.

.

Sep 26, 2012

අපේ ගම (අළුත් ගම) - My Home Town (Global Village)


ගොඩ මඩ දෙකම සරුසාරය ඵල          බරය
කටුරොද ගම්මාන තරමක පිටි             සරය
එගම මැදින් ගලනා ගඟ මන               හරය
කඩ මන්ඩිය පිහිටියේ ඒ ගම කෙල      වරය

මේ, "කේයස්" එහෙම නැත්නම්, "සාගර පළන්සූරිය" කවියාගේ, රටම දන්න කවියක්. එහෙම කවි ලියන්න පෙර පින් තියෙන්න ඕන. එවන් උතුමන් අමරණීයයි කියන්නේ, ඒ නිසයි. මට මතකයි පොඩි කාළේ මේ කවිය තිබුන "සුදෝසුදු" පොතේ හරි, වෙනත් පොතක හරි, අපේ හිතේ මැවෙන පින්තූරය, එහෙමම ච්ත්‍රයට නගා තිබුන බවත්. සාමාන්‍යයෙන් මම ළිපියක් ලියන්න ඉස්සෙල්ල, ගූගල් සෙවීමේ යන්ත්‍රයෙන් සොයා බලනවා ඒ ගැන කවුරුන් හෝ කළින් ලියලා තියෙනවද කියලා. එහෙම බැලුවම අපේ "බින්දි" නෝනාගේ, බොහොම අගේ ඇති කවි පන්තියක් ජාලේ තිලා හම්බ උනා. ඒක (මෙතනින් බලන්න)කො. මම ඉතින් ලියන්නේ වෙන ආරක කවි නිසා ඒකට ඒ නෝනා තරහා වෙන එකක් නෑ.



සාගර පලන්සූරීය ගැන ඉතා හොඳ ළිපියක් - (මෙතනින් බලන්න.)
----x----

ගොඩ මඩ දෙකම හතේ හතයි වැහි               නැතිය
කටුරොද ගම්මාන තිබුනේ ඉස්                       සරය
කුණු ගඳ ගහන ගඟ මැද කිඹුලෝ                  වැඩිය
කඩමන්ඩිය කෙළවරේ දැන් අපෙ  බාර්          එකය

කඩමන්ඩියක් නොව දැන් එය පොඩි ටවු      මක්ය
කොළොන්තොට වගේ ගතියක් එහි             ඇතිය
එනමුදු සති පොලත් කවදත් හරි                    සරුය
ලාබෙට යමක් සොයමින් යන ඇට                කටුය


 බස් නැත හයෙන් පසු ගම ඇතුලට               යන්න
කෙල්ලන් බයයි තනියෙම අඳුරේ                 යන්න
රෝද තුනේ කුකුලෝ ඇත ගෙන                 යන්න
තනිවම ගමන අපචාරෙට ලක්                   වෙන්න

 ගුරුනට මහනුනට අද කිසි තැනක්                 නැති
ගමට රජුයි ප්‍රා...දේශියේ සභා                          පති
ගෝලයෝ උගේ රිසිසේ කප්පම්                  ගනිති
හොඳ යාළුවා පොලිසියේ ස්ථාන                     පතී


සිදුහත් කුමරු කන්තක අසු පිට                      උඩය
තුරඟුන් රඟන නියොනින් හෙබි මැදු               රක්ය
වහ බී හෙට මලත් මට නම් කම්                   නැතිය
රැජිනගේ එකා ඇද්දොත් මට හෙට                 බඩුය


ගත් ණය ගෙවන්නට නොහැකිව වස        බොන්න
වස ගන්නටත් තඹ සතයක් නෑ                     ඔන්න
කෙල්ලගේ අරුංගල් කරලා උකසට              සින්න
මැහි තෙල් කුප්පියෙන් නිවනේ සැන            සෙන්න.....!!!    

.oOo.

නිමිත්ත -
වගා ණය අහෝසී කරනවය, නියන් සහනාධාර දෙනවය කියලා ඡන්දේ අරගත්තා. එවා ෂුවර් කරගෙන ඡන්දේ දීලා සතියයි ගියේ සිරිසේන මහත්තයා කියාපි, එහෙම මේ ලාච්චුවෙන් අරන් දෙනවා වගේ දෙන්න බෑ. ලිය කියවිලි හදලා, ඒවා අනුමත කරලා, ගැසට් එකේ දැම්මයින් පස්සෙයි, ඒවා දෙන්නේ කියලා. දැන් ඉතින් ඒ බයිලා කැසට් එකේ අහගෙන හිටියයි කියමුකෝ. බැංකුවේ මහත්තුරු ඇවිත් මරාගෙන කන්න හදනවා ගත්ත ණය ගෙවන්නේ‍යි කියලා.

අපි කිව්වම එහෙනම් කිව්වේ ඒවා අහෝසියි කියලා. එයැයිලා කියාපි. මීටීමේ කිව්වට අහෝසි වෙන්නේ නෑ. චක්‍රලේඛයක්ද මොකක්ද එකක් එවන්න ඕනලු. මට ඕවා තේරෙන්නේ නෑ ආයොබෝවන්ඩ මම වහ ටිකක් බීලා මැරෙනවා. ඒ උනාට ගිරාම සේවක මහත්තයා මරණෙට හේතුව ලෙස ලියන්නේ පවුලේ අඩදබර කියලා. මගේ මායියයි මමයි අද වෙනකන්, උඹ නොදොකින් කියාගෙන නෑ ආයොබෝවන්ඩ. ග්‍රාමයා ලියන එකනම් විස්වාසේට ගන්න එපා ආයිබෝවංඩ.....එහෙනම් ලබන ආත්මෙත් හමුවෙමු.

මඩ සෝදා ගත් කල ගොවියාද රජ කමට සුදුසුය...!!!
අපි වවමු රට නගමු....!!!
අපි හරි පවුනේ....!!!

64 comments:

  1. ස්තුතියි මාතලන් . මාතලන්ගේ කවි ටිකත් අගෙයි . අද ගමේ සැබෑ තත්වය නම් ඕක තමයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. නෝනෙගෙ ලිපිය ඒ කාළේ බොහෝ කතා බහට ලක්වීම සතුටට කරුණක්..

      Delete
    2. නෝනා කිව්වම නිකන් වයසට ගිහින් වගේ දැනෙනවනේ . මන් නෝනෙක් නෙමේ අය්යෝ .

      Delete
    3. එහෙනම් ඉති අනිත් අයට වගේ කෙල්ලේ කියලා තමයි කියන්න වෙන්නේ..

      Delete
  2. Replies
    1. මොකක්ද ගමද... ඇත්ත... පෂ්ඨ...

      Delete
  3. // මට මතකයි පොඩි කාළේ මේ කවිය තිබුන "සුදෝසුදු" පොතේ හරි, වෙනත් පොතක හරි, //

    හික් හික් ..... මෙන්න අයිටීඑන් එකේ විපක්ෂෙ කතා උපුටල දක්වන හැටි. ආසයි නේ ....

    මම හිතන්නෙ ඔය ගොවියො උවමනාවෙන්ම රැවටෙනවද කොහෙද, දැන් කී පාරක් ඔය නාට්‍යය රිපීට් උනාද. උන් පාඩමක් ඉගෙන ගන්නෙත් නෑ, මුන් පාඩමක් ඉගෙන ගන්නෙත් නෑ - මුන්ට පාඩමක් උගන්වන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. පව් අහිංසක මිනිස්සු. උන් හිතාගෙන ඉන්නේ තාමත් රජ කාළේ කියලා..

      Delete
  4. මාතලන් ගොයියා මගේ ප්‍රියතම බ්ලොග් කාරයා වන්නේ මෙන්න මේ කාරනේ උඩ. ඔහේ ඕනම දෙයක් අවසානයේ දේශපාලනයට හරව ගන්නවා. එපමනක් නෙමෙයි එහි ඇති ප්‍රහසනය ඉතා ඉහලයි. පුවත් පතකට ඉල්ලලා බැලුවේ නැද්ද. සුපිරි කවි පංතිය.

    ReplyDelete
    Replies
    1. මොහොම ස්තූතියි ඇනෝ. දැන් ඒවලත් කස්ටිය වැහි වැහැලනේ. වේකන්සීස් නැතුව ඇති.

      Delete
  5. ජය සහෝ...

    මට පරණ කවිපෙල ඇහෙද්දි මැවිලා පේනවා සුන්දර ගමක්.. ඒ කවි ටිකට මම මනාපයි බං !

    ReplyDelete
    Replies
    1. එතකොට මේ කවි වලට උඹ මනාපයක් නැතුව වගෙයි

      Delete
  6. පව් නේන්නං :(
    කවි ටික එල

    ReplyDelete
  7. මේ පැත්තට ආවොත් ඉතින් සුපිරි ලිපියක් තමයි.. පරණ එකකුත් කියවලා මේ ආවේ. අද තියන තත්ත්වය ඉතින් ඕක තමයි.. ප්‍රශ්නේ කියන්නේ අපේ මිනිස්සු ඊයේ තමන්ව රවටපු එකාව අද ආයෙත් විශ්වාස කරන එකයි.

    ReplyDelete
    Replies
    1. මම දැක්කා කියවපු එක....

      Delete
  8. මං බැලුවා මක්කෙයි අපේ ගමේ නම හෙඩිමට දාල තියෙන්නේ කියලා!

    ReplyDelete
    Replies
    1. එතකොට බේරුවලත් උඹලගෙද

      Delete
    2. සාබීත්, දර්ගා ටවුන් තියෙන්නෙත් වැඩි දුරක නෙමෙයි නේද? ඊට පස්සෙ එන කොටපිටිය, අපේ නෑදෑයොත් ඉන්නවා ඔය පැත්තෙ.

      Delete
    3. කොහොමත් ඒ පැත්තේ උඹලගේ බලේ වැඩියිනේ. අතීතයේ පටන්

      Delete
    4. අර්ණි අක්කා : අලුත්ගම සිට දර්ගා ටවුමට ඇත්තේ කිලෝමීටර 2ක් හෝ 3කි.නැදෑයො බලන්න එන වෙලාවක අපේ පැත්තෙත් එන්න කාරුණික වන්න.නිවස පිහිටා තිබෙන්නේ ටවුමේම ප්‍රධාන මාර්ගයේයි.නිවස සොයා ගැනීමට ටවුමට පැමින මගේ නම පැවසීම සෑහේ.

      මාතලන් නානා : දර්ගා නගරය බොහෝ දෙනෙක් නොදන්නා නිසා මගේ ගම කොහේදැයි කෙනෙක් ඇසුවහොත් අලුත්ගමැයි වහ වහා පිලිතුරු දෙමි.බේරුවලට මාගේ සම්බන්දයක් නැත.නමුත් අලුත්ගම සහ දර්ගානගරය AKA දර්ගාටවුන් අයත් වන්නේ බේරුවල ප්‍රාදේශීය සභාවටය. අපේ කුනු අරං යන්නේ එහේ අයයි.
      ලෝකයේ සුප්‍රසිද්ද ටවුන් ඇත්තේ 3කි. cape town,China town and Dharga Town ඒවායි.ඉන් එකක් මගේ ගම වීම ගැන මං ආඩම්බර වෙමි/// :D

      Delete
  9. මරු කවි ටික හලෝ.. එළ..!!

    ReplyDelete
    Replies
    1. තෑන්කස් අනේ.. එහෙනම් එච්චරයි

      Delete
  10. ගුරුනට මහනුනට අද කිසි තැනක් නැති
    ගමට රජුයි ප්‍රා...දේශියේ සභා පති
    ගෝලයෝ උගේ රිසිසේ කප්පම් ගනිති
    හොඳ යාළුවා පොලිසියේ ස්ථාන පතී




    මේක නම් මාර ගති ;)

    ReplyDelete
  11. සාගර පලන්සූරියන් අද හිටියනම් මේ වගේ කවියක් රසවිදින්නවත් අපිට ඉඩක් නැතිවේවි..
    අයියගෙ කවි ටිකනම් සුපිරි..

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙනම් එයත් ජැකා වගේ වෙයි.. මරම ලෙඩක් නේ වෙලා තියෙන්නේ...

      Delete
  12. අපූරූ කවි පන්තිය මහත්තයෝ. අදත් ඉතා වටිනා කවි ලියවෙන බව බූන්දියට හා ඔබගේ අඩවියට ගොඩවූ විට වැටහෙනවා. ඔබේ කවි මා බොහෝ කල් සිට රසවිඳිනවා. අපේ පරණ කවියෝ පිළිබඳවත් සඳහනක් කළොත් ඉතා අගනේයයි සිතමි.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ලොක්කා බලමුකෝ බලමුකෝ

      Delete
  13. '"ගුරුනට මහනුනට අද කිසි තැනක් නැති
    ගමට රජුයි ප්‍රා...දේශියේ සභා පති'"

    මෙන්න මගේ ප්‍රියතම ටික. එන්න මගේ ප්‍රිය මිතුරෝ.

    ReplyDelete
    Replies
    1. මගෙත් බොක්කටම වැදුනා. නියමෙටම් ලියවුනා ඒක..

      Delete
  14. ඇඬෙනව කවි ටිකට .

    ReplyDelete
    Replies
    1. මට ඇහැකිය ඔබේ කඳුළු පිසදමන්න.

      Delete
    2. කොමෙන්ට් කොලාට තුති.. ඕන් එකෙක් කතාකොරලා... ගිහින් බැලුවනම් අහකයිනේ...

      Delete
  15. මාතලන් ඔය අන්තිමට ලියලා තියන අපි වවමු, රට නඟමු කෑල්ල ලිව්ව හාදයා මම අදුනන කෙනෙක්. දැන මිනිහ මට කියනව කාටවත් කියන්න එපාලු ඒක ගැන. මොකද එයාටම ලැජ්ජයිලු එහෙම දෙයක් ලිව්වට.

    තව දෙයක් ඔබ දක්ෂ දේශපාලන ප්‍රහසන කරුවෙක්. ඇයි බැරි සීමිත බ්ලොග් ලෝකෙන් එලියට ඇවිත් පුවත් පත් වලට ලියන්න. තව තිලක්ගේ කොලමක්, හෝ මානිගේ තීරුවක් දකින්න ලැබෙන බව මට විශ්වාසයි.

    හැබැයි සුදු වෑන් ගැන මගේ වගකීමක් නැත.

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින් ආතල් දීලා ඊට පස්සෙ මරණ බය ඇතිකරනවා. එහෙම හොඳ නෑනේ.. වෙද මහත්තයෝ...

      Delete
  16. ගමේ ආශ්චර්ය මොනවට විදහලා දක්වලා තියෙනවා..... චිත්‍රෙන්!:P

    ReplyDelete
    Replies
    1. එතකොට කවිය ගැන නෝ කතා

      Delete
  17. අලුත් නොව,

    කන ලද, විනාශ කරන ලද තේරුමෙන්

    කෑ - ගම ගැලපේ යයි සිතේ.

    ReplyDelete
    Replies
    1. එහෙමත් අවුලක් නෑ තමයි

      Delete
  18. වෙද මහත්තය කියනව වගේ,මාතලන් මෙතනින් එහාට දෙයක් ගැන හිතන්නෙ නැත්තෙ ඇයි? ඔබගෙ දේශපාලන ප්‍රහසනයන් විශිෂ්ඨයි.

    ReplyDelete
    Replies
    1. මට බයයි මුලින් අදීන මාධ්‍යවේදියෙක් වෙලා. පස්සෙ අදින ජඩ මාද්දියවේදියෙක් වෙයිද කියලා

      Delete
  19. අනේ මචෝ . . . කවුරු මොන විදියට ඉල්ලීම් කලත් උඹ මේ බ්ලොග ලියාගෙන හිටපං. පත්තර කෙරුවාවට ගිහිං ඕව ලියන්න තියාගත්තොත් අන්තිමේ ප්‍රියන්තත් නෑ මාතලනුත් නෑ වෙයි.

    ReplyDelete
    Replies
    1. ඉරිසියා කාරයෝ කියන්නේ මෙන්න මේ වගේ උන්ට තමයි. උඹලා කැමති නෑ අපිත් ප්‍රාඩෝ වල යනවට.

      Delete
    2. මට මතක් උනේම වික්ටර් ගොයියව . . . ඇයිද මන්දා ????

      Delete
  20. කාලීන වර්ණනාවක්.... ඕකට හේතුව විවෘත ආර්ථිකය ගමට සේන්දු වීමද ?

    මාලි වෙනුවෙන් අත්සන් කලේ නැත්නම් එන්න

    ReplyDelete
    Replies
    1. ඒකම නෙමෙයි.. හේතූ ගොඩයි...
      අපිනම් අස්සන් කොලා

      Delete
  21. අද තමයි මෙහෙට ගොඩවැදුනෙ. කවි ටික සුපිරි. එත් මං බුලත් කොලේ පැත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ තවමත් අං දෙක හැලිලා නැහැ කියන එක නේ.

      Delete
    2. කිසි අවුලක් නෑ මධූ ඔය ඕන තරම් ඉන්නේ.... නිර්මාණයකට දේෂපාලනය ගා ගන්න නරකයි..

      Delete
  22. කටුරොද ගම් කොහෙද දැන් හම්බන්තොටය,
    කුණු ගද කොහෙද මෙය ලොව අග තැනය,
    පළාත් සභා පොලිටික්ලා රජවරුය
    මේ රට උපන් අපි කවදත් මහ මගය

    සුපිරියි මාතලන්

    ReplyDelete
    Replies
    1. හම්බන්තොට දැක්කනම් ඔහොම කතා කොරන්නේ නෑ. ඒත් අර කවුද කිව්වා වගේ පොඩ්ඩක් ඇතුලට ගිය ගමන් ආස්චර්යෙ වැහි වැහැලා

      Delete
  23. Replies
    1. මේ අර කෑලී ටික ගැන මගේ විශ්ලේශනයක් ලියන්නද එපාද...

      Delete
  24. Replies
    1. මොකක්ද ගොවියෝ වහ බොන එකද

      Delete
  25. :) :) අපූරුයි!
    ජය!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න