.

.

Dec 22, 2012

අධ්‍යාත්මවේදීයෝ, විදෙස් ශ්‍රමිකයෝ සහ බූරුවෝ... - Meditative s, Foreign Workers & Bloody Fools


බුවාට, මාතලන්ට මල පනින එක සාධාරනය. ඒ මොකෝ අපි පුරුතග්ජනයෝය. ඉතින් චින් එක නොහොත් හොස්ස ලඟින් මැස්සෙක් ගිය ගමන් මල පනිනවාය. අනික දේවල් සිද්ධ වෙන ආකාරය දැක්කාම, කාගේ කාගෙත් මල පනිනවාය. පබා වගේ උන්නාට.... සමාවන්න බබා වගේ උන්නාට මේ දවස්වල හැමෝම වගේ ඉන්නේ මල පැනලාය. අධිකරණයේ අයගෙත් එසේය. පාන්ඩුවේ අයගේත්... සමාවන්න ආන්ඩුවේ යනුවෙන් නිවැරදි විය යුතුය.. අන්න එයාලාටත් මල පැනලාය. අපේ ඩිලාන් සහෝටත් එසේමය. ඒ රන්ජන් රමණ යකා එක්කය. රන්ජන් රමණ යකා කියන්නේ, ඩිලාන් සහෝදරයා විදෙස් ශ්‍රමිකයන්ට "රට විරුවෝ" කියා නම් පට බැන්දාට. "රට විරුවෝ" අපා දුක් විඳිනවා කියලාය. ඩිලාන් කියන්නේ "රණ විරුවන්ටත්" වඩා අති උතුම්, "රට විරුවන්ට" අපහාස කොරන්න එපා කියලාය. ඒ මදිවාට රමණ යකා කියන්නේ ඩිලාන් සහෝ කන්නෙ තුන් වන පවුල කියාය. ඩිලාන් කියන්නේ එයා කන්නේ හොරෙන් නෙමෙයි කියාය. ඒ උනාට රමණ යකා යන යන තැන හොරෙන් කනවා කියාය. එකම හෝටලෙන් කන අය, මෙහෙම කථා කියන කොට අපිට මල පනින්නේ නැතිය. හිනා යනවාය.. මුඛෙන් නෙමේය... පුකෙන්ය...

අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බන්ඩාරටත් මල පැනලාය. එහෙම පනින්නේ කොහොමෙයි කියා අපට පුරස්නයක්ය. අධ්‍යාත්මවේදියෝ කියන්නේ අපි වගේ අය නෙමේය. නිකන් මුනිවරු වගේ කස්ටියක්ය. ඔය චන්ද්‍රසිරි මහත්තයා ඉරුදිනෙන් පොරි හැලෙන්න ආන්ඩුවට දුන්නේය. එතකොට ලොක්කාගේ මල පැන්නේය. එයාට හතර වෙනි තට්ටුවට ඇවිත් යන්නෙයි කියා ආරාධනාවක් ආවේය. එතන භාවනා පන්ති තියෙනවාද කියා කියන්න දන්නේ නැතිය. සමහර විට ඒ වගේ ඒවා තියෙනවා කියා ගිහින් ආපු අය කියන්නේය. කොහොම හරි එදා ඉඳන් ආකාසේ ග්‍රහයෝ ඔක්කෝම මාරූ උනේය. දැන් අනාවැකි කියන්නේ පංචාග ලිතෙන් වෙන්න නම් බැරිය. සමහර ලිංගාක පතෙන් වෙන්න ඇහැකිය.

එහෙම බවුන් වඩා නිවන් දකින්න ඔන්න මෙන්න ඉන්න උත්තමයන්ගේ, සීලය කඩන්නේ වල් කොල්ලෝය. ඒ වගේ වනචරයෙක් මේ ළඟදී ඒ උතුමන්ගේ අනාවැකි වලට හිනා උනාම. නිවනට තියපු පය ආපහු අරගෙන, සරම උස්සාගෙන, මල පන්නපු එකාට, "බූරූවා" කියා ආමන්ත්‍රණය කළේය. සමහර විට කතා කලෙත් බූරුවෙක් වෙන්න ඇතිය. මොකෝ ඔය වයර්ලස් එකේ කතාකරන උන් පේන්නේ නැතිය. ඒ නිසා ෂුවර් එකටම බූරුවෙක් වන්නට පුලුවන්ය. මාතලන් කියන්නේ බොරුවක්නම්, ආන්ඩුවේ වයර්ලස් එක උදේට ඇහුවාම හඬු ගඳ ගහන බූරුවෙක් තප්පුලනවා ඕන එකෙකුට අහන්න පුළුවන්ය. මාරම ගතිය.. කන් කළුය.. සිත් පිනා යනවාය.. 

මේ ධර්මද්වීපේ ප්‍රධාන ආදයම වහල් සේවයය. එක විදෙස් රටවලට වහලුන් විකුණලාය, ඊට පස්සේ ඇඟලුම් කම්හල්වලට දාලාය, අනික තේ කඩන හිඟන්නෝය. උන් හම්බ කරන එකෙන් හැම එකාම ආතල් ගන්නවාය. ඔය යන ප්‍රාඩෝවලටයි, කන කෑම බීම වලටයි, විදේස් සංචාරවලටයි හැම එකටම වියදම් කරන්නේ මේ වහලුන්ය. වැඩිපුරම වහලියන්ය. එහෙම ගෑල්ලමයි දෙන්නෙක්, අපේ විමල් සහෝදරයාට ඩුබායි වලදි සෙට් වෙලාය. කරන්නේ එයාපෝට් එක පිරිසිඳු කරන එකය, ඒයා එයාලාගේ පඩිය අහලාය . පඩිය 25,000 ක්ය. සමහර විට මෙයාට ඉරිසියා හිතෙන්න ඇතිය. ඒ නිසා මෙයා කියන්නේ ඒ යන්නේ සෝබනේට කියාය. ෂෝ එකටය කියාය, වැඩ කරන්නේ කොහේද ඇහුවොත් ඩුබායි වල කියා කියන්න පුළුවන් නිසා කියාය. 

ඕන් ඉතින් අර චන්දසිරි මුනිවරයාගේ වගේම, අපෙත් මල පනින්නේය. එයාගේ ගෙදර ක්ලීන් කලොත් දෙන්නේ කීයද කියා අපට අහන්න වෙනවාය. එයාලා ඔය තැන්වලට යවන්නේ අපේ රටත් ඩුබායි වගේ කරන්නය. ඒ උනාට එයා කරන්නේ රට හැදිල්ල පැත්තක තියා, ලෙමන් පෆ් කකා උපවාස කොරන එකය, 13 අහෝසි කරන එකය, ලෝක බැකුවේ ප්ලග් ගලවන එකය, අදිරාජ්ජවාදි බිල්ලා පෙන්නා, දේසප්ප්‍රේමී "බබා ජනතාව" බය කොරන එකය. කොටින්ම කිව්වෝත්, මයික් එක ඉස්සරහා තප්පුලන එකය. කරපු මලදානයක් නැත්තේය. ලොක්කා තියාගෙන ඉන්නේත් ඉස්සර වගේ ජන්ද රැස්වීම වල විරිඳු කාරයෝ නැති නිසා. ඒවාවල බයිලා කියන්නය.

එ කෙල්ලෝ හම්බ කරන එකෙන් කකා, උන්ටම නිග්‍රහ කරන මුන්නැහේලාට, සමාජවාදෙත් අමතක වෙලාය. බලේ අරන් පච කෙල කෙල ඉන්නේ නැතුව, මේකත් ඩුබායි වගේ කලානම්, එකෙක්වත් ඔය රටවල යන්නේ නැතිය. ජනතාවට ඩුබායි හැදීම කෙසේ වෙතත්, එයාලානම් ජීවත් වන්නේ මොන්ටිකාලෝවලය. එහෙම ඉන්නකොට පහල පේන්නේ නැතිය. හැබයි ඉතින්, ඔය සෙල්ලම් හැමදාම දාන්න වෙන්නේ නැතිය. පුක බිම ඇනුනදාට හොයා ගන්නත් නැති වෙන්නේය. ඔහොම පඩත්තල කතා කියපු එකෙක් සැටලයිට් නෝනා ගාවත් සිටියේය. පෑන ගහන්නේ කෝට් එකේ අතේය. නම කින්ස්ලි ටි වික්කරම රත්නය. ඌ කිව්වේ ජනතාව කනවා වැඩිය කියාය. අන්තිමේ බල්ලා මාක් වෙලා නිවන් ගියේය.

දැන් මේ ගැන රමණ යකා එක්ක කොක්ක දාගත්ත ඩිලාන් සහෝ මොනවා කියනවාදයි අපි බලා සිටින්නේය. සමහර විට කට හොල්ලන්නේ නැතුව ඉන්නත් පුළුවන්ය. මොකෝ මෙයාලා දෙන්නාම ළඟදි ජජ්මන්ට් බෝඩ් එකක, එකට හිටපු නිසාය. රමණ යකා වගේ නොව.. මුන්නැහේ එකම තාත්තාගේ දරුවෝ නිසාය. හැබයි ඉතින් "වන අලියාට", "වල් අලියා" කිව්වාම කොක්ක දාන ඇමතිලා ඉන්න රටේ, ඩිලාන් සහෝ නිකන්ම ඉන්න එකකුත් නැතිය. එතුමාට එහෙම ඉන්නත් බැරිය. මොකෝ සිරසේ "කව්ද බෝයි" වගේ, මෙයාටත් අසාධාරනේ පෙන්නන්න බැරි නිසාය. විමල් සහෝට කියන්න තියෙන්නේ, එයා ගාව ඉන්ටවීව් ආපු "හැන්ඩි කොල්ලා" වරායට හරි, එයාපෝට් එකට හරි දාන්න බැරි නම්, (ඌ ඉල්ලා තියෙන්නේ අතුගාන්න හරි ඒ තැන් දෙකය) නිවාස අධිකාරියට දාන්න කියාය. මොකෝ මේ කියනා විදියට එතනත් තියෙන්නේ "ෂෝ" එකක් වන නිසාය. නිකන් "ෂෝ" එකක් නොව, "පඩ ෂෝ" එකක් නිසාය... ඒ වගත් මෙසේය....

104 comments:

  1. මාතලන්ටත් ලියන හැටි දැක කියවන අපිටත් ?

    ReplyDelete
    Replies
    1. ශුභ නත්තලක් වේවා!
      මල නොපනින 20-13 + ක් වේවා!

      Delete
    2. @ සොසී
      දැන්ම මල පන්නගන්න එපා....

      @ දයාල්
      එසේම වේවා....!!!!

      Delete
  2. මාතලන් තනිකරම කොළ පාට වෙලා මොකද මන්දා.....

    මාතලන්ටත් 4වෙනි තට්ටුවට යන්න වෙයිද දන්නෑ මේ වගේ කතා කියන්න ගියාම...

    ReplyDelete
    Replies
    1. මමනම් දකින්නෙ මාතලන් කොලපාට වෙලා නෙමෙයි,මුළු ලංකාවටම වෙලා තියෙන එක දිහා දැකල "නිල්"වෙලා කියල.දොඩම්පෙ මුදලාලිල පැනල මැරිච්ච 4වැනි තට්ටුව නෙමේ දැන් තියෙන්නෙ.ඇතුලේ තත්වෙ හරිම හොදයි.වෙලා තියෙන්නෙ එලියට ආවම,විදුරු කලුකරපු වාහනයකින් මොකෙක් හරි එකෙක් ටක්කෙටම වෙඩි තියෙනවනෙ.ඒකනේ "කන්ගැට්ට" තාම 4රෙ ඉන්නේ.ඒක 4රෙ පන්තියටවත් නොගියට අද ඉන්න තත්වෙ කොහොමද?

      Delete
    2. හිරුලා වගේ අයගේ ඇස් නිලංකාරවෙලා තියෙන්නේ ආශ්චර්යයෙන් . හොරාකාල හරි ආශ්චර්ය හදනවා නම් මොකෝ කියන දර්ශනෙන් ඉන්නේ ඉතින් මාතලන් කොල පාට වෙලා කියල පේන එකේ පුදුමයක් නෑ

      Delete
    3. ඔහ් යෑස් බුවා... හැබැයි ආශ්චර්යයෙන් නෙවෙයි.. කන්න නැතුව... මුන් හින්දා අපි ලෙවකනවා... ඒත් තව ටික දවසක් යනකොට ඔයාලා කියන අය බලයට ආවාම අපිට ලෙවකන්න වත් වෙන්නෙ නෑ කියලා දන්න නිසා...

      Delete
    4. //ඒත් තව ටික දවසක් යනකොට ඔයාලා කියන අය බලයට ආවාම අපිට ලෙවකන්න වත් වෙන්නෙ නෑ කියලා දන්න නිසා.//


      ඇත්තේයි ? කොහොමද අනේ දැනගත්තෙ ? බය වෙන්න එපා වෙන කවුරුත් බලයට එන්නේ නෑ ලඟකදි නම් .

      Delete
    5. එහෙනං හොඳයි.. තව ටික කාලයක් යනකම් ලෙවකාලා හරි ජීවත් වෙන්න පුළුවන්... හි හි

      Delete
    6. මේ රටේ කරපු එක්තරා සමීක්ෂණයකදී එලි උනාලු මහින්ද ලොක්කට චන්දෙ දීපු කන්තවොන්ගෙන් යම් ප්‍රතිශතයක් ලොක්කගේ උඩු රැවුල නිසාත් තමුන්ගේ චන්දය පාවිච්චි කොලා කියල.එහෙවු රටක ඔයැයි ගේ හැඳි මිටේ නුවන ගැන පුදුම වෙන්නේ නැහැ නංගියේ.අපි ඔන්නොහෙ මෙගා එකක් බලාන මාර අයියාගෙන් අන්තර්ජාලයෙන් කිරි හොද්දක් හදන හැටි අහාන ඉමු!වෙලාවක් තිබුනොත් සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොතකුත් බලල චුට්ටක් අඬමු!

      Delete
    7. බහුතරයක් මහින්ද අන්කල්ට vote කොරේ රැවුල , ඇදුම ,මල්වට්ටිය නිසා ය ......

      Delete
    8. අනේ පලයං බං යන්න. උඹ කියන්නෙ අපේ අව්‍යාජ මාරයියා වගේ තිරස්චීන බුද්ධිමත්තුත් මහින්ද මාමට ඡන්දෙ දුන්නේ රැවුල, මල් වට්ටිය හා ඇඳුම නිසා කියලද? යකෝ උඹ කියන්නෙ අපේ මාරයියා ඒ තරම් ගොනෙක් කියලද? නෑ නෑ. උඹලට වැරදිලා. කතා කරපන්කෝ, මාරයියේ මුන්ගේ රෙදි ගැලවෙන්ඩම.

      Delete
    9. මාරය අය්යා මගෙන් ඉල්ලන් ටින්කිරි ගාගන් නැති වේය ඇනෝ .....lol

      Delete
    10. ෂා රටවැසියන් ගැන ආඩම්බරයි/.... පුහ්හ්

      Delete
    11. මම ඉස්සර කොල පාට තමයි. ඒත් 2005 ඡන්දෙට ලංකාවේ උන්නේ නෑ ඒ උන්නත් දෙන්නේ රනිල්ට ඒත් 2010 දී දුන්නේ මහින්ද මහත්තයට. ඒ මිලිටරි පාලනයකට බයේ.. ඒ කියල ඉතින් දැනුත් වෙනසක් නෑ...

      Delete
  3. අම්මෝ ඔච්චර තරහ යන එක වයසට හොඳ නෑ

    ReplyDelete
    Replies
    1. තව කොහාට යන්න වයසක්ද බන්...

      Delete
  4. මේ .......... මේ සෙප්පඩ විජ්ජා බල බල , ලිය ලිය ඉදලා හරියන්නේ නෑ සහෝදරයා ගහමු කැරැල්ලක් ....@ ලිපිය නිසා මල පැන

    ReplyDelete
    Replies
    1. තුනක්ම ගහලා ඉල්ලගෙන කෑවේ... බැලට් එකෙන් පෙන්නමු අපේ බලේ....

      Delete
  5. මාතලන්ට මල පැනීම සාධාරණය. නමුත් වෙන්නේ තමන්ගේම ලේ රත්වීම පමණි.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මලේ ළිපිය මෙහෙම ලිව්වට මම කොයි වෙලේ ඉන්නෙත් ආතල් එකේ...

      Delete
  6. ඔය රජගෙදර ජෝර්තිෂ්‍ය මහත්තයාත් කියලා තිබුනා නේද 21 ලෝක විනාශයක් ගැන.... රාජ අණින් නැතුව අපි නොදන්න හේතුව මොකක්ද?....
    ජනතාව අන්දන්න, ඔහුන්ගේ (ජනතාවගේ) සිතුම් පැතුම්, විශ්වාස, ජාත්‍යාලය උපරිමයෙන් භාවිත කරනවා....

    ReplyDelete
    Replies
    1. ලෝකේ කේසේ වෙතත් සිරි ලංකාව විනාසයි මුං හින්දා.

      Delete
    2. පට්ට හොරෙක්.. ඒ සාත්තරෙත් දේශපාලණය නිසා විනාස කරනවා මුන්...

      Delete
  7. ඔයා දන්නවද අලුත්ම සීන් එක? අසරණ ගුනවර්ධන කප්පං ඉල්ලපු එකට නඩු දාපු මනුස්සයා නඩුව සමථයකට පත්කරගෙන අසරණ ගුණවර්ධනට ම තවත් රුපියල් ලක්ෂ150 කුත් ගෙවල.
    මළ පනිනව බං උපරිමයට මෙව්ව දැක්කම.

    ReplyDelete
    Replies
    1. ඇවිලෙන ගින්නට පිදුරු දාන්ඩ එපා බං, මාතලන්ට තලා ගිහින් තියෙන්න :O :D

      Delete
    2. ඒකටනම් මල පැන්නෙ නෑ.. මොකෝ උසාවිය ගැන මම හොඳටම දන්නවනේ....

      Delete
  8. මමනම් අහන්නෙම "ජාතියේ නාලිකාව" කියන "NETH FM" එක.මොකද ලොක්කට නම කියල කතාකරන දෙතුන් දෙනාගෙන් නිහාල් S. එක්කෙනෙක් නිසා.පිරිත්/බණ/බැලුම්ගල වගෙ වැඩසටහන් වලින් කරන්නෙම එදිනෙදා ජනතාවට වන සියලුම දේවල් කණපිට හැරවීම.එදා රනිල්ට සිරස,අද මහින්දට නෙත්.ජනතාවට ?????????????????????????????????මටනම් :):):):):):):)

    ReplyDelete
    Replies
    1. කණපිට හරවනවා කිව්වේ..?? O.o

      Delete
    2. මම නම් ඉතින් ඇහෙන එක අහනවා... කොයි පැත්ත ගැනත් දැනගන්න එපයි....

      Delete
  9. සුදු වෑන් හෙම දැක්කෙ නැද්ද ලඟකදි?

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ පාරේ ඕන තරම්...

      Delete
  10. රමණ යකා පාර්ලිමෙන්තුවේ දුන්න ටෝකට මම නම් මාර ලයික්ය . ජනාධිපති නැන්දාටත් මූණටම කියා එලියට බැස්ස එකා වූ රමණ යකාට කොන්දක් ඇතුව කථා කරන්නට පුලුවන් කමක් තියනවාය . හැට්ට ඇඳගෙන ගොන් පාට් රඟපාන එක අත්හරිනවා නම් සැහෙන තැනකට එන්න පුලුවන්ය . වී-මලයාත් , ඩි-ලානුත් එක බෝඩ් එකේ හිටියාට අදහස් වෙනස්ය . වී-මලයා 13ට කෙලින්න හදනකොට , ඩී-ලාන් කියන්නේ 13+ කියලාය . ඒ නිසා මොකක් හරි කියන්නට ඉඩ තියනවාය . කොහොමත් නූගත් ගොබ්බ සේනයෙක් වූ වී-මලයාට වඩා , ඩී-ලාන් ඩිංගක් විතර හොඳාය . රමණ යකා මතු කරපු ප්‍රශ්නයට ඩි-ලාන් විතරක් නොවේ ගැනුන් ලවා ආරබි ඔටුවන්ට කඹුරවා විදේශ විනිමය හොයන්නට හිතූ, හිතන හැම එකාම වගකිව යුතුය .

    ReplyDelete
    Replies
    1. මට නම් ඔය තුන් දෙනාගෙම කැමති ලක්ෂණත් තියෙනවා අකමැති ලක්ෂණත් තියෙනවා.. විමල් සහෝගේ පලා බබා අහෝසියට මම අත් දෙකම උස්සලා සපෝට්...

      Delete
  11. එක අතකට බං දියවන්නාවේ පිස්සු කෙලින යක්කු පත් කල උන් බූරුවෝ තමා. රටට කෙලවෙලා තියේද්දී උන් අපිට පේන්න කෑ ගහලා පස්සේ දෙගොල්ලෝ එකට ආතල් ගන්නවා.

    කෝල්ලනේ........ මේ අලුත් රස්තියාදුකාරයටත් සපෝර්ට් එකක් දියෝ............

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයාට හැමෝම සපෝට් එකක් දෙන්න. සල්ලි ගිණුමට දාපන්...

      Delete
  12. මේවා දැකලා අපිටත් මල පනිනවා අෆ්ෆා :)

    ReplyDelete
    Replies
    1. එලටම ලියල තියෙනවා පුතා අනිවා
      ඔයා 4 වෙනි තට්ටුවට නොබෝ දිනකදී
      යනු ඇත..

      සිරාවටම මාතලේ පරිස්සමෙන් .දෙවියනේ කියල හරි හමන්
      විදිහට ලිපි ටිකක් ලියාගන්න දැන් ඉතුරු උබයි තව කීප
      දෙනුකුයි විතරයි.ඒ නිසා ටිකක් වාවල ලියපන් දෙයියෝ ...

      Delete
    2. පිස්සුද බන් මේවට අර කව්ද කිව්වා වගේ ලොක්කා මාර ලයික්.. අනික එහෙම යන්න මොකක්ද මේකේ කියලා තියෙන්නේ.. මෙහෙමවත් වැරදි පෙන්නන්නේ නැත්නම් විපස්සේ ගොන්නුද ඒක කරන්නේ...

      Delete
  13. අනේ අපොයි බයේ බැහැ.

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ... රට රස්සා නැති වෙයි කියලද....?

      Delete
  14. ක්‍රිකට් පාලක මණ්ඩලයේ උන් හිතන් ඉන්නේ උන් නිසා ක්‍රිකට් ගහන උන් ජීවත් වෙනවා කියාය. ක්‍රිකට් ගහන නිසා උන්ට පඩි හම්බෙනවා කියලා නෙවේය.
    මුනුත් එහෙමය. මුන් හිතං ඉන්නේත් (සහ අපි සම හරක් දෙනතුන් නිසා උන්ගේ වියදමින් අපි ජීවත් වෙනවා කියලාය! උන්ට පුකට (මොලයට) දෙකක් ඇනලා මේ වග මතක් කර දෙන්නට කෙනෙක් නැති වීම ජාතියේ අවාසනාවය!

    ReplyDelete
    Replies
    1. වෙලාව ආවම් අපි මතක් කර දෙමු.. කාළයේ ගැටළුවක් විතරයි තියෙන්නේ..

      Delete
  15. මේ යන හැටියට මාතලන් කොහේ ගිහින් කොහේ නතර වේවිද කියා දන්නේ මහජරා සමාවන්න මහරජා පමණක්ය..

    ReplyDelete
    Replies
    1. මාතලන් වගේ අයට ලොක්කා හරි කැමතියි ප්‍රමුදි,බලන්නකෝ එයාගේ ලඟම ඉන්නේ ජොනී තුමා, කෙහෙළිය තුමා,වගේ කාලෙකට කලින් එතුමා හොඳට විවේචනය කල අයනේ.මාතලන්ට සුදු ප්‍රාඩෝ එකක් එක්ක උපදේශක කමක් ලැබෙන්නත් පුළුවන්.

      Delete
    2. ඇත්තටම මේ හොඳ නායකත්වයක්.. නමුත් කළමණාකරනය නිල්....

      Delete
  16. රාමන නම් රට ගිය ඇත්තො වෙනුවෙන් ආන්ඩුවට වඩා සේවයක් කරන බව පිලිගන්ට වෙනවාය. ආන්ඩුව පෙනීසිටින්නේ රට විරුවන් වෙනුවෙන්ය. රට විරුවන් වෙන්නේ එහෙ සිට ලේ වගුරා හෝ සල්ලි එවනතුරුය. අන්ත අසරණව කදවුරු වල ටිසින උන් විරුවන් නොවන්නේ උන්ගෙන් ලැබෙන දෙයක් නැති නිසාය. ආන්ඩුව දුප්පත්ය, සල්ලි නැත, නිධන් හොයන්නේ ඒ නිසාය. අර හාමුදුරුවෝ චීවරය උස්සන් ගමේ උන්ටත් යන්නට බැරි වේගෙන් කදු නගින්නේ ජාතිය බේරාගන්නට නිධන් ඕනෑ නිසාය.
    රාමන එහෙම නැත ඔහු පෙනීසිටින්නේ පරාජිතයන් වෙනුවෙන්ය. ඔහුගේ සේවය අගේ කල යුතුය.
    පුද්ගලික ජීවිතය අපිට වැඩක්ම නැත. තම තමන්ගේ පහ පිනවා ගැනීමට මොනවා කලත් අපිට පාන් වත් නැත. තම තමන්ගේ ගෑනුන් හා දැරියන් පරිස්සම් කරගන්නවා නම් ඒ ඇතිය.

    මාතලන් කිව්වා වගේ හඩ්ඩාගේ කට නම් පජාතිය. කියන්නට වදන් නැත. ගුවන්විදුලිය පවුලම එකතු වෙලා කනවාය. එතන තවත් පවුල් සමාගමක් හදනවාය.

    චන්දරේ අයියා ගැන නම් කිසිවක් නොකියමි, මොනවා උනත් තම තමන්ගේ කටවල් වල බ්රේක් ඉජෙස් කරගන්නා එක නම් හොදය. නැතිනම් ප්රසිද්දියෙ බූරුවන් තොරන හරකෙක් වන්නට සිදු වෙනවාය.
    අපේ ගූ ණවර්දන මාමාට මෙන් බන්කු නැති නිසා කේන්දරයක් බලාගෙන ඉන්නවා නම් හොදය.
    වරදක් ඇතොත් සමාව භාජනයකට දමනු මැනවි.

    ReplyDelete
    Replies
    1. රමණ යකා කරන්නෙත් ඉඳලා හිටලා පොඩි ජෝගීයක් දාන එක විතරයි.. පිලිපීනේ වගේ විදෙස් සේවකයන්ට පහසුකම් සේවාවන් සපයන්න ඕන...

      Delete
  17. මේ වන විට කොළඹි පිට සිටියත් මේවා දැක්කම නොලියා ඉන්න බැරිය. මේ ලංකාවේ ඉන්නේ ඒකට ගැලපෙන දේශපාලුවෝ ටිකක් සහ උන්ටම ගැලපෙන තක්කඩි ජනතාවකි.

    රමණ යකා එක විදියක චරිතයක් බව මම ද කියමි. ගොන් පාට් ඇතහැර ගත්තොත් යමක් කළ හැකි මිනිසෙකි. හැබැයි මර්විට දෙවනි නැත (පරණ යාළුවො නොවැ.) ඩිලා, විමලා, සහ ඩලා පුද්ගලිකව ඇසුරු කර ඇත. කමකට නැත. සත පහකට විශ්වාස කරන්න එපා. ඩලා ඉස්සර නාහෙන් ඇඩුවේ මට දෙන්න වගකීමක් මේ ගැණිට තිබ්බෙම නැත් ද මචන් කියායි. දැනනේ පෙන්නෙ පොරගේ වැඩ. අනික් වුනුත් ඒ වගේම තමයි. මාතලන් ලිවිල්ල ඉස්තරම්.

    ReplyDelete
    Replies
    1. රමණ යකා නිති විරෝධී කිසිවක් විකුණු බවක් හෝ දූෂණයට සම්බන්ධ බවක් දැනගන්නට නැත . චිත්‍රපටියකදී ඇර කාටවත් නෙලපු බවකුත් අහන්න නැත . එක පාරක් කාගෙන්දෝ ගුටි කැවාය කියා අතත් ඔතාගෙන හිටියා මතකය . ඒ නිසා මැර-වින් ට වඩා හොඳය

      Delete
    2. / ඩලා ඉස්සර නාහෙන් ඇඩුවේ මට දෙන්න වගකීමක් මේ ගැණිට තිබ්බෙම නැත් ද මචන් කියායි./

      ඒ ගෑනිට අපි කොච්චර බැන්නත් ඉන්න එකාට වඩා අනිවාර්යෙයෙන් වගකීමකින් කටයුතු කර ඇති බව පෙනේ.

      Delete
    3. වැඩ බැරි ටාසන්ලා ගොඩක් එක්ක කරන මේ සෙල්ලමෙන් කෙලවෙන්නෙත් ලොක්කටමයි...

      Delete
  18. ඩිලාන් ලොක්ක මේ ඊයේ පෙරේද කිව්වා අද ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය මැදපෙරදිග ශ්‍රමිකයෝ කියල බොහොම ආඩම්බරෙන් ! ජාතියක් හැටියට ලජ්ජා වෙන්න ඕනි තමන්ගේ රටේ ගෑනු ටික මෙහෙකාරකමට යවල හම්බු වෙන තුට්ටු දෙක රටේ ප්‍රධාන අදායම වෙච්චි එකට.ඉන්දියාව වගේ රටවල් පිටරට යවන්නේ පුහුණු ශ්‍රමිකයෝ පරිඝනක ඉංජිනේරුවෝ හෙදියෝ අපි කිරි දරු අම්මල.මේ රටේ මිනිස්සුන්ටම හරියන පාලකයෝ !පාලකයින්ටම හරියන චන්දදායකයෝ !ඉතින් මේ වගේ තකට තක සෙට් වෙච්චි රටක මීට වඩා මොන ආතල්ද ?

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ලොක්කෝ.. කටින් බතල කොල හිටවන අය තමයි ඔක්කෝම ඉන්නේ...

      Delete
  19. මහාචාර්ය මාතලන් තුමාගේ නොභියව ලියන කාලීන තොරතුරු එකතුවට මම නම් කාලයක සිට පට්ට ලයික්ය... දේශපාලන දර්ශනය කුමක් වුවත්... සමාජයේ වැඩි හෝ අඩු වශයෙන් කථිකාවට ලක්වෙන සිදුවීම් සියුම් ලෙස විග්‍ර‍හයට එතුමානෝ සැබෑ දක්ෂයෙකි...

    රමණ යකාට මම නම් පුද්ගලිකව කැමතිය...ඒ හඩක් නැති අසරණ ජනතාවක් වෙනුවෙන් හඩක් නගන එකම දේශපාලන චරිතය ඔහු නිසාය... මැද පෙරදිග ගැටළුව අපට ඉක්මනින් විසදාගත යුතු උඩුදුවන පිළිකාවක් බදු තත්වයකි...බැදපු ගෑණියෙක් ලග තියා ගත නොහැකි වූ ඩිලාන් ගොයියා ඕවාට විසදුම් දෙන විට ඉරු උදාව බටහිරෙන් සිදුවිය හැක...

    ReplyDelete
    Replies
    1. මොනවට බය වෙන්නද බන් රට ගිහින් කඹුරන උන්ට අපහාස කරයින් පස්සේ.. එයාද ඒ මිනිස්සුන්ට කන්න දෙන්නේ. ඩිලානුත් හොඳ බයිලා චැම්පියන් කෙනෙක් විතරයි වගේ. එච්චර කඩේ ගිහිල්ලත් සැටලයිට් ගනන් ගත්තේවත් නැත්තේ ඒකද කොහෙද....

      Delete
  20. පට්ට සීරියස් ලිපි 3 ක් ම පිට පිටම පල විය...:O

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්.. මොකක්ද ඉතින් එදිනෙද සිඳුවීම තමයි....

      Delete
  21. මුං ඔක්කොම කන්නේ එකම හෝටලයෙන්ය කිව්ව කථාවට එකෙන්ම එකගය. ඒත් ඒක එච්චර වැදගත් නොවෙන්නේ, දියවන්නාවට රිංගුවහම හොර ගෑණියෙන් නොහිටියාම, කොටු නොපැන්නහම උන්ගේ තත්වයට නොගැලපෙන නිසාය. ඒ අතින් උං හොයන්නේ උංගේ යුතුකම්ය.

    රට විරුවෝ සීන් එකේදී නම් ඩිලා නෑවේය. ඒත් අනෙකුත් හොර දෙටුවන්ට සාපේක්ෂව ඌ කෙළින් පොරකි. විමලා ගැන නම් කථා කරනවාට වඩා ඇත්තේ ප්‍රාර්ථනාවක් පමණි. ඒ නම් ඌටත් කිංස්ලි ගමන් ගත් මගම යන්න ලැබේවා යන්නයි. දෛවයේ සරදමකට මෙන් දෙන්නාම නැග්ගේත් කෑවේත්/කන්නේත් කඩුවෙලින්මය.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. මේ සෙල්ලම් හැමදාම තියෙනවනම් මක් කොරන්න බැරිද.... ජේ ආර් ගාව හිටපු රජවරු වගේ අය බල්ලෝ වගේ මැරිලා ගියේ...

      Delete
  22. ඔය චන්ද්‍රිරි සහ දෙරණේ පාර කියපු තාරුකා කරපු චන්ද්‍රසිරි එක්කෙනක් ද නැතහොත් දෙදනෙක්ද ?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් හරියට කියන්න දන්නෙ නෑ.. ඔය පින්තූරේ ඉන්න බුවා තමයි... මැද ඉන්න එකා නෙමෙයි බන්.. දකුණු අත පැත්තේ...

      Delete
  23. දේසපාලුවෝ කියන්නේ කොහොමත් බූරුවෝ තමයි.

    ReplyDelete
    Replies
    1. පිස්සු... උන් බූරූවෝ නෙමෙයි... ගල් ආඳෝ....

      Delete
  24. සුපිරි post එක ....... වල් හරක් මිනිස්සු බහුතරයක් ඉන්නකොට හැමෝටම හරක් වෙන්න වෙනවානේ ..... රජතුමා කිව්වොත් මැරේයි

    ReplyDelete
    Replies
    1. තාමත් රජ්ජුරුවන්ට මනාප පිරිස වැඩියි....

      Delete
  25. දැන් මේව ගැන මාතලන්ට අකේ පුමාරුව තිබුණට අව්‍යාජ මාරයියා වගේ උදවියට නම් ගාණක් වත් නැහැ. කටේ පතෝල හිර වෙලාද මන්දා. නැත්නම් අර සැටලයිට් එක දිහා බලාන, කාර් රේස් දිහා බලාන හස්තද්වාරයෙන් මොන මොනවා හරි කරමින් ඇති.

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝ කොමෙන්ටුව කතන්දර කාරයාගේ බව මට ඉදුරා කිව හැක...

      Delete
    2. ඌත් ඔය් හෙමිහිට කියන්නේ කාපිය පරිප්පු කියලා....

      Delete
  26. සමාජ ප්‍රගතිගාමීන් සමාජ ප්‍රගමනයට හරි කැමතියි..ඒත් මෙහෙම මල පනින්න කලින් හිතන්න මාතලන් සහෝදරයා..මේක ලේසි පහසු රටක් නෙවෙයි..කේතුමතී රජදහනයි

    ReplyDelete
    Replies
    1. ඒ කීමට කිව්වට මේවට මල පනින්නෙ නෑ... දුකයි... මුන් කන්නෙ ඒ මිනිස්සුන්ගෙ කඳුළු සහ දහඩිය කියන එක අමතක උනාට...

      Delete
  27. සිරාවටම මාතලන් සතුව ඇති කශෙරුකාව නං සෑහෙන්ඩ අගයකරමි!

    ReplyDelete
    Replies
    1. අයොඩෙක්ස් වලින් තමයි මේන්ටේන් කරන්නේ... (කැක්කුමක් ආපු වෙලාවට)

      Delete
  28. මාතලං උඹේ ලියැවිල්ලේ සුපිරි බවට මම ලයික්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ... මේවා ඉතින් උඹලා ලියන්න කියලය....

      Delete
  29. මොනවා කියන්නද??? කොළඹින් පිට අතුරු මද පලාතට වගේ ගිහින් අහන්නකො ජනතාවගේ අදහස්... දිව ඇදගෙන විකාගෙන කාලා මැරෙන්න හිතෙනවා...ඉතින් රටකට හරියයිද??

    ReplyDelete
    Replies
    1. ඒ ජනතාවත් ටිකක් මල අතට අරගෙන වගේ පේන්නේ.. ආන්ඩුවෙන් පොඩි සමීක්ෂනයක් කලොත් හොඳයි වගේ...

      Delete
  30. "ආන්ඩුවේ වයර්ලස් එක උදේට ඇහුවාම හඬු ගඳ ගහන බූරුවෙක් තප්පුලනවා ඕන එකෙකුට අහන්න පුළුවන්ය." හැබෑටම ඒ බූරුවෙක්ද? මට නම් හිතුනෙ පිස්සු බල්ලෙක් කියල.
    මැණික්

    ReplyDelete
    Replies
    1. මට නම් ඇහෙන්නෙම තප්පුලන හඬක්....

      Delete
  31. ජනතාව ඉන්නේ රෙඩි පිටය. විපක්ෂයට කොන්දක් තිබේ නම් ,,සැබෑ වුවමනාවක් තිබේ නම් ආණ්ඩුව ගෙදර යවන්නට හැකි අවස්ථා කිහිපයක්ම මෑත කාලයේ වරින් වර මතුවිය. නමුත් රනිලටවත් සජිත්ටවත් ජේවීපියටවත් එහෙම උවමනාවක් ඇති බැව් නොපෙනේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න ඕනෑ නම් ගෙදර යවන විදිය මම මෙතන කියා ඇත
      http://udithame.blogspot.com/2012/12/defeating-dictators-in-three-principles.html?spref=tw

      අධීකරණය පාරට බැහැපු අවස්ථාව කියන්නේ මේ වගේ අය ගෙදර යවන්න පුළුවන් ලේසියෙන් උදා නොවන දුර්ලභ අවස්ථාවක්

      Delete
    2. ලංකාවේ බොහෝ බ්ලොග් රචකයින්/රචිකාවියන් සේම මේ බ්ලොග් රචකයාද 'සියල්ල දත්' කෙනෙකි. ඔහුට රටේ රාජ්‍ය නායකයා පළවා හරින්නටත් රනිල් වික්‍රමසිංහලා, සරත් ෆොන්සේකලා කවුරුත් ළඟ නැති මැජික් විසඳුම් තියේ. ඒ විසඳුම් ගැන කතා කිරීම පවා අවලාද අසා ගැනීමට සිදුවන දෙයකි. ඇනේ ඇත්තටම මේ ෆැන්ටසි වලින් අපේ මිනිස්සු එළියට එන්නේ කවදාද?

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. එහෙම ගෙදර යවන්නෙ කොහොමද... චන්දයකින් ඇර... මාර හදිස්සියක් නේ තියෙන්නේ.. ඡන්දේ ආවම බලේ පෙන්නමු...

      @ අවසන් ඇනෝ
      සමාවන්න.. රාජ්‍ය නායකයා එනමින් ඇමතීම මා අනුමත නොකරන බැවින්, ඔබේ කොමෙන්ටුව ඉවත් කරන ලදි....

      Delete
  32. http://polytrics.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මගේ එකවුන්ට් එකට කීයක් හරි දාපන්...

      Delete
  33. විමල් ගේ කතාවේ අත්තක් නැත්තේම නැහැ. පිට රටවල නැහිලා ශිෆ්ට් 2,3 වැඩ කරලා, අන්ත කටු කාලා ලාබෙට ජීවත් වෙලා සල්ලි ඉතුරු කරන මිනිස්සු ලංකාවේ එහෙම මහන්සි වෙන්නේ නැහැ. අනික පිට රට වල ෂෝ කරන්නේ නැතුව ඉන්න අපි ලංකාවේ එහෙම නැහැ. ලංකාවට සල්ලි පිට රටින් එව්වා පමණින් අපි වීරයෝ වෙන්නෙත් නැහැ. (ජීවිතේ පුජා කරපු රණ විරුවන් ට සාපේක්ෂව). ලංකාවේ පිරිමි හරියට ඉන්නවා නම්,ගෑණු රට යන්න ඕනෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. මොකක්ද තියෙන ඇත්ත. කරන්න කෝ රස්සා.. රස්සා දීපු උපාධිදාරියොත් ඉඳගන්න පුටු මේස නැතුව ගස් යට ඉන්නේ.. නිශ්පාදන කර්මාන්ත තියෙන ඒවත් වහනවා.. බයිලා නේ කියන්නේ...

      Delete
  34. හැමදාමත් වගේ පට්ට ලියවිල්ලක්. සුභ නත්තලක් වේවා!

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... එසේම වේවා...!!!

      Delete
  35. කතාව ඇත්තය . මොන දේ තිබුනත් රාමනායක ගේ මෙවැනි ක්‍රියාවන් අගය කරමි

    ReplyDelete
    Replies
    1. ඇත්ත රමණ යකා සුළු දෙයක් හෝ කරනවා....

      Delete
  36. මේ ඉන්න අධ්‍යාත්මවේදියා ගැන නම් කියලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි ඔයා ගැන විතරයි කියලා වැඩක් තියෙන්නේ.

      මාතලන් ලොක්කෝ, ඔන්න උඹ කිව්වට ගිහින් බැලුවා බ්ලොග් එකක්. උඹට තමයි පොල්ලක් අරන් තඩි බාන්න හිතුණේ.

      Delete
    2. එහෙනම් කියන්නෙ නැතුව ඉන්න අනේ....

      Delete
  37. Talk eka maru..ey ban ubala apita therena de me parlimenthuwe kukkonta therenne neththe..????

    ReplyDelete
    Replies
    1. බලය දූෂණයට මගකි.. අධි බලය අන්ත දූෂණයට මගකි...

      Delete
  38. මාතලන් අය්යාට මල පෙන්නහම ලියන්නේයේ. අපිත් එතින් කියව ඇගෙ ලේ රත් කරගන්නෙමු. එත් මෙහෙම හරි ලියන එක හොදය. මොකද අද වෙන කිසිම තෙනක ආණ්ඩුවේ ගද මිස වෙනකක අග්ග්‍රහණය නොවන්නේය. එත් කියයුතු දෙයක් ඇත. හෙමදම නත්තල් නැත. මුලින්ම තෙල් වලට ෂොට් එක දුන්නේය. ඊට පස්සේ අද්යපනයට ෂොට් එක දුන්නේ. විශ්ව විද්‍යාල වලට ෂොට එක දී බොහෝ කලිය. CJ එක්ක honeymoon එක ඉවරවූ පසු අදිකරනයත ෂොට් එක දුන්නේයේ. තව ටික දවසකින් ඉන්ටෙර්නෙට් එකටත් ෂොට් එක දී සිංහල බෞද්ද රාජ්ජය බිහි වෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඒක බිහිවෙලා කොච්චර කල්ද...

      Delete
  39. පිස්සු හැදෙයි කිවුවලු...පට්ට පොස්ටුව අප්පා...

    ReplyDelete
    Replies
    1. බලගෙන.. බෙහෙත් වලින් සුව කරන්න අමාරු ලෙඩක්....

      Delete
  40. ඇත්ත කියන්න බය වෙන්න ඕන නෑ... ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියන්නයි කක්ක කොරන්නයි කාට බය වෙන්නද...?

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න