.

.

Sep 30, 2012

සිහිනය මිය යාම - Dead Dreams



මගේ ඥාති පුත්‍රයෙක්, පවුලේ එකම දරුවා. මේ දරුවා ක්ලබ් ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රිය චරිතයක්, පාසල් සමයෙත් ප්‍රසිද්ධ පාසලක ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. නමුත් මේ දරුවට "අසීමිත නිදහසක්" දීලා තිබුනා. ඔහු දුම් පානය කරණවා, මත්පැන් බොනවා, ගංජත් බොනවා, (මමත් මේ සියළු දේ කරණවා සීමාවක් ඇතුව හා පරිසරයට අනුකූලව) ආශ්‍රය කළේ නරක මිතුරන්, නිතරම ගෙදරින් පිට සිටියේ. නමුත් මේ දේවල් ඒ දෙමව්පියන්ට ළොකු දේවල් උනා, . අහිංසක නිහතමානි දරුවකු උනත් ඔහුත්, දෙමව්පියනුත් මේ කාරණය උඩ පවුලෙන් දුරස් උනා. එයා ක්‍රීඩාවෙන් රජ වෙයි කියල හීන දැකලා ඒ සෑම දෙයටම ඉඩ දුන්නා. නමුත් නරක ආශ්‍රයත්, පුරුදුත් නිසා ජාතික කන්ඩායම මෙන්ම, ක්ලබ් ක්‍රිකටුත් සෑහෙන මෙයාගෙන් දුරස් උනා...

එහෙත් ටී 20 ළෝක කුසළානයට ආපු නෙදර්ලන්ත කන්ඩායමෙන් ආරාධනාවක් ලැබිලා, එහේ ක්‍රීඩා කරන්න. ඒවටත් ඩොකියුමන්ට් ලෑස්ති කරන්, ලබන මාසේ විවාහ වෙන්නත් ඉඳලා තියෙන්නේ. පෝය දවසෙ රෑ කොල්ලා යාලුවෙක්ගේ ගෙදර නිදිම ඇඳේම මැරිලා.. අද ඒ සියළුම සිහින බොඳවෙලා, පෙට්ටියක තැන්පත් වෙලා.


දැන් අම්මා අර යාළුවන්ව සැක කරණවා. ඒ නිසා මරණ පරීක්ෂනයට සෑහෙන වෙලාවක් ගත උනා. මරණ පරීක්ෂණයෙදි එළි වුනා, ඔවුන් එදා රෑ ගංජා පානය කළ බවත්. ඇඟට අමරුයි කියා නිදා ගන්න ගිය බවත්. නමුත් මරණ පරීක්ෂණයෙදි අධිකරණ වාර්ථාවෙන් කියවුනේ. මෙය මිනිමැරුමක් නොවන බවත්, හාට් ඇටැක් හෝ නහරයක් පිපිරිමකින් හෝ සෙම සිරවීමකින් සිඳුවූවක් නොවන බවත්. එම නිසා විවෘත තීන්දුවක් ලබා දුන්නා. පස්සේ අන්තිම දවස් වල ආ ගිය තැන් වල අයත් එක්ක කතා කළාම, ඇඟ පත අමාරුවකින් සිටි බවත් කියවුනා. කොහොම හරි කොල්ලා මැරිලා ඉවරයි.

මේ කටයුතු අහවර උනයින් පසු තවත් ඥාති පුත්‍රයෙක් මිය ගිය දරුවගේ ෆෝන් එකත් අරන් මගේ ළඟට ආවා.

"සුදු බාප්පි..., මේ තමයි අන්තීමට ඇවිත් තියෙන ටෙක්ස්ට් එක... නම්බර් එකත් තියෙනවා ..

මොකක්ද පුතා කාගෙන්ද....?

බලන්නකො බාප්පි

"PARAYA THOTA HENAMA GAHAPAN"

ඇවිත් තියෙන්නේ "SUDU AMMA" ගෙන්, ඒත් අම්මගේ නම්බර් එක නෙමෙයි.

අපි කෝල් එකක් අරන් බලමු.

"The Number you Dial, is swtched off or not in a mobile area"

පස්සේ අනිත් අයටත් පෙන්නලා හොයලා බැලුවා..
කවුද මේ "Sudu Amma" කියලා..

උදේ ඉඳන් හරකෙක් වගේ අඬාපු, කොල්ලගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්..

හරිනේ.... ඉතින් බලාපොරොත්තුව ඉටු උනානේ....

ප: ලි:
මේකද ආදරය කියන්නේ...?

පෙම් සබඳා වලදි විතරක් නෙමෙයි ඉන්පසු විවාහ ජීවීතයෙත් ප්‍රශ්ණ ඇති වෙනවා..
ඒත්..
මෙච්චර දරුණු වෙන්න එපා දරුවනේ....

69 comments:

  1. ඒ කියන්නෙ මැරිලා තියෙන්න හාට් ඇටෑක් එකකින්ද? අච්චර දරුණු වචන එන මාසෙ විවාහ වෙන්න ඉන්න කෙනාට කියන්න පුලුවන්ද? අපරාදෙ නිවැරදි මගට වැටෙන්න ගිය ජීවිතේ.

    ReplyDelete
    Replies
    1. අපි දරුණු කියලා හිතුවට අද ඒක සාමාන්‍ය දෙයක් වගේ පේන්නේ.. ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ නම් ඔව් වෙන්න පුළුවන්..

      Delete
  2. Adha aadhrea karanawaa kiyalaa mae bahutharayak karanne mokadhdha kiyalaa matath thearenne nae ...

    ReplyDelete
    Replies
    1. ආදරය කියන්නේ මොකක්ද කිය්න එක නම් අදටත් ගැටළුවක් නේ...

      Delete
  3. දරුවා ගැන බොහොම කණගාටුයි..
    මාතලන් කියන කතාව ඇත්ත.. ප්‍රශ්ණ වලදි තරමක් නිහඩ වෙලා දෙවනුව ඒ ගැන හිතන එක තමයි හොඳ... යමක් කටින් පිටවුනාට පස්සෙ ඒක ආපහු ගන්න බැහැ.. ජීවිතය පුරා තමුන් එක්ක ඉන්න සහකරුවාට එල්ල කරන වචන වලදි හුඟක් කල්පනාකාරී වෙන්න ඕන කියලා මමත් හිතනවා..

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න උනේ ඒකයි. පුළුවන් තරම් ඉවසීම පුරුදු කරන්න

      Delete
  4. ජීවිතය ජයගන්නා සතුව කළ යුතු දේ මෙන්ම නොකල යුතුදේද ඇත. තමාගේ ජීවිතය ජයගැනීම උදෙසා ගෙන ගිය ක්‍රියාදාමය පැරදී ඇත. වැරදුනේ කොතැනද? එය සෙයා ගන්නා විට සියල්ල සිදුවී හමාරය. ‍කනගාටුදායක කරුණකි

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න ඕන උනේ එච්චරයි...

      Delete
  5. ආදරේදි විතරක් නෙවෙයි. ගොඩක් මිනිස්සු බොහෝ අවස්ථා වලදි තමන් කතාකරන වචන වලින් ගම්‍ය වන අදහස ගැන නිසි අවබෝධයක් නැතිවයි වචන පිට කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. හික්මීම කියන දෙය දරුවන්ට පුරුදු කරන්න ඕන. දෙමව්පියන් කළ යුත්තේ එයයි. නමුත් අද සිඳුවන්නේ එයද...?

      Delete
  6. මටත් ඔය වගේ SMS එනව.මට එතකොට හිනා යනව. තරහ කියන දේ ටික වෙලවයි. ඊට පස්සෙ ආයෙ love.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඒක හොඳ දෙයක් නෙමෙයි.. ඔය දේ ඉදිරියට යනවා. ඊ ළඟට ඔයාලගේ දරුවනුත් ඒ වගේ වෙනවා..

      Delete
  7. සෑහෙන්න හිතට වැදුන ලිපියක්. සමහරවිට මිනිස්සුන්ට වෙනස්වෙන්න දෛවය ඉඩදෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. සමහරුනට එහෙම දෙයකුත් තියෙනවා...

      Delete
  8. බොහෝ අය තුල මේ දුර්වල කම තියෙනව කියල හිතෙනවා අද සමාජයේ . පොඩ්ඩ වැරදුනාම ඇති .
    …හිතා ගන්නත් අමරුයි පාවිච්චි කරන භාසාව . මෙහෙමෙ කේන්ති ගන්නවනම් කසාද බදින්න කලින් , පසුව කොහොම වේවිද කියල හිතෙනවා .
    …කනගාටුදායක මරණයක් .

    ReplyDelete
    Replies
    1. හ්ම්..... මොනවා කරන්නද...?

      Delete
  9. කොල්ලෙක් SMS එකකින්ම මැරුණ කියල නම් පිළි ගන්න බෑ.:-)

    ReplyDelete
    Replies
    1. කවුද කිව්වේ එහෙම දෙයක්. මරණය ගැන තවම තීන්දුවක් නෑ. මම හිතනවා බොහෝ විට හාට් ඇටෑක් වෙන්න ඇති. එහෙම දෙයකුත් කියවුනා...

      Delete
  10. හ්ම්ම්ම්... අනේමන්ද...

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය කිව්වේ ඔය දේ තමයි

      Delete
  11. බොහොම කණගාටුයි! ඉස්සෙල්ලම, අසීමිත නිදහස දුන්නම ඔයවගේ වැරදි පාරවල් වල යන උදවිය වැඩියි. සුදු අම්ම කියන්නෙත් ඔහොම නං...... අනේ මංද..... ඌට බඳින්න ලැබුනෙ නැතිඑකත් හොඳයි කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. යකාගේ හැටියටලු නේ විමානේ. කෙල්ලටම් වැරද්දක් කියන්න බෑ.

      Delete
  12. මරණ පරික්ෂනයෙදි අහු නොවුනට කොල්ලා මොනවා හරි බිව්වාවත්ද

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙත් ‍ඒක තමයි. කුමක් හෝ ප්‍රභල සාක්ෂියක් කෙටි පණිවිඩය ලබාදෙනවද යන සැකය ඇති වෙනවා.

      Delete
    2. එහෙම දෙයක් වෙලා නෑ.. මම හිතන්නේ වැඩියෙන් බඩු ගන්න ඇති. ඕවා ගන්න ඒවුන් දන්නවා නේ ඕවයේ රඟේ...

      Delete
  13. මට මේ කතාවට ප්‍රචාර ලියන්න අමාරුයි.

    කියන්න තියන්නේ එකයි. අම්මා තාත්තට මේකෙ වරදෙන් වැඩි හරියක් යනවා. මොකද අපි ළමයි හැදුව මිසක් උන්ගේ කැමත්තට අපි ගාවට ආවේ නැහැ. එහෙනම් ළමයින්ට ආදරේ කියන්නේ ඉල්ලන ඉල්ලන එක දෙන එකවත් උන්ගේ කැමත්තටම වැඩ කරන එකවත් නෙමෙයි. උනව මනුසයෝ කරන්න නම් ආදරය විශ්වාසේ ආරක්ෂාව තියන්නේ දෙමාපියන් ගාව බව පෙන්නන්න.

    කිසි දරුවෙක් එතකොට වැරදි පාරේ යන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. සියයට සියයක් එකඟයි...

      Delete
  14. මේ ටික ප.ලිය ගැන...

    ඔය වගේ වචන පාවිච්චිය ගැන නම් මට දුකයි..
    මොක උනත් ඒ ගෑණු දරුවා දැන් දුක් වෙනවා ඇති එහෙම කියපු එකට...
    කො‌ෙහාම උනත් රාජ් කිව්වා වගේ බදින්න අවස්ථාවක් නැති උනාට මට සතුටුයි.. හේතුව දෙන්නගෙම හැසිරීම යහපත් පවුල් ජීවිතයක් ගෙනියන්න පුළුවන් එකක් නොවෙන නිසා...

    මේ ටික කතාව ගැන.
    මට මෙතන හිතුන දේ කාටවත් හිතුනේ නැද්ද නැත්තම් හිතිලා සද්ද නැතුව ගියාද කියලා කියන්න බෑ...

    ඇත්තටම මාතලන් ලබන මාසේ බදින්න හිටියනම් , ඔය තරම් සැර වචන ටිකක් පිට වෙන්න යම්කිසි හේතුවක් තියෙන්න ඇති කියලා හිතෙන්නේ නැද්ද...? මොකද මම දන්න විදියට ගොඩක් අවුල් සිත් තැවුල් ඇතිවෙන, වලි දාගන්න කාලයක් ඕක... වෙඩින් එකේ අරවට මේවට, අම්මලා තාත්තලා ගැන, නෑයො ගැන එක එක ප්‍රශ්න එන කාලයක්නේ.... ම‌ගේ අත්දෑකීමෙන් කිව්වේ ඒක... ( මට ඔය පිරිමි ළමයාගේ අම්මලා තාත්තලා ගැන යහපත් හැඟීමක් ඇති උනේ ණෑ මේ පෝස්ට් එකෙන්... ඒකත් කියන්න ඕනේ...)

    (සමහරවිට) ඔය ගෑනු ළමයා හිතාගෙන ඉන්න ඇති මේ ළමයා බදිනකොටවත් හැදෙන්න බලයි කියලා.... ඒත් එයාගේ ක්‍රියාකලාපයේ වෙනසක් නැති බව දැක්කම මොන කෙල්ලද ආදරෙයි කියලා ඉවසගෙන ඉන්නේ.... ආදරේ කරන කෙනාට ආදරේ වැඩි උනාමත් ඔය වගේ දේවල් කියවෙනවානේ... ඔය අම්මලා තාත්තලත් හිටපු ගමන් බනින්නේ කාලකණ්ණි සහ ඊටත් අන්ත දේවල් කිය කිය ළමයින්ට... ( මම කියන් නෑ ඒක හොඳයි කියලා...) ඒත් ආදරේ කරන කෙල්ල හරි කොල්ලා හරි කිව්වම අම්මා තාත්තා කියන දේවල් වලට වඩා ඇහුන්කන් දෙන ගතියක් තියෙනවනේ....

    මොක උනත් මේ පිරිමි ළමයා ගැන නම් මට දුකයි... හේතුව අනුන්ගේ වැරැද්දකට ජීවිතෙන් වන්දි ගෙවපු නිසා....
    අර ගෑනු ළමයා ගැන මට සතුටුයි.. ඒ වගේ කොල්ලෙක්ව බදින එක නැවතුන නිසා.... ගෑණුකම හින්දා මට එහෙම හිතෙනවද දන් නෑ...

    ReplyDelete
    Replies
    1. හිරු, මම මේක ලිව්වේ අපේ නෑදෑයින්ගේ වගේම අනිත් අය හිතන පතන හැටිත් බලාගන්න. මම මේ අවවාදය දුන්නේ මිය ගිය දරුවටත් එක්කම. කෙල්ල එහෙම කතා කරන්න. මේ දෙන්නාගේ කොමියුනිකේෂන් ලැන්ග්වේජ් එක ඒක වෙන්න ඇතිනේ. නමුත් මට තියෙන ප්‍රශ්ණය. ආදරය කරන සිතකින් කොහොමද මෙහෙම කතාකරන්නේ කියලා. මේ වගේ නොගැලපෙනවනම් ආදරය නොකර ඉන්න එක නේද වඩා හොඳ. මේ අය විවාහ උනානම්, ලැබෙන දරුවෝ කොයි වගේ වෙයිද? අද සමාජයට සිඳුවී තිබෙන්නේ මේ දෙය නොවෙද?

      ඔයාගේ පැත්තෙන් ඔයාගේ කොමෙන්ට් එක සාධාරණයි..

      Delete
    2. ඇත්තටම කිව්වොත් මාතලන් තරහා යන වෙලාවල් ඕනෙ තරම් තියෙනවා.... අරකට මේකට මල පන්නගෙන වලි දාගන්න එක සාමාන්‍ය දෙයක්.... ඒ වෙලාවට හිතින් මේ මොන කරුමයක්ද කියලා හිතන වෙලාවලුත් නැත්තේ නෑ... ඒත් කොච්චර තරහා ගියත් මං හැදුන පරිසරයේ හැටියට කවදාවත් ඔය වගේ වචනයක් මගේ කටින් පිටවෙන්න විදියක් නෑ....

      ඒක නිසා ඕක අපි හැදෙන සමාජයත්, පරිසරයත් එක්ක එන දෙයක් කියලයි මම හිතන්‌ෙන්... දරුවෙක්ට දෙමවුපියන්ගේ හැසිරීම ජීවිත කාලය තුළම බලපානවා... මොකද අනුකරණය පටන් ගන්නේ ගෙදරින් නිසා.. කතාව හැඩගැසීම, චරිතය හැඩගැසීම, පිළිවෙළ ඇතිවීම වගේ දේවල්.... අම්මා තාත්තා වටේ පිටේ ඉන්න ඈයෝ වැඩිපුර පාවිච්චි කරන්නේ ඔය වගේ වචන නම් දරුවනුත් ඒවා සාමාන්‍ය දේවල් විදියට හිතලා පුරුද්දට පාවිච්චි කරන්න ගන්නවා.... අපිට ඕකේ තේරුම බර වැඩියට පෙනුනට ඒගොල්ලන්ට ගානක් නැති දේවල්...

      මගේ මහත්තයගේ තාත්තා අම්මට හිටපු ගමන් ආදරේට තමුසේ කියනවා....( ඒ දෙන්නා හරි යාලුවෙන් ඉන්න දෙන්නෙක්..) ඕක මට කොහොමවත් දරාගන්න බැරි උනා බැදපු අලුත... මොකද මම කවදාවත් අපේ තාත්තා අම්මට අම්මා කියනවා ඇරෙන්න වෙන වචනයක් අහලා නැති නිසා... හැබැයි මගේ මහත්තයට ඒක අමුතු නෑ.....එයාට ඒක සාමාන්‍ය දෙයක්....

      මාතලන් අපිට මේ වගේ වචන පාවිචිචිය අමුතු උනාට දැන් ඉන්න සමහර ළමයින්ගේ වචන පාවිච්චිය මීට වඩා අන්තයි... ඔය ෆේස්බුක් එකේදිත් මම ඔය වගේ වචන පාවිච්චි වෙනවා ඕනෙ තරම් දැකලා තියෙනවා.... ආදරේට, විහිළුවට පටන් ගන්න දේ අන්තිමට නතර වෙන්නේ මේ වගේ දේවල් එක්ක....

      මම මගේ මල්ලිලාට එහෙම කීප වාරයක් අවවාද කරලා තියෙනවා ඔය වගේ වචන පාවිච්චි කරන්න එපා කියලා... ම‌ෙග් එක මාමා කෙනෙක්ගේ දරුවෙක් හරියට ඔය වගේ වචන පාවිච්චි කරනවා... මම අන්තිමට මාමට ඕක කිව්වා... පස්සේ හොයලා බලද්දි එහා ගෙදර දරුවත් එක්ක ක්‍රීකට් ගහන්න ගියාම ඒ දරුවා ඔය විදියට නරක වචන පාවිච්චි කරනවාලු... ඒ අම්මයි තාත්තයි කුණුහරුප කියාගෙන බැනගන්නකොට මේ ගෙදරටත් ඇහෙනවලු.. අන්තිමට මාමාලා ගේ විකුණලා දාලා වෙන තැනකට ගියා...

      Delete
  15. කොල්ලෙක් ඔච්චර හිතෙන් දුර්වල වෙන්න බෑ..
    ඌ සිගරට් අරක්කුත් බොනවා නං ඔය ඒවගේ ආනිශංසයක් වෙන්න ඇති. සෙම එහෙම ඇවිස්සෙනවනේ..

    කෙල්ලො ඉතින් ඔහොම මැසේජ් එනවනේ වෙලාවකට. හැබැයි මේ එවලා තියෙන එකනං ටිකක් දරුණුයි වගේ. ඒත්??? අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. උඹ හරි මටත් තියෙන එකම සැකය ඕකයි.. මම කියන්න හැදුවේ වෙන දෙයක්...

      Delete
  16. ඇත්තටම ආදරේ කරා නම් කොහොමද ඔය වගේ දෙයක් හීනෙකින්වත් හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. මම කියන්න හදපු පනිවිඩෙත් ඕකයි...

      Delete
  17. මාතලං මේකනම් අනුවේදනීය කතාවක්. දැන් කාගෙද වැරැද්ද කියල හොයල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒත් අපි වැඩිහිටියන් ලෙස සමාජයට හරි වැරැද්ද කියා දිය යුතුයි නේද...? මම ඒකයි දරුවන්ගෙන් ඇහුවේ ආදරය කියන්නේ මේකද කියලා....

      Delete
  18. සුදු බාප්පේ..... මේ කතාව වෙන්න බැහැ. මේ කතාවේ මෙන්න මේ කොටස වෙන්න බැහැ.

    “ පරය තොට හෙනම ගහපිය “

    වෙන්න බැහැ....

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවලු සොසි.. සමහර අයට එය සාමාන්‍ය දෙයක්ලූ.. සමාජය එතරම් පිරිහිලා.. පත්තර ටීවී වල දකින්නෙත් අහන්නෙත් ඒ දේවල් නේ. මුල් පුවත්, මුල් පිටු වෙන් වන්නෙත් එවැනි දෙයටනේ. මම දැක්කා එක වාරථාවක තිබුනා, ලංකාවේ දිවි නසා ගැනිම් ඉහල යාමට, පත්තර වලින් ලබා දුන් ප්‍රසිද්ධියත් ප්‍රධාන කරුණක් වුනා කියලා...

      Delete
  19. හයියෝ මේක මහා ශෝකාන්තයක්නෙ. මාතලන්, ඔය ලමයට අයාලෙ යන්න දුන්න දෙමව්පියො අර කෙල්ලට වඩා මේකට වග කියන්න ඕනෙ. මම කියෙන්නෙ ළමයෙක්ව සිටියදී. අනික අර SMS එක නිසා මරනය සිදු වුනා කියන එක මටත් අමාරුයි විශ්වාස කරන්න. ඔය වගෙ භාෂා විලාශයක් කොහොමත් තියෙන්න ඇති මුල ඉඳන්ම.
    හරි, දැන් වෙච්ච දේට මොනවා කරන්නද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. කවුද බන් කිව්වේ එස් එම් එස් එකෙන් මලා කියලා. ඒක තව සිද්ධියක් විතරයි. ඒ කතාව අතුරු කතාවක්. සමහර විට කෙල්ලට දුක වැඩි කෙල්ල කියපු දේ උන නිසා වෙන්න ඇති. මම ඇහුවේ මේකද ආදරය කියන්නේ කියන එකයි...

      Delete
  20. ඔය වගේ වචනයකින් බනින්න තරම් සාධාරන හේතුවක් තියෙන්නත් ඇති සමහර විට (ඔබ ඔය කියන ජීවන රටාව එක්ක බලද්දි)!මොනා උනත් නිවන් සැප ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොහෝ විට.. අනිවාර්යයෙන්ම...

      Delete
  21. ලාංකික සමාජයේ ඔය වගේ "සුභපැතුම්" බොහොම සුළු දේවල්...නෑහුනා සේ ගනන් නොගෙන ඉන්න එක තමා හොඳම දේ...

    ReplyDelete
    Replies
    1. එහෙම සමාජයක් ප්‍රසාරනය වුනොත් හොඳද.. මම අවවාදයක් දුන්නේ ඒ නිසයි. එතන කොහෙද බන් ආදරයක්...

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඉවසීමක් නැත්නම් විසීමකුත් නැහැ

      Delete
    2. මෙතන එහෙම ප්‍රශ්නයකුත් නෑ. මේක අතුරු කතාවක්. ආදරය පිළිබඳ....

      Delete
  23. Is that Old Anandian Rakitha Wimaladarma Or better known as SOLA???

    ReplyDelete
  24. කනගාටුයි . ලොකු ජෝන් කිව්වා වගේ සමහර මිනිස්සුන්ට හැදෙන්න ඉරණමින් ඉඩක් නැහැ . අර වචන ටික නම් සැර වැඩියි. ඒ වුනත් කතාව සේරම නොදැන අර්ථකතන දෙන්න බැහැ. මෙතන අපි නොදන්නා දුක් කරදර ගොඩක් ඇති සමහර විට .

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. මට කියන්න ඕන උන එකම දෙය. මේකට ආදරය කියනවද කියන එක විතරයි....

      Delete
  25. අනේ මන්දා... මොකක් උනත් ජීවිතත් එක්ක සෙල්ලම් කරන එක නම් වැරදි...

    ReplyDelete
    Replies
    1. එහෙම දේකුත් නෙමෙයි. මේක අතුරු කතාවක් පමණයි...

      Delete
  26. අනේ අම්මේ කියවුනා....................

    ReplyDelete
  27. බාගෙටත් වැඩිය දෙමාපියන්ගේ වරද. අනිත් එක ඔච්චර සෝෂල් වෙන්න ළමයි හදනකොට ඔය වගේ දේවල් වලට ඔරොත්තු දෙන්න හදන්න ඕනේ. ඔං එකට මිහින් තුමාලා. ආචාර්ය තුමාලා.

    ReplyDelete
  28. කවුද බං දන්නේ බඳින්න කියලා හිටියට මේකා කෙල්ලට කොරන්න ඒන ටිකත් කොරලා රට පයින්න ට්‍රයි එකක් දුන්නද කියලා... පොරගේ ගමන් මාර්ගේ අනුව ඒක ඒ හැටි දෙයක් නෙවෙයිනේ... එහෙම එකක් වෙන්න ගියානං කෙල්ල අරෙහෙම ලියන එක ඒ හැටි දේකුත් නෙවෙයි.. අනික මොනවා උනත් මෙහෙම මලාම කෙල්ල ඇවිත් වැල හින්න වගේ අඩන එකත් ඒ හැටි දෙයක් නෙවෙයි... මෙතන ලොකු කේස් එකක් නැහැනේ...

    (මං මේ කල්පනා කලේ එකම සිදු වීම අපිට ඕන ඕන අතට හරෝලා ලියන්න ඇති හැකියාව ගැන බං... අම්මපා බලන්න ඕන සෝමක්කගේ වාහිණියේ නිව්ස් ලියන්න ජොබ් එකක්වත් හොයා ගන්න...)

    ReplyDelete
    Replies
    1. උඹ හරි මේක මම ලිව්වේ අතුරු කතාවක් විදියට. උඹ කියපු දේ කෙල්ල හිතන්නත් ඇති. මෙතන මට තියෙන එකම ලොකු කේස් එක මේකද ආදරය කියන්නේ කියන එක. මම කිසි ලෙසකින් මරණයට හේතුව මේ එස් එම් එස් කියන්න හැදුවේ නෑ. උඩින් සම්පූර්ණ කතාව ලිව්වේ ඒකයි. නමුත් මේක එතනත් ලොකු මාතෘකාවක් උනා. මම කිව්වේ සමහරක් කෙල්ලො කොල්ලෝ කතා කරන්නේ ඔහොම තමයි, මම සමහර තැන්වල දැකලා තියෙනවා ඕක කේස් එකක් නෙමෙයි කියලා.

      නමුත් ආදරය කියන්නේ ඒකද මාරයා....

      Delete
  29. මා විසින් පන්හිඳ, පෑන යනාදි වශයෙන් වර්ඩ්ප්‍රෙස් හි පවත්වාගෙන ගිය බ්ලොගය මින් මතුවට අමාවක -යනුවෙන් බ්ලොග්ස්පොට් හි පවත්වාගෙන යන බව සියල්ලෝ මෙයින් දැන ගනිත්වා..

    ReplyDelete
    Replies
    1. පෑන යනුවෙන් තවත් බ්ලොග් අඩවියක් තිබේ...

      Delete
  30. http://www.gossiplankanews.com/2012/10/cricketer-rakitha-wimaladharma.html#more

    mekada kathawa?

    ReplyDelete
    Replies
    1. ඔය මාට්ටු වෙන්නේ බඩු. මම අපේ උන්ටත් ඕක කිව්වා මුන් මල් ගහලා තව මොනවා හරි ගහන්න ඇති කියලා. අද පත්තර වලත් තියෙනවා.

      Delete
  31. ජීවිතේ සමහර අවස්ථාවලදි දැනෙන ආවේගයක් ඒ විදිහටම පිට කරන අවස්ථා තියනවා. ඔවුන් දෙදෙනාගේ ජීවිත වලට අන්තිම ටෙක්ස්ට් එකෙ තියන වචන කොච්චර සාමාන්‍ය දේවල් ද නැද්ද කියලත් බලන්න ඕනේ. අපි හැමෝටම අපි හිතන් ඉන්න වර්ගයේ සුන්දර කෙල්ලො කොල්ලො ලැබිලා සුන්දර ආදරය විඳින්න ලැබෙන්නෙ නැහැනෙ. මොනව වුනත් අවාසනාවන්ත සිදුවීම් රැසක අන්තිම ප්‍රතිපලය විදිහට මේ කොල්ල මැරුණා. ඉවසන එක හොඳයි කියලා අපි හැමෝම පිළිගන්නවා. ඒත් ඉවසීම නිසාම පවුල් ජීවිතේ අවුල් වෙච්ච සිදුවීමක් මම දන්නවා. හැබැයි ඉතින් අති දුර්ලභ ගණයට වැටෙන්නේ.... ඒත් කවුරුහරි ඉවසන එකේ අගය කියනකොට මට මතක් වෙන්නෙම ඒක. මම තාම පටන් ගත්ත විතරයි, ඉස්සරහදි ලියන්නම්කෝ ඒ ගැනත්.

    ReplyDelete
    Replies
    1. මේක මචන් එහෙම කේස් එකක් නෙමෙයි. මම ඕක අතුරු කතාවක් විදියට ලිව්වේ ඇත්ත කතාව අද පත්තර වල තියෙනවා. තව එකෙක් මැරිලා..

      Delete
  32. http://www.gossiplankanews.com/2012/10/cricketer-rakitha-wimaladharma.html#more

    ReplyDelete
  33. ගොඩක් වෙලාවට ඔහොම වෙන්නේ ආදරයේ විරහවේ ආතල් එක විදින්න තරම් සංවේදී හිතක් නැති උන්ට

    ReplyDelete
  34. ඉරිද මව්බිම පත්තරේ මේ නිව්ස්එක තියනව. දෙන්නම මැරිල.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න