.

.

Nov 16, 2012

මගෙ රන්කඳ (ලව් කරන අයට පමණයි) - My Lady Soul (Lovers Only)


පිදුම....!!!
වීක් එන්ඩ් එකේ මුකුත් නැතුව වේලෙන මාරයාට...
සින්දුවක් වත් අහලා සැනසීයන් (මගෙ රන් කඳ මටම නේද අපි දෙන්නා යාළු එකේ ඉන්ගිරිස් එක.


විශේෂ ස්තූතිය....!!!
වන් ඇන්ඩ් ඕන්ලි හෙන්රි ද බ්ලොග්වෝකර් මහතාට,
මේ "මයි ලේඩී සෝල්" (My Lady Soul),  කියන එකට ගැපෙන සිංහල වච්නයක් මට ආවෙම නෑ. කුණුහබ්බමයි ආවේ. ඒත්, මෙච්චර ලස්සන සින්දුවකට එහෙම නමක් දාන්න බෑනේ. පස්සේ හෙන්රි ට කතා කලා, පොරටත් මුලින්ම අදහසක් තිබුනේ නෑ. කල්පනා කරලා කියන්නම කිව්වා. පස්සේ මම යෝජනා කලා "මගෙ පන" කියලා. එයා යෝජනා කලා "මගෙ රන් කද". ඒකත් එයාගේ හිතට මදිලු. ඒත් මේක හොඳයි වගේ.

නව පරපුරේ මගේ ප්‍රියතම ගායිකාවක් වන ඇඩේල් (Adele) ගේ ගී සහ ඒ හා සමානම අපේ කාළයේ ගායිකාවක් පිළිබඳ මම දාපු පෝස්ට් එක බොහෝ දෙනාගේ හිතට අල්ලලා ගියා. ඒක කොමෙන්ට්ස් වගේම ඊයේ අමුනලා එවපු කොමෙන්ට්ස් වලිනුත් තේරුනා. ඒ නිසා මම කල්පනා කලා ඉඩක් ලද වෙලාවට මගේ ප්‍රියතම ගීත පිළිබඳවත්  පෝස්ට් එකක් දෙකක් දාන්න. මේ කියන්න යන ගීතයත් ගායකයින් සහ කන්ඩායම් කීපයක්ම ගායනා කරනවා නමුත් මම දන්න තරම මේ ගීතයේ මුල් ගායනය ද ටෙම්ටේෂන්ස් (The Temptations) කියන ගායන කන්ඩායමේ.
මුල් කන්ඩායම

ද ටෙම්ප්ටේෂන්ස් කියන්නේ ඇමරිකානූ කළු ජාතිකයින්ගෙන් සමන්විත කන්ඩායමක්, 60, 70 දශකයේ අතිශයින් ජනප්‍රිය කන්ඩායමක්. සමහර අය ළෝක ප්‍රසිද්ධ "බිට්ල්ස්" (Beatles) කන්ඩායමත් කොපි කළේ මොවුන්ගේ ස්ටයිල් එක කියලත් කියනවා. මේ කන්ඩායම සාමාජිකයින් වෙනස් වෙමින් 2010 දක්වාම වගේ පැවතුනා. මම මේ ගීතය අහලා තියෙන්නේ එම කන්ඩායමේ අලී ඔලී වුඩ්සන් (අලි ඔළු විල්සන් හෙම නෙමෙයි ඕන්) (Ali Ollie Woodson)   ගායනා කරන එකයි. ඒත් කිසිම තැනක මෙය ඔවුන්ගේ ගීතයක් බව සඳහන් වන්නේ නේ. බොහෝ විදේශිකයින් පවා මේ ගීතය ගැන ඇහුවම දන්නේ නෑ. එතකොට මේ ගීතය අපේ අයට බොක්කටම වැදුනෙ කොහොමද..?

අපේ කාළේ, අපි ඩිස්කෝ වලට යනවා. ඒ වගේම, ඒ කාළේ ලංකාවේ බටහිර ගී පමණක් ගායනා කරන කන්ඩායම් කීපයක්ම තිබුනා. ඒ වගේම ඔවුන්ගේ ගී ප්‍රසංගත් බොහෝ තිබුනා. "මිරාජ්", "පර්පල් රේන්", සහ "ඇපල් ග්‍රීන්" ඒ අතරින් මගේ ප්‍රියතම කන්ඩායම්. මේ හැම කන්ඩායමකටම, සංගීත කන්ඩායම් වලට තියෙන ලෙඩේ තිබුනා. ඒ කියන්නෙ කාලෙන් කාලෙට සාමාජිකයින් වෙනස් වීම. මේ ඇපල් ග්‍රීන් කියන කන්ඩායමේ හිටියා, "බොබි" කියලා ගායකයෙක්. පොර තනිකර කාපිරියෙක් වගේ. මගේ හොඳම යාළුවෙකුගේ යාළුවෙක් නිසා පොඩි දැන හැඳුනුම් කමකුත් තිබුනා.

2004 දී
පොර දෙනවා මේ ගීතයේ ඔරිජිනල් කට හඬෙන්ම. අපේ රටේ නම්, මේ ගීතය අද උනත් හඳුන්වලා දෙන්නේ ද "එවර්ග්‍රීන් සෝන්ග්" කියලා ඒ කියන්නේ සදාතනික ගීතය කියලා. සමහර විදේශිකයින් "මැජික් සෝන්ග්" කියලත් කියනවා. ඉතාම සරළ ආදර ගීතයක්. ඒත් මේකේ බීට් එකත්, ගායකයාගේ කට හඬත්. "හූ" පාරත් මගේ බොක්කටම වදිනවා. මේ නම් මම හැමදාම අහන ගීතයක්. මම හිතන්නෙ මම මැරුනත් මේ සිංදුවට නම් කැමති වෙයි. ඔයාලත් අහලා බලන්න. කොහොමද ගීය කියලා.

Temptations - My Lady Soul

Powered by mp3skull.com

[Whoa...Whoaa...Whaooaaa..... 

Laying near beside you, 
Close as we can be. 
I know what this leads to. 
I know what you need. Yeah. 

I'm ready to surrender, 
My love, laying it all on your hands. 
Give you mine forever. 
Everything I am. 

'Cause you are my, my, my, my lady soul. 
You warm my heart when I go cold. 
Oh you are my, my, my, my lady soul. 
You are my life, you make me whole. 

Whoa. 
My Lady Soul 

I fell it in you heartbeat. 
hear it in your cries. 
This is where our hearts meet. 
I see it in your eyes. 

I've been waiting for this moment, 
My love, it's a dream come alive. 
Heaven must have sent me, 
An Angel of the Night. 

'Cause you are my, my, my, my lady soul. 
You warm my heart when I go cold. 
'Cause you are my, you're my, you're my, my lady soul. 
You're my lady soul. 
You are my life, You make me whole. 

Hmm, I've always knew we end up together, 
Right from the very start. 
I believe we will make it forever. 
It's written right here in my heart. 
Oh yeah. 

You're my, you're my, my lady soul. 
You warm my heart when I get cold. 
Oh, you are my, my, my, my lady soul. 
You are my life, you make me whole. 

Whoa. 
My lady soul. 

Ooo (my, my) 
Ooo (My, my) 
My, my, my, my, my, my, my. 
(My, My) My lady soul.] 


ඕන නම් මෙතනින් බලන්නත් පුළුවන්


මේ ලංකාවේ බොබිගේ වැඩ. කොහොමද අපේ ටැලන්ට්...?

  

මේ තියෙන්නෙ ද ටෙම්ප්ටේෂන්ස්ලගේ ළෝක ප්‍රසිද්ද මයි ගර්ල් (My Girl) ගීය. ඒක නම් ඔයාලා අහලා ඇති.. පට්ට නේ..


72 comments:

  1. ලොක්කා අන්තිම එක එළ.

    ReplyDelete
    Replies
    1. පට්ට නේ අපි ට්‍රිප් ගියාම කියනම එකක්

      Delete
  2. මම ලව් කරන එකෙක් නොවෙමි... :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් හරියන්නෙ නෑ. පොඩ්ඩක් හිටහන් රොක් එකකුත් දෙන්නම්

      Delete
  3. අපිට කොහෙද යූ ටියුබ්. ගෙදර ගිහිල්ලවත් අහන්නං.
    My Lady Soul- මටත් මතක් වෙන්නෙම කුනුහබ්බ බං.

    ReplyDelete
    Replies
    1. එම් පී 3 එක අහන්න පුළුවන්නෙ. පොඩ්ඩක් හිටහන් මම ලොක්කව හම්බ උන වෙලාවක කියන්නම් බලන්න...

      Delete
  4. මගේ ලව් එකත් අමතක වෙලා ගියා මේක අහපුවාම...:D:D:D

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු ඒ කියන්නේ පොකුත් කැදැල්ලෙන් ඉගිලෙන්න ළඟයි වගේ... ලවු එක අමතක උනා කිව්වේ. පට්ටද.....? එහෙම නැත්නම්... අවුට් ඔෆ් ටේස්ට් ද.....?

      Delete
  5. හරිම ලස්සනයි. Lady Soul කලින් අහලා නම් තිබ්බේ නෑ. ලව් නොකරන එකෙක් උනාට මේක අහද්දී මගෙ බොක්කත් කූල් උනා......

    My girl නම් මගෙ කලෙක්ෂන් එකේ තියෙනවා :) කොහොමත් පරණ සින්දු සිරාම තමා අප්පා

    මම මේ දවස්වල ටිකක් වැඩිපුර අහන්නෙ මේ සින්දුව

    http://www.youtube.com/watch?v=RkWQDDv_qdg

    ReplyDelete
  6. මා ලඟ තියෙනවා කලෙක්ෂන් එකක් The greatest songs of the 80 කියලා. අම්මෝ...සිරාම සින්දු ටික.මාතලන් මේක අහලා තියෙනවද ? මේක අහලා බලන්නකො

    http://www.youtube.com/watch?v=rfuO1KMTosM

    ReplyDelete
    Replies
    1. මොනවද ළිහිනි මේ කතා කරන්නේ ඕකේ එකෝඩියන් පාර මගේ ජීවීතේට අමත වෙන්නේ නෑ... මගේ ෆේවරිට්ම එකක්. අර කලින් ගීතය නම් අදමයි ඇහුවේ... ඒකත් මරු ඈ...

      Delete
    2. 80's සිංදු වලට අපිට තියෙන්නේ ආත්මීය බැඳීමක්. කැසට් පීස් DTK, BASF මේවත් එක්ක යන දේවල් තමයි. සිංදු 12 විතර 60 කැසට් එකට වදිනවා 90 මිනිට් ඒවත් ආව. රෙකෝඩ් බාර් වල පොරවල්ට අපි දුන්න වදයක් ටොප් චාර්ට් වල පිටවෙන කොට මෙහෙ ඒ සිංදු ඉල්ලලා.ඊළඟට කොලිටියට ගහන්නත් ඕනෑ දාල බලල තමයි ගෙදර ගෙනියන්නේ. මාතලන් මතකද ටොප් 1000 කියල කැසට් සෙට් එකක් ලංකාවේ ගැහුවා ටොප් 1000 පලවෙනි එකේ පලවෙනි ගීඨය WE ARE THE WORLD. කෙල්ලොන්න්ට පේන්න පොරක් වෙන්න ටොප් 1000 කැසට් එකක් අරන් ක්ලාස් ගිහින් තියනවද?

      Delete
    3. ලැජ්ජා හිතෙන කතා කියන්න එපා මචෝ. ඕවා කෙල්ලන්ට ඇහෙන්න කොඳුරන්න පුරුදු වෙලාමයි ඉන්ගිරිස් සින්දු ඉගෙනගත්තේ. ඒකෙන් කඩ්ඩත් පොලිෂ් උනා. තොරාණා එකේ හිටපු පෝලිම මතකද උඹට.

      Delete
  7. Yeah. It is always a top most song. I just like the same kind,of some greatest hits too.

    Terrence Trece D'arby - Sign your name across my heart
    Eric Carmen - All by my self

    Thanks for refreshing me'

    ReplyDelete
    Replies
    1. Yeh boy the best of the best...!!!
      "Sign your name" by Terrance Trace - what a voice

      Delete
    2. Bobby is fantastic on his heals, Thumbs up for Bobby. (I got that video thanks Maatha..)

      Delete
    3. ඇයි Terence Trent D'arby ගෙ Wishing Well ගීතය
      මෙතනින් බලන්න

      Delete
  8. Q: What is the difference between a girl in church and a girl in bath?

    A: The girl in church has a hope in her soul.

    ReplyDelete
    Replies
    1. Question should be like this...

      What is the different between girl "After" mass and girl "After" bath..?

      I know the answer.. let allow others to guest....

      Delete
  9. මගේ පණ කියලයි මටත් හිතුනේ ඒ කාලේ පට්ට ගහපු සිංදුවක් මරු මචං. ඇපල් ග්‍රීන් එකේ ඕල්ඩරින් ගමගේ තමයි ඒ කාලේ මගේ ප්‍රියතම මතකද cutting crew ලගේ I just died in your arms tonight ගීතය ඔරිජිනල් ම කියනවා kool and the gang ලගේ Fresh ගීතයත් ඒ දවස්වල ඔරිජිනල් ගානටම කිව්වා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. ඊට පස්සේ ආපු ගෲප් අර වගේ සෙට් උනේ නෑ....

      Delete
  10. මාතලන්තුමා, රන්කඳ හොඳයි බං.

    උඹ මාව ආයෙම අතීත මතකයන් අතරෙ අතරමං කෙරෙව්වා.

    මමත් මගේ ප්‍රියතම ගීත ගැන පෝස්ට් කීපයක් දාන්න හිටියත් පොඩි අවුලක් තියෙනවා හැඳින්වීම ගැන. තුන්දොස් නොකිපෙන්න දාන්නෙ කොහොමද කියලා.

    උඹට කිව්වාම මොකද මගෙ තියෙනවා නෝස්ටැල්ජියා හිට්ස් කියල ෆෝල්ඩර් එකක්. ඒකෙ ඉන්නෙ කට්ටිය උඹ දන්නවා කියල මට ෂුවර්. මම ඒක දාගෙන තමයි හුඟක් වෙලාවට බ්ලොග් වෝක් දාන්නෙ. ඒ විතරක් නෙවෙයි ඒක අහ අහ තමයි උදේට කාලයක් තිස්සෙ ජොග් කරන්න්නෙ.

    මේ සින්දුවෙ කෝරස් එක තමයි මගෙ හිතේ ගැඹුරට කා වැදිලා තියෙන්නෙ.
    'Cause you are my, my, my, my lady soul. කියන කෑල්ල.

    ඔය ඇපල් ග්‍රීන් මට ඇත්තටමාමතක වෙලා බං තිබ්බෙ. ඒකත් හොඳ ගෲප් එක. උඹට මතකද Alston Coch කියලා ලංකාවෙ එකෙක් හිටියා ඕස්ට්‍රේලියාවෙ. පොරට ඩාක් ටෑන් කියලා ගෲප් එකක් හෙම තිබ්බා. ඩිස්කෝ ලේඩි තමයි ප්‍රසිද්ධම සින්දුව එයාලගෙ.

    ඉස්සර අපි ITN එකේ බලපු Fan Club, Musical Miscellany, Top of the Pops හෙම මතකද?

    හයියෝ මගෙ කාමරේ බිත්තිවල ගහලා තිබ්බ දේවල්!!

    තැංක්යූ මාතලන්තුමා!

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. @ ඩුඩෙ, මමත් ඒ දවස් වල Fan Club බැලුව නෙව. කොහොම හරි එක සින්දුවක් නම් මතකයි. අර Belinda Carlise කියන සින්දුවක් තිබුනා බං, කොහොම හරි ඒක බලන්න ඕක බලනවමයි. මොකෝ කියන්නේ ඒකි උඩට ඇදල හිටියේ බාගෙට බොත්තං දාපු OverCoat එකක් වගේ කෙංගෙඩියක්. සින්දුව යනකොට එකි හෙල්ලුනාම හැංගිල ඉන්න දේවල් සුට්ටක් එලියට පේනවා. අන්න ඒ හීනි ආතල් එක බලන්ට තමා ඉතිං

      Delete
    2. මොකද බන් මතක නැත්තේ මේ හැම දෙයක්ම මතකයි. එහෙම අයි ටී එන් එක තමයි දැන් නයි ටී ඇන් වෙලා තියෙන්නේ. එහෙම ළෝකය කියන්නෙ මොකක්ද කියලා අපිට කියලා දීපූ අයි ටි එන් එක තමයි අද රෙද්ද බැනියම අඬින 56 බූරූ පුත්තු දාගෙන දොරමඩලාව කියලා පිස්සු හුටන් එක්ක ගල් යුගයට ගෙනියන්නේ.

      ඇල්ස්ටන් කොක් ගේ ප්‍රසංගයක් හිටන් බැලුවා, මම ආස උගේ රැවුලට. මට රැවුල් කාරයෝ දිරවන්නෙ නැති උනාට ඌටනම් ඒක මාර ලස්සනයි. ඇයි නොයෙලින් හන්ටර්, මනිලාල්, තව මුස්ලිම් සෙට් එකකුත් හිටියා මරු වොයිස් තියෙන, උන්ගෙ නම් නම් මතක් කලොත් මතක් වෙයි. සොහාන්ට නම් මම එච්චරම කැමති නෑ..

      Delete
  11. මාතලන් හරියන්නේ අපේ මාමට...ඔය වගේ සින්දු මහා ගොඩක් එයා ගාව තියෙනවා... මම මොන්ටිසෝරි යන කාලේ තමා එයා ඕවා ඇහුවේ.. දැං එයාගේ පරණ කැසට් පීස් ටික ඔක්කොම අපේ ගෙදර දාලා ගිහින් අලුතින් සීඩී අරන් අහනවලු...

    බොරු මොකටද මම නම් අහලා තියෙනවා විතරයි.. බීට් එක මතකයි ... එක වචනයක් වත් මතකේ නම් තිබ්බේ නෑ... ලස්සනයි තමයි..

    මං මේ කල්පනා කළේ අඩුගානේ සින්දු වලින් වත්, ලවු කරන කෙල්ල ගැන මෙහෙම හිතන එවුන් ඉන්නවා ඇති නේද කියලා...

    ReplyDelete
    Replies
    1. ඇයි පනේ එහෙම කියන්නෙ. කෙල්ලෝ වගේ නෙමෙයි කොල්ලෝ ලව් කරන්නේ කිඩ්නියෙන්....

      Delete
    2. හරි හරි... ඒක තමයි මේ... මට දැන්‌ෙන් තේරැනේ... හාට් එකෙන් ලවු කරන්නේ නැති හින්දා තමයි ටික කාලයක් යන කොට ලවු මළ ඉලවු වෙන්නේ.. කෙල්ලෝ හාට් එකෙන් ලවු කරන නිසා හැමදාම කොල්ලා මගේ රන්කඳ.. ටික කාලයක් යනකොට නරක් වෙන කිඩ්නිය ( අරක්කු සිගරට් බීලා එහෙම) වගේ කොල්ලන්ගේ ලවු එකත් ටික කාලෙකින් නරක් වෙනවා..

      හි හි....

      Delete
    3. ඒක නම් ඇත්ත හිරු අක්කේ..... :)

      Delete
    4. එතකොට කොල්ලව දාලා යන කෙල්ලො... තෙල් කෑම කාලා.. කොලෙස්ටරෝල් බැඳිලා හාට් එකට කෙළ වෙලා වෙන්ටෑ..... යන්න අනේ යන්න....

      Delete
    5. කිඩ්නියෙන් ලව් කරන කොල්ලන්ට හාට් එකෙන් ලව් කරන්නේ කො‌ෙහාමද.. ඉතිං කෙල්ලො දාලා යනවා තමා... හි හි...

      Delete
  12. අපේ ලොකු මාමා ගාව ඔය 80 දශකයේ කැසට් පීස් සීයක් දෙසීයක් තියෙනවා. මිනිහා රට යද්දි අපේ ගෙදර දාලා ගියේ . අපේ තාත්තා නම් කන්ට්‍රි පිස්සෙක්. ඒ ආරේ සින්දුයි මිල්ටන්/ක්ලැරන්ස් ගේ සිංදුයි කැසට් එක ගෙවෙනකම්ම අහනවා විතරක් නෙවෙයි වාහනේ දාං ගිහින් අපිටත් අස්සනවා. මට තවම මතකයෙන් කියන්න පුලුවන් මිල්ටන් ප්‍රණාම 1 සිංදු තියෙන පිලිවෙල/

    ReplyDelete
    Replies
    1. උඹ වගේ නොවෙයි අනිවාර්යයෙන් බොක්ක හොඳ එකෙක් වෙන්න ඕන උඹේ තාත්තා..

      Delete
    2. මාතලන් උඹ ආතල් ඒක කෑවා මං හිතන් හිටියේ මම තාම කොල්ලෙක් කියල දැන් බලනකොට අපි අහපු අහන සිංදු ඇවිල්ල මාමල තාත්තල අහන ඒවා. දැන් අපි මාමලද? යකෝ තව ටික දවසකින් කියයි අපේ සීය අහන්නේ ඔය සිංදු කියල. ශික්

      Delete
    3. පිස්සුද මචං අසූව උනත් අපි කොල්ලොම තමයි. කෝමද බිග් මැච් එකේ සෙට් උනාම.. කවුද වැඩිම ආතල් ගන්නේ.. වයස තියෙන්නෙ කෙස් ගස් වල නෙමෙයි මචෝ හිතේ.. පිටරට උන් කියන්නෙ මම වයස ගැන කියන්නෙ බොරු කියලා.. තාමත් කොල්ලො වගේ තමයි.. දන්නෝ දනිති...

      Delete
    4. හි හී... අසූව කාලේදී මාතලන් සහ උදිත අයියා කොල්ලො...අපි ඉපදුනෙත් අසූවේ අවසන් හරියෙදී හි හී...එතකොට ඒ සින්දු සීයලාගෙ කාලේ ඒවා නේන්නම්

      Delete
    5. @ ළිහිණි

      ඒ ගැප් එකත් වයසක්ද නංගි......

      Delete
    6. age is no barrier fot the things under the buriya! නැද්ද? :D

      Delete
  13. අනිවාරයයෙන්ම එන්නම ඕන....

    ReplyDelete
  14. බටහිර ගීත වල තියෙන රිදම් එක වගේම සවුන්ඩ් රෙකෝඩිං කොලිටි එකනම් පට්ටයි.... හෙඩ් ෆෝන් එකත් දාගෙන ඇස් පියාගත්තම මරු....

    ReplyDelete
  15. අන්තිම සින්දුව නිකම් අහල තියේ අහල තියේ වගේ.ඒත්.......... පිරිමි අය දම් පාටඇන්දම වස කැතැයි.

    ReplyDelete
    Replies
    1. මේ 1960 හෝ 1970 කේස් එකක්. අනික ඕක ෆිල්ම් එකක කෑල්ලක්. එහෙම කියන්නේ ඇයි පනේ. එතකොට මගේ දම් පාට ටී ෂර්ට් එක.

      Delete
  16. aaයෙත් අහල.. ඵට්ටයි .. මා + තලන් සියේ :D

    ReplyDelete
    Replies
    1. තව දෙන්නම්කො කොලුවෝ ඉස්සරහට...

      Delete
  17. කෝ යකෝ මගෙ රංකඳ මතකනේද සින්දුව ?
    මාරයා අපි වගේ අයට අහන්න හිංගල ෂිංදුවක් දාපිය.... අපිට ඔය මගුල් තේරෙන එකක්යැ...
    මේ මගුල් රටේ බොහොමයක් යූ ටියුබ් සිංදු බලන්න බැහැ... හරිම ඇණයක්....

    ReplyDelete
    Replies
    1. උඹත් මාරයාගේ ජාතියෙද... සමහර උන්ට ඉන්ගිරිස් සින්දු අරහං. අපේ බාප්පා කෙනෙක් ඉන්නවා. ඌට් කොයිකත් අරහං

      Delete
  18. පට්ට තේරුම් ටිකක් තියෙන එළම සින්දු ටික..... ;)

    ReplyDelete
    Replies
    1. සමාන්‍යයෙන් අපේ උන් වගේ යටි පෙල අරුත් ලියනව අඩුයි උන්...

      Delete
  19. සිංදුව හැමදාම රස විඳ විඳ ඉන්න.මැරෙන්න නම් එපා.
    අතීත මතකයන් රැසක් ඔබ අවදි කරවූවා.

    ReplyDelete
    Replies
    1. මෙවයේ රස දන්නෝ දනිති...

      Delete
  20. ඇත්තටම මේක දැම්මේ සති අන්තයේ දුක/සැප බෙදාගන්න අපි වෙනුවෙන් එයාලටද?ඔබාමාගේ දෙවැනි ප්‍රාප්තියටද?නැත්නම් අනිද්දා හැම මගුලක්ම සමරණ ජාතියම කන "වේයටද"?නියම මතක් කිරීමක්.මේකට කියන්නේ "වරකා" කියලද?වැල අත්තනනගල්ලේ ලියලෙනවලු!!!!!!

    ReplyDelete
    Replies
    1. අම්මට බොල අද ලොක්කගේ බොර්ත් ඩේ එකනේ.. යන්න ඕන ඒ පැත්තේ පොල් පැලේකුත් අරගෙන. මොකෝ මල් අරගෙන ගියොත් ලොක්කා බනියි...

      Delete
  21. Replies
    1. පළතුරු හතයි. බුලත් අතයි....

      Delete
  22. මක්කෙයි බොල ලව් කරන උන්ට විතරක්, අපි මේ සින්දු ඇහුවහම නාක් වෙනවද,

    අද තමයි මුලින්ම ඇහුවෙ, පස්ට

    ReplyDelete
    Replies
    1. පිදුම, මාරයාට
      උන්දැත් 60 පැනල ලව් කරනවද අයියෙ

      Delete
    2. ඇයි යකෝ 60 පැන්නම ලව් කරන්න තහනම්ද...?

      Delete
  23. gold is gold..we too often listen to these old hits..thanks Mathalan

    ReplyDelete
    Replies
    1. මම නම් ගොඩක් වෙලාවට අහන්නේ 80's

      Delete
  24. බොල හු....

    මෙව්වට කියන්නේ බල්ලන්ට අමු පොල්ලෙලි දෙනවා කියලා...

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා.... මම දන්නවා උඹ මේවට මාර කැමතියි කියලා. අන්න වෙනියා උඹට ච්ත්‍ර කතාවකුත් දාලා...

      යකෝ.. මේ සින්දුවක් දෙකක් ඉගෙන ගනින් නාකි සුද්දියෙක් වත් සෙට් කොරන්ඩ. මොකෝ බැන්දයින් පස්සෙ උඹට අහන්න වෙන්නෙ මේවනේ...

      Delete
  25. ඉංගිරිසියෙන්ම කිව්වොත් - සුපිරි

    ReplyDelete
  26. ඔහේ එක්දාස් අටසිය බර ගණන් වල ඉපදිච්චි ඈයෙක්‌ ද ?

    ReplyDelete
    Replies
    1. ඔව්...ඔව්... හැබයි ගල් යුගේ නම් නෙමෙයි....

      Delete
  27. සිරාගෙ කාමරේ, ඔව් මචන් සරමක් ඇදගෙනම වැඩේ කරනකොට ආතල් වැඩිය්

    ReplyDelete
  28. @ සිරා
    මලකුත් ගැහුවනම් පට්ට..

    @ ඇනෝ
    සරම ගලවන්නෙ නැතුව ලයිට් නිමලා කරන කෙනෙක්ද කොහෙද

    ReplyDelete
  29. මම නම් කොහොමත් කඩ්ඩ සිංදු වලට ආසම නෑ......කෝකටත් අහලම බලමුකො..............

    ReplyDelete
    Replies
    1. මාරයගේ ක්ලබ් එකක් තියෙනවා ඒකට සෙට් වෙයන්. සංගීතයේ මිහිර තියෙන්නේ ඉංග්‍රීසී ගීත වල...

      Delete
  30. සිරා සිංදුව.. හැබැයි සෑහෙන කාලෙකින් මේ ඇහුවේ....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න