.

.

Oct 8, 2012

හඳහන් බැලිල්ල - Horoscope Reading


හඳහන් බැලිල්ල මම මුලදි කළේ අනිත් අය වගේම විනෝදෙට. ඒත් දැන් කරන රැකියාවත් එක්ක විවේකයත් තියෙන නිසා මට හිතුනා ඉගෙනගන්න. ඉගෙන ගන්න දෙයක් අහක යන්නේ නෑනේ. ඒකට විශේෂ හේතුවක් උනේ මගේ මාමන්ඩි, ඒ කියන්නේ හාමිනෙගේ තාත්තා.. ලංකාවේ ප්‍රසිද්ධ ජෝතීර්වේදියකු වීම. ඔහු අද ජීවතුන් අතර නෑ. එහෙත් ඔහු ඉගෙනීම සඳහා, ඉන්දියාවෙන් ගෙනා වටිනා ඉංග්‍රීසි පොත් රාශියක් තියෙනවා. මේවායේ තිබෙන ඉංග්‍රිසී භාෂාවත් බොහොම තද ඉංග්‍රීසී. ඉතින් මම කළේ මේ පොත් පරිවර්ථනය කරලා පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න එක.


ඉස්සෙල්ලම ඉගෙනගන්න ගුරුවරයකු ළඟටත් ගියා. ඒ වගේම අන්තර්ජාලයේ ඉන්න ප්‍රසිද්ධ අයත් උදව් පදව් කළා. මිතුරන්ගේ හා නෑදෑයින්ගේ ඒවා තමයි මුලින් බැලුවේ. දැන් නම් අනිත් අයගේ ඒවත් බලනවා. හැබයි නොමිලේ නෙමෙයි. ඒත් බ්ලොග් ලියන අයටනම් එහෙම තමයි. මොකෝ එයාලත් මගේ මිතුරෝ නේ. කීප දෙනෙක්ගේ දැනටමත් බලලා දීලත් තියෙනවා.

සම්පූර්ණ කේන්ද්‍රයක් හදලා, අවුරුදු පහක ඵලාඵල විස්තරයකට, රුපියල් දාහක් ගන්නවා. එහෙම නැතුව අවුරුදු පහක පමණ කාළයකට, රුපියල් හත්සීයක් ගන්නවා. නැකත් හදන්නෙ නම් නෑ. ඒක වෙලා යන වැඩක්. මගේ මාමන්ඩිනම් මැරෙණ දවස පවා හරියටම කියපු කෙනෙක්. මම තවම ඒ තත්වෙට ඇවිත් නෑ. එහෙම බලාගන්න කැමති කෙනෙක් ඉන්නවනම්.
* උපන් දිනයයි,
* වෙලාවයි,
* උපන් ස්ථානයයි ( පිටරට උපන් කෙනෙක් නම් ලග්නය සඳහන් කර එවන්න, නිවැරදිදයි දැන ගැනීම සඳහා.)
සඳහන් ඊ මේල් එකක් මේ ළිපිණයට එවන්න. happyjay65@gmail.com
කරුණාකර "සබජෙක්ට්" එක කේන්ද්‍ර කියා සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් සඳහන් කර එවන්න.
එමෙන්ම විශේෂයෙන් දැන ගත යුතු කරුණුද අඩංගු කරන්න අමතක කරන්න එපා..


කේන්ද්‍රය බැලීමෙන් පසුව ඔබේ කෙන්ද්‍රය සකසා ඇති බව ඊ මේල් මගින් දන්වනවා. ඔබ කැමති නම් දුරකථන අංකය එවූවොත් දුරකථනය මගින් දන්වා සිටිනවා.

සම්පූර්ණ කේන්ද්‍රයක උදාහරණයක් මෙතනින් බලන්න.

 ප: ලි:
දැන් ඉතින් හේතූවාදියෝ මාව මරන් කන්න එපා උඹත් මේවා පිලිගන්නවද කියලා. ඔව් මම පිලිගන්නවා. නමුත් හැම දෙයක් වගේම, මේකෙත් එක්ස්ට්‍රීම් යන්න නරකයි. අපි කවුද බන් අකමැති කොච්චර බොරු කිව්වත්, අහිගුන්ටක කෙල්ලෙකුට අත පෙන්නලා මොනවා හරි අහගන්න. අපි තාම රහත් වෙලා නෑනේ.


161 comments:

  1. හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්... ඒ වගේම දේශප්‍රේමියෙක්......ඒ විතරක් නෙවෙයි , හොඳ ජෝතිර්වේදියෙක්....

    අලුත් වැඩේට සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ඒ කෑල්ල අලුතෙන් එකතු කරන්න ඕනෙ නැහැ... අර කලින් ඒවගෙ ඕකට ගැලපෙන විශේෂණ පදයත් ඇතුලත්...

      Delete
    2. // අර කලින් ඒවගෙ ඕකට ගැලපෙන විශේෂණ පදයත් ඇතුලත්...//

      ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. @ ලකී සිරි
      බොහොම ස්තූතියි...

      @ අනිත් දෙන්නට
      ඔක්කෝම හොරුනේ.. ඒ නිසා අවුලක් නෑ..

      Delete
  2. තව වෙන මොනවද! අප්පේ මාතලන් ඔන්න සුභ පැතුවා. හේතුවාදියෝ නොබලත්වා. සැගවී සිටිත්වා

    ReplyDelete
  3. මෙහෙම මිනිස්සුන්ව ගොනාට අන්දන්න එපා බොල

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නෙමෙයි සිරා කේස් එකක්

      Delete
  4. ඊට වැඩිය නරකද ඕක අපිටම කියවගන්න හැටි කියලා දුන්නොත්? හ්ම්ම් එකෙත් තේරුමක් නැහැ බලන් ගියහම... අපල තියනවා කියලා අයේ අලුතෙන් දැනගනන් ඔනෙයැ... මේවට රිප්ලයි ලියන්න හිතෙන එකම අපලයක් නෙවේද?

    ReplyDelete
    Replies
    1. අපරාදෙ කොමෙන්ට් එකක්ම නෙමෙයි දෙකක්ම දාලා.. අවුලක් නෑ මම අන් මතයට ගරු කරන කෙනෙක්..

      Delete
  5. එළ එළ! අළුත් වැඩේට සුභපැතුම්!
    මටත් නෙට් එකෙන්ම ඉන්දියාවේ එකෙක් හදපු පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් හම්බුනා පොරොන්දම් බලන්න. කෑල්ලගෙයි මගෙයි බැලුවම ඕවරල් මැචින් 52% ලු. අර විස්සක්ද කොහෙද තියෙනවනේ ඒකෙන් 12 යි හරි. දැන් ඉතින් කෑල්ලගේ ගෙදරට කියන්න කලින් හොඳ වෙලාවක් බලලා උපදින්න තමයි වෙලා තියෙන්නේ! මොකද මං පිලි නොගත්තට උන් ඒවා අදහනවා. :)

    ReplyDelete
    Replies
    1. අනිවා එකනම් කරගන්න. වෙලාවක් බලලා උපදින්න. මටත් කෙළවුණේ ඔතනදි තමයි :ඩි

      Delete
    2. හොඳ වෙලාවක් හදා ගනින් අද ඒවා කරණ අයත් ඉන්නවා ඕන තරම්

      Delete
  6. මගේ නං ඔව්ව ගැන වැඩි විශ්වාසයක් නැහැ මාතලන්. අර කිව්වත් වගේ සමහරු නම් ඔව්ව අදහනවනේ. අපි හම්බකරගත්තොත් අපි කෑවා, එච්චර තමා ඉතිං.

    ReplyDelete
  7. ඒ පාර ජ්‍යෝතීර් ලා දෙන්නයි.. හොඳයි හොඳයි....

    මගේ නම් කොහෙත්ම විශ්වාසයක් නෑ.... කේන්දරයක්වත් හදලා තිබුන් කසාද බදිනකම්... හි හි... හැබැයි හඳහන් බැලුවේ නෑ... නැකත් හදන්න විතරයි.... ජීවිතේටම නැකතක් බැලුවේ කසාදෙට විතරයි.. පිටත් වෙන නැකත එනකම් විනාඩි දෙකක් ඉන්න ගිහින් ඒ විනාඩි දෙකට අපේ ගෙවල් වල උන් මරා ගත්තා.. ඣිවිතේම දුක් විඳිනවා දැං..... ඒ නැකත නොබලා හිටියා නම් ඔය අවුල නෑ නේ... හි හි...

    ReplyDelete
    Replies
    1. දෙන්නා නෙමෙයි තුන්දෙනයි. මාරයයි, ජෝතිෂ මල්ලියි මහාචාර්ය මාතලනුයි

      Delete
  8. අතේ තිබූ අන්තිම සත 5ත් මැච් එකේ ෆයිනල් රාත්තිරියේදී වාෂ්ප වූ නිසා දැන් නම් ෆුල් ලොස්... නැත්නම් මටත් උවමනායි මගේ කේන්දරේ ග්‍ර‍හයො කොහෙ ගිහිල්ලද කියලා හොයා ගන්න...

    අලුත් වැඩේට මගෙන් සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. උඹගෙන් සල්ලි ඕන් නෑ

      Delete
  9. මට නම් කේන්දර එපා. වශී ගුරුකමක් කරගන්නයි ඕන. ඒකට මොනාද එවන්න ඕනෙ විස්තර?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉඳහන් ඒවත් දවසක ඉගෙන ගන්නවා..

      Delete
  10. මටත් බලාගන්න ඕනා. මමත් එවන්නම් මේලක්

    ReplyDelete
    Replies
    1. කිසි ප්‍රශ්නයක් නෑ.. එවන්න කෙල්ලේ

      Delete
  11. මම ප්‍රසිද්ධියම භෞතිකවාදයේ අන්තවාදය ප්‍රතික්ෂේප කරනවා විතරක් නෙමේ හදහන් විශ්වාස කරනවා. හැබැයි අර කිව්ව වගේ මත්තෙම නැහෙන්න හොද නෑ. කොටින්ම හොදම ක්‍රමය කියන්නේ හදහන අභියෝගයක් විදිහට භාර ගන්න එක. අපල වැඩියි කියල කියන කාලයට වෙනදට වඩා පරිස්සම්වෙලා ඉන්න, ආගමට දහමට වඩා නැඹුරු වෙලා, හදිසි තීරණ වලින් හැකිතාක් අඩු වෙලා ඉන්න මම ජ්‍යෝතිෂය උදව් කර ගන්නවා.

    හැබැයි එදිනෙදා කටයුතු වලට, අලුත් සැලසුම් වලට බාධාවක් වෙන විදිහට වැඩ කරන එකනම් පසුගාමියි. නිවැරදිව ඔය කටයුතු කරන අය අඩු බව ඇත්ත. නමුත් හරියට බලන අය පුදුම හිතෙන අනාවැකි පල කරපු අවස්ථා බොහොමයක් මම අත් විදලා තියනවා.

    ඔබතුමාට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. භෞතිකවාදයේ අන්තවාදයක් කියා දෙයක් නැත. එක්කෝ භෞතිකවාදයට එකඟය. නැත්නම් නැත. එච්චරයි. උගුරට හොරා බේත් කෑම් භෞතිකවාදයේ නොවේ.

      Delete
    2. පිළිගන්නවා. මගේ වැරදීමක්.

      මා අදහස් කලේ සෑම දේටම මෙන්ම මෙහිදීත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ යුතු බවයි. මිරැන්ඩෝ ගණයේ මවා පෙන්වීම් ප්‍රතික්ෂේප කළ යුතුවා සේම සෑම ප්‍රායෝගික සත්‍යයක්ම භෞතිකව විස්තර කළ නොහැකි බවද තේරුම ගත යුතුය. මන්ද, කාලයක් සත්‍යය යයි අප විශ්වාස කළ දේ පසුකලෙක අසත්‍යබව ඔප්පු වී ඇතිවා සේම, අසත්‍ය යයි බැහැර කල දේ පසුකාලීනව පරම සත්‍යය යයි පිළිගත් අවස්ථාද බහුලව ඇත.

      වචන පෙරලියට මාගේ කණගාටුව!

      Delete
    3. මෙතැන මධ්‍යම ප්‍රතිපදාව කියා දෙයක් නැත. එක්කෝ ඔබ සත්‍යය සමඟය. නැතිනම් අසත්‍යය සමඟය. සත්‍යය හා අසත්‍යය කාසියක දෙපැත්ත මෙන්ය. ඒවා අතර කොමන් ග්‍රවුන්ඩ් එකක් නොවේ.

      Delete
    4. මේ ලෝකේ හැම දෙයක්ම සාපෙක්ෂයි

      Delete
    5. /මේ ලෝකේ හැම දෙයක්ම සාපෙක්ෂයි/

      චතුස්කෝටික තර්ක ක්‍රමය දිනේවා!

      Delete
    6. ආ...බලන්න ..ඔයා බලාපොරොත්තුවෙන උත්තරේ මේකද කියල...

      ඔව්, මම ජ්‍යෝතිෂය පිළිගන්නවා.

      ඔයා ඇනෝ නෙ..ආයෙත් මුල ඉදල මගේ කමෙන්ට් එක කියවන්න. මැද මාවතක් නැති දෙයක් නැති බව ඉගෙන ගන්න.

      Delete
    7. සත්‍යය හා අසත්‍යය අතර කොමන් ග්‍රවුන්ඩ් එකක් නැත. සත්‍යය පිළි ගන්නට තරම් හිත හයිය නැති පිරිස එවැන්නක් ඇති බවට තමන්ම අන්දා ගැනීම ගැන පුදුම නොවෙමි.

      Delete
    8. /මේ ලෝකේ හැම දෙයක්ම සාපෙක්ෂයි/

      ඔහොම ගියාම නලින්ද සිල්වලාට සාපෙක්ෂව නාථ දෙවියො හරි , මුන්නෙසර්ම් පුසාරිට සාපේක්ෂව එලුවන්ගේ බෙලි කපන එක හරි , අනික් හින්දුන්ට වෙජිටේරියන් වීම හරි, ඔවුන්ට සාපේක්ෂව මහා බ්‍රහ්මයාගෙන් මවපු එකත් හරි , හැබැයි මුස්ලිම් අයට සාපේක්ෂව හරි යන්නේ අල්ලා විසින් මවපු එක. කතෝලිකයින්ට සාපේක්ෂව නම් මවලා තියෙන්නේ සර්වබලධාරි දෙවියො, බෞද්ධයින්ට සාපේක්ෂව කවුරුවත් කාවවත් මවලා නෑ . දැන් ඔය ඔක්කොම හරිද? අපිව මැව්වද ? මැව්වා නම් කොයි එකාද ? තුන් දෙනාම එකතු වෙලාද ?

      නාථ දෙය්යන්ට නූතන විද්‍යාවේ පිය තනතුර දෙමුද ? අනික් කෝවිල් වලත් බෙලි කපන්න පටන් ගමුද ?

      Delete
    9. @ බුවා
      අපි ඔය ඔක්කෝම කරනවනේ..

      Delete
    10. //අපි ඔය ඔක්කෝම කරනවනේ..//

      ඒ මොකක්ද ඒ කථාවේ තේරුම ?

      Delete
    11. ඇනෝට උවමනා වී ඇත්තේ මාගේ කමෙන්ටුවට අදාල නොවෙතත් තමන් දන්නා එකම දේ නොගැලපෙන අවස්ථාවේදී හෝ ඉදිරිපත් කිරීමටයි. හැකිතාක් ප්‍රස්තුතයට අදාල වන්න උත්සහ කරන්න.

      කෙසේවෙතත් කියන්න ඇත්තේ 'මා සත්‍යය සමගයි' යන්නයි. ඒ සත්‍යය ඔබගේ දැනුම් තේරුම් කම අනුව කිමක්දැයි මට දැන ගැනීමටවත් අවැසි නොවේ.

      Delete
    12. මම දෙවිවරු පිලිගන්නේ නෑ.. ආගම අදහන්නේ නෑ.. ඒ මම ඒවා සත්‍ය ලෙස පිලි නොගන්නා නිසා.. නලීන්ද සිල්වා නාථ දෙවියෝ අදහනවා ඒක ඒ මනුස්සයගෙ නිදහස. අපි ඒක විවේච්නය කරනවා ඒක අපේ නිදහස. විමල් කියන්නේ අධිකරන කොමිසමේ ලේඛම් එයාම කාට හරි කියලා ගහ ගත්තා කියලා එම්බසි එකක් බැක් කරනවා කියලා. අපි ඒක පිලිගන්නේ නැති නිසා අපිට හිනා යනවා. උඹ හඳහන පිලි නොගන්න නිසා උඹට හිනා යනවා. මට හිනා යන්නේ නෑ. හේතුව ඒකේ යම් කිසි සත්‍යයක් තියෙනවා කියලා මම අත්දැකීමෙන් දන්න නිසා. මම මේ විෂයට කැමතියි. ඒ නිසා මම ඉගෙන ගත්තා. නමුත් කරේ තියාගෙන යන්නේ නෑ. මේ සමාජයේ මේක පිලිගන්න පිරිසක් ඉන්නවා. මම ඒ අයට උදව්වක් කරන්නේ. මගේ මාමා 1990 ගනන්වල හඳහනක් බලන්න රුපියල් 5000 ක් ගත්තා. ඒ කාලේ සුමනදාස වගේ හිටපු කෙනෙක් තමා එයත්. මමත් ඉගෙන ගත් දෙයි ප්‍රයෝජනයක් ගන්නවා. කෙනෙක්ගේ සිත සතුටු කරන්න පුළුවන් නම් මට ඒ ඇති. උඹ මහින්දට කැමති නෑ.. මමත් කැමති නෑ.. ඒත් මම විවේචනය කරනවා අඩුයි ඒ මොකා ආවත් එක නිසා.. ඒ නිසා සිස්ටම් එකම වෙනස් කරන්න ඕන කියන තැන මම ඉන්නවා. ඒ උනාට ලොක්කා ඒක කරන්නේ නෑ. ඒ කියලා වෙන එකෙකුට දුන්නත් ඌත් වෙනස් කරන්නේ නෑ. මම ආයතනයක් වැඩ කරනව නම්. මගේ බොසා හරි හෝ වැරදි මම ඌ කියන් දේ කරන්න ඕන. මගේ විවෙචනයට සවන් දෙනවානම් අවුලක් නෑ. ඒත් කියපු දේ කරපන් යකෝ කියලා අහගන්නත් මම කැමති නෑ.

      Delete
    13. සමාජයේ මිනිසුන් පිලිගන්න දෙයක් කරලා මුදල් ඉපයීමේ වරදක් හෝ කෙනෙකුගේ පෞද්ගලික විශ්වාසයන් ගැන ප්‍රශ්නයක් නෑ , නලින්ද සිල්වා නාථව අදහලා නිකා ඉන්නවා නම් අපිට ප්‍රශ්නක් නෑ , රටේම කෘශි කර්මය නාථට ඕනි විදිහට වෙනස් කරන්න එනවා නම් අපිට ප්‍රශ්නයක් , සියලු දේ සාපේක්ෂයි කියමනේ විශ්විය අර්ථය කොහොම වුනත් ප්‍රයෝගිකව හැම සාපේක්ෂ මතවාදයකින්ම ප්‍රයෝජනයක් නෑ ,මිනිසාට ජීවිතය පහසු කරගන්න පුලුවන් මාවතයි වැදගත් , නිගන්ඨයෝ නාන්නේ නැතුව ඉන්න එකටත් උන්ට සාපේක්ෂව හේතුවක් ඇති ඒත් ඒ ජිවිතයේ පලක් තියනවද? නිර්- ආගමික බහුතරයක් ඔය කිසිම දෙයක් ගැන විශ්වාස කරන්නේ නැ , ඔවුන්ට කිසි ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් නම් , ඕවා තිබිමෙන් සහ නොතිබෙන් ඇති පලක් තියේද ? හඳහන් නිවැරදියි කියල අත්දැකීමෙන් දන්නවයි කියන , අත්දැකල තියන ඕනි කෙනෙකුට අර හේතුවාදීන්ගේ අභියෝග සෙට් එකේ තියන හඳහන් සම්බන්ධ කොටස භාර අරගෙන ජයග්‍රහණය කරලා රටටම වැඩ කිඩ පෙන්වන්න පුලුවන් , මම දන්න තරමින් තියෙන්නේ කේන්දර 10ක් දුන්නාම අහන විස්තර ටික 10 දෙනාගෙම හරියට කියන එක විතරයි !

      Delete
    14. මේකත් සප්ත මහා සාගරය වගේ විශයක්, ඔය විදියට දේශීය වෙදකමත් බොරු, සියළු ආගමුත් බොරු, ඉතිහාසයත් බොරු.. මොකෝ කෙනෙකුට තර්ක කරන්න පුළුවන් එවයේ තියෙන්නෙත් කට වහරෙන් ආපු දෙයි එක එක අයගෙ හිතලුයි.. කාළේක පොල් තෙල් හොඳ නෑ.. දැන් හොඳයි.. කෙසේ වෙතත් පිලි නොගන්නා එක ඔබේ අයිතිය. පිලිගැනිම මගේ අයිතිය.

      මල පනින්නේ නැත්නම් පොඩි විහිළුවකුත් කරන්නම් ඕන. ඒක අපිට හොඳයි. උඹ කිව්වනේ උඹට වෙලාවක් නෑ පොස්ට් දාන්න කියලා. ඉතින් බන් මාව මරන් කන්නෙ නැතුව අර විමල් සහෝ ගහපු බයිලේ ගැන පෝස්ට් එකක් දාපන්කෝ. ඒවා පි දෙන්නම පිලිගන්න දේවල්නේ.

      උඹ හා විවාදයේ මගේ කොටස මෙතනින් අවසන්.. :D

      Delete
    15. පොල් තෙල් එදත් අදත් හොඳ නෑ , පොල් තෙල් වල තියන කැලරි ප්‍රමාණය අපේ දොස්තරලා පත්තරවල ලියුම් ලියුවට වෙනස් උනේ නෑ

      මගේ පාට් එකත් ඉවර කරන්නම් , ලිපියක් දාන්න සිරාවටම වෙලාවක් නෑ , වෙලාවක් නැතත් මේ වගේ එකකට නම් හොට නොදා යන්නම බෑ :D

      Delete
    16. read this - http://en.wikipedia.org/wiki/Coconut_oil

      ඒ නිසා තෙල් කන්න එපා ,

      p.s - කලින් කමෙන්ටුවේ 'කැලරි' නොව ෆැට් විය යුතුයි !

      Delete
    17. "පොල් තෙල් එදත් අදත් හොඳ නෑ , පොල් තෙල් වල තියන (fat)(කැලරි) ප්‍රමාණය අපේ දොස්තරලා පත්තරවල ලියුම් ලියුවට වෙනස් උනේ නෑ "

      "read this - http://en.wikipedia.org/wiki/Coconut_oil

      ඒ නිසා තෙල් කන්න එපා"

      විකිපීඩියවෙන් විද්‍යාව ඉගෙනගනින උන්ගැන දුක හිතෙනව බං!

      පාං කන්නත් එපද බං? කාබොහඩ්ඩ්‍රෑට් තියෙනවනෙ?

      Delete
    18. විකි පිඩියාවෙන් විද්‍යාව ඉගෙන ගන්න බෑ , හැබැයි විද්‍යා විෂයන් හදාරන්නේ නැති කෙනෙකුට වුනත් යමක් කියවල තේරුම් ගන්න පුලුවන් , පොල්තෙල් හරි පාන් හරි ඕනි මල දානයක් තමන්ගේ ශරීර සෞඛ්‍ය යේ හැටියට දොස්තර මහත්තයක්ගෙන් අහල කා ගන්න එකයි තියෙන්නේ , කැමති නම් ගුගල් පාරක් දාල බලන්න පොල්තෙල් ගැන තියන වීවධ මත සහ පසුබිම

      Delete
    19. If interested pls read this - http://thechart.blogs.cnn.com/2011/08/19/how-good-is-coconut-oil-for-you/

      Delete
    20. "සත්‍යය හා අසත්‍යය අතර කොමන් ග්‍රවුන්ඩ් එකක් නැත."

      විකිපීඩියවෙන් විද්‍යාව ඉගෙනගත්ත තව එකෙක් වගෙයි.

      Delete
    21. /මේකත් සප්ත මහා සාගරය වගේ විශයක්, /

      නිවැරදි විද්‍යාවක තියෙන්නෙ ඉතාම සරල සත්‍යයන් කිහිපයක් පමණයි. උදාහරණයක් හැටියට නිව්ටන් ගේ ගුරුත්වය ගැන මොඩ්ල් එක තනි පිටක ලියලා දක්වන්න පුළුවන්. ඩාවින්ගේ පරිනාමය තනි කොළේක ලියලා පහදන්න පුළුවන්. යම් විෂයයක් 'සප්ත මහා සාගරේ' වගේ නම් ඒකෙන්ම පේනවා ඒක කොයි තරම් බොරුවක්ද කියලා.

      /ඔය විදියට දේශීය වෙදකමත් බොරු, සියළු ආගමුත් බොරු, ඉතිහාසයත් බොරු.. /

      ඉතින් අපි ඕව එකකවත් ඇත්ත කිව්වයැ. ආයුර්වේදෙ ගත්තොත් ඒක 90% කට වඩා පට්ටපල් බොරු තමයි. ආගම් ගැනත් වෙනසක් නෑ. ඉතිහාසය කියන්නෙ ඒ ඒ කාල වල හිටපු බලවතුන් තනගේ වාසියට ලියා ගත්තු දේවල්.

      Delete
    22. "
      "සත්‍යය හා අසත්‍යය අතර කොමන් ග්‍රවුන්ඩ් එකක් නැත."

      විකිපීඩියවෙන් විද්‍යාව ඉගෙනගත්ත තව එකෙක් වගෙයි."

      මගේ comment එකේ ඉතුරුටික හැලිල.

      ෂෲඩිංගර්ගෙ පූස ගැන අහල්තියෙනවද?

      ඔන්න විකිපීඩියව අදහන අයට ඒකෙන්ම ලින්ක් එකක් දැම්ම :-)

      Schrödinger's cat

      Delete
    23. ෂෲඩිංගර්ගෙ පූස ගැන වගේම නලින් ද සිල්වගේ චතුස්කෝටිකය ගැනත් අහල තියෙනවා. ඕව සීරියස් ගන්නව නම් ඉතින් ඕනැම දෙයක් විශ්වාස කරන්න පුළුවන්නෙ. අර කවුද කිව්වා වගේ නලින් ද සිල්වාත් නිරීක්ෂකයාගේ මනෙසේ නිර්මාණයක්නේ එහෙනම්.

      Delete
    24. " ඕව සීරියස් ගන්නව නම් ඉතින් ඕනැම දෙයක් විශ්වාස කරන්න පුළුවන්නෙ."

      එතකොට ඔයා මුකුත් පිලිගන්නෙ නැද්ද?

      Delete
  12. අළුත් වැඩේට සුභ පැතුම්. අපෙන් අයකරන ගාස්තුව දැනගනු කැමැත්තෙමි.

    ReplyDelete
    Replies
    1. ගාස්තු සඳහන් කර ඇත.. ළිපිය කියවා නැති බවයි පෙනෙන්නේ.. අවුලක් නෑ මමත් සමහර ඒවා කියවන්නේ එහෙම තමයි

      Delete
  13. මම හඳහන විශ්වාස කරනවා. හැබැයි අන්තවාදී නම් නැහැ. අවුරුදු ගණනකින් තාම බලලත් නැහැ. බැන්දටම පස්සෙද කොහෙද? කොහොම වුවත් මේක එක්තරා විෂයක්. හරියට නොකරන එකයි වැඩේ. අපේ කොත්මලේ ගණිතයා වගේ බුද්ධිමතුනුත් මේ ශාස්ත්‍රය හොදින් ප්‍රගුණ කළ අය. ඇයි අපිට බැරි? ඔබගේ කඩ්ඩ වැනීමේ දක්ෂතාවය මේකට බොහොම උපකාරී වෙයි. බොහෝ පොත පත කඩ්ඩෙන් තියනවා.

    සුභ පැතුම්!!!!!!

    ReplyDelete
    Replies
    1. සුප්‍රසිද්ධ පුද්ගලයන් කීප දෙනෙකුයි. තමන් මියයන වෙලාවයි හරියටම කිව්වා නම් මේවා බොරු වෙන්නේ කොහොමද වෙද මහත්තයා..

      Delete
    2. ඔව් මං අහලා තියෙනවා මාරයාත් ඔබා මාමා මැරෙන වෙලාව හරියටම කිව්වා කියලා. එදා උදේ ඔබා මාමා එක්සසයිස් කරන්න යනකොටත් මාරයා ෆෝන් කරලා කිව්වලු අනේ සනත් අයියේ යන්න එපා ගියොත් උඹ මැරෙනවාමයි කියලා. කොහේද, ඔබා මාමා හිතුවක්කාරකමට ව්‍යායාම කරන්න ගිහිල්ලා මළා.

      Delete
  14. ඉස්සෙල්ලම සුබ පැතුම්.දැන් මාතලනුත් මාරයියගේ ගොඩේ. අනේ මම මාරයාව බලන්න වතුපිටිවල ගියත් එයාගේ කාර්යාලය හොයාගන්න බැරිවුණා. දැන් ඔයාවවත් බලන්න එන්නම්කෝ.

    ReplyDelete
    Replies
    1. අපොයි උපන් දිනෙයි වෙලාවයි එවන්න ඒ ඇති. මම බලලා එවන්නම්, ලේක් හවුස් එකෙත් ඇතිනේ ඕන තරම්

      Delete
  15. විස්තර ටික ඉක්මනට ලියලා තියාගත්තා...බලමුකෝ...:D

    ReplyDelete
    Replies
    1. ඇයි දැන්මම ඕන නැද්ද...?

      Delete
  16. මාතලන්, මේ අනාගෙන් සුභපැතුම්.

    මාරු අයිඩියාර් එකක් ආවා දොරේ. ගීල්ලා ෂෙට් වෙමු කබර මාමට. ලොක්ක ඕක ඉහ මුදුනින් තමා පිළිගන්නේ. දැක්කනේ අර යන යන තැන බොලේ මිරිකා මිරිකා ඉන්න හැටි.

    හරියට දෙකක් වැඩ කරොත් එහෙම බොස් ගොඩ තමයි. අඩුගානේ බොග ඇඩ්වයිසර් කියල පොස්ට් එකක් හදල හරි තැන දෙයි. නැත්නම් කේන්දර සුමනයගේ පු*ට දෙකක් දීල එලවල බැංකුවේ ලොකු පුටුව හරි දෙයි.

    ReplyDelete
    Replies
    1. තාම ඒ තත්වෙට ගියේ නෑ. ඒ උනාට පාර්ලිමේන්තුවේ ඉන්න දෙන්නෙකුගේ බැලුවා. එයාලා මගේ හිතවත් අය.

      Delete
  17. සුබ පැතුම්!
    කේන්දරේ බලාගන්න ඕනි වුනොත් ඊයක් එවන්නම්කො. :)

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ එවන්න. බ්ලොග් ලියන් බවත් සඳහන් කරන්න..

      Delete
  18. අප්පට උඩු..කෝ මේ මගෙ කිරිච්චිය...:D

    මොනවා උනත් හවුලට බැනුං අහන්න හරි එකෙක් ඉන්න එක මදෑ...
    අළුත් වැඩේට සුභ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. එකෙක් නෙවෙයි දැන් ජොතිශ ලංකයි උඹයි මූයි 3යි

      Delete
    2. එහෙනම් මචන් හවුලේ බැනුම් බෙදාගමු...

      Delete
    3. @මාරයාගේ හෝරාව
      +++++++++++++++++++++++

      Delete
  19. මාරයාගේ මාර්කට් ෂෙයාර් ඒක නොවෙයි අර කවුද රජාගේ කේන්දර බලන එකාගේ මාර්කට් ඒක, ඒක අල්ලගන්න බලන්න ගොඩම තමයි.

    ReplyDelete
    Replies
    1. හැබැයි සුමනදාසගේ ජොබ් එක නම් මූට ගැලපෙනවා , මොකද ඔය කෙහෙල් මල් නැනක් නැතත් දේශපාලනෙයි ක්‍රිකට් ගැනයි මූ දන්න ටිකෙන් සුමනදාස වගේ හත්පොලේ නොගා ගෙන ඉන්න පුලුවන්

      Delete
    2. ඒක තමයි ටාගට් එක..

      Delete
  20. අපේ සීයත් හදහන් බැලුවා.. දැන්නම් සීයා නෑ.. සීයගෙන් අපේ ලොකු අක්කනම් ඉගෙන ගත්තා.. මමත් ටික දවසක් අක්කගෙන් ඉගෙන ගත්ත. දශා ශේෂය හොයන්න දන්නවා..ඒත් මම කාගෙවත් හදහනක් බලල නෑ..
    මම විශ්වාස කරනවද නැද්ද කියන්න මට තේරෙන්නෙ නෑ. කරන්නෙතත් නෑ. නොකරන්නෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. ඕක අපේ ජාතියේ පොදු ලෙඩක්...

      Delete
  21. බනින්න කියල වචන් සෙට් එකක් එකතු කරගත්ත විතරයි , කෝ යටින් වෙනම ඡෙදයක් දාලනේ . මම නම් කිසිසේත්ම විශ්වාස කරන්නේ නැත , හඳහන බලන්නේත් , අපල වලට පිලියම් හොයන්නෙතෙත් දේවාල ගානේ දුවන්නේත් නැත , සත්‍යක් වුවත් නැතත් අනාගතය කලින් දැනගන්නවාට වඩා කෙලින්ම මුහුණ දීමේ ආතල් එක වැඩිය . අහිංකුණ්ටක ගැනු ලමක්ගෙන් සාත්තරයක් ඇහුවොත් ඒ ගැණු ලමයා ලස්සන නම් විතරය !

    ReplyDelete
    Replies
    1. & sorry මේ වාගේ ඒවාට මූණිච්චාවට හෝ සුභ පතන්න අකමැතිය

      Delete
    2. බුවා සමඟ සම්පූර්ණයෙන් එකඟයි වැරද්ද වැරද්දමය. හොඳ මිනිහෙක් කළා කියා වැරද්ද හොඳ නොවේ. එසේම වරදකට සුභ පතන්ට බැරිය. එහෙම මූණ ඉච්චාවට සුභ පතන්නේ නම් එය ඊට වඩා වරදකි.

      Delete
    3. අවුලක් නෑ.. බැන්නත් අවුලක් නෑ. ඒ උඹේ අදහස. මම එයට ගරු කරමි.

      Delete
  22. aaloka warsha laksha, kooti ganan durin thiyana grahaloka wala pihiteemen ape jeevitha wenas karanna puluwan kiyana de man piliganne ne. E kiyanne mata e gena wishwasa karanna be. Eth ehema dewal ne kiyanna tharam modath ne. Samaharavita thiyennath puluwan.

    Ewwagen wedak ne mage mail eka awada balapan aiyandi ;)

    ReplyDelete
    Replies
    1. හිකිස්... පෘතුවිය පවතින්නේ සූර්යයා නිසා.. මට කියන්න තියෙන්නේ එපමනයි..

      Delete
  23. මචං මමත් හේතුවාදියෙක් තමයි, හැබැයි මේ ගැනත් යම් විශ්වාසයක් තියෙනවා. මට හිනා ගියා බන් අර අන්තිම ටික කියවනකොට. හරි හරි කොහොම හරි අළුත් වැඩේට ඉතසිතින් සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. ඔයත් මාරයිනෙ. හඳහනුත් විශ්වාස කරනවා. හේතුවාදයත් විශ්වාස කරනවා. තව මොකුත් විශ්වාස කරන්නෙ නැද්ද?

      Delete
    2. මගේ නොදැනීම ගැන කමත්වා ? මට කියනවාද හේතුවාදය විශ්වාස කරන අයෙකුට ජොත්‍යෂ්‍ය විසාවස කරන්න තිබෙන බාධාවන්..

      //තව මොකුත් විශ්වාස කරන්නේ නැද්ද //
      කරනවා --ඒ ඇනෝලා යනු ආත්ම විශ්වාසය අහිමි ,තම මතවාදයන් වෙනුවෙන් සැබෑ ප්‍රතිරූපයෙන් පෙනී සිටීමට ශක්තියක් නැති සත්ව කොට්ටාශයක් බව.

      Delete
    3. /ඒ ඇනෝලා යනු ආත්ම විශ්වාසය අහිමි ,තම මතවාදයන් වෙනුවෙන් සැබෑ ප්‍රතිරූපයෙන් පෙනී සිටීමට ශක්තියක් නැති සත්ව කොට්ටාශයක් බව./

      තමන් ගැන ස්වයංඅවබෝධයක් තියෙන එක හොඳයි. මොකද ඔයත් ඇනෝ කෙනෙක්නෙ. නැතුව රතු රජරට කියන්නෙ උප්පැන්නෙ නම වෙන්ඩ බෑනෙ.

      Delete
    4. /මට කියනවාද හේතුවාදය විශ්වාස කරන අයෙකුට ජොත්‍යෂ්‍ය විසාවස කරන්න තිබෙන බාධාවන්.. /

      කවුද ඇහුවලු බුද්ධාගමයි, ක්‍රිස්තියානි ආගමයි, ඉස්ලාම් ආගමයි එක්කෙනෙකුට එකට අදහන්න බැරි ඇයි කියලා.

      Delete
    5. @ රතු රජරට
      බොහොම ස්තූතියි..

      Delete
    6. හිතවත් ඇනෝ,
      මේ කාරණාවේදී මම ඔබට සාපේක්ෂව ඉස්සරහින් ඉන්නවා. අඩු තරමින් මට මොකක් හෝ නමක් තියෙනවා. නමුත් ඔබට ?මගේ බ්ලොගියෙ නමත් සමඟ වෙබ් අවකාශයේ ලියන්නෙක් වශයෙන් මට කිසියම් වගවීමක් තිබෙනවා. ඒ වාගේම පුද්ගලිකව මාව දන්නා බොහෝ දෙනෙක් මාව කියවනවා.

      ඒ වාගේම ඇනෝ යන්නෙහි මූලික තේරුම වන්නේම නමකින් හඳුනා නොගත් කියන එකයි .(Not identified by name),ඒ නිසා .මාව ඔබ දරන නිවට නියාලු ,බියගුළු තත්වයට සම කරන්නට උත්සාහකිරීම ඇනෝලාට ආවේනික මුග්ධ බව වැඩි වැඩියෙන් ප්‍රදර්ශනය කිරීමක්. වචන පෙළහර පාමින් වීරයෙක් වෙන්න එපා. වචන වලින් සෙල්ලම් කරනවා නම් ඔබ මොකෙක් වුවත් ඔබට වඩා පහසුවෙන් වගේම ඔබට වඩා දක්ෂ විදිහට එය කරන්නට මට පුළුවන් .

      ඒ වගේම නොවැදගත් කාරණාව පසෙක තිබේවා. දැන් බලමු ඔබ මගේ මුල් ප්‍රශ්නයට දී තිබෙන පිළිතුර .
      =කවුද ඇහුවලු බුද්ධාගමයි, ක්‍රිස්තියානි ආගමයි, ඉස්ලාම් ආගමයි එක්කෙනෙකුට එකට අදහන්න බැරි ඇයි කියලා=
      කොහෙද යන්නේ කියලා ඇහුවම මල්ලේ පොල් කීවලු. මොනවද ඔබ මෙයින් අදහස් කරන්නේ. පිළිතුර ඉතාම පැහැදිලියි. ඒ නොදන්න දෙමළෙට ගිහින් ජාතකයක් නැති වුවත් කාඩ් කුඩු කරගන්නට අනෝ අකැමැති බවයි. මහත්තයෝ ඩාවින්ගේ පරිණාමවාදය විද්‍යාත්මකව විශ්වාස කරන ,ඒ වගේම සර්වබලධාරී දෙවියන් කෙනෙක් ගැන අදහන කතෝලිකයන් ලෝකයේ ඉන්නවානම් මන් වගේ පුංචි මනුස්සයෙකුට
      අර වගේ කොමෙන්ටුවක් දාන්න තියෙන බාධාව කුමක්ද ?

      Delete
    7. එතකොට මම විනාඩි දෙකෙන් රතු රටකජු කියන නමෙන් හරි වෙන නමකින් එකවුන්ට් එකක් හදන් ආවොත් ඔක්කොම හරිද?

      Delete
    8. එහෙම එන්නකෝ වදේ පින්තූරෙකුත් දාගෙන.. කරදරේ ඉවරනේ.. :D

      Delete
  24. මාතලන් අයියගෙ අනෙක් සියළුම මතවාද, ආකල්ප වලට 100%ක් එකඟ විය හැකි වුවත්. මේ දේටනම් 200%ක් විරුද්ධය. අපේ මිනිස්සු තවමත් ජීවත් වෙන්න හදන්නෙ ගුරු , සිකුරු ඉන්න තැන බල බල, ඒත් ඇමෙරිකන් කාරය තව ටික කාලෙකින් ගුරුගෙ ගෙවලුත් හදනව.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ ඒ උඹේ මතය.

      Delete
    2. "ඒත් ඇමෙරිකන් කාරය තව ටික කාලෙකින් ගුරුගෙ ගෙවලුත් හදනව."

      ...අරුණිගෙ කක්කා උණුවෙම ගිලල වෙගෙයි

      Delete
  25. අනේ මන්දා මාතලන්. බොරුව හින්දා මොකුත් නොලියත් බැහැ. උඹ හින්ද මොකුත් ලියන්න හිත් දෙන්නෙත් නැහැ. හැබැයි ඉතින් මේව කරන අනික් එවුන්ට හොරුය කියපු නිසා උඹටත් ඒ ටයිටලේම දෙන්න වෙනවා, අකැමැති වුණත්. සොරි හොඳේ. ඈං.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මචං මමත් කසාද බඳිනකොටවත් මේවා බලපු කෙනෙක් නෙමෙයි, විනෝදෙට පොත් කියවන් ලෙඩේ නිසා ඇති උන දෙයක්. එහි සත්‍යයක් තියෙනවා. මගේ මාමන්ඩි එය ඔප්පු කර අවසන්..

      Delete
    2. ඕං බලපන් මාතලන් උඹ මෙතනම අනාගනනෙ.

      //මමත් කසාද බඳිනකොටවත් මේවා බලපු කෙනෙක් නෙමෙයි// ඔච්චර කේන්දර කප්පිත්තා වෙච්ච පියාණෝ තමුන්ගෙ දුවව දෙනකොට කේන්දර බලන්නෙ නෑ. ඉතින් එතනින්ම පේනවනෙ මේ මනුස්සයා තමුන්ගෙ රස්සාව හැටියට අනිත් මිනිස්සුන්ගෙ කේන්දර බැලුවට ඒවා විශ්වාස නොකළ විත්තිය.

      Delete
    3. අවුලක් නෑ.. මම ඇත්ත කියන්න බය නෑ. ඒ වෙලාවේ හඳහ්න් නොගැලපුනත් මට බඳින්න වෙනවා වෙලා තිබුන දේවල් වලට.

      Delete
  26. මාතලන් අපි නිකමට හිතමු හෙට (2012 ඔක්තෝබර් 10 වැනිදා) හරියටම දවල් 12.00ට හඳේ හරියටම දක්ෂිණ ධ්‍රැවය මතදී ළමයෙක් උපදිනවා. මේ ළමයගෙ කේන්දරේ ඉතුරු ටික මට අවශ්‍ය නෑ. චන්ද්‍රයා, රාහු හා කේතු ඉන්න කොටුයි මේ තුන් දෙනාගෙ ascendant එකයි විතරක් කියපං. නිකමට දැන ගන්න.

    (ඔය ජ්‍යෝතිෂේ දන්නවය කියන අනික් මහත්තුරුන්ටත් උත්තර දෙන්න පුළුවන්.)

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න පුළුවන්. ඒත් රාහු හොයාගන්න නෑ ඌ කොටුවක් පැනලා.. හඳේ හාවා කිට්ටුවද දන්නේ නෑ උපන්නේ...

      Delete
    2. @මාතලන්
      ++++++++++++++++++++++++++++++++++++++++++++++=

      Delete
  27. මාතලන් හින්දම කට පියාගෙන ඉන්නවා.

    නැත්නම් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ උත්තරීතර ව්‍යවස්ථාවෙන් අපිට හිමි කර දී ඇති භාෂණයේ නිදහස උපරිම වශයෙන් භාවිත කරලා කොමෙන්ටුවක් දානවා. එච්චරයි.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මචෝ මම අන් මතයට ගරු කරණවා පට්ට කුණුහබ්බ තිබුනොත් විතරයි කොමෙන්ට් එකක් මකන්නේ.

      Delete
  28. බුවා ඇතුලු ඇනෝ සැට් එක මොකෝ කට පියාන ඉන්නෙ අනිත් අයට වගේ කියන්න තිබ්බ නේ.

    උඹලගෙ අනිත් දර්සනත් ඔහොම්ම තමා.
    රෙද්දෙ සාධාරනේ

    ReplyDelete
    Replies
    1. මම නම් කිව්වා, පුළුවන් උපරිමයට නිවලා. පහත බලන්න.

      " හැබැයි ඉතින් මේව කරන අනික් එවුන්ට හොරුය කියපු නිසා උඹටත් ඒ ටයිටලේම දෙන්න වෙනවා, අකැමැති වුණත්. සොරි හොඳේ. ඈං."

      Delete
    2. ඇනෝගේ කතාව හා එකඟවෙමි. ඒත් ඉතිහාසය, ආගම් කියන්නෙත් අපි දැකපු දේවල් නෙමෙයිනේ කට කතායි හිතළුයි.. එතකොට ඒවා පිලිගන්නත් බෑ නේද. සියළුම විෂය දැණුමන් සාපේක්ෂයි...

      Delete
    3. /සියළුම විෂය දැණුමන් සාපේක්ෂයි.../

      නැහැ. නිරපේක්ෂ සත්‍යය කියලා දෙයක් තියෙනවා. උදාහරණයක් විදියට බුධ කියලා ආකාශ වස්තුවක් තියෙනවා. ඒකට නිශ්චිත ගමන් මාර්ගයක් තියෙනවා. ඒ සියල්ල නිරපේක්ෂ සත්‍යයන්. ඒවා වෙනස් වෙන්නේත් නැහැ. වෙනස් කරන්නත් බැහැ.

      ඉතිහාස හා ආගම් නිවැරදියි කියලා කවුරුත් කියලා නැහැ.

      Delete
    4. @ අවසන් ඇනෝ
      නමුත් ඒවා අදහන අය ඕන තරම් ඉන්නව නේ...

      Delete
    5. ඔව්. ලෝකයේ හැමෝම බුද්ධිමතුන් නෙවෙයිනේ. ඉතින් ඔය විකාර විශ්වාස කරන අය ඕනැ තරම් ඉන්න එක පුදුමයක් නෑ.

      Delete
  29. මගෙනුත් සුබ පැතුම් !!

    ReplyDelete
  30. අහා.. මාතලන් ජ්‍යෝතිෂ්‍ය කටයුතුත් කරනවා ද...! ඒත් මගේ නම් විශ්වාසයක් නෑ ඒ ගැන.
    "මා නොකෙරුවත් නොකෙලෙමි එය ගැරහීම" කියල තමා මං ඕවට කියන්නේ. මොකද මං ඒ ගැන නොදන්නා නිසා...

    ReplyDelete
    Replies
    1. ඔය ජ්‍යෝතිෂයට නොගරහන උදවිය ඇයි හැම තිස්සෙම විද්‍යාවට ගරහන්නෙ?

      Delete
    2. ජෝතිෂ්‍යට ගැරෙහුවත් එකයි විද්‍යාවට ගැරහුවත් එකයි. විද්‍යාවෙන් හොයාගත් දේවලුත් පසු කාළිනව බොරු වෙලා තියෙන්නේ..

      Delete
    3. //විද්‍යාවෙන් හොයාගත් දේවලුත් පසු කාළිනව බොරු වෙලා තියෙන්නේ..//

      විද්‍යාව ඇතුලෙම යමක් ප්‍රතික්ෂේප කරන්න සහ වැඩි දියුණු කරන්න අවකාශය තියනවා ,විද්‍යාවෙන් හොයා ගත්ත යමක් ප්‍රතික්ශේප වෙනවා නම් ඒ විද්‍යාව නිසාමයි

      Delete
    4. /විද්‍යාවෙන් හොයාගත් දේවලුත් පසු කාළිනව බොරු වෙලා තියෙන්නේ.../

      විද්‍යාවෙන් හොයා ගත් දේවල් කියලා දෙයක් නැහැ. විද්‍යාව කියන්නෙ එක එක මොඩ්ල්ස්. මේ කිසිම මොඩ්ල් එකක් 100% ඇත්ත නෙවෙයි. ඉතින් වඩා කල් යන කොට වඩා හොඳ මොඩ්ල්ස් බිහි වෙනවා. එයින් පරණ මොඩ්ල්ස් ප්‍රතික්ෂේප වෙන්නෙ නැහැ. උදාහරණයක් හැටියට අයිසෙක් නිව්ටන් ගුරුත්වාකර්ෂණ මොඩ්ල් එකට වඩා හොඳ මොඩ්ල්ස් බිහිවෙලා වසර සීයක් විතර ඇති. ඒත් අපි තාමත් නිව්ටන් ගැන ඉගෙන ගන්නවා. ඒක විද්‍යාවේ හැටි. එහෙම පරිනාමිකව දියුණු වෙන දෙයක් නෙවෙයි ජ්‍යෝතිෂය කියන්නේ. ඒ නිසා මේ දෙක සන්සන්දනය කරන්න බැහැ.

      Delete
    5. @පළමුවන Ano,
      ඇනෝ මිත්‍රයා, මා අදහස් කලේ ජ්‍යෝතිෂ්‍ය ගැන නොදන්නා නිසා එහි ගුණදොස් කියන්නට නොපෙළඹෙන බවයි. විද්‍යාව උනත් ගැරහිය යුතු නෑ. ඒ වගේම විද්‍යාවේත් සියල්ල නිවැරදි කියල කියන්නත් බෑ. :)

      Delete
  31. මාතලන් කියන්නේ එහෙනම් විජේරාමේ ගමආරිය[මියගිය] ජෝතික්ෂනයගේ බෑනද?

    ReplyDelete
    Replies
    1. එයා ගැන නම් මම දන්නේ නෑ

      Delete
  32. අලුත් වැඩේට ජයවේවා!

    ReplyDelete
    Replies
    1. එයා ගැන නම් මම දන්නේ නෑ

      Delete
  33. ජය වේවා.... වැඩේ හොඳට කරන්ට.

    කවුරු මොනවා කිව්වත් හඳහන් බැලිල්ල කොයි කවුරුත් එලිපිට හරි හොරෙන් හරි කරන දෙයක්නෙ...

    ReplyDelete
    Replies
    1. මගේ යාළුවෝ කීප දෙනෙක්ම කිව්වා මේක මේකේ දාන්න එපා කියලා. ඒ උනාට මම කැමතියි මම විදියට ජීවත් වෙන්න.

      Delete
    2. //කවුරු මොනවා කිව්වත් හඳහන් බැලිල්ල කොයි කවුරුත් එලිපිට හරි හොරෙන් හරි කරන දෙයක්නෙ..//

      අනුන් ගැන නිර්වචන දෙන්න යන්න එපා

      Delete
    3. මේ ලියන්නෙ ඇත්ත.

      මා නම් ජ්‍යෝතිෂය කොයිතරම් පිළිකුල් කරනවාද කිව්වොත් ඕනැවට වඩා ඕක ඔළුවෙ තියා ගන්නා අය සමඟ ආශ්‍රයක් වත් නැහැ. මගේ සොහොයුරාගේ බිරියගේ පියා ජ්‍යෝතිෂකරුවෙක්. මා ඔහු සමඟ කතා කරන්නවත් අකැමැති නිසා සොහොයුරා පවා මාත් සමඟ අමනාපයෙන් ඉන්නේ. මගේ තර්කය මේකයි. ජ්‍යෝතිෂය විශ්වාස කරන්නා බාලයෙක්. අසේවනාච බාලානං. මා ඉන්නේ එතැන. මට ඒක පාඩුවක් තමයි. ඒත් මගේ හැටි වෙනස් කරන්න මා කැමැති නැහැ. (මාතලන්ගේ හිත රිදුණත් මා ලිව්වෙ ඇත්ත.)

      Delete
    4. මේක ඔලුවේ උඩ තියාගෙන යන්න කියලා මම කියන්නෙ නෑ. නමුත් කෙනෙකුට අතුරු ආන්තරාවක් තියෙනවනම් ඒ ගැන කියන්න පුළුවන්. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත. ගස් ගල් වලට වඳින ය එයින් ගොඩ ගන්න බුදු හාමුදුරුවෝ දර්ශනක් දේශනා කලාට. කරන්නේ එතුමා කියපු දේ නෙමෙයිනේ. ආයිත් සැරයක් කරන්නේ ගස් ගල් වලට වඳින එකමයි. මමත් පිලි නොගන්න දේවල් අනන්තයි. ඒත් අත්දැකීමෙන් සත්‍ය වූ දෙයක් මට බොරු කියා කියන්න බැහැනේ.

      Delete
    5. මම කිව්වේ පොදුවේ සිද්ධ වෙන දෙයක්. හැමෝම හඳහන් බලන්නේ නෑනේ.

      මම නම් හඳහන අවුරුදු දෙක තුනකට සැරයක් බලනවා, මොකද ඒකේ ගත යුතු දේවලුත් තියනවා. එකේ සත්‍යක් නැත්තම් ජ්‍යොතිෂය අවුර්දු දහස් ගානක් පැවතෙන්නෙ නෑනෙ. ජනප්‍රවාදයට අනුව (බුද්ධ චරිතයට අනුව ) සිදුහත්කුමාරයා ඉපදුන වෙලාවේ නක්ෂත්‍රකරු වෝ කිව්වලුනෙ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙනවා කියලා.

      Delete
    6. // එකේ සත්‍යක් නැත්තම් ජ්‍යොතිෂය අවුර්දු දහස් ගානක් පැවතෙන්නෙ නෑනෙ.//

      අවුරුදු 1000ක් තිබුනාය කියල හැමදේම හරි නෑ , නිගණ්ටයො නාන්නේ නැතුව හෙලුවන් ඉන්නේ බුදු හාමුදුරුවන්ගේ කාලෙටත් කලින් ඉඳන් , තවමත් එහෙමයි ඒහ් වැඩක් ඇති දෙයක් නෙවෙයි නේ , රජ කෙනෙක්ගේ පුතෙක් ශ්‍රේෂ්ඨයෙක් වෙනවාය නොකියා කාලකණ්නියෙක් වෙනවාය කියල ඉල්ලං කන්න මොන ශ්‍රාස්ත්‍ර කාරයද කැමති . බුදු හාමුදුරුවො ඕවා පිලිගත්තා නම් පලවෙනි ධර්ම දේශනාවට කලින් ,කපිලවස්තු පුරට වඩින්න කලින් එහෙමත් වෙලාව බලල ඉන්න ඕනිනේ .

      Delete

    7. ඕනැ කෙනෙකුට ඕනැ දෙයක් විශ්වාස කරන්න අයිතිය තියෙනවා. මොකද ලෝකයේ හැම දෙනාම බුද්ධිමතුන් නෙවෙයිනේ. නමුත් ඒ විශ්වාස පෞද්ගලිකව තියා ගන්න අනුන්ට පොවන්න යන්න එපා. ඒ වගේම නොදන්නා විද්‍යාව ගැන කතා කරන්න එපා.

      Delete
    8. /මේක ඔලුවේ උඩ තියාගෙන යන්න කියලා මම කියන්නෙ නෑ./

      ජ්‍යෝතිෂය පිළි ගන්නවා කියන්නෙ ඔලුව උඩ තියාගෙන යන්න කියන එක තම්යි. මොකද පිළි ගන්නවා නම් පිළි ගන්නවා. පිළි නොගන්නවා නම් නැහැ. බාගයක් පිළි ගන්නවා කියලා දෙයක් නැහැනෙ. (අඩු ගානෙ මාරයා නම් මේ වගේ දේවල් වලදි මෝඩ වුණත් අවංකයි. මාතලන්ට ඒ අවංක කම නැතිවීම ගැන කණගාටුයි.)

      Delete
    9. //රජ කෙනෙක්ගේ පුතෙක් ශ්‍රේෂ්ඨයෙක් වෙනවාය නොකියා කාලකණ්නියෙක් වෙනවාය කියල // අංගුලිමාල

      Delete
    10. //අංගුලිමාල// අජාසත්ත ගැන නෙවෙයිද ඔය කියන්න හදන්නේ කොහොම වුනත් , රජාලගේ පුතාල කාලකණ්නියො නොවෙනවා කියල නෙවේ මම අදහස් කලේ , එහෙම වෙනවා කියල රජාගේ මූණට කියන්න තරම් ජගතෙක් නෑ කියල

      Delete
  34. මාතලන් හින්දා මෙහෙම කියනවා අනික් උන්ට අරහෙම කියනවා. අනේ හුකේ. මූ කරත් අරූ කරත් බොරුව බොරුවම තමයි

    ReplyDelete
    Replies
    1. මමත් පිලිගන්නේ නැති දේවල් බොහෝයි. ඔබේ මතයට ගරු කරමි.

      Delete
  35. හ්ම්ම්..හොඳ වැඩක්!

    ReplyDelete
  36. බ්ලොග් බලන ගෑල්ලමයින්ගෙ කේන්දර හොයාගන්න දාපු උප්පරවැට්ටියක් මේක...

    ReplyDelete
    Replies
    1. සමහරුන්ගේ හිතේ තිබෙන දෑ පිටකරන්නේ අනුන්ගෙනි. මේ නමටත් ටිකක් බෙදන්න... :D

      Delete
  37. කේන්දර ගැන නොදන්නා අයට නම් හොදයි මේවා,මේවා ටික ඕනේ ම කෙනෙක් ට කියන්න පුළුවන්නේ පොත් 5ක් 6ක් ගත්තනම්,ඔයා ට තව ඉගෙන ගන්න තියෙනවා සල්ලි වලට බලන්න ඉස්සෙල්ලා.ඔයා ඔයාටම අපරාදයක් කර ගන්නේ බාගෙට වැඩ පටන් ගෙන.කොහොම වුනත් කමක් නැ ජිවිතේ ගැට ගහන්න සල්ලි කියක් හරි හම්බ වෙනවා නේ . සුබ පැතුම්.k

    ReplyDelete
    Replies
    1. හැම දොස්තරම හැම ලෙඩේටම බේත් දන්නේ නෑනේ. එහෙම ලෙඩෙක් ආවම ඉස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට යනවා ලියුමක් දීලා. මම මේකේ ඔස්තාද් කියලා මම පෝස්ට් එකේවත් කිව්වේ නෑනේ. මේ විෂයත් සප්ත මහා සාගරයක්. මම එකේ දන්න ප්‍රමාණය මට තීරණය කරන්න බෑ. කැමති කෙනෙකුට විතරයි බලාගන්න කිව්වේ. මට මේකෙන් සල්ලි හොයන්න අවශ්‍ය නෑ. මම මේක කරන්නේ තව දුරටත් ඉගෙන ගන්න. නමුත් නොමිලේ දෙනවනම් ඉගෙන ගත් දෙයට කරණ අපරාධයක්. අනික මම ඉගෙන ගත්තේ නොමිලේ නෙමෙයිනේ. ළොකු මුදලක් ගෙවලා..

      Delete
  38. Replies
    1. No Prob Henry.. that is your view..
      but I am believing on this
      So sorry....

      Delete
  39. කාලෙකට ඉස්සර පුද්ගලික කැම්පස් වලට එරෙහිව පෙත්සම් ලියපු කාලෝතුමා අද මාලඹේ මෙඩිකල් කොම්පැනිය වෙනුවෙන් අත් දෙකම උස්සන්..එදා ගුරුන්ගේ පඩි වැඩි කොරන්නෙයි කියල පෙරමුණේ හිටපු නලීන්තුමා අද ගුරුන්ට විරුද්ධව කඩු අමෝරාගෙන..මේ ඔක්කොම බඩගොස්තරේ..කීයක් හරි හම්බු කරගන්නනේ මේ ඔක්කොම.ලංකාවේ ඉන්න හෙතුවාදියෝ,මාක්ස්වාදියෝ ගොඩ දෙනෙක් මිරිස් කරලකුයි දෙහි ගෙඩියකුයි ඉස්සරහ බැඳගෙන අලුත් වාහනෙන් මුලින්ම කතරගම යනව එනගමන් සීනිගම මිරිස් මෝලෙන් මිරිස් ටිකකුත් අඹර ගන්නව ඇස්වහ යන්න.ඔව්ව ඔහොම තමයි මචන්..මේක ලංකාව...චින්තනයෙන් මෙව්වා තවත් පුබුදු කොල්ල තීන්නෙ..ඉතින් ලොකු මාකට් එකක් බිහි වෙලා තීන වෙලේ ගහපන් කොක්ක! මේ ඔක්කොම බඩගින්දරටනේ....ලංකාවේ ලොකුම ලිබරල්වාදිය රනිල් ලොක්කට සාගලයත් වාහනේ දාන කබිලිත්ත වඳින්න යන්න හැකි නම් සයිබරේ මොඩර්නිස්ට් මාතලන් කේන්දර බැලුවම මොකෝ!

    ReplyDelete
    Replies
    1. //ලංකාවේ ලොකුම ලිබරල්වාදිය රනිල් ලොක්කට සාගලයත් වාහනේ දාන කබිලිත්ත වඳින්න යන්න හැකි නම් සයිබරේ මොඩර්නිස්ට් මාතලන් කේන්දර බැලුවම මොකෝ!//

      :D :D :D

      Good point

      Delete
    2. මේ ක මගේ බඩගින්දර නිවාගන්න කරන දෙයක් නෙමෙයි කලක පටන් මා ආශා කළ විෂයක් ඉගෙනීම පමනයි. ඒ සඳහා මා විශාල මුදලක් වියදම් කලා. ඒ නිසා මට එය නොමිලේ ලබා දීමට බැහැ. අනික මම බලෙන් බලන්න යන්නේ නැහැනේ. කැමති අයට විතරයි. මේ විෂයෙත් මම නොපිලිගන්නා දේ බොහෝයි..

      Delete
  40. Comment 1 of 2

    කලින් නිකං ආතල් එකට වගේ දැම්ම කොමෙන්ට්ටු දෙකට තව සිරා කොමෙන්ට්ටුවක් එකතු කිරීමට හිතුණා.

    තමන්ට ගෝචර නොවෙන දැනුම් සම්භාරයක් විශ්වයේ තියනවයි කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒවා නොපිළිගැනීම සහ නොපිළිපැදීම කියන්නේ දෙකක්. ජ්‍යෝතිෂය දැනුමක් විදිහට මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් අපේ උපන් වෙලාව සහ ස්ථානය අනුව ග්‍රහලෝක වල පිහිටීම අපේ ජීවිත වලට බලපෑමක් එල්ල කරනවා කියන අදහස මම පිළිගන්නේ නැහැ. ඒ නිසාම පලාපල බැලීම, නැකැත් බැලීම මම විශ්වාස කරන්නේ නැහැ. චන්ද්‍රයා ඇතුළු අනෙකුත් ග්‍රහලෝක වලින් එල්ලවෙන භෞතිකව හඳුනාගත් බලවේග (ගුරුත්වය, තාපය, ආලෝකය වැනි ) තිබෙනවා. ඒත් ග්‍රහලෝක වලින් අපට යම් බලපෑමක් එල්ල වෙනවා නම් වෙන්න ඕනේ, අපි දැන් සිටින ස්ථානය අනුවයි. රැකියා ස්ථානයේදි මටයි මගෙ දෙපැත්තේ ඉන්න දෙන්නටයි එකම විදිහට බලපාන්න ඕනේ කියන එකයි මගේ අදහස. උපන් වෙලාව සහ ස්ථානය අනුව ඕක වෙනස් වෙන්නේ ඇයි කියලා මට තේරුම් ගනන් බැහැ. අපට තේරුම්ගත නොහැකි බලවේග තිබෙන පමණින්ම, යම් යම් උපකල්පනයන් කරමින් ඒ අනුව අපේ ජීවිත හැඩගස්වා ගැනීමට උත්සහ කිරීම කොයිතරම් ඤාණවන්ත ක්‍රියාවක්ද කියලා හිතන්න වෙනවා.

    ජ්‍යෝතිෂය, අප දැනට යමක් සත්‍ය අසත්‍ය බව තීරණය කරන ක්‍රමවේදයෙන් ඔප්පු කිරීමට නොහැකි නිසාම අපට පිළිගන්න සිද්ධවෙනවා, මේ විෂය ගැන අපි හරි හැටි නොදන්නා බව. යම් කිසි දැනුමක් අපේ ජීවිතයට අදාල කරගන්න නම්, කිසියම් ක්‍රියාවක් සිදුකලවිට, කිසියම් නිශ්චිත ප්‍රතිඵලයක් ලැබෙන බවට අපගේ දැනුමෙන් තහවුරු කරගත යුතුයි. එසේ කල නොහැකි පමණින් ඒ දැනුම ප්‍රතික්ෂේප වෙන්නේ නෑ, සිදුකල යුත්තේ එය පිළිගත හැකි මට්ටමට ගෙන ඒමට තව තවත් දැනුම සොයායාමයි. අලුතෙන් බෙහෙත් වර්ගයක් නිපදවූ විට, ඒයින් අවශ්‍යකරන ප්‍රතිඵලය ලැබෙන බව නිශ්චය කරගන්නාතාක්, එම බෙහෙත මිනිසුන්ට නිර්දේශ කරන්නේ නැහැ. එකවරම එයින් අවශ්‍ය ප්‍රතිඵලය නොලැබුනොත් තව තව පරීක්ෂණ කරමින් එය අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙනතෙක් දියුණුකිරීමයි සිද්ධවෙන්නේ.

    නමුත් ජ්‍යෝතිෂ විෂයට සම්බන්ධ බොහෝ දෙනා එවැනි දෙයක් සිදුකරන බවක් නම් පෙනෙන්න නැහැ. මූලික දැනුමකින් පසු එය මුදල් ඉපයීමේ මාර්ගයක් ලෙස භාවිත කිරීමයි සිද්ධවෙන්නේ. ඒ වගේම මෙම දැනුමට යම්කිසි ගුප්ත බවක් ආරූඪකරලා තියන්නත් ඔවුන් කැමතියි. මොකද, තවමත් හරි හැටි පැහැදිලි කල නොහැකි දැනුමක් නිසා, හැම දෙයක්ම පැහැදිලි කරන්න ඔවුන්ට බැහැ. ඒ නිසා ගුප්ත ස්වභාවයක් දුන්නහම, "මේවා සාමාන්‍ය මිනිස් මනසට නොතේරෙන දේවල්" වගේ උත්තර දෙමින් ප්‍රශ්න වලින් ගැලවෙන්න පුලුවන්. ජ්‍යෝතිෂයේ ඉහලටම හදාරා ඒ මගින් විවිධ විස්කම් දක්වපු පුද්ගලයෝ ඉන්නවා කියන එක අපිට එක එක අයගේ මාර්ගයෙන් අසන්නට ලැබෙනවා. "මම දන්න කෙනෙක් හිටියා....එයා මෙහෙමත් කලා" කියන දේ ඇරෙන්න, ලෝකයට එම දැනුමෙන් කිසිම යහපතක් කරපු ගැන නම් මම දන්නේ නැහැ. මේ ශාස්ත්‍රයේ ප්‍රගුණ කල කිසි කෙනෙක්, මෙම ශාස්ත්‍රයට කිසිම සේවයක් කරපු බවක් පේන්නත් නැහැ. මම එහෙම කියන්නේ, මේ ශාස්ත්‍රය උපයෝගී කරගෙන, මිනිසුන්ට තමන් සතු දැනුමෙන් එය පිළිගන්නා ක්‍රමවේදයක් හෝ, එසේ පිළිගැනීමට පොලඹවන සංසිද්ධියක් හෝ පොදුවේ ලෝකය හමුවේ තැබීමට කිසිවෙක් සමත් වෙලා නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබ මෙය පිලි නොගන්නා නිසා ඔබ ඔය තර්කය ගොඩ නගනවා. නමුත් මෙය පිලිගන්නා උගත් හා සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයින් හා ව්‍යාපාරිකයින් සියල්ල සිඳු කරණුයේ මේ අනුවයි. මමත් එය පිලිගන්නේ නැති වුනත් සත්‍යය එයයි. මගෙන් බලන කෙනෙකුට මම ඒ උපදෙස් නම් කිසිසේත්ම ලබා දෙන්නේ නෑ.

      Delete
  41. Comment 2 of 2

    කිසි දෙයක් ගැන අධික ලෙස විශ්වාසය තැබිය යුතු නැහැ, තමන්ට අවශ්‍ය තැනදී අවශ්‍යලෙස මධ්‍යස්ථව පාවිච්චි කරන්න ඕනේ කියන එකත් මෙතැනදී කියවුනා. ඕනෙම දෙයක් සම්බන්ධයෙන් ඒක සත්‍යයක්. විශේෂ අවස්ථා වලදි නැකතක් හදාගන්න නම් ජ්‍යොතිෂය පාවිච්චි කලාට කමක් නැහැ කියලා මගේ අදහසක් තිබ්බා, මොකද අඩුම ගණනේ ඒ නිසා යම් යම් දේවල් මේ මේ වෙලාවට කල යුතුයි කියලා කාල සටහනක් වත් හදාගන්න පුළුවන් නිසා. නමුත් අපට පොදුවේ පෙනෙන්න තියන කාරණයක් තමයි, ජ්‍යෝතිෂයට නැඹුරුවන බොහෝදෙනෙක් (හැමෝම නෙමෙයි, ඒත් වැඩි පිරිස ), කටයුතු කරන්නේ ඒ පිළිබඳ අන්ධ විශ්වාසයකින් කියලා. තමන්ගේම ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයන්, ජීවත්වන වටපිටාවේ බලපෑම්, තමන්ට ජීවිත්යේ මුහුණ දෙන්න සිදුවන සිදුවීම් එක්ක ගලපගන්න බැරිකම, මේ පිරිසගේ තියන ලක්ෂණයක්. විභාගයකින් අසමත්වීම, ලෙඩරෝග වැලඳීම, මුදල් අහිමිවීම වගේ මිනිසුන්ට ජීවිතයේ මුහුණ දෙන්න සිදුවන සාමාන්‍ය සිද්ධීන් වලදී තමන්ට නොපෙනෙන බලවේගයකින් මේ දෙවල් සිදුවෙනවා යැයි විශ්වාස කරනවා. මේ විශ්වාසය නිසාම ඔවුන් කරන්නේ, තමන්ගේ ජීවිතේ සාර්ථක කරගැනීම තමන්ම මහන්සි වෙනවා වෙනුවට මේ නොපෙනෙන බලවේග මත විශ්වාසය තියනවා.

    මාතලන්ගේ මේ පෝස්ට් එක ගැන මට කණගාටුවක් සහ විරෝධාකල්පයක් ඇති උනේ... අර අඹ, අන්නාසි විකුණන අය, ගෙඩියක් දෙකක් කපලා එන මිනිස්සුන්ට නොමිලේ දීලා, ඒ මගින් මිනිස්සුන්ව අඹ, අන්නාසි ගන්න පොලඹවනවා වගේ දෙයක් මට දැනුන නිසා. නමුත් යම්කිසි දැනුමක් පසුපස හඹායාම මම අගය කරනවා, පුළුවන්නම්, මේ තාක් කිසිවෙක් නොකල, ඔය දැනුම මිනිසුන්ට ප්‍රායෝගිකව භාවිතාකල හැකි ක්‍රමවේදයක් වගේම, පොදුවේ මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන් යෙදවිය හැකි ආකාරයක් සොයාගන්න. තමන්ගේ සේවාවට මුදලක් අය කිරීම ගැන මගේ විරුද්ධවත්යක් නැහැ... නමුත් ඔබගේ දැනුම කොයි මට්ටමේ එකක්ද, ඒ මට්ටමේ දැනුම වෙනුවෙන් ඔබ මුදලක් අයකිරීම සාධාරණද කියන කාරණය බව විසින් තීරණය කලයුතු දෙයක්. ඔබ මුදල්ම වෙනුවෙන් මේ දෙය නොකරන බවට මගේ යම් විශ්වාසයක් තියනවා. හේතුඵලවාදයත් අන්දමන්දවී ඇතිබව සිතෙන අපේ රටේ... ප්‍රතිඵලයට අදාල හේතුව සොයා ගැනීමට බැරිවීම නුවණ නැතියවුන්ට පමණක් නොව, නුවණැත්තන්ටද අපහසු කාලයකි මෙය. ඔබ කරන්නේ එම බොරදියේ මාළුබෑම නොවේයැයි උදක්ම විශ්වාසකරනවා.

    ReplyDelete
    Replies
    1. නියම ජෝතීර්වේදීන් කරන්නේ එය තමයි. මිනිසාට යහපතක් කිරීමයි. ඔහුගේ හෝ ඇයගේ වර්ථමානය හා අනාගතය ගැන ගුණ දොස් පැවසීමක් පමණයි. අයහපතක් සිඳුවීමට ඇතිනම් එයින් ආරක්ෂා වන ආකාරය කියා දීමයි. නැතුව බෝධි නාවන්නයි, සුර දාන්නයි, සෙත් කවි කියන්නයි, ශාන්ති කර්ම කරන්නයි කියන්නේ නෑ. එහෙම දේවල් කරලා සල්ලි හොයන්නෙත් නෑ. කියන්නේ සාධාරණව දැහැමිව ජීවත් වෙන්න කියන් දේ පමණයි. අනෙක් කරුන ප්‍රශ්ණ නැති වෙලාවට ඔහොම කතා කිව්වට. ප්‍රශ්ණ තියෙන මිනිස්සු පිදුරු ගහෙත් එල්ලෙනවා. එහෙම අයට බොරු වැඩ වලට ලක්ෂ ගනන් වියදම් නොකර. මානසිකව ෂක්තිමත් කරන එක පමණයි නියම ජෝතීර්වේදියකුගේ කාර්යය.

      Delete
    2. කේන්දර බලන එක ලේසියෙන් පහසුවෙන් කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. න්‍යායාත්මක දැනුම ලැබිච්ච කෙනෙක්ට උනත් ටිකක් හරි නිවැරදි අනාවැකියක් කියන්න අවරුදු 10ක 15ක කේන්දර බලා පළපුරුද්දක් අවශ්‍යයි.ඔබ වගේ න්‍යායික දැනුම විතරක් තියෙන කෙනෙක් අහිංසක මිනිස්සුන්ගේ මුදල් අරගෙන කේන්දර බලන එකනම් හරිම පහත් වැඩක්.
      නැකත් බලන්නේ නැහැ කියල කියන්නේ තමන් අඩුගානේ සම්පුර්ණ න්‍යායික දැනුම්වත් හරියට ලැබිල නැහැ කියන එක. පරිගණක මෘදුකාංගයකින් කේන්දර හදල කේන්දර බලන්න යන එකනම් හරි නැහැ.තමන්ගේ දැනුමේ මට්ටම අඩුගානේ අනිත් අයට අවංකව කියන්න.

      Delete
    3. ඔබ කොහොමද දන්නේ මම අවුරුදු කීයක් බැලුවද කියලා මම මේ ගැන ඉගෙන ගන්න අරන් සහ හඳහන් බලන්න අරන් අවුරුදු 10 කටත් වඩා වැඩියි. ඉගෙනගෙන අවුරුදු එකහාමරකටත් වැඩියි. නමුත් රැකියාව නිසා වෙලාවක් තිබුනේ නෑ. දැන් කරන රැකියාව අනුව මට කාළ වෙලාව තියෙනවා. මම ඉගෙන ගත් දෙයින් අනුන්ට සේවයක් කරනවා මිසක් රැවටීමක් නෑ. අනික මම දෙන විස්තරය වෙනත් තැනක නම් රුපියල් 2500 ක් ගන්නවා. ඒක මම මෙන්ම මගේ මිතුරනුත් දන්නවා. මම කරන්නේ දැණුවත්ව මිසක් නොදැන නොවෙයි. නමුත් කාලයක් යොමු නොවීම නිසා නැවතත් මතක් කර ගැනීම අවශ්‍යයි. මට උඩින් පල්ලෙන් බලා නම් අනාවැකි කියන්න බෑ. ඒක මම පිලිගන්නවා.

      Delete
    4. අනෙක් කාරනය නිවැරදිව නිට්ටාවටම අනාවැකි කියන කෙනෙක්ගේ නමක් මට කියනවද...? මම මගේ මාමා හා තව එක්කෙනෙක් ඇර කිසි කෙනෙක් මෙතෙක් දැක නෑ කොටින්ම රටේ සුප්‍රසිද්ධ මගේ ගුරු ජී ටත් බෑ.

      Delete
  42. මාතලන්ම නේද අර කලින් මංගල සේවයක් පටන් අරන් පස්සෙ අපේ කෙනෙකුට මඟුලක් හොයන්නයි එහෙම කළේ කියලා නැවැත්තුවේ.

    මේකත් එහෙම පොටක්ද? මොකක් හරි වැඩකට හොඳ කේන්දරයක් ඕන වෙලාද? දුටුගැමුණුගෙ කඩුව ගන්න බිලිදෙන්නවත්.

    ReplyDelete
    Replies
    1. මම එහෙම දෙයක් කිව්වේ නෑ.. මම ඒ දේ කළේ අපෙ පවුලේ උන් අසරණ කෙල්ලෙක් වෙනුවෙන්. පස්සේ මගේ ගෙස්ට් කෙනෙක් ඒ කෙල්ල බැඳලා එක්කගෙන ගියා. ඒ කෙල්ල කියන්නේ යහපත් සිතින් කරපු නිසා වෙන්න ඇති මාසයක් වගේ කාළේකින් ගෙදරට නාකි වෙන්න ගිය කෙල්ලට ගොඩ යන්න පුළුවන් උනේ කියලා.. උඹ දන්නවද අදටත් මට ඉල්ලීම් එනවා ඒක පටන් ගන්න කියලා..

      Delete
  43. බදින දවස එහෙම දැනගන්ට විදියක් නැතිවේවිද අප්පා..;)

    ReplyDelete
    Replies
    1. දවස කියන්න බෑ කාළය කියන්නම්

      Delete
  44. බැරිද කේන්දර කොපියක් එව්වොත් ඒකට ෂේප් එකේ කැපිලා යන කේන්දරයක් හදලා දෙන්න? ඉස්ස්සර අපේ ඔය වැඩ ගොඩ දාපු උන්නැහැ මලා නොවැ අවුරුද්දකට විතර කලින් :)

    ReplyDelete
    Replies
    1. එව්වනම් වානා තම්බි.. ලොකු කොම්පැනි වල වැඩකරලා සතයක වංචවක් නොකල නිසා අදත් ආතල් එකේ ඉන්න කොල්ලෙක් මම

      Delete
    2. පිං අතේ වැඩ මෙව්වා :P

      Delete
  45. This comment has been removed by the author.

    ReplyDelete
  46. ජොතිෂ්යඇය යනු සෑබැවකි.බලවෙග මත ක්රිියා කරන මේ ලොක තලය තුල අපිට ඒ බල වෙග පිළිබඳ දැන ගැනිමට ඇති කදිම මෙවලමකි.
    ඔබට ජය! මමත් මේ දවස් වල යමක් ඉගෙන ගන්වා.ඒ තමයි ඉංග්රිොසි.එත් දැන් අමාරුයි කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. කොයිදේ ඉග්න ගත්තත් අහක යන්නේ නෑ...

      Delete
  47. කේන්දරකාරයෝ ගැන ලඟදි ඉදන් මට තියෙන්නේ පුදුම මලක්.ඒ කේන්දර පල පල ගැන මම විස්වාස නොකරන හින්ද නෙවෙයි. අනුන්ගේ දෛවය ගැන අනාවැකි කියල ජීවත් වෙන මේ මිනිස්සුන්ට තමන්ගේ කෙන්දරේම බලාගෙන තමන්ගේ ජීවිතයවත් හරි ආකාරව හැඩගස්වගන්න බැහැ කියල දැක්ක නිසා.

    ReplyDelete
  48. හරිම හොදයි.වැඩේට සුභ පතනවා.

    ReplyDelete
  49. කොවුර්ගේ පෙට්ටගමට ගිනිතියල ඉවරයි

    මිත්‍යාව යනු කුමක්ද? විද්‍යාව දන්නා බවද? විද්‍යාව නොදන්නා බවද? සැක හැර දැන ගන්න. පහත Facebook පේජ් එකට යන්න.

    https://www.facebook.com/JyotishLanka

    ReplyDelete
  50. අනේ මන්දා...
    මමත් ගෙදර වදේටයි, රට්ටුන්ගෙන් බේරෙන්න බැරි කමටයි ඔය කේන්දර බලලා නැකතට වැඩක් කරන එක කරනවා....
    ඒ ඇරෙන්න මගේ උවමනාවට නං ඔහොම දේවල් කරන්නෙ නෑ.....
    ඒ මට හිතෙන හැටි.... එහෙම උනා කියලා ඒවා කරන එවුන්ට මුකුත් කියන්නෙත් නෑ... ඒ මගේ හැටි...

    ඇලා...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න