.

.

Oct 12, 2015

ඇත්තටම ලංකාවට නිදහස ලැබුණේ කවදාද? - When we achieved independence?



- චානුක වත්තේගමයන්ගේ ළිපියකි - 

සියයට 99 ක් අපේ රටේ 'පොඩි මිනිහාට' නම් තරමකට හෝ සිය හිස කෙළින් කොට ගෙන දෙපයින් නැඟී සිටීමේ නිදහස මුල් වරට ලැබෙන්නේ 1833 දීය.

එතෙක් ඔහු කළේ තමන්ට කියා බිම් අඟලක් වත් නැතිව පාලකයින්ට දිවි ඇති තුරා නිවට නියාලුව කඹුරන එකය. රදළයා රැගත් අසු කුර හඬ ඇසුණු සැණෙකින් කස පහරට බියෙන් සාළුව කරින් ගෙන ලැහැබට රිංගන එකය. නිවසේ හුණු පිරියම් කර ගැන්ම පිණිස "පස්වාන් දහසකට බුදුවන්ඩ දෙයි හාන්දුරුවනේ..." කියා රදළයාගේ දෙපාමුළ ඇද වැටී අවසර ලබා ගන්නා එකය. දෙවුර වසන්ට අවසර නැති ගැමිලිය රුවැති දියණියන් රදළයාට බන්දේසියක තබා පිදීම තම ඉරණම සේ තකන්ට පුරුදු වූ ගැහැණියකි.

මොවුන්ට තමන්ගේම ජීවිතයක්, රදළයා විසින් ඔවුන්ගේ ඉරණම තීරණය නොකෙරෙන සාධාරණ නීති පද්ධතියක් ලැබෙන්නේ 1833 දී ක්‍රියාත්මක වූ කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ වලින් පසුවය. 1833 අපේ රට වැඩවසම් යුගයේ සිට නූතනත්වයට පා තැබූ සන්ධිස්ථානයයි.

මහමුදලි බණ්ඩාරනායකගේ පුතා උපන් අවුරුද්දේම එනම් 1896 දී උපන්, කිසිම බලපුළුවන්කාරකමක් නොතිබුණු, දිළිඳු ගැමියකු වූ මගේ සීයාට තම පුතුන් දෙදෙනාගෙන් එකකු අධිනීතිඥයකු හා අනෙකා රජයේ උසස් නිලධරයකු කිරීමේ 'නිදහස' (ඉන් සියවසෙකට පමණ පසුව) ලැබෙන්නේ 1833 සිදුවූ මේ වෙනස නිසාය. එසේ නොවේ නම් අප සියළුදෙනාට රාජසිංහ රජ්ජුරුවන්ගේ දෙමළ මුණුපුරාගේ ඇත්හලෙහි ඇත් බෙටි අදින්ටත් සිදුවන්ට ඉඩ තිබුණේය.

1948 දී සිදුවුණු බම්බුවක් නැත. ලංකාවේ ඉන්දියාවේ මෙන් ප්‍රබල අර්ථවත් නිදහස් සටනක් කෙදිනකවත් නොවීය. සටනක් වී නම් ඒ 'ලොක්කන් වූ සොක්කන්' කිහිප දෙනකුට සුද්දාගෙන් කිරීටය අරන් දීම පිණිසය. එනිසා 1948 පෙබරවාරි මාසයේ පස් වැනිදා තිබුණේද තුන්වැනිදා තිබුණු රටමය. සිදුවූයේ පාලකයින්ගේ සමෙහි පැහැය මාරුවක් පමණෙකි.

1956 දී මහා විප්ලවයක් වීය සිතන 'පොඩි මිනිස්සු' අදත් වෙති. මේ අඩු තරමින් 1956 දී සිදු වූ දේශපාලන මගඩිය තේරුම් ගන්ට තරම් වත් නොහැකි මනසින් පොඩි මිනිස්සුය.

1972 දී 'නිදහස' ලැබූ යම් පිරිසක් වෙත් නම් ඒ දේශපාලන සම්බන්ධතා මත මෙරට උසාවි වලින් නිදහස ලබන අපරාධකරුවෝය. කලින් තිබුණු ක්‍රමය යටතේ ඔවුන් රැජනගේ උසාවියට යොමුකළ හැකිව තුබුණේය.
1977 දී නම් පොඩි මිනිහාට පොඩි ආර්ථික නිදහසක් ලැබුණේය. අද අප මේ අත් විඳින සාපේක්ෂව සුව පහසු ජීවන රටාව එහි ප්‍රමාදවී ලැබුණු ප්‍රතිඵලයකි.

1989 හා 2009 දීත් පොඩි මිනිහාට නැවත ඇඟට දැනෙන, හුස්ම ගන්ට නිදහසක් ලැබුණු බව සටහන් විය යුතුය.එහෙත් ඒ අළුත් නිදහසක් නොව, බියෙන් සැකයෙන් තොරව ජීවත් වන්ට, පෙර තිබී අහිමිව ගිය, නැවත ලැබුණු නිදහසකි.

මට හිතෙන්නේ අපට නිදහස ලැබුනේ 1833 දී බවය.

සුපර්ස්ටාස්ලා වැරදිය.

නමුත් ඔවුන්ට හිනැහෙන්නෝ ඊටත් වැරදිය.

128 comments:

  1. මටනම් හැඟෙන්නේ අපට තවමත් හරි නිදහසක් ලැබී නැතිබවයි. යහපාලනයට කඩේයාමට සිදුවුයේද එහි ප්‍රතිථලයක් ලෙසිනි . එහෙත් ?!

    ReplyDelete
    Replies
    1. හැඟෙන්න දියක් නෑ... සුද්දා දාලා ගිහින් සුළු කාලේකට පසුව පටන් (1972) උන් දීපූ නිදහස නැති උනා.. අදටත් මෙහෙම ඉන්නේ තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ට පින් අත් වෙන්න නෙමෙයි... අදත් සුද්දා මෙහේ ඒවට හොට දාන නිසා...

      Delete
  2. එහෙමනම් 1833 වෙනසට මුල පිරුණේ 1815 ශ්‍රී වික්‍රම රාජසිංහ ගේ පාලනය අවසන් වීම නිසා කිව හැකියි.

    දුක තමයි 1848 දීත් පුරං අප්පුලා වගේ අය ගොංගාලේගොඩ බණ්ඩාව රජ කරලා ආපහු බලුගැත්තර කාලයට යන්නට උත්සාහ කිරීම!

    ReplyDelete
    Replies
    1. ඇයි 2015 දී... මහින්දාගමනය... කෙස් ගහෙන් අරික්කාලෙන් බේරුනේ... අපේ දරුවන්ගේ පිනකට..

      Delete
    2. 1848 කැරැල්ල සාර්ථක වුණා නම් පෑලියගොඩ ඩේවිඩ් කියන නූගතා රජ වෙලා අනිවාර්යයෙන්ම ලංකාවේ රජ පරම්පරාවක් බිහි කරනවා. ඊට පස්සේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ කළා වගේ චෝදනා ලැබූවන්ගේ පවුල් පිටින් ඝාතනය කරනවා දඬුවම් වශයෙන්. අදටත් උතුරු කොරියාවේ යම් කිසි කෙනෙක් බරපතල වැරැද්දක් කළොත් පරම්පරා තුනක උදවියට මරණ දඬුවම හිමි වෙනවා (උදා.: වරදකරුගේ සීයා/ආච්චි සහ දෙමව්පියන් දඬුවම් විඳිය යුතුයි - Three Generations of Punishment).

      අනේ කුහුඹියනේ, කොහොමද තොපේ රජ්ජුරුවෝ?

      Delete
    3. ඇනෝ ගෙ කතාව ඇත්ත එවෙලෙ ගොඩ බන්ඩ හෝ පුරන් අප්පු රජ වුනානම් උන්ගෙ මුනුපුරාල ලැම්බෝගිනි පද්‍යි.අපි උන්ගෙ ඇත්ගාල්වල අලිබෙටි අහුලයි.අපිටත් රජෙක් කියල අපි නටාවි.

      Delete
  3. "රාජයුගය තවම අවසන්ව නැත. මහජන යුගය එළඹීමට තව කල්තිබේ." මේ කොමන්ටව ආනන්ද කුමාරස්වාමිගේ (1908 ප්‍රකාශිත මධ්‍යකාලීන සිංහල කලා කෘතිය). ඒක එදාට වගේම අදටත් වළංගුයයි මට සිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ආයෙත් උදා වෙන්න ගිහින් දශමෙන් බේරුනේ....

      Delete
  4. අනේ මන්දා මාතා................ මටනං හිතෙන්නේ ම අපිට තාම නිදහස ලැබිලා ම නැහැ කියලාමයි.... අැයි මන්දා?????????

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඇත්ත... එ හැඟිමේ කිසි අවුලක් නෑ...

      Delete
    2. නෑ බං මං බැලුවේ ඒහෙම හිතෙද්දි නොකියත් බැහැ.. කියලත් බැහැ..... අනික මෙහෙම දැනෙන්නේ මගේ අවුලක්ද දන්නෑනේ මාතා..... නිදහස් නං ඒ බව දැනෙන්නේ ඔ්නේ නේද බං.....????

      Delete
  5. මට හිතට දැණුනු නිදහස් දවස් නම් 1989 නොවෙම්බර්, 2009 මැයි 19, සහ 2015 ජනවාරි 8.

    ReplyDelete
    Replies
    1. මාර ෆීලින්ග් එකක් ආපු දවස් තමයි... එපා උන දවස් තමයි 1983 ජූලී කලබල.. ඇස් දෙකෙන්ම දකින්න පව් කරලා තිබුනනේ...

      Delete
  6. මටනම් මෙහෙම දෙයක් හිතෙනවා .
    නිසහස් දිනය කවදද ,රටේ අගනුවර මොකක්ද කියන දේ නොදැන සිටීම මහා අපරාධයක්නම් නෙවෙයි.
    මොකද ඒක දැනගත්තා හෝ නොදැනගත්තා කියලා ඒ පුද්ගලයාගේ ජීවන රටාව හෝ ඔහුගේ ක්‍රියාකාරකම් වල වෙනසක් සිදුවෙන්නේ නෑ.
    කොටින්ම ඒ පුද්ගලයා අපරාධකාරයෙක් නෙවෙයිනම්, ජනතාවගේ මුදල් බිලියන ට්‍රිලියන ගණන් වලින් කොල්ල කාලා නැත්තං, බාල වයස් කාරියන් 400 ක් 500ක් දූෂණය කරලා නැත්තං. කොටින්ම සමාජ විරෝධී චරිතයක් නෙවෙයි නම් ඒ නොදැනීමෙන් සමාජයට වෙන හානිය කුමක්ද?

    ෂර්ලොක් හෝම්ස් කතාවක එක තැනක මෙහෙම දෙබසක් තියෙනවා

    දොස්තර වොට්සන් : " මට පුදුමයි හෝම්ස් ඔබ පෘතුවිය ඉර වටා ගමන් කරනවා කියා නොදැන සිටීම ගැන "

    ෂර්ලොක් හෝම්ස් : ඔබට පුදුම වුනාට , එක දැනගත්තා වුනත් මම දැන් කොහොම හරි උත්සාහ කරනවා ඒක අමතක කරන්න , මොකද පෘතුවිය ඉර නීයි හඬ වටා ගියත් මට මොකද එකෙන් මගේ ජීවිතයට හා මගේ ක්‍රියාකාරකම් වලට අබමල් රේණුවක වෙනසක් නොවෙනවානම් "

    ඉතිං මූලික කාරණය ඔය කියන පුද්ගලයින්ගෙන් සමාජයට හානියක් නොවෙනවානම් අනික් දේවල් ගැන අපි වෙහෙසේන්නෙ ඇයි ?
    ඔය හැම දේම දන්නා , රටට ජාතියට ආදරේ , රටවෙනුවෙන් මැරෙන්න ලැස්ති මිනිස්සු කියන කරන දේවල් දැක්කම මේක මොකක්ද?

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... මම එකයි මේක බුකියේ දැක්ක ගමන් චානුකගෙන් අහලා මෙතන දැම්මේ.. මොකෝ මම ලිව්වත් ලියන්නේ උඹ කියපු දේයි, චානුක ලියපු දේයි සංකලනයක්..

      මේ උඹට වැඩ නැද්ද ඈ... මම නම් නිවාඩූ..

      Delete
    2. ඔන්න typical පුකේ වම්මුන්ගේ ටෝක් එකක්.... තුඃ නොදකින්

      Delete
    3. ඉවාන් පවුලූශා තමයි නියම පුකේ වමා.

      Delete
    4. @ Maathalan - Priyantha Hewage October 13, 2015 at 12:08 AM

      මාතලන්, මොකද අද උඹට නිවාඩු? ඊයේ ටුවර් එකක් ඉවර කළා වත් ද?

      Delete
    5. අද උඹලගෙ බොස් නිවාඩුද ?

      Delete
    6. ඉවාන් මෙතන අවස්ථාව නේද වැදගත් ? මේක කතාබහට ලක්වන දෙයක්, විහිළුවක් වෙන්නේ එය සිදු වූ අවස්ථා සම්බන්දය නිසා නේද? මටනම් මේ සිද්දිය හිනා යන කුණු රස දෙයක්..

      Delete
    7. බොසාට හොඳටම අමාරුයි.. උඹලා බලන්න ගියේ නැතෙයි...

      Delete
    8. දැන් කස්ටිය එයි තැඹිලිත් අරගෙන... අඹ නම් ගේන්න එපා කියන්න...

      Delete
    9. ස්ටිල් අලයිව් කියන්නෙ. මාර අලේ තමයි. දැන් මොකද කරන්නෙ. පාංසකූලෙට අඹත් ලෑස්තියි. දානෙට ඉතාලියෙනුත් වඩිනවලු

      Delete
  7. නිදහස , ආත්ම ගරුත්වය ආදී දේවල් ඔක්කොම මානසික ෆැන්ටසි කියලත් සමහර වෙලාවට හිතෙනව.
    බටහිර ( හෝ NZ / A ) යන අපේ සමහර අය සුද්දෙක් නිකම් අහක බැලුවත් අපිට අපහාස වෙනවයි කලු සුදු බේදෙයි කියල කෙඳිරි ගානව, මෙහෙ ඉන්නකොට දේශපාලකයොයි, පොලිස්කාරයොයි, රජයේ නිලධාරීනුයි, තමන්ගෙ බොස්ලයි, තග්ස්ලයි, ලොකු බිස්නස්කාරයොයි ඔක්කොම තමන්ව සෙකන්ඩ් ක්ලාස් එකට දානකොට කරබාගෙන ඉන්නව විතරක් නෙමෙයි උන්ට වඳිනව.

    මං හිතන්නෙ නිදහස නැතිවෙන්න පටං ගත්තෙ 1948න් පස්සෙ. ඉගනීමෙන් හා ස්වෝත්සාහයෙන් ( ඉඳල හිටල ඇන්ග්ලිකන් ආගම වැලඳ ගැනීමත් නරක වුනේ නෑ )සාමාන්‍ය මිනිහෙක් ( හොරකම් හා දේශපාලනේ නැතුව ) දියුණුවුනේ 1815 න්සිට 1948 දක්වා.

    ( පොඩි අතිශයෝක්තියක් ඇති but you get the idea M? )

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම... නොරට ගියත් ඒ රටේ පරිසරය අනුව හැඩගැහෙන එකාට කිසි අවුලක් නෑ.. උන් කං කෙදිරි ගාන්නෙත් නෑ.. එහේ ගිහිනුත් අඬන්නේ, බෝ ගස් වඳින්නයි, කරවල කෑල්ලක් කන්න දඟලන ගොන් බයියෝ තමයි...

      හොඳ රටකට ගියාම අපිට මෙහේට වඩා නිදහසක් තියෙනවා..

      Delete
  8. නියම ලිපියක්.කොහොමත් මේ රටේ පුරවැසියෝ බහුතරයක් තාමත් අත්විදින්නේ නාමික නිදහසක්නේ.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... ලිපිය බොක්කටම වැදුන නිසා තමයි බලෙන්ම වගේ දැම්මේ...

      Delete
  9. එකඟ වන්නේ නැහැ. අපේ අපේ නිදහස තහවුරු කරගත්තේ 1972 ජනරජ ව්‍යවස්ථාවෙන්.

    ReplyDelete
    Replies
    1. නැත්තං .....පහුගිය කාලෙ නිදහසේ ධවල රථයක යන්ඩෑ සුද්දො හිටියනම්,

      Delete
    2. සිරිමා බණ්ඩාරනායක 1972 ව්‍යවස්ථාව ගෙනල්ලා ලංකාව "ජනරජයක්" කරන්න දත කෑවේ දේශප්‍රේමය නිසා කියලා කවුරු හරි හිතනවා නම් ඒක වැරදි යි. 1972 වර්ෂයට පෙර ලංකාවේ මිනිස්සුන්ට තිබුණා අයිතියක් ලංකාවේ අධිකරණයකින් සාධාරණය ඉෂ්ට නොවෙනවා නම් එංගලන්තයේ ප්‍රීවි කවුන්සිලයට අභියාචනයක් ඉදිරිපත් කරන්න. ප්‍රීවි කවුන්සිලයෙන් දෙන තීන්දුව රටේ සියළුම අධිකරණවලින් දෙන තීන්දුවලට වඩා ඉහළිනුයි තිබුණේ. 1962 සිද්ද වෙන්න ගිය හමුදා කුමන්ත්‍රණ සිද්ධියේදී සමහර හමුදා නිලධරයන්ට බොරු චෝදනා ගොනු කරලා සිර දඬුවම් නියම වුණා ලංකාවේ අධිකරණයෙන්. ඒ අය එංගලන්තයේ ප්‍රීවි කවුන්සිලයට අභියාචනා ඉදිරිපත් කරලා තමුන්ගේ නිර්දෝශීභාවය පෙන්වා සිටියා. ප්‍රීවි කවුන්සිලයෙන් ඒ සියළුම හමුදා නිලධරයන්ව නිදොස් කොට නිදහස් කෙරුණා. ඕකට මල පැනපු සිරිමා "උඹලා එංගලන්තෙට ගිහිල්ලානේ බේරුණේ .... හිටපියව්, උඹලාට දෙඤ්ඤං බැටේ" කියලා 1970 දී බලයට ආපු ගමන්ම ප්ලෑන් කළේ ලංකාව ජනරජයක් කරලා තමුන්ට ඕනෑ ඕනෑ විදියට ලංකාව අල්ලේ නටවන්න. ඒ අනුව 1971 දී උත්තර මන්ත්‍රී මණඩලය අහෝසි කළා. එයින් වුණේ පහළ මන්ත්‍රී මණ්ඩලයෙන් (පාර්ලිමේන්තුවෙන් ) පාස් කරන අසාධාරණ අණ පනත් නැවත විමර්ශනයට ලක් කිරීම ඇණ හිටීම යි. ඊට පස්සේ ලංකාව ජනරජයක් කරලා 1975 දී පවත්වන්න නියමිතව තිබුණු මහ මැතිවරණය ජනරජයේ නාමයෙන් 1977 ට කල් දැම්මා. 1976 මුල්කිරිගල අතුරු මැතිවරණයෙන් පස්සේ මුදල් ඇමති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක යූඇන්පියෙන් සහ ලංකා සමසමාජ පක්ෂයෙන් මන්ත්‍රීවරු බිලී බාලා මහ මැතිවරණය 1979 ට කල් දාන්න හැදුවා.... හැබැයි වැඩේ හරි ගියේ නැහැ.

      අන්තිමේදී රටේ මහජනයාට වුණේ සිරිමාගේ පටු අරමුණු නිසා 1972 ට පෙර තිබුණු නිදහස ශ්‍රී ලංකා ජනරජය කියන අල්තාරය උඩ තියලා තමුන්ගේ අත පයට විලංගු දාගන්න සිදු වීමයි.

      Delete
    3. විචාරක සමඟ එකඟයි. නීතිමය වශයෙන් රටක් ස්වාධීන විය යුතුයි. ප්‍රීවි කවුන්සිලය කියන්නෙ එංගලන්තෙ ශ්‍රේෂ්ඨාධිකරනයට. එක රටක පනත් තව රටක ඉහල උසාවියකින් විමසන්න බෑ. සුද්දො 1815 දි ලංකාව අල්ලගත්ත එක ප්‍රගතිශීලී වුනත් සදාකල් ලංකාව එංගලන්තෙ කොලනියක් වෙන්න ඕන නෑ. ජනරජයක් වීම නිවැරදිම දෙයක්.
      මේ ඇනෝ ඉන්දියාවෙන් කුලියට ගොයම් කපන්න ආපු කල්ලතෝනියෙක් වෙන්න ඇති නැත්නම් මෙහෙම නරුම කතාවක් කියන්න පුලුවන්යැ.

      සිරිම කරපු බලු පාහර වැඩේ ඒක නෙමෙයි. 1975 දි තියන්න තිබුන චන්දෙ අවුරුදු දෙකකින් කල්දාපු එක. ඒකෙන් මුලු රටේම ඉතිහාසය වෙනස් වුනා. ඒ තීරණය ලංකා ඉතිහාසයෙ ලොකුම කලු පැල්ලමක්. සිරිමගෙ ප්‍රජා අයිතිය සදාකාලිකවම තහනම් කළානම් හොදයි.

      Delete
    4. ප්‍රිවි කවුන්සිල් එක තිබුනනම් එල්ලුම් ගහට අහින්ංසකයො යන ප්‍රතිශතය තව අඩුකර ගන්න තිබුනා. :- ඪ් කොහොමත් එතකොට මරණ දඬුවමත් තියන එකක්නෑ.
      මං මෙහෙ ගැන දන්නා (සෑම දෙනාම දන්නා සහ ටිකදෙනෙක් පමණක් දන්නා) සමහර කරුණු නිසා මං නම් ඒවගේ අභියාචනයක් තියනවට කැමතියි.

      (මගෙ මුතුන් මිත්තො ගොයම් කපන්නද ආවෙ දන්නෙ නෑ, ඒත් රාවණ ස්ටයිල් හෙල ලේවලට වඩා තියෙන්නෙ ඉන්දියන් ලේ වෙන්න ඕනෙ. ඒ නිසා බනින්න එපා MM :-DDD )

      Delete
    5. අවුලක් නෑ විචා... ඔක්කෝම එක වගේ නෑ නේ.. මගේ මතය නම් 1972 දීත් නිදහසක් ලැබුනා.. ඒ ප්‍රාවේනීදාසයෝ වගේ ගල් යුගයේ ජීවත් වෙන්න කැමති බයියන්ට. ඔය හෙට අනිද්දා විහාර මහා දේවී එකට සෙට් වෙන්නේ එහෙම නැට්ට හැලිච්ච නැති සෙට් එකක්..

      Delete
    6. අද අපි සිංහල කියලා හඳුන්වන මනුෂ්‍යයන් මීට අවුරුදු 3000 කට නැත්නම් 4000 කට පෙර දකුණු ඉන්දියාවෙන් මේ දූපතට ආපු කල්ලතෝනින් තමයි. සිංහලයෝ කියලා ලෝකේ වෙන කොහේවත් නැති මනුෂ්‍ය කොට්ඨාශයක් නැහැ. ජාන පරීක්ෂාවක් කළොත් පෙනෙයි මධ්‍යස්ථ සිංහලයනුත් දකුණු ඉන්දියාවේ ගොයම් කපන උදවියත් එක ම ජාතියකට අයිති අය කියලා. වෙනසක් තියෙනවා නම් තියෙන්නේ ඒ ජාතිය දෙමළ, මලයාළම්, කන්නඩා, සිංහල කියන විවිධ භාෂාවන් කතා කරන එකේ විතර යි. එතකොට අහයි එහෙනම් ඔය භාෂා අතරින් කොහොමද සිංහල විතරක් උතුරු ඉන්දීය භාෂාවලට නෑකම් කියන්නේ කියලා. ඒකට හේතුව උතුරු ඉන්දියාවෙන් ආපු ආර්යයන්ගේ බලපෑම ලංකාවේදී පමණක් විශාල වීම.

      Delete
    7. කවුද දන්නෙ ඇනෝ එන්නෙ උබ කියල .දන්නවනම් මෙහෙම කියන්නෙ නෑ සොරි ඈ හෙහ් හෙහ්

      Delete
    8. කවුද දන්නෙ ඇනෝ එන්නෙ උබ කියල .දන්නවනම් මෙහෙම කියන්නෙ නෑ සොරි ඈ හෙහ් හෙහ්

      Delete
    9. ප්‍රීවි කවුන්සිලය යනු අභියාචනාධිකරණයක්.

      ඕනෑම ස්වෛරී රටක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳීමෙන් තමුන්ගේ ස්වාධිපත්‍යය යම් ප්‍රමාණයකින් නැති කර ගන්නවා. යම් කිසි කෙනෙක් යම් සංවිධානයකට බැඳෙනවා යයි කියන්නේ තමුන් ඒ සංවිධානයේ අරමුණු සමඟ එකඟ වනවා සහ ඒ අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස තමුනුත් දායක වනවා කියන එක. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවලට හිතූ හිතූ දේ කරන්න බෑ. ඒ වාගෙම තමයි, යුරෝපීය සංගමය වැනි කලාපීය සංවිධානත්. යුරෝපීය සංගමයේ සියළුම රටවල් තමුන්ගේ ස්වාධිපත්‍යය එක්තරා ප්‍රමාණයකින් නැති කර ගෙනයි තියෙන්නේ. ඒ රටවල ඉහළම අධිකරණය වන්නේ යුරෝපීය අධිකරණය. තමුන්ගේ රටේ අධිකරණයකින් සාධාරණය ඉෂ්ට වෙන්නේ නැත්නම් යුරෝපීය සංගමයේ රටක පුරවැසියෙකුට තමුන්ගේ රටින් පරිබාහිරව ඇති යුරෝපීය අධිකරණයට යා හැකියි. එතැනදී කවුරුත් කියන්නේ නැහැ යම් රටක නීතිය යුරෝපීය අධිකරණයෙන් විමසන්න බැහැ කියලා.

      1972 වර්ෂයට පෙර ලංකාව Commonwealth Realm රටක්. ඒ අනුව ලංකාව ස්වකැමැත්තෙන් Judicial Committee of the Privy Council හි තීන්දු පිළිගැනීමට බැඳී සිටියා. සිරිමා බණ්ඩාරනායක මෙය නැති කර දැම්මේ ලංකාවේ ජනතාවට තිබුණු අමුතු ආදරයක් නිසා නෙවෙයි; අර හමුදා නිලධරයන්ට සාධාරණය ඉටු වීම හේතු කොට ගෙන ඇති වූ ඊර්ශ්‍යාව මුසු කේන්තිය නිසා.

      Delete
    10. යුරෝපා රටක වැසියා යුරෝපා උසවි ය න එකයි අපි ප්‍රීවි කවුන්සල් යන එකයි දෙකක්.අපි ගියෙ රැජිනගෙ යටත් වැසියො විදියට.

      Delete
    11. ලංකාවේ පුරවැසියෝ බ්‍රිතාන්‍ය කිරීටයේ "යටත් වැසියෝ" වෙලා හිටියේ 1948 තෙක් පමණයි. එක්සත් රාජධානියේ 1949 ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක වුණු රටවැසි පනතට අනුව ලංකාවේ ජනයා තව දුරටත් "බ්‍රිතාන්‍ය යටත් වැසියන්" හැටියට සැළකුණේ නැහැ. ඒ නිසා 1949 සිට 1972 තෙක් අපි ප්‍රීවි කවුන්සිලයට ගියේ "රැජිනිගේ යටත් වැසියන්" හැටියට නෙවෙයි; ලාංකික පුරවැසියන් හැටියට.

      කාගේ පුරවැසියා/යටත් වැසියා වුණත් සිරිමා/ෆීලික්ස් දෙපලගේ පළිගැනීමකට ලක් වුණු ඒ හමුදා නිලධාරීන්ට සාධාරණය ඉෂ්ට වුණේ රැජිනිගේ ඒ අභියාචනාධිකරණයෙන්.

      2004 දී එස්. බී. දිසානායකව ඉතාමත් අසාධාරණ ආකාරයට අවුරුදු 2 කට හිරේ දැම්මේ 1972 ට පෙර අපට තිබුණු නිදහස ඒ වෙනකොට නැතිව ගොසින් තිබුණු නිසා.

      Delete
    12. AnonymousOctober 13, 2015 at 2:10 AM
      මේ කාරණාවෙදි ඇනෝ එක්ක එකඟයි. මට නං ඕන "නිදහස තියනවද නැද්ද" කියන නාම මාත්‍රික දෙයක් නෙවේ. ඇත්තටම සාධාරණය ඉටුවන තැනක්.
      ඒක ලංකාවෙදි බැරිනං වෙනත් රටකදි, එතනදිත් බැරි නං එජා හමුවේ. එතනිනුත් බැරි නං අඟහරු ලෝකෙදි උනත් කමක් නෑ.

      (මොකද මම අඟහරු වල එකෙක්)

      Delete
    13. MM සහ Ano , සමාවෙන්න මාතෘකාවට අදාල නොවන දෙයක් අහනවට. MM කියන්නෙ මේ ඇනෝ ප්‍රොෆයිල් තියන කෙනෙක් කියලද?
      මට මේ ඇනෝ සංකල්පය තේරෙනව මදි. මං ඇනෝ දාන්නෙ ෆෝන් එකෙන් ප්‍රොෆයිල් යන්න බැරි වුනාම . එතකොට මං නම යටින් ලියනව. ඒවුනාට අනිත් අය කාට හරි බනින්න හෝ තම පෞද්ගලික රහස් දෙයක් කියන්න ඇනෝ එන එක තේරෙනව. ඒත් මේ ඇනෝ මාත් ( + රාජ් ) එකඟවෙන දෙයක් ඉතා විස්තරාත්මකව හොඳට lucidly (මට ඒතරම් හොඳින් කියන්නවත් බෑ) ඉදිරිපත් කරල තියෙන්නෙ. ඉතින් ඒ වගේ දෙයක් ඇනෝ කියන්නෙ ඇයි?
      වරදක් කියනව නෙමෙයි කුතුහලය නිසා අහන්නෙ

      Delete
    14. ඊළඟ එක්සැම් එකේ 'කන්ස්ටිටියුෂනල් ලෝ' පාට් එක ගොඩදාගන්න පුළුවන් වෙයි වගේ.. :) ඔහොම යන් ඔහොම යන්..

      Delete
    15. කල්‍යාන@ කොමෙන්ට් ඔක්කොම කියවගෙන ගියොත් ෆැමිලි ලෝ, ක්‍රිමිනල් ලෝ එහෙමත් ගොඩදාගන්න පුලුවන් වෙයි.

      Delete
    16. තාම ෆස්ට් ඉයර් බොස්.. පිච්චු නම් කෙලින්න එපා.. ඒවා ඒ ඒ කාලෙට කතා කරනවා හොඳයි..

      Delete
  10. මොන නිදහසක්ද ආයිබෝවන් කෙල්ලෙකුට ඇදුමක් අදින්ඩ නෑ, කොල්ලෙකුට නිදහසේ වැලයක් වත් බලන්ඩ බැ

    ReplyDelete
    Replies
    1. ඇඳුම් මොකක්ද බං... වැදගත් කියන විදියටවත් ඇඳලා තනියෙන් පාරේ යන්න බෑ නේ...

      Delete
    2. එහෙම වෙලා තියෙන්නෙ අපේ රටේ කෙල්ලන්ගෙම වැරැද්දෙන්.

      Delete
    3. කොල්ලෝ ඕක්කෝම සෝවාන් වෙලා නේ ඉන්නේ...

      Delete
  11. නිදහස ගැන තවටිකක් නිදහසේ හිතලා බලන්න ඕන.එහෙම හිතන්නවත් නිදහසක් නැ මචං.

    ReplyDelete
    Replies
    1. මලක් ගහපන්.. නැත්නම් දෙකක් දාගනින්...

      Delete
    2. ඒවට කොහෙද බං නිදහසක් , මාතලං මලක් ගැහුවොත් මර්ඩර් එහෙකට ඇතුලට යන්න පුළුවන්.

      Delete
  12. මටනම් සතුටකට තියෙන්නෙ මමවගේ හිතන පතන තවත් මිනිසුන් කොට්ටාශයක් මේ ලොකෙ ඉන්න බව දැන ගත්තු එක.
    නිතරම කොමෙන්ට් නොකලත් හදවතින් එක ලග.
    A BIG thank to you all for untiring effort.

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම හිතන මිනිස්සු ගොඩාක් ඉන්නවා... උන් තමයි එකාධිපතියෙකුත් ගෙදර එලෙව්වේ.. උන් ප්‍රමාණයෙන් වැඩි උන දවසට මේ රටටත් හොඳ කලක් උදා වෙයි... ස්තූතියි කොමෙන්ට් එකට...

      Delete
  13. Kenji Ogawa අදද..සති අන්තෙ රෝන්දෙ ගොසින් වැඩට ආවෙ බොක්ක...
    Like · Reply · 1 · 8 mins
    දේශක යා
    දේශක යා හැක් හැක්. ඔව් බං දවස් දෙකම කම්බස් වෙලා උන්නේ
    Unlike · Reply · 1 · 7 mins
    Kenji Ogawa
    Kenji Ogawa මාතගේ..චානුක දාල තියෙන එක කියවන ගමන්...
    Like · Reply · 1 · 5 mins
    දේශක යා
    දේශක යා මං කියෙව්වා එක පකස් කෙනෙකුටව් නිදහස ලැබිල නෑ කියන්නේ හැක්
    Unlike · Reply · 1 · 5 mins
    Kenji Ogawa
    Kenji Ogawa හෙක්...හෙක්...එහෙමද...බලමු කියවල.....
    Like · Reply · 4 mins

    ReplyDelete
  14. මාත් දරන්නෙ ඔය අදහසම තමයි. 1833 සිදුවූ වෙනස සිතාගතවත් නොහැකි අති සුවිශේෂ ශ්‍රේෂ්ට විප්ලවයක්. ඒ නිදහස අපට ලැබුනෙ සුද්ද ආපු නිසා. ඒ නිසා 1815 දි සුද්ද ලංකාව අල්ලගත්ත එක ප්‍රගතිශීලී දෙයක්. නැත්නම් අපට තවම ඉන්නව දුම් අල්ලන්න රජෙක්. රාජසිංහගෙ මුණුපුරෙක් කේක් ගෙඩිය වගෙ වඩම්මන්න වෙනව.
    සුද්ද කරපු ලොකුම සේවයක් තමයි රාජාංඩුව අහෝසි කිරීම නැත්නම් ජාතික ආදායමෙන් යම් ප්‍රතිශතයක් වැඩ නොකරන පවුලකට වෙන් කරන්න අද අපට සිදුවෙනව.

    ReplyDelete
    Replies
    1. අනුරාධපුර සහ සමහරවිට පොලොන්නරුව, යාපහුව, හා යම් දුරකට කෝට්ටේ ස්වර්ණමය යුගය ලෝකයේ අනිත් රාජ්‍ය සමග සංසංදනය කරන කොට උසස් තත්වයක තියෙන්න ඇති.
      ඒත් නුවර කියන්නේ පරිහාණියේ අන්තිමට ලං වුන යුගයක් දේශපාලනය, කලාව, ආර්ථිකය, නීතිය, රාජ්‍ය යාන්ත්‍රනය ආදී සෑම දේකින්ම. විදේශ ආක්‍රමණ නිසා වෙන්න ඇති. කොහොමවෙතත් ඒකාලයේ දියුණු රටවලට සාපේක්ෂව ප්‍රාථමික රාජ්‍යයක්. බ්‍රිතාන්‍යයේ ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජයීය දියුණුව 1800 ගණන් වලදී දියුණුවුනා. එනිසා ඒ පාලනයෙන් සාපේක්ෂව ලොකු හොඳක් වුනා.

      සැයු. මේ කියන්නෙ absolute විදිහට නොව සාපේක්ෂව හා හොඳ හා නරක මැනීමෙන් බව සලකන්න. නරක දේවල් ද නොතිබුනා නොවේ. එහෙත් වැඩිපුර හොඳ විය

      Delete
    2. ලොරෙන්සෝ ඩි අල්මේදා හුලං පාරකට හරි මෙහේට ගොඩ බැස්සේ අපේ පෙර පිනකට.. එහෙම නොවුනානම් අපේ රට තාම ස්වාසිලන්තේ වගේ තියෙයි.. දූපතකුත් වෙච්චි එකේ..

      Delete
  15. තාම නෑ කියන එක හරි උත්තරයක් විදියට ගණන් ගන්නවද ? :P

    ReplyDelete
    Replies
    1. 100% ළකුණු ලැබෙනවා පුතේ...

      Delete
  16. පොඩි ඇඩ් එකක් දාන්නං බොස්, බ්ලොග් එක අප්ඩේට් වෙන්නෙ නෑ.

    නිදහස

    ReplyDelete
    Replies
    1. නිදහස (..............
      ....................
      ...................
      .................)

      Delete
    2. ගාන එකවුන්ට් එකට දාපන්.. මම නම්බර් එක දාලා ඊයක් විදින්නම්..

      Delete
  17. නිදහස කියන්නේ සාපේක්ෂ දෙයක්. භීෂණ යුගයෙදි අපිට ඕනෙ වුනේ දෙයියනේ කියලා නිරපරාදේ මැරුම් නොකා ඉන්න නිදහස. අද හිරේ ඉන්න කෙනෙකුට ඕනෙ නිදහස් වෙලා ගෙදර යන්න නිදහස. ඒ නිදහස් වෙලා යන්න බලාපොරොත්තුවෙන සමාජය කොයිතරම් වැටකඩොලු තියෙන එකක් වුනත් සාපේක්ෂව හිරේට වඩා හොඳයි. අවුරුදු දාහතේ එකා බලං ඉන්නේ දහ අට වෙනකල් ඌට නිදහසේ බයික් එකක් පදින්න. දැනට බයික් පදින එකා බලාපොරොත්තු වෙන්නේ ෆුල් ෆේස් හෙල්මට් එක දාගෙන යන්න තියෙන නිදහස. ලව් කරන එකා බලාගෙන ඉන්නෙ බැන්දම හම්බව්වෙන ලැයිසොම නිසා නිදහසේ හැසිරෙන්න . බැඳපු එකා වයිපරේ අම්මලගෙ ගෙදර යනකල් ඉන්නේ නිදහසේ පිස්සුවක් කෙලින්න යාලුවොත් එක්ක. මම මේ බලා ඉන්නේ හෙට නිවාඩු නිසා හෙට අලාම් එක ඕෆ් කරලා පුකට එලිය වැටෙනකල් නිදාගෙන ඉඳලා දවසම ෂෝට් කෑල්ලක් විතරක් ඇඳගෙන ඔහේ ගෙදර ඉන්න නිදහස.

    මම රාජ්ගෙ බ්ලොගෙත් මේ කමෙන්ට් එකම දැම්මේ ඒක එතැනටත් අදාලයි කියලා හිතුන නිසා.

    ReplyDelete
    Replies
    1. සැබෑ නිදහස කියන්නේ අපිට ඕන දෙයක් හිතන්න පතන්න ලියන්න කියන්න වගේම මූලික මිනිස් අයිතිවාසිකම් කාගෙවත් බලපෑමක් නැතිව ලබා ගන්න තියෙන නිදහස...

      ඒවට ඉතින් උඹ කියන ඒවත් අන්තර්ගතයි...

      Delete
    2. // ලව් කරන එකා බලාගෙන ඉන්නෙ බැන්දම හම්බව්වෙන ලැයිසොම නිසා නිදහසේ හැසිරෙන්න//

      ඇත්ත ඇත්ත........

      Delete
  18. කෝ බං ...උඹ වසරකට පෙර යැව්ව ...රථවාහන මාර්ග සිතියම..... මාතා කියන බොග දීපං ....බං .......????????????????......පට්ට නෑම නේද.....මේ පොලොස් සියේ හුත්තල කියන පොරකාස අහද්දී සිනා....යකෝ...

    ReplyDelete
    Replies
    1. මාතලන් කියපු විදියට දැම්මා නම් කිසි අවුලක් නෑ..

      මුන් නානවා කියන්නේ මාර නෑමක් නාන්නේ.. කොහොමත් ඝෝඨා වගේ මුන්ට පණ නෑ.. අද දවල්ම අකුලගෙන...

      මේ තියෙන්නේ ලින්ක් එක..

      http://maathalan.blogspot.com/2013/12/traffic-jam-in-borella.html

      Delete
  19. බොලා ඔක්කොම නිදහස ගැන ලියන්නෙ මොකද බං.ලැබුන නිදහස මදි නිසාද.ඔය නිදහස කියන එක සාපේක්ෂයි බං.

    ReplyDelete
    Replies
    1. නිදහස ඉතරක් නෙමෙයි හෝ සියල්ල සාපේක්ෂයි

      Delete
  20. නිදහස...???

    මොන නිදහස ද, අයිසේ? ගොවියෙකුට කුඹුරක් කොටන්න වත් නිදහසක් නෑ මේ රටේ. බොරු නම් මේ ලින්කුවට ගිහින් බලනවලා....

    https://www.facebook.com/video.php?v=1056310951053814

    ReplyDelete
  21. මට දැනෙන විදිහට තාම ලංකාවට නිදහසක් ලැබිල නැහැ. ලැබෙන එකකුත් නැහැ මේ යන විදිහට.

    ReplyDelete
    Replies
    1. අපි උත්සාහ කරන්න ඕන අපේ ජීවිත කාළය තුලදීම එය ලබා ගන්න.. උත්සාහ කළොත් කරන්න බැරි දෙයක් නෑ කියනවනේ..

      Delete
  22. ඔය කොයි කාලෙ හරි කාටද නිදහස ලැබිල තියෙන්නෙ කියල කියා දෙනවද ...
    මට නම් කියන්න තියෙන්නෙ රටට හා ජනතාවට නිදහස තවම ලැබ්ල නැහැ...ලැබෙන පාටකුත් නැහැ...
    අපි තාමත් මානසික වහල්ලු...ආර්ථික වහල්ලු....දේශපාලනික වහල්ලු....

    ReplyDelete
    Replies
    1. මානසික වහල්ලු සහ ආර්ථික වහල්ලු කියන දේ නම් පිලිගන්නේ නෑ..

      ඒත් දේශපාලනය ගැන මතයට නම් එකඟයි...

      Delete
  23. තාම හම්බෙලා නෑ කිව්වත් එකයි. සාපේක්ෂයි කිව්වත් එකයි. ඕක කවදාවත් හම්බෙන එකකුත් නෙවෙයි....... එකක් ඉවර වෙනකොට තා මොකක් හරි එකක්. නිදහසක් නෑ කවදාවත්....... හිතටවත් ගතටවත්...........

    ReplyDelete
    Replies
    1. ඒ උනාට රාජපක්ෂලා ගෙදර ගිය දව්සේ නම් මාර නිදහසක් දැණුනා...

      Delete
  24. ඒ නංගි නැත්නම් මමත් හිතාගෙන හිටියේ 1948 කියලා.......

    ReplyDelete
    Replies
    1. ගොඩක් උන් හිතාගෙන ඉඳලා තියෙන්නේ එහෙම තමයි

      Delete
  25. දන්න රෙද්දක් කියවපං සුද්ද ලංකාව අල්ල ගන්නකොට උන්ගෙත් තිබ්බෙ වැඩ වසම් ක්‍රමයක්. බලල නැද්ද රොබින් හූඩ් වත්. ඒ වගේ සමාජ ක්‍රමයක් තිබ්බෙ. වෙන මුකුත් ඕනෙ නෑ සුද්ද අල්ලගෙන අවුරුදු 2ක් යන්න කලින් මිනිස්සුන්ට තේරුණා රජාගෙ කාලෙ හිටපු විදිහ හොදයි කියල. ඒකයි රජාගෙ කාලෙ බැට කාපු පොඩි මිනිහ පවා නිදහස් සටන් වලට උදව් කරේ.

    ReplyDelete
    Replies
    1. කොහෙද බං නිදහස් සටන් තිබුනේ... ඒවට කියන්නේ නිදහස් සටන් නෙමෙයි... අමු ගොන් කම්.. රටටම නිදහස ගන්න පුළුවන්ද මාතලේ සුද්දෙක්ක්ගේ ගෙදරට අල්ල ගත්තාම.. ඒකෙන් තේරෙන්නේ උන් ළෝකේ ගැන තියා අඩු ගානේ කොළඹ වෙන්නේ මොකක්ද කියලා වත් නොදැන උන්න අමු වැද්දෝ කියන එක..

      එක අතකින් එහෙම උන් ගැන පුදුම වෙන්න ඕනත් නෑ... උඹලා වගේ උන් තාමත් ඉන්දැද්දී...

      Delete
    2. රොබින් හුඩ් හිටියෙ ලංකාවෙ පරාක්‍රමබාහු හිටපු කාලෙ. ලන්දේසි යුගය වනවිට සුද්දො යම් පමනක ශිෂ්ට වෙලා.අඹන්වෙල රාලගෙ කැරැල්ල ගැනත් ලන්දේසීන් බතාවියාවට දන්වා යැව්වෙ ඔහු ජනතා නායකයෙක් ලෙස. ඒ කියන්නෙ ඔය යුගයෙ යුරෝපයෙ ජනතා සටන් ඇතිවන කාලෙ. සුද්ද පල්ලියට රදලයන්ට එරෙහිව නැගී සිටි යුගය. මානව හිමිකම් ගැන කතාබහ ආරම්භ වුන යුගය. අපට එහෙම සටන් වසන්තයක් තිබුනෙ නෑ. අපට ඕන වුනේ මොකක්ද . කුංකුනාවෙ හිමියන් අපේ මුළු ජාතික අභිලාශය එක් කවියකට කැටි කරනව.

      අනේ කුහුඹුවනේ තොපටත් රජෙක් ඉන්නේ තොපිත් හැමනෙන්නේ අපට විතරයි රජෙක් නැත්තේ

      රජෙක් ලැබුනෝතින් අපිත් හැමනෙන්නම්
      කිරිබත් කඤ්ඤං
      පෙරහැර කරඤ්ඤං

      Delete
    3. ///ලන්දේසි යුගය වනවිට සුද්දො යම් පමනක ශිෂ්ට වෙලා.///
      මේ ශිෂ්ඨ වීම තුල ම.ම. දැකපු නැති හරි අලංකාර ශිෂ්ඨ සම්පන්න කමක් සම්බන්ධව ප්‍රෝග්‍රෑම් එකක් මම බැලුවා ඩිස්කවරි එකේද කොහේද...

      ඒ ඔය කියන වකවානුවටත් ගොඩක් පස්සේ දීපු දඬුවම් ක්‍රම ගැන. බොහෝ විට ඒවා දුන්නේ ආගමට පටහැනි දේ කල හෝ අදහස් දැරූ අයට සහ මායාව සම්බන්ධ සිද්ධි වලට...
      (පෞද්ගලික තරහ හෝ අයිති කර ගැනීමට නොහැකි වීම නිසා අධික ලස්සන යුවතියන්ටත් මායාකාරියක් බවට හංවඩු ගහලා මරන්න නියම කරපු අවස්ථා පවා තිබිලා තියෙනවා)

      ඒ තමයි මුල් කාලයේ කෙළින්ම පණ පිටින් සිටියදී කණුවක ගැට ගසා දර දමා පිළිස්සීම...
      ඔවුන්ගේ ශිෂ්ඨ සම්පන්න බව කාලයත් සමග වැඩි වෙද්දී මේක තව ටිකක් මොඩිෆයි උනා. එතැනදී කලේ අදාළ මනුස්සයව අඩි දහ දොළහක් ඉහළින් අත් දෙකෙන් එල්ලලා යටින් දර ගොඩ ගසා ගිනි තැබීම...
      හැබැයි ඔවුන් පරිස්සම් උනා කෙළින්ම ගිනි දැල්ල ඒ මනුස්සයට නොවදින විදිහට මේක කරන්න. ඒ කියන්නේ ඔහු හෝ ඇය (බොහෝ විට ඇය) මිය යා යුත්තේ රත් වූ වාත ධාරාවෙන් බවට...
      (නමුත් පසුව ගිනි ගන්නවා)

      මෑත කාලින පර්යේෂණය උනේ මේ ක්‍රම දෙකෙන් අඩුවෙන් වධ විඳින්නේ(ඉක්මණින් මැරෙන්නේ) කුමන ක්‍රමයෙන්ද කියන එකයි...

      Delete
  26. මෙන්න මේ වියපත් අම්මා නම් තමුන්ට සිගරට් බීමට ඇති නිදහස උපරිමයෙන් ම විඳිනවා. ---

    අම්මට වෙච්ච දේ

    ReplyDelete
    Replies
    1. ගෑණු සිගරට් සුරුට්ටු බොනවා... මැජික් නෙමෙයි

      ගැහැණුන්ද මනුෂ්‍යයෝය..

      Delete
  27. මගේ හිතට දැනෙන නිදහස් දවස් දෙකයි එලාර/ප්‍රභාකරන් යුද්ධෙ ඉවර වුන දවස්..
    සැහෙන කාලයකට පස්සේ චානකගේ ලිපියක්

    ReplyDelete
    Replies
    1. මට නම් මහින්ද ගෙදර ගිය දවසම තමයි...

      Delete
    2. එදා දැනුන සතුටනම් කියල නිම කරන්න බෑ. මම නම් නිදහස් දවස කියල සළකන්නෙ මැයි 19. ඊට ඉස්සරාපි බස් එකකට නැගුනෙ කොයි වෙලේ පුපුරයිද කියා බයෙන්. ඒ නිදහස මදිද

      Delete
    3. ඒ උනාට තාම ත්‍රස්තවාදය ඉවර නෑ ලූ නේද...?

      Delete
  28. ලිපිය ඉතා වටිනා එකකි. එය ලියූ චානුක වත්තේගමටත් අපි කාටත් බලන්න හැකිසේ සිය බ්ලොගයේ පළ කලකළ මාතලන්ටත් ස්තුති කළ යුත්තේ සමාජයේ අධිපති මතවාදයෙන් බැහැර පවතින මේ සත්‍ය හෙළිකිරීම නිසාය. මෙම කරුන මමද වේලාසන තේරුම් ගත්තක් නොවේ.
    කැප්පෙටිපොලලා එදා 1818 දී කළේ අන්ත ප්‍රතිගාමී වැඩවසම් අන්ධකාරයක් වෙනුවෙනි. රදල නොවන ජනතාව එම කැරැල්ලට සහාය වීම විශාල වරදකි.
    1848 දීද රජෙක් නිර්මානය කරන්නට උත්සාහයක් විය. ඒ ප්‍රයත්නයන් පරාජය කර රට නූතන යුගයට ගෙන ආ සුද්දාට කෘතඥතවාය හිමි විය යුතුය.

    අප සුද්දට කෘතඥවනවා ප්‍රමානවත් නැත. සුද්දා එන විට අපට තිබුනේ කිරි දරුවන් වංගෙඩිවල දමා කොටන නීතියකි. 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරන යනු අපේ ඉතිහාසයේ සිදුවූ අතිශයින්ම ප්‍රගතිශීලී කාර්යයයි. ඊට අලගු තැබිය හැකි හෝ දෙයක් කිසිදාක සිදුවී නැත.

    ආරියසේන ආශුබෝධ වැන්නන් මෙම ප්‍රජාතන්ත්‍රවාදය අපට නොගැලපෙන බවත් අපට ගැලපෙන්නෙ රාජාන්ඩුවක් බවත් කීවේය.එහෙත් රාජ යුගයේ සාමාන්‍ය මිනිසුන් යනු වහලුන් බවත් ඔවුන්ට අල්පමාත්‍ර මානව හිමිකමක් වත් නොවූ බව විමසුම් ඇසින් බලන විට පෙනේ.

    මෙන්න මේ කරුනු ගැන සිතන්න.

    නරේන්ද්‍රසිංහ නමැත්තා ඝාතන කුමන්ත්‍රනයක් විය. ඔහුට එය කලේ කවුද කියා සොයාගත නොහැකි විය. ඔහු රාජ පුරුශයන්ට අන දුන්නේ එම සිදුවීම සිදුවූ ග්‍රාමයේ වැඩි දෙනෙක් මරා දමන ලෙසයි.

    කීර්ති ශ්‍රී රාජසිංහ නමැත්තා පන්සලකට ගියේය. ඔහුට සාමනේර හිමිනමක් අඩනවා ඇසුනි. ඒ මන්දැයි සොයා බැලූ විට පන්සලේ සිටි ආබාධිතයකු සාමනේර හිමිනමට ටොක්කක් ඇන්න බවයි. රාජසිංහ නමැත්තා කරුනු විමසා නැවත විහිලු නොකරන ලෙස අවවාද දී පසුදා උදයේ ආබාධිතයාගේ හිස ගසා දමන ලෙස අණ කළේය. ආබාධිතයා බේරුනේ පන්සල ලගින් යන විට එකවරම පන්සල තුලට කඩා වැදීමෙනි. පන්සල අභයස්ථානයක් විය. වධකයා කෙටේරිය ආබාධිතයා දෙසට දමා ගැසීය. එම කෙටේරි පහර පන්සලේ දොරෙහි අදද දැකිය හැක.

    තමන්ගෙ ගෙදර හැදුන ගඩාගෙඩිය රාජ පුරුශයෙක් දැක්කොත් සුදු රෙද්දකින් වසයි. තමන්ගෙ ගෙදර හැදුන ගෙඩිය කෑවත් ගෙදර එකාට මරන දඩුවමය.
    රජා කියන වල් පාහරයා ට ආදරයක් භක්තියක් දක්වන අය ඒ යුගයේ තිබූ භීශනය හා අයුක්තිය ගැන වැටහීමක් නැත.

    රජා කියන වනචරයා එන විට කෙල්ලො ගේ ඇතුලට ගනියි.ලස්සන කෙල්ලක් රාජ පුරුෂයෙක් දැක්කොත් රජා පැමින කුදලගෙන යයි.

    අම්මට හැමනෙන සමාජ දේශපාලන ක්‍රමයකි 1815 ට පෙර තිබුනේ.

    ReplyDelete
    Replies
    1. එහෙම යුගයක් මේ මෑතකත් තිබුනේ... කරුමේ කියන්නේ උන් තාමත් යහතින් ඉන්න එක නේ....

      Delete
  29. When did Sri Lanka become "Independent"??? Correct answer "never".....

    ReplyDelete
  30. The same kind of argument is true when talking about ANY country. America got it's independence from the British empire on July 04th, 1776. But slaves (blacks) didn't have any freedom, let alone independence. It wasn't until Lincoln passed 13th amendment to the US constitution on April 08th, 1864 (64 :D) they had the right of not being slaves. But still, they didn't have right to vote etc.Those were granted under the civil rights movement in 1960s!

    Soo, should the independence day of America be April 08th instead of July 04th? How many Americans do agree? Why is all these negative sentiments JUST about the independence and independence day of Sri Lanka? Yes, it is a convention but so is the independence day of every country (countries which does have a day of independence)

    ටොයියොන් කියන එවුන්ගේ වුනත් හීනමානයට නම් බෙහෙත් නැහ

    ReplyDelete
    Replies
    1. අපි ඇමරිකාවේ නිදහස් දිනේ ඒ දවසේ කිව්වට.. කල්ලෝ ඒක සමරන්නේ නැතිව ඇති.. ඒ වගේම දෙයක් මෙහෙත් උනා.. ඔය වතු දෙමළ ප්‍රජාවට..

      හැබයි ඇමරිකාව වෙනස්.. එහේ කල්ලෙක් ජනපති වෙන්න නිදහසක් තියෙනවා...
      මෙහේ දෙමළෙක් චීෆ් ජස්ටිස් වෙන එකත් බයියන්ට අවුලක්.. විපක්ෂ නායක වෙන එක ජාතික ප්‍රශ්ණයක් ...

      Delete
    2. 1. ඇමරිකානුවන් සුදු කළු භේදයක් නැතිව හැම අවුරුද්දෙම ජුලි 04 නිදහස් දිනය සමරනවා.
      2. ඇමරිකාවේ සුළු ජාතියක් වුන කළු ජාතිකයන්ට 1960 ගනන් වල පවා නියමාකාරයෙන් ඡන්ද අයිතිය තිබුනේ නෑ. ශ්‍රී ලංකාවේ සුළු ජාතිකයන්ට මන්ත්‍රී සබාවෙ 50% ක නියෝජනයක් ලැබෙන්නේ 1930 ගනන් වල. (point worth noting: ඒත් ඒ කාලේ racial segregation යටතේ බල්ලොන්ට වගේ සලකපු කල්ලොන් වත් ඇමරිකාවෙන් වෙනම ප්‍රාන්තයක් ඉල්ලලා ආයුධ අතට ගත්තේ නෑ. හැබැයි ලංකාවේ ත්‍රස්තවාදයට හේතුව රටේ 75%ක් කතා කරන භාෂාව එක official language එක කරපු එකලු.)
      3. ශ්‍රී ලංකාවේ දෙමලෙක්ට ජනාධිපති වෙන්න කිසිම බැරි කමක් නෑ. හැබැයි ඉතින් ඒකට ජනාදිපතිවරනෙකට ඡන්දෙ ඉල්ලන්න ඕනි. (ප්‍රධාන දේශපාලන පක්ෂයකින්)

      Delete
    3. ලංකාවේ ත්‍රස්තවාදයට හේතුව ඒක නෙමෙයි.. ඒක ඒ සිංහල ජාතිවාදින් හදාගත්ත එකක්.. ත්‍රස්තවාදයක් ඇති වෙන්න ඕන තරම් හේතු තිබුනා.. අදටත් තියෙනවා.. උතුරු දකුණු දෙකේම... එහෙම කේස් එකක් නම් දකුණේ දෙසරයක් ත්‍රස්තවාදයක් ඇති වෙන්න බෑ නේද...?

      Delete
    4. දකුණේ කොහෙද බං ත්‍රස්තවාදයක් ඇති උනේ. දෙපාරකදී පොඩි පොඩි පිබිදීම් ඇති උනා විතරයිනේ...
      ඒකනේ ඒ අය දේශපාලනයට ආපු එක වැරද්දක් නොවෙන්නේ සහ ත්‍රස්තවාදී කරුණලා වගේ අය දේශපාලනයට ආපු එක වැරදි වෙන්නෙත්...

      Delete
  31. මොනවා උනත් සෙටප් වුනේ නැති මිනිස්සු ටිකක් ලංකාවේ ඉනාව කියල දන ගන්න ලැබීම සතුටක්

    ජඩ දේශපාලනයේ වහල්ලු වුන අපිට නිසහසක් මොන පලකයෙක්ගෙන්වත් ලැබුනනෙ නැ. මොනවා උනත් කාලකන්නි රජ ආණ්ඩු යුහය නැතිවුන එක ලොකු ජයක් ග්‍රහයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැන් ඒක(රාජආණ්ඩු යුගය) නැති වෙලාද

      Delete
    2. එහෙම තමයි අපි හිතුවේ... මාර නිදහසකුත් ලැබුනා ජනවාරී නම වෙනිදා උදේ...

      ඒත්....

      දැන් හිතෙනවා සුභ සහ යසද යකෝ මේ කියලා...

      Delete
  32. නිදහස අම්මගේ රෙද්ද.. හැම මිනිහම සමානයි කියල හිතන දවසක් එනකන් එකෙක් අනිකාගේ නිදහස් නැති කරනෙක නවත්තන්න බෑ..

    ReplyDelete
    Replies
    1. එහෙම කොහොමද ඩෝ හිතන්නේ...

      අපි ඔක්කෝම රජවරු...

      Delete
    2. හේ හේ.. දැන් ඕක වෙනස් කොල්ලලු.. 'අපි ඔක්කොම රජ හොරු' .. කියලා.. ඊළඟ කෑල්ල මං වෙනස් කරා 'ඔක්කොම වස්සෝ' කියල..

      Delete
  33. /අද අපි සිංහල කියලා හඳුන්වන මනුෂ්‍යයන් මීට අවුරුදු 3000 කට නැත්නම් 4000 කට පෙර දකුණු ඉන්දියාවෙන් මේ දූපතට ආපු කල්ලතෝනින් තමයි. සිංහලයෝ කියලා ලෝකේ වෙන කොහේවත් නැති මනුෂ්‍ය කොට්ඨාශයක් නැහැ. ජාන පරීක්ෂාවක් කළොත් පෙනෙයි මධ්‍යස්ථ සිංහලයනුත් දකුණු ඉන්දියාවේ ගොයම් කපන උදවියත් එක ම ජාතියකට අයිති අය කියලා. වෙනසක් තියෙනවා නම් තියෙන්නේ ඒ ජාතිය දෙමළ, මලයාළම්, කන්නඩා, සිංහල කියන විවිධ භාෂාවන් කතා කරන එකේ විතර යි. එතකොට අහයි එහෙනම් ඔය භාෂා අතරින් කොහොමද සිංහල විතරක් උතුරු ඉන්දීය භාෂාවලට නෑකම් කියන්නේ කියලා. ඒකට හේතුව උතුරු ඉන්දියාවෙන් ආපු ආර්යයන්ගේ බලපෑම ලංකාවේදී පමණක් විශාල වීම./

    ලන්කාවේ අපි විතරක් නෙමේ. එන්ගලන්තෙ ඉන්නෙත් සුපිරිසුදු මිනිස්සු වනෙමේ. ඇමරිකාවේ ඉන්නතේ සුපිරිසිදු මිනිස්සු නෙමේ. ඉන්දියාවෙත් එහෙමයි. ඉතින් ඇයි අපි විතරක් මේ අප‍ේ ජාතියට ගරහන්නෙ? කොහෙන් ආවත් අන්තිමට ඒ මිනිස්සු එකතු වෙන්නේ සිංහල සංස්ක්රුතියට. ඒකය වැදැගත් වෙන්නෙ. සිහංලකම දියුනු වෙන්නේන එතකොට.

    ReplyDelete
    Replies
    1. මාත් දැක්ක ඔය මරිමෝඩ කොමෙන්ට් එක. ඒකට ඔබ නියම උත්තරේ දීල තියනව. ජාතිය කියන්නෙ ජීව විද්‍යාත්මක දෙයක් නෙමෙයි. එහෙම ජීව විද්‍යාත්මක ජාතීන් ලෝකෙ නැහැ. යුදෙව් සහ නෝඩික් වැසියන් තමන් පිරිසිදුය කියා කීවත් ඔවුනුත් සිය දහස්වර මිශ්‍රවෙලා බව සොයාගෙන තිබෙනවා. ඇමරිකාවෙ සුදු ජාතිවාදියෙකු ගෙ ජාන පරීක්ෂා කර ඔහු සහරාවේ කළු ජාතිකයෙකුගෙන් පැවත එන බව සොයාගත්තා. එය ප්‍රසිද්ධියේ විකාශය කළා.

      ජාතිය සංස්කෘතිකයි. සිංහලයන් තුල දෙමළ හා බෙන්ගාලි ජාන වැඩි වශයෙන් තිබිය හැකියි.ජාන මය වශයෙන් දෙමළ බෙන්ගාලි කියා වෙන් කරන්නත් බැහැ. මුළු මානව සංහතියම එකම මිශ්‍රනයක් තමා. නමුත් අප අත් විදින යථාර්ථය තුල ජාතිය කියා ජීවමාන සාධකයක් තිබෙනවා.

      සිංහලයන් හා වැද්දන් එකිනෙකාගෙන් වෙන් වී ඇත්තේ මීට වසර 6000 කට පමන පෙර.ලංකාවේ වැද්දන් දකුණු ඉන්දියාවේ , පොලිනීසියානු දූපත්වල හෝ ඉන්දුනීසියානු ආදිවාසීන්ගේ ඥාතීන් නොවෙයි. ඒ අනුව වැද්දන් හා සිංහලයන් දෙපිරිසම මෙරට ආදිවාසීන්. නමුත් සිංහලයන් විශාල වශයෙන් මිශ්‍රවී තිබෙනවා. උතුරු හා දකුණු ඉන්දියානුවන්ට විවිධ ප්‍රමානවලින් නෑකම් ඇති.

      ජාතික අභිමානය සංස්කෘතික දෙයක් නිසා එයට ඩී එන් ඒ පරීක්ෂන අවශ්‍ය නැහැ.

      Delete
    2. ජාතියට ගරහන්නේ නෑ... ජාතියේ ගොන් කම් වලටයි ගරහන්නේ...

      Delete
  34. මොකක්ද මේ ලිපිය තිබෙන බ්ලොගය

    ReplyDelete
    Replies
    1. එයා බොග දාන එක නවත්තලා ගොඩක් කල්... බුකියෙන් ගත්තේ... කැමත්ත අකමැත්ත විමසලා... මොකෝ මීට දවස් දෙක තුනකට කලින් තමයි උන්නැහේ ඉල්ලීමක් කොලේ.. එයාගේ ඒවා ගෲප් අතරේ ෂෙයා කොරන්න එපාය කියාලා...

      Delete
    2. මම නෙලුම් යායට දාන්න හිතුවේ, නමුත් ලින්ක් එකක් දෙන්න බැහැනේ. එතකොට නිර්මාණයක් හොරෙන් ගත්ත වගේ වෙනවා. පොර කැමති නැත්නම් වෙන තැන්වල දානවට ප්‍රශ්නයක් නැහැ.

      Delete
    3. පොර ගෙන් අහලම කලොත් හොඳා... එයා ඉන්නවා මූණූ පොතේ...

      Delete
  35. ජාතිය යන්න ජීව විද්යාත්මකව බෙදා වෙන්කරගත නොහැකිල සංස්කෘතියට අමු අමුවෙන්ම බද්ද වූ සංකල්පයකි. සුනකයන් නැවත නැවතත් මවු පාර්ශවය සමග සංසර්ගය කරවීමෙන් මිනිස් සතා විසින් සුනකයන්ගෙ සුපිරිසිදු පෙල වැල ආරක්ශා කරන බැවින් ඉහල පන්තියේ සුනකයන්ගේ පෙල වැල මිනිසුන්ගේ ජාතියට වඩා පිරිසිදුය . ජීව විද්යාත්මනව අපි ඔක්කොම පටන් ගත්තේ අප්‍රිකාවෙ ගහෙන් බැහැපු වදුරෙක්ගෙන් නියන නිසා ජාතිය කියන එක සංස්කෘතිය තුල අවබෝද කලගත යුත්තක්. ඒ නිසා ජාතික නිදහස කියන කාරණය සංස්කෘතිය මත පදන්ම් වෙන්නක්. ඒ නිසා ජාතියක නිදහස සංස්කෘතික නිදහසක් වියයුතුයි. සුද්දන් පැමිනීමට පෙර අපේ රටේ තිබුනේ අමුම අමු ඒකාදිපති වැඩවසම් සහිස්කුරුතියකි. සුද්දන් පැමින අපේ සංස්කෘතිය වික්ටොරියානු කරනය කර උන් නිදහස යැයි සිතූදෙය අපිටද නිදහස කියා සිතන්න පුරුදුකරන ලද අතර වැඩවසම් සංස්කෘති්ය තුල වාසිප්‍රයෝජන තිබූ රදලයන්ට වික්ටොරියන් සංස්කෘතියෙන් අර තරම් වාසි නොතිබුන බැවි නිදහස් අරගලය රට තුල ඇතිකරන ලදි. 1948 නිදහස ලැබු එනම කොටස රට පාලනය කල කලු සුද්දන්ය. ඒ තක්කඩි රැලට ලැබුන නිදහස රටේ ආර්තිකය නීතිය සමග කැමති විදිහට සෙල්ලම් කිරීමට සදහා ලැබුන එකක් වන අතර ජනතාවට ඒ නිදහසින් ලැබුන ඉටිගෙඩියන් නැත. දැන්කාලෙ ඉන්න මහජනතාව නිදහස විදිහට දකින්නෙ තව පියවර දෙකක්ම ආපස්සට ගොහින් රජෙක් ගේන එකය. මගෙන් අපට නිදහස ලැබුනෙ කවදද කියන ප්‍රශ්නෙ ටෙලිවිසොන් නංගි ඇහුවනම් ඕකට දෙන උත්රේ වෙන්නෙ අම්මප මම දන්න විදිහට නම් අපට තාම නිදහස ලැබුනෙ නෑ කි්යන එකය. අමරදේව මාස්ටර් කියන විදිහට ඓහෙවු නිදහසේ ස්වර්ග රාජ්ජයට මාගේ දේශය අවදි කරන්න එකෙක් මේ කපේට පහල වන්නේද නැත.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් එකඟ වෙන්න බෑ... චානුක කියනවා වගේ සාමාන්‍ය මිනිස්සුන්ටත් රාජන්ඩුවට වඩා නිදහසක් ලැබුනා.. අපි උනත් හොඳ උදාහරණ.. අනික ප්‍රේමදාස වගේ කෙනෙකුට කවද්ද රජ වෙන්න ලැබෙන්නේ.. සිරිසේන වගේ කෙනෙකුට කවද්ද රජ වෙන්න ලැබෙන්නේ..

      Delete
    2. සුද්දන් නිසා අපේ සංස්කෘතියෙ සිදුවූ වෙනස තිබු තත්වයට වඩා සිය ගුනයක් හොද බව පැවසීමට අමතන විය. නමුත් ඒ නිදහසත් බොහොද සීමා සහිත නිදහසක්. නමුත් 1948 තමා සාපේක්ශව අඩුම නිදහසක් හිමිවුනේ තිබුන තත්වයට සාපේක්ශව

      Delete
  36. 1.මේ මට නිකං හිතුනු දෙයක් ඔය ජපන්නුන්ගේ තියෙනව‍ා කියන ඔවුන්ගේ දියුනුවට හේතුවූ ආදර්ශමත් හැසිරීම් වලට හේතුව ඔවුන්ගේ ඔවුන්තුල තියෙන වැඩවසම් චින්තනය වෙන්න බැරිද?

    2.ලංකාවේ පමණක් නැවත රාජාණ්ඩු යුගයක් ඇතිවෙයි කියලා නම් කොහොමත්ම හිතන්න බෑ. එහෙම වෙනවනම් මුලු ලෝකයේම දැවැන්ත සංස්කෘතික විපර්යාසයක් වෙලා නැවත රාජාණ්ඩු යුගයක් ඇතිවිය යුතුයි මේ කාලයේ නම් ජුන්ටාවන් මිස රාජාණ්ඩු ඇති වන්නේ නෑ.
    3. මට පෙනෙන විදියට නම් ලංකාවේ දරුණුම ඒකාධිපතියා මහින්ද නෙමෙයි, රනිල් විශ්වාස නැත්නම් ඉදිරියේදී වෙන දේවල් බලාගෙන ඉන්න. එකම වෙනස රනිල්ගේ සහ මහින්දගේ ඒකාධිපති භාවය ගුනාත්මකව වෙනස්වීම පහණයි.

    ReplyDelete
    Replies
    1. රනිල් මහින්ද ඉතරක් නෙමෙයි ලංකාවේ බහුතරය එකාධිපතියෝ... පටන් ගන්නේ නිවසින්..

      Delete
    2. ජපන්නු දැන් ඔය සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ හිටියට උන්ට ලෝක දේශපාලනයේ බලයක් ලැබුණු දාට තේරෙයි උන් හැසිරෙන්නේ කොහොමද කියලා. 1930 ගණන්වල ජපන්නු චීනය යටත් කර ගෙන මිලියන 8 ක් චීන්නුන්ව මැරුවා. නැන්ජින් නගරයේ විතරක් ලක්ෂ 3 ක චීන ජනතාවක් ජපන්නුන් අතින් මැරුම් කෑවා. කොරියාව අවුරුදු 35 ක් තිස්සේ යටත් කර ගෙන ඉඳලා ඒ කාලය ඇතුළත කොරියානුවන් ලක්ෂ 5 ක් මැරුවා. ඊට පස්සේ ජපන්නු යටත් කර ගත්තු බුරුමයේ, මලයාවේ, සිංගප්පූරුවේ සහ ඉන්දු චීන රටවල්වල මිනී කඳු ගොඩ ගහපු තරම දන්නේ ඒ රටවල මිනිස්සු විතරයි.

      මෙතනට ගිහිල්ලා බලන්න ජපන්නු, චීනුන්ව පණ පිටින් වලළන හැටි - Japanese war crimes

      Ten of Japan's worst War Crimes

      Delete
  37. දැන් නම් දිනේ මටත් ටැපලෙනවා මාතා අයියේ. ඇයි දිනම කියලා කීයක්ද 64ත් හේතුවක් තිබුනද දන්නෑ

    ReplyDelete
    Replies
    1. අම්මපා සමහර විල මක්කා හරි තිබ්බද මන්දා...

      Delete
  38. //මහමුදලි බණ්ඩාරනායකගේ පුතා උපන් අවුරුද්දේම එනම් 1896 දී උපන්, කිසිම බලපුළුවන්කාරකමක් නොතිබුණු, දිළිඳු ගැමියකු වූ මගේ සීයාට තම පුතුන් දෙදෙනාගෙන් එකකු අධිනීතිඥයකු හා අනෙකා රජයේ උසස් නිලධරයකු කිරීමේ 'නිදහස' (ඉන් සියවසෙකට පමණ පසුව) ලැබෙන්නේ 1833 සිදුවූ මේ වෙනස නිසාය. එසේ නොවේ නම් අප සියළුදෙනාට රාජසිංහ රජ්ජුරුවන්ගේ දෙමළ මුණුපුරාගේ ඇත්හලෙහි ඇත් බෙටි අදින්ටත් සිදුවන්ට ඉඩ තිබුණේය.//

    මේ කතාවට එකඟ වෙන්නට නම් චානුක ගේ තාත්තා 1956 ට කලින් ඉපදී ඊට කලින් විශ්ව විද්‍යාලයට ගිය අයෙකු විය යුතුයි. අයිවොර් ජෙනින්ස් විශ්ව විද්‍යාලය හැදුවාට සිංහල අය වැඩිපුර ගියේ 1956න් පසුවය. 1956 සිංහල රජයේ භාෂාව කිරීමට මා විරුද්ධ වන්නේ දෙමල භාෂාවට හා ඉංග්‍රීසි භාෂාවට එම තැන නොදීම නිසා පමණි. නමුත් බහුතර ජනතාවට අධ්‍යාපනයට වඩාත් ඉඩ පෑදුනේ 1956න් පසුය. 1972 ජනරජ ව්‍යවස්ථාවට මගේ එතරම් කැමැත්තක් නැත. අසාධාරණ නීති කීපයක්ම එලි දැක්වූයේ එහිය. සැබෑ නිදහස ලංකාවට ලැබෙන්නට නම් රට නීතියට මිට වඩා ගරු කරන, වඩා සමානාත්මතාවයක් ඇති සමාජයක් සහිත එකක් විය යුතු බව මගේ හැඟීමයි. නමුත් විභාග හා සාමාන්‍ය දැනීම තරඟ සඳහා 1948 මතක තබා ගත යුතුවේ.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය දැණීම සඳහා සාමාන්‍ය නිදහසක් ලද 1948 මතක තබා ගැනීම යහපති..

      එමෙන්ම

      සුද්දන්ද 1948 සිලෝන් නම්, නම් ලද ගෝත්‍රිකයින් වෙසෙනා දූපතිකින් නිදහස ලද බව මතක තබා ගැනීමත් යහපති...

      Delete
  39. අපේ වගේ ගිරා අධ්‍යාපන රටාවක් තියෙන රටක, ඔය අවුරුද්ද අමතක වීම කියන්නෙ කිරිමෙල් කේස් එකක් තමයි.

    ReplyDelete
  40. ලංකාව සුද්දට යටත් වෙලා තිබුන නම් මීට වැඩිය හොඳය කියලා තමය හිතෙන්නේ

    ReplyDelete
  41. ලංකාවට නිදහස ලැබුනු එක ප්‍රදාන අවස්තාවක් තමයි ලංකාවට නිදහස් අධ්යාපනය ලැබුන දවස.
    ඒක 1948ටත්,1972ටත් වඩා වැදගත්.
    ඒක හම්බුන්නැත්තන් අපිට අලි බෙටි අදින්න තමයි වෙන්නේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න