත් නෙමෙයි කියලා හිතෙන්නෙ නැත්ද?

    පව් අර සර්ජන්!!:(


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. //වේයෝ වගේ නෑයෝ කර තිබුනේ නැන්දම්මාට කෝල් කර ඒ පැත්තට ගන්නෙයි කියන එකය.//
      //ඊටත් වඩා පෝන් මැනස් නම් කොහොමත් දන්නේම නැතිය//
      මේ කතාවලට නම් කටේ මසුරන් දාන්න ඕනේ

      ඩූඩ් අයියා කියනවා වගේ අපේ මිනිස්සු එන අලුත්ම ෆොන් එක නම් ගන්නවා.. හැබැයි ඒකෙන් නොකරන්නේ ටොයිලට් යන එක විතරයි... පුළුවන් නම් ඒකත් කරයි....

      අතේ තියෙන්නේ රු 40000 ක් විතර වටින ෆොන් එකක්... හැබැයි කරන්නේ ඩූඩ් අයියා කියපු ජාතියෙ සහ ඊටත් වඩා අන්ත ඒවා.... ගෙදර කුණු ටික ඉස්සරහා ගෙයි කාණුවට දාන එක වගේ.. මේවා කෙරෙන්නේ කොළඹ හතේ නොවැ... ඉතිං කුමන කතාද....

      ෆොන් බිල ගැන කියනවනම්, බැරි වෙලා හරි ඔච්චර නෙවෙයි රු 800ට එහා පැන්නොත් විනාසයි....

      Delete
    2. @ හෙන්රී
      මටත් පුදුම දුකක් ඌ ගැන තියෙන්නේ.

      @ හිරු
      අපෝ හොඳටෝම මදි. බෙඩ් පිකට් එකක් වත් කරලා බජට් එක වැඩි කර ගන්න.

      Delete
  20. අනේ අම්මෝ බිල රුපියල් 9000ක්...

    ReplyDelete
    Replies
    1. කොහොමද අපේ නැන්දම්මා...

      Delete
  21. පිඹිල්ල තමා පිඹිල්ල....

    ReplyDelete
    Replies
    1. කොල්ලා පොඩි නෑ වගේ.. අම්මි ගහයි බැට් එකෙන්

      Delete
  22. අන්තිම කාරණාව ගැන විතරක් කියන්නම්. බැන්දට පස්සෙ බොහෝවිට අම්ම තාත්ත එක්කම ජීවත්වෙන එවුන්ට අහවල්එක කරන වෙලාවට පූසො වගේ කෑගහන්න පුළුවන්ද? නයි වෙනඑක අහන්නත් දෙයක්ද! ☻

    ජොබට ආපු අලුත මම ගියා ට්‍රේනින් එකකට. දවස් 7ක. අන්තිම දවසෙ සර් ෆෝන් නම්බර්එක දීල කියනව මෙහෙම,
    "මේ මම දුන්නෙ මගේ ගෙදර නම්බරේ. ප්‍රශ්නයක් උනොත් අහගන්නයි දෙන්නෙ. ඔයාල දැන් මට නමින් මතක තිබුනට කලක් යද්දි අමතක වෙනවනේ. ඒ නිසා නම, කාර්යාලෙ කියල අහන දෙයක් අහන්න. නිකං කතා කරන්න එපා. දවසක් මහරෑ මගේ ෆෝන්එකට කෝල් එකක් ආව. මම හිටියෙ නෑ මගේ නෝන ‍ආන්සර් කලේ. මාව ඉන්නවද අහල, කවුද කියල නෝන ඇහුවම කල්‍යානි කතාකලා කියන්නකො කියල ෆෝන්එක තිබ්බලු. මගේ නෝන මාව තේරුම්අරගෙන ඉන්න නිසා හොඳයි නැත්තං මෙලාකට පවුල කැඩිල කෝල් නිසා"


    ReplyDelete
    Replies
    1. වෙන මොනා කියන්නද ලොකු තරු ලකුණක් දෙනවා ඇර......

      Delete
    2. පට්ට කතාව හොඳේ. අනික අම්ම කියලා තියෙන්නේ කටේ මුකුත් තියාගෙන කතා කොරන්න එපා කියලනේ.

      Delete
  23. පෝන් කතා සහ පෝර්න් කතා...

    දෙකම සැටිපිකට් ඇත්ත :D

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා හරි අඩුයි

      Delete
  24. රාජ් කියන දේත් හරි. අවට වටපිටාව හින්දත් අපේ උන් නාගයො වෙනව. නයි, පූසො වගේ නෙමේ අලි කුලයෙ කට්ටියත් අතරින් පතර ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ඇත්තද, රෑට පොලිසියෙනුත් එනවා ඇති අලි වෙඩිත් අරගෙන..

      Delete
  25. කුණු කෙලත් එක්කම, සෙල්ලමකට සෙට් උනේය.

    දොස්තර බලු දොස්තර කෙනෙක් නිසා ඒ වැඩේ එච්චර ගේමක් නැතුව ඇති ....

    මම සිරාගෙ කාමරේ සිරා

    ReplyDelete
    Replies
    1. හිකිස් නියම කොමෙන්ට් එක

      Delete
  26. :D නයිද පූසොද කියලා බැඳලම තමයි කියන්න වෙන්නේ! :D

    ReplyDelete
    Replies
    1. උඹලට ඉතින් බලාගන්නත් අමාරු නේ..

      Delete
  27. මාතලන්, ඔය නැන්දම්මා ගැන කියල තියෙන හරිය බාරියවුන් වහන්සේ එහෙම දැක්කොත් එහෙම සති ගණනක්ම ඔං පූසෝ කෑගහල, නයි පිඹල ඉවරයි.

    ReplyDelete
    Replies
    1. අනිවා.. ආයේ ඒකේ දෙකක් නෑ..

      Delete
  28. නැන්දම්මා ආණ්ඩුවේ ඇමතිකමකට හොඳා :D

    ReplyDelete
    Replies
    1. කොහොමත් එයා මහින්දගේ ක්‍රෂ් එකක්

      Delete
  29. හිකාස්..
    නයි වගේ වුනාම හොඳයිනේ අහල පහලට කරදරයක් නැහැ :)

    ReplyDelete
    Replies
    1. ඒ උනාට උන් හිතයි. මුන් මුකුත් කොරන්නේ නෑ කියලා

      Delete
  30. නින්දට පෙර දුරකථන විසංධි කිරීමේ අවශ්‍යතාවය මෙයින් වැටහේ.

    ReplyDelete
    Replies
    1. විසංධි කලොත් ලෙඩේ. සයිලන්ස් මෝඩ් දැම්මම හරි..

      Delete
  31. නාගයන්ගෙන් පැවතෙනවා කීවාම මට මතක් උනේ . . ..

    මතකද කාලයක් sms එකක් සංසරනය උනා ඔගැසම් සීන් එක ගැන ?? මටදැං ඒක ඔක්කොම මතක නෑ. ඒත් ඒකෙ අන්තිමටම තිබ්බෙ

    කැන්ඩි ස්පෙශල් - අනින්ට මගෙ දෙයියෝ . . අනින්ට !!

    ප.ලි.
    අර නැන්දම්මගෙ සීන් කෝන් එකනං පට්ට ඇත්ත බං . . මමත් ඔය අසාදාරනේට දැඩිව ලක් වෙලා ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. දැක්කේ නෑ මචෝ..

      Delete
    2. අහලා නැද්ද මේක...................
      " ඇඳ කඩිච්චදෙන් මං මරිච්චදෙන්......ගාන්ට මාතියා ගාන්ට" ......

      Delete
  32. Replies
    1. මොකක්ද බිලද, පූසෝ කෑ ගහන එකද

      Delete
  33. අළුත් බ්ලොග් එකක් ලිව්වා..අම්මේ සින්ඩි වලට තියෙන පෝලිම..මේ වෙලාවට තමයි නිතර අප්ඩේට් වෙන ප්‍රසිද්ධ බ්ලොග් ඕන වෙන්නේ..ඔන්න මෙතන බ්ලොග් එකට ලින්ක් එකක් දානවා ..

    අනන්තය

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නෑ මල්ලි.. ඒත් ඔයා දාපු ලින්ක් එක ක්ලික් කලාම එන්නේ. "මාතලන්" කියලා කචල් බ්ලොග් එකක්. බ්ලොග් ලිපිනය එවන්න මගේ සින්ඩියෙත් දාලා පබ්ලිසිටි එකක් දෙන්නම්..

      Delete
    2. ජෝති වැරදි නැකතකින් වගේ බ්ලොග් එක පටන් අරන් තියෙන්නේ!

      මං නං ගිහින් ඉහඳ තියලා ආවා!

      Delete
    3. මරු කොමෙන්ට් එක කතෝ මට මැහි (මැරෙන්න හිනා)

      Delete
  34. ෆෝන් මැනර්ස් ගැනනම් ඉතින් කියලා වැඩක් නැත.

    ReplyDelete
  35. කෝ හලෝ මගේ ඇදුරුතුමාගේ කෝල් එකේ කතන්දරේට ලින්ක් එකක් දාලා නෑනේ?

    ReplyDelete
    Replies
    1. ඒවට ලින්ක් දාන්න...පිස්සුද මන්දා.. ඕන් දැම්මා.. කරදරේ

      Delete
  36. මුල ටික නම් දන්නවා..
    අර අන්තිමට කියපු ටික බැන්ද දාක කියන්නම් :P

    ReplyDelete
  37. හෆොයි . . . යකෝ ඕවා ඔහොමත් කියනවද . . හික් හික් හික් . . .. උඹ හරි නයි නයි . . නයි තමයි බන් . . හික්ස්

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා හරි අඩුයි

      Delete
  38. ස්ස් ආහ්හ් ස්ස්ස්‌ ස්ස්ස්ස්ස් ආ‍හ්හ්හ් ස්ස්ස්ස්ස්ස්

    ReplyDelete
    Replies
    1. නයෙක්ද. හැපින්නියක්ද

      Delete
  39. ඔන්න පිටරට ඉන්න එකේ වාසිය...
    නයි නෑ... බල්ලො නෑ... වෙන මොකුත් සත්තු නෑ...
    හැබැයි අන්තිමට මීයගෙයි පූසගෙයි කෑලිත් නෑ....

    ඇලා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න