.

.

Feb 12, 2013

අහෝ වැලන්ටයින් සහ මදන කුලප්පුව - Oh No Valentine & Sex Maniac



අහෝ වැලන්ටයින්....!!!

අහුවෙන්නට එපා පුතේ.
අවුවෙන්නට එපා දුවේ.
කුරු මන්තන කරු වෙකි බටහිර,
වැලන්ටයින් උතුමානෝ....!!!
ආවේ නැතත් එයා.... මෙහේ...
පැනි හැලුවා..., මල් කැඩුවා....
ඉතිහාසෙත් ලව් කෙරුවා....


විජය කුමරු, විතරක්මද?,
විජය කුමාරණ තුංගත්.....
වැල ඇද්දා, කොටු පැන්නා...
මා...ලනි ෆොන්සේකා විතරද?,
කුවේ... නියත්, 
වැට පැන්නා, ලනු දුන්නා..

රජ පුටුවත් එපයි කියා....
මල් කැඩුවලු සාලියලා....
අරින් නැතුව පැනි හැලුවලු,
නෝනට ඇල පාතයලා.....
මේ පැනි හලනා කාලේ...
මේ මල් කඩනා කාලේ...
ඇටෙත් නැතිලු වැලන්ටයින් .

වැලන්ටයින් නෙමේ බොලව්...
කාම රාක්ෂයා තමයි.....
"මල් සරා"ගේ නම අරගෙන...
මල් අරගෙන, ඊ තලේට...
උක්දඬු දුන්නෙන් විදින්නේ.

උක් දන්ඩේ පැනි වැදිලා....
ඒ මල් හී සර වැදිලා...
මෝල් කලන්තේ හැදිලා....
මදන කුලප්පුව වැහිලා...

කොල්ලෝ හං දියක් ගානේ, 
පැනි පෙරනෝ, පැනි හලනෝ.....
කෙල්ලො ෆෝන් කනේ ගහන්,
මල් නෙලනෝ, මල් කඩනෝ....

කනේ ගහන් අයි පෑඩුයි ත්‍රී ජී ෆෝනුයි...
"පෝන්" කරනවා මහ මග ෆෝන් එකෙන්...
අනේ පනේ මග මරු ඇඟ උඩින් යනෝ....
ඔන් ද ස්පොට්ලු, වැලන්ටයින් උතුමානන්.....

.oOo.

මදන කුලප්පුව 

නිමිත්ත - ආන්ඩුවේ ඉඩමක් ඉල්ලනට ගිය ව්‍යාපාරික කාන්තාවගෙන්, දිසාපති තුමා වත්ත දෙන්න නම් ...ත්ත ඉල්ලීම....

දුමින්ද සිල්වට, සාරුව සුනිල්ලට...
විදි මල් සර වැදිලා, මහතුනි පුකට...
බිලිගන්නවා ජාතියෙ රන්, මල් කැකුළු....
මුන්ට විදින්නේ "රස් පුටියා" වත්ද....?


විදලා මල් සරා දුන්නෙන්, හතර අතේ.....
වැලන්ටයිලා, බලනා බලන අතේ....
මුදල සමග බලයත්, දැන් උන්ගේ අතේ...
මදන කුලප්පුව හැදිලා, ඉන්න නැතේ...

ගන්නට නම් නෝනේ, රජයේ වත්ත.....

දෙන්නට වෙනවා නෝනේ, ඔබෙ ....ත්ත...
ඉල්ලන සැම එකා, ලිංගික අල්ලස්....
ජුන්ඩා කපා, කරනට ඕනෑ කම්බස්...!!!

-x-


78 comments:

  1. ඔබ තුමාගේ හැකියාව මම හැමදාමත් අගය කරමි.ඔබ,නිර්මලා වැනි අයගෙන් රටට ලබා ගත හැකි දයාකත්වය මෙපමණද?

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. මං තුමාට, ඔබතුමා කියන්න ඕන නෑ. මාතලන් කිව්වාම ඕනවටත් වැඩියි...

      Delete
    2. අපි කියන්නේ මාතලන් ලොක්කා කියලයි.

      Delete
    3. මාතෙ කීවත් මදෑ නැද්ද?

      Delete
    4. මූ තුමාට ලැජ්ජ හිතිලා ඔබ තුමා කිව්වට

      Delete
    5. අනේ ඇත්තටම ලැජ්ජයි බන්

      Delete
    6. ලැජ්ජ බීටි ගාහං

      Delete
  2. Wesak budu hamuduruwo, nattalata jesu tuma wikunana eke valantain 1 ta adare vikunana eka mokakda? Illumata anuwa tama sepauma.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්. නමුත් මෙතන බලෙන් දෙන මෙතඩ් එකකුත් යනවා

      Delete
  3. ආර්තික පුරස්න

    දේසපාලන පුරස්න

    සාමාජීය පුරස්න

    හම්බ කුමන්ත්‍රණ

    විදේසීය කුමන්ත්‍රණ

    මෙකී නොකී පුරස්න වලින් මිරිකිලා ඉන්න ජනතාවට මේ වැලන්ටයින් මගුල නිසා එක දවසක් හරි ඒ පුරස්න අමතක කරන්න ඇහැකි නම් ඒකත් මදෑ කියලා හිතෙනව බන් . .

    ReplyDelete
    Replies
    1. ආතල් ගන්න දේවල් අඩු කල, මෙහෙම එකකින් හරි ආතල් එකක් ගන්න එක. ළොකු දෙයක්. ඒත් වෙළෙන්දන්ට අහුවෙලා මෝඩයෝ වෙන එකයි දුක. ආදරවන්තයන්ට ඇත්තටම දවසක් ඔනෑද ආදරය කරන්න.

      Delete
  4. වැලේ වැල් නැතිව ඉන්නා අපිට මොන
    වැලන්ටයින්ද මහත්තයෝ.............
    කනේ තිබුණු කරාබු දෙක උකසට
    සින්න උනා මහත්තයෝ.............
    අතේ තිබුන පනම් දෙකෙන් සිහින
    මැවුව මහත්තයෝ.............
    වලෙන් ගොඩ එන්න ක්‍රමයක් කියා
    කියා දියන් මහත්තයෝ...............

    ReplyDelete
    Replies
    1. වැලේ වැල් නැතිව ඉන්නා අපිට මොන
      වැලන්ටයින්ද මහත්තයෝ............

      +++++++++++++++++++++

      Delete
    2. මරු කවිය.. නියමෙටම ලියවිලා තියෙනවා...

      Delete
  5. //වැලන්ටයින් නෙමේ බොලව්...
    කාම රාක්ෂයා තමයි.....
    "මල් සරා"ගේ නම අරගෙන...
    මල් අරගෙන, ඊ තලේට...
    උක්දඬු දුන්නෙන් විදින්නේ.//
    මේ ටිකම ඇති මාතලං වදින තැන්වලට රිදෙන්නම වදින්න..

    ReplyDelete
    Replies
    1. එහෙම වදින ප්‍රමාණය වැඩියි මගේ හිතේ. දැන් ඉස්සර තරම් කොල්ලෝ කෙල්ලෝ අහු වෙන්නෙ නෑ...

      Delete
  6. //...
    විජය කුමරු, විතරක්මද?,
    විජය කුමාරණ තුංගත්.....
    වැල ඇද්දා, කොටු පැන්නා...
    මා...ලනි ෆොන්සේකා විතරද?,
    කුවේ... නියත්,
    වැට පැන්නා, ලනු දුන්නා.....//

    නියමයි මාතලන් ගොයියෝ...

    ReplyDelete
    Replies
    1. මොකක්ද කොටු පනින, වැල අදින, වැට පනින, ලනු දෙන එකද...?

      Delete
  7. කාලෙකින් බොහොම රහට මා තලන්ගෙන් කවි ටිකක් අහගත්තෙ...පෙබරවාරි 14 මොකද කරන්නෙ...ලව් ට්‍රේන් එකේ යනවද ?

    ReplyDelete
    Replies
    1. අපි හැමදාම යන නිසා ඔවට වෙනම දවසක් ඕන නෑ...

      Delete
  8. වැලන්ටයින් කවි.... මරු මරු....

    ReplyDelete
    Replies
    1. වැලන්ටයිනුත් මරු නේ....

      Delete
  9. නියමම කවියක්...
    පොඩ්ඩක් හිනාවකුත් අවා.ඒත් මේකෙන් තවදුරටත් හිතන්න දේවල් තියෙනවා.නියමයි....

    ReplyDelete
    Replies
    1. කවි වල වටිනාකම් ඒකයි..

      Delete
  10. ඔන්න කෙල්ලන්ට/කොල්ලන්ට මාතලන් මාමා විස්තර ඇතිව උපහරනත් එක්ක කවියෙන්ම ලියල තියෙනව.තේරුම් ගන්නවනම් ගන්න.
    අපිලනම් ඉතින් //ඇටෙත් නැතිලු වැලන්ටයින්// ල නෙ.

    ReplyDelete
    Replies
    1. වැලන්ටයින් මක්කටෙයි බන් ලව් කරන්න...

      Delete
  11. අපි වැලන්ටයින් සමරන්නෙ අද :)

    ReplyDelete
  12. වැලෙන්ටයින් කවි රසයි, යසයි!...

    ReplyDelete
  13. හුටා.....මම නම් මේ අවුරුද්දෙත් ජයග්‍රාහී විදිහට මගේ ලොකට්ටුව බේරා ගත්තා....

    ReplyDelete
  14. වැලන්ටයින් ඉලලා අස් වෙලා. දැන් ඉන්නේ රස්පුටින් සිල්වා..කියල කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. මෙහේ වැලන්ටයින් සැමරුවට උදේ හවා පිරිත් කිව්වට ඉන්නේ රස්පුටීන්ලා...

      Delete
  15. වැලන්ටයින් ලෙඩ නිවාඩු පිට.. මෙවර සේවයට නොපැමිනේ. කනගාටුයි

    ReplyDelete
    Replies
    1. මටත් පේන්නේ ඒ වගෙයි...

      Delete
  16. //
    රජ පුටුවත් එපයි කියා....
    මල් කැඩුවලු සාලියලා....
    අරින් නැතුව පැනි හැලුවලු,
    නෝනට ඇල පාතයලා.....
    මේ පැනි හලනා කාලේ...
    මේ මල් කඩනා කාලේ...
    ඇටෙත් නැතිලු වැලන්ටයින් .//

    කොහෙන් එන වචනද බන් මේවා..නියමයිනේ

    ReplyDelete
    Replies
    1. බොක්කෙන්ම එනවා පොඩි කාළේ ඉඳන්...

      Delete
  17. මම ජීවත් වෙන්නෙත් බොහොම අමාරුවෙන්. ආවදෙන්කො මට විදින්න ඕකා. අන්න එදාට තමා වැලා දැනගන්නෙ ඌ කෙහෙල් ගහට තමා කෙටුවෙ කියල

    ReplyDelete
    Replies
    1. වැලා හොඳ එකෙක්, උගේ නම විකුනන් කන උනුයි වැරැද්ද කරන්නේ...

      Delete
  18. වැලන්ටයින්ට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මොන රෙද්දක්ද බන් මේ.. මල ගෙයක් කිව්වත්, රාජ සම්පත් ලැබේවා එකම තමයි දාන්නේ..

      Delete
    2. හික් හික් හොක් හොක්
      (අනේ පොඩ්ඩක් හිටහල්ල මගේ දත් සෙට් එක බිමට වැටිල )

      Delete
  19. මන් නම් 5000 එකතු කරනවා ,
    මේ පාර වැඩි විසේසයක් නැහැ ...

    ReplyDelete
  20. ඉරිච්ච කමිසයක් ඇඳන්
    කැඩුනු රබර් දෙකක් දාන්
    ගාට ගාට ආපු කෙනෙක්
    මඟදි හම්බුනා
    අනේ නෝනෙ මගෙන් මලක්
    ගන්න එකක් ශත පනහයි
    පරණ ගෝනි මල්ලක කට
    ඇරල පෙන්නවුවා
    සුවඳ හමන නමුත් පරණ
    වියළී ගිය රෝස කුසුම්
    ගෝණි මල්ල පුරවාලා
    තිබුනා පරවෙලා
    පර මල් මොකටද අන්කල්
    පර වෙන්නෑ දැන් ඇති මල්
    කඩෙන් ගන්න එකක් දෙසීයයි
    පර වෙන්නෑ ආදරෙ වගෙමයි
    ගෝණි මල්ල කරේ තියන්
    කඳුළු පිරුණු නෙතු හරවන්
    ආපසු යන්නට වාගේ උන්දැ සැරසුනා
    “ උන්නැහේ නම මොකක් ද “
    මමත් විමසුවා
    ආ මග ඉදිරියට පයක් තබා හැරුනු
    ලොකු උන්නැහැ
    “ වැලැන්ටයින් “
    “ වැලැන්ටයින් “
    “ වැලැන්ටයින් “
    මගේ නමයි “ වැලැන්ටයින් “
    කිය කිය පිස්සුවෙන් වගේ
    යන්නට ඇදුනා
    “අනේ කොහෙ ද යන පිස්සෙක්“
    කෙල්ලකගේ අත දවටන්
    එතනින් ගිය තරුණ පොරක්
    හයියෙන් කීවා
    කෙල්ලත් එක්කම හෝටල්
    කාමර නැහැ ඔක්කම බුක්
    කාමරයක් නැද්ද ගන්න
    රහසින් ඇසුවා
    සමරන්නට වැලන්ටයින්
    කාමර අද හරිම ගනන්
    බොක්ස් ඇති තැන් නැද්ද
    මෙහේ කෙල්ලත් ඇසුවා
    අනේ මෙහෙම රටක් කොහේ
    ආදර සුව විදිනු නොහේ
    මගේ ස්වීට් හාට් මගේ මතකෙට ආවා
    පර මල් රුපියල් හතරක
    අරන් දෙන්න හිතන් මමත්
    පිස්සු වැලන්ටයින් ගිය මග
    ඔස්සේ වැටුනා
    “ ඉන්න ඉන්න වැලන්ටයින් “
    අත් පොඩි ගසමින් පස්සෙන්
    පන්නා ගිය නමුදු අනේ
    “ මට මඟ ඇරුනා “

    ReplyDelete
    Replies
    1. "දිග වැඩි"උනාට 14 Feb:"Valentine Day" එකට අරුතක් ඇති සොදුරු කතාවක් කවි කරල.

      Delete
    2. මේකත් සුපිරියි සොසියෝ! කීපිට් අප්යැ!

      මාතලන් සහ සොසීගේ කවියට කවිය!!

      Delete
    3. මේකත් නියමයි වත් අක්කේ

      Delete
    4. උපරිමයි මේ කවිය. මට දුක සොසී මේ වගේ කවි නොලියන එකයි.. එයා මේ වගේ ඒවා ලියන්නේ මගේ එකේ තමයි....

      Delete
    5. this poem is too long, but excellent!

      Delete
    6. //එයා මේ වගේ ඒවා ලියන්නේ මගේ එකේ තමයි....//
      නිමිත්ත හදල දෙන්නෙ ඔයා.ඉතින් ඊට පස්සෙ බය නැතිව ලියතෑකි. මෙතන මට මගේ තැනට වඩා ආරක්ෂාවයි.(එහෙම දෙයක් දැනෙනවා)

      ඔන්න මං ඔයාගෙ ඒකේ විතරක් නෙමෙයි.මගේ එකෙත් දැම්මා.හැබැයි ඉස්සෙල්ලම ලීවේ ඔයාගෙ එකේ තමා..ස්තූතියි. මාතලන්.

      අනිත් අයටත් ස්තූතියි ගොඩාක්.

      Delete
  21. සුභ වැලන්ටයින් මෙව්වා එකක් වේවා.සේම් ටු යු කියන්න එපා අපිට නම් ඕවා නැහැ!

    ReplyDelete
  22. හෆොයි..! නමකට වෙන්කෙරුණ දිනක්..!
    කවි ටිකනම් ලොකු අරුතක්..!

    ReplyDelete
    Replies
    1. ගත්තානම් යමක් කමක්
      ලැබේ සිතට ළොකු සතුටක්

      Delete
  23. අනේ අපිට නම් මොන වැලන්ටයින් ආවත් එදාටත් තමන් හිසට තම "අතමය" සෙවනැල්ල.

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි සමහර උන් වැලක් අදිනවා කියන්නෙත්.

      Delete
  24. 14 කියන්නේ බිස්නස් කාරයන්ගේ දවසක් , මල් ටිකක් චොක්ලට් ටිකක් විකුනාගත්තකි. එතැනි ගියහම අවන්හල් වලත් කාමර පිරෙන දවසක්.

    ReplyDelete
    Replies
    1. කෙල්ලොන්ට පෙට්ටි ටික බේර ගන්නවත් මොළේ තියෙනවනම් ඇති.

      Delete
  25. වත්ත වටේ වැටක් ගහන්න ගියත්, *තත් විකුනලා එන්න වෙයි දැන් කාලෙ නම් !

    ReplyDelete
    Replies
    1. අනිවා. ඒක නම් එහෙම තමයි...

      Delete
  26. වැලන්ටයින් කියන්නේ බිස්නස් එකක් නේ... ඉතින් ආදරයේ නාමේන් උන් සල්ලි හම්බ කර ගද්දි අපේ උන් කාමර අස්සෙ ගිහින් කඳුලු පෙරන් එලියට එනවා...

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි ගොන් කම කියන්නේ...

      Delete
    2. මොන xxxxx යකෝ කාමර අස්සෙ රිංගන්න යන්නෙ?

      Delete
  27. ගජමන් නෝනනයි, රංචගොඩ ලමයයි දෙන්නම මතක් වුනා බන්...

    වැලන්ටයින්... හුක්... මෑණියන්ගේ වස්ත්‍රේ....

    ReplyDelete
    Replies
    1. හොඳ කතන්දරයක් තමයි ඒක...

      Delete
  28. වැලැන්ටයින් - දෙමාපියන්ගේ මුදල් දරුවන් විසින්ද, රැකියා කරන තරුණ-තරුණියන් තමා විසින් ද ලෝබ නැතුව වියදම්කරන කාලකන්නි දිනයකි.

    ReplyDelete
    Replies
    1. මෝඩයාගේ දිනය කියලා නම් කරානම් හරියට හරි...

      Delete
  29. වැලන්ටුටිං හින්දා මේක මං ස්කිප් කරා ඊයේ.. ඒත් ඉතිං මාතලං කිව්වොත් අනිවා පස්ටයි කියල දන්න හින්දා ආයේ ඇවිල්ල බැලුවේ. අයියේ දැන්නං වැලන්ටුයිං කරන උන්ට ලොවෙත් නැති වෙන්නම වැදිල තියෙනවා.. සුභයි සුභයි වැඩේ සුභයි..

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න එපා මීට පස්සේ... පස්සෙ දුක් වෙන්න වෙයි...

      Delete
  30. වැලන්ටයින් එන වසරේ ලංකාවට එන්න කලියෙන් මාතලන්ගෙන් අවසර ගනීවි, මෙව්ව අහල....

    ReplyDelete
    Replies
    1. දැන් අර ඉස්සර තිබුන පිස්සුව අඩුයි සෑහෙන්න.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න