.

.

Dec 19, 2012

ආයෙත් පරිප්පු කන්න වෙයිද....? - Indian Warning



මේ ගැන අපේ W3Lanka ලියා තිබෙන්නේය. ඔහු කියන්නේ, රාජපක්ෂ පාළණයේ වසන්තය නිමාවෙමින් පවතින බවයි. රටේ එවන් මතයක් පතුරුවන්නට තැත් කලද ඇත්ත එයද.....? නැත. ඔවුන් කෙලිනා පිස්සු එකසිය ගානට කෙලි. බඩු වැඩි කිරීමේත් නිමක් නැත. තෙල් බාලා, නඩු බලවා අවසානයේ, පැස්ටෝල් වලටත් කෙලියේය. කොළඹ ලස්සන වෙයි. ගහන්න යන බිල්ඩින් වල තට්ටු ගනන් කරන්න වෙනෙම ඇමතියෙක් දාන්න වෙයිය. නයිට් රේස් යයි. ඉඳගෙන බලනවානම් 5000 ය. 50 ටිකට් ගත්තොත් සද්දේ විතරක් අහගෙන ඉන්න පුළුවන්ය. හැබයි අපරාදේ කියන්නේ රටේ තත්වයට ගැලපෙන්න සයිකල් රෙසුත් යනවාය. ත්‍රී වීල් රේසුත් යනවාය. ලැම්බෝගිනි බලන්න උන්නාට, ගල් ෂොට් එකේ පවර් එකට එහෙමම නින්ද ගිහිල්ලාය.


ඒ කියන්නේ 5000 වියදම් කරන්න පුළුවන් එකාටත් 50 ක් වියදම් කරන්න පුළුවන් එකාටත් ආතල් ඕන නම් ඇස්ටි හැලෙන්න දෙනවාය. පුළුවන් එකා මගුල් ගෙදරට ගෙන්නනවාය. බැරි එකා පන්සලට ආවම ලඟටම ගිහින් වඳිනවාය, ඉඹිනවාය, අත වනනවාය, හිනා වෙනවාය, බුරි මිරිකගන්නවාය. පොඩි එකා විසිකරනවාය එක කෙලියක්ය. ඕවාට අපේ ගමේ කියන්නේ පින පලදෙනවා කියාය. බලපන්කෝ පින් පාට කියාය. ඉතින් අපි මේ හිත් අමනාප කර ගත්තාට. හෙට ඡන්දයක් තිබ්බොත් ආයෙත් ගිහින් පැන්සලෙන් කෙලලා එනවාය.

පිරබාහරන්ට දීපූ නිසා එකෙකුටවත් බය නැතිය. ආන්ඩුවේ ඉන්නා මහා වාමංශිකයෝ, පරණ ශ්‍රී ලංකා කාරයෝ ඉතරක් නොව විපස්සේ උන්ගේද ඇට තියෙන්නේ උන්නාන්සේ ලඟය. ජෙප්පෝ ටිකත් නැත්නම් කටක් අරින්න එකෙක් නැත්තේය. හැබයි, ඔය බය නැති කේස් එක උනත් හරියට කරගන්න උන්නැහේගේ කාන්ඩේ දන්නේ නැතිය. උන් වැඩ නාගන්නවාය. නඩුවක් අහන්න චාන්ස එකක් දුන්නාම. ඒ නෝනාට කින්ඩිය දානවාය. ඒ ළකුණු වැඩි කර ගන්නය. හැබයි ඒකෙන් උනේ ඊටත් ඉහලින් කොමිසමක් දාන්නය. එතකොට අර බලවපු නඩුවෙන් පලක් නැත. (කොහොමත් ඒක නම් පට්ට ජෝක් එකකී)

හැබයි ඉතින් ඔය සෙල්ලම් දාන කොට ගමේ ප්‍රාදේශීය සභාවේ ඉන්න එකාත් ෆෝම් වෙනවාය. ඌත් ගිහින් ටුවරිස්ට් හොටෙල් බලෙන් අල්ල ගන්නවාය. එතකොට නීතීයක් කියලා දෙයක් නැත්තේය. අන්තිමට සුද්දෝ එන එකත් නවතිනවාය. හෝටල් වලට වෙන්නේ, අර පිරබාහරන්ගේ කාළේ වගේ වෙඩින් වලින් විතරක් ජීවත් වෙන්නය. පාතාලේ මර්ධනය කරාය කිව්වාට දැන් ගේම දෙන්නේ ගමේ උන්ගේ ඡන්දෙන් ආපූ ලයිසන් පාතාල කාරයෝය. කිසිම තැනක වැදගත් මිනිහෙක් නැත. පහලම තැනින් ආවයි කී ප්‍රේමදාස මහත්තයා ළඟ මීට වඩා වැදගත් මිනිසුන් සිටියේය.

උපදෙස් දෙන උන්ගෙන් මෙන්ම ආර්ථිකය හසුරුවන එකාගෙනුත් වැඩක් නෑ කියා තේරෙන්නේ කොකු වැටෙන විටය. ආර්ථිකය හොම්බෙන් යන්නේ ඒ නිසාය. ඔන්න ආයෙත් ඉන්දියාවෙන් පොඩි වෝනින් එකක් දීලාය. ලැම්බෝගිනිවලට ටැස් ගැහුවේ නැති උනාට. ඉන්දියාවෙන් එන පොඩි කාර් වලටයි, ත්‍රී වල් වලටයි බද්ද වැඩි කලේය. මෙහේ ඒ ගැන කතා කරන්න එකෙක්වත් නැතු උනාට. ඉන්දියාව ඒ ගැන කතා කර ඇත. ඔවුන් කියන්නේ මේ ටැස් ගැහිල්ලේ සාධාරණත්වයක් නැත කියාය. දැන් ඉතින් ආයෙත් ඉන්දියන් විරෝධි වෙන සෙට් එකට කෑ ගහන්න මාත්තුරුකාවක් තියෙන්නේය.

ඒ උනාට එහෙම කෑ ගහන එක ඩේන්ජරස්ය. ඒ කාළේ එයා කියන ඒවා අහන්නේ නැතුව ගේම් දෙන්න ගිහින් ඉස්සෙල්ලාම පරිප්පු දැම්මේය. ඊට පස්සෙ පලා බබා දුන්නේය. විමල් සහෝ පලා බබා අපිට එපා කිව්වාට, ලොක්කා බබාව ආයෙත් එහේට දෙන පාටක් නැත. මොකෝ ලොකු අයියා තරහ වෙන්න ඉඩ තියෙනවාය. ඊට පස්සේ කියන දේ අහන්නේ නැති උනාම ජිනීවා වලදි අපිට විරුද්ධව ගේම දුන්නේය. ඉතින් මේ වෝනින් එකත් එන්නේ මාර්තු කිට්ටුවත් එක්ක නිසා දෙසරයක් හිතා බලන්න වෙනවාය.

ඕන නම් චීනේ ඉන්නවා කියා ගේමක් ඉල්ලිය හැක. එහෙම නැත්නම් ෂේප් න්‍යාය අනුගමනය කරන්න වෙනවාය. හැබයි ඉතින් ඉන්දියාව ඇමරිකාවත් එක්ක සෙට් වෙලා අපිට අංචිය අදින කොට. චීනේ අඳ ගොළු බිහිරි නියාමය අනුගමනය කරනා එක නම් කනගාටුවට කාරනයක්මය. මේවා ඔය ඉන්න විදේස් විසේසඥ්ඥයෝ කියන උන්ට තේරෙන්නේ නැති නිසා අපවත් පෙන්වා දිය යුතුය. ඒ මොකා මොනදේ කලත් අපේ රටට අප ආදරේ නිසාය. වසන්තය නිමා වෙනවා කිව්වාට, ආයෙත් ඡන්දයක් එනකන් ඉන්න වෙනවාය.....

ඒ වගත් මෙසේය.

63 comments:

  1. අපි නම් ෂේප් නියාය තමයි

    ReplyDelete
  2. දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න තමයි තියෙන්නේ මාතලන් අයියේ මෙව්වා ලියන්න එපෝ සුදු වෑන් ඒයි ගෙදරටම.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මාත් යන්නෙ එන්නෙ එයින් එකක තමයි

      Delete
  3. මාතලන්,
    අපිට ලංකාව වැදගත් වුනාට ලෝකෙට ඒකෙන් මෙලෝ වැඩක් නැත. අද නවීන යුගයේ මුතු ඇටේ කතාව අහෝසි වෙලා. ඒ නිසා අපිට හොද හිතවත් අසල් වැසියෙක් ඕනෙ. කෝ අපිට එහෙම එකෙක්. අපේ හොදටයි නරකටයි අපිට ඉන්නෙ එක අසල්වැසියයි. ඒ ඉන්දියාව. එහෙමනම් ඉන්දියාව මොන තරම් ගූ වුනත් අපිට පොඩ්ඩක් ෂේප් එකේ තියා ගන්න වෙනවා.

    ඉන්දියාවට වඳින්න ඕනෙ නැහැ පොඩ්ඩක් ෂේප් එකේ තියා ගත යුතුමයි.

    ඇයි ඇමරිකාව අපිට ඉන්නවද ඇමරිකාවට වඩා හොද ගැනුම් කාරයෙක්. චීනෙ තව බිස්නස් ටිකක් කර ගත්තට පස්සේ පැත්ත බලන්නේ නැහැ. මේ යන විදියට අපිට තව කල්පයක් චීනාට කඹුරන්න දැනටම වැඩේ සෙට් වෙලා තියන්නේ.

    ReplyDelete
    Replies
    1. //මේ යන විදියට අපිට තව කල්පයක් චීනාට කඹුරන්න දැනටම වැඩේ සෙට් වෙලා තියන්නේ.//

      අපේ ඉන්න බත් කන හරක් වහන්සෙලාට තේරෙන්නෙ නෑ අයිය ඹය ටික

      Delete
    2. Bath kana harak wahansela kiwwe maraya aiyada?

      Delete
    3. හරියට හරි මම හිතන්නේ චීනෙට රැවටුන නම්බර් වන් රට තමයි අපේ ඇටේ....

      Delete
  4. රට මාර පොෂ්ය. ඉන්දියන වාහන මිල වැඩිය. ජපන් ඒවා ඊට සාපේක්ෂව අඩුය. ඉතිං ඉන්දියන් විරෝධයක් ඉබේම මැවෙන්නේය. මරුටි ඇල්ටෝ පදින අපිට ආතල්ය. ඒවා මාර මාකට්ය. ජපන් එකකට යන්න හිත නොදෙන්නේය. ඊට හොදම හේතුව පෙට්ට්‍රල් මිල ගණන්ය.

    තෙල් හොදට කරනවා නම් ලැම්බෝගිනි නම් පට්ටය.

    ජය !

    ReplyDelete
    Replies
    1. තෙල් හොදට කරනව . . . 16ක් විතර (හැබැයි ගැලුමට)

      Delete
    2. මටත් ලැම්බෝගිනියක යන්න ආසය.... පැස්ටෝල් ලාබ නිසා ගැලුමක් ගැහුවත් අවුලක් නැතිය....

      Delete
  5. ////රාජපක්ෂ පාළණයේ වසන්තය නිමාවෙමින් පවතින බවයි. ////

    තව අවුරුදු 4, 5 ෂුවර් එකටම අදිනවා..

    ReplyDelete
  6. ඇතුවත් බෑ නැතුවත් බෑ ශේප් එකේ ඉන්න තරමට හොදයි....
    අපිට ඉතින් තියෙන්නෙ එයාගේ මෙයාගේ එව්ව බල බල ඉන්න තමයි...
    මොකෝ අපි කියන එකක් උන් අහන්නේ නෑනෙ..

    ReplyDelete
    Replies
    1. එහෙම අහන්නෙ නැති උනාම වෙන දේවල් අපි දැකලා තියෙනවනේ....

      Delete
  7. //කිසිම තැනක වැදගත් මිනිහෙක් නැත.//

    වෙන මොන කතාද...

    ReplyDelete
    Replies
    1. වැදගත්ම එකා ඉන්නේ රේඩීයෝවේ.. උදේ පාන්දර තප්පුලන්නේ...

      Delete
  8. මට හිතෙන්නෙත් වසන්තය නිමාවේගන එනව කියල. ඒත් බලන්න ඕනෙ ඊලග ඡන්දෙ මොනාවෙයිද කියල. අපි සයිබරේ මොන බයිලෙ ගැහුවත් ආණ්ඩුව මීඩියා වලිං ගෙනියන ගේම පොඩි නෑනෙ. ඔය ඉන්දියාවෙන් ඇදපු කචල් එකටත් ඒවයින්ම ගේම දීල ගොඩදාගන්නත් ඉඩ තියනව, මොකද අනේ අපේ මහ රජ්ජුරුවො කියාගෙන දොහොත් මුදුන් දීල වැදගෙන අයිටීඑන් විතරක් බලන ඡන්ද ගොඩක් ලංකාවෙ තියන නිසා.

    ReplyDelete
    Replies
    1. අනිවා... ඒක ෂේප් කරගන්න එක කරගන්නවාමයි.....

      Delete
  9. අපේ අව්‍යාජ මාරයියා මේ ගැන කියන්නෙ කුමක්ද කියා දැන ගැනීමට කැමැතියි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ ඉන්නේ මාරයා විතරක් නෙමේනේ... ඒකයි ප්‍රධාන ප්‍රශ්ණය....

      Delete
  10. අපිට ඔව්වා ගැන හොයන්නට වෙලාවක් නැතිය. අපි පට්ට බිසීය.. රතු වැහි වහින්නේ දේව කෝපයක් නිසාදැයි හොයන්නට තිබේ.... උල්කාපාත වලින් බේරෙන්නට තිබේ... පිටසක්වල එවුන් ඉන්නවාය. ඔය මොකවත් නැත්නම් බ්ලොග් එකේ ලිවීමට තිබේ, කොමෙන්ටු දාන්නටත් ඕනෑය. අනේ අපි පට්ට බිසී....

    ReplyDelete
    Replies
    1. අනේ.... සමාවෙන්න ඕන කරදරයක් කලානම්....

      Delete
  11. පොලොව දෙදරලා රතුවන් වැස්ස වහිනවා
    පිටසක්වල එවුන් ඇවිත් ඔත්තු බලනවා
    පාලිකාව මැරිලා චන්ගුමි තනි වෙනවා
    නයි කෙල්ලෙක් නයි නටවල ආතල් දෙනවා

    පුංචි ළමයි වත්ත වටේ රේස් පදිනවා
    ලොකු ටීචර් අන්න අරහේ චාටර් වෙනවා
    බඩු මිල ගැන අපි හිතන්නේ නැතුව ඉන්නවා
    අරව බලලා මේවා නොබලා ඉන්න හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. //පාලිකාව මැරිලා චන්ගුමි තනි වෙනවා
      hik hik.
      ela kawi tika.kohen enwada manda mewa.

      Delete
    2. මල් මසුරං කවි ටික කොළුවෝ....

      Delete
  12. තමන්ගේ හොදම යාළුවා වගේ ලගින්ම ඉන්නේ ණය මුදලාලි කියනවනේ..ණය දුන්න එකාට කෙල උනොත් මුදලාලිටත් කෙලවෙනවා..අරං තියෙන ණය කන්දරාවේ හැටියට අවශ්‍ය වෙලාවේ චීනේ අහක් බලං ඉදියි කියලා හිතන්න අමාරුයි...හිත හොද කමකට නෙමෙයි ඒගොල්ලන්ගේ සල්ලි ටිකට කෙල වෙන හින්දා..ලොක්කත් කෙල වෙන්නම ණය ගන්නේ මේක දෙගොල්ලොම ගොඩ යන් හින්දා.....අවුලක් නෑ..බඩගිනි උනොත් චීන්නු හදන පරවල් වල තාර ටිකක් හරි උණු කර ගෙන කන්න බැරියෑ..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.... බොන්න ගං වතුරත් තියෙනවනේ....

      Delete
  13. චීනේට දීගෙන ඉන්න එකෙන් පලක් නොවෙන බව තේරුම් යන්න අපේ අයට කාලයක් යාවි . ලොකු අය්යගෙන් ගේම ඉල්ලන එක බාගෙන නාගැනිල්ලක් බවට සැකයක් නෑ (ගිය පාර ජිව්නිවා වලදි ලොකු අය්යා පොඩි ටොක්කක් ඇන්නත් පොඩි මල්ලි වැඩේ තේරුම් ගත්තේ නෑ නෙව ) . මේ පාර ජිනිවා වල රුසියාව , චීනේ , කියුබාව නැලුනේ , බලමුකො මොකො වෙන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. ලොකු දෙයක් වෙන එකක් නෑ... තාම තෙල් හම්බ උනේ නෑනේ....

      Delete
  14. මාතලන් දේශද්‍රෝහියෙකි. විජාතික බලවේගයක අතුරු ප්‍රතිඵලයකි. චීනය ලංකාවට ණය දෙන්නේ අපිට නොපෙනෙන උන්ට පෙනෙන අපේ රටේ සංවර්ධනය නිසාය. මොකා කොහොම කිව්වත් දැං ලංකාවෙ කොඩිය අභ්‍යවකාශයේය. අපිට ඒක ආතල්ය. හයිවේ හැදිලාය. අවුරුදු 25ක් ඒකෙ ආදායම චීනෙට උනත් අපිට කම් නැත. හයිවේ එක තියෙන්නෙ ලංකාවේ නිසාය. ජීවිතේට හැබැහින් නොදුටු ලැම්බෝගිණි අපිට පෙන්වූ බේබිට අපි ණය ගැතිය. ගණිකා සේවය නීතිගත කරන්නට වෙර දරණ ආණ්ඩුවට අපි පින් පතමු. දැන් 6 වසරේ කොළුවාටද හොරෙන් වැල බැලිය යුතු නැත . කෙලින්ම SLS සහතික ලත් ගණිකාවක සොයා ගියා නම් වැඩේ ගොඩය. අපේ කෙල්ලන් අනාථ වූවාට අවුලක් නැත.

    ලෝක විනාසෙවත් වෙයන් දෙයියනේ........

    ReplyDelete
    Replies
    1. දැන් ඔය ගණිකා වෘත්තිය නීතී ගත කරපු රටවල හුජ්ජා කොල්ලොත් බඩු ගහනවද...? කෙල්ලෝ ඔක්කෝම අනාථ වෙනවද...? මාරයිනේ......

      Delete
  15. මටනම් මේ කියවූ දෙය මේ මතක නැති ය..

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම ලෙඩක් තිබෙන්නේය. ඒ නිසා හැමදාම ලියන්නේය....

      Delete
  16. චීන්නු කියන්නේ masters of deception රටක්. අප්‍රිකාවේ ඉන්න ඒකාධිපති ඔක්කොම එක්ක ඩීල් දාගෙන චීනා ඉන්නේ. අප්‍රිකාවේ ලක්ෂ ගණන් මිනිස්සු මුන් හින්දා අපා දුක් විඳිනවා . මම හිතුවේ අප්‍රිකන් කල්ලොන්ට වඩා අපේ එවුන්ට මොලේ තියනවා කියල දැන් බලනකොට උන් අපිට වඩා උන්ගේ ඒකාධිපතියෝ පන්නන්න උත්සාහ ගන්නවා අපේ එවුන් තරගෙට කඩේ යනවා ලොක්කට විතරක් නොවෙයි චිනටත් කඩේ යනවා.

    ReplyDelete
    Replies
    1. ඒ මදිවට උන්ගේ රොකට් වල ස්පොන්සර්ෂිප් එකත් ගන්නවා.....

      Delete
  17. ඇහුනත් ,දැක්කත් ,තේරුනත් ඇහුන් නෑ ,දැක්කේ නෑ ,තේරුන් නෑ වගේ ඉන්නවා අප්පා අපි ,වෙන මක් කරන්නද

    ReplyDelete
    Replies
    1. අන්න දේශප්‍රේමී ජනතාව....

      Delete
  18. නෑ මාතලං ,w3 කියන්නේ සැබෑවකි මේ රාජපක්ෂ පාලනයේ වසන්තය අහවර වෙමින් තිබෙන කාලයයි. ජනාධිපති ජේආර් මැතිතුමාගේත් පාලන සමය දක්වාම එහි අවසානය ළග ළගම එන බැව් අවිනිශ්චිත සහගත කාරණාවක් වූයේය.

    ReplyDelete
    Replies
    1. පාලනයේ වසන්තය අහවර උනාට පාලකයන්ගේ වසන්තය නම් උදාවෙලා තියෙන්නේ දැන්ද කොහෙද....

      Delete
    2. උංගෙ වසන්තෙ හවර වෙද්දි අපේ රිස්ස ගිහිං ඉවරයි අයිබෝන්ඩ

      Delete
  19. අනේ මන්දා ඔව්ව නම්...අපි කියන දෙයක් ඔය ලොකු පුටුවල ඉන්න මිනිස්සු අහන එකක්යැ.....ඒ නිසා අපිට උඩ බලා ගෙන දෙන දෙයක් කාල ඉන්න තමා වෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. එහෙම කියල හරියනවද රත්තරන්....

      Delete
  20. // ආයෙත් පරිප්පු කන්න වෙයිද....? //

    අයියණ්ඩිය බිය නොවන්න. ඒ එදාය, මේ මෙදාය. රජීව් වගේ කොල්ලෙක් ඉන්දියාවටත් ජේආර් පප්පා වගේ හම්බ නාකියෙක් අපිටත් සිටියේ එදාය, අද දෙකොන මාරු වී ඇත. ඉන්දියාවෙ හම්බ නාකියෙක් ඉද්දි අපිට එළ කොල්ලෙක් ඇත.

    මනමෝහන් සීයාට තබා ඔබාමා අන්කල්ටවත් අපි බය නැත, හරිය. :)

    ReplyDelete
    Replies
    1. නාකි දෙන්නා දකුණු ආසියාවේ දේශපාලකයින් අතර ඉහලම මොල කාරයින්ය (ආර්ථික හා විදේශ ප්‍රතිපත්ති පැත්තෙන් ) , අනික් දෙදෙනා......... රජිව් මැරෙන විට ප්‍රකෝටි ගණන් ස්විස් බැංකුවල තිබුනාලුය ,ජේ.ආර්ට කෙලවන්න කොටින්ට කිරි පෙවූ රජිව්ට කොටින්ම ගේම දුන්නාය. ජේ.ආර් අසනීපයකින්ම මලේය . එපමණයි

      Delete
    2. ඩි ඩි ටී ගේ කතාව සහතික ඇත්තය. අපේ උන් ඉන්නේ ඒ මානසිකත්වයේය...

      Delete
  21. ආණ්ඩුව:- අපේ රට ස්වාසිලන්තය ලඟට ඇදගෙන ගොස් රැඳවීම සහ ස්වාසි කල්චරය අපේ ඇටමිදුළු වලට ඉජෙක් කිරීම හැර දැන්නම් වෙන විකල්පයක් නැත.

    අපි:- අපේ රට මුහුදේ ඈත දුරකට ඇදගෙන ගොස් හුදකලා දිවයිනක් කලොත් මේ ප්‍රශ්න අඩුවනු ඇත.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්වාසිලන්තයට වඩා.... පාතාල නිව්ස් කියවන කොට නම් පේන්නේ... සෝමාලියාව පැත්තට වේගෙන් යන පාටක්....

      Delete
  22. “රාජපක්ෂ පාළණයේ වසන්තය නිමාවෙමින් පවතින බවයි.“
    අපේ සමහරක් මිනිසුන්ට නොතෙරෙන එකනේ ආස්චර්ය.

    ReplyDelete
    Replies
    1. රටේ වසන්තය නිමා වුනාට පාලකයින්ගේ වසන්තය නිමා වෙන්න නම් ඒ සම-හරක්ටත් තේරුම් යන්නම වෙනවා

      Delete
    2. සෝමාලියවත් හොරු මංකොල්ලකාරයෝ එක්ක තවම රන් වෙනවනේ....

      Delete
  23. //බලපන්කෝ පින් පාට කියාය.//
    අනේද කියන්නේ. පින් පාට මූණු ටික උදේ හවහ දැක්කම ඒ මදැයි..
    අනික ඔය උදේ හිට රෑ වෙනකල් පෙන්නන්නේ ටැලිවිසොන් ඔල සන්වර්දනේ. ඉතින් මොකට බය වෙනවද..! :)

    ReplyDelete
    Replies
    1. බයක් නම් නෑ... ලැජ්ජයි..... දුකයි....

      Delete
  24. ඉන්දියාව අපේ ලොකු අක්කකනේ බං........ඒක කෙසේ වෙතත් තව ටික දවසකින් චීනෙන් අපේ රටේ බෝර්ඩ් එකක් ගහනව

    "ඇතුල්වීම අවසරලත් පුද්ගලයන්ට පමණි" කියලා......

    ReplyDelete
  25. //ලැම්බෝගිනිවලට ටැස් ගැහුවේ නැති උනාට. ඉන්දියාවෙන් එන පොඩි කාර් වලටයි, ත්‍රී වල් වලටයි බද්ද වැඩි කලේය. මෙහේ ඒ ගැන කතා කරන්න එකෙක්වත් නැතු උනාට. ඉන්දියාව ඒ ගැන කතා කර ඇත. ඔවුන් කියන්නේ මේ ටැස් ගැහිල්ලේ සාධාරණත්වයක් නැත කියාය//

    දුප්පත් අපිට කෙල කර පෝසතුන්ගෙත් පෝසතුන්ට ආතල් දෙන එක ගැන තියන තරහ කියාගන්න බැරිය. ඇගේ මාලු නටනවාය.. මගේ ඇඟේ නටන මාලු ගැන කාටවත් ගානක් නැතිය.. ඉතින් දුකය..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න