.

.

Feb 17, 2025

තැපෑලේ එවුන්ට (තැපැල් ඡන්ද) කෙලක් නැතුව ඇරිය... තඹුත්තේගම පළවෙනි සිග්නල් කණුව ළඟ මරිසි කොටා.... බජට්ටුව කියා ගෙනා හිල් පනිට්ටුව.

 




➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖

ඉස්සර මිනිස්සු බජට් එක ඇහුවේ නිවාඩු දාලාය. ඒ ඒකෙන් රටටය යහපතක් වෙන නිසාය. බඩු මිල අඩු හෝ වැඩිවෙන නිසාය. ජේ.ආර් ජයවර්ධනගේ කාලයේ මුදල් ඇමති වූ ගී කියන කන්දේ රොනී ද මැල් මහත්තයාගේ බජට් එක මිනිස්සු ඇහුවේ tv ආපු කාලයේ ක්‍රිකට් මැච් බලනවා වගේය.

ඒ 1977 න් පස්සේ සීඝ්‍ර සංවර්ධනයක් ඇතිවූූ නිසාය. ආතල්ම වැඩේ කියන්නේ... සිරි ලංකා නිදහස් පක්ෂයේ සිටපු රොටී ද පොල් විසින්ම ලංකාවට විවෘත ආර්ථිකය ගෙන ඒමය. ඒවාට එරෙහි වූ ජේවීපී සහ වමේ ගොබ්බයෝ සියල්ලෝම ගෙදර ඇරියේය.

අද තඹුත්තේගම සිග්නල් කණුව ගාව මරිසි කොටා ගෙන එන්නේ එදා ඒ ජේ ආර් ගේ ආණ්ඩුවෙන් ගෙනාපු යෝජනාවන්ය.

මුං මේවාට විරුද්ධව රටේ ලක්ෂයක පමණ පිරිසක් මරා දැම්මේය.... මුළු රටම ගිනි තබා විනාශ කළේය. රාජ්‍ය දේපළ ගිනි තබා විනාශ කළේය... විදෙස් ආයෝජකයෝ එළවලා දැම්මේය.... රතුපස්වල ෆැක්ටරිය බොරු කියා වසා දැම්මේය... වැඩ වර්ජන උද්ඝෝෂණ කළේය....

අධ්‍යාපනයේ විප්ලවයක් වූ ධවල පත්‍රිකාවටද මුං විරුද්ධ වුණේය. පක්ෂ වූ උන් මරා දැම්මේය... පෞද්ගලික විශ්ව විද්‍යාල, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ වුණේය.... අද මේ මිනීමරුවන්ගේ ගෝනි බිල්ලන්ගේ ළමයි ඩිග්‍රි ගහලා ඇවිල්ලා ඉන්නේ ඒවා වලින්‍ය.

සාමාන්‍යයෙන් බජට් එකක් කියන්නේ... ආණ්ඩුවේ ආදායම් හා වියදම් ගැන මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්ෂික වාර්තාවකටය..

මේ සැරේ නමුත්තේගම මරිසිකොටා ඉදිරිපත් කළ අයවැයේ... උන් ආදායම් හොයන විදිය ඇත්තේ නැතිය.... උගේ සාක්කුවෙන් දෙනවා වගේ ඌ කිව්වේ වියදම් කරන ඒවා ගැන විතරය.

හාන්ස්ට නම් මිලියන 3000ක් මදුන්නේය... මේ ස්වේච්ඡාවෙන් වැඩ කරන්න ආවා කියපු එකාය.... ඒකෙන් සීයට 10%ක්  ගත්තත් ... ඒක යන්නේ මරිසි කොටාගේ සාක්කුවට හෝ පැලවත්තේ එකවුන්ට් එකටය.. එතකොට ඒකේ ගාන වැඩි වෙනවාය. ඒ මුදල් invest කරලා තියෙන නානලාට පට්ට ආතල්ය.

මේ යකා කියෙව්වේ කජු කාපු සීයා හදලා ගියපු බජට් එකය.... ඕක මුදල් අමාත්‍යංශයේ සිරිවර්ධන මහත්තයා මුලින්ම ගැන ගොස් දී තිබෙන්නේ මරිසි කොටාටය.... මරිසි කොටා දන්නා ලබ්බක් නැති නිසා.... ඒ යකා ඒක දී තිබෙන්නේ මහාචාර්ය අනිල් ජයන්ත මහත්තයාටය. ඒ මනුස්සයාට කැත නැතුව මහත්තයා කියන්නේ පක්ෂයේ ඉන්නා එකම මහතා උන්නැහේ නිසාය.

අනිකුන් ඉන්නේ බලයෙන් පිස්සු වැටිලා.... මෝල් කලන්තය හැදිලා... අලි වංශයෙන් හා පුපෙන්‍ය. කටේ තියෙන්නේම අපි බලය ගත්තේ ආයෙත් දෙන්න නෙවෙයි කියලාය.... මේ රටේ ඉන්නේ තොපිට වඩා චණ්ඩියෝ වෙච්චි රාජපක්ෂලා මැද මුලන ජනෙල් පොල්ලේ එල්ලපු වාහෙලාය.... තොපි චන්ඩි පාට් දාන්න ගියොතින්.... තොපිට කන්න වෙන්නේ තොපිට චන්දෙ දීපු එවුන්ගෙන්මය.

ජීවිතයට බජට් එකක් හදලා නැති මහාචාර්යවරයා ඒක දැක උඩ උඩ ගොස් තිබෙනවාය. මේ විදිහට පඩි වැඩි කරන්න ආදායම එන්නේ කොහෙන්ද කියා සිරිවර්ධන මහත්තයාගෙන් අහලා තියෙනවාය.... ඒවා නම් මම දන්නෙ නෑ ඕක හැදුවේ කජු කෑ සීයා බවත්... උන්දා ඇල්ගී කා රෝයල් තෝමියන් මැච් එකට ගිහින්.... බිව්ව නේද වධකහ සුදිය කියා ඇසුවත් කෑවත්.... උන්නැහේ උන්නා නම් අනිවාර්යෙන් ඕක දෙනවා කියා මුන්ගේ මූනටම කියලා තියෙනවාය.

ඒ බව කියන්නට තඹුත්තේගම හිඟන්නාට කටත් තිබුණේ නැති උනත්. මංකොලොත් වූ රටවල් ගොඩගන්න වසර දහයක් පමණ ගත වූ බව මරසි කොටා උගේ කතාවේදී ඊයේ පිළිගත්තේය. හැබැයි කජු කාපු සීයා රට හැදුවේ වසර දෙකකින්ය.

කජු කාපු සීයා දෙන්න ගියපු පඩියට කෙලවුණේ එලෙසය... දැන් උන් ජනතාවට දීපු පොරොන්දුව අනුව පඩි වැඩිවීමක් කරේ නැත්නම... මුන්ට ගම්වලට යන්න බැරිවෙනවාය.... දිගටම ඉන්න වෙන්නේ මාදිවලය... මොකෝ ආපු බූරුවන් 159 ම සමූපකාර චන්දවලට ඉල්ලන්න හිටපු අම්බරුවන්ය... උන් දන්නා ඉකොනොමියක් නැතිය.... හැබැයි දුන්න පොරොන්දු ඉටුකරන්නත් ඕනය.

ඡන්දයට පෙරත් ඉන් පසුවත් තනිකරම බොරුවෙන් ජීවත් වන මරිසි කොටා.... ඊයෙත් කෙළියේ පට්ට කෙබරය.... මුලින්ම කියෙව්වේ හැමදාම කෙලින පච ටිකය.... ඊළඟට උගේ සාක්කුවෙන් දෙනවා වගේ මිලියන 100 200 300 අමාත්‍යංශ හතර පහකට දෙනවා කියාා කීවේය. සාමාන්‍යයෙන් නම් අමාත්‍යංශ වලට වෙන් කරන මුදල වෙන් වෙන් වශයෙන් කියන්නට ඕනා‍ය. මුං ඒවා දන්නේ නැතිය.

පාර්ලිමේන්තුවට පත් වී ආ කුර හා අන් සහිත ජීවීන්ට මෙලෝම දෙයක් ලැබෙන්නේ නැති නිසා... ඒ පැත්තේ වැඩ කරගන්න මිලියන දහයක්ද කොහෙද දෙනවා කියා කීවේය. උන් ටික ශේප් කර ගත්තේ එසේය. හැබැයි ඒකත් දෙන දවසල් නම් කිව්වේ නැතිය.

බුවා මේ රටේ දිලින්දන් ගැන කතා කළේය. මීට පෙර බලයට පත්වී මාසස දෙකකින් මේ රට ගොඩගත්තා කියා කීවේද මේ මේ පිස්සාමය. එක්කෝ මූට පිස්සුය.... නැතිනම් ඔටිසන්ය... ගොඩ ගත්ත රටක දිලිඳන් ඉන්නට බැරිය. හැබැයි දිළිදුකමෙන් මේ රට ගොඩ ගන්නවා කියා තවත් පචයක් ඇද ඇරියේය. අවුරුදු 77ක්ම ආපු උන් කිව්වේ ඔය බොරුවමය. මූ කියන්නෙත් ඒකමය.

මුන්ගේ ජීවිතයම තනිකර බොරුවක්ය... පඩි වැඩිවීමද අමු බොරුවක්ය.... ඒ ගැන අන්තිමේදී සටහනක් තබනවාය.

කර්මාන්ත ඇමතියා හඳුන්කූරු කර්මාන්තයක්වත් තාම ආරම්භ කරලා නැතිය... එහෙත් කතා කරන්නේ විදෙස් ආයෝජකයෝ ගැනය. මේ වෙන තෙක් ගෙනාපු ආයෝජනයක් ඇත්තේත් නැතිය. ඩුබායි වලින් කෙලින්ම තෙල් ගේනවා කියා ලෝක නායක සමුළුවකට කියා ගියාට. ඒ තෙල් නලේ තාම මෙහෙට ආවේ නැතිය.

ඒ අස්සේ හිටපු එකම ආයෝජකයා වන අදානිට ඊයේ පාර්ලිමේන්තුවේදී ගේම ඉල්ලුවේය. මේ චීනා දීපු ලණුවක් කාලාය. ටෙන්ඩරය දෙන්න යන්නේ ධම්මික පෙරේරාටය. ධම්මික පෙරේරාට ටෙන්ඩර් එක දීලා.... අන්තිමට වෙන්නේ.... ලංකාවේ ටයිල් වලට සහ නාන කාමර උපකරණ කට්ටල වලට සිද්ධ වෙච්ච දේය. රුපියල් දහ දාහට විසි දාහට තිස් දාහකට කර ගන්න තිබුණු වැඩේ කරන්න... දැන් කෝටියක් තිබුනත් මදිය. ඒකාධිකාරිය ධම්මික පෙරේරාගේය.

රාජපක්ෂලා ටයිල් ගේන එක නැවැත්තුවේය. ඒ ධම්මික පෙරේරා ටයිල් හදන නිසාය. ගිනි ලාබෙට කොළඹ ගල්වලේ ඕන තරම් තිබුණු ටයිල් දැන් ගන්න වෙලා තියෙන්නේ ඌ කියන ගානටය.

තඹුත්තේගම මරිසි කොටා හැන්දෑවට සෙට් වෙන්නේ ධම්මික පෙරේරා හා හුළංගමුව එක්කය.... දැන් රට හදන්නේ උන් දෙන්නාය.

ගෝඨාටත් වුණේ මේ කරුමයමය.... ගෝඨා ළඟ හිටපු එවුන්ගේ නම් ගම් මං කියන්නේ නැතිය. ඒ පින් ගොඩාට ඇරියේ කවුද කියා දැන් රටම දන්නවාය. කොරෝනාවට රටව හපු කැං ගොරියාට... තමන්ට ඡන්දය දුන්නු බේරේ නාන කොට.... පාර මැද්දේ මරලා දාන කොට... ගෙවල් හා දේපල ගිනි තබා විනාශ කරන කොට... රට පුරා ඇඳිරි නීතිය හෝ හදිසි නීතිය දාන්න බැරි වුනොත් මී වස්සෙක්‍ය.

ඒ කෙසේ හෝ වේවා ගුරුවරුන්ට ඇරිය ඇරිල්ලට නම් මරසි කොටාට අපේ ගෞරවය හිමිවනවාය.... ලංකාවේ ගුරුවරයාට තිබූ ගෞරවය නැතිකරේ මහින්ද ජයසිංහ නම් මූසලයාය.... උගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බැලුවොතින් බල්ලෝ බත් කන්නෙත් නැතිය....

දෙන එක ඇට්ටි හැලෙන්නම දීලා තිබෙනවාය. අනිත් ජෙප්පන්ගේ ප්‍රොෆයිල් වල තත්ත්වයද එසේමය. මහින්ද ජයසිංහගේ හා ජෝසප් ස්ටාලීන්ගේ ගුරු සංගම් වල ඉන්න එවුන් කියලා තියෙන්නේ පුළුවන් තරං ඉක්මනට චන්දයක් තියපන් අපි තොපි ගැන බලාගන්නම් කියලාය.

මේ මරිසි කොටාගේ අයවැයේ තියෙන්නේ වැය විතරය. ආදායම් හොයන්නේ කෙසේද කියා නැතිය. හැබැයි කව්ද ඔය එකෙක් 2025 ආදායම මෙච්චරය වියදම මෙච්චරය කියා ලියා තිබ්බේය. ඒ අනුව ආදායමට වඩා වියදම වැඩිය. ඒක හොයන්නේ කොහොමද කියා මරිසි කොටා තියා.... එකෙක්වත් දන්නේ නැතිය.

දැන් විදෙස් සංචිත එන එකත් අඩු වෙලාය. අර ඇමරිකාවේ සිට ආ ගෝමින් උඩුගමසූරියද මොකාද කියන එකා පේන්නත් නැතිය. ඌ කිව්වේ මාස තුනෙන් පොස්පේට් ෆැක්ටරියක් දානවා කියලාය. මුහුදු වතුරෙන් සල්ෆියුරික් හදනවා කීවේය. සල්ෆියුරික් තියා කන්නවත් sodium chloride හෙවත් කන ලුණු ඇත්තේත් නැතිය.

බජට් එක පටන් ගන්නකොට මූ අත්‍යාවශ්‍ය ආහාර වේලවල් වගයක් ගැන කිව්වේය. අත්‍යවශ්‍යම ආහාරය වන බත් වලට අවශ්‍ය වී වවන පං ගොයියෝ ආණ්ඩුවට වී දීම කෙසේ වෙතත් දැන් ඉන්නේ.... මුන්ගේ මාළු කන්න බලාගෙනය. උං කියන්නේ මුන්ට වී කිලෝ එකක්වත් දෙන්නේ නෑෑ කියාය.

මම නම් මේ හිඟන පාලන හැත්තට මක්කත් වැරැද්දක් කියන්නේ නැතිය. මම වැහි නැති හෙන ඉල්ලන්නේ... මේ මෙලෝ දෙයක් නොදන්නා හිඟන්නන් පිරිසකට.... සංවිධානය වී උඩ පැනගෙන ගොස් චන්දය දුන් අම්බරුවන්ටය.

එකම කරුමය නම් උන් කන පරිප්පුව අපිටත් කන්න වීමය.

පංගොයියන්ට මෙන්ම ගුරුවරුන්ටත්.... ආණ්ඩුවේ තැපැල් ඡන්ද හිමි රාජ්‍ය සේවකයන්ටත්....පොලිසියේ හමුදාවේ මී හරකුන්ටත් සදා සොත්ථි බවන්තුතේමය.

හැබැයි මෙලෝ වැඩක් බැරි මරිසි කොටා එක දෙයක් කළේය.... ඒ සාමාන්‍යයෙන් බජට් එකක් ඉදිරිපත් කරන්නේ වසරකටය. මේ යකා වසර තුනක බජට් එකක් ඉදිරිපත් කරලා ලෝක වාර්තාවක් තිබ්බේය. ඌ කියපු පඩිය හම්බවෙන්නේ 2028 දීය.

අවුරුදු 77ක් රට කෑ හොරුන් එලවා ගෙනත් තිබෙන්නේ ඊට වඩා කම්බා හොරු සෙට් එකක්ය. වරායෙන් කන්ටයිනර් 323 ක් පෙන්නුවේය..... දැන් ඔක්කොම ගේන්න හදන්නේ පිටරටින්ය. ඒවායේ කොමිස් කුට්ටි යන්නේ රේන්ජ් රෝල් වල යන උන්ටය.

මුන්ට ඡන්දය දී රැවටුණු ගොබ්බ බේසික් පුතාලා ඊයේ මුගේ බජට් කතාවටත් රැවටුන බව... මුංගෙ චැනල් වන සියතට හා සිරසට වොයිස් කට් දුන් කුර හා අන් සහිත ජීවීන්ගෙන් හොඳට පැහැදිලි විය. රාජ්‍ය සේවයේ ඉන්නේ ඒ තරම් අම්බරුවෝය. තොපිට ඔහොම වෙලා මදිය.

මේ අවුරුද්දේ තොපිට ලැබෙන සොච්චම් පඩිය ගැන විස්තරය පහළින් තිබෙනවාය.
ඒකත් හරියට තාම කම්ප්ලීට් කරලා නැතිය. ආණ්ඩුවේ මහාචාර්යවරයා ඒක දන්නෙත් නැතිය. ඒක මාර සංකීර්ණයි කියා කීවේය.

ඒක බලා... තොපි කොයි තරං මරි මෝඩ හරක් රැල්ලයි අවබෝධ කරගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

පටලැවිල්ල ලිහාගන්න මම වැරදි නම් නිවැරදි කරන්න

මූලික වැටුප 15,750කින් වැඩි කරනව කියල තියෙනවා.
ඒක වෙන්නෙ 8,250ක් අලුතින්ම දීලා සහ දැනටත් පවතින 7,500ක දීමනාව මූලික වැටුපට එකතු කරලා කියල තියෙනවා.

ඊට පස්සෙ කියනවා, 2025 අප්‍රේල් ඉදන් මේ 8,250න් 5000ක් සහ ඉතිරියෙන් 30%ක් දෙනවා කියලා.
ඒ කියන්නෙ, 5,000 + (8,250-5,000) × 30% = 5,975ක් අප්‍රේල් ඉදල දෙනවා කියලනෙ.
ඒ කියන්නෙ මේ අවුරුද්දෙ ඇත්තටම පඩිය වැඩිවෙලා තියෙන්නෙ රුපියල් 5,975 කින් නේද?

2026දි තව 1,138කින් සහ 2027දි 1,138කින් ආයෙ ඉතිරි වැඩිවීම එකතු වෙන්වලු.
ඒක ඉතින් ඊළග අයවැයෙන් ම බලාගන්න බැරියැ.

හෙන කැටයම් නේද අනේ මේව ලියන අයගෙත් ඔක්කොම පටලවනවා.

මරිසි කොටාට මා ආදරේ මේ නිසාය. 2 කියන්නේ මොනවාද ගියා ඌ දන්නෙත් නැතිය. ඇමතිවරු දන්නෙත් නැතිය. ඌට චන්දෙ දීපු එවුන් දන්නෙත් නැතිය.

ඌ කියන්නේ පට්ට කෙබර කියා දන්නේ අපි පමණය.

ඒ වගත් මෙසේය.....

16 comments:

  1. මාතා, ඔය ටෙක්සාස්වල ඉඳලා ආපු ගෝමිං උඩුගමසූරිය කියන වෘක්ෂ සුනඛයා ආවේ ඩිමොක්‍රටික පක්ෂයේ ව්‍යාපෘතියක් යටතේ. ඌට සල්ලි ගෙව්වේ ක්ලින්ටන් පදනම හරහා. දැන් එක්සත් ජනපද ආණ්ඩුව වෙනස් වෙලා රිපබ්ලිකන් පක්ෂ ට්‍රම්ප් ආණ්ඩුව යටතේ උන්ගේ ව්‍යාපෘති අකුලගෙන තියෙනව ඒ නිසා ඌට ලංකාවට ඇවිල්ල බොරු ප්‍රෝඩා පොරටෝක් ඉෂූකරලා ගොන් බයියෝ චූන් කරන වැඩ වලට ගුවන් ටිකට්පත්, පොකට් මනි සහ අරමුදල් මොනවත් ලැබෙන්නේ නෑ, ඕන්න ඌ දැන් ආයේ ටෙක්සාස්වල වෙන අතක් බලාගෙන ෂේප් වෙනවා.

    ඒ විතරක් නෙවෙයි අර නලාකාරයෝ වෙච්ච සංගීත් විජේසූරිය වගේ අමනයන්ටත් දැන් ෆන්ඩ් නැතුවම ආණ්ඩුවෙන් අයින් වෙන නිසා මරිසි කොටා උන්ට ලංකාවේ රජයේ මහජන බදු මුදල් නාස්ති කරලා ජවිපෙට මාලිමාවට රෙදිනැතුව කඩේ ගිය සට්ටැඹියන්ට වරප්‍රසාද නිවාස සහ වෙනත් දීමනා ලබාදෙන්න සැලසුම් කරලා තිබෙනවා ජනතාව මේවාට විරුද්ධව වහාම විරෝධය පළකරන්නට ඕනේ

    ReplyDelete
  2. Hi Mathalan

    Can you please explain about this;

    //

    ශ්‍රී ලාංකීය රාජ්‍ය සේවකයින් මහත් බලාපොරොත්තු තබාගෙන බලයට පත්කරනු ලැබූ නව රජය ගැන එම තැබූ විශ්වාසය සිය මංගල අයවැය මගින් සම්පූර්ණයෙන්ම කඩා බිඳ සුණු විසුණු කර ඇති බව සමස්ත ලංකා රාජ්‍ය, පළාත් සභා රාජ්‍ය සේවකයන් පිළිබඳ රජයේ වෘත්තිය සමිති සම්මේලනය පවසයි.

    එහි ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා අයවැය සම්බන්ධයෙන් මාධ්‍ය අමතමින් මෙසේ පැවසුවේය.

    “රජයේ පළමු අයවැය ගැන ඉතාමත් ඉහළ බලාපොරොත්තු සහිතව තමයි රාජ්‍ය සේවකයින් මෙවර අයවැයට කන් දුන්නේ. නමුත් රාජ්‍ය සේවකයින් ඉතාමත් කලකිරීමකට පත් වන අයවැයක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ.

    රාජ්‍ය සේවකයින් සම්පූර්ණයෙන්ම රවටන අයවැයක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ.රාජ්‍ය සේවකයින් පසුගිය කාලවල පාරට බැහැල එක හඩින් කිව්වේ රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් ලබා දෙන්න කියලා. ඒ අරමුණ ඉටු කර ගන්න තමයි රාජ්‍ය සේවකයින් බහුතරයක් මේ ජාජබ ආණ්ඩුව පත් කර ගන්න දැඩි උනන්දුවෙන් සහ කැපවීමකින් මූලිකත්වය ගත්තේ.

    රුපියල් 20,000 ක වැටුප් වැඩි කර ගැනීමේ අරගලවලට නායකත්වය දුන්නෙත් මේ පත් වෙලා ඉන්න ආණ්ඩුවමයි. ඒ රාජ්‍ය සේවකයින්ගේ බලාපෙරොත්තු අද සුනු විසුණු කරල දැම්මා. මේක රාජ්‍ය සේවකයින්ට ගැසූ බරපතල කණේ පාරක් හැටියයි අපි දකින්නේ.

    රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා වැඩි කරනව කිව්වා. අපි හිතුවේ ඒක ජනවාරි මාසයේ ඉඳලම වැඩි කරලා හිඟ වැටුපත් එක්ක ලැබෙයි කියලා. එහෙම වැඩි වුනත් වැඩි වෙන්නේ 15,750 කින් ඒකත් දාල තියෙනවා 2027 වසර වෙනකම්. රාජ්‍ය සේවකයින්ට උඩ බලාගෙන ඉන්න වෙනවා මේ 15,750 ගන්න 2027 වෙනකකල්.

    ඒ වගේම රාජ්‍ය සේවකයින්ට මීට පෙර දීමනාවක් ලෙස එල්ලල තිබුණා රුපියල් 7,500 ක්, දැන් මේකටත් තට්ටු කරල දාල තියෙනවා.ඒකත් එකතු කරල තමයි මේ 15,750 හදල තියෙන්නේ.ඒ අනුව රාජ්‍ය සේවකයින්ට හම්බ වෙන්නේ ඉතාමත් සොච්චම් වැටුප් වැඩි වීමක්. මේක රාජ්‍ය සේවකයින් කිසි සේත්ම බලාපොරොත්තු වුන දෙයක් නෙවෙයි.

    රාජ්‍ය සේවකයින් අන්දලා තියෙනවා ලොවෙත් නැති විදිහටම. මේ අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කළා කියල අපි පිළිගන්නේ නෑ. ඒ නිසා රුපියල් 25,000 කට වැටුප් වැඩි වීමක් රාජ්‍ය සේවකයිකයින්ට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා.එහෙම නොවුනොත් අපිට රජයට එරෙහිව දැඩි ලෙස විරෝධය පළකර අරගලවලට යන්න සිද්ධ වෙනවා කියලා අපි අනතුරු ඇඟවීම් කරල තිබ්බා.

    මේක මිට පෙර අරගල කරල රනිල් වික්‍රමසිංහ අපි ආණ්ඩුවට පවසපු දේ. ඒ නිසා මේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එහෙම අවබෝධයක් තියාගෙන තමයි මේ විදිහට රාජ්‍ය සේවකයින් සම්පූර්ණයෙන්ම නොමඟ යවල තියෙන්නේ. ඒනිසා මේ පිළිබඳව අපේ දැඩි විරෝධය වර්තමාන ජාජබ ආණ්‌ඩුවට එල්ල කර සිටිනවා”

    - Lankadeepa

    //

    ReplyDelete
  3. රට ගොඩ ගන්න අමතක කර තෙහෙට්ටුව
    ජනපති අපේ ගෙන ආවයි බජට්ටුව
    දැන් දැන් පෙනේ ජෙපි නඩයගෙ කැරැට්ටුව
    අරගමු අතට නරි නාවන පනිට්ටුව...

    ReplyDelete
    Replies
    1. පෙනුණා කාගෙ කාගෙත් හැටි කැරට්ටුව
      පනිට්ටුවෙන් නෑව්වානෙ පොහොට්ටුව
      ඔව් අපි බලමු ජෙපි නඩයගෙ පෙරට්ටුව
      දැල් වෙන්නට කල් යනවනෙ සුරුට්ටුව!

      ඒක නෙවෙයි මහත්තයෝ, අද ඔයාගේ කවියට මම කැමැතියි. මාත්‍රා ගණන් ගැනත් ඔයා ඉතා සැලකිලිමත් විත්තිය තේරෙනවා ජේපි කියලා නොලියා ජෙපි කියල යොදා තිබීමෙන්.
      ඔච්චර හපන්කමක් තියාගෙන ඇයි මගේ නමින් ලියන්නේ. ඔයාගෙ නමින්ම ලියන්නකෝ. (හැබැයි ඔයාට ස්තුතියි- මගේ blog අඩවියට තවත් ප්‍රචාරයක් දෙනවාට.)

      Delete
  4. පඩි වැඩි කරේ නෑ කියල ආණ්ඩුවට කැත විදිහට බනින රජයේ සේවකයන්ට සහ විශේෂයෙන්ම ගුරුවරුන්ට කියන්නේ පොඩ්ඩක් ඉවසලා ඉන්න 💯. අපිට වගේම රටටත් ඉස්සර වගේ දීපව්‍යාප්ත මහා වර්ජන රැල්ලක් අවශ්‍ය වෙන්නේ නැහැ ❌. බලන්නකෝ තව අවුරුද්දක් යනකොට මාසේ පඩියෙන් V8 එකක් ගන්න පුළුවන් මට්ටමට ලංකාව දියුණු කරනවා අපේ අනුර සහෝදරයා 😍❤️. අවුරුද්දක් ඉවසලා ඉන්න අනුර සහෝදරයා රට සංවර්ධිත රටක් කරනකන් 👍. අපි ගෝඨාභය කියන හිවලා යවලා ගෙනාවේ අනුර කියන කේසර සිංහයා 👍🐅

    #පොහොසත්රටක්ලස්සනජීවිතයක්
    #ඉවසීමෙන්සැනසීමලැබේ

    ReplyDelete
  5. මාතලං රෙද්දේ රෙවෙනකම් පෝස්ට් දානවා.හැබැයි වැඩක් නෑ.

    ReplyDelete
  6. මාතා

    මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විපක්ෂයේ හිටපු කාලේ කියූ විදියට සියලු දෙනා බදු ගෙවන්නන් වෙනවා, වක්‍ර බදු නිසා.

    නමුත් දැන් කියන විදියට Indirect tax වලින් වෙනසක් කරන්න බෑ ලංකාවේ වක්‍ර බදු ප්‍රතිශතය කොහොමටත් වැඩියි. රටේ අත්‍යවශ්‍ය බඩු මිල වෙන රටවලට වඩා වැඩි වෙන්නත් ඒක හේතුවක්. ඒක එහෙම නෙමෙයි විය යුතු.

    එමෙන්ම වඩාත්ම රාජ්‍ය ප්‍රතිලාභ ලබන අය වක්‍ර බදු ගෙවන්නේත් අඩුවෙන්, ඒ ඒගොල්ලන්ගෙ පරිභෝජනය අඩු නිසා. ඒකේ වැරැද්දක් මට කියන්න බෑ නමුත් හැමකෙනාම සෘජු බදු සඳහා ලියාපදිංචිය තිබිය යුතුයි.
    ඒ වගේම භාණ්ඩ හා සේවා සපයන්නන් වක්‍ර බදු වලින් පවා වංචා කරනවා තමන්ගේ output නොපෙන්වා.

    ඒ වගේම වක්‍ර බදු ගෙවන්නන් ලබන ප්‍රතිලාභ අතිශයින් වැඩි ඔවුන් ගෙවන බදු ප්‍රමාණයට වඩා, සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රවාහන අංශ තුන අරගෙන බැලුවත්!

    ඔය කරුණු නිසා සියලු දෙනා වක්‍ර බදු ගෙවන්නන් නිසාත් එතන විශේෂත්වයක් නැති නිසාත් වක්‍ර බදු ගෙවන්නන්ගේ දායකත්වය අමතක කිරීම වැරැද්දක් කියා මම දකින්නේ නෑ.

    මේ වගේ වැඩ නිසා රජයට වෙන තවත් පාඩුවක්, ආදායම අහිමි වීමක්, භයානක කරුණක් තමයි සෘජු බදු ගෙවිය යුතු අය ඒවා නොගෙවීමට හේතුව ලෙස ආණ්ඩුවේ මේ වගේ මහා පරිමාණ නාස්තිකාර වැඩ පෙන්වා බදු නොගෙවීම සාධාරණීකරණය කිරීම.

    ReplyDelete
  7. අයිසේ මාතලන්,

    මාතලේ යටවත්ත අපගේ හිතවත් අමල් අත්තනායක මිතුරාගේ නිවසට පැමිණි ජවිපෙ සමාජිකයින් පිරිසක් ඔහුට විනාඩි 22 ක් පුරා තර්ජනය කරමින් දොස් පවරා ඇත. මේ සමඟ ඇත්තේ එම සිද්ධියේ විඩියෝ කොටසකි.

    Link - ජවිපෙ තර්ජන වීඩියෝ එක මෙතනින්

    https://www.facebook.com/share/v/1GqcVW8KMZ/

    මෙහි කළුපැහැති ජැකට් එකක් දමා සිටින්නේ යටවත්ත ප්‍රාදේශීය සභාවේ ජවිපෙ හිටපු මන්ත්‍රී ඩබ්ලිව්. ජී. මංජුල ප්‍රසාද් සමරවීරයි. ඔහු සමඟ පැමිණි ‍අනෙක් පුද්ගලයා මෑතක දී මාලිමාවට එක් වූ විජේරත්න නැමැත්තෙකි. මංජුල යනු 1988-1990 භිෂණ සමයේ මාතලේ දිස්ත්‍රික්කයේ විදුල්පතිවරු, ග්‍රාම නිලධාරීන් ඇතුළු පිරිසක් පුද්ගලිකවම ඝාතනය කළ, මාතලේ දේශප්‍රේමී සන්නද්ධ බලකායේ නායකයා ලෙස කටයුතු කළ ‘තුසිත මුනිදාස’ හෙවත් ‘මුනී’ ගේ පවුලේ සමාජිකයෙකි. ‘තුසිත මුනිදාස සන්නද්ධ බලකාය’ ලෙසින් මාතලේ භිෂණය පැතිරවූවේ මේ කණ්ඩායමයි. ගමේ නඩු ගෙදරටම ගොස් ඇසීමේ මාතලේ පැරණි ක්‍රමයට පරාජය කිරීමට රටේ සියලු ප්‍රගතිශීලි බලවේග, නිදහස් පුරවැසියන් එක් විය යුතුය.

    සමාජ මධ්‍ය මගින් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් සියළු පුරවැසියන්ට ඇත. අප සියළු දෙනා එක්වී එම අයිතිය රැකගනිමු.

    පළාත් පාලන ඡන්ද විමසීම ආසන්නයේ මාතලේ දිස්ත්‍රිකකයේ විපක්ෂයේ ක්‍රියාකාරකම් තර්ජනයෙන් හා බිය වැද්දීම් තුලින් අඩපණ කළ නොහැකිය. වෛර හා ක්‍රෝධය පැවරවීම තුලින් බලයට පැමිණි මේ පිරිස, දැන් විපක්ෂයේ හිතවතුන්ට, මහජනතාවට සමාජ මාධ්‍ය තුලින් ‘පරණ පොරොන්දු සිහිපත්කිරීම’ට හෝ ඉඩක් නොදී කටයුතු කරමින් සිටී.

    ලැජ්ජයි! කැතයි!! නින්දිතයි!!!

    ReplyDelete
  8. ඔයා ලංකාවේ නෙවෙයි ද ඉන්නේ.....නැට්ටෙ ඉදන්ම ගොම බං...

    උඹ මේ .....69 ලක්ෂයේ ඉදන් npp උන පොරක්නේ බං..... අපි බං.... උපතින්ම jvp.... අපේම නයි අපිවම කයි, රෙද්ද තමා කරන්නේ...... ජන්දය තියලා බලන්න කියහං... ලක්ෂ 20 ජන්දය ඉවරයි දැනටම... ඉතුරු ටික... පරිස්සම් කරගන්න කියහං....

    ReplyDelete
  9. මට වෙලාවකට හිතෙනවා බං අපි ඔක්කොමලා මේ දුක් මහන්සියෙං හරි හම්බ කරන්නෙ රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්නයි, ගොවීන්ට සහනාධාර ගෙවන්නයි , ඩයලොග් එකට බිල් ගෙවන්නයි නේද කියලා 😒ඒ අතරේ ඉඩ ලැබුණොත් අපිත් යන්තමට කනවා බොනවා ඉතින් ..

    ලංකාවෙ රාජ්‍ය සේවය ගත්තොත් ඕනෙම ආණ්ඩුවක් කවදාවත් ශක්තිමත් නෑ කොන්ද පණ ඇතුව රාජ්‍ය සේවය කප්පාදු කරන්න. රාජ්‍ය සේවය අනිවාර්යයෙන් කප්පාදු කල යුතුමයි මේ රට ගොඩ ගන්න නන්. මන් මේ කියන්නෙ රාජ්‍ය සේවයෙ හැම අංශයක් ගැනම නෙමෙයි. දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ , සමහර සංස්ථා ජිවිතේට ලාභ ලබන ව්‍යාපාරද කියහන්කො ? 🙂නෑ. හැබයි ආණ්ඩුවෙ ඔෆිස් එකකට ගියොත් ඇඟේ හැප්ප්පෙන්න තරම් ස්ටාෆ් එක. වැඩක් කරගන්න උන් ඉල්ලන්නෙ නැත්තෙ සීයගෙ මරණ සහතිකෙයි, අල්ලපු ගෙදර උන්ගෙ කසාද සහතිකයි, ෆ්‍රිජ් එකෙ එන්ජින් අංකෙයි විතරයි 😁

    රටේ ජනතාවගෙ බදු මුදල් වලින් ඉගෙන ගෙන ෆස්ට් ක්ලාස් ඩිග්‍රි අරගෙන ලාභ නොලබන ආණ්ඩුවෙ කන්තෝරුවකට වෙලා කුරුටු ගගා අවුරුදු හැටක් හැටපහක් වෙනකල් ලපං ගහනවා. උබලට වැඩක්ද? අපිට වැඩක්ද කියපන්කො?? 🤨
    ඇහුවම පෙන්සොං එක හින්දානෙ මේ සේරම. පඩියෙන් බාගයක් හම්බුවෙන පෙන්සන් එක නිසා තමුන්ගෙන් වැඩක් විය යුතු තැනකට යන්නෙ නෑ ජිවිත කාලේම ආණ්ඩුවෙ ඔෆිස් එකක පුටුවක් රත්කරනවා..

    අනික් එක රටට අවශ්‍ය නැති තරමේ ලක්ෂ ගානක හමුදාවකට ගෙවන පඩි නඩි ටික. දැන් මොකටද ඔච්චර හමුදාවක් මේකට ?? එක්කො හමුදා සේවය රටේ සංවර්ධනයට ඵලදායි ලෙස යොදාගන්න වැඩපිළිවෙළක් ඕනෙ. නැත්තම් බේස් කෑම්ප් වලට වෙලා ෆිට්නස් ට්‍රේනිං කර කර මෙලො වැඩක් නැති බොරු වැඩ ටිකක් කර කර ඉන්න අතිවිශාල හමුදාවක් ඇයි කියපන්කො අපි රටක් හැටියට නඩත්තු කරන්නෙ?

    අනික් කොටස තමයි මේ ගොවීන් කියන්නෙ. මුලින්ම ලංකාවෙ ගොවීන්ට පන්ති දාලා උගන්නන්න ඕනෙ බන් ගොවිතැන් කරන හැටි නෙමෙයි. මුදල් පරිපාලනය කරන හැටි. 🙂කීයක් හම්බකරත් වැඩක් නෑ හැමදාම හිඟන්නො නන්. ඇහුවොත් හැම කන්නෙකිංම පස්සෙ නැතිබණේම තමයි ගහන්නෙ. ටීවි වලට වොයිස් කට් දිදි නාහෙන් අඬනව අනේ මාත්‍තයො ගෑනිගෙ කරාබු දෙකෙ ඉදන් උකස් තිබ්බය දැන් ඉතින් වහ බොන්නය වෙන්නෙ ගගා. ඒක වෙන්නෙම බන් උඹලා ගොවිතැනේදි අවදානම කළමනාකරණය කරන්න නොදන්නාකම සහ මුදල් පරිපාලනය අතින් අන්තිම සවුත්තු වීම නිසා තමයි.

    හොඳම උදාහරණය රත්නපුරේ මැණික් හම්බෙන උන්. උන්ට මැණික් හම්බෙනවා සොමි කරනවා ටික කාලෙකිං ආයි හිඟන්නො තව මැණිකක් ලැබෙනකල් 😂

    හිඟා කන්න උනත් පොඩි අධ්‍යාපනයක් හරි ඕනෙ බන්. නැත්තම් බෑ මේ සමයම කරන්න. ආණ්ඩුවට මන් රෙස්පෙක්ට් කරනවා සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට විශාල මුදලක් අයවැයෙන් වෙන්කලාට. ඒවා හොඳ වැඩ ❤️❤️

    ඩයලොග් එක ගැන නම් කතා කරලා වැඩක් නෑ බන් 😒ජිවිතේ හම්බකරපුවයෙන් බාගයක් විතර ඩයලොග් එක පෝසත් කරන්න තමයි ගෙව්වෙ.. කවදාවත් තේරුම් ගන්න බැරි දේවල් දෙකයි තියෙන්නෙ මට නම් එකක් අන්න අර z score එක හැදෙන හැටි. අනික ඩයලොග් එකේ උන් බිල් හදන හැටියි ඩේටා වලට චාජ් කරන හැටියි. 😁 අහ් තව එකක් තියෙනවා සෙලින්කො එකෙ උන් ෆැමිලි සවාරි යන්න කට්ටිය තෝරගන්න හැටියි 🙈 ඒක තේරෙන්නෙත් නෑ. සිංගප්පුරු ස්විට්සර්ලන්ඩ් පැත්තකින් තියපන්කො අඩු ගානෙ අපිව කවදාවත් අහුවෙන්නෑ කියපන්කො ලෙසර් වර්ල්ඩ් බලන්නවත් යන්න🤣🤣

    මේවා ගැන කල්පනා කරාම තේරෙනවා .. ගොවියොයි රාජ්‍ය සේවකයොයි නෙමෙයි වැඩිපුරම අසාධාරණයට ලක් වෙන්නෙ ඉතුරු මහජනතාව වන අපි බහුතරය තමයි!! 😒

    රාජ්‍යසේවක හෝතම්බුවො ගැන හැමදාම ෆුල් අවදානෙ. ඇයි අපි කලුද අනුර සහෝ?? 😁උබලා කොරයි මේ රටේ ප්‍රයිවට් සෙක්ටර් එක නැත්තම්

    මේ රට ඇදගෙන යන්නෙ පෞද්ගලික අංශය .. මේ රටේ ප්‍රයිවට් සෙක්ටර් එකක් නැත්තම් උඹලා ඔක්කොටම වෙන්නෙ හිඟාකන්න බං ! හැබයි කෝ උඹලා පේටැක්ස් අඩු කරනවා කිව්වා අද කොරාද?

    කවද්ද කරන්නෙ? අපි හම්බ කරලවත් අපිට කන්න නෑ සහෝ ඒවත් කන්නෙ අනික් බේසික්කයො ටික !! 🙏🙏😒

    ReplyDelete
    Replies
    1. මේ රටේ රාජ්‍ය සේවය සාපයක්. මන්දන්නෑ අඩු කරන්න ඕනා ඔය රෙද්ද ඇය් තවතවත් වැඩි කරන්නෙ කියලා...

      ඩයලොග් කියන්නෙ රාජ්‍ය සේවය වගේම සාපයක්.. මිනිස්සුන්ගෙ තුට්ටු දෙකට හීන් නූලෙන් විදින්න උන් ගජ හපන්නු..

      දැන් වැඩ වෙන විධිහට ඉස්සරහටමේ රටේ පිරිමින්ට කසාද බඳින්න ගෑණු ඉන්දියාවෙන් ගේන්න වෙයි වගේ..

      Delete
  10. අඩේ මාතා, අර කලුතර ටොමියා එක්ක මාරිමාවේ මොංගල් මාලි මලහෝන්තුව පැටලිලා එක විකාරයයි රොටිපාලගේ නයිදෙරණේ, දැක්ක ද? කලුතර ටොමියත් අප්‍රසන්න බුවෙක් හැබැයි ඊට වඩා අප්‍රසන්නයි මේ ට්‍රැක්මාලිගේ හැසිරීම. මේ පෙනුම තියන ගෑනු කොහොමත් උද්දච්චයි ලොකු පුටුවකට ගියාමනං, ඒකට රාජ්‍ය ආයතනවල හොදම උදාහරණ දකින්න තියෙනවා.

    මාලිමාවේ සුනඛ ධේනුව වන මොංගල් ට්‍රැක් මාලි මලහත්වලාම නම් තනිකරම සාපයක්, මේ ගෑණිගෙන් මොන සාකච්චාවක මොන ප්‍රශ්නෙ ඇහුවත් කියන එකම උත්තරේ ඔයාට මොකටද මම ඒක කියන්නෙ කියල අහන එක විතරයි. මොලේ කලදක් වත් නැති මහා තකතීරු සෑහෙන උද්ච්ච මොට්ට ගෑණියෙක් ඊටත් වඩා කටට එන ඕන බොරුවක් කියන්න ලැජ්ජාවක් බයක් නැති, හරිම අප්‍රසන්න චරිතයක්...... කණාවට පාර්ලිමේන්තුවට ගිය තුට්ටුවක් නොවටිනා ගූගොඩවල්, ඉස්සර පොහොට්ටුවෙන් ගිය පොල්ලෙලි හොඳයි තව, මොකද උන් මෝඩයො වුණාට මේ වගේ ගොබ්බ විදියට යන යන තැන රෙන්නේ නෑනේ අඩුම ගානේ.

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තක්. ඔය ගෑණි මේ රටට පිළිකාවක්..

      Delete
    2. @ ඇනෝ 11.22

      ලක්මාලි හිතන් ඉන්නෙ හෙන ඔස්තර් කියලා. අඩුම ගානේ අර මහපාරේ මැරුන පුත්තලම් බූරුවා කියලා අපි බැනපු සනත් නිශාන්ත තරම් වත් මොලයක් නැති මෝඩියක්. මුන් ඉස්සරහට මේ වැඩසටහන් වලට එන්නෙත් නෑ මොකද ඇදුම් නැතුව එන්න වෙන්නේ. විපක්ශය කරන්න ඕන ඔය වගේ වැඩසටහන්වලට ඔයිට වඩා දක්ෂ අයදාලා ඔය කාලකණ්නි දෙකයි පණහේ ජෙපි තක්කඩින්ගේ හෙලුව පෙන්නන එක රටටම.

      Delete
  11. අනේමන්දා මේ මන්දබුද්ධික මරිසි කොටා මොන අංචියක් ඇදලා ඉස්සරහට මොන ගිනි ගෙඩියක් දෙයිද කියලා හිතාගන්න බැරුව ගොඩක් මිනිස්සුන්ට අප්සට්

    කයිපඩ මරිසිකොට ලප-රිලවා පැය ගානක් බහුබූත දොඩෝපු අයවැය කතාවෙි සම්පූර්ණ සාරාංශය මේකයි
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

    රජයේ ඇස්තමේන්තු වියදම රැපියල් බිලියන 7,110 යි

    රජයේ ආදයමි ඇස්තමේන්තුව රැපියල් බිලියන 4,990

    අයවැය හිගය බිලියන 2,200 යි

    ඔන්න ඕක තමයි ප්‍රස්නේ !

    ReplyDelete
  12. මේක ඇත්ත ද?

    //ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙසට උපදෙස් දී ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කර ඇත.

    කෙසෙල්වත්තල ගිම්පත ප්‍රදේශයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් ඇයගෙන් ප්‍රශ්නයක් විමසූ විට ඇය මෙසේ පැවසුවාය.

    ‘මට කණගාටුයි.. මාධ්‍යයට කතා නොකරන්නැයි පක්ෂයෙන් මට උපදෙස් දී ඇති නිසා මට මාධ්‍යයට කිසිදු අදහසක් පළ කරන්න බෑ..’

    ඇය විසින් මෑතකදී මාධ්‍යයට කරන ලද මතභේදාත්මක ප්‍රකාශවලින් පසුව මෙම පියවර ගෙන ඇතැයිද වාර්තාවේ සදහන්ය.

    කෙසේ වෙතත් මෙම වාර්තාව පල කර පැය කිහිපයකට පසු මන්ත‍්‍රීවරිය සිය සමාජ ජාල ගිණුමේ සටහන් තබා ඇත්තේ ඩේලි මිරර් පුවත්පතේ අසත්‍ය සහ වගකීම් විරහිත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව කණගාටුවට පත් වන බවයි.

    'ලංකාදීප//

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න