.

.

Sep 22, 2012

ප්‍රසිද්ධ ගායිකා ඇඩේල් (Adele) පුනරුත්පත්තියක්ද....? - Reborn Adele

Adele

(කලින් පෝස්ට් එකේ කවියට උත්තරේ ඒකේ පහලම කොමෙන්ට් එකක් විදියට දාලා ඇති.)

මාතලන් සංගීතයට බොහොම ආදරෙයි. කාළයක් මම "සංගීතා" නමින්, බ්ලොග් එකකුත් කරගෙන ගියා. දැන් නම් ඒක අප්ඩේට් වෙන්නේ නෑ. මේකෙන් පස්සේ එ ගැන හිතලා බලන්න ඕන. මගේ රස වින්දනයට, බේදයක් නෑ. කලින් ළිපි කියවපු අය ඒ ගැන දන්නවත් ඇති. සංගීතය රස විඳින්න, භාෂාව ප්‍රශ්ණයක් කර ගන්නත් අවශ්‍ය නෑ. ඒ නිසා මම කොයි රටට ගියත්, ඒ රටේ ගීත වලට ආදරය කරන්න පටන් ගන්නවා. ගීත වලට විතරක් නෙමෙයි, ආහාර වලටත්. තව දෙයක් තමයි, එදා තිබුන ඒවා අද නෑ කියන එක. ඒක නම් පුහු මතයක්. එහෙම කියන අය මම නම් දකින්නේ, අළුත් වෙන්න අකමැති මිනිසුන් හැටියට. කවදත් සමාජයේ හොඳ දේ වගේම, නරක දේත් තියෙනවා. එදා පලු යන්න බැනුම් අහපු ජෝති අද හැමෝටම හොඳ වෙලා. මොකද ඒ කාළේ ගැන කතා කරන්න ඉන්නේ ජෝති විතරයි. ජෝති මරන් කන්න හදපු උන් උඩ ගියේ, ජෝතීට ආදරේ කරපු උන්, කනත්තේ තාප්පෙත් පෙරලපු දවසේ. ඔන්න ඕකයි ඔය ප්‍රබුද්ධ කියන අයගේ නම් තත්වේ.


ඉංග්‍රීසි සිංදු වලටත් මම බොහෝම ආදරෙයි. එදත් අදත්. ඔය කිව්වට අදත් සාර්ථක නිර්මාණ බිහිවෙනවා. අදත් මගේ ප්‍රියකරන ගායක ගායිකාවන් බොහෝයි. ඒ තරින් කෙනෙක් තමයි ඇඩේල් (Adele). එයාට් වෙනම අනන්‍යතාවයක් තියෙනවා. 1988 දී උපන් ඇඩේල් ගේ සම්පූර්ණ නම ඇඩේල් ලෝරී බ්ලූ ඇඩ්කින්ස් (Adele Laurie Blue Adkins). ඒ නම දාලා තියෙන්නේ ලොරියක් වගේ නිසාද දන්නේ නෑ. එයා සෙක්සි උනාට, ටිකක් මහත කෙනෙක්. ඇඩේල් ලංකාවෙත් බොහොම ජනප්‍රියයි. සිංහල සිංදු විතරක් අහන අයට මම කියන්නේ, ඉංග්‍රීසී ගීතත් අහන්න පුරුදු වෙන්න. මම ඉංග්‍රීසී භාෂාව ගොඩක් ඉගෙන ගත්තේ සින්දු නිසා. මොකෝ ඒ කාළේ ඉංග්‍රීසී සින්දු කියන අයගේ පින්තූර අලවලා, "අයිලන්ඩ්" (Island) එකේ හැම අඟහරුවාදාම ගියපු ලිරික්ස් කොල අලවපු, පොත් දෙක තුනක්ම මගේ ගාව තිබුනා. අනික පවුලේ නාලිකාව. (රාජපක්ෂ) නයි. ටී. එන්. එක විතරයි, ඒ කාළේ තිබුනේ. එතකොට ඒක ෂාන් මහත්තයගේ. "පොප්ස් ඉන් ජර්මනි" වගේම .ප්‍රචාරය උන දේශීය සංගීත වැඩ සටහන් වලත්, වැඩිපුර කාළය වෙන් උනේ බටහිර ගීතයට.

 දැන් එමුකෝ මාතෘකාවට. මේ ඇඩේල් වගේම මගේ ක්‍රෂ් එකක් උන්නා. ඒ, කොල්ලා ඉස්කෝලේ යන කාළේ.. ඇලිසන් මෝයේ (Alison Moyet)  කියලා. මෙයත්, මැඩෝනලා වගේම, යට ලීයෙන් වඩින එක්කේනෙක්. (මාතලන් මේ වගේ ෆිගර් වලටත් කැමතියි. :D ) බොහෝම ලස්සන ගීත එකතුවක් මෙයාගෙත් තියෙනවා. පහළ තියෙන්නේ, ඒ දෙන්නගෙම සින්දු... අහලා රස විඳින්න. තව දෙයක්, සංගීත වීඩීයෝවලට වඩා, මම ගොඩක් ආසයි සංගීත කණ්ඩායමක් එක්ක සජීවීව කරපු ගායනා නරඹන්න. මොකෝ, අපේ රසිකයෝ වගේ කන පැලෙන්න නටන්නේ නෑ (අපේ උන් නටන එකටයි, ජාතික ගීයටයි, ඔක්කෝටම නටනවනේ.) (ඉස්සර අපෙ ගෙවල් ගාව පොරක් හිටියා, ඌ සංගීතේ පටන් ගන්න, පාන පත්තු කොරන බෙරේ ගහපු වෙලේ ඉඳන්, ජාතික ගීය යනකම් නටනවා. ඇහුවම කවුද ආවේ කියලා ඌ දන්නේ නෑ එකෙක්වත්.) උන් ගීතයේ රසය නියමටම විඳිනවා. ඒකත් බලන්න ලස්සන දෙයක්.

හද පතුලටම කැරළි ගැසීම - (Rolling in the deep)
මේ ගීතය ලියලා තියෙන්නේ ඇඩේල් එක්ක පෝල් එප්වර්ත් කියලා කෙනෙක් එයාගේ 21 කියන ඇල්බම් එකට. මේක පුදුම විදියට ජනප්‍රිය උන ගීතයක්. ඔය ලව් කරන්න ගිහින් අවමානයට ඒ කියන්නේ නෝන්ඩියට පත් උන කෙනෙක් ගැන තමයි ගීතයෙන් කියවෙන්නේ. මෙකේ වීඩියෝ එක ඔයාලා දැකලා ඇති ඒත් මේ සජීවී ප්‍රසංගයක ගායනයක්. බලන්න කොතරම් ප්‍රභෝදමත්ද කියලා.




ඔබ වන් තව කෙනෙක් - (Someone like you)
මේකත් ඇඩේල්, ඩෑන් විල්සන් කියන කෙනත් එක්ක 21 ඇල්බම් එකට ලියපු ගීතයක්. මේකත් බූට් සින්දුවක්. මේ ගීතයේ තියෙනවා එයාගේ ගායන හැකියාවේ උපරිමය. පහල තියෙන්නේ ඔරිජිනල් විඩීයෝව නෙමෙයි, පියානෝ එකයි, බේස් ගිටාර් එකත් එක්ක විතරක්, සජීවී ගායනයක්. බලන්න වෙනස. මේ ඇල්බම් එකේම තියෙන තවත් ලස්සනම ගීතයක් තමයි "වැස්සට ගිනි තැබීම" - "Set fire to the rain". ඒකත් හොයාගෙන බලන්න.



Alison Moyet
 ඇලිසන් මොයේ, 1961 දී ඉපදිලා තියෙන්නෙත් ඇඩේල් වගේම, එංගලන්තයෙදී. පහල තියෙන්නේ එයාගේ ගීත දෙකක්. එකක් "ලස්සන හමුවේ දුර්වල වීම" - (Weak in the presence of beauty) හා "මෙයද ආදරය" - (Is this love) ගීත දෙක. ඒ දෙකත් රස විඳින්න. (මේ වීඩීයෝ දෙකම ක්ලික් කරන කොට අවුලක් ආවෝත්. එයාල සිංහලෙන් පැහැදිලි විදියට කියනවා යූ ටියුබ් එකේ ගිහින් බලන්න කියලා. ඒක ක්ලික් කලාම හරි)





දැන් පුනරුත්පත්ති කතාවා මොකක්ද...? ඇලිසන් මොයේ මැරිලා නෑ තවම. ඒත් ඇඩේල් දකපු මුල්ම දවසේ මගේ මතකයට ආවේ ඇලිසන්. මේ දෙන්නම සෑහෙන දුරට එක වගේ නේද...?. දෙන්නම එංගලන්තේ. දෙන්නම ජනප්‍රිය ගායිකාවෝ. ඇඟ.... දෙන්නගෙම එක වගේයි..මුහුණ... ඇයි එතකොට කටහඬ.... හ්ම්....

58 comments:

  1. අඩලේගේ කැමැතිම සින්දුව තමයි
    “ඔබ වගේ කෙනෙක් මට හමුවෙයි“ කියනෙක....
    හරිම දුක්බරයි....

    ReplyDelete
    Replies
    1. ඔහේට ඉතින් දුක ඇර වෙන දෙයක් නෑනේ...

      Delete
  2. maaath adele akkage oya sindu set ekatama aasayi,evage amuthuma feeling ekak thiyenava,alison aunty gana nam ada thama ahuve

    ReplyDelete
    Replies
    1. ඇලිසන් ආන්ටිගේ ස්ලෝ එකක් තියෙනවා "ලව් ලෙටර්ස්" කියලා ඒකත් පස්ඨ

      Delete
  3. ඇලිසන් ගේ ඇඳුම් නම් නියමයි..

    ReplyDelete
    Replies
    1. සුද්දියෝ අඳින්න දන්නෙ නෑ කියනවා. බලන්න දෙන්නගෙම ඇඳුම් වල ලස්සන. සාරි ඇන්දම තනත් එළියේ පිටත් එලියේ බඩත් එලියේ පටිත් එලියේ .... පටි රෝල් :D

      Delete
  4. පුනරුත්පත්ති කතා මේ දවස්වල නැගල යනව, නෙහ් ....

    මේ කනෙක්ෂන් එකෙන් වීඩියෝ ලෝඩ් කරන්න බෑ, විකිණෙනව. පස්සෙ ඩවුන්ලෝඩ් කරගෙන බලනව.

    සිංදුනම් මගෙත් තේරීමක් නෑ. ඕන එකක් අහනව. ඒත් මම වැඩියමත් කැමති ඕනවට වඩා කඨෝර සද්ද නැති මියුසික්වලට. දඩං බඩං සින්දුත් අහන්න පුළුවන් වෙලාවක් තියෙනව, හැම වෙලාවෙම බෑ.

    ReplyDelete
    Replies
    1. මල්ලිගෙ ලස්සන මූණ දාල තියෙන්නෙ!

      Delete
    2. ඒවා ඉතින් කවදත් තියෙන කතා නේ. හිටපු ගමන් මොකෙක් හරි අල්ල ගන්න එක පත්තර කළාවේ තියරියක්.

      Delete
  5. මමත් මාර කැමති ඇඩේල් ගේ සින්දු වලට.. මම එක සැරයක් එක දිගට Rolling in the deep, set fire to the rain, someone like you සින්දු තුන ප්ලේ කර කර තිබ්බා.. ලෝකේ මේ වාගේ සමානකම් තියෙන අය තව ඉන්නවා නේද?? මන් එහෙම එකක් දැක්කා වගේ මතකයි..හොයලා බලන්න ඕනේ ආයේ හොයාගන්න පුලුවන් වෙයිද කියලා.. හම්බු වුනොත් බ්ලොග් එක දාන්න ඕනේ..
    ජය වේවා... :D

    ReplyDelete
    Replies
    1. සම් වන් ලයික් යූ මගේ ප්‍රියතම එක, අපොයි ඉන්ගිරිස් සින්දු ගැන නම් ඕන තරම් දාන්න...

      Delete
  6. මමනං වැඩිය ඉංගිරීසි සින්දු අහන්නේ නැත...
    සිංහලයි, හින්දියි, දෙමළයි පමණය. :)

    මේවත් ඉතින් නරකම නෑ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දැන්වත් පුරුදු වෙයන්...

      Delete
  7. ඉංග්‍රීසි සින්දු වලට නම් වැඩිපුරම ඇල්මක් නැතත් ක්ලැසික් කියන ගණයේ ගීත එකතුවක් හැකි සෑම වෙලාවකම අහන්න මාත් ආසයි.. ඉතිං ඒ ටික තමා most played ලිස්ට් එකේ තියෙන්නේ... someone like you කියන සින්දුවත් ඒකේ එකක්... හැබැයි ඉතිං මගේ මලකඩ මොලේට ගායිනාව කවුද කියලා අප්ඩේට් එකක් වැටිලා තිබුන් නෑ මේ වෙනකම්.....

    මම ආස ඉංග්‍රීසි ෆිල්ම්ස් වලට.. මගේ ඉංග්‍රීසිය දියුණු කරගත්තේ ෆිල්ම්ස් බලලාම කිව්වොත් හරි....

    ReplyDelete
    Replies
    1. ඇයි මම. එක පාරක් ජීවිතේට ඉන්ගිරිසි ෂෝ බලපු නැති එකෙක් අරගෙන ගියා පරණ මැජස්ටික් එකට එකක් බලන්න. පුදුම දුකක් වින්දේ සිංහලෙන් තේරුම (සබ් ටයිටල්) දාන්නේ නෑ කියලා. අද ඌ උගන්නයි ඉන්ගිරිස් මට.

      Delete
  8. අදමයි ඇහැව්වේ මේ සින්දු ටික.හරිම ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ ප්‍රමුදී. වෙලා තියෙන වෙලාවක තව රහ ඒවා දෙන්නම්...

      Delete
  9. මන් ඉංග්‍රීසි සින්දු අහන්නෙම නැහැ ඒත් ඒවාත් අහලා බලන්න ඕන මීට පස්සේ.

    ReplyDelete
    Replies
    1. සැබෑ වෙනසක් සඳහා... මාතලන් ඕන්ලී

      Delete
  10. අනේ වාසනාවන්! ගොඩක් පිං සෑර් මේව දැම්මට.
    මහ එකාගේ ඉඳල පොලෝසිය, හමුදාවේ ගුටි කාපු උං, නයි.ටී.එන්, ඔක්කොම එක රඟේට බයිලා ගහන වෙලාවක මේ වගේ එකක් ඇහුවම ප්‍රෙසර් එකවත් බහියි නේ

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මටත් මළදානේ එපා වෙලා ඉන්නේ...

      Delete
  11. මෑත කාලෙදී මම නම් මහා ආසාවෙන් අහන සින්දු වල අයිතිකාරිය Adele.ඒකෙනුත් වැඩිපුරම someone like you කියන සින්දුවට මම හරිම ආසයි. Set fire to the rain කියන සින්දුවත් හරිම ලස්සනයි

    http://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=3&cad=rja&sqi=2&ved=0CC4QtwIwAg&url=http%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DxBcMKwbMEcQ&ei=KPZdUN2dG9GzrAfbxoGIDw&usg=AFQjCNEjuBrUfoYE-k5x_SpWZloYpn6zSg&sig2=PEqh5pDdTi21IzTKn46WFQ

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල ඉංග්‍රීසි චැනල් වල ජනප්‍රියම ගීතයක්...

      Delete
  12. සිරාවට තමන්ගේ රස වින්දනය විතරක් නෙමෙයි අනෙක් හැම දේම මේ දුපතෙන් එලියට ඔලුව දාල බලන්න පුළුවන් නම් අපි මෙහෙම ලිං මැඩියෝ ටිකක් වෙන එකක් නැහැ,අර කිව්වහේ බලන්න මිනිස්සු සින්දු විඳින හැටි.විජාතික විජාතික කිය කියා තව තවත් කටුව ඇතුලට රිංගනව මිසක්!

    ReplyDelete
    Replies
    1. අපේ උන් කිසිම දෙයක් හරියට කරන්න දන්නේ නැති ගෝත්‍රික මානසිකත්වයක් තියෙන මිනිසුන් පිරි රටක්

      Delete
  13. //මාතලන් මේ වගේ ෆිගර් වලටත් කැමතියි. :ද// සිරාවට ලොක්ක මටත්! ඔය කොච්චර ස්ලිම් ෆිගර් කිව්වත් කටු සරීර වලට වඩා අර ටැමිල් නිලියෝ ටයිප් එකේ මොඩල් ළඟ අපේ ගොඩ දෙනෙක් පිකප් වෙනව.

    ReplyDelete
    Replies
    1. එයාලට කියන්නේ "බී බී ඩබලිව්" (BBW)කියලා... එහම ගැහුවම තිරෙන් වඩිනවා හෝ ගාලා...

      Delete
  14. හ්ම්ම්..මම සාමාන්යෙන් අහනවා ඉංග්‍රීසි..සාමාන්යෙන් කිව්වට අහනතරමක් අහන්නේ ඒවා තමා :)
    ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. එහෙම කාලයක් මගෙත් තිබුනා

      Delete
  15. මම ගොඩක් අහන්නෙ සිංහල. ඒත් මේ ඉංගිරිසි කැමති ගීත කිපයක් තිබේ.

    මේකත් අසා බලමි !

    ReplyDelete
    Replies
    1. කොහොමෙයි මේවා රහයිනේ...

      Delete
  16. මම නම් දුවගෙන ආවේ පුනරුත්ත්පත්ති කතාව අහන්ට. බලනකොට මැරිලා නැති දෙන්නෙක් ගැනනේ කියන්නේ. :D

    //සංගීතය රස විඳින්න, භාෂාව ප්‍රශ්ණයක් කර ගන්නත් අවශ්‍ය නෑ. ඒ නිසා මම කොයි රටට ගියත්, ඒ රටේ ගීත වලට ආදරය කරන්න පටන් ගන්නවා. ගීත වලට විතරක් නෙමෙයි, ආහාර වලටත්. //

    සම්පූර්ණ ඇත්ත කතාවක්!!!

    ReplyDelete
    Replies
    1. පන පිටින් ඉන්න අය මරන්න බෑනේ නෝනේ. මාතලන් ඉතින් බොරු කියනවා අඩුයිනේ...

      Delete
  17. බොහොම හොඳ තොරතුරු ටිකක් දැනගත්තා.

    ReplyDelete
  18. ගීත නම් බොහොම අලංකාරයි , හැබැයි මාතලන්ට වගේ ෆිගර් එක නම් මට හරියන්නේ නෑ

    මටත් භාෂාව හෝ වර්ගය පිලිබඳව කිසිම ප්‍රශ්නයක් නෑ කනට ලස්සන ඕනිම ගීතයක් අහනවා,කොහොම වුනත් මම අහන ගීත වලින් 50%ක් හින්දි 35% ඉංග්‍රිසි 10% අනික් භාෂා (ස්පාඤ්ඤ , අරාබී ...) ඉතුරු 5% සිංහල වගේ තමා තියෙන්නේ . හින්දි ගීත වැඩිපුර අහන්න හේතුව විවිධ සම්ප්‍රදායන් ගණනාවක් එකම ගීතයක දකින්න තියන අවස්ථා බහුල වීම .

    කැමතිම ගායිකාව ඇහුවොත් එක කෙලින්ම දෙන උත්තරේ Shreya Ghosal (http://en.wikipedia.org/wiki/Shreya_Ghoshal ), හේතුව මම ඒ කටහඬට ආස වීම සහ එයාටත් සම්ප්‍රදායන් රාශියක ගීත ගායනා කරන්න පුලුවන් වීම

    ගායකය ඇහුවොත් සැහෙන පිරිසක් ඉන්නවා එක වගේ කැමති

    කොහොම වුනත් වැඩියෙන්ම කැමති යානිගේ වගේ සමූහ වාදන අහගෙන ඉන්න !

    ReplyDelete
    Replies
    1. එහෙනම් උඹෙයි මගෙයි වෙනසක් නෑ.. යානි මගේ ෆේවරිට්. ඒ වගේ ක්ලැරිනට් එක් ගහන්න බෑ එකෙකුටවත්

      Delete
  19. " මම අහන ගීත වලින් 50%ක් හින්දි 35% ඉංග්‍රිසි 10% අනික් භාෂා (ස්පාඤ්ඤ , අරාබී ...) ඉතුරු 5% සිංහල"

    උඹ හිතන් ඉන්නෙ "හින්දියාව" හරි ඉහලයි කියලනෙ!

    ReplyDelete
  20. Replies
    1. ඇර සෝලෝ අජිනෝ මොටෝ

      Delete
    2. ඔව් ප්‍රශ්නයක් තමයි, මෙහෙ අපිට ඇනයක් වෙන්නෙ නැතුව එහාට මකබෑවෙයන්කො!!

      Delete
    3. මම කරන ඒවා උඹ ඇනයක් කරගන්නේ මොකටද ? උඹේ බ්ලොග් එකකට ඇවිල්ලා මම මොකුත් කිව්වේ නැනේ ,බ්ලොග් එකේ අයිතිකාරයට ප්‍රශ්නයක් නැත්නම් උඹට තියන අමාරුව මොකක්ද , මම කියන ඒවා ඇනයක් වගේ නම් ඒව ස්කිප් කරලා කියවගෙන පලයන් , මම අවශ්‍ය කරන වෙලාවට කැමති තැනකට මකබැවෙන්නම් , උඹට ඒක අදාලත් නෑ , ඒ නිසා ප්‍රශ්නයක් කරනගන්නත් එපා !

      Delete
    4. @ඇනෝ - බුවා ඉන්දියාවට හරි වෙන මොකක් හරි රටකට කැමති වුනා කියන එක ඔයාට ඇණයක් වෙන්නේ කොහොමද ? ඒක එයාගේ පුද්ගලික කැමැත්ත . ඔයා අකමැති ඒවට තව කෙනෙකුත් අකමැති වෙන්න අවශ්‍යයි කියලා නියමයක් නැහැනේ

      @මාතලන් - ස්තුතියි ලිපියට , ඇඩෙල් ගේ සින්දු ඇහුවත් දෙවෙනි කෙනා ගැන නම් මේ ලිපියෙන් තමයි දැනගත්තේ . මම සාමාන්‍යයෙන් අහන්නේ රොක් මියුසික් වුනත් නැචුරල් ටැලන්ට් එකෙන් සින්දු කියන ඕනි කෙනෙක්ගේ ගීත වලට කැමතියි . ඒත් ලංකාවේ ගොඩක් ඉංග්‍රිසි සින්දු අහන අය අතර ජනප්‍රිය ටෙක්නොලොජි එකෙන් ගොඩ යන අය .

      @බුවා - මම ඉස්සර නම් හින්දි සින්දු ඇහුවේ නෑ , හැබැයි ලඟඳි ආපු සමහර සින්දු වල ලස්සන රොක් ඇඩප්ටේශන්ස් ඇහිලා තියනවා ,

      Delete
  21. හොහ් හොහ් අපූරූ ගීත නොවැ මහත්මයා. මටත් හිතුනා සුද්දගේ සින්දු අහන්න. අපිට සින්දු කියන්න උගැන්නුවෙත් සුද්දා නේ. නැතිනම් තාමතපි කවි කියනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි ලොක්කගේ මුල්ම පෝස්ට් එකත් පට්ට සින්දුවක්නේ..

      Delete
  22. මමත් ඇඩෙල්ගෙ Rolling in the deep, Someone like you සින්දු දෙකට ගොඩාක්ම ආසයි... මං ඉංග්‍රීසි සින්දු ප්‍රිය කරන්න පටන් ගත්තෙ අසූ ගණන්වලදි මයිකල් ජැක්සන්ගෙ විට්නිගෙ ෆ්‍රෙඩී මර්කරිගෙ සින්දු ඇහුවට පස්සෙ... එදා ඉඳන් අද දක්වා නොයෙකුත් භාෂා වල සින්දුවලට ආසාවෙලා තියෙනව... සමහර ඒවයෙ වචනයක්වත් දන්නෙ නෑ... ඒත් රිදම් එකට කැමති නිසා ආසයි...

    ReplyDelete
    Replies
    1. කියන්න බැරි උනා... අර වීඩියෝ එකට ගොඩාක්ම ස්තුතියි... මං කලින් බලල තිබ්බෙ අපැහැදිලි වීඩියෝ එකක්... මේක හරිම පැහැදිලියි.... ඔයා කිව්ව වගේ නරඹන්නො සින්දුව විඳින අපූරුව.... මට මතක් උනේ මයිකල් ජැක්සන්ගෙ 30 වන ඇනිවසරි ෂෝ එක...

      Delete
    2. මයිකල් ජැක්සන් - පිස්සු හැදිලා, බම්ප් වෙලා, ආයිත් හැදිලා..... ආයෙත් හැදෙනවා... පිස්සුනේ.. ඇත්තටම ඌ අර කවුද කිව්වා වගේ මුනිවරයෙක්...

      Delete
  23. Wap Nishatha Baina hati Balanna. http://www.mashguru.com annnnnnnnnnna

    ReplyDelete
  24. බස රේඩියෝ සම්මාන්‍යට මොකඩ උනේ.? ලාංකීය සිතුවිලි අයිතිකරුගේ අම්මගේ උඩු කය නිරුවත් ජයාරෑප බලන්න http://www.mashguru.com එන්න.

    ReplyDelete
  25. මාතලන් සින්දුවත් එක්කම අදහස් ගොඩක් පල කරලනෙ. Geography of women, :D හෙම. මාත් Pops In Germany. FanClub, Top of the Pops හෙම ආසාවෙන් බලපු බුවෙක් තමයි. ඇයි බං අර ඉස්සර තිබ්බ SatMag කියන පත්තරේ lyrics පි‍ටුවක් තිබ්බා මතකද? එතකොට Latest Hits කියලා සින්දු පොතුත් තිබ්බා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මොකෑ බන් අමතක වෙන්නේ. ඉස්සර වයර්ලස් එකේ රික්වෙස්ට් වලට මගේ නම යනවමයි. කැසට් එකක් ගෙනාවයින් පස්සෙ තමයි ඒ ලෙඩේ නැති උනේ.

      Delete
  26. සිංදු ටිකනම් අදයි ඇහුවේ මාතලන් අයියේ..

    ReplyDelete
    Replies
    1. තව දෙන්නම් ඉදිරියට....

      Delete
  27. සිංහල සිංදු විතරක් අහන අයට මම කියන්නේ, ඉංග්‍රීසී ගීතත් අහන්න පුරුදු වෙන්න. මම ඉංග්‍රීසී භාෂාව ගොඩක් ඉගෙන ගත්තේ සින්දු නිසා. මොකෝ ඒ කාළේ ඉංග්‍රීසී සින්දු කියන අයගේ පින්තූර අලවලා, "අයිලන්ඩ්" (Island) එකේ හැම අඟහරුවාදාම ගියපු ලිරික්ස් කොල අලවපු, පොත් දෙක තුනක්ම මගේ ගාව තිබුනා. අනික පවුලේ නාලිකාව. (රාජපක්ෂ) නයි. ටී. එන්. එක විතරයි, ඒ කාළේ තිබුනේ. එතකොට ඒක ෂාන් මහත්තයගේ. "පොප්ස් ඉන් ජර්මනි" වගේම .ප්‍රචාරය උන දේශීය සංගීත වැඩ සටහන් වලත්, වැඩිපුර කාළය වෙන් උනේ බටහිර ගීතයට

    සහතික ඇත්ත.......
    ඉස්සර මේවගේ අන්තර්ජාලය හැමෝටම තිබ්බෙත් නෑ නේ.

    ReplyDelete
  28. glad to see people who love such a wonderful singer,, adele has shown me that the pain you get when some one leaves u is universal,, i started listining to the more famous songs in the begining and one by one started to like her other work,, turning tables n rumor has it is my current fav,, well her voice is so powerfull and once i listen to some one like u after a good drink and ended up going crazy and stormed my ex's home to see her face, and more recently had a huge argument wit my drinking buddies when i told them there is nt a singer in sl who can superceed adele when it comes to singing.,...Mr.mathalan,,,thanks a lot for sharing this

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න