.

.

Dec 4, 2012

විරුද්ධ ලිංගිකයන්ට වඩා, නත්තල් ගහ හොඳ ඇයි...? (16+) - Why A Christmas Tree Is Better Than The Opposite Sex (16)


නත්තලත් එක්ක ඉතාම සම්බන්ධ දෙයක් තමයි, නත්තල් ගහ, ඕනෑම දුප්පත් ගෙදරක උනත්, පොඩි නත්තල් ගහක් හෝ තියෙනවාමයි. නත්තල් සීයා... එහෙම නැත්නම්, "සැන්ටා", රෑට ඇවිත්, නත්තල් තෑගී,  තියලා යන්නේ නත්තල් ගහ පාමුල. එක එක රටේ තෑගී බෙදන ආකාරයේත්, බොහෝ වෙනස්කම් තියෙනවා. ඒ කෙසේ වෙතත්, වෙසක් එකට වෙසක් කූඩූ හදනවා වගේම, කැපවීමකින්, ආසාවකින්, ආදරයකින්, නත්තල් ගහක් ගෙනත්.. සරසන එක අනිවාර්ය අංගයක්. ඉස්සර නම් මේ තත්වය අඩු උනත්. දැන් නම් හැම ගෙදරම, පාර පුරා විකුණන්න තියෙන "පයිනස්" ගහක් ගෙනත්, නත්තල් ගහක් නිර්මාණය කරනවාමයි.



අනෙක් විශේෂම දෙය තමයි. අනෙකුත් ආගම්වල මෙන් නොව. ක්‍රිස්තියානී ආගමට සම්බන්ධ සෑම පුද්ගලයෙක්ම, සිඳුවීමක්ම හා දෙයක්ම පිළිබඳව ගොඩනැගුන විහිළුවලින් අඩුවක් නොමැති වීම. මේවා විහිළු බව දැනගෙන ඒ රසය විඳිනවා හැර, අනෙකුත් තලෙයිබාන් ආගම්වල මෙන් ගොන් පාට දැමීමක් කිසි දිනක සිඳු නොවීම. උතුම් වූ දෙවියන් වහන්සේ හා බැඳුනු ඩර්ටි සෙක්ස් ජෝක්ස් පවා ඒ කතා සංස්කෘතිය් තුල ගොඩ නැගි තිබෙනවා. මා බොහෝ කළකට පෙර ලියූ එවන් කතාවක් මෙතනින් බලන්න පුළුවන්. අද ලියන්නේ නත්තල් ගහ පිලිබඳ ලියැවුනු එවන් රසවත් ළිපියක්.....



කොල්ලන්ට වඩා, නත්තල් ගහ, හොඳ වන්නේ ඇයි...?


  1. නත්තල් ගහ නිතරම කෙලින් වී තිබීම.
  2. පොඩි එක උනත් උපරිම සතුට ගෙන දීම.
  3. දින් 12 ක් දිවා රෑ නොබලා කෙලින් වී සිටීම
  4. විදුලි ආලෝකය මධ්‍යයේ වුව, මනරම්ව දිස්වීම.
  5. නත්තල් ගහ තමාගෙ ප්‍රමාණය ගැන ආඩම්බරයෙන් සිටීම.
  6. ඉතා පියකරු බෝල තිබීම.
  7. ඒ බෝලයක් කැඩුවත් පිස්සු නොවැටීම, කේන්ති නොයෑම.
  8. කල් ඉකුත්වූ පසු, කිසි කරදරයක් නොමැතිව විසි කර දැමීමට හැකිවීම.
  9. ජීවීත් කාළය පුරාම ලඟ තබාගෙන සිටිය යුතු නැති වීම.
10. ඊළඟ වසරේ අළුත් එකක් රැගෙන ආ හැකිවීම.




කෙල්ලන්ට වඩා නත්තල් ගහ හොඳවන්නේ ඇයි...?

10. අතීතයේ ඔබ නත්තල් ගස් කීයක් පරිහරනය කලා දැයි නොවිමසීම.
  9. ඕනෑම අරුමෝසමක් එල්ලා ගත්තාට උරන නොවීම.
  8. පරණ නත්තල් ගසක් ගබඩාවේ තිබුනද අවුලක් නොවීම.
  7. එහි ඇති බෝල සැපූවත් කෑ නොගැසීම උරන නොවීම් හා ගූටි කෑම්ට සිඳු නොවීම.
  6. එහි සුවඳ ගෙදර ගෙන යාමටත් ප්‍රථම විඳීමට හැකිවීම.
  5. පාවිච්චි කිරීමෙන් පසු පැත්තකින් තැබිය හැකි වීම.
  4. ඔබ නත්තල් ගසේ ඕනෑම තැනක් බැලුවාට උරණ නොවීම.
  3. අනෙක් නත්තල් ගස් හා ඉරිසියාවක් නොමැතිවීම.
  2. දවසේම ක්‍රිකට් තරඟ නැරඹූවත් ඔබ හා උරණ නොවීම.
  1. පාවිච්චි කිරීමෙන් පසු බැඳ දමා වීසී කල හැකි වීම.


පරිවර්ථන අයිතිය මාතලන් සතුයි...

දෙගොල්ලන්ටම ප්‍රයෝජනයක් තියෙන නිසා මරාගන්න දෙයක් නෑ...

ඔබ සැමට සුභ නත්තලක්ම වේවා....!!!

අපිටනම් ඉතින් හැමදාම නත්තල්.......

http://maathalan.blogspot.com/2010/04/blog-post_30.html

99 comments:

  1. හෙහ්.. මට අල්ලන්නේ නෑ කතාව. මොකෝ දැම්ම නිවාඩු ගන්නස හදන්නේ.. ඇත්ත බං ඒ උනාට නත්තල් ගස් දැං අඩුයි නෙව. පයිනස් දඩු කෑලි විතරයි තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. හැම එකම කලවමේ නේ තියෙන්නේ.... එහෙම කියන්න එපා දැන් තමයි නියම අනත්තල් ගස් තියෙන්නෙ...

      Delete
  2. ආ හොද නරක අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරලා වගේ

    ReplyDelete
  3. මාතලන් මහත්තය දන්නවද කොල්ලොන්ගේ G spot එක තියන තැන. අන්තර් ජංජාලේ තිබ්බේ... පිස්සු හැදෙනවා. ලියන්නකෝ ඒ ගැනත් :) (ලිපියට අදාළ නැද්ද මන්දා...)

    ReplyDelete
    Replies
    1. ලිපියටනං අදාල නෑ ඒත් නැගලම යන ලිපියක් වෙයි

      Delete
    2. තැන නම් දන්නවා. දයල් බතීගේ කොමෙන්ට් එකක් විදියට පොඩි ඉඟියක් දැම්මා. මට හිතෙනව සැර වැඩිවෙයි කියලා. පස්සෙ බලමු හිතිනොතින්..

      Delete
  4. මාතෘකාව දැක්කම මාව නිකන් හොල්මන් උනා එකයි දුවගෙන ආවේ මොකක්ද බලන්ට හිකිස්..

    එල ඈ .. උබ ලියලා තියෙන විදියට කොල්ලන්ට වඩා නත්තල් ගහ වටින්නේ කෙල්ලන්ට වගෙයි මට පෙනෙන්නේ ...// දින් 12 ක් දිවා රෑ නොබලා කෙලින් වී සිටීම// මේකම කොයිතරම් වටිනවද බලපන්කො සෙල්ලම් නැහැ ...
    //ඊළඟ වසරේ අළුත් එකක් රැගෙන ආ හැකිවීම.// මේකත් හොදා එතකොට විවිදත්වය කියන මෙව්වා එක තියෙනවනේ ..
    කොහොම උනත් එලම ලිපියක් ..

    එත් එක්කම මෙන්න මේකත් මම එකතු කරන්නම්කෝ නත්තල් ගහ ගැන...
    නත්තල් ගසේ ආරම්භය පිළිබඳ එක් කතාවක් :- කි‍්‍ර.ව. 8 වන සියවසේදි පමණ බොනිෆස් නමැති ශාන්තුවරයෙක් එංගලන්තයේ සිට ජර්මනියට ගොස් එරට මිථ්‍යා දෘෂ්ඨික ආගම් ඇදහූවන්ට කිතුනු දහමේ වටිනාකම කියා දීම සඳහා සදාහරිත ගසක් වූ දේවදාර ගසක අතු කැබැල්ලක් පිරි නමා ඇත .මේ අනුව ජර්මනියේ දී උපන් නත්තල් ගස 17 වන සියවසේදී ජර්මානුවන් ගෙන් ඇමරිකාවටද ඉන් පසු 19 වන සියවසේදී එංගලන්තයටද හඳුන්වා දෙනු ලැබුණි. ඉන්පසු නත්තල් ගස, ඕස්ටේ‍්‍රලියාව ,ස්විට්සර්ලන්තය , පෝලන්තය හා ඕලන්දයේද ජනපි‍්‍රය විය. 20 වන සියවස වන විට ලොව පුරා කිතුනු රටවල ඉතා ජනපි‍්‍රය හා අත්‍යවශ්‍ය අංගයක් බවට නත්තල් ගස පත්විය. මේ නත්තල් ගසේ මුල් ආරම්භයයි ...
    මාතලන් ඇතුළු සියලු දෙනාට සුභ නත්තලක් !!!

    ReplyDelete
    Replies
    1. මොහොම ස්තූතීයි.. අන් අයත් දැණුවත් කලාට...

      Delete
  5. මාතලන් අයියටත් සුභ නත්තලක් වේවා බකස් ගාල හිනාගියා.....

    ReplyDelete
    Replies
    1. අර මක්කටෙයි ආයිබෝවන්ඩ...

      Delete
  6. එහෙනම් අපිටත් නත්තල්! :)

    ReplyDelete
  7. සල්ලි තියනව නං හැමදාම නත්තල් තමයි!

    ReplyDelete
    Replies
    1. සල්ලි ඕනමත් නෑ... ආතල් එකේ ඉන්න.. ඕන.. ඒත් ම්හ ගොඩක් ඕන නෑ. ලද දෙයින් සතුටු උනාම හැමදා නත්තල්...

      Delete
  8. ඇයි නත්තල් ගහ ටියුන් කරන්න ඕන නෑ, ගෙනාපු ගමන් කෙලින්. අනිත් එක නත්තල් ඉවර වෙන කොට දියර ගලන්නෙත් නෑනේ.

    මහාචාර්‍යයතුමා මොකෝ නත්තල් ඉක්මන් වුනේ..බෝනස් වත් ලැබුණද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම්... "බෝනස්"... ලැබිච්ච කාලයක් මතක නෑ.. අපරාදේ කියන්නේ කොතලාවල මහත්තයා ගාව ඉන්න කොට මාස 12 ගත්ත වෙලාවලුත් තිබුනා...

      Delete
  9. මාත් නත්තල් ගහට සම්භන්ධ ඔය වගේ කතාවක් කාලෙක කලින් ලිව්ව පොලු සහ ගෙඩි ගැන නව අර්ථකතනයක්.....18+ කියල.

    ReplyDelete
    Replies
    1. නත්තල් ගහ උඹව ගොනාට අන්දන්නෙත් නෑ, ණය අරං පොල්ල තියෙන්නෙත් නෑ, නේද බං?

      Delete
    2. මේ සල්ලි ලැබීම හෝ නොලැබීම ගැන මට එලව එලව කියන එකම කෙනා සල්ලි ඉල්ලගත්තු ( පොල්ල තියපු ) අභීත විතරක් නෙමෙයිද?

      Delete
    3. සන්තෝස වෙයන් මචන්! ඔහොම වත් උඹ ගැන හොයන්න කෙනෙක් ඉන්න එක ගැන.

      Delete
    4. thawa dina 09yi.... 15 raa party eka koheda?

      Delete
    5. ඔය තියෙන්නෙ මම කොමෙන්ට් එකකුත් දාලා.. පාටිය ගැන මටත් කියපන්....

      Delete
    6. වයි පාටි කියල තමා කියන්න වෙන්නෙ.

      Delete
  10. කොල්ලන්ට නම් ලොකූ ප්‍රයෝජනයක් තියන බවක් පේන්න නෑ... කෙලින් තියන එකේ කෙල්ලන්ට නම් ප්‍රයෝජනයක් ගත්තහැකි... ඒත් කොල්ලො මොනා කරන්නද.... බාරියාවකට වඩා හොඳයි කිව නම් අවුලක් නැහැ... ඒත් කෙල්ලෙකුට වඩා හොඳයි කියන්න බෑ...

    ක්‍රිස්තියානි ආගම සම්බන්ධ විහිලු වැඩියි කියන එක නම් හරියට හරි... ඒවා ගැන වැඩි විරෝධයකුත් නැහැ.... කවුදෝ කෙනෙක් කිව්ව මතකයි... ක්‍රිස්තියානි සභාව (මොකක් හරි ඒ ආගමේ මූලස්ථානය ) there is no such thing as bad publicity කියන සංකල්පය තමයි අනුගමනය කරන්නේ කියලා.

    ReplyDelete
  11. මේකට මට කියන්න තියෙන දේ කිව්වොත් මාතලන්ගේ පෝස්ට් එක කැත වෙනවා.. ඒක හින්දා මං මුකුත් නොකියා අර කොල්ලෝ ටික එක ගොඩේ සම්බල් කරලා දාපු එකට විරෝධය පළ කරලා යන්න යනවා.... හි හි

    ReplyDelete
    Replies
    1. දැන් උඹට ඕනේ උන්ව අර පහල කෙල්ලෝ ටික වගේ පෝලිමට ඉස්සරහ බලාගෙන හිටවලා තියන්නද? අනේ අනේ...

      Delete
    2. ඉතින් මං මක්කා කොරන්නෙයි. ඒ යක්කු නේ වහගෙන ඉන්නේ...

      Delete
    3. ඇයි මාතලන් කොල්ලො ඕක පෙන්නන්න ඔච්චර ලැජ්ජ..? විහිළුවට නෙවෙයි.. ඇත්තටම ඇහුවේ... ෆිල්ම්ස් වලදි උනත් කෙල්ලන්ව හොදට පෙන්නලා, කොල්ලව එක්කෝ ගඟකට මුහුදකට හරි බස්සලා තමයි පෙන්නන්නේ... මට ඕක හිතුනේ ලෝඩ් බයිරන් ගැන හදපු ෆිල්ම් එකක් බලද්දි... ෆිල්ම්ස් වල මොකක් හරි දෙයක් තියෙනවද ඒ ගැන...

      Delete
    4. කොල්ලො නම් ඕක බලලා ආතල් එකක් ගනීවී. කෙල්ලන්ට එහෙම නෙමේ නේ. දැක්කම කලන්තේ දානවා. ඒකනේ ලයිට් වහල සෙල්ලම් කරන්නෙත්...

      Delete
    5. හි හි.. ඒ ඉස්සරනේ.. දැං උං ඕවට කලන්නේ දාන්නේ නෑ...

      Delete
    6. විරුද්දත්වය පේන්නෙ නෑති හින්දද?

      Delete
  12. නත්තල් ගහ මොච්චර ප්‍රයෝජනවත් කියලා අදමයි හිතුනේ. අම්මපා මේ සැරේ නම් එකක් ගෙදර ගෙනියනවාමයි.

    ReplyDelete
    Replies
    1. ඇයි ගෙදර තියෙන එක වැඩක් නැති වෙන මට්ටමට ඇවිල්ලද?

      Delete
    2. පිස්සුද මෙයා, අපේ වෙද මහත්තයා හත් අවුරුද්දකට කෙලින් වෙලා නැති ඒවා කෙලින් කරන කෙනෙක්... එහෙව් එකේ එයාගෙ එක ගැන කවර කථාද?

      Delete
    3. ගෙදර ගෙනිහින් අවුලක් වෙන එකක් නැතෙයි....

      Delete
  13. මාතලන් අයියටත් සුභ නත්තලක් වේවා! අනිත් කතාවට ලින්ක් එක දාපු එකත හොඳා. ඒක කලින් කියවලා තිබ්බේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඕකෙන් තමයි මගේ බොග ගැන ගොඩක් අය දැනගත්තේ....

      Delete
  14. මාතලන් අයියටත් සුභම සුභ නත්තලක් වේවා.

    සල්ලි තියෙනවා නම් අපටත් හැමදාම නත්තල් තමා :)

    ReplyDelete
    Replies
    1. සල්ලි ඕනා... එත් මහ ගොඩක් නම් ඕන නෑ....

      Delete
  15. අලේ...දැන් ඕවට අපි මොනාද කියන්න ඕනේ ? :P

    ReplyDelete
    Replies
    1. මාතලන්ටද අලේ කිවුවෙ ??? ඇයි උන්දැගෙ අල බැහැලවත්ද ????

      Delete
    2. බලන්නකෝ ඔයා හිංගල වැරැද්දුවම වෙන දේ.. මට නේ ලැජ්ජාව....

      Delete
  16. හොකෑස්! :D
    මාතලන්ගෙ මොලේ තම්යි මොලේ:D
    සුභ නත්තලක් :)

    ReplyDelete
    Replies
    1. මගේ මොළයක් නෙමෙයි බන්. අනුන්ගේ මොළයක්....

      Delete
  17. කතන්දරයි දයාල් බතීයි මාතලන් මේ බ්ලොග් 3නම රන් කරන්නේ එකම පොර කතන්දර කාරයාමයි මෙන්න තිත්ත ඇත්ත .හි හි .

    ReplyDelete
    Replies
    1. ඉතින් අපිට පාන්යැ හිරුවො.
      මොකද මේ සිවිල් ඇදුමින්.

      Delete
    2. කිව්වත් වගේ අපට පාන් ද ?
      මෙන්න මට ඇනෝ එන්න අතමක වෙලා

      Delete
    3. කතන්දර නම් මගේ ගුරු ජී. දයල් බතී නම්, හමුවෙලා කතාකරලා නෑ.. ඒත් මගේ අදහස් තියෙන කෙනෙක්. මම වෙන එකක් නම් ලියනවා. ඒක ඉතින් කවදාවත් කියන්නෙ නෑ...

      Delete
    4. උඩ ඔය තියන කමෙන්ට් එක ගැන මට කිව්වේ චන්දනගේ සටහන් ලියන චන්දන අයියා..ඕක මම දාපු කමෙන්ට් එකක් නෙවෙයි.කවුරුහරි කොන්ද පන නැති මනුස්සයෙක් මගෙ නමින් දැම්ම කමෙන්ට් එකක්..මට මේ ටිකේ ලියන්න උනෙත් නැහැ කියවන්න උනෙත් නැහැ..මගෙ කිසි සම්බන්ධයක් නැහැ ඔය කමෙන්ටුවට සහෝ..
      ජය!

      Delete
    5. උඩ නමට ගියාම කෙලින්ම මගේ ප්‍රොෆයිල් එකට රී ඩිරෙක්ට් වෙන්නේ..
      මෙතන මොකක්හරි තියනවා. මොලේ අමාරුකරයෙක්ගෙ වැඩක්,

      Delete
    6. ගණන් ගන්න එපා... විහිලුවක් විතරයි

      Delete
  18. නත්තල් ගස් කීවම මතක් උනේ.
    යුද්දෙ කාලෙ උතුරෙ ඩියුටි හිටපු ආමි බුවෙකුට උගෙ මොන්ටිසෝරි යන පුත්‍රයා ලිවුමක් ලීවලු නත්තල් ගහක් ගේන්න කියල නිවාඩු එද්දි.

    මූ නිවාඩුවට එනවලු ට්‍රැක්ටරේක බැදගෙන තඩි තල් ගහක්. හිමිනේට මේකට මල පැනල ආමි ගොයියට දිග හරහ තියල දෙසද්දි මූ බැරිමතැන පෙන්නුවාලු පොඩි එකා එවල තිබ්බ ලිවුම.
    මොන්ටිසෝරි යන පොඩ්ඩා බැරි බැරි ගානෙ ලියල තිබුනෙ

    "තාත්තෙ, නිවාඩුවට ගෙදර එද්දි නාතතල් ගහක් ගේන්න" කියල
    ඉතිං ඌ නාත තල් ගහක් ගෙනත්

    (පෝස්ට් එකට අදාල නැද්ද මන්දා)

    ReplyDelete
    Replies
    1. මට මතකයි උඹද කොහෙද, මේ ගැන පෝස්ට් එකකුත් දාලා තිබුනා

      Delete
    2. ඔවු. මම තුමාම තමයි. මට ඒක හොයාගන්න බැරි උනා

      Delete
  19. පට්ට කතාව..:D
    හැමෝටම සුබ නත්තලක් වේවා!!

    ReplyDelete
    Replies
    1. මේවගේ ඒවල තියෙන්නේ අමුතු රසයක්...

      Delete
  20. වටිනවා නේන්නම් බලාගෙන යනකොට :D :D

    ReplyDelete
    Replies
    1. නත්තලට එකක් ගෙනිච්චනම් නරකද....?

      Delete
  21. මානසික ලෙඩුන්ට දෙන/දික් කරන මාස 3 නේ නිවාඩුව මාතලන්ටද ලැබී ඇති බැවින් දින 20 ට ප්‍රථම නත්තල් පණිවිඩය ඔබ හමුවේ දිගහැර ඇතිබව කරුණාවෙන් සලකන්න!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. නත්තල..... "මට මතක නෑ ඕයි...."

      Delete
  22. පුදුම සන්සන්දනයක්නේ මේක.හිතාගන්නත් බැරුව ගියා මුලින්ම මු මොකාටද එන්නේ කියලා.නිර්මාණාත්මකයි මාතලං පෝස්ටුව. ඔබට සුබ නත්තලක් වේවා.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. මගේ නිර්මානයක් නෙමෙයි බන්.. පරිවර්ථනයක්

      Delete
    2. තරහ වෙන්න එපා නලියා කොහෙද බං මේකේ නිර්මාණාත්මක ?

      Delete
  23. කෙල්ලන්ට වඩා නත්තල් ගස් හොදයි කොහොමත්, අපි ගහ ලගට ගියොත් මිසක් ගහ අපිව හොයාගෙන එන්නෙ නැහැනේ.

    ReplyDelete
  24. ලෝකයේ ප්‍රථම කෙටි පණිවුඩය Merry Christmas කියල යැව්වෙ දෙසැම්බර් 3 වැනිදා ... ඉතින් මාතලන් දවසකින් ඊට වඩා ඉක්මන් වෙලා නැහැනේ!!!

    සුබ නත්තලක්!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් කිසිම අවුලක් නෑ නේ....

      Delete
  25. නත්තල ගහක් බැඳගත්තානං ගොඩනේ

    ReplyDelete
    Replies
    1. එහෙම නම් ඉතින් නත්තල් ගහක්ම වෙන්න ඕන නෑ. කටු නැති ඕන ගහක් ඔට්ටුයි නේ....

      Delete
  26. .....//අපිටනම් ඉතින් හැමදාම නත්තල්.......//....
    අප්පද බොල. මාතලන් ගොයියෝ... උඹ කොහොමද කලිසම අඳින්නේ?

    ReplyDelete
    Replies
    1. ලද දෙයින් සතුටු උනාම. හැමදාම නත්තල් තමයි....

      Delete
  27. අනේ මොනවා කියන්නද මේවට....මම නම් ඉතින් බෝ ගහ වගේ මිනිහනේ........

    ReplyDelete
    Replies
    1. බෝ ගහක් උනත් අවුලක් නෑ.... පූජනීයයි නේ....

      Delete
  28. හරීම හැඩ නත්තල් සීයලයි නත්තල් ආච්චිලයි.

    නත්තල් ගහ මොකද ටීචර් කේතු ආකාර. ?

    ReplyDelete
    Replies
    1. කාලා වරෙන්කෝ ඉතින්..... කතාව ඕනම නම් කියන්නම්.

      Delete
  29. කෙල්ලන්ගෙ G spot එක ගැන අහලා තිබුනට කොල්ලන්ගෙ එකක් අහලා නෑ... අර ඇනෝවා කිව්ව විදියට ඒ ගැනත් ලියන්න එහෙනං...

    ReplyDelete
    Replies
    1. සැර වැඩිවෙයිද බන්....?

      Delete
  30. බලන්නකෝ ඉතිං ඒකෙත් හැටි.... හික්ස්.....

    ReplyDelete
  31. නත්තල් නම් මොනාද මාතලන් අයියේ මේ වෙන වැඩ දැක්කම..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... ඊට වඩා වඩිනවා... "එල්ලුම් ගහ"

      Delete
  32. දැන් මචං කොමෙන්ට් කරද්දී ගැළපෙන දෙයක් කියන්න ඕනෙද ?
    මට නම් හිතුණේ නත්තල් ගස් ගැන කියන්න ඉක්මණ් වැඩි නැද්ද කියලා

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නෑ බන්... තව කුණුහබ්බයක් හරි කමක් නෑ.. කොමෙන්ට් එකක් දාන එක ළොකු දෙයක්නේ...

      Delete
  33. ගියවර නත්තල් සීයාට පොඩ් සෑමා ලියපු ලිපියක් මතක ඇති නේද :ඩී

    මට ඒක මතක් වුනේ...

    ReplyDelete
    Replies
    1. යාන්තමට මතකයි... ලින්ක් එකක් දැම්මනම්.... හෙන ගහනවැයි.....

      Delete
    2. ලින්ක් එකක් දැම්මනම් මූගෙයි කකාගෙයි මොකක්ද තියෙන වෙනස? හිට් පෙරේතයෙක් නොවීමගැන අපගේ ආචාරය.. (හැබයි මූ හිට් ඩබල් කරගන්න දුන්න ට්‍රයි එකක් වෙන්නත් බැරි නෑ... ලින්ක් එක නොදා තිබුනම කට්ටිය පන එපා කියල හොයනවනෙ )

      Delete
    3. ?හැබැයි එහෙම වෙන්නත් බැරි නෑ තමයි ..මූ මාකටිං පොර.

      Delete
  34. එතකොට එක එහෙමලු උනා කියන්නේ නේද? සුභ නත්තලක් කියලා කීවාට ඒවා ඔට්ටු නැ තව ඒවාට කල් තියනවා හොදේ....

    ReplyDelete
    Replies
    1. මට නම් මචෝ හැමදාම නත්තල් නේ...

      Delete
  35. නත්තල් ගැහෙ බෝල හපන්නේ කව්ද අෆ්ෆා :D ඒත් සෑහෙන්න කරුණු සහතික ඇත්ත :)

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා හරිම අඩුයි

      Delete
  36. හැබෑට නත්තල් ගහක් කීයක් විතර වෙනවද .නෑ මන් මේ නිකන් ඇහුවේ

    ReplyDelete
    Replies
    1. හෆෝයී.......... අරීට වඩා ගොඩාක් ලාබයි....

      Delete
    2. එහෙනම් ගෙන්න ඕනේ එකක් මේ සැරේ නත්තලට .නත්තල ඉවර උනාම අපහු ගෙනිහින් දාන්න පුළුවන්නේ

      Delete
  37. මේකත් මෙතනින්ම එල්ලමු... කැමති කෙනෙකුට... දැනුම පොතට...

    To XMAS And Beyond

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න