.

.

Sep 8, 2012

මිනිසාගේ ළඟම නෑයා කවුරුන්ද ? - Closest relatives to Humans


මිනිසාගේ ළඟම නෑයා කවුද යන්න පිළිබඳව නොයෙකුත් මති මතාන්තර තියෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ බොනෝබෝ (Bonobo) තමයි ළඟම නෑයා කියලා. එහෙම කිව්වා කියලා දෙයක් පිලිගන්න නරකයි ඒ දේ ඇත්තද නැත්තද කියලා අපි හොයලා බලන්න ඕන. ඒ නිසා තමයි මාතලන් තීරණය කළේ මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්න. ඉතා වෙහෙස මහන්සියෙන්, මුළු ළෝකය පුරා සැරි සරලා, එස් බී මාමාගෙන් පර්යේෂණ දීමණාවකුත් ලබාගෙන, දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද පර්යේෂනයේ ප්‍රථිපල මම සොයාගෙන ටික කලක්. නමුත් ඔබත් එය දැන ගැනිම හොඳයි කියලා හිතුනා.

පුළුවන්නම් කියන්න බලන්න මිනිසාගේ ළඟම නෑයා කව්ද කියලා....?


බොනෝබෝ (Bonobo)













 නෑ... වැරදියි









 එහෙනම් චිම්පන්සියා


















 හූ....... වැරදියි...

















 හරි හරි ගෝරිල්ලා




















 






 මේ තියෙන්නේ...






 














 එහෙනම් කවුද අනේ කියන්නකෝ ජරා වැඩ නොකර






 






 මේ ඉන්නේ පොර






 










 මොනවා මදුරුවා..!....?

ඔව්.. පුදුම වෙන්න දෙයක් නෑ. මම කළ පර්යේෂණ වලදි සොයා ගත්ත දෙයක් තමා මිනිසාගේ රුධිරයට සමාන රුධිරය තිබෙන සත්වයා මදුරුවා බව. මේ පර්යේෂණයේ අතුරු ථල වශයෙන් මැක්කාගෙත් මිනිස් රුධිරය මෙන්ම බලු රුධිරයද අඩංගු බවත්. එම නිසා මිනිසාට බලු ගති ඇති බවත් සොයාගනු ලැබුවා. මේ වාර්ථාව සෞඛ්‍ය අමාත්‍යංශයට යොමු කිරීමෙන් පසු ළෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා තහවුරු කළා. ඒ අනුව තම ඥාතින්  BTI බැක්ටීරීයාව යොදා සමූළ ඝාතනයට ගෙන තිබු පියවර වහාම අහෝසි කරණු ලැබුවා.

ඔබත් තම ලේ ඥාතියකු ඝාතනය කොට ආනන්තරීය පාප කර්මයකට හවුල් වීමෙන් වලකින්න.

සියළු මදුරුවෝ, ලේ බොත්වා, සුවපත් වෙත්වා, ජීවත් වෙත්වා....!!!

ප: ලි:

දැන් තේරෙනවනේ, මෛත්තිරිපාල මහත්තයා ඩෙංගු මරන්නේ නැතුව රනිල් මරාගෙන කන එකේ හේතුව. නැතුව ඔය එකා එකා කියනවා වගේ කොමිස් නැති වෙන නිසා, මදුරු නාෂක සමාගම් වලින් ජරාව ලැබෙන නිසා නෙමෙයි.

65 comments:

  1. කොයින්ද බං මේ පිංතූර හොයා ගන්නේ? :D

    ReplyDelete
    Replies
    1. වෙන කොහෙන්ද බන් ජාලෙන්ම තමයි

      Delete
    2. ලොල් ඈ .......... :D :D :D :D :D සිරාවටම මැක්ස පින්තූර ටික

      Delete
  2. මිනිසාගේ ළඟම නෑයා = හිවලා!

    ReplyDelete
    Replies
    1. වැරදියි.. මාගේ පර්යේෂනය අනුවනම් ඒ මිනිසා නොවේ. දකුණු ආසීයානු රටවල ගෝත්‍රික ජනතාව.

      Delete
  3. ඇත්ත නේන්නං :)

    හික් හික් හූ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ළෝක සෞඛ්‍ය සංවිධානයට අම්තරව ඔය රජෙකුත් අනුමත කොරලා තියෙන්නේ.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මළ රෙද්දයි!! එහෙනම් මදුරු නාශක භාවිතය මට අත්හරින්ට වෙයි. දැන් දැන දැනම නෑයෝ මරණ ඒක හරි නෑ නොවැ.. :)

      Delete
    2. නිකන් පවක් නොවෙයිනේ...

      Delete
  5. ඈහ්... නෑය නෙවෙයි වේය උණත් කමක් නෑ. මගෙ ලේ බොන්න ආවොත් රජ කාලෙ දඩුවම් දෙනවා. :)

    ReplyDelete
    Replies
    1. පව් කාරයෝ කොයි සමාජයෙත් ඉන්නවා. මෙතරම් කරුණු දැනගෙනත්. අනේ මන්දා...

      Delete
  6. මං නම් ඕක කාලාන්තරයක් තිස්සේ ඉදන් දන්න නිසා මදුරුවෝ මරන්නේ නෑ ;)

    ReplyDelete
    Replies
    1. කොයි කාළේ වගේද ඔහේ ඒ පර්යේෂණය කොලේ...

      Delete
    2. දැන් අවුරුදු 6 ක විතර ඉදන් ඇත්තට මදුරුවෝ මරන්නේ නෑ මං :)

      Delete
  7. හොක් හොක් හොක්.
    මදුරුවෝ මරණ උන් දේශද්‍රෝහීන් ය.
    මදුරුවෝ මැරීමෙන් වළකිමු!!

    ReplyDelete
    Replies
    1. ළඟදීම නීතියකුත් සම්මත කොරන්නයි යන්නේ.

      Delete
  8. හරි. මයිත් රී පාල මහත්තයත් මදුරුවො මරන්න අකමැතිඑකේ මම හිතුව මේ වගේ කේස් 1ක් තමයි කියල.
    රනිල් නං උල තියන්න ඕන 94 පාවාදීමට.

    ReplyDelete
    Replies
    1. එතකොට ගාමිණීලා බබාලා. එයාලා තමයි ඌ ඇන් පී එක නැති කලේ. පොඩි එකාට තැන දෙන්න බැරුව.

      Delete
    2. මගේ හාස්‍ය තේරුනේ නැද්ද මංද! :)

      Delete
    3. කවුද බන් දන්නේ. මම උන්නේ සිරා කියලා. පොඩි ස්මයි කෑල්ලක් වත් දාන්න එපාය. සමාවෙන්න ඕන හිත රිදුනනම්.

      Delete
  9. අපිත් මේ බලං හිටියේ BTI කොයි වෙලේද එන්නේ කියල.
    එහෙනං මේ මාතලන් ගොයියා තමා උදැල්ල දාල තියෙන්නේ.

    ඒත් මං හිතන්නේ ඔය නෑ කම පිළිගන්නේ ලංකාවේ විතරයිද කොහෙද! මොකද අනෙක් රටවල අපේ වගේ මදුරු අභිජනන ස්ථාන පවත්වන් යන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. මෙහේ කරන්නේ ව්‍යාපාරවලට අත් දීමක්නේ. වරදවා වටහා ගන්න එපා... :)

      Delete
  10. හරි එහෙනම් මේ ඒකයි සිරිසේන උන්නැහේ රනිල් ගොයියව මරාගෙන කන්න හදන්නේ.... මම හිතුවේ ගොවියන්ගේ ප්‍රශ්න අමතක කරව්න්න කරන් ප්‍රෝඩාවක් කියලයි...

    ReplyDelete
    Replies
    1. අනේ නෑ එහෙම කලොත් එයාටම නේ පාඩූ. මල්ලිගේ මාෆීයාවට හාල් ගේන්නේ පිට රටින්ය. එයාට අවංකව දුකයි. ඒත් වැස්සට ගානක් වත් නෑ අනේ...

      Delete
  11. පරීක්ෂණේ අලුත් මගක ගිහිල්ලා වගේ... සිරිසේන ගොයියා මේ දිනවල දකින්නෙ අගමැති සිහිනයක් මිස මදුරු මර්ධන ව්‍යාපාරයක් නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. එයාට දෙයි ලබන ආත්මේ. ජී ඇල්ට් ලැබෙන බවයි ආරන්චිය...

      Delete
  12. නෑයෝ හින්දා නේන්නම් ඔය සමහර අය රොත්ත පිටින් මදුරුවෝ ඇති කරන්නේ

    ReplyDelete
    Replies
    1. ගුණ යහපත් මිනිස්සු. කලින් උන් අල්ලලා නඩු දැම්මනේ. ඒ නඩු ඔක්කෝම ඉල්ලලා අස් කර ගත්තා.

      Delete
  13. නැහ්..........!!!!

    එහෙනම් චාල්ස් ඩාවිනුත් අපිට බොරු කිවුවා ඇහ්...

    එතකොට අහවල් දේකට මරන් කනවැයි. ඒකත් අර හලාවත පූජාවට පූසාරිට යැවුවනම් හරි නෙව.

    ReplyDelete
    Replies
    1. ඔහේ මගුලක් කතා කොරනවා අපේ උන් හරක් මස් කන්නේ නැත්තෙත් නෑයන්ගේ මස් කන්න හොඳ නැතෙයි කියලා. එහෙව් එකේ මේ පර්යේෂණයකින් ඔප්පු වූ පසුවත්. පාපා කාරී සිතිවිලි...

      Delete
  14. මේ.... සමාවෙන්න, මම දන්න විදියට නම් පංච ආනන්තරීය පාපකර්ම වෙන්නේ
    1.මව මැරීම
    2.පියා මැරීම
    3.බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම
    4.රහතුන් මැරීම
    5.සංඝභේදය
    යන පහ.

    ReplyDelete
    Replies
    1. 3 සහ 4 අද කාළයට වලංගු නැති නිසා. මදුරුවන් මැරීම හා ආන්ඩුව පැරදවීම යන පව් ඒවාට ඇතුලත් කරලා තියෙන්නේ. දැන් තේරුණයි....

      Delete
    2. දැන් පැහැදිලියි :-)

      Delete
    3. //මදුරුවන් මැරීම හා ආන්ඩුව පැරදවීම යන පව් ඒවාට ඇතුලත් කරලා තියෙන්නේ//

      +++++++++++++++++++++++++++++

      Delete
  15. හරියට හරි..නෑයෙක් තමයි..කන වටේ කූං කූං ගාලා තියන දසවද සේරම දීලා අන්තිමට ලේ ටිකත් බීලා යන්න පුලුවන් වෙන කාටද ?

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න මගේ පර්යේෂණයෙනුත් ඔය කරුණු ඔප්පු උනා....

      Delete
  16. කලින් කියන්ඩෙපෑ බං. මං මේ දැං එක නෑදෑයෙක්ව චටාස් ගාලා ගහලා මැරුවා. අනිකාව පයිං ඇනලා මැරුවා.
    උඹ කියන එක ඇත්ත වෙන්න ඕනෙ. නෑදෑයො ලේ උරා බොනවා තමයි!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. සත පහක වැඩක් නැති මැස්සෝ මරණ කතන්දර පරිවර්ථන කරණ වෙලාවේ, මම වගේ මේ ආකාරයේ වැදගත් පර්යේෂණ වල නියලුනා නම් ඔය වගේ වැරදි වෙන්නේ නෑනේ...

      Delete
  17. මදුරුවා අපේ ලේ බොද්දි උගේ අන්ගේ අපේ ලේ නැතුව උගේ ලේ තියේවිද අයියෝ......
    අර ගෝරිල්ල නම් අම්මප... ඌ දන්නවද දන්නේ නෑ ඒකෙ තේරුම..

    ReplyDelete
    Replies
    1. අනිවා... උන් දන්නවා. අපි ඕවා උන්ගෙන් පුරුදු වෙච්ච ඒවා...

      Delete
  18. මළ මඟුලයි, මම මේ බයෙන් බයෙන් ඔළුව දැම්මෙ. හොඳ වෙලාවට දැන් DDT නෑ. :)

    ReplyDelete
    Replies
    1. මදුරුවන්ගේ මාරයා... මෙන්නෝ මිනී මරණවෝ... දුවපියෝ....

      Delete
  19. නොබෙල් තෑග්ගක්වත් හම්බවෙයිද :D

    ReplyDelete
    Replies
    1. මට ඇඬෙනව ඕයි.. මේවා ඉතින් විශ්ව සම්භාවනාවට පාත්‍ර වෙන්නේ නෑනේ...

      Delete
  20. නියමම පෝස්ට් එකක්!
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. මොහෝම ස්තූතියි හිරු.....

      Delete
  21. නෑයෙක්ම වෙන්න ඕන..ඒකනෙ කූන් ගාගෙන ලඟින් ගියත් 'පටාස්' ගාලා දෙන්නෙ පාර. මැරුණේ නැතත් කමක්නෑ සද්දෙ ආවනම් හරි :-)

    ReplyDelete
    Replies
    1. නෑයෝ, වේයෝ සහ මදුරුවෝ....

      Delete
  22. ඉදා මම මගෙ මදුරු දැල ඇතුලේ ඉන්න මදුරුවො වහාම නිදහස් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ උඹ කලින් දැනගෙන ඉඳලා තියෙනවා. ඒකනේ දැල ඇතුලේ දාගෙන ඉන්නේ. උඹට බොහොම පින්... සාධූ////

      Delete
  23. ඇත්තටම! ඒ උනාට දැන් මදුරුවන්ගේ ඇඟෙ ලේ තියෙන්න බෑ තියෙන්න පුලුවන් වතුර

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද.. එහෙම ඇඟෙන් බහින රෝගයක් නෑ කියලා ඔය ආයේ පාරක් ඔප්පු කොල්ලා තියෙන්නේ.. උඹලට අපිට පිස්සු...

      Delete
    2. ඒකනේ ඇඟේම තියෙන්නෙ වතුර කියුවේ

      Delete
  24. එක එක මිනිස්සුන්ගේ ලඟම නෑයා වෙනස්. මට නම් එහෙමයි හිතෙන්නේ. :D

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තෙමත් නෑ.. පොඩ්ඩිත් පර්යේෂණ වල යෙදෙනවා වගේ...

      Delete
  25. අපි මදුරුවන්ට පුරුදු කරමු මල් පැනි බොන්න - මල් පැණි බී බඹරු වගේ සැපට නිදන්න....

    ReplyDelete
    Replies
    1. ක්කගෙහරි සින්දුවකුත් තියෙනවා නේද ඔය වගේ.. දීපාල් සිල්වගෙද...?

      Delete
  26. යකෝ මයිත්තිරීපාල මාමා මයිත්තිරී කරගෙන ඉන්න විදිහට ඉන්න දියන් . . ඒ මනුස්ස්පයට මදුරුවෝ මරලා පව් පුරෝගන්ට බල කොරන්න නාකයි . .

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචං දැන් ඉතින් කොහොමත් මරන්න බෑනේ..

      Delete
  27. හිකිස්......මරු ඒකත්..

    ReplyDelete
  28. eka aththa. Minissuth wediyen karanne anunge le bona ekane.

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා අඩුයි...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න