.

.

Jan 9, 2013

රිසානා දුව මරා දමයි - RIZANA NAFEEK EXECUTED


මේ පනිවිඩය ලද විගසම මගේ හද කම්පාවූවා. රාජ් මා අමතන විටත් මා සිටියේ නියම තත්වයේ නොවේ, අනෙක් කරුන මා සිටියේ සමාගමේ රැස්වීමකයි. රාජ්ද කම්පාවි සිටී බව මට හොඳටම තේරුනා. මුදල පමණක් පසු පස හඹා යන කෘර මිනිස් ජාවාරම්කරුවනට ගොදුරු වූ අහිංසක දුවේ. ඔබේ ආගමේ ඔබට ලබා ගත හැකි ඉහලම තැන ඔබට හිමි වේවා....!!!


මේ බව මට ඉවෙන් මෙන් කලින් දැනුනා. මින් පෙනි යන්නේ කුමක්ද..? අපේ රටේ කිසිම කෙනෙක් මේ පිළිබඳව උනන්දුවෙන් ක්‍රියා නොකල බව නොවේද..? (ආන්ඩුව මිනිස්සුන්ට කියන්නෙ පට්ට පල් බොරු බව මෙයින් මනාව ඔප්පු වෙනවා). මීට දවස් තුනකට උඩදීත් මහා ලොකු නෝනා කෙනෙකු පැවසූවේ නිදහස් කිරීම අද හෙටම සිඳුවන බවයි. මේ ඇය නිදහස ලද ආකාරයයි. මගේ රසිකයන්ගෙනුත් රසීනා වෙනුවෙන් කොමෙන්ට් එකක්වත් දැම්මේ බොහෝම සුළු පිරිසයි. අපේ අය බොරුවට හා හූ ගෑවාට, යථාර්තය කුමක්ද යන්න ඉන් ඉතා පැහැදිලි වනවා.

රාජ් හා මා කතා වූයේ. දැන් අපි බලා සිටිමු. සමහර විට රජය ඉදිරිපත් වී රසීනාගේ පවුලට සලකන්න ඉඩ තියෙනවා. (මුකුත් නොකල එකේ ඒකවත් කරන්න එපාය.) වෙන රටවල නම් අද සිට ඒ රටට ගෘහ සේවීකාවන් යැවීම වහාම නවත්වනවා පමනක් නොව ඉන්නා පිරිසද නැවත් ගෙන්වා ගන්නවා. නමුත් අපේ රටේ එහෙම දෙයක් හීනෙකින් වත් වෙන්න බෑ. වෙන්නෙත් නෑ, රසීනාට වඩා සෞදියේ රජ්ජුරුවොයි. ලංකාවේ මුස්ලිම් චන්ද ටිකයි වටිනවනේ.


කුමක් හෝ කරන්නේ නම් ඉදිරියේදි දැනුම් දෙන්නම්... ධාර දීමට ඉදිරිපත් වූ සැමට ස්තූතියි හා පින්...

රිසානා දුවේ ඔබට අල්ලා දෙව් පිහිටයි....!!!

143 comments:

  1. අඩෝ උබ මේ සිරාවටද කියන්නේ........අපේ රටේ කාලකන්නේ බල්ලෝ ගැන කතා කරලා වැඩක් නැහැ......

    ReplyDelete
  2. මෙතන මාතලන් මිනිස්සුන්ගේ කුහකත්වය හොදටම
    පැහැදිලි වෙනවා..මන් ඔබේ කලින් පොස්ටුවේම සදහන්
    කළා රිසානාගේ ජීවිතය වෙනුවෙන් අපිට කල හැකි
    දෙයක් නැහැ කියල.අපිට කල හැක්කේ රසනගේ පවුලේ අයට
    කුසට පාන් කෑල්ලක් හෝ වැටෙන තැනට කටයුතු කර , හිසට
    කාමර දෙකක් හෝ අටවා දී මේ දුක් බර අවස්ථාවේ ඔවුන් අසල
    සහෘදයන් සේ ළඟ සිටීමයි.
    ඔවුන් මේ අවස්ථාවේ ඇත්තේ අවුරුදු කීපයක් තිස්සේ ආ මිරිගුවේ
    මධ්‍යස්තයේ ..එයින් ඉවතට අපි ඔවුන් රැගෙන එමු...

    එක ගඩොලක් , එක පාන් කෑල්ලක් , එක ලෙන්ගතු
    වචනයක් ප්‍රමාණවත් ..
    ඒ දේ කරමු එකා වන්ව 2013 නව අරමුණ කරගෙන .
    නැවතත් කියන්නේ වැඩි යමක් එපා ...


    එක ගඩොලක් , එක පාන් කෑල්ලක් , එක ලෙන්ගතු
    වචනයක් ප්‍රමාණවත් ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි ඒ දේ කරමු... මදක් බලා සිටිමු... වත්මන් දේශපාලන වාතාවරනය තුල, රිසානා අමතක වීම සුළු දෙයක්.. මට මේක මේ රටටවූ විශාලම අපකීර්තිය. මහා ලොකුවට බාල වයස්කාර කොටි පැටව් ගැන කතා කලාට මැති ඇමතිවරු කන්නෙත් පොඩි ලමයින්ගෙන්...

      Delete
    2. මොකටද උන්ට ගෙවල් දෙන්නේ. දැන දැනම දුවට කියල හම්බකරගෙන කන්න යවපු තාත්තව තමයි ගල් ගහල මරන්න ඕනේ. කොච්චර දුප්පත් සහ නුගත් දෙමව්පියෝ තමන් නොකා හරි දරුවන්ට උගන්නනවද මේ රටේ?

      Delete
  3. ෂරියා කියන තුජ්ජ නීතිය තියෙනතුරාවට මේවැනි සිදුවීම් වළක්වන්න බෑ... මේ සිදුවීම අහපුවාම මටත් කම්පනයක් දැනුනා..ඒ ඇය ශ්‍රීලාංකික නිසා...අපේ පාලකයන්ට කොන්දක් තිබුනා නම් ඔය ජරා රට සෞදියට කිසිම ශ්‍ර‍මිකයකු යවන එක මේ වෙද්දි නතර වෙලා...

    ReplyDelete
    Replies
    1. oba meyinda uthsaha karanne obage hitha thula pawathina patu , kuhaka aramuna itu kara ganeema sira.me marune sinhala lamayek nam oba meetath wada muslim haththata dehi kapanu atha. oba wannawun pilikul kala yuthuyi.

      Delete
    2. මෙතන ජාති වාදයක් අවුලන්න එපා සිරා... මේ අපේ රටේ පාලකයන්ගෙ, නිලධාරින්ගේ හා කිසිම ප්‍රතිපත්තියක් නොමැති වීමේ පල විපාක.

      Delete
    3. ජාති වාදයක් ඇවිලීමට උත්සාහ දැරුවෙ නෑ...මගේ හිතේ තියෙන අවංක අදහස තමයි මම කිව්වෙ...

      Delete
    4. රිසානා රට ගියේ මෙහෙකාර සේවයට මිස ළමුන් බලාගන්න නෙමෙයි. ඒ පිළිබද අත්දැකීම් නැති ඇයට ඇයගේ රැකියාවට අදාළ වගකීමට පරිභාහිර දෙයක් පවරලා ඒ තුල සිදු වූ වරදක් මරණ දඩුවමකින් කෙළවර කරනවා නම් ඒ නීති පද්දතිය තුල කිසිම සාධාරණයක් නෑ...

      ඇනෝ සහෝදරයාට මා කියන්නෙ මා වැන්නවුන් පිළිකුල් කිරීම එයට විසදුම නම් එසේ කරන්න. එහෙත් සැබෑවට ම කල යුත්තේ ශිෂ්ඨ සමාජයකට තරම් නොවන මෙවැනි නීතිරීති ක්‍රියාත්මක කරන රට වලට අපේ ශ්‍ර‍මිකයන් යැවීම නවත්වන ලෙස අපේ රජයට බල කිරීම මිස නීතියට එරෙහිව කථා කරන උන් පිළිකුල් කිරීම නොවේ.

      Delete
    5. කරන්න පුලුවන්නම් වටිනාම දේ ඒක තමයි සිරා. (කල යුතුත් ඒකම තමයි) ඒත් අපේ රටේ ලොකුම ආදායම ඕක නේද?? ඉතිං කොහොමෙයි ඕක කරන්නේ?

      nolimit ඒකෙන බඩු ගන්න එපා කිව්වට, හලාල් කන්න එපා කිව්වට රටට කඹුරන්න යන්නෙපා කියල බුකියේ බවුද්ධයෝවත් නොකියන්නේ එකනේ...

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. ඔබ විශ්වාස කරනවද සෞදියට ගෘහ සේවයට යෑම හෙට සිට තහනම් කලොත් ඊට පසුදින සිට කාන්තාවො ජීවත් වෙන්න විදියක් නෑ කියලා දිවිනසා ගනී කියලා.... එවැනි තීරණයකින් පස්සෙ විකල්ප රැකියා අවස්ථා වලට ඔවුන් යොමු වේවි.. නැතිනම් පවුලේ ආර්ථික කටයුත්තක නිරත වේවි. මොකද 77 ට කලින් ඔය විදියට ගෘහ සේවයට රොත්ත පිටින් ගියේ නෑ නොවැ...

      Delete
    8. මේ කියවල බලන්න මේක මට එව්වේ මුස්ලිම් මිතුරෙක්.මේ ලිපිය මෙම සංවාදය නව මානයක් කරා ගෙන යාවි.කවුරු කොහොම කිව්වත් මෙය මෙලෙස සිදුවන අවසාන ඝාතනය විය යුතුය.

      http://www.latheeffarook.com/index.php/my-articles/middleast-articles/391-executing-rizana-nafeek-is-sheer-saudi-barbarism

      Delete
    9. දැන් ඒ පාර එතනත් වැරැද්ද කරලා තියෙන්නේ ඇමරිකාවනේ....
      අර රූපවාහිනී එකේ විජය දිසානායක කරන සිවුදෙස වැඩසටහනක් වගේ.....

      Delete
    10. මම සාමාන්‍යයෙන් අනුන්ගෙ බ්ලොග් පෝස්ට් වල කුණුහරප කියන්නේ නෑ. අපහාස කරන්නේ නෑ. ඒත් අර රිසානාගේ කතාව දැක්කට පස්සේ මම ගොඩක් කලකිරුණා. අවුරුදු 5ක් දුක් විඳපු ඒ අසරණ කෙල්ල අද දවල් කාලකන්නියෙක්ගේ කඩු පහරකින් අපෙන් සමුගත්තා. එක නිසයි මේක කියන්න හිතුවේ...

      ෂරියා නීතිය කියන එක මම දකින විදියට නපුන්සකයෝගේ නීතියක්. රොත්තක් එකතුවෙලා නිරායුද පිරිමියෙක්ට හරි ගෑනියෙක්ට හරි ගල් ගහන එකෙන් තමයි උන්ගේ පිරිමි කම පෙන්නන්නේ. හරියටම කිව්වොත් මෙහෙම. තමන්ගේ පිරිමිකම පෙන්නලා කාන්තාවක් ආකර්ෂණය කරගන්න බැරි කෙනෙක් කරන්නේ මොකද්ද? ආගම ඉස්සරහට දාල නීතියක් ගේනවා love marriages තහනං කරන්න. එතකොට පිරිමින්ට තැන නැති වෙනවා. ගෑනිව රෙදි වලින් ඔතනවා. ඇයි? ඌ බයයි තමන්ගේ ගෑනි තමන්ට වඩා හොඳ පිරිමියෙක්ට හිත යයි කියල. එහෙමත් බැරි එකා කරන්නේ පොඩි ළමයෙක්ව කසාද බඳින එක. ඇයි පොඩි කෙල්ලෙක්ට උගේ නපුංසක කම තේරෙන්නේ නෑනෙ. පොඩ්ඩක් හිතන්න ඒ පොඩි කෙල්ල ලොකු වෙලා යමක් කමක් තේරෙනකොට, තමන්ගේම අවශ්‍යතාවයන් එනකොට (ලිංගික හෝ වෙනත්), තමන් කැමති පිරිමි කෙනෙක්ට හිත යනකොට, තමන් ඉන්නෙ නපුංසකයෙක් එක්ක කියල තේරෙනකොට? ඒ අසරණ කෙල්ල මොනා කරන්නද? තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කලොත් වෙන්නේ අර නපුන්සකයගෙන් ගුටි කන්න. වැඩිම උනොත් පැනල ගියා කියමු. ඊට පස්සේ මේ නපුන්සකයට අහු උනාම ඌ කරන්නේ කසෙන් ගහල තමන්ගේ පිරිමි කම පෙන්නනවා. අපි හිතමු තව පිරිමියෙක් සම්බන්දයි කියල. ඒ මනුස්සයට වෙන්නෙත් අර නපුංසකයෝ රොත්තකගේ ගල් පාරවල් කාල මැරෙන්න. ගෑනියෙක්ට ගහන එක පිරිමි කමද? තනි පිරිමියෙක්ට රොත්තක් එකතුවෙලා ගල් ගහන එක පිරිමි කමද? තමන්ගේ ගෑනිව ආරක්ෂා කරගන්න බැරි නං පිරිමියෙක්ද? නපුංසක කම මිසක්...
      Honor killing ගැන අහල ඇති. ඒ නීතියේ හැටියට තමාගේ පවුලේ ගෞරවය තකා තමන්ගේම දරුවෙක් මරන්න පුළුවන්. පොඩ්ඩක් හිතන්න මොන දෙමව්පියෝද තමාගේ දරුවා මරන්නේ? මොන අයියද තමාගේ නංගිට ගල් ගහන්නේ? මේවා ඇත්තටම ලෝකේ වෙනවා.
      මව් සෙනෙහස, පිය සෙනෙහස තමයි මේ ලෝකේ උතුම්ම දේ. තමාගේ දරුවා මොනා කලත් තමන්ගේ පන දෙවැනි කරලා දරුවන්ට ආදරේ කරන අය තමයි දෙමව්පියෝ. ගෞරවය වෙනුවෙන් තමන්ගේ දුව මරණ මුන් දෙමව්පියෝද? එහෙව් දෙමව්පියෙක් තමාගේ කිරි දරුවා අවුරුදු 17ක ළමයෙක්ට කවන්න දීල, ඒ ළමය අතින් වැරද්දක් උනාම බෙල්ල කපනවා. පොඩ්ඩක් හිතන්න. අම්ම කෙනෙක් තමන්ගේ අත දරුවා වෙන කෙනෙක්ට දෙනකොට හදවත ලිප උඩින් තියල තමයි දෙන්නෙ. " පුතාව වට්ටයිද? අත අරෙයිද? ලිස්සයිද?" කියලා. එහෙව් එකේ තමන්ගේ ළමයට කවන්න කියල තවපොඩි ළමයෙක්ට දෙන්නෙ අම්මලාද? තමාගේ ළමයට ආදරේ නැති අම්මාකෙනෙක් වෙන අම්මකෙනෙක්ගෙ ළමයෙක්ව බෙල්ල කපල මරණ එක පුදුම වෙන්න දෙයක් නෑ...
      මම දකින විදියට ෂරියා නීතිය කියන එක මව් සෙනෙහට කරන අපහාසයක්. පිරිමි කමට කරන නින්දාවක්.
      *** ඉස්ලාමය ඇර, මම මනුෂයෙක් වීම ගැන ලැජ්ජා කරවන, තව කිසිම හේතුවක් නැති තරම්...***

      මෙම කමෙන්ටුව ඉවත් කිරීම නොකිරීම දේශප්‍රේමී මාතලන්ටම භාරයි.

      Delete
  4. මාතලං සවුදියට ගෘහ සේවීකාවන් යැවීම වහාම නවත්වන දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත්කරමුද...විහිලුවට නොවෙයි සිරාවටම මම යෝජනා කරන්නේ.මම එකෙන්ම එනවා...

    ReplyDelete
    Replies
    1. හොඳ යෝජනාවක්. වෙනත් රටවල් තියෙනවනේ.. ඕන තරම්..

      Delete
    2. මේදේ එක් කෝණයකින් ගත්විට සාධාරනයි. නමුත්, බහුතරයක් ජීවත්වීමේ සටනේ යෙදී සිටින අප වාගේ සිටින මෙය කොතරම් කාලෝචිත වේවිද?
      මෙයට රජය මැදිහත් විය යුතුයි. වෙනත් රටවල් සමඟ සාකච්ඡා කර රැකියා අවස්ථා (චිට් එකට නැතිව) ජනතාවට ලබා දිය යුතුය. නමුත්....

      Delete
    3. ඔය ගැන දැනට පාර්ලිමේන්තුව තුලත් කථිකාවක් කරන්නෙ රන්ජන් විතරයි නේද?

      Delete
    4. මටත් ඇත්තටම තියෙන්නේ ඔන්න ඔය අදහස තමයි... අඩුම ගානේ සෞදියට වත් ගැහැණු අයව යවන්නේ නැතුව ඉන්නවා නම්...

      Delete
    5. මේ වගේ ජෝකර් ලා එක්ක තමයි ඉතිං ඔය වගේ වැඩක් කරන්න වෙන්නෙ...
      http://www.gossiplankanews.com/2013/01/rizana-death-and-dilan-joke.html

      Delete
    6. සෞදියට රැකියාව සදහා ගෘහ සේවිකාවන් යවන එක නැවැත්විය යුතුයි කියන එක ප්‍රායෝගික නෑ. ඒකෙනුත් හැරෙන තැපෑලෙන් ආයි වදින්නෙ අපිටම තමයි!

      Delete
    7. සෞදියට ගැණු යවල ගන්න විදේශ විනිමය නැතිවීම ගැනද ඔය කියන්නේ ??

      Delete
  5. මාතලන්, මා සිතනුයේ අප යමක් කළ යුත්තේ පිං ලබා ගැනීමට නොව. ඔබත් ඒසේ සිතනවා යි කියා සිතමි. අපි ඇයගේ දෙමාපියන් වෙත යම් සහනදායි වැඩපිළිවෙළක් කරමු.
    ආණ්ඩුවේ සූර පප්පලා මේ වෙනුවෙන් යමක් කරාවිද? කළේ එකම දෙයයි. නිහඩව බලා හිදීමයි. (එදත්, අදත්, හෙටත්)අඩුම වශයෙන් ආණ්ඩුවේම වරදින් දිවි අහිමි වූ කටුනායක සොයුරාට හෝ ධිවර මහතාට ලැබුණේ මොන වන්දිය ද?

    ReplyDelete
    Replies
    1. විමල් වීරවංශ ගෙයක් හදලා දෙයි, ඩිලාන් පෙරේරා වන්දියක් ලබා දෙයි. ජනාධිපති තුමත් මක්කා හරි කොරයි.. අපිත් රෙඩි.. ඒත් බලා සිටිමු...

      Delete
    2. කලින් ලිපියේ රිසානාගේ පවුලට උපකාර කිරීම පිළිබඳව අදහස් පළ වෙලා තිබුන නිසා, මේක වැදගත් වෙයි කියල හිතුවා.

      "මේ අතර රිසානා වෙනුවෙන් ලංකාවේ අයට කළ හැක්කේ කුමක්ද යන්න ගැන දැන් තැන තැන කථා වෙනවා. ඇගේ දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට ත්‍රිකුණාමලයේ මුතූර්හි නව නිවසක් ඉදිකරදීමට මහනුවර මහ නගර සභාවේ අවධානය යොමුව ඇති බවද වාර්තා වනවා.

      මහනුවර මහ නගර සභාවේ නගරාධිපති මහින්ද්‍ර රත්වත්තේ මහතාගේ මූලිකත්වයෙන් මහනුවර දුම්බර සිංහ සමාජයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු වූ රාජා පුෂ්පකුමාර මහතා නව නිවස ඉදිකර දීමේදී සිංහ සමාජ ඇතුළු ප්‍රජා සංවිධානවල දායකත්වයද ලබාගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වනවා."

      http://www.gossiplankanews.com/2013/01/shock-over-execution-of-rizana-nafeek_11.html

      Delete
    3. මොකටද උන්ට ගෙවල් දෙන්නේ. දැන දැනම දුවට කියල හම්බකරගෙන කන්න යවපු තාත්තව තමයි ගල් ගහල මරන්න ඕනේ. කොච්චර දුප්පත් සහ නුගත් දෙමව්පියෝ තමන් නොකා හරි දරුවන්ට උගන්නනවද මේ රටේ?

      Delete

  6. රිසානා බේරා ගැනීමට 2007දී මම නිතර නිතර CNN වෙත ඊ මේල් යැවීමි.
    Saudi Arabia: Death sentence: Rizana NafeekWednesday, November 21, 2007 12:16 AM
    From: emailkavikaari@gmail.com
    To: yourviev@cnn.com
    URGENT ACTION
    Saudi Arabia: Death sentence: Rizana Nafeek (f)

    PUBLIC AI Index: MDE 23/026/2007
    05 July 2007

    UA 175/07 Death sentence

    SAUDI ARABIA Rizana Nafeek (f), aged 19, Sri Lankan national

    Domestic worker Rizana Nafeek was sentenced to death on 16 June for a murder
    committed while she was 17 years old. Saudi Arabia is a state party to the
    Convention on the Rights of the Child (CRC), which expressly prohibits the
    execution of offenders for crimes committed when they were under 18 years old.
    Rizana Nafeek is believed to have appealed against her sentence, but if her
    appeal is unsuccessful she could be executed within days.

    She was arrested in May 2005 in Jeddah on charges of murdering an infant in her
    care. She had no access to lawyers either during interrogation or at her trial
    and was believed to have confessed to the murder during police questioning. She
    has since retracted her confession.

    She apparently told the authorities that she was born in February 1988, but
    they seem to have ignored this on the basis that her passport indicated that
    she was born in February 1982. According to information available to Amnesty
    International no medical examination is believed to have been carried out to
    ascertain her age, nor was she given the opportunity to present her birth
    certificate, which reportedly shows that she was born in 1988.


    BACKGROUND INFORMATION

    Saudi Arabia applies the death penalty for a wide range of offences. Court
    proceedings fall far short of international standards for fair trial, and take
    place behind closed doors.

    Defendants normally do not have formal representation by a lawyer, and in many
    cases are not informed of the progress of legal proceedings against them. They
    may be convicted solely on the basis of confessions obtained under duress,
    torture or deception. The rate of executions in Saudi Arabia has recently
    increased sharply, and the authorities have executed at least 100 people so far
    this year, although the true figure may be much higher. Death sentences are
    usually carried out by beheading.

    Saudi Arabia assured the Committee on the Rights of the Child (who monitor
    states' implementation of the CRC) in January 2006 that no children had been
    executed in the country since the CRC came into force in Saudi Arabia in 1997.
    This is a weaker commitment than is required by the CRC, which demands that no
    one is executed for crimes committed when they were under 18, no matter how old
    they are now.

    වැඩේ පත්තු උනේ නැත. මගේ උත්සාහය අත්හැරිනි. මේ පුංචි උත්සාහය වත් ගෙන නොතිබුනානම් මම අද මීට වඩා ලොකු ගින්නක ඉඳීවි

    රිසානා මා දියණි නුඹ ගිය තැනක සතුටින් සැපෙන් ඉඳපන්!!! මගේ හදවත ඇවිළුනා. නුඹවෙනුවෙන් මා වෙන කුමක් කරන්නද? හඬනවා විනා............


    ReplyDelete
    Replies
    1. පුවත සැලවු වහා මා මගේ දියණි ඇමතුවෙමි. දුකෙන් වුවත් ඇයට පුවත දැනුම් දුනිමි. ඒ කලක් තිස්සේ රිසානා මට දියණියක් හා ඇයට සොයුරියක් වූ නිසාය.

      Delete
    2. මමත් මගේ මිතුරු මිතුරියනුත් විශාල වෙහෙසක් ගත්තා. නමුත් රජයෙන් කිසිම සහයෝගයක් ලැබුනේ නෑ. රන්ජන රාමණායක කියන කතාව ඇත්ත. ඒ බව රාජ් ගේ මුතුරකුත් සනාත කලා. රිසානා කිසිදින නිදහස් නොවන බව අප දැන උන්නා. එහෙත් මේ අන්දමින් මරා දාමාවි යයි අප කිසි දින සිතුවේ නෑ... අපේ තානාපතිත් කල යුත්තේ අපේ මරා දමන ගෘහ සේවිකාවන් වෙනුවෙන් ශරියා නීතීයේ පිහිට පැතීමයි.

      Delete
  7. හෙනම දුකයි මචං . . . අපේ රටේ අපි වගේම දුප්පත් මනුස්සයෙක් (අදහපු ආගම මොකක් උනත් ජාතක වෙච්චි ජාතිය මොකක් උනත්)

    ගොස්ප් ලංකා එකේ නිවුස් එක දැක්ක ගමන් මගේ පපුව දාල ගියා වගේ වුනා ඒත් අපියි කියලා මොනව කරන්නද බන් දුක් වෙනව ඇර . . .

    ReplyDelete
    Replies
    1. මේ බව මට ඉවෙන් මෙන් දැනුනා මචෝ... ඒත් ඒක ඉටු නොවේවා කියලා තමයි මම ප්‍රාර්ථනා කලේ. ඒත්......

      Delete
  8. හරිම කණගාටුදායක පුවතක් තමා අද අහන්න ලැබුනේ......
    මේ සංසාරේ කිසිම දවසක නැවත මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා....!

    ReplyDelete
    Replies
    1. එහෙම ප්‍රාර්ථනා කරනවා ඇර වෙන කුමක් කරන්නද....?

      Delete
  9. ආරංචිය ආපු ගමන් මතක් වුනේ මාතලන් ගේ පහුගිය පෝස්ට් එක. ඒ නිසා දුවගෙන ආවේ. මේකට සවුදියටම බැනලා හරියන්නේ නෑ.ඒ, ඒ රටේ නීතිය. අපි මානුෂික කියල හිතෙන හැගීමට වඩා ඒ මිනිස්සුන්ට තමන්ගේ නීතිය වටිනවා වෙන්න පුළුවන්. මේකට රටක් විදිහට විදේශ ශ්‍රමිකයින් සම්බන්ධව මානුෂික ප්‍රතිපත්ති නැති අපි තමා වගකියන්න ඕන. නලින් දිල්රුක්ෂ කිව්ව වගේ අපිට පුළුවන් විදිහට අපේ විරෝධතාව ප්‍රදර්ශණය කරමු. නිකම්ම 'බලවත් සංවේගය' ප්‍රකාශ කලා කියල කිසි ඉටිගෙඩියක් වෙන්නෙ නෑ. ආයෙත් මේ වගේ දෙයක් උනොත් ආයෙත් සංවේග වෙන්න තමා වෙන්නේ.

    කොහොම වුනත් ගිය සතියේ විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ සභාපතිතුමා කිව්වා 2020 වනවිට කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගත කරවීම 90%න් පහළ දානවා කියල. ඒක හොද ප්‍රවණතාවක්. නමුත් ගතවන කාලය වැඩියි කියල හිතෙනවා.

    ඒ වගේම මේකෙන් පැහැදිලි වන තව දෙයක් තියනවා. මෙතනට සෘජුව අදාල නොවුනට අදාලා නෑ කියල කියන්නත් බෑ. ඒ තමා සවුදියේ රජා වුනත් ඒ රටේ නීතියට හිස නැමීම. අපේ රජාට තියනව කියන විදිහේ රාජතාන්ත්‍රික පිළිගැනීමක් නෑ කියන එක. පැහදිලියිනේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකට අපේ රජා මිනීමරුවෝ ගෙදර යවනවා. ගාඩ් එක දෙනවා.... ගාඩ් එක වැඩි කරනවා.... උනුත් රජවරුද....? මෙන්න රජවරු.....

      Delete
  10. ආගම මොකක් උනත්, ජාතිය මොකක් උනත් ඔබට නිවන් සුව පතනව. නැවත් කවදාවත් මෙවන් කාලකණ්නි මිනිස් ජාවාරම්කරුවන් අතර නොයිපදේවා!

    ReplyDelete
    Replies
    1. මිනිස් ළොව ඉපදුනාට කමක් නෑ උපතින් හිඟන්නෙක් නොවී....

      Delete
  11. මට මේ සිද්දිය කිව්වේ අපේ තාත්තා, මට පුදුම දුකක් හිතුනා.. සාමාන්‍යයෙන් දේශපාලුවෙකුට හරි රිසානව රට යවපු ඒජන්සියට බැනලා අපේ අත පිහදගන්න පුළුවන්.. නමුත් අපේ රටේ වැඩිම විදේශ විනිමයක් උපයා අපිට මේ රටේ ජීවත්වෙන්න අතහිත දෙන ඒ අහිංසක ගැහැණු දෙස බලද්දී මට දැනෙන්නේ වේදනාවකට වැඩි දෙයක්.. අපිත් මේ පව්කාර වැඩේට හවුල්!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි වගේම දේශපාලඥයොත් සියළුම පිරිමිත් ලැජ්ජාවට පත් වෙන්න ඕන. අපි ගෑනුන්ගෙන් හම්බ කරන් කන රටක්

      Delete
    2. සිංහලයා සිංහයන්ගෙන් පැවතෙන බවට හොඳම සාක්ෂිය ගෑනු පිටරට යවල හම්බ කරවගෙන කන එක කියල කවුදෝ කියල තිබුන. (සිංහයා දඩයම් කරන්නෙ නෑ, සිංහ ධේනුව තමයි සත්තු මරල ගෙනත් දෙන්නෙ.)

      Delete
    3. කියපු එකාගේ කටේ නිල් මැනිකක් ඔබන්න ඕන....

      Delete
  12. ////නැවතත් කියන්නේ වැඩි යමක් එපා ...


    එක ගඩොලක් , එක පාන් කෑල්ලක් , එක ලෙන්ගතු
    වචනයක් ප්‍රමාණවත්////




    කෙස් පැලෙන , කෙරෙන්නේ නැති දේවල් පැත්තක තියල
    අපි එක්කෙනෙක් රු 100 දාමුකෝ කලින් මාතලන්ගේ පෝස්ටුවේ
    කතා කර ගත්ත ගිණුමකට ..ලියන අයයි , කියවන අයයි එකතු
    උනොත් 2000 වගේ පිරිසක් ඇති ..

    100 x 2000 = 200,000 Rs.
    200 x 2000 = 400,000 Rs
    යන්තන් හරි දෙයක් කරන්න ඒ ඇති හොදටම.

    ආණ්ඩු ක්‍රම විවස්තාවයි , ඇමතිලයි , විදේශ ප්‍රතිපත්තියි
    වෙනස් කරන්න ඕනේ නැහැ .අරයට මෙයාට සංදේශ යවන්න
    ඕනෙත් නැහැ..

    මන් කලිනුත් කිව්වා වගේ මහ දේවල් ගැන නොහිත පොඩි දෙයක්
    කරමු.මගේ 200 රු දාන්න ගිණුම් අංකයක් දෙන්න ....

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉවසපන්... හොඳ මිනිස්සු ඕන තරම් ඉන්නවා....

      Delete
    2. මොකටද උන්ට ගෙවල් දෙන්නේ. දැන දැනම දුවට කියල හම්බකරගෙන කන්න යවපු තාත්තව තමයි ගල් ගහල මරන්න ඕනේ. කොච්චර දුප්පත් සහ නුගත් දෙමව්පියෝ තමන් නොකා හරි දරුවන්ට උගන්නනවද මේ රටේ?

      Delete
  13. අපිට හැකි පමණින් ඒ පවුලට උපකාර වෙමු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ....

      Delete
  14. මේක දැක්කම මටත් ලොකු කම්පනයක් දැනුනේ. අපේ බලධාරීන් පහුගිය කාලේ කිව්වේ කොහොමද.. කයිවාරු විතරයි. එක්කෝ ඒ වගේ රට වලට ශ්‍රමිකයෝ නොයවා ඉන්න ඕනේ. මක් කරන්න ද ඉතින්.. දැන් වත් මෙවැනි දේ යලි නොවෙන්නට, අදාළ පුද්ගලයින් ගෙ ඇස් ඇරේවා..

    ReplyDelete
    Replies
    1. ඩිලාන් පෙරේරා ඊයේ බිම බලාගෙන කතා කලේ රටට මූන දෙන්න බෑ. පට්ට පල් බොරුනේ දෙසා බෑවේ.....

      Delete
  15. මට නම් මේ සිද්ධිය ගැන තියෙන දැනුම අවමයි.. සමස්ථයක් විදිහට අපේ ගෑණු උදවිය වෙනත් රටවලට ගිහිං විවිධ ආකාරයේ අතවර හා තාඩන පීඩනයන්ට ලක්වෙනවා.. මේක මීට කලිනුත් වුණා.. ඉදිරියටත් වේවි.. රජයෙන් එහෙම නීතියක් ගේනවා නම් හොඳයි.. ඒත් අපේ මිනිස්සුන්ගෙ ඔළු හදන එක ඊට වඩා වටිනවා නේද? ලංකාවෙ දැඩි ගෘහ සේවිකා හිඟයක් තියෙද්දි නේද.. මේ පිටරට ගෙහුං බෙල්ල කපා ගන්නෙ..
    මිය ගිය ඇයට මතු භවයකදී වත් සම්‍යදෘෂ්ඨිකයින් අතර ඉපිද.. අමා මහ නිවන් මඟට එළැඹෙන්නට ලැබේවා..!

    ReplyDelete
    Replies
    1. අපේ රටේ...? උඹට පිස්සුද....? මේ රටවල් වල එක දවසක් හරි නිවාඩු දෙනවා. අඩු ගානේ හොඳට කන්න බොන්නවත් දෙනවා. නිදාගන්න ඇඳක් දෙනවා. ඒ අස්සෙ මේ වගේ දේවලුත් කලාතුරකින් වෙනවා. ඒත් අපේ රටේ මේ හනේ හපොයි කියන අය ගෘහ සේවකයින්ට සලකන්නෙ ගෙදර බල්ලටත් වඩා අන්ත විදියට. කලින් තිබුන වතුකරයෙන් හා දුප්පත් පවුල් වලින් මෙහෙකාර සේවයට ළමුන් යෙදවීම නතර කල ඒ කාර්යංශවලටත් පොලීසියටත් අපේ ගෞරවය් හිමිවිය යුතුයි.

      Delete
    2. මෙන්න මේ කමෙන්ට් එකට මං ඔක්කෝටම වඩා කැමතියි... ඇත්තටම ලංකාවේ ගෘහසේවක ඇබෑර්තු තිබියදීම ඇයි ගැහැණු රට යන්නේ...? ලියහං මාතලං ඔන්න ඔය කතාව ගැන ලිපියක්... සවුදියේ මුස්ලිමුන් ලංකාවේ මුස්ලිම් කෙල්ලෙකුගේ බෙල්ල කැපුවට වඩා දේවල් අපේ රටේ හාම්පුතුන් අතින් සේවකයින්ට වෙනවා...

      Delete
    3. හොඳ අදහසක් මාරේ...

      Delete
  16. අද ගෙදර එනකොට මම අහගෙන හිටපු එෆ් එම් චැනල් එකේ මේ සිද්ධිය කිව්වා.

    රජය කිසිම පියවරක් නොගත් බවට මාත් එකගයි. පාර්ලිමේන්තුවේදී ඇය ගැන සාකච්ඡා කර පැයක් ඇතුලත එල්ලා මරා දමලා. ඒ කියන්නේ එතකල් ඔවුන් කිසිත් නොදැන සිටි බවක්. කිසිම උත්සාහයක් නොගත් බවක්. මාතලන් කිව්ව වගේ වෙන රටකනම් මෙලහකට තම ශ්‍රමිකයන් නැවත සිය රටට ගෙන්වාගෙන අවසන්.

    මේ මෑතකදී කාන්තාවක් කැපුම් තුවාල සමගම ලංකාවට ආවා. ඒ වගේම ඉතිහාසේ ශරීර ගතවූ ඇණ සහිතව ලංකාවට ආපු කාන්තාවෝ සිටියා. තාමත් කවුද මේවට පියවර ගත්තේ?

    ජාතිවාදය කෙසේවෙතත් ඔය කුහක ආගමට, ජාතියට මම විරුද්ධයි. ඔවුන් වුනත් මානුෂීය පැත්තෙන් හිතනව නම් මේ ගැන කම්පා වෙනව ඇති.

    ReplyDelete
    Replies
    1. එයාලා එහෙම හිතන්නෙ නෑ. ඒ ගැන ඔවුනට දොස් කියලා වැඩක් නෑ. ඒ, ඒ රටේ සංස්කෘතිය හා සාර ධර්ම.

      Delete
  17. සෞදියට ගෘහ සේවීකාවන් යැවීම වහාම නවත්වන්න ඕන.. ඒවගේම ඉන්න අයවත් ගෙන්න ගන්න ඕන...
    ලංකාවේ මිනිස්සුනට නම් ඕක මතක තියෙන්නේ තව සති දෙකයිනේ උපරිම. නිකමට හිතන්න ඔය දඬුවම ලංකාවේ අධිකරණයකින් අරාබි ගෑනියෙකුට නියම කළාය කියලා... බලන්න තිබුණා එහෙනම් සෙල්ලම පත්තුවෙන හැටි....

    ReplyDelete
    Replies
    1. අප්පට හුඩු මරදාන කුඩු කරයි සිකුරාදා දවල්ට...

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. හපොයි උදේම දැක්කේ මේ ප්‍රවෘත්තිය ....මාතලන් ඔබ පෙර ලිපියේ වැඩේ සංවිධානය කරන්න කෙනෙක් සොයා තිබුනා දුටුවා. ඇගේ දෙමව්පියන්ට ආධාරෝපකාර සංවිධානය කරන්නේ රාජ්ද?

    ReplyDelete
    Replies
    1. අපි ඒ වැඩේ පොඩ්ඩක් කල් දැම්මා මචන්... අපේ රජතුමා මක්කා හරි කොරයි... "රට විරුවෙක්නේ"

      Delete
  20. ඉතාමත් හද කකියවන පුවතක්.හෙට උදේට එක එක බල සේනා ඇත්තන්ට කාරුණිකව කියන්නෙ මෙය ජාතිවාදී/ආගම්වාදී දෙයක් නොකරගන්නා ලෙස අයදිමි.ඒ ඒරටවල නීතියයි. මම කියන්නෙ අව්රුදු කීපයක් තිස්සෙ මේ දරුව බේරගන්න කියල ,ජනතාවගෙ මුදල් වලින් ගිහිල්ල සැප අරගෙන අද පාර්ලිමේන්තුවෙ විනාඩියක නිහඩතාවය කරන,මහ එකා ගෙ ඉදන් හැමෝටම කියන්නෙ පාන් කපන පිහියක් අරගෙන කපා ගනිල්ලා තොපේ උගුරු දණ්ඩ.

    ReplyDelete
    Replies
    1. // කාරුණිකව කියන්නෙ මෙය ජාතිවාදී/ආගම්වාදී දෙයක් නොකරගන්නා //

      බොදු බලසේනාව මොකක් කලත් නොකලත් මේතන ආගම ගැවිලා තියනවා , මොකද ඔය කියන රටේ නිතිය උන්ගේ ආගමේ නිතිය නිසා , නොදියුණු ම්ලේච්ඡ ආගමික නිති වල මිසක් ශිෂ්ට නිතියක් තියන රටක ඔහොම වෙනවද ?

      Delete
    2. හොඳම කොමෙන්ට් එක කෙන්ජී....

      Delete
  21. අධික වැඩ කටයුතු නිමවා අස්වැසිල්ලක් ලැබුණු ඇසිල්ලේ දැනගත්තේ මේ පුවතයි. හදවත රිදුම් කෑවා. ඇත්තටම මාතලං අපි ජීවත් වන්නේ කොයි වගේ ලෝකයකද? ලැබෙන ප්‍රතිචාර දකිනවිට මා වැනිම සිතන මිනිසුන් පිරිසක් ඉන්නවාය කියන එක සිතට සතුටක්. ඇත්තටම දැන් කළ යුත්තේ මොනවාදැයි නිශ්චිතවම හිතාගන්න බෑ. නමුත් පූර්ව උපකල්පනයක් කරන්න පුළුවන්. රිසානාගෙ මරණය ඇගේ පවුලට ආර්ථිකමය ප්‍රතිලාබ ගෙනත් දේවි. ජඩ දේශපාලුවන් එයවත් කරාවිදැයි අපි බලා සිටිමු.

    ReplyDelete
    Replies
    1. මා සහ රාජ් තීරණය කලේත් එයමයි....

      Delete
  22. මමත් කෑමති දායක වෙන්න... ගිනුම් අන්කයක් තියනව නම් දෑනුම් දෙන්න... ඉක්මනට අමතක වෙන එක නම් ඈත්ත ඒත් පුලුවන් තරමින් උදව් කරන්න කට්ටිය හොයාගමු... හෑබෑයි මම ලන්කාවෙ නෑති නිසා ඔයාල ඒක කරන දවසක් දෑනුම් දෙන්න.. මම සල්ලි දාන්න ටිකක් කලින් දවස දනගන්න ඕනි...

    ReplyDelete
    Replies
    1. එහෙම කරනවා නම් අපි ඔබව දැණුවත් කරන්නම්... ඔබට ස්තූතියි...

      Delete
  23. සෞදියට ගෘහසේවිකාවන් යවන්න එපයි කියන එක එතරම් සරල වෙන එකක් නැහැ . දැනටම කියක් ඉන්නවද . රිසානාගේ බෙල්ල එළිපිට කපපු නිසා දන්නවා . එහෙමත් නොදැන ආගිය අතක් නැති වුන රහසේම මරාදාපු අය කොච්චර ඇත්ද .

    දහයක් මැරුණත් සියක් ඇති යන්න බලාගෙන . කෙරෙනවා නම් කරන්න ඕන මේ හොර ඒජන්සි තහනම් කරන එක . කෙරෙනවද කියන එකයි ප්‍රශ්නේ . සෞදිය කියන්නේ අල්ලපු රට නෙමේ . නීති රීතිත් තද නිසා මේවට විසා ගන්න ලේසිත් නැහැ . ඒජන්සි කාරයෝ දෙපැත්තේම උන් අල්ලාගෙන පගාව දීලා මේ ආගමන විගමන් නීති වලින් රිංගනවා ඇති . හොර උප්පැන්න සහතිකේ ඉඳන් ලියකියවිලි හදන්න තැරව්කාර ජාලයක් තියෙන්න ඕන . පාස්පෝර්ට් හදන කොට හැඳුනුම් පත ඕන නේද . මේ ලියකියවිලි හදද්දී කිසිම නිලධාරියෙක්ට පෙනුනේ නැද්ද මේ ළමයා ළමයෙක් බව . ඔතනනේද වරද . රිසානව රට ඇරපු අම්ම තාත්තගේ ඉඳන්ම වග කියන්න ඕන . කන්න නැත්නම් පවුලම මැරෙන එක සැප නැද්ද දරුවෙක් මේ වගේ භයානක ගමනක් යවනවට වඩා .

    කොයිදේත් සදාකාලික නැහැ කියල මේවගේ අපරාධ කරන මිනිස්සු දන්නේ නැහැ .

    රිසානා පුළුවන් නම් ආයේ ඉපදෙන්නේ නැතුව ඉඳපන් . මේ ලෝකේ එච්චරටම නරකයි .

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඒ අම්මා සවුදියට ගිහින් රිසානාට ගෙදර දොර බලාගෙන ඉන්නට පැවරුවානම් තමා හරි. මට හිතෙන්නෙ හැමෝම වැරදියි. පාස්පෝට් හොරට හදපු අයට අවුරුදු 2 බැගින් ලැබිල තියෙනවා. ඇත්තෙන්ම මෙය ළමා අපචාරයක්. දරුවෙකුට කරපු අපරාදයක්, දෙමාපියන් දැනුවත්ව කෙරුන.

      Delete
    2. බින්දි සහ කවීකාරිගේ සියළුම අදහස් වලට එකඟයි... ඒ අම්මටත් දැන් එහෙම හිතෙනවා ඇති... රටක් ජාතියක් වශයෙන් අප ලැජ්ජා විය යුතුයි... මහා ලොකු පෞර්ඩ ඉතිහාසයක් හා සංස්කෘතියක් තියෙන රට.

      Delete
    3. දැන දැනම දුවට කියල හම්බකරගෙන කන්න යවපු තාත්තව තමයි ගල් ගහල මරන්න ඕනේ. කොච්චර දුප්පත් සහ නුගත් දෙමව්පියෝ තමන් නොකා හරි දරුවන්ට උගන්නනවද මේ රටේ?

      Delete
    4. http://anniisa.wordpress.com/2013/01/15/%E0%B7%84%E0%B6%BB%E0%B7%92-%E0%B6%85%E0%B6%9C%E0%B7%99%E0%B6%BA%E0%B7%92-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%B8-%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A/

      Delete
  24. හරිම කණගා‍ටුදායකයි. ඒ වගේම මම නම් පුදුමයට පත් වුනෙත් නෑ. ඔය ලමයා නිදහස් වුනානම් තමයි පුදුමෙ.
    මේ පළවෙනි වතාව නෙවෙයිනෙ.

    ReplyDelete
  25. Replies
    1. බුවා ඔයා හරියට හරි

      Delete
    2. බුවා උඹට උම්මා එකක්!

      Delete
    3. සමාවෙන්න බුවා, ආවේගශීලී වූ පලියට, වචන භාවිතා කරන්නට පෙර දෙවරක් සිතන්න...

      Delete
    4. උඹත් ඉතින් අන්වර් මනතුංග වගේ කමෙන්ට් වාරණය කරනවනේ . උඹලගේ ප්‍රජාතන්ත්‍රවාද ටෝකුත් හොඳයි සෞදියටම . උඹ මගේ කමෙන්ට් එකක් මකයි කියල කවදාවත් හිතුවේ නෑ බොහොම කණගාටුයි .

      Delete
    5. උඹ දන්නවා ඒ කොමෙන්ට් එකේ තිබුනේ මොකක්ද කියලා උඹ කැමතිද බුදු හාමුදුරුවන්ට කවුරුන් හෝ ඒ විදියට ආමන්ත්‍රණය කරනවානම්..

      මම අන්වර් මනතුංග වගේද නැතිද කියන එක අන් අය තීරණය කරයි...

      Delete
    6. කෙනෙකුට එහෙම කියන්න පදනමක් තියේ නම් කියන්න පුලුවන් , මම මතුකලේ එහෙම තර්කයක් , මෙක මේ නිසා අනික් දේ මෙහෙමයි කියල . කෙනෙකුට බුදු හාමුදුරුවන් ගැන එහෙම දෙයක් කියන්න පුලුවන් නම් කියපුවාවේ , මම කරන්නේ ඒකට උත්තර දෙන එක මිසක් අර කිව්ව දේ මකන එක නෙවෙයි .

      Delete
    7. බුවා අපි මේ සිංහලෙන් මේ සංවාදය ගෙනියන නිසා හොඳයි. ඒත් මේක පරිවර්තනයක් මඟින් හෝ ව්‍යාප්ත වුවහොත් ඉන් සිඳුවන විනාශය විශාලයි. මට දුක ඔබට එය නොපෙනීමයි. ඔබ මා විවේච්නය කලාට කමක් නෑ. පුළුවන්නම් උඹේ පෝස්ට් එකෙත් ඒ තියෙන වචනය ඉවත් කරපන්. දවසක උඹට දුක්වෙන්න වෙයි. කාළකන්නි ජාතිවාදයක ආරම්බයක් ගත් පුද්ගලයකු ලෙස. මටත් අල්ලා ගැනත් ඉස්ලාම් ධර්මය ගැනත් අනන්තවත් විවේච්න ඇති මුත් ඔබේ ඒ හැඳින්වීම මා ඉතා පිලිකුලෙන් හෙලා දකිනවා.. එය ඔබට තරම් නොවේ... ඔබේ ලිපි වල හා බ්ලොග් අඩවියේ තිබු උසස් බව ආවේගශීලී වීමෙන් නැති කර ගන්න එපා.. මා උඹ කිසි දිනෙක මුන ගැසි නෑ එහෙත් ඔබ අවුරුදු 20 ගනන් වල පසුවන්නකු බව මට ඉතාමත්ම පැහැදිලියි....

      Delete
    8. මම හිතන්නෙ මාතලන් ඔබ නිවැරදියි. මගේත් ඔය මාතෘකාව ගැන ඇඟෙ මාලු ගඟේ නට නටා ඉන්නේ ඒත් 83 කලු ජූලිය මතකනිසා, අනාගත දරු දැරියන් ආයෙත් ඒ වගේ බයෙන් සැකෙන් ජීවිතය ගතකරනවට තියන නොමනාපය නිසා සියල්ල යටපත් කරගෙන ඉන්නේ.

      Delete
  26. මාතලන් මෙතන ජාතිවාදය අදින්න එපා කිව්වා වගේ දේශපාලනය අදින්න එපා කියල කියන්න එපා. මේ වගේ රටවල් වලට වහල් සේවයට අපේ ගෑනුන්ට ළමයින්ට යන්න වෙන තැනට වැඩ කටයුතු කරල රට දිනෙන් දින අගාධයට දාල තියෙන්නේ සහ දැනටත් කරමින් ඉන්නේ පාර්ලිමේන්තුවේ ඉඳන් රට කරවන මුග්ධ රැල නොවෙයිද? නිදහසින් පසු ආසියානු කලාපයේ අපිට වඩා පහලින් හිටපු අනිත් රටවල් ආර්ථිකව දියුණුවෙලා තියෙද්දී අපි ගෑනු වහල් සේවයට යවල ගෙන අදායම තමයි රටේ මුලික අදායම ඒ සල්ලි වලින් මහා විසාල ආණ්ඩු පාඩු ලබන ආයතන සුභසාධන නඩත්තු කරමින් තවත් නය අරන් මේ කරමින් ඉන්නේ මහා ආශ්චාර්යක් කියල තප්පුලන හරක් ටිකක් කටින් බතල කොළ හිටවන එක විතරයි අපේ රටේ වෙන්නේ. ඉතින් ඉදිරියටත් අපිට කම්පා වෙන්න රිසානා ල ඉඳීවි. තහනම් නීති දාන්න ඕන නැහැ ආර්ථිකය දියුණු කරානම් ගෑනු රට පටවන්න ඕන වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් ගැනු ලවා වැඩකාරකම් කරවලා තේදළු කඩවලා ඇදුම් මස්සවලා රබර් කිරි කප්පලා ගොඩයන්න බලන් ඉන්න ජාවාරම් කාර රටක මේ වගේ සිදුවීම් ඉදිරියටත් අසන්නන්ට ලැබේවි.රටක් විදිහට දියුණු වෙනවා කියන්නේ පාරවල් වරායවල් රෙස්කාර් ක්‍රීඩා පිටි Airport නොව ජනතාවගේ ජීවන තත්වය උසස් වීමයි කියල අර පරමාධිපත්‍ය හිමි උදවිය තේරුම් ගත්තදාක මේ තත්වය වෙනස් වේවි.

      සැබෑ සංවර්ධනය යනු ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙලක් මිස සංවර්ධනය වීම පිණිස මිනිසුන් හිඟා නොකා හිඟා කෑම සඳහා යොමු කිරීම නොවේ .........

      Delete
    2. උදිත හා මුරබ්බා සමඟ එකඟයි....

      Delete
  27. හෑ.. මට ඊයෙ අයිටීඑන් එකේ කියනවා ඇහුනනෙ බන් අපේ රජා ඒ රජාට කියලා නිදහස ඉල්ලාදුන් බව..

    ReplyDelete
    Replies
    1. දේශපාලඥයෝ කියන්නේ පට්ට පල් බොරු.. රූපවාහිනියේ කෙලින්නේ පච... පවුලේ නාලිකාව බොරු වපුරනවා සහ මවනවා....

      Delete
  28. මම දන්නා විදිහටත් නම් ලංකාවේ පාර්ලිමේන්තුවේ 225ක් උන්නත් ඉතින් මේ ගැන පොඩ්ඩක් හරි කතා කලේ රන්ජන් විතරයි..... මොනවා උනත් මේ කරපු වැඩේ නම් අන්තිම පහත් වැඩක්..... දැන් කිවා වගේ කරන්න තියෙන්නේ ඒ පවුලේ අයට පුළුවන් උපකාරයක් තමා මම හිතන විදිහටත්....

    ReplyDelete
    Replies
    1. දේවා මම උඹත් හෙව්වා මේ වැඩේට... අපි පොඩ්ඩක් ඉවසමු....

      Delete
  29. සෞදියට ගෑණු යවන්න එපා කියන එකත් නිකන් අර බොදු බල සේනාව වැඩිපුර ළමයි හදන්න කියනව වගේ තමයි.

    අසූගනන් වල අකිනෝ නෝන පිලිපීන ජනාධිපති වෙලා ඉන්න කාලෙ ඔය වගේම පිලිපීන ගෑණු කෙනෙකුගෙ බෙල්ල කපාපු නිසා තීරනය කරල තියෙනව සවුදියට පිලිපීන කාන්තාවො නොයවන්න. ඒකට සවුදි රජය දක්වපු ප්‍රථිචාරෙ තමයි, ගෑණු එපානං අපිට පිරිමිත් එපා, ඔක්කොම ආපහු යවනව කියන එක.

    අද වෙනකොට ලක්ස දාහතරකට කිට්ටු මැද පෙරදිග ඉන්න ලාංකිකයන්ගෙන් ලක්ස හයක් ඒ කියන්නෙ 40% වඩා ඉන්නෙ සවුදියෙ. ඒ අය ආයි එව්වොත් ඒ අඩුවට වඩා වියදම් සහිත විකල්පයක් සවුදියට තිබුනට අපිට ඒ ඩොලර් කෝටි ගානෙ විදීශ විනිමය හිඩස වහන්න බෑ. ඒ නිසා සිදුවිය යුත්තේ අහවල් රටට යවන්නෙ නෑ කියනවට වඩා පොදුවෙ ගෘහ සේවිකාවො රට යන එක අධෛර්‍ය කරන්න ඕන.

    ඉන්දියාවෙ ගෑණු කෙනෙක් ගෘහ සේවෙට ගෙන්න ගන්නන හාම්පුතා ඉන්දියන් රුපියල් ලක්ෂයක් තානාපති හරා ඉන්දියන් බැන්කුවක තැන්පත් කරන්න ඕන. හදිසියෙ අර ගැනු කෙනාට හාම්පුතා කරදර කලොත් සේවිකාව අර ලක්ශෙන් ගෙදර යවන්නෙ තානපති. ලක්ෂෙට පොළිය ඉන්දියානු රජයට.

    අනික ලංකාවෙ තාම හොර පාස් පෝර්ට් හදල ගෑණු රට යවන එක ජයට වෙනව. මොකද අද වෙනකොට රට යවන්න ගෑණු හොයා ගන්න අපහසු තත්වයක් ලංකාවෙ තියෙන්නෙ. අද රට එන ගෘහ සේවිකාවකට රුපියල් ලක්ෂයක් ලංකාවෙ ගිවිසුම අස්සන් කල ගමන් ඒජන්සියෙන් දෙනව. ඊට අමතරව සියළු ගම්න් වියදම් සපයනව. පස්සෙ ඒ වියදම වගේ දෙගුණයක් මෙහෙ හාම්පුතාගෙන් ඒජ්න්සිය ගන්නව. හාම්පුතා ඒ ගාන ටික ටික ( හොඳ මිනිහෙක්නම් ) හරි එක දිගටම හරි අර ගෑණිගෙ පඩියෙන් කපා ගන්නව. ඉතින් ඒ නිසා රට ආපු ගමන් ගොඩක් ගෑණු ගෙවල් වලින් පනිනව. පස්සෙ පකිස්ථාන් හරි බංගලි හරි එකෙක් එක්ක ( සුළු වශයෙන් ලාංකිකයෙක් එක්ක ) පවුල් කකා හොරෙන් ගෙවල් වල වැඩ කරනව. අහු උනාම අවුරුදු දෙකක් හිරේ ඉඳල ගෙදර එනව.

    ඇත්තටම මෙහෙ ඉන්න ලංකාවෙ ගෘහ සේවිකා ප්‍රශ්නෙ හරිම සංකීර්ණයි. ඒ මිනිස්සු ගැන යන්තම් වත් කතා කරන්නෙ රන්ජ විතරයි. ඒ හින්ද වෙන්න ඇති අද බී බී සී එකෙත් ඌ කිව්ව කියල කිව්වෙ " අරාබියො එල්ලන්නෙ, බෙල්ල කපන්නෙ ආසියාවෙ අප්‍රිකාවෙ උන් විතරයි, මොන වැරදි කලත් සුද්දො බේරෙනව" කියල. මෙහෙ ඇත්ත තත්වෙත් ඒකයි ( බහරේන් ඩුබායි ටිකක් ඒ ගතිය අඩුයි ).

    මේ හින්ද කරන්න ඕන කම්මැලි බේබදු පිරිමි රට එවන්න පුළුවන් විදියට ඔය මේසන් වැඩ, පයිප්ප වැඩ එහෙම පුරුදු කරල, ආවම බොරුවට රන්ඩු නොකර සේවා කාලෙ ඉවර වෙනකල් ඉන්න උගන්නල ටිකක් වැඩි පඩියක් ගන්න මග සලස්සල අර අහින්සක ගෑණු විසිපන්දහට එන එක අධෛර්‍ය කරන එක මිසක් බොරුවට මේ මෝඩ අරාබින්ට බනින එක නෙමෙයි.

    මොකද සවුදියෙ විදීශිකයන්ගෙ වැඩි පුරම එල්ල තියෙන්නෙ පකිස්ථාන් උන්ව. එහෙව් එකේ අපේ තම්බි තම්බි කියල අමුතු සමාවක් නෑ. ඒ වගේම අපි "හින්දි" නොහොත් දකුණු ආසියාතිකයො නිසා පිළිගැනීමකුත් නෑ.

    අනිත් එක විදීශ සේවා එකේ ඉන්න හොරු එක්ක එකතුවෙලා ඉන්න ඔය තම්බි එජන්සි රැල ( කිහිපයක් හැර ගෘහ සේවිකාවන් අරාබි යවන අති බහුතර රැකියා ඒජන්සි මුස්ලිම් හිමිකරුවන් වේ ) සුද්ද කරල, රට යනකොට එයාර් පෝර්ට් එකේදි සීල් ගහලද කියල බලන අනික් පඬි රැල ඒ ජන්සි වලට කඩා පණින හමුදාවක් කරල ඒ යක්කුන්ගෙ හොර හොයන නිසි ක්‍රමයක් හදනකල් තව රිසානල සිය ගනනකගෙ බිලි කැපිල්ල නවතින එකක් නෑ.

    නගේ උඹට පතන සුර ලොවක සැප ලැබේවා...මේ ගමන පමා වීම නිසා උඹ බයිට් කරමින් ලකුණු දාගත් වචාලයාටහ් උගේ මහ එකාටත් සාප වේවා!

    ReplyDelete
    Replies
    1. ඔය ම්ලේච්ඡයින්ගේ රටවල වැඩ කරල හම්බුකරනවට වඩා , තියන විදිහකට කාල අයිටින් එකේ මෙගා නාට්‍ය බලාගෙන ආශ්චර්ය ද්වීපෙම ජීවත් වෙන එක මට නම් සැපක් .

      Delete
    2. උඹ ගැන ආඩම්බරයි. ඒත් ඉතින් ම්ලේජ්ඡත්වය අතින් ඔහෙයි මෙහේ ඒ හැටි වෙනසකුත් නෑ. එහෙම නොවුනනං අර වැලිකඩ අච්චර මැරෙන්නෙ නෑනෙ.

      අනික මෙහෙ උසස් රස්සා කරන අයගෙ ජීවන තත්වයයි, අදායමයි නිදහසයි ( මම කියන්නෙ බහරේ සහ ඩුබායි විතරයි - අනික්ව නං එහෙමම නෑ ) ලංකාවෙ අපි ලැබුව ඒ දේ සමඟ සසඳනකොට අහසට පාතාලෙ වගේ. ඒත් තාම දිග නිවාඩුවකට ට්‍රිපක් ගිහින් මඟුල් ගෙවල් වල නටල මල ගෙවල් වල නයිට ගහල වින්දපු ඒ ජීවිතේ නැති වීම ගැන තියෙන්නෙ දුකක්.

      Delete
    3. ලංකාව ම්ලේච්ඡත්වය වැලඳ ග නිමින් ඉන්නේ මැත කාලින්ව . සිවිල් යුද්ධයක් ලස්සන අයිසින් දාල මාකට් වෙච්ච රටක මිනිස්සු මරන එක ගාණක් නැතිවෙලා ගිහින් , වැලිකඩ , කහවත්තේ සිදුවීම් වලින් පේන්නේ ඒක . ඩුබායි වල තියන නිදහසට හේතුව සංචාරකයින් නේද ?

      Delete
    4. සිංහයා සමග එකඟයි... ඒත් බුවාගෙන අහන්න තියෙන්නේ මේ මිනිස්සුන්ගේ සිහින සැබෑ කරන්නේ උඹයි වීරවංශයිද කියන් එක තමයි... ඌ ළඟදි කිව්වේ මේ පිට රට යන්නේ සෝබනේට කියලා... ඌ යන්නේ එහෙම වෙන්න ඇති...

      Delete
    5. @මාතලන් උත්තරයක් දෙන්න තිබුනා හැබැයි , දුන්නොත් උඹ ඒකත් මකනවා ඒක නිසා ඕනි නෑ

      Delete
    6. උඹේ කොමෙන්ට් එක මැකුවේ ඇයි කියලා උඹ දන්නවා.. ආවේගශීලී උනාට.. අපේ රටේ සදාචාරයක් කියලා දෙයක් තවම තියෙනවා.. සිංහයා කතා කරන්නෙ වෙන දෙයක් ගැන.. ඒ ගැන දාන කොමෙන්ට් එකෙත් මම කලින් කියපු දේවල් තිබුනොත් මකනවා....

      Delete
    7. දැන දැනම දුවට කියල හම්බකරගෙන කන්න යවපු තාත්තව තමයි ගල් ගහල මරන්න ඕනේ. කොච්චර දුප්පත් සහ නුගත් දෙමව්පියෝ තමන් නොකා හරි දරුවන්ට උගන්නනවද මේ රටේ?

      Delete
  30. මාතලන් ජාතිවාදය ගැන කියා ඇති නිසා මට මෙහි කීමට දෙයක් නැත .නැගණියනි ඔබට යහපත් මතු ආත්මයක් ලැබේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. හපෝ මේ පැත්ත පලාතේ ගේන්න එපා....

      Delete
  31. මෙතන උනේ ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ දෙයක් හැමෝම මේ ප්‍රශ්නේ දී අනෙකාව රවටන්න බොරු චරිත රඟපාලා ජාම බේරගන්නයි බැලුවේ.කොටින්ම මට (අපිට ) පවා ඒ පිලිබඳ මීට වඩා ක්‍රියාත්මක වෙන්න තිබුනා. හැමෝම හිතුවේ දැන් ඒ කෙල්ල නිදහස් වෙලා එවි කියලයි. ප්‍රශ්නේ සැබෑ තත්වය ගැන අපිවත් හරියට දැනුවත් වෙලා හිටියේ නැහැ. දන්න මිනිස්සු (රජය) පවා හරි PICTURE එක වැහුව.දැන් ඉතින් කොච්චර කියෙව්වත් වැඩක් නැහැ එකී මලා.මින් මත්තට කාටවත් ඒ වගේ විපතක් නොවෙන්න රටක් විදිහට විධිමත් වැඩපිළිවෙලක් හදන්න ඕන.මෙතන නොකෙරෙන්නෙත් එයමයි. කට්ටියම බලන් ඉන්නේ හැමෝටම මේක අමතක වෙනකම්.....

    ReplyDelete
    Replies
    1. නිදහස නොලැබෙන බව නම් මම සක්සුදක් සේ දැනගෙන උන්නා.. ඒ නිසාමයි කලින් පෝස්ටෙ එක ලිව්වේ....

      Delete
  32. තමාගේ ගොඩ වැඩි කරන මොංගල් පාලකයෝන්ට දැන්වත් ඇස් ඇරේවා..

    ReplyDelete
    Replies
    1. ඇරෙනකම් බලාන හිටපන්....

      Delete
  33. සවුදිවල තියෙන්නෙ ආගමික නීතියක්. ඒ නීතිය හරිද වැරදිද කියන එක ප්‍රශ්න කරන්න ලංකාවෙ අපට අයිතියක් නෑ.
    අපේම රටේ නීතිය ප්‍රශ්න කරන්න අයිතියක් නැති අපි සවුදි නීතිය ප්‍රශ්න කරන්නෙ කොහොමද ?
    සවුදියට අනුව ඒ නීතිය හරි ඇති.
    සවුදි නීති පොතේ දඬුවම ඒක වෙන්න ඇති.
    ඉතින් අපට සවුදි රජය හෝ සවුදි රජයේ නීතිය හදන්න බෑ.
    ඒක අපි තේරුම් ගන්න ඕන.
    රිසානා .........
    අපේ එකියක් ! ඒත් අපි රටක් වශයෙන් අපි අපේ එකී වෙනුවෙන් සවුදියට ඇඟට දැනෙන බලපෑමක් කළාද ?
    (උපුටා ගැනීමකි)

    ReplyDelete
    Replies
    1. ඇයි ප්‍රශ්න කරන්න බැරි . රටක් අමු අමුවේ මානව හිමිකම් කඩන කොට ඒක ප්‍රශ්න කරන්න අනික් රටවලට බැරි කමක් නෑ

      Delete
    2. සෞදියේ වැරද්දක් නෑ බං අපේ උන් නේ නීතී උල්ලංගනය කරලා තියෙන්නේ.. ඒක දිගටම සිඳුවන නිසා තමයි කෙල්ල බේරගන්න ඉදිරිපත් නොවුනෙත්...

      Delete
  34. Lack of comments doesn't mean lack of care.. I feel so very sad.. I feel so furious with the authorities. Mathalan and Raj thank you for taking the lead. let me know your plans so I can make myself usefull.
    I read your blog.. but never ever commented. there must be a lot of people like me following you but not commenting. I care.. I am sure many others too.
    Take care and god bless
    Sham

    ReplyDelete
    Replies
    1. Thanks Shan... Thank you very much for your kind words.....

      God Bless...!!!

      Delete
  35. කෝ මෙතනට ඔය කෑගහන මානව හිමිකම් හොයන අය. ඇයි කවුරුත් ඒ පැත්තෙන් නොබලන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම ගල් ගැහිලා ඉන්නේ....

      Delete
  36. රිසානාගේ අළුගෝසුවා මහින්ද ද?
    http://mahasenmonarawila.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔබේ ලිපිය කියෙව්වෙමි

      Delete
  37. මේවා නම් මහා මූසල කාලකන්නි වැඩ.....පට්ට මුසල ගෙරි හම්බයාගේ කාලකන්නි නීතියට දැන්වත් හෙන ගහපිය.....චික් කාලකන්නි......ලැජ්ජයි නේද?දැන් ඔය ලංකාවේ මුස්ලිම්මුන්ටත් උන්ගේ මහා ලොකු අල්ලා අල්ලාගෙන දඟලන්න කියන්න තියෙන්නේ...දැන්වත් ඇහැරපල්ලා උඹලා තාමත් නිදාගෙන ඉන්නේ....වරෙල්ලා ඉස්සරහට නැගිටලා නිදාගෙන ඇවිදින්න බෑනේ.........

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සුන්ගේ නීතියට ඉස්සෙල්ලා අපේ එකට හෙන ගහලා තියෙන්නේ.. එහෙම වෙන්නේ මේ වගේ සක්කිලි වැඩ කරන නිසා...

      Delete
    2. අනිවා අයියේ......ඔයාගේ පොස්ට් එක කියවද්දී මාර ආවේගයක් එන්නේ හිතට

      Delete
  38. හිතට ආව කම්පනය තවමත් එහෙම්මමයි... ඇයි බං අපි රිසානාගෙ පවුල වෙනුවෙන් මොනවා හරිකරමු, රිසානා දැන් නිදහස් වෙලා එනවා කියලා හිතාගෙනනෙ හිටියෙ.

    අපි කාරණා දෙකක් ගැන දැන් මූලිකව සලකලා බලන්න ඕනේ කියලා මම හිතනවා.

    1. ආණ්ඩුව හරි කවුරු හරි ඇවිත් කරනකම් බලන් ඉන්නෙ නැතුව, ඒ පවුල වෙනුවෙන් මොනවා හරි කරමු.

    2. ලංකාවේ තියන දරිද්‍රතාවය, මුස්ලිම් රටවල ෂරියා නීතිය කතා ඔක්කොම හරි, ඒත් මෙතනදි අවුරුදු 17 කෙල්ලෙක්, වැඩකාර කමට යවලා, දරුවෙක් බලාගන්න සිදුවෙලා මේ වෙච්ච ඛේදවාචකය පුළුවන් තරම් ව්‍යාප්තකරමු. අඩුම ගානේ වැඩිහිටියෝ අඩු වයසේ ළමයෙක් රට යවන්න කලින් ආයෙ සැරයක් හිතා බලන්න පොළඹවන්න.

    තවත් එකක් තියනවා. ඒක නම් බ්ලොග් කරුවන් වන අපිට ටිකක් අපහසු වැඩක්.

    3. මේ රටවල් වල නීතිය ගැන දැනුවත් කරන එක අනිත් කාරණේ. මේවා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවි වල තියනවද? ඒවා රටේ ප්‍රචාරය කරවන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. තිසර, මැදපෙරදිග පැත්තකින් තියන්න. කොයිතරම් අඩුවයස් වල ළමයි ලන්කාව ඇතුළේ ගෙවල් වල බැල මෙහෙවර කරනවද..?

      Delete
    2. මේ කෙල්ලට අවුරුදු 14දී යවලා තියෙන්නේ. ඒ දේ අදටත් වන නිසා තමයි ඔක්කෝම කටවල් වහගෙන ඉන්නේ. මොන දැණුවත් කිරීම්ද. පුහුණුව ගැනත් දන්නවනේ...? අපි පොඩියක් ඉවසමු මචන්. දැන් ඉඳීවී ඕන තරම් කස්ටිය....

      Delete
  39. ඇත්තටම මාතලන්. අපි පුළුවන් දෙයක් මේ වෙනුවෙන් කරමුද දැන්වත් මේ මෙහෙකාර සේවයට අපේ අම්මලා, නන්ගිලා යවන එක නවත්වන්න..? ඒ අය බැලමෙහෙවර කරලා එවන සල්ලි වලට අපිට පුළුවන්ද අපිට කටක් ඇරලා විදේශ විනිමය කියලා කියන්න..?

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න බැරි උනාට යතාර්තය ඒකනේ මචෝ. මේ දුප්පත් පිරිස් ජාලේ බාවිතා නොකරන නිසා අපේ ශැනුවත් කිරීම් වලින් පලක් නෑ. ඒත් ජඩ මාජ්ජවේදීන්ට නම් ඔය පෙරේතයෝ බූතයෝ ගැන ලියන පිටු මේ ගැන වෙන් කරානම් හරි. ආන්ඩුවේ හොරනෑවලත් කෙප්ප කෙලින වෙලාව මේ වෙනුවෙන් වෙන් කරන්න පුළුවන්...

      Delete
  40. @මගේ දිනපොත
    //සවුදිවල තියෙන්නෙ ආගමික නීතියක්. ඒ නීතිය හරිද වැරදිද කියන එක ප්‍රශ්න කරන්න ලංකාවෙ අපට අයිතියක් නෑ.
    අපේම රටේ නීතිය ප්‍රශ්න කරන්න අයිතියක් නැති අපි සවුදි නීතිය ප්‍රශ්න කරන්නෙ කොහොමද ?
    සවුදියට අනුව ඒ නීතිය හරි ඇති.
    සවුදි නීති පොතේ දඬුවම ඒක වෙන්න ඇති.
    ඉතින් අපට සවුදි රජය හෝ සවුදි රජයේ නීතිය හදන්න බෑ.
    ඒක අපි තේරුම් ගන්න ඕන.//

    සම්පුර්ණ ඇත්ත. ඔය කාලකන්නි ෂරියා නිතිය වැඩිකළ නොගොස් මේ රටට එන බව අමතක කරන්න එපා.

    @ සහන්
    ඔබ හරි සහන් .... ඔබේ අදහසට මගේ නමස්කාරය පිළිගන්න.
    සතෙන් සතේ... ටිකෙන් ටිකේ... එකතු කරලා ..
    ඔය බැංකු කාරයෝ පොහොසත් නොකර මේ දේ කරමු.


    අපි ජාතිය ගැන කතා කරනකොට ජාතිවාදියා... ජාතිවාද අවුස්සන උන්....
    අපි අගමැ ගැන කතා කරනකොට ආගම් වාදියෝ...

    උන් ඒ දේවල් ගැන කතා කරනකොට ..
    උන්ගේ අයිතිවාසිකම්.

    ඒ මොන ***ක්ද බන්.

    ReplyDelete
    Replies
    1. හෝව් බස් එක හෝව්.... ඉවසපන් පපුව .... මයෙ දෙයියා.....

      ආගමේ වැරද්දක්වත් ජාතියේ වැරද්දක්වත් නෙමේනේ බන්..

      මේකේ වැරද්ද මුල ඉඳලම අපේ... මේත් මුස්ලිම් දරුවෙක්නේ....

      Delete
  41. දුප්පත්කම නිසා දංගෙඩියට යන්න සිද්ධ උණ අහිංසක දැරිවියක් ඈ... ඒ වගේම දුප්පත්කම නිසා මැරි මැරී ජීවත්වෙන අසරණ දරුවන් අ‍පේ රටේම කොයි තරම් ඉන්නවද? වරද අපේ. වරද අපේ රටේ.. ලෝකෙට පරකාස සංවර්ධනේ ගෙදරට මරගාතයක් වෙලා තියෙන හැටි තමයි මේ... රිසානා වෙනුවෙන් විතරක්ම නෙවෙයි නැතිබැරිකම, දූෂණය වංචාව, අසමාන සැලකීම් මේ හැමදෙයක්ම වෙනුවෙන් හඩක් නගන්න ඕන...

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් සත්තරන් මේ කොරන්නේ

      Delete
  42. 2013 දී අසන්නට ලැබුණු අවාසනාවන්තම පුවත මෙයයි අපට රිසානාගේ පවුල වෙනුවෙන් යමක් කල හැක එය අනිවාර්යයෙන් කල යුතුමය. එහෙත් මට හැගෙන පරිදි විය යුත්තේ තවත් රිසානා කෙනෙක් බිහිවීම වැලක් වීමය. සෞදියේ සිටින සියලු ශ්‍රමිකයන් ගෙන්වීම හෝ සෞදියට ශ්‍රමිකයන් නොයැවීමට තානාපති සම්බදත නැවත්වීමට වැනි ආවේගශීලී දේවල් වෙනුවට කාලෝචිතව දීර්ගකාලීන වඩා පිලිවෙලක් අත්‍යවශ්‍ය වේ.

    ReplyDelete
    Replies
    1. අවංකවම... සිඳුවිය යුත්තේ එයයි....

      Delete
    2. මේ පිලිබඳ මගේ සටහන බලන්න
      http://sankalpanablogs.blogspot.com/2013/01/blog-post_15.html

      Delete
  43. රිසානාගෙ පවුලෙ අයට උපකාර කරනවට වඩා මේ වෙලාවෙහරි කළ යුතු වැඩ දෙකක් තියනවා.
    1. සවුදියට සහ එවැනි අමානුෂික නීති රීති සහිත රටවල් තව ඇත්නම් ඒවාට මෙහෙකාරියන් වශයෙන් අපේ ගෑනු යැවීම නවතා දැමීම.

    2. යවනවාමනම් හොර වැඩ කරන ඒජන්සිකාරයන් අල්ලා නීති මගින් දඬුවම් කර, නීති ගරුක අයට පමණක් විදේශ රැකියා කටයුතුවල යෙදීමට වැඩපිළිවෙලක් සකස් කිරීම.

    මා මෙසේ කියන්නේ රිසානාගෙ පවුලේ තත්වයටත් වඩා අන්ත තත්වයක ඉන්න පවුල් තව ඕනැතරම් අපේ රටේ තිබෙන නිසයි. අපේ රටේ ම්ලේච්ඡයන් අතින් ඝාතනය වූ රිසානාලාත් තව ඉන්නව නේද?

    ReplyDelete
    Replies
    1. ඔබ හරි... විය යුත්තේ දෙවන යෝජන්නවයි... නමුත් නොවන්නේත් එයයි....

      Delete
  44. ඇත්තටම මේ අපරාදයට වගකිව යුතු වන්නේ මේ මව්වුලවිවරු කියාගන් න බූතයෝ ටික සහ මේ දැරියගේ දෙමව්පියන්. හේතුව තමයි මේ ආගමට අනුව කාන්තාවන්ගේ අද්‍යාපනය නොලැබිය යුතු පිරිසක් ලෙස සලකන නිසා තමයි ඇයට රට හෝ ලෝකය පිලිබඳ අවබෝදයක් නැතිව පාසල් නොගොස් මුදල් සොයා යාමට සිදුවුනේ.
    දුප්පත්කම කොපමණ වුනත් හරි අම්මෙක් තත්තෙක්නම ඉස්කෝලේ ගිහින් ඉගෙනගෙන කෙළිදෙලෙන් සිටිය යුතු වයසේ පසුවන දියණිය මෙහෙකාරකමට යවා ඇගෙන් උපයාගෙන කන්න හිතයිද? ඕන තරම් දුප්පත් සහ නුගත් දෙමාපියෝ මේ රටේ ඉන්නවා තමන්ට නොලැබුන අද්‍යාපනය හා තමන් නොදුටු ලෝකය දරුවන්ට ලබාදෙන්න තමන් නොකා දරුවන්ට උගන්වන සහ දරුවන්ට අද්යපනයේ වැදගත්කම කියාදෙන. තමන්ට කන්න දෙන්නවත් බේරී තරම් මේ දෙමවුපියන් දරුවන් හදපු එකටත් මුස්ලිම් ආගමික නායකයන් වගකිවයුතුයි. සිංහල පවුල් වල අම්ම හෝ තාත්ත රටගිහින් දරුවන්ට උගන්වනවා මිසක ( මෙහිදීත් ප්‍රශ්න ඇති වුනත්) දරුවන්ට කියා හම්බකරගෙන කන්න හදන්නේ නෑ. මුස්ලිම් සමාජයේ කාන්තාවට ලබාදෙන අඩු වටිනාකම විසින් තමයි මේ තත්වය ඇතිකරන්නේ. දැන් ඉතින් මේ පවුලට රජයෙනුත් ආදාර හම්බවෙලා එයාල සතුටින් ඉඳියි. පවු අසරණ කෙල්ල. සල්ලිවලට සමා ව ගන්න පුළුවන් කුණුහරුප ෂරිය නීතිය ලංකාවට ගෙන එක වත් අපි නවත්තමු .
    agency කරුවන්ට විතරයි දඬුවම් (මේ කෙල්ල අඩුගානේ උන්ගේ කව්රුවත් නොවෙයි.). දන දැනම බලවයස්කරියක් රට යවපු තාත්ත යයි කියාගන්න අමන්යට දඬුවම් නැත්ද?( මේ කෙල්ලගේම තත්තනේ)

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තෙමත් නෑ....

      Delete
  45. රිසානාගේ අම්ම කියල තිබ්බ මේ දඩුවම නිවරදිය් කියල පිලිගන්නවා කියල ... මම නම් කියන්නේ අපි මේ මිනිස්සුන්ට අනුකම්පකරලා සත පහක වත් ආධාරයක් දෙන්න නරකය් .. එකෙනුත් වෙන්නේ මේ අපරදෙට වක්‍රාකාරයෙන් සම්මාදම් වෙන එක

    ReplyDelete
    Replies
    1. දැන් උදව් කරන්න ඕන තරම් අය ඉන්නවානේ....

      Delete
  46. "අපේ රටේ කිසිම කෙනෙක් මේ පිළිබඳව උනන්දුවෙන් ක්‍රියා නොකල බව නොවේද..? "
    මාතලන් මහත්මයා ඔබේ මේ ප්‍රකාශය වැරදි,
    රිසානාගේ මරණයට, වගකිව යුත්තේ ආණ්ඩුවම පමණක් නොවේ.
    අනික බෞද්ධයන් රිසානා වෙනුවෙන් කතා නොකරා කියල කවුරුහරි කියනවා නම් එකත් වැරදියි.
    රිසානා වෙනුවෙන් වැඩියෙන්ම කතා කරේ සිංහල බෞද්ධයෝ, අඩු ගානේ ඒ ගැන සාධාරණව ලිව්වේ සිංහල බෞද්ධයෝ.
    ඔය සුප්‍රකට අන්වර් මනතුංගත් ලිවේ එයාලගේ නිතිය ෂෝයි කියල විතරනේ,
    මං හිතන්නේ ඔබත් එහෙම එක්කනෙක්.
    මුස්ලිම් අය දාපුවගෙන් අද තමා සොක්ම ඒක දැක්කේ,
    ඒ රිසානාගේ පල්ලියේ ලෙබ්බේ කියපු ඒක.
    මම නම් ඔය මරණෙට වගකිව යුතු පිරිස විදිහට දකින්නේ
    1.අල්ලා දෙවියෝ : රිසානාව මේ ලෝකෙට ඉපද්දවිම, දෙවියෙක් වෙලත් මිනිස්සුන්ට මිනීමරන්ට උපදෙස් දෙන නීතියක් හැදීම.
    2.මුහම්මද්තුමා: උඩින් කියපු ඒවා පිළිගන්න පිරිසක් බිහිකිරීම.
    3.රිසානාගේ දෙමව්පියන්: තමන්ගේ දුවව බොරු වයසක් දාලා රට යැවීම.
    4.ඒජන්සිකාරයා : රිසානා රට යැවීම.
    5.සවුදි රජු: මෙච්චර දියුණු ලෝකේ මිනීමරු ආගමක් තවම විශවාස කිරීම.
    6.අපේ රජය:රටේ වෙන නීති විරෝධී ක්‍රියා සියල්ලාටම පාහේ රජයත් පොඩ්ඩක් හරි වගකියන්න ඕනනේ.

    ඔබතුමා කොච්චර කීවත් ආගමත් වගකියන්න ඕන,
    මිනිස්සු බනින්නේ ආගමේ තියන දෙවල්වලටනේ නැති ඒවා මවාගෙන බනින්නේ නෑනේ,
    ඉතින් ඇත්ත කියන එකේ වැරැද්ද මොකද්ද?
    ආගමක් නම් ඔය වගේ විකාර නොදා හිටිය නම් හරිනේ, මරණ හැටි කොටන හැටි ආදිය දාන්නේ.
    ඔයා කොච්චර කීවත් ඔය නිතිය නැත්නම් ඔය ළමයට තව කාලයක් ඉන්න තිබ්බනේ.
    ඔය රටවල් සියල්ලගේ තියන ම්ලේච්ඡ ශිෂ්ටාචාරයට වගකියන්න ඕන වෙන මොකද්ද ඉතින් ආගම හැර.
    අනිත් එක ඔබතුමා කොච්චර කීවත් අපේ රටේ පොලිසිය ආණ්ඩුව නිතිය හරියට වැඩ කරේ නැතත් මේ වගේ සහගහන අපරාධ වෙන එක අඩුයි අපේ රටේ.
    එක අමතක කරන්න එපා.
    අනික මොන කතන්දර කීවත් ආණ්ඩුවට කොහොමත් එහෙ නීතියට එරෙහි වෙන්න බෑනේ,
    එහෙම කරන්නේ කොහොමද?
    ඒ රටට යන්නේ ඒ නීතියට එකඟ වෙලාලුනේ,
    එතකොට මරණ දඬුවම දෙන්න ඕන වරදට ඒක දෙනවා.
    ඒකට අපේ රට මොකක් කරන්නද?

    මේ මොනවා කීවත් මම නම් තව හේතු ටිකක් දන්නවා ඒවා මෙතන දාන්නේ නෑ,
    අපේ මිනිස්සු දැන්වත් අපිට තියන සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ වටිනාකම තේරුම ගන්න ඕන, මොකද අපේ මිනිස්සුන්ට මැරුවත් කමක් නෑ කියන බ්‍රේන් වොෂ් ආගමක් නොතිබීමේ වටිනාකම තේරෙන්නේ නෑ.
    හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයිලුනේ, කුඩුවක හිර වුනාමයි නිදහසේ අගය තේරෙන්නේ.
    මරුන රිසානාට වැඩිය දුක් වෙන්න ඕන ජිවත් වෙලා ඉන්න අපේ මිනිස්සු.

    (මට මැරුණ රිසානා ගැන තරහක් නෑ හරිද, මට රිසානා ඇතුළු සියලු මුස්ලිම් අය ගැන දුකයි)

    ReplyDelete
    Replies
    1. උන් මිලෙඡ්චයෝ කියා අපටත් මිලේඡ්චයන් වන්න බැහැනේ මහත්මයා...

      Delete
    2. ඔව් ඉතින් අපි කිවේ නෑනේ ම්ලේච්ඡ වෙන්න කියල,
      මං කියන්නේ අනුන්ගේ රටක, ඉස්ලාම් ආගම දාපු නීතියක් නිසා වුන දේවලට අපේ රටේ මිනිස්සුන්ට මොකවත් කියල වැඩක නෑ කියලා.
      ඔබතුමාගේ කෙටි ලිපිය කියෙව්වම හිතෙන්නේ එකේ අනික් පැත්ත.

      "අපේ රටේ කිසිම කෙනෙක් මේ පිළිබඳව උනන්දුවෙන් ක්‍රියා නොකල බව නොවේද..? (ආන්ඩුව මිනිස්සුන්ට කියන්නෙ පට්ට පල් බොරු බව මෙයින් මනාව ඔප්පු වෙනවා). මීට දවස් තුනකට උඩදීත් මහා ලොකු නෝනා කෙනෙකු පැවසූවේ නිදහස් කිරීම අද හෙටම සිඳුවන බවයි. මේ ඇය නිදහස ලද ආකාරයයි. මගේ රසිකයන්ගෙනුත් රසීනා වෙනුවෙන් කොමෙන්ට් එකක්වත් දැම්මේ බොහෝම සුළු පිරිසයි."

      ආණ්ඩුව දුෂිත එකක් බව ඇත්ත,
      ආණ්ඩුවට මුස්ලිම් චන්ද වටිනා බවත් ඇත්ත,
      එත ඉතින් මොනවා වුනත් මං හිතන්නේ ආණ්ඩුවට කරන්න දෙයක් නෑ මෙතන.

      Delete
  47. අනිත් එක තමා ඔබතුමාට නොතේරුනාට අපේ රටේ සිංහලයාගේ හදවතේ තියන මනුස්සකම අනුකම්පාව ආවේ අහසින් නෙවේ, ඒකට බලපෑවේ අපේ ආගමික සහ සංස්කෘතික පසුබිම.
    සවුදි ගිහින් මරුනේ රිසානා විතරක් නෙවේ,
    සිංහල ගෑනු ඕනතරං මැරුණා, අබ්බගාත වුනා, දුෂණය වුනා ඒ ගෑනුන්ටත් සාධාරණයක් ඉටුවුණේ නෑ.
    දැනටත් ඇති අර කඳවුරු වල ඇති තරම් සිංහල බෞද්ධ ගෑනු දුක විඳ විඳ ඒත් ඒ ගෑනු වෙනුවෙන් නොනැඟුව හඬක් රිසානා වෙනුවෙන් නැගුවේ අපේ මිනිස්සුන්ගේ තියන තෙතමනයක් තියන හදවත් නිසා.
    ඒක අමතක කරන්න එපා.
    ඔය වගේ දුක් විඳින සිංහල මිනිස්සුත් ලංකාවේ ඕනතරං ඉන්නවා,
    ඒත් ඔබතුමා හිතන්න එපා අපේ මිනිස්සු ජාතිවාදය නිසා රිසානාගේ පවුලට උදව නොකර ඉඳියි කියලා.
    අනිත් ඒක ආගමේ ඇත්ත එළි වුනාම පහර වදින ඒක කාගේවත් වරදක් නෙවේ,
    ඒක ලෝකේ හැටි.

    ReplyDelete
    Replies
    1. උන් මිලෙඡ්චයෝ කියා අපටත් මිලේඡ්චයන් වන්න බැහැනේ මහත්මයා...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඒකම තමයි වරද අබ්බගාත වුන,දූෂනයට ලක් වුන ,මැරුම් කාපු අපේ ගෑනු ගැන කතා කරන්නෙ නෑ.මොකද ඒවා මාකට් කරන්න බෑ.රිසානගෙ සිද්ධිය හොදට මාකට්නෙ.
      මේ දැනුත් ආරංචි වුනා ලංකාවෙ ගෑනියෙක් ඩුබායි වලදි උඩු මහලෙන් තල්ලු කරල මරල.ඒව කතා කතා කරන්න කවුරුත් නෑ
      අපේ අම්මල අක්කල නංගිල වුනාට රට යවන ගෑනු අරාබිකාරයන්ගෙ වහල්ලු.අරාබිකාරයන්ගෙ ස්වාභාවික ප්‍රාථමික ලක්ෂනත් එක්ක බලනකොට කොටියගෙ ගුහාවට යවනව වාගෙ වැඩක් මේක
      කල් නෑරම මේ වහල් වෙළදාම නතර කරන්න ඕන

      Delete
  48. මේ රටේ අහිංසක ගෑනු දුක් විදින ඒව කතා නොකර රිසාන ගැන කඳුලු සලනවා.ඒක තේරුමක් නෑ.අවසාන වශයෙන් රිසානගෙ පවුලෙ අයත් මේ බෙලි කැපීම අනුමත කරනවා .ඒ අයට වෙන විකල්පයක් නෑ.රිසාන හිටියනම් එයත් මේ බෙලි කැපිල්ල අනුමත කරනවා.ඉස්ලාම් ආගම නිර්මානය වෙලා තියෙන්නෙ ඒ විදියට.ඒකෙන් වියුක්තව හිතන්න ඔය කාටවත් බෑ.මේ හැමෝම අපි හිතන විදියට මේ ප්‍රශ්නෙ විග්‍රහ කරන්න බෑ.රිසාන ගැන ලිපියක් මම පළැකරන්නත් ඉදල පළ නොකලෙ ඒකයි

    අරාබිකාරයට මේ රටේ මුස්ලිම්වරුන් ගැන විශේෂ හිතවත්කමක් නෑ.ඔවුන් සුද්දො වන්දනාමාන කරන මුස්ලිම්කමට වඩා ලෞකික සැපසම්පත් වලට මුල්තැන දෙන පිරිසක්.ඒ අයගෙන් තෙතමනයක් බලාපොරොත්තුවෙන එක තරම් මෝඩකමක් තවත් නෑ.ඔවුන් ම්ලේච්ඡ මිනිසුන් බව පැහැදිලියි.කරන්න ඕන එකම දේ අපේ ගෑනු එහේ නොයවන එකයි

    හැබැයි තව එකක් මේකට ඉස්ලාම් ආගමට දොස් කියන එකත් වැරදියි .ඒ වගේම ම්ලේච්ඡ වුනත් සෞදි නීතිය නඩුතීන්දු විවේචනය කරන්න අපට බෑ.ඉස්ලාම් ආගම කියන්නෙ වෙනම ස්ට්‍රක්චර් එකක් .ඒක නරක නෑ.සමාජ පාලනයට උපකාරී වෙන දෙයක්.අපේ දෘෂ්ටි කෝනෙයන් ඒක විග්‍රහ කරන එක වැරදියි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න