.

.

Feb 28, 2013

"ස" අපලේ - Bad Luck "Sa"


ඔය පින්තූරේ තියෙන "ස" යන්න, හෝඩියේ තිබුන "ස" යන්නටත් වඩා, දෑසට හුරුවු පරම්පරාවක් ලංකාවේ සිටිනවාය. ඔය වික්ටර් රත්නායකගේ "ස" ය. එයාගේ ඒක පුදගල ගී ප්‍රසංගයේ නමය. ඒ ප්‍රසංගය ගැන නම් කතා කොරලා වැඩක් නැතිය. අදටත් ඒ තරම් පට්ට සෝ එකක් නම්, එකෙක්වත් කලේ නැතිය. මගෙත් ප්‍රියතම ගායකයෙක්ය. හැබයි එයාගේ අදහස් නම් බව්වා මාක්ය. එයා කියන්නේ එයාල විතරක් උන්නාම ඇති කියාය. ඕක ඒ උන්නෑහේට පමණක් නොව අපේ කමේ ලක්සනයක්ය. එහෙම නැත්නම් අපි සිරි ලාංකිකයෝ නෙමෙයිය. "ස" ගැන මතක් උනේ, කෙන්ජියා මගේ පෝස්ට් එකට දාලා තිබුන කොමෙන්ට් එකක් දැකලාය. ඌ විකටර්ගේ "ස" ප්‍රසංගයේ, කුණුහබ්බ කැසට් එක ගැන මතක් කරලා තිබුන නිසාය.

ඔය ප්‍රසංගය ගැන මුස්ලිම් පොරක් කරන විවේචනයක් අඩංගු කැසට් එකත්, "ස" ප්‍රසංගය වගේම රසවත්ය.  කෙන්ජියා මතක් කොල්ලා තිබ්බේ ඒක ගැනය. හොයලා බැලුවාම ගෙඩිය පිටින් යූ ටියුබ් එකේ තියෙනවාය. ඒකට යන පාර, කලින් පෝස්ට් එකේ, කෙන්ජියාට මම දාපු රිප්ලයි කොමෙන්ට් එකේ ඇතිය. ඕන එකෙක් බලා ගත්තාට, මගේවත්, විකටර් රත්නායකගේවත්, අවුලක් නැත්තේය.. පට්ට් කන් දෙකෙන් බේරෙනවාය. හැබයි ඉතින් පොඩි එකෙක්නම් බලන්න එපාය. එහෙම බලලා අපිට බනින්නත් එපාය. එව්වා වැඩිහිටියන්ටම පමණයිය. 

පොඩි උන්, වැඩිහිටියන්ගේ ඒවා බැලුවාම, වැඩිහිටියන්ට කනක් ඇහිලා ඉන්න විදියක් නැත්තේය. ඕන් නැති මළදාන අහනවාය. සීනී බෝල දීලාවත් බේරා ගන්න බැරිය. ප්‍රශ්න කරන එක නවත්තන්න, කනක් මිරිකන්නම වෙනවාය. එහෙම නැත්නම්, වේවැල් කෝටු, නාරං, සියඹලා අතූ වල රහ දන්නන්න වෙනවාය. වැඩේනම් පව්ය. මොකෝ පොඩි උන්ගේ හැටි එහෙමය. උන් මෙළෝ දෙයක් දන්නෙ නැතිය.

අනික් පැත්තෙන් "ස" ගැන ලියන්න හිතුනේ, අපෙ කවුරු හරි එකෙක් "ස" යන්නට අපලයි කියපු නිසාය. මාහාචාර්ය මාතලන් විසින් ඒ ගැන සමීක්සොනයක් කොරලා බැලුවාම, වැඩේ ඇත්තය. කාලෙකට කලින් "ස" යන්න නොව "සරත්"ලාට කෙල උනේ ඇයි කියා ලිපියක්ද ලිව්වේය. කැමති එකෙක් මෙතනින් ගොහින් බලා ගත්තාට මගේ අමනාපයක් නැතිය. (ඒක බැලුවාම, අපිට ඉරිසියා කරන ඒවුන්ට, මාතලන්ලා මුල කාලයේ උන්න හැටි දකලා, පහන් සිත් ඇතිකර ගන්නට හැකි වන්නේය. කොමෙන්ට් තියෙන්නේ දෙකයිය..). ඒ ලිව්වේ, "සරත්" ෆොන්සේකා, "සරත්" සිල්වා, "සරත්" කෝන්ගහගේ හා "සරත්" අමුණුගම මහත්තයලාට කෙල උන කාලෙකය.

මෑතක අපලෙ ගැන කියාපු එකා කිව්වේ, "ස"රත් ෆොන්සේකාගේ අපලේ "ස"ජිත්ටත් බලපාලයි කියලාය. මොකෝ දෙන්නාගෙම නම් පටන් ගන්නේ "ස" යන්නෙන්ය. තියෙන්නේ එක "ස" යන්නක් නම්, හිත් හදා ගත හැකිය. කරුමෙට හිංගල හෝඩියේ "ස" "ශ" "ෂ" කියා තුනක්ම තියෙනවාය. ඒ කාලේ ඝන බලලා නම් දැම්මට, මේ කාලේ නම්, ඒ හැටි හොඳ නැතිය. රටම දිණපු සරත් ෆොන්සේකා මහත්තයට ඉන්නේ ජයන්ත කැටගොඩ විතරය. සරත් සිල්වාට මළ ගෙදර කරේ අත දාපු ගමන්, ආයෙත් නීතිය ගැන බයිලා ගගහා ලොක්කට එකසිය ගානට කඩේ ගියාට ලැබුන ලබ්බක් නම් නැතිය.

සරත් කෝන්ගහගේත් ආගිය අතක් නැතිය, සරත් අමුණුගම මහත්තයාටත් උප ඇමතිකමක් දුන්නත්, මෙළෝ රහක් නැතිය. ඇමතිවරු එකෙක්වත් යවන්නේ නැතෙයි කිව්වාට "ස"මරසිංහ උන්නැහෙ ජිනීවා හෝටලේ පරිප්පු කවන්න යවලාය. ඒයා නාගෙන එයිද, එහෙම නැතනම් එහේ අය නාවලා එයිද කියන්න තවම කල් වැඩිය. සිල්වා පටන් ගන්නෙත් "ස" යන්නෙන්ය. භාරතට වෙඩි තියලා දුමින්ද සිල්වා තවමත් පරිප්පු කනවාය. අනික් සිල්වා අපේ හිතවත්, ඕනෑම කෙනෙක් ආදරය කරන, මර්වින් සිල්වාය, "ස" යන්නෙන් නම පටන් ගන්න සිංගප්පුරු සරත් මඩවලයාට වෙඩි තියලා, එයත් මේ දවස්වල පරිප්පුවක් කනවාය. වල් කොල්ලෝ නම් කියන්නේ මුන්නේස්වරම් වල සාපේ වැදිලා කියලාය.

සජිතුත්, පක්සෙ නැගගෙන උන්ටත් වල කපලා, කරු දේශපාලනෙත් අතුගාපු කරුමෙ පටිසන් දීලා, තිනු එකත් නැතිකරගෙන, බව්වා මාක් ඉන්නවාය. ඒ වගේම සල්ලි තිබුන උනුත් නන්නත්තාර් කරලා, අද එයත් නන්නත්තාර් වෙලා ඉන්න, සක්විතිගේ නම පටන් ගන්නෙත් ස යන්නෙන්ය. ලංකාවේ නම්බර් වන් ගෲප් ඔෆ් කොම්පැනිස් එක වන සෙලින්කෝ එක පටන් ගන්නේත් "ස" යන්නෙන්ය. අනේ අප්පේ එකටත් කෙලවෙලාම ගියේය. සුපිරි නායකත්වයක් තියෙන නිසා, "සෙලින්කෝ ඉන්ෂූරන්ස්" එක විතරක් බේරුනේය. සෙලින්කෝ එකට කෙල උනේ, ලලිත් කොතලාවලගේ නෝනා වන සිසිලියා හැම මලදානෙටම හොට දාන්න අප්පු නිසාය.

"ස" යන්නෙන් නම පටන් ගන්න, සිසීලියා ඒකට කෙලියේ, "ස" යන්නෙන් නම පටන් ගන්න සුනිල් ජයතිස්සයාගේ ලනු කාලා කියා, සෙලින්කෝ එකේ උන්නම් දන්නවාය. සිසීලියාටනම් ආයෙත් කෙලවෙන්න යනවා වගේ පෙනුනාට, අනික් එකාටනම් අබ මල් රේණුවකවත් අවුලක් නැත්තේය. වැලිකඩ පැත්තේ ගිහින් ඇවිත්, ආතල් එකේ ඉන්නවාය. සේවින්ග්ස් බෑන්ක් එකේ ෂෙයාර්ස්, ස්ටොක් මාකට් එකේ ඉන්න ජල්බරි කාරයෝ කස්ටියක් එක්ක අන්ඩර්වල්ඩ් ගේමක් දෙන්න ගිහින්, (බලාගෙන ගියාම ඉන්ගිරිස් බාසාවේ "ස" යන්න හෙවත් "S" එකටත් අපලේ එකසිය ගානට බල පානවාය.) අන්තීමේදි , ශිරාණි බන්ඩාරනායක නෝනාටත් කෙල උනේය.

අලුතෙන්ම "ස" යන්නේ අපලේ බලපෑවේ, අපේ පුලතිසිපුර සිරිසේන මැතිතුමාටය. එයාගේ දහම් පුතා, වැල්ලේ හෙළුවැල්ලේ කේස් එකක් දාගෙන, කොල්ලෙක්ට ගහලාය. ඒකට පත්තර කාරයෝ සිරිසේනට ගහනවා කියා, පත්තර කාරයන්ටයි, ටීවී කාරයන්ටයි, සිරිසේන, පතුරු යන්න ගහනවාය. මරණ තර්ජන තියෙනවා කියාත් කියනවාය. ඒ කියන එක, කෙහෙලියට තියා, අපිටත් තේරෙන්නේ නැතිය. එහෙම මරණ තර්ජන තිබුනානම් මීඩියා කාරයොන්ට, අපිට කියලා හරියන්නේ නැතිය. පොලෝසියට කිව්වානම්, ගෙදරටම් ඇවිත්, පැමිණිල්ල ලියාගෙන යනවාය. මොකෝ, මල්ලිගේ කේස් එකට, ඔක්කෝම පොලිස් කාරයන්ට, එයා ගාවට එන්න කියලා කිව්වේත් එයාමය.


හැබයි, එයා නිසා, අපිටනම් මරණ තර්ජණ තියෙනවාය. ඒ ඩෙංගුවාගෙන්ය. සමහරවිට, මදුරුවෝ මරන්නෙ නැත්තේ, එතුමා කියන විදියට, එයාට පූරුවේ පින් තියෙන නිසා වෙන්න ඇතිය. එයාගේ පූරුවේ පින, අපට පවක් වෙලාය. අපට ඉතින් කියන්න තියෙන්නේ අයියෝ සිරිසේන කියලාය. මේ විදියට බලාගෙන ගියාම කවුන්ට් කර කර පොඩි උන් විනාශ කරපු (එක දරුවෙක් වහ බීලා මලා) ඇප දිලා එලියට දාපු සාරුව සුනිල්ටත් කෙලවෙලාම යයි වගේ... මේක බලලා, අයියෝ අපි නම් "ස" ගෲප් එකේ නෙමේ කියා, ආතල් ගන්න උන්ට නම් එකක් කිව යුතුව ඇත්තේය. ඒ මොකෝ මේ හැම එකාම ජීවත් වෙන්නේ, දන්න දා ඉඳන් "ස" යන්නෙන් පටන් ගන්න සෝමාලියාවටත් වඩා අන්ත, "සි"රි ලංකාවේ නිසාය. හලාල් කේස් එකත් නැගලා යන වෙලාවේ මේ සිරි කෑල්ල සුන්නත් කොරලා දැම්මා නම්. මේ රටටත් කළ දසාවක් එන්න පුළුවන්ය.. එතකන් සැමෝටම...

"ස"ම්මා "ස"ම්බුදු "ස"රණය.....!!!


ප: ලි:
"ස" යන්නට එහෙම උනාට, "ම" යන්න, "ර" යන්න වගේ අකුරුවලට නම්, නොම්බර එකය. ඒ නිසා බබාට නමක් දාන විට, පොඩ්ඩක් සැලකිලිමත් උනානම්, "ම" යන්නෙන් පටන් ගන්න, සුන්දර නමක් දාගන්න පුළුවන්ය.

66 comments:

  1. ' s'යන්නට 's'රිම තමා

    ReplyDelete
    Replies
    1. සොරි ඩොට් කොම්.. දුකම තමයි සුමනා...

      Delete
  2. 'ස' ද්දේ වහල ඉන්නේ කොහොමෙයි. 'ස'යන්නට හැමදාම 'ස'ත්තං වැටෙන කොට.

    'ස' යන්නේ අපලේ දුරු වෙන්නේ 'ම' යන්නත් එක්ක ජොයින්ට් වුණ විටය. 'සම' සැමවිට 'මස' කවර් කරන්නා මෙනි.

    ReplyDelete
    Replies
    1. ක්‍රියේටිව් කොමෙන්ට් එකක් ඈ

      Delete
    2. @ The Modern Patriot

      +++++++++++++++

      Delete
  3. අන්න වෙද කොමසාරිස්ට ඇසිඩ් ගහල තියෙන්නෙ තවත් වෙදෙක්...

    ReplyDelete
    Replies
    1. වෙදයි සෙබළයි මාළු වෙළෙන්දයි රිමාන්ඩ් http://www.lankadeepa.lk/index.php/articles/100475

      මේ වෙදාගෙ නම පටන් ගන්නෙත් 'ස' යන්නෙන් වෙන්න ඇති.

      Delete
    2. මේ කොමෙන්ට්ස් මේ පෝස්ට් එකට අදාල නෑනේ..
      බෙහෙත් දෙන්න විදියකුත් නෑ..
      ඩොක්ටර් හරිස්චන්ද්‍රත් මැරිලා නේ අද....

      Delete
    3. නැහැ මචන්..."ස"යන්නෙන් පටන්ගන්නෙ වෙන වෙදෙක්ගෙ නමක්....

      Delete
    4. ඇයි අදාළ නැත්තේ? අද කතාව 'ස' යන්නෙන් පටන් ගන්න නම් ගැන නෙවෙයිද? ඔය කියන වෙදාගෙ නම වෛද්‍ය සුසිර කුමාර වික්‍රමසිංහ. ඉතින් ඒක වෙන්න ඇති මිනිහට කෙළවෙලා තියෙන්නේ.

      Delete
    5. හරිය මැරුන කියන්නෙ අලුත් මාකට් සෙග්මන්ට් එකක් සමාජයට එක්ස්පෝස් උනා කියන එක.... මාකටින් පාරක් දැම්මනම් අනාත වෙච්ච ලෙඩ්ඩු කිහිප දෙනෙක් මරා ගන්න පුලුවන්....

      Delete
    6. අප්පට කෙලපි කිව්වළු එහෙම කේස් එකක්ද....?

      Delete
  4. සාමාන්‍ය පිළිගැන්ම නං ස යන්න තමා හොඳම අකුර කියලයි..

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන්... මේ දවස්වල ඉතින් ම යන්නයි රා යන්නයි තමයි ඉතින්... රා සුපිරිනේ... බීලා තියෙයි....

      Delete
  5. @# 'ස'යන්න කටපාඩම් වෙනකම් ඇහුව නේන්නම්.

    ReplyDelete
    Replies
    1. මැරෙනකම් අමතක නොවේ....

      Delete
  6. මට වික්ටර්ගේ විකල්ප "ස" යන්න මතක් වුණ ගමන් ඊලඟට මතකෙට එන්න අර අන්තිම පේලියේ අවංක පැට්ටා කියන එකා....

    "ස" සර වසන තුරු කිව්වෙත් "ස"මනළයා මල හා ලමයා කිව්වෙත් "සැ"රයැටියෙන් අපි යනෙන තුරා කිව්වෙත් "ස"ල්ලි දීලා ගවුම මැහුවේ කිව්වෙත් "ස"ඳ මෝදු වෙලා කිව්වෙත් එකම කට්ටියනේ බන්.. ඉතින් අපි මොකෝ කරන්නේ...

    ReplyDelete
    Replies
    1. ඉන්දිකට 'ස'ල්ලි දුන්නද?

      Delete
    2. "ස"ල්ලි... "ස"ල්ලි... "ස"ල්ලි....

      Delete
    3. "ස" ල්ලි කිව්වොත් එන්නම් මම බිම බඩගාගෙන..... නේද අභීත.....

      "ස"නත් අයියත් ඉතින් "ස" ල්ලි ඉල්ලමක් තමයි......

      හැබැයි "ස"දරුවගෙ දානෙ විකුනන් කෑම නම් කැතයි.....

      උඹට කවද "ස"රි යයිද මෙහෙම කරල?

      කවද හරි මේවට "ස"ම්බෝලෙ හම්බ වෙයි.....

      Delete
    4. අභියා දීලා තියෙන උතරෙත් මඤ්ඤං. අර පලවෙනි ඇනෝ කොමෙන්ට් එකට නම් මමත් ලයික්... කින්ඩි දාන්න ඕන එහෙමයි...

      Delete
    5. "ස"ල්ලි තාම දුන්නේ නෑ! මිනිහ "ස"ට කපට විදිහට කල් මරනව.

      Delete
  7. ඔන්න ඕව අහල කොල්ලොත් බඩ උනොත් මම නම් වග කියන්නෙ නැහැ මාතලන්.

    ReplyDelete
    Replies
    1. මාතලන් ඒක තමා කැසට් එක Thank's ලොක්ක!!!අවුරුදු තිස් ගානකට පස්සෙ.තනිකර ගල්/පොල්/මල්.

      Delete
    2. ඒක හින්දා තමයි ලින්ක් එකක්වත් නොදැම්මේ. මේ චූටී පැටව් එක්ක මක්කත් කරන්න බෑ. මේක අස්සෙ රිංගගෙන හෙළිවෙන් නටනවා..

      කැසට් එකේ ඉතිහාස කතාවට ස්තූතියි.. කොහොමෙයි රහ....

      Delete
  8. බැසිල් මහත්තය බැප්ටිස් ප්‍රනාන්දු වගේද?කොහේද ලියල තිබුන බැප්ටිස් රගපාපු "ටිකිරා"ෆිල්ම් එකේ වගේ කියල.ඒ හින්ද "බැ"අකුරත් නරකම නැහැ මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඒ කට් එක තියෙනවා. පුර හඳ වගේ මූණත් එක්ක...

      Delete
  9. සයන්න වෙනුවට රයන්නට කෙලවිච්ච දවසට රටට හොඳ කලක් එයිද? හැබැයි එතකොට මටත් කෙලවෙයිද!

    ReplyDelete
    Replies
    1. රාජ්ලට එහෙනම් මේ දවස්වල හොඳ ඇති.. මම දැක්කා ටෙන්ඩර් ගැනත් ලියලා තිබුනා....

      Delete
  10. /"ස" යන්නට එහෙම උනාට, "ම" යන්න, "ර" යන්න වගේ අකුරුවලට නම්, නොම්බර එකය. ඒ නිසා බබාට නමක් දාන විට, පොඩ්ඩක් සැලකිලිමත් උනානම්, "ම" යන්නෙන් පටන් ගන්න, සුන්දර නමක් දාගන්න පුළුවන්ය./

    මේක ගැන නම් එකඟ වෙන්න අමාරුයි. බ්ලොග් අවකාශයෙන්ම 'ස' යන්නෙන් හා 'ම' යන්නෙන් නම් පටන් ගන්නා අය දෙස බලමු.

    1 කණ්ඩායම - 'ස' යන්න

    සූරියආරච්චි
    සෑමා
    සංජු
    සුදු පූසා


    2 කණ්ඩායම - 'ම' යන්න

    මාතලන්
    මාරයා
    මහ වෙදනා
    මයියා

    දැන් මාතලන් කියන්නේ පළමු කණ්ඩායම සාටර් හා දෙවන කණ්ඩායම සුපර් කියලද?

    ReplyDelete
    Replies
    1. දෙගොල්ලොම සුපිරි, ඒත් අර දෙවනි ලිස්ට් එකේ පලවෙනියට ඉන්න එකා නම් ඇක්ස්ට්‍රා සුපර්....

      මහින්ද. මාරයා, මාතලන් බලන්න නේ එක මවකගේ දරුවෝ වගේනේ...

      Delete
    2. //මහින්ද. මාරයා, මාතලන් බලන්න නේ එක මවකගේ දරුවෝ වගේනේ...//

      තමන්ගෙ අම්මට අපහාස කරගත්ත නේද?

      Delete
    3. //මහින්ද. මාරයා, මාතලන් බලන්න නේ එක මවකගේ දරුවෝ වගේනේ...//

      වෙන්න ඇති ඒත් එක තාත්තගෙ නම් වෙන්න බෑ කොහොමටවත්...

      Delete
    4. මට හිතෙන්නෙ අම්මල තුන් දෙනෙක්ගෙ සහ තාත්තල දෙන්නෙක්ගෙ ලමයි.....

      Delete
  11. ///තියෙන්නේ එක "ස" යන්නක් නම්, හිත් හදා ගත හැකිය. කරුමෙට හිංගල හෝඩියේ "ස" "ශ" "ෂ" කියා තුනක්ම තියෙනවාය.//

    කරුමේ තුනෙන් වැඩි වෙලා.... හි හි...

    ReplyDelete
  12. ඇයි සා/පෙ, විභාගය. එකටත් “ස“ අකුරේ සාපෙ ද,
    සමනල කන්දෙ සිරියාවන්ත කරන්න කියලා හෙලිකොප්ටර අංගනයක් හදන්න යන්නේ. සමන් දෙවියන් ඇතා පිට යනකොට මෙයාලා හෙලිකොප්ටරයෙන් යන්න සෙට් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඉතින් කවදත් සාපෙම තමා...

      Delete
  13. සංගීතා, සනත් (ගුණතිලක/ජයසුරිය, ශවේන්ද්‍ර සිල්වා, ශාන් විජයලාල්, හ්ම්ම්ම්ම්ම්ම්................ලැයිස්තුව දිගයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔය කියපු අයට නම් කිසිම අවුලක් නෑ මම දන්න තරමට....

      Delete
  14. සනත් ජයසූරියට නම් අවුලක් වුනේ නැහැනේ?.මිනිහට නම් මල් හතයි ඈ දැන්.

    ReplyDelete
    Replies
    1. ඌට නම් රාජ යෝගේ හොඳම එක....

      Delete
  15. හුටා...... මාත් "ස"මනළි නේ.....

    ReplyDelete
  16. 'ම' තමයි සුපිරිම..... ඒකෙනුත් "මා" තවත් සුපිරියි......

    ReplyDelete
  17. මාතලන් අයියටත් රා හරි ම හරි දාගන්න හිතිලද කොහෙද... :D

    ReplyDelete
    Replies
    1. ඉතින් බන් මට දැනටමත් ම යන්න තියෙනවනේ.... මම මාතලන්...

      Delete
  18. අනේ 'සු'කේ !

    ReplyDelete
  19. අපිට නම් නෑනේ 'ස'. සා නම් තිබුන ඉස්සර. දැන් ඒවත් නෑ.

    අහ්හ්.... නෑ කිව්වට එකක් තියනවා නේ. 'ස'ටහන්. :D

    ReplyDelete
    Replies
    1. කොහෙන් හරි ගෑවිලා තියෙන්නෙ ඔය...

      Delete
  20. “ස“ වගේද “ර“????????

    ReplyDelete
  21. මෙන්න මේකනම් හොඳට හිතට වැදුනා..

    ප: ලි:
    "ස" යන්නට එහෙම උනාට, "ම" යන්න, "ර" යන්න වගේ අකුරුවලට නම්, නොම්බර එකය. ඒ නිසා බබාට නමක් දාන විට, පොඩ්ඩක් සැලකිලිමත් උනානම්, "ම" යන්නෙන් පටන් ගන්න, සුන්දර නමක් දාගන්න පුළුවන්ය.
    //


    ඔය තියෙන්න නම නිකන්ම හැදිලා

    මර , මැර එහෙම නමක් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද මෙයා. යුගයේ අකුරු තමයි ඒ...

      Delete
  22. "ම" මර්වින් සිල්වා, මාලක සිල්වාම මදෑ :D

    ReplyDelete
    Replies
    1. අඩු පාඩුවට සිරිසේනත් ඉන්නවානේ...

      Delete
  23. Replies
    1. එහෙම කියන්න එපා අනේ....

      Delete
    2. හා නැද්ද ඉතින් ... ම යන්නක් මෙහෙට වෙලා මේ කරන හරියත් මදැයි ...:p

      Delete
  24. ශ්‍රීපති සූරිආරච්චි
    සමරවීර (මංගල)
    සෝභිත (රුවන්වැල්ලේ)ඒ කෙලවෙච්ච “ස“යනු කීපදෙනෙක්

    අපේ රටේ කාලයක් තිස්සේ කෙලවෙන “ස“යනු කීපයක් ම කියෙනවා
    සංවර්ධනය
    සාමය
    සහජීවනය
    සහයෝගය

    ReplyDelete
    Replies
    1. හරි ඉතින් ඔය ඔක්කෝම වෙන්නේ "සිරි" ලංකාවේය...

      Delete
  25. ඇත්ත ඇත්ත කතාව ඇත්ත ..
    අද්දැකීමෙන් කියන්නේ...:(

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න