.

.

Feb 21, 2013

මිනී මරණ මුවෝ - Deer, (Dear) U Kill me.......


හාමුදුරුවෝ කොච්චර ෆිට් උනත්, මම පන්සල පැත්තේ නොගියොත්, මට බනිනවාය. ඒ පින් දහම් කටයුතු කරන්නේ නෑ, ඒවාට සහබාගි වන්නේ නෑ කියාය. එතකොට මම කියන්නේ හාමුදුරුවනේ මම පව් කරන්නෙ නෑනේ, ඒ නිසා එන්නේ ඕනේ නෑනේ කිව්වාම, උන්නාන්සේ කියන්නේ මාතලන් මහත්තයෝ, හාවෝ මුවොත් පව් කරන්නෙ නෑනේ, හරි අහිංසකයිනේ, ඒත් ඉතින් මෙළෝ රහක් නෑනේ කියලාය. ඉඳලා හිටලා පන්සලට ගියාම, අහන ප්‍රශ්ණවලට කුසුම් වැඩම කරවාගෙන, (මල පැන) මාව එලවලා දාන්නේත්, උන්වහන්සේමය. ඒ මගේ හැටිය, කඹුරුගමුවේ වජිර හාමුදුරුවොත් දහම් පාසලෙන් මාව එලෙව්වේ, අනවශ්‍ය ප්‍රශ්ණ අහනවා කියලාය. ඒ උනාට බුදු හාමුදුරුවෝ නම් දේෂනා කර තියෙන්නේ ප්‍රශ්න කරන්න කියලාය.

එයාලා කියන විදියට, මුවා අහිංසක සතෙක්ය. අපේ රටේ ප්‍රේමවන්තියන් වගේම, ප්‍රේමවන්තයෝත් මාරම අහිංසකය, ඔය බුකියේ මල් කඩන ඔක්කෝම, නිකන් නිවන් දකින්න ඔන්න මෙන්න වගේය. පැනි හැලිය. මල් මාමලාය. උන් කෙල්ලෙක් සෙට් කර ගන්න කොච්චර ඇඹරෙනවාද කියනවානම්, අපේ සරත් විජෙසූරිය මාහාචාර්ය තුමා නම් කියන්නේ "තුඃ නොදකින් පොන්නයෝ" කියලාය. අද පරපුරේ ප්‍රේමවන්තයන් ගැන මටත් එහෙම හිතෙනවාය. මොකෝ ඔය වීඩීයෝවල හොටු පෙරාගෙන අඬන කොල්ලෝ දැකලාය.

ඒ වගේ අහිංසක කොල්ලෙකුට ගුණදාස කපුගේ මහත්තයා පොඩි කිංඩියකුත් දානවාය. ඒ නංගිගේ හිත ලඟ කවුරුද "මුවා" උනේ කියලාය. ඒ මුවා දැකපු දවසේ ඉඳන් නංගි කරන මල විකාර ඒ සිංදුවේ තියෙනවාය. මීට අමතරව, මුවාට උපහාර පිනිස ගැයූ ගී බොහෝමයක් අපේ ගී සාහිත්‍යයේ තියෙනවාය. එකක තියෙන්නේ හදත් "මුවා" උනා කියලාය. සඳ මුවා වෙලා කියා එයා කියන්නේය. මුවන්ට උපහාර පිණිස, අපි පොඩි කාළේ ඉඳන්, නාටිටියකුත් යනවාය ඒ මුවන් පැලැස්සය. ඔය කෝරලේ මහත්තයා ඉන්නේ ඒ නාට්ටියේය.

මුවෝ වරග රාශියක් ඉන්නවාය, රන් මුවා, රිදී මුවා, දැව මුවා ඉන් සමහරක්ය. ඊට අමතරව තිත් මුවා, පිනි මුවා යන නම් වලින්ද ඉන්නවාය. ඔය මොන වර්ගයෙන් හිටියත් මුවා ප්‍රසිද්ධ වෙලා ඉන්නේ අහිංසක සතෙක් කියලාය. කවිවල, පොත්වල, නාට්ටිවල වල ඉතරක් නොව, ඇනිමේශන් සෝ වලත්, ඉන්න මුවෝ මාරම අහිංසකය. ඒ උනාට මුවෝ ඇත්තටම එහෙම කස්ටියක්ද කියලා හිතෙන සීන් එකක් ඊයේ පෙරේදා වාර්ථා වුනේය. ඒ පන්සලේ මුවා, පන්සලේම සාමනේර නමකට ඇනලා මරලා කියලාය. ඊට පස්සේ මුවාට මොනවා උනාද කියා දන්නේ නැතිය.


හේම නලීන්, නමයයි පහෙන්, උගුලකට අහුවෙච්ච මුවෙක් පෙන්නලා මුලු රටම කඳුළු වැගුරුවේය. ඒ මුවා අහිංසක නිසාය. මුවා අහිංසක උනාට, ඌගේ අං අහිසක නෑ කියා මේ කාරණයෙන් ඔප්පු වෙනවාය. තර්ක සාස්තරේ අනුව නම්, ඔනෑනම් මුවා හිමනම නොමැරුවේය, අං තට්ටුව හිමිනම මැරුවේය කියා තර්කයක් ගොඩ නගා ගත හැකිය. එහෙම නැත්නම් අං අහිංසකයි මුවා දසයා කියා තර්කයක්ද ගොඩ නගා ගත හැකිය. මුවා හොඳ එකා. සාමනේර නම දසයා ලෙසින්ද, සාමනේර නම නොදරුවා, මුවා දසයා ලෙසින්ද තර්කයක් ගොඩ නගා ගහ හැකිය. ඔය මොන මලදානේ කතා කියූවත්. ඕන වෙලාවක මිනීමරන්න රෙඩි වෙලා ඉන්න, මිනීමරු මුවෝ නම්, අම්බානක ඉන්නා බව නොකියාම බැරිය. ඒ වගත් මෙසේය....

තේරුනාද මන්දා.....?????

සමහර විට ඒ වගේ මුවෝ කොමෙන්ට් දාන්නත් ඉඩ තියෙනවාය. එවිට මම කියන්නේ බොරුද කියා ඔහේලාට බලා ගන්න පුළුවන්ය..

104 comments:

  1. හයිය බලය තියෙන එකා දිනනවාය... ඒ ස්වභාවධර්මයේ නිතියය... මුවාගේවත් හිමි නමගේවත් වරද නැත්තේමය... කවුරු මොක කිව්වත් ඒ වගත් මෙසේමය...

    ReplyDelete
    Replies
    1. ස්වභාවධර්මයේ සමහර දෑ වෙනස් කල හැක්කේද මිනිසාටමය...

      Delete
  2. මුවාට උගේ ඔලුව උඩ තියන මිනී මැරියහැකි අං තට්ටුව නොපෙනේය, නැත්නම් දන්නෙ නෑ වගේ ඉන්නේය. කවුරුහරි මුවාගෙන් ඇහුවොත්.. "චිහ් පිස්සුද අපි එහෙම කරනවාද" කියලාත් ඇසිය හැක... එහෙමත් නැත්නම් මුවා මෙසේ කියන්නට බැරි නැත... "මං ඒකාට ඇන්නෙ උගේ ඔලුවේ අං එන්න පුළුවන් නිසා.. අං ඇවිත් ඌ මට ඇන්නොත් එහෙම"... ඉතින් නඩුව අහකය.

    ReplyDelete
    Replies
    1. කලහැකි හොඳම පැහැදිලිකිරීම තමයි ඕක. අනාගත තර්ජනයෙන් බේරීමට සාමනේරනමට ඇන්න.

      Delete
    2. ඒක නේන්නම් මේක සාධරණීකරනය කරන්න තියෙන හොඳම පිළිතුර.

      Delete
    3. ඇත්ත.. අද පාරට බැස්සත්, බුකියට ගොඩ වුනත් මුවෝ වැහි වැහැලනේ.

      Delete
  3. මුවා මෙහෙම කියන්නත් ඉඩ තියෙනවා " මම ඇන්නේ සිවුරකට,ෂාහ් ඒක වටේ හාමුදුරුවොත් එතිලා ඉඳලනෙ"

    ReplyDelete
    Replies
    1. ඔහොම කතාත් කියනවා අපේ අය....

      Delete
  4. මේ අවස්ථාවේ බුද්ධිමත් බෞද්ධ සැදැහැවතුන් විදිහට අපි කරන්න ඕනි මුවා මරල දාන එක... ඊට පස්සෙ මුවාට පිනක් කියල මාන්සෙ අපිටම දන් විදිහට පිලිගන්ව ගන්න එක...
    ඊට පස්සෙ මුවහම වේලල ගෙදර ඇදට දාල එහාගෙදර ගෑනි එක්ක ඒකෙ රමණය කරල... ගෙදර ගෑනිට පේන්න මුව හමට තඩිබාන්න ඕනි...

    ReplyDelete
    Replies
    1. මැරෙන්න හිනා මේකට නම්. මෙන්න ක්‍රියේටිව් කොමෙන්ට්ස්...

      Delete
  5. මුවාව කවුරුහරි මැරුවනම් උඹලට හොටු කදුළු පෙරාගෙන අඩන්න තිබුණ, මොකෝ මොරටුවේ හාමුදුරුවන්ගෙ ඝාතකයො දෙන්න මරල දාපුවහම අඩපු නැති උඹලගෙ ඇස්වල කදුළු ඉතිරිවෙලා ඇතිනෙ.
    එහෙම උනානම් උඹේ කදුළු ගග ඔස්ට්‍රලියාවේ ඉදන් එන කදුළු දියවැලත් එක්ක එකතු වෙලා නවම් මාවතත් යටවෙලා බුවාල නන්නත්තාර වෙනව.

    ReplyDelete
    Replies
    1. මොරටුවේ හාමුදුරුවෝ මැරුවේ ඊට කලින් නායක හාමුදුරුවන්ගේ පුතා කියලා දන්නෙ නැත්නම් පෙබරවාරි 17 රාවය පත්තරේ 3 වන පිටුව කියවන්න. ඒ ගැන කතා කරන්න ගියොත් වස ලැජ්ජාවයි. ඊට කලින් මරපු හාමුදුරුවෝ ගැන ලිව්වා. ඒවා බැලුවේ නැති උනාට මට කොරන්න දෙයක් නෑ.

      Delete
    2. //මොරටුවේ හාමුදුරුවෝ මැරුවේ ඊට කලින් නායක හාමුදුරුවන්ගේ පුතා කියලා දන්නෙ නැත්නම් පෙබරවාරි 17 රාවය පත්තරේ 3 වන පිටුව කියවන්න.//
      ඒක හින්ද ඌව මැරුවට කමක් නැද්ද මාතලන්? තරහ ගන්න එපා බන් අපි මේ බලන්නෙ උඹල අඩන්නෙ දුකටද නැත්නම් වැල්ලෙ ගෑනු වගේ සල්ලි වලටද කියල.

      Delete
    3. //එහෙම උනානම් උඹේ කදුළු ගග ඔස්ට්‍රලියාවේ ඉදන් එන කදුළු දියවැලත් එක්ක එකතු වෙලා නවම් මාවතත් යටවෙලා බුවාල නන්නත්තාර වෙනව.//

      පට්ට කමෙන්ට් එක

      Delete
    4. මුවෝ දෙන්නෙක් බෙටි දෙකක් දාලා...

      Delete
  6. හීනියට දීල ඇදල තියන කනේ පාර ගැන කතා කරන්න ගියොත් වලි ඇදගන්න වෙන නිසා වෙන අතක් බලාගමු නේද ??
    මෙන්න එහෙනං ඒ වෙ අත . . .

    // සඳ මුවා වෙලා//
    ඔය හද නිකම්ම මුවා වෙලා නෙමෙයි . .. මැජික් කාරයෙක් සීන් එක කරල තියෙන්නෙ . . . ඒකනෙ "සද මුවා වෙලා, වැහි වලාවකින්" කියල කියල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මාතලන් ෆොටෝ ඉස්සරහ අඬන්නේ මොන සත්තුද ?
      ( හැබැයි මට මුවා කිව්වොත් මන් තරහයි ඔන්න :P )

      Delete
    2. ඕනයාගේ කොමෙන්ට් එක අස්සෙ මුවෙක් බෙට්ටක් දාලා

      Delete
    3. මන් කිව්වනේ මට මුවා කිව්වොත් තරහයි කියල..
      හරි කමක් නැහැ මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න
      උපාසක හොර පූසෝ...

      මන් කෙලිම්ම කිව්වනේ ෆොටෝ සෙල්ලන් ඉස්සරහ උබ වගේ
      ගොන් පාර්ට් දාන්නේ නැහැ කියල..යකෝ උබේ මේ ගොන් වැඩ වලින්
      පේනවා උබල ඕව විස්වාස කරන බව..නිකන් බොරු සිල් රෙදි
      අදින්නතුව හිටපන් .උබ හිතන් ඉන්නේ මේ අල්ලන් සෙල්ලන්
      කියලද ?

      Delete
    4. සනීපාරක්ෂක තුවායකට මිනිස් ජීවිතයක් සසඳන මුවෝ.. උඹේ ලෙඩේට තවම බෙහෙත් හොයාගෙන නෑ. හොයාගත්ත දවසට උඹ මෙතන දාමු මුව බෙට්ටක අලවලා ඊයක් විදින්නම්.

      Delete
    5. අනේ බන් ෆොටෝ එහෙකට අඬල , ඒ දේවල් වලට වටිනාකමක් දීල ,
      මුළු ලෝකෙටම ඒක පෙන්නලා , තව තව විකාර කරන්න එපා බන්.
      ඔච්චර දේවල් ලියන උබට බැරි උනා ඔය ෆොටෝ බොරු, අපි
      පිළිගන්නේ නැහැ , එක පාරට ch 4, etc එකෙම්ම ඕව එන්නේ කොහොමද
      කියල කියන්න ..

      උබේ ඔය බෙටි කතා කියන්න එපා බන් . ඕව දේවල් නෙවේ .

      උබට තාම බැරි උනා ඕව අපි පිළිගන්නේ නැහැ කියල කියන්න..

      Delete
    6. තව රෙන්න එපා දැන් නම් ඉවසන්න අමාරුයි.. රෙන කොට ගොඩක් රෙනවනේ... ඒකයි..

      Delete
    7. වැඩේ චාටර් වෙද්දී කුණුහරප එලියට එන්නේ ඇයි බන් ? :P

      Delete
    8. සහන් මහත්මයෝ ඔයාට බොගක් තියෙනවා නේද.. ඒකේ මම කියන්න ඕන ඔක්කෝම කිව්වා නේද.. මට තවත් කියන්න දෙයක් නෑ. හිය නුවන ඇතුන් ලවා වත් අද්දන්න බෑ. උඹලා කව්ද කියලා හැමෝම දැනගත්තා. කරුණාකර මේ ගැන කොමෙන්ට් කිරීම නවත්වන්න. මොකද මට තවත් කියන්න දෙයක් නැති නිසා, ඔබ මහත්මයෙක් නම් මිතුරකු ලෙස ඊළඟ පෝස්ට් එකටත් කොමෙන්ට් කරන්න. එහෙම නැතුව මේ කතාව නැවත නැවත කතාකිරිමෙන් මට හැඟියන්නේ මනුෂ්‍ය ජීවීතයක් සනීපාරක්ෂක තුවායකට සමාන කරනා උන්මත්තයකු බවයි.. ස්තූතියි.. උදිත කිවාඅ වගේ කියන්න....

      pleeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeese....!!!

      Delete
    9. මම කලින් එකාමයි. කොහොම උනත් මාතලන් එකක් ශාන් උබෙ ගෙදරට ආව එකා. උගෙ අදහසත් කියන්න් දීපන්. අපි ඩිස්කස් කරමු එත් හමෝම යාලුවො මචන් .

      Delete
    10. මොකක්ද බන් මේ එකම දේ කියන්නේ. උඹ මූ ලියපු එක බැලුවද...?

      Delete
    11. ඇනෝ ස්තූතියි කමෙන්ටුවට..දැක්කනේ උපාසකගේ කතා ටික
      වැඩේ අප්සට් යද්දී..
      කව්ද මුවෝ , මිනිස්සු කියල ලෝකයා දැක්කා ..
      ස්තූතියි මාතලන් මීළඟ පොස්ටුවෙන් හමුවෙමු...

      Delete
    12. මාතලන්.
      සමාවන්න.
      එක්ම දෙ නොවේ
      යන්නම්.

      Delete
    13. දයාබර ඇනෝ, අපි කතාකරන්නේ මේ ෆෝටෝ එක ඇත්තද නැද්ද කියන කාරනය නෙමෙයි. ආන්ඩුව පවා මෙය ප්‍රතික්ෂේප කරන්නේ ඇයි. මෙය රජයකට කිසි දිනෙක කළ නොහැකි දෙයක් නිසා. නැතිනම් රජය කියයි නේ ඔව් අපි පවුලම මැරුවා මොකද කියන්නේ කියලා. එහෙම කියන්නෙ නෑ නේ. මේ ෆොටෝ එක බොරුවක් කියලා තමයි කියන්නේ. ඇත්ත උනත් බොරු උනත් රජය කියන්නේ ඒ දේ. අපි කතාකරන්නෙ එහෙම දෙයක් නෙමෙයිනේ. මෙහෙම දෙයක් උනානම් කියන තර්කයේ පිහිටා. ඇත්තටම එහෙම දෙයක් උනානම් ඒක අනුමත කරනවාද කියන දෙයයි. අප එය කිසිසේත් අනුමත කරන්නේ නෑ. එච්චරයි. ඔය සුළු දේ පැහැදිලිව කියා ගන්න බැරුව වැල් වටාරම් කතාකරනවා. අඹ ගහ යට කිව්වා වගේ. අපේ හමුදාව මානුෂිකයි. මේ මහත්තුරු හා නෝනාවරු අමානුෂිකයි... පැහැදිලිද..

      Delete
    14. අපි කතාකරන්නෙ එහෙම දෙයක් නෙමෙයිනේ. මෙහෙම දෙයක් උනානම් කියන තර්කයේ පිහිටා. ඇත්තටම එහෙම දෙයක් උනානම් ඒක අනුමත කරනවාද කියන දෙයයි.

      අනේ හුකේ මාතලන්.පව් නේද?අපි බබ්බු.ඔයා හරි ශෝක් එකට වේස කතා කියනවා නේද.රෙදි ගැලවෙන්න නෝන්ඩි වෙලා දැන් ලස්සනට පොන්නයා වෙනවා නේද.නෙදකින් බන්.මිනියක් උනත් විකුණන් කන එකෙක් උබ.කාපන් කාපන් යන්න අපායක් නැහැ උබට.

      Delete
    15. මාතලංට හරියට කේන්ති යනවා තමන්ගේ මතයට පිටින් මොනවා හරි කියවුනාම. පහුගිය හුගක් පෝස්ට්වල මේක අපි දැක්කා. මේක ඒ හැටි හොද දෙයක් නෙවෙයි. ඔබේ මතය පමණයි හරි කියලා හිතනවනං කරුනා කරලා මේකේ කමෙන්ට් වහලා දාන්න.

      Delete
    16. මගේ කොමෙන්ට් එකට පස්සෙ මිනී මරන මුවෙක් බෙට්ටක් දාලා...

      Delete
    17. මම යන්නම් කියපු ඇනෝ. මාතලන් උබෙ මතේ ටිකක් සන්කීර්නනයි. තෙරුනා. වැඩේ වැරදි තමා . එත් හිතට එකගව මට එහෙම එ ලමයට පව් කියන්න බැහැ. ඒත් උබ මට වඩා සාදාරනයි. උබට පුලුවන් .

      Delete
    18. ස්තූතියි ඇනෝ මචං

      Delete
  7. මාතලන් ශාන් උබල මොකඩ්ඩ බන් ම්‍රාගන්නෙ අයෙම.මගුල

    ReplyDelete
    Replies
    1. හොදට බලපන් මචන් මන් මාරයාගේ පෝස්ට් එකේදී , මගේ පෝස්ට් එකේදී ,
      මෙතන කතා කරලා තියෙන්නේ මේ මුවා එක්ක කොහොමද කියල..
      ඒත් මේ මුවා කරන්නේ මිනිහගේ සිල් රෙද්ද අස්සේ ඉඳන් බෙටි කතා
      කියන එක...:P

      හොදට බලපන් මචන් මන් මාරයාගේ පෝස්ට් එකේදී , මගේ පෝස්ට් එකේදී ,
      මෙතන කතා කරලා තියෙන්නේ මේ මුවා එක්ක කොහොමද කියල..
      ඒත් මේ මුවා කරන්නේ මිනිහගේ සිල් රෙද්ද අස්සේ ඉඳන් බෙටි කතා
      කියන එක..."P

      එහෙම මරා ගැනීමක් මගේ නැහැ බන් , බලපන් මන් මේ ගැන දාපු පෝස්ට් එකේ
      කොහෙවත් මුන්ගේ චරිත වලට නම් පටබන්දලා , පහත් විදිහට පුද්ගලයන් ඉලක්ක
      කරලා ලිව්වද කියල..කොටිම්ම මන් මේකට පෝස්ට් එක දාන්න කලින් මේල්
      එහෙකුත් දැම්මා , මචන් උබේ නමත් ටිකක් ගෑවෙනවා කියල..

      හැබැයි මට තිබ්බ කෙලිම්ම ඒක පාර්ශවිකව වැඩේ කරන්න.දැන් තේරෙනවනේ කව්ද
      මුවා කියල...

      Delete
    2. තව රෙන්න එපා දැන් නම් ඉවසන්න අමාරුයි.. රෙන කොට ගොඩක් රෙනවනේ... ඒකයි..

      Delete

    3. වැඩේ චාටර් වෙද්දී කුණුහරප එලියට එන්නේ ඇයි බන් ? :P

      Delete
    4. සහන් මහත්මයෝ ඔයාට බොගක් තියෙනවා නේද.. ඒකේ මම කියන්න ඕන ඔක්කෝම කිව්වා නේද.. මට තවත් කියන්න දෙයක් නෑ. හිය නුවන ඇතුන් ලවා වත් අද්දන්න බෑ. උඹලා කව්ද කියලා හැමෝම දැනගත්තා. කරුණාකර මේ ගැන කොමෙන්ට් කිරීම නවත්වන්න. මොකද මට තවත් කියන්න දෙයක් නැති නිසා, ඔබ මහත්මයෙක් නම් මිතුරකු ලෙස ඊළඟ පෝස්ට් එකටත් කොමෙන්ට් කරන්න. එහෙම නැතුව මේ කතාව නැවත නැවත කතාකිරිමෙන් මට හැඟියන්නේ මනුෂ්‍ය ජීවීතයක් සනීපාරක්ෂක තුවායකට සමාන කරනා උන්මත්තයකු බවයි.. ස්තූතියි.. උදිත කිවාඅ වගේ කියන්න.... pleeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeese.......!!!!

      Delete
    5. එහෙම කියන එක හරි න මචන් මාතලන්.

      Delete
    6. \\\හිය නුවන ඇතුන් ලවා වත් අද්දන්න බෑ. උඹලා කව්ද කියලා හැමෝම දැනගත්තා. ///


      මටත් කියන්න තියෙන්නේ ඔච්චරයි මාතලන් ..ඔබ කව්දැයි දැනගත්ත!

      Delete
    7. මාතලංට හරියට කේන්ති යනවා තමන්ගේ මතයට පිටින් මොනවා හරි කියවුනාම. පහුගිය හුගක් පෝස්ට්වල මේක අපි දැක්කා. මේක ඒ හැටි හොද දෙයක් නෙවෙයි. ඔබේ මතය පමණයි හරි කියලා හිතනවනං කරුනා කරලා මේකේ කමෙන්ට් වහලා දාන්න.

      Delete
    8. පිස්සුද සත්තලන්. ඔක්කෝම කොමෙන්ට් වහද්දි මම කොමෙන්ට්ස් දාපු ගමන් පබ්ලිෂ් වෙන්න දාලා තියෙන්නෙ ඒ නිසාද. මගේ මතය වෙනුවෙන් මා පෙනිසිටිනවාක් මෙන්ම අන් මතයටත් මා ගරු කරනවා. නමුත් දාන දාන කොමෙන්ට් එක එකම දෙයක් නම් තේරුමක් නෑ නේද...? එහෙම දෙයක් සුළුවෙන් හෝ දැණුනානම් සමාවන්න.. මම බොහෝම නිවිච්ච මනුස්සයෙක්.. මට ගහන ගල්.. මම මල් ලෙසයි සලකන්නේ.. සත්‍යය තිත්තයි.. ඒත් කවදා හෝ ජය ගන්නවා....

      Delete
  8. දවසේ තුන් යාමයේ
    ඔබ ඇසුරේ
    පසු වී නොයා බිඳී
    අද වාගේ
    විසුමට කොහේ හෝ
    මේ මිහි තලාවේ
    හෙවනක මුවා වෙමූ
    මිහිරේ පමාවේ.........
    යකෝ මෙන්න මේ වගේ මුවා වෙන එකක් ගෙන කතා කරපල්ලකො ඔය කෙහෙල්මල් මුවා අතෑරල

    ReplyDelete
    Replies
    1. කෙහෙල් ගහෙත් මුවෙක් ඉන්නවා නේද මට ඒක අමතක උනා....

      Delete
  9. මුවාට ඒ වෙලේ බූතයෙක් ආවේස වෙලා ඉන්න ඇත්තේ.ඒ නිසා උගේ අතේ වරදක් නෑ.
    (කහවත්තේ මිනීමැරුම් ගැනත් සමහර හාමුදුරුවරු ඔහොම කිව්වනේ)

    ReplyDelete
    Replies
    1. අම්මපා එහෙම වෙන්නත් පුළුවන්. ජාතික පත්තර ගෙට ගේන්න බයයි. ඒවල ඉන්න තරමක් ඉන්නේ බූතයෝ...

      Delete
  10. බොහෝ දෙනකුට මේ වියමනේ යටි පෙළ තේරිලා නැති හැඩයි මාතලන්..

    ReplyDelete
    Replies
    1. එච්චර දෙයක් තේරුම් ගන්න පුළුවන්නම්. හමුදාවත් රිජෙක්ට් කරන ඒවා, අනුමත කරයිද නලින්. මේ ගැන මගේ මතයක් වෙනම තියෙනවා. නමුත් සංවේදී මතෘකා නිසා මේ වෙලාවේ ලියන්නෙ නෑ.. මුන් රනවිරුවන්ට උපහාර කරනවා නෙමෙයි, රණවිරුවෝ අමාරුවේ දාන එකයි කරන්නේ. තාමත් සිංහල මිනිහා මෙහෙමද කියලා ජිනීවා වලින් අහයි. අපි සද්දෙ වහල ඉන්නේ ඒ නිසයි...

      Delete
  11. මෙන්න අන්‍යාගමික බලවේගයක්. ප්‍රමුදි.

    ReplyDelete
    Replies
    1. මුවෙක් නෙමෙයිනේ.. අවුලක් නෑ...

      Delete
  12. //රන් මුවා, රිදී මුවා, දැව මුවා........
    ඇයි සෙල් මුවා????????
    හේම නලීන්ගේ නමයයි පහේ පෙන්නපු උගුල් මුවාවනං මටත් මතකයි...
    මගේ පොඩි කාලේ ආසම වැඩසටහනක්...

    ReplyDelete
    Replies
    1. හේම නලීන් අපිට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල්. ප්‍රිෆෙක්ට් කෙනෙක් කාළේ අපේ පන්තිවල ඕෆ් පීරියඩ් වලට එනවට අපි හරි කැමතියි. ඒ කාලේ ඉන්ටනෙට් නෑනේ. නමුත් පොර ජාත්‍යන්තර සඟරාවල තියෙන කතා අපිට කියනවා. කතා කීමේ පුදුම දක්ෂයෙක්. අද එයානම් එයාගේ ගෝල් එකට ගිහින්. නමුත් රටට වැඩක් නෑ. කොච්චර වටින මනුස්සයෙක්ද...?

      Delete
  13. මේ මුවා හාමුදුරුවන්ට ඇන්නේ නැහැ බොල, හාමුදුරුවෝ තමයි අහිංසක මුවාගේ අං තට්ටුවෙන් අල්ලලා ඇනගත්තේ. උඹලට මේකවත් තේරෙන්නේ නැති හැටි.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම තර්කයක් ගෙනෙන්නත් පුළුවන්....

      Delete
  14. *රි 'ශ' යන්න.

    ReplyDelete
  15. අනේ සුදු බෝලයෝ, උඹ අඩන්නේ උඹට උණ්ඩ සප්ලයි එක හරහා ආව කමිෂන් එක නැවතුන හින්දනේ. අපි නොදන්නවද ඕක. යුද්ධේ නැවතුනත් එක්ක උඹඨයි උඹේ ගුරාටයි නන්නත්තාර වෙන්න උනා කියලා දැන් බාලයෙක් මලා කියලා අඩන්න එපා. සරම උස්සද්දී එක පුලියේ

    ReplyDelete
  16. මොකද්ද මචං, උඹෙ මේ වියමනේ යටිපෙළ? අපිට තේරෙන්නේ නැත්තේ අපි මුවන් නිසාද....? මාතලං., වටේ යන්න ඕනෙ නෑ. කියන්න තියෙන දේ පැහැදිලිව කියපන්. සමාජයේ විරූපී ඇද කුද ගසා තියෙන තැන් අපි පැහැදිලිව දකිනවා. ඒ විතරක් නෙමෙයි අපි විශ්වාස කරන තැනකට සමාජය ගෙන යා හැකි යැයි අපට සිතෙන ක්‍රියාවලියක් සමඟ මහපොළවේ වැඩක් අපි කරමිනුත් ඉන්නවා. බ්ලොග් ලිවීම ඇතුළෙත් එවැනි ක්‍රියාවලීන්ට පිවිසිය හැකි යැයි මම විශ්වාස කරනවා. ඒත් මෙ වගේ හතරබීරී පෝස්ටුවලින් නම් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. උඹට මේක තෙරුම් ගන්න බෑ කියන්නෙ බොරුවක්. මම ඒක කිසිසේත්ම පිලිගන්නෙ නෑ. එහෙම ගැටළුවක් තියෙනවනම්, මාරයා බොග බලලා වරෙන්.. එතකොට තේරේවී.. ඒත් මේ සංවාදයේදි උඹව දැක්කෙ දැනුයි...

      Delete
    2. රත්තා නැතිව හිටියේ මහසෙන් මොණරවිලව මාරයට මාට්ටු වෙලා.

      Delete
    3. මගේ කොමෙන්ටුව සහ එහි අදහස් ඉල්ලා අස්කරගන්නවා මචං. මේ උඹේ බ්ලොගේ. මෙහෙම ලියපන් මෙහෙම ලියන්න එපා කියලා කියන එක වැරදියි. මම කියලා තියෙන්නේ ඒකනේ? සමාවෙයන්.

      @AnonymousFebruary 22, 2013 at 8:12 AM
      පිස්සු හැදී ඇත්තු හැදෙනවා.

      Delete
    4. ඔක්කෝම ඉන්නෙ මල අතේ තියාගෙන ඉන්න අය. දැන් මොකක්ද උඹේ ප්‍රශ්නේ මේ කොමෙන්ට්ස්වලින්වත් තේරෙන්නෙ නැද්ද....?

      Delete
    5. පිස්සුද බං උඹට. කෙහෙල්මල් මලකින් නෙමෙයි මචං කොමෙන්ට් කෙරුවේ. මම සීරියස්ලි කීවේ. මට කතාව තෙරෙනවා බං. මම කීවේ උබේ මේ පෝස්ටුවේ භාවිතාව මට හරියන්නේ නෑ කියලා. අදහස් ඉස්මතු කිරීමට ප්‍රමාණවත් සඵලදායීත්වයක් නැහැ කියලා. නමුත් මට ආයෙමත් හිතුණා ඒක විවේචනය නොකළයුතු පැත්තක් කියලා. එච්චරයි.

      Delete
    6. ඔව් විවේචනය කරොත් උබටත් ගූ බාල්දියෙන් ගූ ගහයි කජු.මේකා ඒ වගේ පොන්න වැඩ කරනවා.රට ජාතිය පාවල දෙන උන්ට ඕව මොනාද.දැන් කියයි පිස්සුද කියල.බලපන්කො ටිකක් ඉඳල.

      Delete
    7. රතූ උඹට පහලින් ඉන්න මිනීමරු මුවන් ගැනයි මේ ළිපිය.. රට ජාතිය පාවලා දෙන්නෙ මුන්ද මමද.. ආන්ඩුව කියනවා මේක බොරු කියලා.. මුන් කියනවා මෙහෙම මරපු එක හොඳයි කියලා.. ප්‍රමානවත් සපලදායි තත්වයක් පේන්නේ නැත්තේ උඹ මේ සංවාදෙට එකතු උනේ දැන් නිසා..

      Delete
    8. බොහෝම පැහැදිලි ළිපියක් මෙතනින් බලන්න..

      http://ramachandrageadaviya-ramachandra.blogspot.com/2013/02/blog-post_21.html

      ඊටත් වඩා පැදිලිව ඕන නම් මෙතනින් බලන්න...

      http://udithame.blogspot.com/2013/02/sri-lankans-react-to-picturer-of.html

      Delete
  17. කෝ එතකොට ඕලු මුවා...

    ReplyDelete
    Replies
    1. දහ අතේ කල්පනා කරා මතකෙට ආවෙම නෑනේ.. බොහෝම ස්තූතියි මතක් කලාට...

      Delete
  18. මට මේ පින්තුරේ මුලින්ම දැක්කහම ඇත්ටටම දුක හිතුන.
    මේගැන ඇති උන සංවාද,වාද විවාද ගොඩක් දැක්ක.
    මේ පින්තුරේ ප්‍රභාගේ දරුවා පණපිටින් අල්ලාගෙන මරුවනම් මොන විදිහකටවත් සාධාරණිකරණය කරන්ඩ බැ.ඒවෙලාවේ තිබුන තත්වෙට සාපේක්ෂව ගත්තත් බැ.මනුස්සකම පැත්තෙන් ගත්තත් යුද්ධ නීතිය අනුව ගතටත් වැරදි.
    අන්තිම සටන ගමු.
    * කොටි මැරුණා.වරදක් නැ.මාරන් නැතුව යුද්ධෙ දිනන්ඩ බැ.ත්‍රස්තවාදය පරාද කල යුතුයි.
    * ඒ අතර සමාන්‍යය සිවිල් වැසියොත් මැරුණා.වැරදි තමා.හබඊ හිතාමතා කළ ඝාතන නොවේ.
    * අපි හිතමු ත්‍රස්තවාදී මුල්පෙළේ නායකයෝ බාර උනා උන්වත් මැරුව කියලා.යුධ නීතිය අනුව වැරැදී.හබඊ නඩු අහනවට වඩා එක හොඳයි.ඔන්න ඕකට මාරයගේ සහ ගොඩක් උන්ගේ තියාරිය දාන්ඩ පුළුවන්.
    * බාර උන කට්ටියක් පුනුරුප්තාපනය කලා.එකේ වරදක් නැනේ.
    * අපි හිතමු මේ දරුවා බාර උනා පස්සේ මැරුවේ.දරුවාගේ වරදක් නැ.ඝාතනය කරන්ඩ අය්තියක් නැ.වැරදි වැරදි වැරදි.
    * අන්තිමට අපි හිතමු මාරයා කියන විදිහට ප්‍රභා එක්කම ළමයා අල්ලාගෙන ප්‍රභාව මරපු හින්ද එක එලි වෙයි කියලා මැරුවා කියලා.එත් වැරදි.එකනේ ආණ්ඩුව අපි මැරුවේ නැ කියන්නේ.
    ඒත් අපිට රටට විදේශ බලපෑම් එල්ල වෙන්ඩ දෙන්ඩත් බැනේ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද ඇනෝ රටට රණවිරුවන්ට හා ජනාධිපති තුමාට මේ ප්‍රශ්ණයට එදිරිව එන ඕනෑම දෙයකදි කොන්දේසි විරහිතව අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. ප්‍රශ්ණය තියෙන්නෙ හමුදාවත් රිජෙක්ට් කරන ඒවා බාරගන්න සෑදි පැහැදි සිටින මෝඩ රැල ගැන...

      Delete
    2. හ්ම් මට තේරුණා උබට තියන පර්ෂ්නේ මොකද්ද කියලා.මේක මනුස්සකම ගැනනේ.නැතුව උබ මෙහෙම සිංහලෙන් මේකේ කැගැහුවට කාවවත් කුදලාගෙන යුධ අධිකරණෙට ගෙනියන් නැනේ.

      Delete
  19. සොරි මාතලන් පරක්කු වුනාට. පහුගිය දවස් දෙකේම බුකියේ මේ ගැනම කතා කරල හොදටම ගුටි කාලා (රස ඒවා) ඉන්නේ. අපරාදේ එතන ඉන්නේ නැතුව මෙතන හිටියනම් ඊට වඩා වටිනවා කියල හිතෙනවා දැන්.

    ආයේ මුල ඉදල කොටන්න අජූතයි. බුකියේ කමෙන්ට් එක විතරක් මෙතන දාල යනවා.

    බාලචන්ද්‍රන්ගේ මලකද දුටු විට ආඩම්බරයෙන් 'ඕක මැරුවට කමක් නෑ, ඌ කොටි පැටියා' කියන දේශමාමාකත්වයෙන් ඔද වැඩී ගිය ඊනියා සුචරිතවාදී බෞද්ධයිනි,

    නුඹලා නොදන්නා, එහෙත් තොත්ත බබෙකුට වුවත් වැටහෙන කාරණයක් තිබේ. එනම් 'ඌ මැරුමට මොකෝ අපේ උනුත් උන් මැරුවනේ' යන නුඹේ වහසි වදනින් ඔබ ව්‍යංගයෙන් කියන්නේ අප රට බේරා ගත් විරෝධාර රණ විරුවන්, එසේත් නැතිනම් රජයට සම්භන්ධ වෙනත් බලවේගයක් බාලචන්ද්‍රන්ව ඝාතනය කළ බවය. එමෙන්ම මිනියට මිනිය ඉල්ලන තරම් මගේ මාතෘභූමිය වනචාරී වී ඇති බවය. (ආයුධ දරන්නෙක් හා යුද්ධය සමග මෙය සැසදීම ඔබගේ නැණ නුවණ විහිදා දැක්විය හැකි බැවින්, එවැනි දෙකේ කොළේ තර්ක ලත් තැනම ලොප් කරගන්න)

    ම්ලෙච්ඡ කොටි සමහ ලංකා රජය සැසදීමෙන් ඔබ පවසන්නේ අපේ මාතෘභූමිය අශිෂ්ඨයි කියාද? ඔබගේ දේශප්‍රේමී හෙළුව වසා ගැනීමට මෙන්ම බුදුන්ට පිදූ දේශයේ විලි ලැජ්ජාව අකා මකා දැමීමට කාලයයි මේ.

    ReplyDelete
    Replies
    1. මතකද ටික දොහකට කලිං මම දැම්ම 'ඉහි ඉහි...මම විතලක් නෙමේ හොලකං කොලේ, නංගිත් හොලකං කොලා' කියන පෝස්ට් එක. බලන්න ආශ්චර්‍යක තරම. අපේ තලේබාන් බෞද්ධයින්ගේ ඊනියා ෆැන්ටසිය මේ වචන කීපයේ ගබඩා වී ඇති අපූරුව.

      Delete
    2. ඇත්තටම මේ මිනිස්සුද සත්තුද... ප්‍රභාකරන් කරපු දේ හරිනේ.. මේ කියන විදියට.. මේ වගේ උං උතුරේ ට්‍රිප් යන එක කොතරම් බයානකද....?

      Delete
    3. අපේ රටේ මානව හිමිකම් කඩකිරීම් වගේ දේවල් ගැන බොරුවට කතා කරන එවුන්, ජාත්‍යනතරේ සමහරුයි, අපේම රටේ උනුයි (බලලෝභී දේශපාලුවන් සහ රටට කෙළවන්නට බලාගෙන ඉන්න සියල්ලන්) ඔවුන් මේ දේ මතුකර දක්වන්නේ බාලචන්ද්‍රන් ගැන අනුකම්පාවෙන් නෙමෙයි. තම තමන්ගේ අරමුණු සාක්ෂාත් කර ගන්න ඔවුන් ඔය වගේ දේවල උපරිමයෙන් භාවිතා කරනවා. ඒ ගැන තර්කයක් නෑ. අනික, බාලචන්ද්‍රන්ගේ යැයි කියන ඡායාරූප ගැන ඇතැම් "සිංහල බෞද්ධයින්ගේ" ප්‍රතිචාරය. මගේ අදහස, හමුදාව විසින් සත්‍ය වශයෙන්ම ඔහු ඝාතනය කලා නම්, එහි බරපතලකම, කැබිතිගොල්ලෑවේ හෝ ලංකාවේ වෙන කොහේ හෝ යුද්ධය හේතුවෙන් කිරි සප්පයින් පවා මරුනු එකට වඩා අඩුවෙන්නෙ නෑ. මේ මතය ගැන අපේ සමහරු එකඟවෙන්නේ නෑ. රාමචන්ද්‍රගෙ වෙබ් අඩවියෙ තිබුනා වගේ (http://bit.ly/X1jB12) අපි කියනවා නෑ හමුදාව එහෙම වැඩ කරන්නෙ නෑ කියලා. අනිත් පැත්තෙන්, ඒක ඇත්තටම වෙලා නම් කියල හිතල කියනවා, ඌ මැරුනට කමක් නෑ. අර යකාගෙ පුතානෙ කියල. කවුරු මැරුවත් ඒක වැරදියි. අපි ඕක පිළිගන්න ලෑස්ති නෑ. බෞද්ධ වුනාට වැඩක් නෑ. අපි සිංහල කියල අල්ලන්නෙ ඉන්නේ. ඒක නිසා, රිසානා, මලාලා ගැන හිත උණු වෙන එකයි, බාලචන්ද්‍රන් පොඩි එකෙක් වුනත් ප්‍රභාකරන්ගේ පුතා වුන නිසා ඔහුව මරපු (සත්‍ය වශයෙන්ම එය ඒ විදියට වුනා නම්) එක හරියි කියල කියන පරස්පර විරෝධී අදහස් අපි ළඟ තියෙනවා.

      ""විස්කොතුත් කන්න දීලා
      කවුද එකෙක් වෙඩි තියලා
      බාලචන්ද්‍ර පොඩි එකාව
      මරල දාලා යුද්දෙ අස්සෙ
      අපි ඔක්කොම මරා ගන්නෙ
      පින්තූරේ අගමුල ගැන
      ඒක අපේ…………….."

      http://bit.ly/Wa3sJq

      Delete
    4. මේ කව ලීවේ ඔබද....?

      Delete
    5. නැහැ. ඕක උස්සපු තැනට ලින්කුව තමා යටින් දාලා තියෙන්නෙ. :)

      Delete
  20. කමෙන්ට් වලට අනුවනම් මටත් මුවාවෙලා ඉන්න එක හොඳයි වගේ

    ReplyDelete
    Replies
    1. උඹලගෙන් අපි මීට වඩා බලාපොරොත්තු වෙනවා. මට නම් බොග වහලා දැම්මත් දුක නෑ. ඇත්ත කතා කරලා. මම කියන්නේ අපට් එකඟ වූවත් විරුද්ධ වූවත්. මොකද ඕනෑම දෙයක විසංවාදයක් තියෙනවා... නමුත් එකම දුක සංවේදි මිනිස්සු වගේ ඉන්න අය එහෙම නෑ කියන එකයි...

      Delete
    2. හරි හෝ වැරදි යමක් වූවාට පසු එගැන මරණ පරීක්ශන වලට මගේ තියෙන්නෙ අකමැත්තක්. ඉන් බොහෝවිට වෙන්නෙ අවැඩක් මිසක් වැඩක් නොවෙයි . ඒ හන්දයි මුවාවෙලා බලන් ඉන්නෙ

      Delete
    3. අප කතා කරන්නේ මරණ පරීකෂණයක් ගැන නෙමෙයි. මනුෂ්‍යත්වය හා හැඟීම් ගැනයි..

      Delete
    4. මම කියන්නෙ ගිය හකුරට නාඩන්නෙ තියන හකුර රැකගන්නෙ වගේ කතාවක් . ගියදෙ වෙලා ඉවරයි ඕක හාරන්න හාරන්න තුවාලෙ පැසවනවා මිසක වේලෙන්න නැ

      Delete
    5. මරු මනුස්සකම, දරුවෝ හෙම ඉන්නවා නේද....?

      Delete
  21. මාතලන් අයියා මාවත් මුවා කරලා වගෙයි.

    ReplyDelete
    Replies
    1. මම දැක්කා මාරයගෙ එකේ බෙට්ටක් දාලා තිබ්බා... අවුලක් නෑ ඒක උඹලගෙ වරදක් නෙමෙයි. ඒත් අපි කතාකරන දේ ගැනත් පොඩ්ඩක් බලපන්..

      Delete
  22. අර පින්තුරය දුටු මුල්ම දවසේ දුකක්,කලකිරීමක් ඇති උනා.දරුවන් ඉන්න පියෙක් ලෙසට.මාතලන් සහ උදිත පැහැදිලිව කියන දේ තේරුම් ගන්න බැරි "ගොබ්බයො"ද වැඩිපුරම ඉන්නෙ කියල හිතුන ලිපි/කොමන්ට් කියෙව්වම.නැත්නම් මෙයාල ටපලව ගෙනද?කොහොමත් ගොඩක් අයගෙ රෙද්ද පල්ලෙන් බේරෙන හැටි දැක්ක.

    ReplyDelete
    Replies
    1. ඕකට පැහැදිලි උත්තරයක් රාමා ලියලා තිබුනා... නමුත් කරුමේ ඌ කියන දේ තේරෙනවද කියන එක.

      Delete
  23. සාමනේර උන්නාන්සේ දැං යන විදියට සිවුරු අරින්න බැරි නැත. අඩු වයසෙන්ම සිවුරු ඇරියොත් බඩු තවත් හරිය. එමලින් උපාසක අම්මාගේ අඟරී එක්ක වහං උනොත් මහ බඩුය. හා හෝව අහවර උනාට පස්සේ උන් දෙන්නා ආයෙම හං තුලානට එන්නත් ඉඩ නැත්තේ නැතිය. මුන්දෑට දෑතේ කරුමාන්තයකට එහා දෙයක් බඩ රසාවට කොරන්නත් බැරිවෙයි ය. කුඹුරු කෑල්ලක් අඳේට කොරයි ය. නියඟයක් ආවොත් කූඹුරු කොරලා හමාරය. නියඟයක් නෑවිත් මහ වැස්සක් ආවොත් බන්ටෙක කඩාගෙන ගොහිං වැවට කෙළවෙනවාය. ඔය කොයික උනත් මුංදෑගේ එදා වේලට කෙළවෙන වා ය. තුං වේලටම උස්මුරුත්තාවට දං බත් ගිලි මුන්දෑට කටට රහට ඕනෑමය. බැරිවෙලාවත් එහෙව් වෙලාවක මාව මුලිච්චි උනොත්... බඩු බනිස් ය. ඊට කලින් මං ඉස්සර වෙන්න ඕනෑය.

    ඤ්හ් ....

    දැං ඉතිං මං ගමේ උන් මං මරං කෑවත් කමක් නැතිය. මං වරිගේ බේරුවාය. ඒ පිනෙං මට නිවං බලන්න ඇහැක් වේය. සාදු සාදු සා........

    ඇඩ්ඩිං... කෝමේ මිනිහා ....... අර ගෙරි මුවා අපේ උන්නාන්සෙට කෙළියා. ගෙනෙං ඔය කඹය, වට කොරහං.. මුගෙ කැවුත්ත කෑවත් මදි නෙව කොරාපු අපරාදෙට...

    ReplyDelete
    Replies
    1. සුපිරිම කොමෙන්ටුවකි... ස්තූතියි...

      Delete
  24. මාතලන් මල්ලි ඔයාටසංවේදී තව බොරු චායාරූප ටිකක් එවන්නද.ඇඬේනව මල්ලි තනි ඇහැට.පපුවට උහුලන්නම බැහැ.

    ReplyDelete
  25. මේ සමාජයේ ඉන්න බොහො අය හරිම අහිංසක මුව පැටව් වගේ උන් කිරි පොලවලා හදාවඩාගෙන තියෙන්නේ මේ සමාජයේම කොටසක්. තමතමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ගිහින් ඇනපං කිව්ව ගමන් අංදෙක පොල්ෂ්කරගෙන ඉන්නේ අනින්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව ඒක. ජයලාල් රෝහන මහත්තයා කියලා තියෙනවා, අපේ අය හිනාවෙච්ච ගමන්මයි ඉන්නේ. හැබයි මක්කට හිනා වෙනවද කියලා දන්නෙ නෑ කියලා. බැලුවම හිනාවෙන්නේ මේ වගේ දෙවල් වලට වෙන්න ඇති.... බින් ලාඩන්ගේ අතේ මැෂින් ගන් එකක් තිබුන නිසා තමයි බින් ලාඩන්ට වෙඩි තියලා තියෙන්නේ. ඊට පස්සේ තව වෙඩි දෙකක් තියලා මැරෙන්නම. මිනීය පෙන්නුවෙත් නෑ. ගිහින් මුහුදෙ දැම්මා. ගෑණුයි ළමයි ටිකයි පකිස්ථානෙට බාර දුන්නා. මොකෝ ප්‍රශ්ණෙ තිබුනේ බින් ලාඩන් එක්ක නිසා. බින් ලාඩන්ගේ දරුවෝ සමාජයේ ප්‍රසිද්දියේ ජීවත් වෙනවා. ඒ මිනිස්සු මරන්න ඇමරිකාව දඟලන්නේ නෑනේ. අන්න එතනයි වෙනස.... ෂිශ්ඨසම්පන්න බව.. සදාම් හුසේන් ම්‍රපු ආකාරය විවේච්නය කරන්න ඇමරිකන් කාරයත්, යුදෙව්වත් බය නෑ. හේතුව පරිනාමය..

      Delete
    2. Zero Dark Thirty චිත්‍රපටිය බලන්න.

      Delete
    3. ට්‍රේලර් එක බැලුවා. ෆිල්ම් එක සොයාගෙන බලන්නම්.. ස්තූතියි...

      Delete
  26. පොඩි එකාගේ ලියුම වගේ.. :D

    ReplyDelete
    Replies
    1. Ane oyagei magei liyuma

      Delete
    2. සමාජයත් ඒ වගේනේ නෝනේ....

      Delete
  27. හරි දැන් මාතලන් අයියා කියන්නේ මුවා ඇන්නා කියලද? මම නම් අදටත් කියන්නේ අපේ මුවා හොඳා කියලා.ඒත් වෙන කව්රුවත් ඔහොම හිතන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මුවෝ මාර අහිංසකයි.... හාමුදුරුවෝ ඇනගෙන....

      Delete
  28. මචෝ . . .මොනව ලිව්වත් අපේ මිනිස්සු උන්ගේ හිත ඇතුලේ "මේක තමා හරි" කියලා හිතාගෙන ඉන්න මතවාදය වෙනස් කරන්නේ නෑ. හරියට අර හිට්ලර් ඌ කරපු දේ කොයි තරම් කෲර දෙයක් උනත් ඌ ඒක කරන්නේ සමාජයේ යහපතට කියලා හිතුවා වගේ. එහෙව් එකේ . .. ඉතුරු ටික උඹ හිතා ගනින් . . .

    මට නම් උඹ ගැන ආඩම්බරයි බන් . . !!!!

    ReplyDelete
    Replies
    1. හොඳ මිනිස්සුත් ඉන්නවා දුකෝ......

      Delete
    2. අහම්බෙන් එකෙක් දෙන්නෙක් . . .ඒ මදෑ බන්

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න