.

.

Feb 25, 2013

පිච්චු කෙලින් පුත්තු - Black Sheeps



දන ගාද්දි ඇවිදින්නට ගීයේ තාලයට ගයා සැනසෙන්න....


දන ගා..ද්දි ඇවිදින්නට, මට අත දුන්න......
කුඩු වෙන්නට කෙලිනා හැටි, කියලා දුන්න.....
පාසිකුඩාවේ දුන්නා.... ඇට කුඩු වෙන්න....
දුවලා ඇවිත් තාත්තේ එලියට ගන්න.....
දුවලා ඇවිත් තාත්තෙ එලියට ගන්න.....//

මාලකයා... මේ..ජරයගෙ ඔළුවට දුන්න.....
පත්තර කාරයෝ සෙට් උනි, ඌට කෙලින්න...
උසාවියේ, මේජරයා ඇත්ත කියන්න....
මගෙ පිස්තෝලෙන් මේ මම, මටම ගහගෙන....

දන ගාද්දි ඇවිදින්නට, මට අත දුන්න...
උඹට පස්සෙ මා..වත්, පාර්ලිමන්ට් යවන්න....
මහලුව බැරි උනාම උඹැහෙට ඇවිදින්න...
බේත හොයා... ගන්නම්, ඩෙං ගුවෝ මරන්න....
බේත හොයා... ගන්නම්, ඩෙං ගුවෝ මරන්න...//.

මේ ගේමට කවදා හෝ, නඩුව අහනදා......
උසාවියට එන්න ඕන, එදා නොවරදා......
ගුටි කාපු එකා වැල්ලේ බිම, දාන් දුන් එදා....
මමමයි සැර් ගහගත්තෙ, කියයි නොවරදා....

අප්පුච්චට පස්සෙ එද්දි, මනාප ගන්න....
මේවා.. ඔක්කොම අමතක, කරලා... ඔන්න....
බාප්පලගෙ බිස්නස්, දිග ටම ගෙනියන්න...
වැඩිම මනා පෙන් මං, දියවන් නාවේ යවන්න....
වැඩිම මනා පෙන් මං, දියවන් නාවේ යවන්න....//

මාලක ගේම් ඇද්දාම, මාලකටයි, අප්පොච්චිටයි විනය පරීක්ෂණ තියන, පක්සෙ උන්ගේ රේප් කේස් මර්ඩර් කේස් රොබරි කේස් වලට විනය පරීක්ෂණ තියන සත් ගුණවත් පුලතිස්පුර බම්බුව සිරිසේන මහතාගේ පුත්‍ර රත්නය පොඩි වලියක් දාගෙන. මට තියෙන ප්‍රශ්නේ දැන් මේකට විනය පරීක්ෂනේ තියන්නෙ කවුද කියන එක...මම හැමදාම කියන්නේ.. උඹලත් මර්වින්ට විතරයි ගේම අඳින්නේ... මුන් ඔක්කෝම එකයි.. 

77 comments:

  1. පිස්සුද බන් අර මේජර් කාරයා වගේ පොලිස් කාරයගේ පුතාත් ඌම ඌට ම ගහගෙන . .

    පොලිසියේ උන්ටත් මෙහෙම නම් මේ සාමාන්‍ය අපි ගැන කවර කතාද මස්සිනා . .

    ReplyDelete
    Replies
    1. ඒකම නේන්නම් දුකෝ මමත් මේ කියලා තියෙන්නේ....

      Delete
    2. මගෙ උපාදිය සහ රැකියාව පෙන්නල පීආර් අරන් යන්න පුලුවන් කම තියෙද්දි මම ගියේ නැත්තෙ රටට ණය ගෙවන්නවත්, යුතුකම් ඉටු කරන්නවත් නෙවේ. නිදහස් අධ්‍යාපනේ ණය ගෙවන එක මම දැනටමත් කරල ඉවරයි. මට මගෙ රස්සාවත් එක්ක මෙහෙ ඉතා හොඳින් කාටවත් කරදරයක් නැතිව ඉන්න පුලුවන්කම තිබ්බා. මම හිතුවා අනාගතේදි මගෙ ලමයි මේ රටෙ හොඳින් ඉන්න පුලුවන් කියල. උන්ට කට ඇරල කියන්න පුලුවන් මේ මගෙ රට කියල, වෙන රටක සිටිසන් ගත්තත් අපි උන්ගෙ සෙකන්ඩ් ක්ලාස් උන්, කවුරු මොනව කිව්වත් මම අත්දැකීමෙන් කියන්නෙ.

      ඒත් දැන් මොකද වෙලා තියෙන්නෙ, මම පට්ට වැරදියි, පාරෙ වාහනෙ යන්න බෑ, පිටිපස්සෙ එන එක එන්නෙ පිස්තෝලෙ තියාගෙනද දන්නෙ නෑ, උගෙ තාත්ත මොකෙක්ද කියල හිතට බයයි. මේ රටෙ ජීවත් වෙන්න අයිතිය තියෙන්න දෙකයි පනහෙ දේශපලකයන්ට සහ උන්ගෙ පුත්තු ඇතුලු සනුහරයට විතරයි. අපි අපෙ පාඩුවෙ කගෙවත් කකුල පැගෙන්න නැතිව, ඔලුව උස්සල උන්ගෙ දිහා බලන්නෙ නැතිව ඉන්නකන්, අපෙ අම්මලාට, සහොදරියන්ට, බිරිඳැන්ට උන්ට ඔනෙ වලත්ත විහිලුවක් කරන්නත්, තව හිතෙන් ඕනෙම දෙයක් කරන්නත් දීල කට පියාගෙන ඉන්නකම් අපි ශේප්. අපෙ වාහනෙ උන්ගෙ වාහන බව නොඳැන ඉස්සර කිරීම අඬු බඬු හතර කඩා ගැනීමට ටිකට් එකක්. කොටින්ම තව ටික දවසකින් අපි මුන්ගෙන් ගුටි කන්නෙ අපෙ ඇඟෙ වදිච්ච හුලඟ උන්ගෙ ඇඟෙ වැදුනා කියල. හිතන්න මොන තරම් කාල කන්නිකමක්ද කියල, පාරෙ යන්නවත්, තැනකට ගිහින් විනෝද වෙන්නවත් බයයි, මොකද මේක උන්ගෙ *** *** ලියපු බූදලයක් කියල හිතන මන්ද මානසික *** පුත්තු ටිකක් ඉන්නෙ.
      මේක නිදහස් රටක්ද? යකෝ නිදහස් නම් අපිට අපෙ මහන්සියෙන් හම්බ කරන් කාල කරදරයක් නැතිව ඉන්න පුලුවන් කම තියෙන්න ඕනෙ. අතන අරූ මෙජරයෙක් වෙලා කෑව, මෙතන මූ පොලොස් ලොක්කෙක්ගෙ පුතෙකුත් වෙලා කෑව. කොහොමද අපි ඕකට පැටලුනානම්, ඇමතිය අත ඇරපන්, පොලිස් කාරය කොහොම් කෙලියිද, මතකනෙ වාස් ගුනවර්දන ගෙ පුතයි නෝනයි කරපු දේ.

      තව දුරටත් මේක අපෙ උතුම් රට නෙවෙ, කොහෙවත් යන *** පුතලට ලියල දීපු රටක්. බොරු විප්ලව කතා වැඩක් නෑ, පුලු පුලුවන් උන් මෙහෙන් තොලොන්චි වෙන එකයි තියෙන්නෙ (මාත් ).

      Delete
  2. නංදක්කා කියනව වගේ "හීනෙන් මගේ රටේ නිදියන හැම රෑම . . " කියලා හිතාගෙන හිටියට . . වැඩ කලාට . . දේසපාලකයන්ගේ බලේට යට නොවී . . බීච් එකක ගිහින් නාන්න, ක්ලබ් එකකට ගිහින් අඩියක් ගහන්න අඩුම තරමේ පාරක තොටක යන්නවත් බැරි කාලයක් එන බව ඇස් දෙකට පෙන්න තියෙද්දී අපේ දරුවන්ගේ අනාගතේ ගැන හිතෙද්දී දුක හිතෙනවා මචෝ . . .

    ප්‍රභාකරන් මරලා කොටි ත්‍රස්තවාදය ඉවර කලා ට වැඩක් තියේද බන් දේශපලකයින්ගේ ත්‍රස්තවාදයක් රටේ රජ කරනවනම් . . . !

    ReplyDelete
    Replies
    1. "හීනෙන් මගේ රටේ නිදියන හැම රෑම . . "

      බම්මුව තමයි දුකෝ....

      Delete
    2. නන්දක්කලා, සුනිල් අයියලා අම්බානක දුක් වෙනවලු එදා කරපු වැඩ ගැන. දැන් නැවත්ත ප්‍රේම ගීත හා ජාතිකාභීමානි ගී පමණයි ගයන්නේ. එදා ශ්‍රේෂ්ඨ කළාකාරයෝ, ජාතියේ මහා කළාකාරයෝ කියපු උන් කටු කන බල්ලෝ බැල්ලියෝ...

      Delete
  3. ඔය ක්‍රමය තමයි මචන් අපේ රටට හරි යන්නේ ,ඇඟේ හයිය දේශපාලන බලය , ආයුධ සල්ලි තියන එකාට තමයි පොදු ජනතාවත් සලකන්නේ චන්දෙදි මනාප පුරවන්නේ. ඉතින් පරිප්පු බිජ වගා කරාම පරිප්පුම තමයි පලදාව ලැබෙන්නේ දැන් ඉතින් කාපං පුතේ පරිප්පු. මයියොක්කා වගාකරලා අර්තාපල් හැදෙන්නේ නෑ නේ. මයියොක්කම කාපං. අහිංසක හොඳ පොරවල් ගනන් ගන්න රටක්ද අපි. ඌ පොන්නය කියයි. වැරදිලා කකුල පෑගුණත් වෙඩි කන්න වෙන කාලයක් මේක පුතෝ පරිස්සමෙන් පාරේ පලයන්. පුළුවන් නම් ගෙදරටම වෙලා බ්ලොග් ලිය ලිය ඉඳපන්. බොරුවට බැන්නට හිත යටින් කවුරුත් ආසයි මාලකට, දුමින්දට. දුමින්ද වගේ පොරක් වෙලා සත්තරන් බ්‍රේස්ලට් දාල අනර්කෙලි වගේ කෙල්ලෙක්ගෙ රහ බලන්න. ඕක තමයි පොදු ජන සිහිනය.

    ReplyDelete
    Replies
    1. උඹ මේක කියෙව්වෙ නැද්ද?

      Delete
    2. ඇත්ත හැම එකාගෙම සිහිනය ඒක. ඒක නේ රනිල් මහත්තයා බ්‍රේස්ලට් දාන්නයි චුවින් ගම් හපන්නයි කතා කලේ. ඒත් මේ ජෝන් සීනා කේස්, මෑඩ් මැක්ස් කේස්, ටැමිල් සෝ කේස් තමයි දිරවන්නේ නැත්තේ. අනර්කලීට කවුද සත්තරන් ආස නැත්තේ.

      Delete
  4. මේක අසත්‍ය ප්‍රකාශයක්...
    මාතලං අයියා මෛත්‍රීපාල මහතත් එක්ක වෛරයෙන් ලියපු පෝස්ට් එකක්...
    සත්‍ය ලගදිම එලිවෙයි..
    බලන්නකෝ ඔය ගුටි කෑවයි කියන එකා කියයි ඇත්ත අද හෙටම..
    එක්කෝ ඌට මතක නෑ කියයි, නැත්තං ඌ බීලා ඌටම ගහගත්තා කියයි....
    සුභ අනාගතයක්!!!!!!!

    ReplyDelete
    Replies
    1. ///////මේක අසත්‍ය ප්‍රකාශයක්...
      මාතලං අයියා මෛත්‍රීපාල මහතත් එක්ක වෛරයෙන් ලියපු පෝස්ට් එකක්...
      සත්‍ය ලගදිම එලිවෙයි..
      බලන්නකෝ ඔය ගුටි කෑවයි කියන එකා කියයි ඇත්ත අද හෙටම..////

      ++++++++++++++++++++++++++++

      Delete
    2. දැනටත් අර තිබ්බ සෑර නෑ.. ඒත් ඉතින් පොලෝසිඅය් ගැන නම් දුකයි. අපි ඔහොම කේස් එකක් පොලෝසිය එක්ක දාගත්තනම් කොහොම තියෙයිද. පව් අප්පා අපේ පොලීසිය. අපේ ගමේ ප්‍රාදේශීය සබාවේ සභාපති පවර්ෆුල්, පොලිස්පතිට වඩා...

      Delete
  5. මේ ඉහළ සිට පහළට ගලා එන පූර්වාදර්ශයන්ගේ ප්‍රතිඵලයි. මේ පළමු හෝ අවසන් අවස්තාවද නොවේ. දිගින් දිගටම සිදුවන සහ සිදුවෙමින් පවතින ක්‍රියාදාමයකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ද එය කිසිම විටක ශුන්‍ය වූයේ නැත. වරින් වර සුළු අඩු වැඩිකම් තිබුනද, සත්‍ය වශයේම සිදුවූයේ වර්ධනයකි. වදකාගාර සංස්කෘතියේ වයින් බිබි තරුණයන් වධයට ලක් කිරීමත්, මෙයටම නෑකම් කියයි. අද ඇත්තේ එළිමහන් වධකාගාරය. දඩුවම් දුටු දුටු තැන හිමිවේ.
    ආරක්ෂක නිලධාරීන් පෙරලි පෙරලි තමාටම ගසා ගන්නේ ඒ අනුවය.
    අද මාලක වෙනුවට තව අයෙක්....

    ReplyDelete
    Replies
    1. තුන්ඩු කැල්ල දුන්නම අහන්නේ නැතිව වැඩට ගියා කියල ගල් කටස් t56 අරන් ඇවිත් ළමයි ඉන්නා අහිංසක ලංගම බස් ඩ්‍රයිවර් ලා පරලොව යවා දනෙන් පහල පෙට්ටිය ගෙනයන්න කිව් ජනතා විමුක්ති පෙරමුණේ මිනීමරු සංස්කෘතියද මෙයටටම නෑකම් කියයි.

      Delete
    2. උදිත.....
      (ජවිපේ විවේචනය ජවිපෙටත් දැන් වෙන්ව ඇති පෙරටුගාමීන්ටත්, නිදහස් පෙරමුණටත් බාරයි. තුන්ඩු කෑල්ලේ කතාවට කියන්නම්)
      තුන්ඩු කෑල්ලට එදා සිට රැකියා තවත් හිමිවන,
      තුන්ඩු කෑල්ලට වෘත්තීය සමිති වට්ටන,
      එක් දිනකින් පනත්/නීති පිහිටුවා රාජ්‍ය සේවකයන් ගෙදර යැවීම,
      අතට හසු වූ හසුවූ අයගෙන් 60,000 ක් පමණ ඝාතනය කිරීම‍,
      අදද අතරින් පතර ඝාතනය වෙන,
      සංස්කෘතිය ඇරඹියේ කවදා ද?

      එජාපය, නිදහස් පක්ෂය, ජවිපෙ, සියල්ල මිනී මරා ඇත. තවමත් සමහරු කරයි. වස්තු භීජ සැපයූවේ කවුද....
      මේ රටේ ඉතිහාසය නොදත් මිනිසුන් තවම නැත.... ඔබට මධ්‍යස්තව කථා කළ නොහැකිය.

      Delete
    3. 1989 දී මැරුණ 60000 ල ඉලක්කම යනු දෙපන්තෙන්ම මැරුණා යැයි සිතන ගණන මිස හමුදාවෙන් වල පල්ලට යැවූ ජ වී පෙ සාමාජිකයින් ගණන නොවේ. ජවිපෙත් හරි හරියට කටට වෙඩි තියා මිනි මරණ ලදී.
      ඝාතන සංස්කෘතිය ඇරඹුණේ 1971 විජේවීර නම් හම්බන්තොට ගැමියා විසින් පංති පහක් පවත්වා කොටන තුවක්කු අරන් ගොස් පොලිසියට වෙඩි තැබීමෙනි.
      එක දෙයක් කිව යුතුය විජේවිරලා වාදනය කරන ලද ඒ පැරණි තැටියම අලුතින් ෆේස් බුක් පවා භාවිතා කරමින් නැවත වාදනය කරමින් ඔබ කරන්නේ තව 120000 ක් වල පල්ලට යැවීමට වස්තු භීජ සැපයීමයි.
      //තුන්ඩු කෑල්ලට එදා සිට රැකියා තවත් හිමිවන,//
      තුන්ඩු කෑල්ලට රස්සා හිමිවන ක්‍රමය නැතිකොට තරඟ විභාග ක්‍රමයක් ඇතිකොට අවංකවම තරුණයින්ට සාධාරණය ඉටු කිරීමට යන්තම් හෝ උත්සාහ ගත්තේ කවුරුත් බනින ආර් ප්‍රේමදාසයි,
      //එජාපය, නිදහස් පක්ෂය, ජවිපෙ, සියල්ල මිනී මරා ඇත.//
      එජාපය, නිදහස් පක්ෂය, ජවිපෙ, මිනි මරනවා නොව ලංකාවේ මිනිසුන් හරි හරයට මිනි මරනවා ප්‍රශ්න විසඳගන්න. ගහගන්නවා. එක තමයි අපි දන්න විදිය ගැනී එපා උනාම දික්කසාද වෙන්නේ නෑ ගෑනියි දරුවොයි මරල දානවා. ඔය ඔක්කොම පක්ෂ හැදිලා තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගෙන්,ඒක අපේ හැටි. මරපිය කොටපිය හත් මුතු පරම්පරාවම හැඳි ගාල දාපිය කියන තැන තමයි තාමත් අපි ඉන්නේ.
      ඔයාල වගේ අහින්සංක සමනලයෝ වගේ ඉන්න ගිරා පෝතකයෝ කරන්නේ විජේවීර සමනලයා කරා වගේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට හේතුව ධනේශ්වරය ධනේශ්වරය කියල කටපාඩමින් කියල තව 60000ක් මරන්න පාර කපන එක.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. //1989 දී මැරුණ 60000 ඉලක්කම යනු දෙපන්තෙන්ම මැරුණා// දෙපැත්තකට නැති අය මරණයට පත් කිරීම. සහ මරණ සිදු අනුපාතය නැවත සොයා බලන්න. (අනුපාතය කාටවත් ලකුණු දැමීමට නොව.) තවද එකී පාලන සමය කාගේ ද? ප්‍රශ්නය ඉබේ පැණ නැඟුනාද? (අදටත් සමූහ මිනිස් ඝාතන සැකිලි හමුවෙනවා)
      එපමණක්ද නොව 71 දී 20,000 ක් පමණ මැරුණා. මේ මැරුනේ කිසියම් දේශපාලන පක්ෂයක හෝ පක්ෂගත නොවූවන් හෝ වුවද, අහිමි වූයේ රටේ මිනිස් සම්පතකි. රටට වැඩක් කළ හැකි තරුණ ජීවිතය ඉන් බොහෝය. කාගේ හෝ බඩගොස්තරය පිණිස කඩේ යන්න, දර දිය අදින්න අඳ බාලයන් වීමට මට අවශ්‍ය නැත.
      මා පොළොවේ පය ගසා සිටින අයෙකි.
      //ෆේස් බුක් පවා භාවිතා කරමින් // මාධ්‍ය ආයතන සල්ලි දී නංවා ගැනීමට නොහැකි හෝ නොකරන අය වෙනත් ලාභ ක්‍රම සෙවීම කරනවා. නමුත්, සමහර පක්ෂ දන්නේ නෑ එකී තම පක්ෂ මෙහෙයවනුයේ මාධ්‍ය ආයතන විසින් බව.
      වර්ගවාදය, දේශපාලන බෙදුම්වාදය මට අවැසි නැත. නමුත්,වැරැද්ද වැරැදි ලෙස කාලෝචිතව දැකීමේ හැකියාව මට හොඳින් ඇත. විරුද්ධ අදහස් දරන්නෙකු වෙනත් පක්ෂයකට ඇදා, පාඨකයන් අදාල පක්ෂය පිළිබඳව ඇති ආකල්පය තවකෙකු මත මුදා හැරීම මඟින් තම මතයට ස්වයං රක්ෂණයක් ලබාගැනීමත්, සමාන මත දරන්නන් තම පක්ෂයේ කරගන්නත් මට අවශ්‍ය නැත.
      එනම් වෛරී දේශපාලන දැක්මක් නැත. එවැනි දැක්මක් ඔබට ඇතිනම්, එය ඔබ නියෝජනය කරන පක්ෂයේ හරස්කඩකි. බලයට පැමිණී පසු ක්‍රියාත්මක වනුයේ ඒ වෛරයයි. එසේ නම් ඔබේ 60,000 අනාවැකිය නිවැරැදිය.
      //1971 විජේවීර// ජවිපෙට අදාලය. නැතිනම්, වික්ටර් අයිවන් මහතාත් එයට පිළිතුරු දෙයි.
      //පැරණි තැටියම // ඔබ අළුත් තැටියක් ද වාදනය කරනුයේ.
      //120000 ක් වල පල්ලට යැවීමට වස්තු භීජ සැපයීමයි// ඔබගේ තැටියේ අනාවැකියක් විය හැකිය‍.
      //තරඟ විභාග ක්‍රමයක් // නමට හෝ තරඟ විභාග ක්‍රමයක් ඇරඹියේ කෙසේද කියා දන්නේ නැතිව ඇති. නමුත්, අද ද ගැසට් වන විට රැකියා ලාභීන් තීරණය වෙමින් පවතින බව ඔබ නොදන්වා විය හැකියි. විදෙස් රැකියා (ඉහළ මට්ටමේ එවා) බෙදෙන්නේ කෙසේද කියා ඔබ හොඳින් දන්නවා ඇති.
      නැවත පවසමි.
      ඔබට මධ්‍යස්තව කථා කළ නොහැකිය....

      අවසන්෴

      Delete
    6. ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරන්න ඕනැ නැහැ. ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල නවක වදය දෙන ගොන් මැරයනුත් හැසිරෙන්නේ මේ ඇමැති පුතුන්ගේ මානසිකත්වයෙන්ම තමයි. මේ මැර මානසිකත්වයට දුප්පත්-පොහොසත් බේදයක් නැහැ. උඩත් එකයි, යටත් එකයි.

      Delete
    7. Nirmala Madushani ඔබට මධ්‍යස්තව කථා කළ නොහැකිය....!

      Delete
    8. මෙතන දෙපැත්තල් තියෙනවා දෙගොල්ලන්ගෙම තර්කවල සත්‍යයයක් තියෙනවා. නමුත් අතීතය ගැන කතා කිරීමෙන් පලක් නෑ. අප කතා කල යුත්තේ වත්මන ගැනයි. අද ජෙප්පො ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අනුගත වෙලා තියෙනවා. අද ඔවුන්ගේ හැසිරීම හොඳයි. ඒත් අර කිව්වා වගේ කැම්පස්වල ප්‍රශ්ණයක් තියෙනවා. බය කරලා හදන කාඩර් වලින් වැඩක් නෑ. උන් කැම්පස් එකෙන් එලියට ආපු ගමන් එජාපයේ නවතින්නේ. බලය යෙදවීමට වඩා සමාජ අසාධාරණයන් ගැන කතා කිරීම වටිනවා.

      Delete
    9. ජෙප්පන්ටම විතරක් නෙවේ මාතලන් අද කැම්පස්වල පෙරටුගාමීන් සහ නිල් බලකායාත් සිටිනවා.

      Delete
    10. කරන්න ඕන ස්වාධීන ශිෂ්‍ය සංගමයක් හදා ගන්න එක. එකෙක්ටවත් කඩේ නොයන....

      Delete
  6. කවුරු හරි පිංවතෙක් ඔය ඇමති පුත්තුන්ගෙ ෆොටෝ ටික දාල පෝස්ට් එකක් ලියනවද? ඔවුන් ටික දැනගෙන ඉන්න එක ඇඟට ගුනයි. බැරි වෙලාවත් දැක්කොත් දුවන්න තියෙන්නෙ පන කඩාගෙන. හරිම සිම්පල් ප්ලෑන් එකක්.

    ReplyDelete
    Replies
    1. මාත් මේ කියන්න හැදුවේ ඒකයි අර පොලීසි වල වෝන්ටඩ් අයගේ පොටෝ අලවලා තියෙනවා වගේ අඩුගානේ ආන්ඩු පක්සෙ උන්ගේ පවුල්වල ෆෝටෝ අඩංගු ගැසට් නිවේදනයක් නිකුත් කරනවා නම් ඉතා අගය කල යුතු දෙයක්. ඇයි යකෝ කතාකරන්නත් බයයි නේ මේ තත්වෙ අනුව..

      Delete
  7. Replies
    1. ලොක්කට මාරම ජොලි ඇති නේද? එක කරදරයක් සොරි කරදරකාරයෙක් ඉවරයි.

      Delete
    2. ඉතින් ඔයාට මෙච්චර ජොලි මොකද?

      Delete
    3. මහවෙදනා - අනිවා ඇයී අපේ ආඩම්භකාර බාප්පටයි අය්යටයිත් සතුටු ඇති !

      Delete
    4. අගමැති කමට නම් නියමෙට ගැලපෙනවා.. ඇයි මෙළෝ රහක් නෑනේ...

      Delete
  8. ඔබට මතක ද මීගමුවේ සිටි ඩෙන්සිල් පෙරේරා (මට නම හොදටම මතක නැහැ. ඩෙන්සිල් කෑල්ල හරි.) ඇමතිතුමා. දිනක් එතුමාගේ නිළරථය පුත්තරයා ගෙනිගින් (එතුමාත් අපිට වඩා ටිකක් වයසින් වැඩි අදත් ජීවත් වන හොදම කොලිටි මිනිහෙක්.) කොහොම හරි නිළරථය පුතා අරන් ගිය බව දැනගත්ත ඇමතිතුමා පොලීසියට කියලා වහාම රථය අතඩංගුවට ගන්න කියලා. මොකද නිළරථය පාවිච්චි කළ හැක්කේ ඇමතිට විතරයි කියලා එතුමා අදහනවා. කොහොම හරි පොලිස් ඕ. අයි. සී. යාන්තන් කතා කරලලු පුතාව ෂේප් කළේ. එහෙමයි ඒ කාළේ ඇමතිවරු. ජීව්ත් වුනේ මහපොළවේ. ඔබට මතකද සී. සිරිල් මැතිව්, ජාතිවාදී වුවත් බොහොම නිරහන්කාර මිනිහෙක්. මට මතකයි අපේ ගෙවල් ලඟ කඩේකට නිතර එනවා උදේ පත්තරේ ගන්න.

    අද???????ඇමති නම් ඉවසතෑකි මේ පුත්තු.....මටත් හිතෙන්නෙ කතා හරි වචනය නිපදවූවා මෙවැනි දේ හදුන්වන්න. "පුකත්වය" වෙන මොකක්ද??

    ReplyDelete
    Replies
    1. අනේ වෙදෝ, තමන් දන්නවාද ලංකා ඉතිහාසයේ තමන්ගේ පුතාවත් මරලා එළදෙනෙකුටක් යුක්තිය ඉෂ්ට කල පියෙක් ඉන්නවා. හැබැයි මිනිහා දෙමළ. නම - එළාර

      Delete
    2. ඔබ නිවැරැදියි. එවැනි මිනිසුන් සිටිනවා. අප ඔවුන්ව අගය කළ යුතුයි. නමුත්, ඔහුන්ව ඔසවන විට ඉන් ලකුණු දමා ගනුයේ අනිත් අයයි.
      තවත් කාලයක් මෙසේ තිබුණහොත් තත්ත්වය මීට වඩා බරපතල වන බව අප කිව යුතු නොවේ. නමුත්, ගැටලුව කිසිදු විකල්පයක් බලයට පැමිණීමට සුදානම් වී නැත. බොහෝ විපක්ෂ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දීම තබා තම පක්ෂයේ සමූහිකත්වයවත් ඇති කර ගැනීමට නොහැකිව සිටිනවා. එහෙත්, ප්‍රධාන ඡන්දයකදී එම තත්ත්වය වෙනස් වේවි කියා සිතනවා.

      Delete
    3. කරුමෙ කියන්නේ අද දෙගොල්ලම එකයි. මම හැමදාම කියන දෙයක් ඒක. අද ඒක ඔප්පු වෙලා තියෙනවා. සිරිල් මැතිව්ලා ගාමිනි දිසානායකලා කරපු දේවල් තමයි අදත් විඳවන්නේ. ඒත් ඒ මිනිස්සු තමන්ගේ දරුවො නම් වැදගත් විදියට හදලා තියෙනවා. මොනවා කරත් ලොක්කගේ දරුවෝ සත්තරන් මේ හාල්පාරු පුත්තු එක්ක බලද්දි...

      Delete
  9. සික් @ත්ත.......... යකෝ මේක හෙන කෙළියක්නේ........

    මුන්ගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් යකෝ.............

    ReplyDelete
    Replies
    1. මෙයාලා බයිලා චැම්පියන්ලා. මර්වින්ට කින්ඩි දදා හිටියේ. අද පුතා සරම ගලවලා දාලා, අමු හෙළුවෙන්.....

      Delete
  10. මාතලන්ට අමතක වුන දෙයක් කියන්නම්.මාලක මේජර්ට නෙලලා පොලිසිය බලා සිටියදී ධාතු වන්දනා කළා කිසිම ගැටලුවක් වුනේ නැහැ.එත් සිරිසේන ලොක්කාගේ පුතා වහාම පොලිස් අත්අඩංගුවට ගැණීමට හැකියාව ලැබුන දෙයම වැදගත් නැද්ද.සිරිසේන ඇමතිවරයා ඒකට බාදා කල බවට තොරතුරු නැහැනේ.මාතලන් ඔතන තියෙන්නේ අතිශය පජාත,කුජීත ඇතුලේ සටනක්,කෙටියෙන් කීවොත් සුදු බේබිලාගේ අනාගතයට අංශු මාත්‍රයකින් හෝ බාදාවක් වේවි කියන බය.ඔයා මේවා නොදැන නෙවේ මේ බොග මෙතන දාන්නේ.කොහොම උනත් සිරිසේන කොල්ලා කලදේ හරියි කියන දේ නෙවේ මේ කියන්නේ.

    ReplyDelete
    Replies
    1. අනතුරට පත්වූ තැනැත්තා සිහිසුන්ව රෝහල් ගත කර සිටියදී එහෙනම් කොහොමද පොලිස් ඇප මත නිදහස් කලේ?ඒකද දැන් අලුත් නීතිය ?

      Delete
    2. කෙන්ජි අය්යේ! පැය 24 යන්ට කලින් අත්අඩංගුවට ගැනීම වත් වැදගත් නැද්ද?මම මේ කියන්නේ රටේ වෙනදේට සාපේක්ෂව.

      Delete
    3. //අනතුරට පත්වූ තැනැත්තා සිහිසුන්ව රෝහල් ගත කර සිටියදී එහෙනම් කොහොමද පොලිස් ඇප මත නිදහස් කලේ?//

      නිව්ස් එක අහපු ගමන් මටත් මතුවුන ප්‍රශ්නය.

      Delete
    4. දේශපාලනයේදී හෝ ඊට අදාල කටයුතු වලදී කිසියම් සුළු පහර දීමකට පවා රෝහල් ගතවීම උපක්‍රමයක්. සුළු තුවාලයකට වෙළුම් පටි ලෑම, අත එල්ළිම වැනි දෑද මේ අතර වෙනවා.
      ඒ ඇයි....?
      අසාධාරණයක් වූ බව පෙන්වීමට හෙවත්, නිල පුවතක් කර ගැනීමේ අවශ්‍යතාවයයි.
      (මාතලන් අසනවානම් මා කෙසේද එහෙම කියන්නේ කියා මම කියන්නම්)
      සිහි නැති වීම ද එවැන්නක් විය යුතුයි....

      Delete
    5. @ ඇනෝ මල්ලි;
      දැන් වෙන දේවල හැටියට මල්ලි කියන එකත් අරි මල්ලි :).

      Delete
    6. මෛත්‍රි ඇමතිතුමාට ඉස්සෙල්ල ගෝඨාභය මහත්තය අද කියල තියෙන්නෙ ඇමතිතුමා පොලෝසියට කිසිම බලපෑමක් කොලේ නැතිලු කියල.ඒ කියන්නෙ පුතාල ගැන පුදුම ඇම්මක් තියෙන ඒ මහත්තයා බලපෑමක් කොලයි කියල තමයි මට හිතෙන්නෙ.

      Delete
    7. ඒත් ඌව රිමාන්ඩ් එකේ හරි දැම්මා. පැය 48 කෙසේ වෙතත් මූ විනාඩි 48 න් එළියේ.. මුන් ඔක්කෝම එකයි. මම හැමදාම කියන්නේ ඒකයි.

      Delete
  11. //මට තියෙන ප්‍රශ්නේ දැන් මේකට විනය පරීක්ෂනේ තියන්නෙ කවුද කියන එක...මම හැමදාම කියන්නේ.. උඹලත් මර්වින්ට විතරයි ගේම අඳින්නේ... මුන් ඔක්කෝම එකයි.. //

    සහතික ඇත්ත..
    මම හැමදාම උඹ ඔය මර්විනයට දක්වන කැමැත්තට උඹත්තෙක්ක මාර තරහෙන් හිටියේ. දැනුයි තේරෙන්නෙ.. බලපුහාම මර්වියා හොඳා වගේ බං මුන් වගේ උපාසක බලල්ලුන්ට වඩා..

    ReplyDelete
    Replies
    1. දැන් තේරෙනවනේ උඹලට මොකක්ද ඇත්ත කියලා. මර්විනයා පොඩ්ඩක් ඕවර් ගියා තමයි තනියෙන් කන්න ගිහින්. ඒත් කැළණියට ඌ කල වැඩ කොටස එකෙක්වත් කලේ නෑ මේ තාක් කල්..

      Delete
  12. කොහොමත් රෝහලෙන් කොල්ල ආවයින් පස්සෙ කියන්නෙ >>මමයි වයිෆුයි වැල්ලෙ ඉද්දි ලස්සන මල්ලිල ටිකක් හෙළුවෙන් වැල්ලෙ සෙල්ලම් කරනව දැකල පරණ පුරුදු මතක් වෙලා ඒ පැත්තට දුවන්න හැදුව එතකොටම ඔළුවට තද පාරක් වැදුන එච්චරයි මට මතක.<< වයිෆ්ගෙ ප්‍රකාශය >> මමයි අසේලයි වැල්ලෙ ඉද්දි කොහෙද යන මදාවි !@#ස කොල්ලො ටිකක් අපිට ටිකක් එහායින් හෙළුවෙන් එක එක විදියට ෆොටෝ ගන්නව.මේක දැක්ක අසේලය මම එක්ක ඉන්න එකත් අමතක වෙලා ඒ පැත්තට දුවන්න හැදුව.මෙයාගෙ කැරැට්ටුව බැන්දලින් පස්සෙ ආරංචි වෙලා තිබුනෙ.මට උන් හිටි තැන් අමතක උනා.දෙයියො පෙන්නුව වගේ මුහුදෙ පාවෙලා ගොඩ ගහල තිබුන කුරුම්බ කෝම්බයක් ලගම තිබුන.ඒක අත් දෙකට අරගත්ත මම දෑත බදල දුන්න ඔලුවටම හතර ගාතෙ දාල වැටෙන්නම.අනේ අර කොල්ලො මේ ගැන වගේ වගක් නැතිව,මාව බෑක් ග්‍රවුන්ඩ් හිටින්න එවුන් හෙළුවෙන් මාරුවෙන් මාරුවට ෆොටෝ ගත්ත.පස්සෙයි දැනගත්තෙ බම්බුවෙ මීඩියා කාරයො අහිංසක ඇමති පුතෙකුට කියල තියෙන දේවල්.මම කියනව මේක පවුලේ ප්‍රශ්නයක්.දැන් හරිනෙ ඇමැතිත් ගොඩ වෙද තාත්තගෙ ජොබත් ගොඩ.

    ReplyDelete
    Replies
    1. අනිවා. මොකෝ තාත්තගේ රස්සාව බේර ගන්න එපයි. නොදොකින් මෙහෙම නිළධාරීන්....

      Delete
  13. මාතලන් කැත කතා කියන්න එපා. දේශද්‍රෝහියෙක් වෙන්න හදන්න එපා.
    උන් කාටවත් කරදරයක් නැති අහිංසක දරුවෝ. කෙහෙවත් ඉන්න එවුන් ඇවිල්ලා වැටිලා තුවාලකරගෙන මෛත්‍රීයාගෙ පුතා තල්ලු කළා කියනව ඇති. බලපං තාත්තගෙ නම “මෛත්‍රීපාල“

    මචං මම අහල තියෙනවා ඉංගිරිසි කියමනක් there is a black sheep in every family කියලා. ඒත් ඕකෙ A කියන එක රජතුමාගෙ පවුලෙදි වෙනස් වෙනව නේද? there are වෙන්නෝනි එතකොට !

    එහෙම වෙන්නෙ ඇයි ??

    ReplyDelete
    Replies
    1. +++++++++++

      වැල්ලේ සෙල්ලම් කරද්දී වෙන්න ඇති.

      Delete
    2. මේ කාළකන්නි එක්ක බැලුවම් උන් දහස් වාරයක් හොඳයි...

      Delete
  14. දේසපාලනේ....... දේසපාලනේ...

    ReplyDelete
  15. මට තියෙන ප්‍රශ්නෙ ඇයි මෛත්‍රිපාලයගෙ පුතාට යාළුවො එක්ක වෙරලේ හෙළුවෙන් නටන්න ඕනැ වුණේ කියලා. ඌ සබ්ජෙක්ට් වත්ද?

    ReplyDelete
    Replies
    1. ඇයි මචං උඹත් ජොයින්ට් වෙන්නද?කක්කා කරලා පලයන්.

      Delete
    2. කවුරුවත් හෙළුවෙන් නටලා නෑ. ඒ නිරුවත් ජඩ මාද්දියවේදින්ගේ කතා. ඇත්ත කතාව මුලින් ආපු කතාව. දැන් ඒකට තව පිහාටු වැටෙන එකයි වෙන්නේ...

      Delete
  16. මේකත් නොමිලේ පෙන්නපු තවත් එක නාට්ටියක් වෙයිද අන්තිමට?

    ReplyDelete
    Replies
    1. අනිවා... ඩෙෆා..... ජජ් ඉස්සරහ අතට අත් දීලා යන්න යයි....

      Delete
  17. ඇත්තම කිව්වොත් මම නං මාලකල රොහාන්ල මෙහේ චන්ද්‍රපුෂ්පල කරන වැඩ දැකල අනා(ග)ත අගමැතිතුමා ගැන දුකෙන් හිටියෙ. ඇත්තටම එතුමාට පුතෙක් හිටිය කියලවත් මිනිස්සු දැනගෙන හිටියෙ නෑ. දැං අපිට ආඩම්බර වෙන්න පුළුවන් අනා(ග)ත අගමැතිතුමා ගැන.

    ReplyDelete
    Replies
    1. ඒකනේ, සත්තරන් කොලු පැටියෙක් ඉන්නේ අනාගතෙත් බම්බු ගහන්න..

      Delete
  18. බයිලාවක්

    උණ ගැනෙන්න දිමූට
    දුන්න පාර මේජර් පුතුට
    හොඳ නැත එන පොට
    සැරසෙන්,එලවේන්, ගහමු කැහැ පොට

    ReplyDelete
    Replies
    1. ඇයි අප්ෂට්ද.....?

      Delete
    2. ඔව්, අනේ අපේ අහිංසක දි මූ?

      Delete
  19. පට්ට පද ටික.අනේ මන්දා අපේ සල්ලි වලින් ආතල් අරගෙන අපිටම කෙලින එක තමා ඔය කව්රුත් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. දැන් උන් උන් මරාගන්නවා. දැන් පිස්සු තද වෙලා තියෙන්නේ...

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. කලින් ලියපු කමෙන්ට් එකේ අඩුපාඩුවක් තිබුනා. මෙන්න කමෙන්ට් එක.

    නීතිය හලාල් වෙලා මාතාණන්. හෙට අනිද්දට අපිටත් ගිරේකට තියලා හරි කපාගන්ඩ වෙයිද දන්නේ නැහැ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. නීතියට කෙලවෙලා ගොඩක් කල් මචෝ.... මෙතන ගුටි කෙලියට සම්මාදම් වෙලත් තියෙන්නේ නීතී ශිෂ්‍යයෝ. ඉතින් තව කුමන කතාද. උන් ප්‍රශ්ණ විසඳන්නේ බාහු බලෙන්... තර්කයෙන් නොවේ...

      Delete
  22. මේක මේ අනාගත අගමැතිකම ගැන වෛරයෙන් ලියපු ලියවිල්ලක් ...
    …නෑ ....
    …මේක දෙශපාලන කුමන්ත්‍රනයක් ......
    …බම්බුව තමයි

    ReplyDelete
    Replies
    1. බම්බුව.. එහෙම එකක් නෙමෙයි පුතා විසින් පියාගේ සරම ගැලවීමක්...

      Delete
  23. පුතා දේශපාලනයට එන සුභ ලකුණු පේනවා. මෙහෙම කාගේවත් අතක් පයක් නොකඩ දේශපාලනය කලොත් හරියට හැඳි නොගා හදන හොද්ද වගේ. එක සිතින් ආශීර්වාද කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මදි මදි හොඳටෝම මදි දෙන්නෙක් තුන්දෙනෙක් බාවන්නත් ඕන. පොඩි විජේලගේ පැත්තේ කස්ටියනේ...

      Delete
  24. අනේ වාසනාවන්.. සුබ පතමු.. !! :D

    ReplyDelete
    Replies
    1. හොඳම කොමෙන්ට් එකක්....

      Delete
  25. මේක ඉතින් ලෝකෙන් උතුම් රටනෙ ඒකයි මේම දේවල් වෙන්නේ ....තව තව දේවල් වෙයි මොකෝ කවදාවත් එක හීනෙන් එලි වෙලා නෑ නේ .. ජය වේවා මාතලන් අයියා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න