.

.

Mar 17, 2013

ජේ ආර් මරමු...!!! - Say No to Executive Presidency ..?



ගරිල්ලා මාකටින් ගැන ලියලා, මාතලන් කිව්වේ, මේ සිස්ටම් එකත් එක්ක ඇවිල්ලා නම්, රනිල්ට කවදාවත් බලේට එන්න ලැබෙන්නේ නෑ කියලාය. අනික දැන් දැන් 18 සන්සෝදනේ නිසා, වෙන එකෙකුට එන්න බැරි වෙන විදියට, වැඩේ සෙට් කරලා ඉවරය. 18 ට විරුද්ධව, විපස්සයක් හැටියට, එදා දැනෙන යමක් නොකලාක් මෙන්ම, අත් දෙකම උස්සලා උඩ පැන්න උන්ට, දෙලෝ රත් වෙලා තියෙන්නේ, වැඩි කල් යන්න ඉස්සර බිම අත අරින කොට, පුකවල් ඇනෙන්න පටන් අරන් තියෙන නිසාය.ඇත්තටම මේක තනතුරේ වැරැද්දක්ද, නොඑසේනම් ජනතා නියෝජිතයෝ කියනා උන්ගේ, කොඳු නාරටිවල ප්‍රශ්නයක්ද කියා සිතෙන්නේ. මොන ප්‍රශ්ණ තිබුනත්, හේමකුමාරයාලා වගේ ඒවුනුත් ඉන්න නිසාය.

මුත්තා 78 ව්‍යවස්ථාව ගේන කොට, ඔක්කෝම උන් කැමති කරවා ගත්තේ, ඇට්ටි හැලෙන වරප්‍රසාද සෙට් එකක්, ජනතාවට සේවය කරන්න ආපු උන්ට පුදලාය. (සම්පූර්ණ කරුමේ තියෙන්නේ මෙතනය. මාතලන් ඒ ගැන වෙනම ලියනවාය.) ඒ නිසා උන් ජනතාව ගැන, අනාගතේ ගැන, හිතුවේ නැතිය. ඒත්  එකම් එක පුද්ගලයෙක්, ප්‍රසිද්දියේම මේ වැඩේට විරුද්ධ වූයේ, මේක අප්සට් පුදගලයකු අතට ගියොත් කෙලවෙනවා කියලාය. එහෙම කිව්වේ ඇන් ඇම් පෙරේරාය. (Power corrupts; absolute power corrupts absolutely) ඒත් ඉතින්, පප්පාට මේ තරම් පවර් එකක් දුන්නේ 70-77 දක්වා පිස්සු කෙලපු ඇන් ඇම් ලාමය. ඇන් ඇම් කියපු කතාවේ, පට්ට ඇත්තක් තියෙන්නේය. දැන් අපි නිකමට හිතමු 70 සභාග ආන්ඩුව වගේ, වමේ අදහස් තියෙන සෙට් එකක අදහස් ක්‍රියාත්මක කරණ, සිරිමාවෝ වගේ කෙනෙක් ජනාධිපති උනයි කියලා. අපේ රටට එහෙනම් අබ සරණයි නේද..? වෙනිසියුලාවේ ඌගෝ චාවෙස් ආවා වගේ තියෙයි.

ඒ කෙසේ වෙතත්, අද සිද්ද වනේ දේවල් වලටත් වික්ටර් අයිවන් ලොක්කා නම් බනින්නේ මුත්තාටමය. ඒක නම්, නියම ලෙසම ගෙදර තියෙන මුව හමට තඩි බෑමක්ය. මාතලන් නම් කියන්නේ, සියල්ල තීරණය වන්නේ ව්‍යවස්ථාවවත්, වෙන කෙහෙල් මලක් නිසා නොව පුද්ගලයා මතය යන්නය. එංගලන්තේ ව්‍යවස්ථා තියා කොල කෑල්ලක් වත් නැත්තේය. ඒත් ටෝනි බ්ලෙයාර් කරන දේ, ඒ පස්සෙම ගෝර්ඩන් බ්‍රවුන්ට කොරන්න බැරිය. මෙහේ, හොඳම උදාහරණය, ඩී බී විජේතුංගය. එයා වෙස්සන්තර අප්පුහාමි වගේ, තනතුර පරිත්‍යාග කර, කඩුගන්නාවේ බවුන් වඩන්න ගියේය. ඉතිහාසය දෙස බැලීමේදි, පාර්ලිමේන්තුවට බලය තිබු කාලය තුල පවා, රටේ පැවත්ම තීරණය වූයේ, පුද්ගල ගති පැවතුම් අනුවමය. ජේ ආර් බයිට් එකට ගන්නා අයගෙන් මම අහන්නේ, 70-77 දක්වා සිරිමාවෝත් කලේ ඒ දෙයම නොවේද කියාය.

පප්පාටත්, තෙවන වරටත් ඉල්ලන්න කියා හැමෝම කීවේය. ඒත් උන්නැහේට ඒ වෙනකොට බලේ එපා වෙලා තිබුනේය. ඒ 83 ගොන් තීරණය ගැන කලකිරිලා හිටපු නිසා කියා, මාතලන් හිතන්නේය. එයාගේ පොත් කියවන කොට, එහෙම ගතියක් දැනෙන්නේය. අනික, කොච්චර පවර්ෆුල් උනත් ඉන්දියාවෙන් පොරි හැලෙන්න්ම කන්න වෙන බව දැනගෙන, ඉන්දියාවේ මළදානෙට අත්සන් කරන්න උන එක ගැනත්, හිතේ අමාරුවෙන් ඉන්න ඇතිය. එතනින් ගන්න තියෙන්නේ, කොච්චර නාකි නරියෙක් උනත්, ජාත්‍යන්තරයේ නරි අපට වඩා කපටි බවමය.

ඊට හපන් ගිනි විජ්ජුම්බරයක්ද තිබුනේය. ඒ රටේ දෙපැත්තම ගිනි තියලා තිබුන නිසාය. උන්නැහේට මේක කාගේ හෝ ඇඟේ ගසා අත සෝදා ගැනිමේ පහන් සිතකුත් තිබෙන්නට ඇතිය. ඒ කාලේ අපේ විමල් සහෝදරයාගේ කස්ට්ය, "ජේ ආර් මරමු" කියා අහුවෙන අහුවෙන තැන ලියලා තිබුනේය. එහෙම කියලා එයාල ජේ ආර් ජයවර්ධන මැරුවේ නැත. හංදියේ  "ජයේ" නම් මැරුවේය. ඒ එයාලාගේ කර්ෆිව් වෙලාවේ, කසිප්පු "ජයේ" බුලත් විඩි කඩේ ඇරගෙන උන්නා කියලාය. එහෙනම් එයාලාත් ජේ ආර් මරමු කියලා කිව්වේ, සමහර විට මේ ජනාධිපති කොරමේ අහෝසි කිරිල්ල වෙන්න ඕනාය.

එතකොට මාතලන් කියන සිස්ටම් එකෙත්, එක්සෙකටිව් ප්‍රසිඩන්ට් කෙනෙක් ඉන්නවාද කියා, කෙනෙක් අහන්න පුළුවන්ය. අනිවාර්යයෙන් ඉන්නවාය. ඒ මෙහෙමය, ඔතනට අදාල වෙන්නේ රටේ ප්‍රධානියා මොන නමින් හඳුන්වනවාද කියන එකය. රජා කිව්වත් අවුලක් නැතිය. එක්සෙකටිව් ප්‍රසිඩන්ට්, එහෙම නැත්නම්, ප්‍රසිඩන්ට් කිව්වාත් අවුලක් නැතිය. අගමැති කිව්වත් අවුලක් නැතිය, සභාපති කියා කිව්වත් අවුලක් නැතිය. වල් අලියා කිව්වත් වන අලියා කිව්වත් ඌ කරන්නේ නස්කූනී වැඩය. හැබයි එයාගේ බලතල ගැන නම් පුරස්නයක් තියෙනවාය.

අවශ්‍ය වන්නේ වත්මන් ළෝකය තුල වේගයෙන් ඉදිරියට යා හැකි නායකත්වයක්ය. කැපවීම් කල හැකි නායකත්වයක්ය, මල ගෙවල්වල, මගුල් ගෙවල්, කොටහලු ගෙවල්, බන ගෙවල්, දාන ගෙවල්, පන්සල් ගානේ රස්තියාදු ගහන්නේ නැතුව, රට හදන නායකයෙක්ය. වත්මන් ලෝකයට ගැලපෙන නායකයෙක්ය. ඔහුත් පාර්ලිමේන්තු එන්න ඕනෑය. ආරක්ෂක ඇමති කම තිබුනාම හොඳටෝම ඇතිය, නඩු දාන්න පුළුවන් වෙන්න ඕනෑය. වත්මන් ජනාධිපතිට තිබුනාට. ඊළඟට එන එකාට, මේ තරම් ආරක්ෂාවක් ඕනෑ නැතිය, ජානාධිපති මන්දිරේ, පදිංචියට තිබුනාම ඇතිය. උපදේශකලා ඕනෑ නැතිය. අවුරුදු හයක් බලයේ ඉන්න ඕනා නැතිය, 4 ක් උන්නාම හොඳටෝම ඇතිය, ජනතාව කැමතිනම් 4 වරක් චක්කරේ 12 වෙනකම් ගියත්, අවුලක් නැතිය.(චන්ද සිස්ටම් එක ගැන වෙනම ලියනවාය.) කොටින්ම, හැම එකටම ඇඟිල්ල ගහන්න තියෙන බලය අහෝසි කල යුතුමය. රාජ්‍ය සේවයට කොමිසමුත් ඕනා නැතිය. ඒක රාජ්‍ය පරිපාලන අමාත්‍යශයට දුන්නාම අහවරය.

මේ ළඟදිත්, ශිරාණී නෝනා එලවන වෙලාවේ, එක්සෙකටිව් පවර්ස් ගැන, ලොක්කාගේ අයියාත් පොඩි බයිලා පාරක් ගැහුවාය. ඒ, මල්ලි, අයියා උනත්, ගනන් ගන්නෙ නැති සයිස් එකක් තියෙන නිසාය. ඒවාට අපිට කොරන්න දෙයක් නැතිය. ඉතින් රනිල් උනත්, අපි ආපු ගමන් ජනාධිපතිකම අහෝසි කරනවා කියන ෆේමස් බයිලේ ගහන්නේ නැතුව. (එක්සෙකටිව් ප්‍රසිඩන්සි ගැන, රනිල් වචනයක් කතා කරන්නේ නැත. එහෙම නම් අපිට අළුතෙන් එකෙක් ඕනා නැත. බලේට එන්න යන්නේ 94 ඉඳන්, පාර්ලිමේන්තුවේ ඉන්න, එහෙ මෙහෙ පනින, ලොන්ත හරක් සෙට් එකත් එක්ක නම්, වෙද මහත්තයා කියනවා වගේ, රිගේනින් සිරි ලංකා එක, ඒ විදියටම ගෙනියන, මහින්ද මහත්තයාටම ආයෙත් දුන්නාට අවුලක් නැතිය.)අර මාරයා කිව්වා වගේ, ආවාම කරන්නේ මොකක්දැයි කියා කිව යුතුය. එහෙම අලුත් දෙයක් නොදි, ටොපියක් කටේ දාගෙන ලොල ලොල ගගා රට වටේ ගියාට. බල්ලොත් එන්නේ නැතිය. එහෙම එකේ දඹුල්ලට 50-60 ක් ආපු එකත් ලොකුම දෙයක්ය.

මේක ගරිල්ලා මාකටින් එකේම දිඟුවක්, ඒත් මේ වෙන කේස් හින්දා මේක කල් ගියා.. තව කොටස් ඉදිරියටත් තියෙනවාය..

91 comments:

  1. කවුරු මොනවා කරත් අන්තිමට වරද පැටවෙන්නේ ජේආර් ටය.

    ReplyDelete
    Replies
    1. ඒත් කවුරුත් හිතින් පින් දෙනවාය....

      Delete
  2. මටත් හිතෙනව මේක ගරිල්ල මාර්කටින් පාරක් තමා කියලා.. ජේ ආර් මරමු කියා කව්රුවත් කිව්වේ නැති බව අවංකව කියන්නට ඕනය.. (හිනා වෙන්න එපා ඕයි)

    ReplyDelete
    Replies
    1. කිව්වෙ නෑ.. තාප්පවල ලොකු අකුරින් ලිව්වා.. ඊට පස්සෙ නම් එක එක විදියට කිව්වා...

      Delete
    2. යු ගොට් මයි පොයින්ට්

      Delete
  3. සිරිමා විසින් අන්ත ගෝත්‍රික ජාතියක් බවට ඇදගෙන යමින් තිබු රට කැලෙන් එලියට ගත්තේ පප්පාය. මොකා මොන දේ කිව්වත් ලංකාවේ හිටි හොඳම ජනාධිපති කියා මා එකට තෝරන්නේ පප්පාය. ඒ ලංකාවේ පසුගාමි දිශානතිය වෙනස් කල නිසාය. මහරජතුමාට දෙන්නේ දෙකය ඒ ලොකු ප්‍රේමේ හා සම තැනය . විධායක ජනප්ති ක්‍රමයක් ලංකාවට ඔනෑ නැතිය , එහෙම එකක් ඕනි වෙන්නේ ෆෙඩරල් පාලනයක් සහිත දැවැන්ත රටකටය .(රට පොඩි වුවත් පාලනය කරන උන්ට හැදියාවක් තියේ නම් අවුලක් නැත ) මාතලන්ගේ යෝජිත ජනපති ක්‍රමය හොඳය (එය නමින් ජනපති වුවත් අගමැති පවර් එකක් ඇති තනතුරක් බව පෙනේ ) . පප්පා කරපු ලොකුම වැරැද්ද 1983ය , ගිවිසුම ගහන්නට සිදුවන්නේ ඉන්දියාවේ එකල අගමැතියා මොලේ කලඳක් නැති , ලංකාවට වඩා ප්‍රභල යුධ ශක්තියක් තිබීම හේතුවෙන් ඉදිමුණු පකිස් බුරුවෙක් නිසාය . අන්තිමේදී ඒ පකිස් බුරුවා තමන් වවාගත් දෙය කැවේය , ගිවිසුම අප්සෙට් වුනත් වඳුරු හමුදාවට මහ කොටියා අල්ලන්ට ඉඩ දෙන්නට තිබුනාය . ඒක කැවේ ලොකු ප්‍රේමේය , පොරද පකිස් බුරුවා ගිය පාරේම ගියේය . ඒ පප්පා යහතින් සිටියදීය

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් හමුදාව ලංකාවට එන වෙලාවේ ජේ ආර් නැතිව වෙන කෙනෙක් ජනාධිපති වෙලා හිටියා නම් ලංකාවට වෙන්නේ බංගලිදේසට වෙච්ච දේමය

      Delete
    2. බුවා කියන කතාව සහතික ඇත්තය. මහරජතුමා යන්නේ අර කිව්ව අනෙක් පකිස් බුරුවන් ගිය පාරේද නැත්නම් පප්පා ගිය පාරේද යන්න තීරණය කල හැක්කේ රජතුමාටම පමණි.
      දෙමළා අමතක කර අපිට අපේ පාලන ආකෘතිය කතා කල නොහැක හැබැයි පප්පගේ විසඳුම වූ පලා බබා නම් රජතුමාගේ කුලුන වගේමය කිසි වැඩකට නැත.

      Delete
    3. ඊළඟට පලා බබා හා ඡන්ද ක්‍රමය.. හැබයි බුවා පලා බබාට මනාපයි..

      Delete
    4. පලා බබාට මනාප නැ , මේ තියන විදිහ දෙලොවටම නෑ . පාලන ඒකකය පොඩි වෙලා බලතල වෙනස් වෙන්න ඕනි , නැත්නම් මීට වඩා තාර්කික පාලන ඒකක හැදෙන්න ඕනි . උදා කැගල්ල අයිති සබරගමුවට , පලාත් සභාව තියෙන්නේ රත්නපුරේ කිලෝ මීට 100ක් යන්න ඕනි . කොළබයි නුවරයි දෙකම ඊට වඩා ලඟයි . ඊලඟට මහ ඇමති පත්වෙන්නෙ එක දිස්ත්‍රික්කෙක ඡන්ද වලින් විතරයි , ඌ එතකොට අනෙක් දිස්ත්‍රික්කේ දිහා බලන්නෙවත් නෑ . එහෙම නැතුව මහ ඇමති කියන එකා මුලු පලාතටම වග කියන ඩයල් එකක් වෙන්න ඕනි . බලය විමධ්‍යගත කිරීමට පක්ෂයි , මේ පලා බබාට පක්ෂ නෑ , 13 අහෝසි කිරීම ගැන ලියපුවායින් තමයි මම පලා බබාට පක්ෂයි කියල මාතලන් හිතනවා ඇත්තේ

      ඡන්ද ක්‍රමයට පක්ෂයි , හේතු දෙකක් නිසා

      01) ලක්ෂ 40 විතර විපක්ෂෙට ඡන්ද ඇවිත් මන්ත්‍රි ආසන 8කට බහින එකේ කිසිම සාධාරණ කමක් නෑ

      02) එක් ප්‍රදේශයක් සහ ජන කොටසක් පමනක් නියෝජනය කරන දෙමල ජාතික සංධානයට විපක්ෂ නායක දූරය යෑම අනික් ප්‍රශ්නය (එහෙම වුනා නම් අද ජිනිවා යන්නේ ලංකාවේ ප්‍රධාන විපක්ෂය )

      අපේ හරක් ඒ ක්‍රමය අස්සේ මරා ගන්න එකට දෙකම එකතු කරලා අලුත් ක්‍රමයක් ගෙන්න ඕනි , මම හිතන්නේ දිනේෂ් හිටපු කමිටුවෙන් අලුතෙන් ගෙනාවේ එහෙම ක්‍රමයක් . ඒ වගේ එකක් හොඳයි . හැබැයි අර පරණ ආසන ක්‍රමය ඒ විදිහටම නම් එපා

      Delete
    5. ලොක්කාට කිව්වේ ඕල්ඩ් ෆික්ස් හෙවත් නාකි හිවලා කියාය. ප්‍රේමදාස මහත්තයා උන්නේ තෙම්පරාදු වෙලාය. ලීඩර් ෂිප් අතින් ගත්තත් ගිරිබාපත්තුවේ එක්කෙනා එකය. කරුමේ නම් මුත්තාට වගේ කොන්ද පාන් තියෙන රැඩිකල් ටීම් එකක් නැතිය. අපේ වාසනාවට ඝෝඨාභය ලොක්කා හා බැසිල් ලොක්කා උන්නේය. එයැයිලත් නැත්නම්. අබ සරණමය.

      Delete
    6. ලොකු ප්‍රේමේ ඉතිහාසයේ ලොකම වැරැද්ද කල පුද්ගලයාය.ඒ නම් ප්‍රභාකරන් කොටු කර ගැනීමට උදා වූ හොදම අවස්ථාව වන රජීව් ගාන්ධි ඝාතනය කල අවස්ථාවේ ඒ යුතුකම පැහැර හැරීමය.

      Delete
  4. අනේ මන්දා මේ ගැන කතාකරන්න දෙයක් නැහැ. රට ගැන හිතල වැඩ කරන උන් අද කාලේ නැහැ නොවැ

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා ඇයි මේ අපි ඉන්නේ. මොනවා කලත් අළුතෙන් මහා පරිමාණ ප්‍රොජෙක්ට්ස් පටන් ගන්න එකත් ළොකු දෙයක් නේ..

      Delete
    2. අළුතෙන් මහා පරිමාණ ප්රොජෙක්ට්ස් පටන් ගත්තට ඒවායින් රටට වැඩක් නැහැ. ඒක පද්ගල ණය ප්‍රමාණය ඉහල යන ඒක විතරයි වෙන්නේ.මොකද ප්රොජෙක්ට් ඒකත් ඒක්කම චීන්නු රොත්තකුත් ඒනව.අපි ගත්ත ණය මුදකෙන් භාගයක්ම උන්ට වැටුප් ගෙවනවා.උන් වැඩෙත් උන්ට වුවමනා විධිහට කරලා ගියහම ,ගහපු පදයකුත් නැහැ,බෙරේ පළුවකුත් නැහැ වගේ තමයි.ඒ කෙන් අපට නැති වෙන්නේ වැටුප් වශයෙන් ගෙවන මුදල පමණක් නොවෙයි, අපේ ශ්‍රමිකයින්ට ශිල්පීය පුහුණුව ලබා ගැනීමට තිබූ අවස්ථාවත් නැතිව යනවා.

      Delete
    3. සහතික ඇත්ත යුරෝපා රටකින් , ජපානයෙන් ආධාර අරන් කරනවා නම් එන්නේ එකයි දෙකයි , හැම පැත්තෙන්ම වාසියි

      Delete
    4. ඔය කියන දේවල්, මහවැලි ව්‍යාපාරයෙත් උනා. නිදහස් වෙළඳ කළාපයෙත් උනා. අදටත් සිඳු වෙනවා. නමුත් මීට වඩා දෙයක් කල හැකි බව නම් මා පිලිගන්නවා.

      Delete
  5. මම යෝජනා කරන ක්‍රමේත් ඔය ජනාධිපති කෑල්ල තිබුනාට කම් නැත. හැබැයි ඔබ මෙන්ම ඔහු පාර්ලිමෙන්තු ආයුතු, අධිකරණයට යටත් අයෙක් විය යුතුයි කියා, මාද අදහමි. අනික අගමැති හා ඇමති මංඩලය හැර අනෙක් අය ඇමතිකම් නොකළ යුතුය. ඇමතිවරුන්ට සත්‍ය ලෙසම බලය ලැබිය යුතුය. හැබැයි පළාත් ඇමතිකම් ඇති විෂයන් වලට නැවත මහ ආන්ඩුවේද ඇමතිලා නොසිටිය යුතුය. ජනතාවගේ මුක්තිය ජනතාව ලඟම තිබිය යුතුය. එවිට ලොක්කන් ජනතාවය. උ/පෙ සමත් වීම මංත්‍රීකමකට සුදුසුකම වියයුතුය. ඇමති කමට අඩුගානෙ ඒ අදාල විෂය කෙසේ වෙතත් උපාධියක් නම් තිබිය යුතුමය. ජනාධිපති එසේ නොවුනාට කමක් නැත. ඔහු රටේ කාටත් පිළිගත හැකි අයෙක් විය යුතුය. ඔහුගේ ආගම ජාතිය පිළිබඳ කතා නොකල යුතුය. ඔහු මේ රටේ නායකයා පමණක්ම වියයුතුය. හැබැයි ඒ ඔහු පමණයි. හත්මුතු පරම්පරාව නෙමේ. මේ ඉන්නා කෙනා පිළිබඳ මට ප්‍රශ්නයක් නැතිය. ඒ එතුමා ගැන පමණය. නෑයෝ වේයෝ නෙමේය.

    වෙනත් පක්ෂයකින් වුවත් අගමැති කෙනෙක් පත් වීමට බාධා ඇති නොවිය යුතුය. අගමැති ප්‍රමුක ආන්ඩුව රට පාලනය පිළිබඳ වගකීම ගත යුතුය. ජනාධිපති රටේම ප්‍රධානියා වියයුතුය. ඔහුට ආන්ඩුව කඩාකප්පල් කිරීමේ බලතල නැතිවියයුතු අතර අගමැතිට උපදෙස් දීමේ හා අවවාද දීමේ බලයත්, ජාතියේ නායකයා යන ගරු හනත් ලැබිය යුතුය.
    සිටි අයගෙන් හොදම පප්පාය. දෙක මෙතුමාය, තුන ලොකු ප්‍රේමදාස තුමාය.

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපන සුදුසුකම මනින එකනම් එච්චර හොඳ නැත. එවිට සම අවස්ථාව අහිමිවේ. එහෙත් පෙර කල පොලෝසියට බඳවාගත් ක්‍රියා පටිපාටිය වත් අනුගමනය කළ යුතුය. මටනම් එක ලොක්කාය. මොකෝ පප්පා 83දී කල කරුමය මෑතක් වනකම් වින්දාය. හැබයි පප්පාට සොලිඩ් ගෝල් ටීම් එකක් උන්නේය. ඒ අතින් නම් නම්බර් වන්ය.

      Delete
    2. අධ්‍යාපනය මනින එක හොඳ නැත්තේ මොකද මාතලන් . දැනට අවශ්‍ය අධ්‍යාපන සුදුකම කුමක්ද . මන් හිතන්නේ එහෙම එකක් නැහැ . නිදහස් අධ්‍යාපනයක් ඇති රටක අනික් ඕනෑම රස්සාවකට අධ්‍යාපන සුදුසු කම් අහනව නම් රටේ ලොකු තීරණ ගන්න ලෝකය ඉස්සරහ අපිව නියෝජනය කරන උන්ට එහෙම සුදුසුකමක් අවශ්‍ය නැත්තේ මොකද .

      කාටහරි තර්ක කරන්න පුළුවන් බුද්ධිමතෙක් වෙන්න ඉස්කෝලේ යන්න ඕන නැහැ කියල . ඒ වුනාට අපේ දේශපාලනය තුල එහෙම අය නැති නිසා දැන්මම ඒ තර්කය අවලංගුයි ඒගොල්ලන්ට .

      Delete
    3. බින්දි - ඉල්ලුවොත් පුස්තකාල සහයකයින්ට එහෙම වැඩේ අමාරුවෙනවා . ගොඩක් රටවල නායකයො වෙලා ඉන්නේ හොඳ උගත් මිනිස්සු . ලංකාවේ තමයි වැස්සකටවත් ඉස්කොලෙ ගිය නැති එවුන්ටත් චාන්ස් තියෙන්නේ ,

      Delete
    4. සමාජයට සේවයක් කරන්න උගතෙක් විය යුතු නෑ. දේශපාළනයෙන් තොර සමාජයට සේවය කරනා, උගත් නැති, සමාජ සේවකයන් අනන්තවත් මා දැක ඇත. වත්මනෙහි උගතුන් එවන් දෑ කරනවා දැකීම ඉතා විරලය. උගත් කමින් ජැපනීස් ඇන්සැපලයිටීස් රෝගය වැලඳුන උන් බොහෝය. ලංකාවේ බුද්ධිමතුන් අල්පය. එබැවින් දේශපාලනයට. උගත් කම සුදුසුකමක් ලෙස සැලකීම අසාධාරණය. අවශ්‍ය මිනිසාට ආදරක කරනා මිනිසුන්ය.

      Delete
  6. ඇත්ත ඇත්ත කතන්දරේ ඇත්ත මාතලන් .
    නම් ගම් නම් මොන මොන විදිහට ආවත් කමක්
    නැහැ . නමුත් විය යුත්තේ මෙච්චරයි...


    01. උඩම top level ඉන්න එකාට ඒකාධිපති
    පාලනයක් ගෙනියන්න පුළුවන් තැනට ලැබෙන බල තල
    සීමා කල යුතුයි..

    02. අර 225 සෙට් එකට පිට කොන්දක් ඇති උන් ටිකක්
    එන්න ඕනේ..අඩුම තරමේ 100යක් වත් ..( ඒක නම් මේ
    කපේට සිදු නොවේ..)

    03. top level ඉන්න එකාගේ ආතල් වාර දෙකකට සීමා
    කරන්න ඕනේ..

    04. අධිකරණයට තරමක් හෝ යටත් ලෙස ජනාධිපති ධූරය
    සැකසිය යුතුයි...( 100% යටත් නොවිය යුතුයි )

    05. ජනපති හා අගමැති ධූර වල විවිධ වූ වටිනාකම්
    හඳුනා ගන්න ඕනේ..බල්ලාගේ වැඩේ බූරුවා නොකළ
    යුතුයි...

    ඇත්තටම ඕව වේවිද බන් ? මැරිලා ඉපදෙන්නම වේවි...!

    ReplyDelete
    Replies
    1. නෑ එහෙම වෙන එකක් නෑ. 70-77 කාලෙත් මිනිස්සු හිතුවේ හැමදාම මඤ්ඤොක්කා කන්න වෙයි කියලා. ඒත් එහෙම උනේ නෑනේ අද ඇපල් පහක්ම රුපියල් 100 යි.

      Delete
    2. පුළුවන් වගේ තියෙන සීනි ඇපල් අද ගාන අඩුනේ!!!!!!!!!!!! හොඳ ඇපල් ගෙඩියක් රැපියල් 100.

      Delete
  7. කෙටියෙන්ම කීවොත් අපේ රටට විධායක ජනාධිපතිකම ඕන නැත.ඒ වෙනුවට මහජනතාවට,අධිකරණයට සහ පාර්ලිමේන්තුවට වගකියන අගමැති දුරයක් ඇතිකළ යුතුය.

    ReplyDelete
  8. මොලේ කචල්වෙනවා මාතලන්..

    ReplyDelete
    Replies
    1. මේ ටිකවත් තේරුම්ගන්ඩ බැරි ගොන් බයියලා පත්තරවලට ලියද්දි වෙන මොන කතාද මාතලන්

      Delete
    2. ඇයි අනේ එහෙම වෙන්නේ. අප්ෂට්ද...?

      Delete
  9. පප්පා වනාහි ප්‍රෝටෝටයිප් එකකි.එසේත් නැත්තන් කොම්පැනියෙන් ඒ ජාතියේ මොඩල් හදලා තියෙන්නේ එකකි.විවෘත ආර්ථිකය නිසා ලංකාවට ඇති උන අතුරු පල බොහෝමයකට පප්පා වග කිවයුතු උනත්,ලංකාව විනාස කරා යැයි කිසිම කෙනෙකුට,පප්පාට ඇඟිල්ල දිගුකල නොහැක.ඒ පප්පාගේ සුපින් මොලේ හැටිය.ආතල් එක කියන්නේ පප්පා ඉහපු වී ඇට වලින් පැල උන ගොයම් පඳුරු,පඳුරු පිටින් අස්වැන්න නෙලන්නට සෙට් උනේ ප්‍රේමදාස ලොක්කාය.

    ReplyDelete
    Replies
    1. මට නම් පප්පාට වඩා ලොක්කා ඉදිරියෙන් සිටි. නමුත් කරුමය නම්. ලොක්කාට පප්පාට උන්නා වගේ ටීම් එකක් නැතිය. කොන්ද පන නැති, ලොක්කා ඉදිරියේ හාතරා ගාතෙන් වැඳ වැටෙන කාලකන්නි සෙට් එකකින්, කිසිම දෙයක් බලාපොරිත්තු විය නොහැක. උන් එසේ වැඳ වැටෙන්නේ, උන් ජීවත් වන්නේ ලොක්කා නිසා බව දන්නා නිසාය. එවන් හාල් පාරුවන්ගෙන් රටට වැඩක් නැත.

      Delete
    2. මගේ අදහසත් ඕක තමයි. ලොක්කා වැඩකරු වුනාට, සෙස්සෝ බහුතරය කමකට නැත.

      Delete
  10. ජේ ආර් ගැන කීමට ඇති හොදම සටහන නම් අතීතයේ ඔහුව දැඩිව විවේචනය කරන අය වර්ථමානයේ ඔහුව වර්ණනා කිරීමයි

    උදාහරණයක් ලෙස ජෙ ආර් සමයේ උග්‍ර ජේ ආර් විරෝදියෙක් උනු චම්පික රනවක මහතාට අනුව ලාංකා ඉතිහාසයේ සිටි දක්ශතම හා විචක්ෂනශීලී දේශපාලඟයා ජේ ආර්ය.

    ReplyDelete
    Replies
    1. ඒ ඩිෆෙන්ඩර් වල යන්න පින් පෑදුන නිසා. නැතුව වෙන දෙයක් නෙමේ. මරාගෙන කන්න හිතුනොත් ටක් ගාලා තලගොයා කරණවා..

      Delete
  11. මාතලන් ඔබ ලියන ගරිල්ලා මාකටින් ලිපි පෙළ ට සමගාමිව රැඩිකල් වෙනසකට යෝජනා නමින් ලකාවේ දේශපාලන දැක්මට මගේ යෝජනා අඩංගු ලිපිපෙළක් මම ලියනවා පලමු ලිපිය මෙතන.
    ඔබගේ ජනාධිපති වාරය අවුරුදු 4 ට සහ වාර දෙකකට සිමා කිරීමේ යෝජනාව අගනාය. මාත් කියන්නේ එයමය. දැන් තිබෙන යල්පැන ගිය මහජන මුදල් කාබාසිනියා කරන අමාත්‍යාංශ ක්‍රමය වෙනුවට මා යෝජනා කරන්නේ අදාළ ක්ෂේත්‍රයේ සුදුස්සන්ගෙන් සමන්විත වන ජනාධිපතිට හෝ අගමැතිට වගකියන කැබිනට්ටුවකි. මේවා අධීක්ෂණයට පමණක් දේශපාලකයින් කැබිනෙට්ටුවට පිටතින් ස්ථානගත කල යුතුය.අමාත්‍යාංශ හදා ගෙඩිපිටින් කන්නට දේශපාලකයින්ට දිය යුතු නැත.
    ඉදිරියේදී අපි මේවා වැඩිදුර සකච්චා කරමු.

    ReplyDelete
    Replies
    1. උදිත ලියන්න. කවදා හරි මේවායින් කෙනෙක් වැඩක් ගන්නත් පුළුවන් නොගන්නත් පුළුවන්. හැබැයි අපි ණය නැති වෙන්නවත් ලියමු.

      Delete
    2. අපේ ප්‍රවීන හා ජේෂ්ඨ මාධ්‍යවේදින්ට වෙන රාජකාරි තියෙනවනේ වෙද මහත්තයෝ. වාහන අනතුරු, මිනීමැරුම්, වස පානය කර මියයෑම්, පොලිස් බල්ලො එක්ක ගංජා විකුණන ගෑණු අල්ලන්න යන එක, ලසිත් මාලිංගලාගේ පස්සෙන් පැපරාසි වගේ පන්නන එක. එතකොට බෝතලේට ගත්තු බූතයාගේ ෆෝටෝ දාන එක. රවි ගුරුත් එක්ක ගියාම වෙන්නෙ මොකද කියන එක. හා තවත් දහසක් දේවල්. ඒ නිසා ඒ අයට කරදර නොකර, එයාලගේ යුතුකම් අපිවත් කොරන්නෙයි කියලා බැලුවේ..

      කස්ටිය මේක වහලා දාන්න දතකන වෙලාවේ, උඹ වගේ එකෙක් හරි ඉන්න එක සතුටක් උදිත. දැන් මාලන්ලා ලියන්නෙත් නෑ වැඩක් නෑ කියලා. බුවා විතරයි පරණ එකෙකුට ඉන්නේ, ඒත් නිර්මලා, කළාමැදිරියා, වගේ උන් තව ඕන වෙලා ඉන්නේ... ස්ත්‍රීවාදියත් හොඳයි. ඒත් ඌට ගෑණු එක්ක මොකක්ද කේස් එකක් තියෙනවනේ..

      Delete
  12. 1) විධායක ක්‍රමය අහෝසි කළ යුතුයි.
    2) දෙවරකට වඩා ජනාධිපති බලයේ සිටීම අහෝසි කළ යුතුයි.
    3) ජනාධිපති අධිකරණය හමුවට පැමිණවිය හැකි විය යුතුයි.
    4) ජනාධිපති පාර්ලිමේන්තුවට වග කිව යුතුයි.
    4) ජනාධපති මනුස්සයෙක් (කාන්තා හෝ පිරිමි) විය යුතුයි
    5) ජනාධිපති එක් කාර්තුවකට වසර 4 ප්‍රමාණවත් ය.
    6) පළාත් සභා අනවශ්‍යයි.
    7) ඇමති ඝහන ඝනත්වය සත්‍ය අවශ්‍යතාවය පරිදි විය යුතුයි.
    8) මාතලන්ට උපදේශක කමක් දිය යුතුයි. (විහිළු)
    9) .....

    වැඩ කටයුතු අධිකය, ටික දිනකට මා නැවත බ්ලොග් අවකාශයට එන්නේ නැත. ඒ ටිකත් කීමට මා මෙය අවකාශයක් කර ගනිමි.

    ReplyDelete
    Replies
    1. 1 හා 2 ඇර අනෙක් සියළුම දෑ හා එකඟයි... විශේෂයෙන් නොම්මර අටට..

      Delete
  13. /4) ජනාධපති මනුස්සයෙක් (කාන්තා හෝ පිරිමි) විය යුතුයි/

    දැන් මනුස්සයො නැතුව වෙන වෙන සත්තුත් ඕකට තරග කරනවද නිර්මලා?

    ReplyDelete
    Replies
    1. “මනුස්සයා“ යනුවෙන් අදහස් කරනු ලැබුවේ ඔහු හෝමෝ සෙපියන්ස් සේපියන්ස් හෙවත්, ජීව විද්‍යාත්මක වර්ගීකරණය (ඇරිස්ටෝටර්, ලිනියස්, ඩාවින්චි) අනුව හසුවන, රාජධානිය/වංශය/වර්ගය/ගෝත්‍රය/කුලය/ඝනය/විශේෂය වැනි සාධක සලකා නොවේ. මිනිස් ගුණාංග වලින් පරිපූර්ණ හෝ අවම පූර්ණයක් ලබා තිබිය යුතු යන්නයි. ඔහු රටේ නායකයා, ඔහු රටේ පූර්වාදර්ශකයෙකි....

      Delete
    2. ඇයි අනෝ "කලවැද්දෝ"

      Delete
    3. / මිනිස් ගුණාංග වලින් පරිපූර්ණ හෝ අවම පූර්ණයක් ලබා තිබිය යුතු යන්නයි. ඔහු රටේ නායකයා, ඔහු රටේ පූර්වාදර්ශකයෙකි..../

      මේ නම් නිර්මලාම මිසක වෙන කවුරුත් නොලියන ජාතියේ අමු ගොන් කතාවකි. මේ වගේ පූර්වාදර්ශී, හොඳ මිනිසුන් රටවල් පාලනය කර ඇතිනම් ඒ වෙස්සන්තර රජ්ජුරුවන් විතරක් විය යුතුයි. ඔහුද අසාර්ථක පාලකයෙකි. කිසිවකු නොමළ ගෙයකින් අබ ඇට සෙවීමට උත්සාහ කළ යුතුද?

      Delete
    4. ඔය වගේ 'පරමාදර්ශී', 'සිහිනෙන් වත් පව් නොකරන' නායකයින් ඉන්නේ නිර්මලාලාගේ සිහින ලෝක වල පමණයි.

      Delete
  14. පප්පා ලෝක කපටියෙකි/ලෝක බුද්ධිමතෙකි, ලෝක පක්ෂග්‍රාහියෙකි/ප්‍රජාතන්ත්‍රවාදියෙකි, තමන්ගේ පක්ෂය හැමදාම බලයේ තියාගන්නට සැලසුමක් හදා මියගිය අයෙකි/ලංකාවට තේරුම් ගන්න බැරිවූ ශූරයෙකි, සිංහලයකුට හැමදාම ජනාධිපති කමේ ඉන්න නූල් සූත්තරයක් ඇටවූ අංකූරෙකි/සිංහලයාට ආදරේ කල අයෙකි, සංස්කෘතිය කන්නද කියා පෙන්වූ අයෙකි/අදටත් ඒ මගේම යන පිරිසක් බිහිකළ දාර්ශනිකයෙකි.

    ReplyDelete
    Replies
    1. එකඟයි. වැරදුණු එකම දේ සංස්කෘතිය කන්නද අහපු එක. එයා දැනගෙන හිටියෙ නෑ සංස්කෘතිය වුනත් ලුණු ටිකක් ඉහගෙන කන්න පුළුවන් සූරියප්පෙරුමලා ජැක්සන් ඇන්තනිලා වගේ ලෝක අණ්ඩපාලයෝ ටිකක් මේ රෙටින් බිහිවෙයි කියලා.

      Delete
    2. දෙන්න එක්කම එකඟයි. කව්ද හිතුවේ කට්ට සම්බල් මෙච්චර මාකට් කියලා හසන්ත මහත්තයෝ...

      Delete
    3. J.R. සංස්කෘතිය කන්නද? ඉතිහාසය කන්නද? කියා අසන්න අැත්තේ ඒ කාලේ වැහි වැහැලා හිටපු කලා උපාධි ධාරීන් ගැන වෙන්නඅැති. වි.ජ.මූ. ට සංස්කෘතික අැමති කම දීලා ඉරමුසු, පොල්පලා, බෙලිමල්, කොලකැද ඒහෙම ජනප්‍රිය කලා මතකද? ඔය කතා හරියට රනිල්ගේ බේ‍රස්ලට්කතා වගේ තමයි.

      J.R. ගැන ඒ දවස්වල අහපු කතාවක් දෙකක් මතක් වුනා.
      ඔන්න J.R.ට දවසක් පාර්ලිම්න්තුව පැත්තෙන් යන කොට දියවන්නා ඔයෙන් නාන්න හිතුනලු.නමුත් ජනාධිපති ඒ හෙම නාන ඒක හරිනැතිනිසා ඉවසගෙන ගියාලු. ඒ ගිහින් පසත් හොරෙන් මිනිහා තනියම අැවිල්ලා නාන්න.ඔය වෝටර්ස් ඒජ් ඒකට පොඩ්ඩක් උඩින් පොඩි තොටුපලක් තිබුනා.ඒ දවස් වල ඒකෙ දෙතුන් දෙනෙක් ගිලිලා මැරුනත් ඒක්ක. J.R.ත් ඔතනින් නාන කොට මිනිහවත් ගිලෙන්න ගිහිල්ල.ඔය වෙලාවෙ ඒ අසල හිටපු ගැටයෙක් පැනල මිනිහව බේර ගෙන. නමුත් බේර ගත්ත කෙනා දන්නෙ නැහැ මේ ඉන්නෙ රටෙ ජනාධිපතියි කියල.
      "මොනවද සීයෙ මේ බැරි මර ගාතෙ මේවැයි නාන්න ඒන්නෙ" කියලා ගැටයා යන්න සූදානම් වෙනකොට J.R. අැහුවලු
      "ඔය ලමයට මොනවද ඔ්න කොරන්නෙ"
      "මට මුකුත් ඔ්නැ නැහැ සීයෙ, සීය අැග පිහදා ගෙන ගෙදර යන්න" කියලා ගැටයා නැවත යන්න සූදානම් වුනලු. නමුත් J.R.ට ඒකට හිතට හරි නැහැල්ලු.ඒ නිසා මිනිහ නැවත කියනවලු,
      "මේ ලමයා, තමා දන්නවාද මේ බේර ගත්තෙ කාවද? කියල.මම තමයි ජනාධිපති." ඔන්න ඒ ගමන තමයි ගැටයටත් මීටර් වුනේ මේ කලා පුරුදු මූනක්නෙ කියලා.ඒ පාර ගැටයා කියනවලු,
      "අනේ සර් මට මොකවත් ඒපා,නමුත් මට ඒක උදව්වක් විතරක් කරන්න "
      "ඒ මොකක්ද ලමයො මම ඔ්න උදව්වක් කරන්නම්.
      "අනේ සර්, සර්ව බේර ගත්තෙ මමෙය් කියලනම් කාටවත් කියන්න ඒපා" කියලා ගැටයා බැගෑපත් වෙනවලු.
      "හරි හරි මම කාටවත් කියන්නෙ නැහැ මාව බේර ගත්තෙ තමුන් කියල,නමුත් තමා අැයි ඒහෙම කියන්නෙ"
      "අනේ සර්, සර්ව දියේ ගිලෙන්න නොදී ේර ගත්ත කියල රටෙ මිනිස්සු දැනගත්තොත් මාව මරලදායි" කියලා ගැටයා හෙමිහිට මාරු වෙලා ගියාලු.

      Delete
  15. ශ්‍රීලනිප පවුලක උපන් මට කුඩා කළ සිටම අසන්නට ලැබුනේඅති භයානාක් ජේ ආර් කෙනෙක් ගැන කතාය.එහෙත් 1977 දී ජේ ආර් විශාල සමාජ පෙරළියක් කළ බව මම අද සිතමි.අන් අයගේ ඇස් වලින් නොබලන අන් අයගේ කන් වලින් නො අසන මම ජේ ආර් ට ගරු කරන්නේ ඔහු රට ලෝකයට විවෘත කළ නිසාය.තාක්ෂනය ඒ රටට ආවේ ජේ ආර් නිසාය.ජේ ආර් ප්‍රගතිශීලීය.ඔහුගේ සංවර්ධන ව්‍යාපාර පමනක් නොව විධායක ජනාධිපති ක්‍රමාය් පවා රටට ආශීර්වාදයකි.විධායක ජනාධිපති ක්‍රමය නොතිබුනානම් 1989 දී රටේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ වැටී රට තනි පක්ෂයක් රහස් පොලිස් ආන්ඩුවක් යටතට පත් වී මිනීමරු නායක සහෝදරයකුට ප්‍රශස්ති ගී ගයන එක තැන පල් වන සමාජයක් බිහි වීමට ඉඩ තිබුනි.උතුරේ ත්‍රස්තවාදය පරාජය කරන්නටද විධායක ජනාධිපති ක්‍රමය මහෝපකාරී විය.

    මහින්ද ජේ ආර්ට සමානය.වෙනසකට ඇත්තේ මහින්ද දේශප්‍රේමියෙක් වීමයි.මහින්ද මේ රටට පහල වූ පරමාදර්ශී නායකයා වන්නේ ඒ අනුවයි.ජේ ආර්ගේ සේම මහින්දගේද සංවර්ධන ආකෘති රටට හිතකරය.

    එහෙත් රනිල්ට මේ ක්‍රමය යටතේ කවදාවත් බලයට පත් වීමට බැරි බව ද ඇත්තකි.රනිල් බලයට පත් වන්නේ මන්ද යන ප්‍රශ්නය ඇතිවේ.රනිල් යනු රටේ සංස්කෘතික වටිනාකම් ගැන කිසිම හඟීමක් නැත්තෙකි.අපට ඇති අභියෝගය සංවර්ධන ආකෘතිය රැක ගන්නා අතර සංස්කෘතිකමය වටිනාකම් ද රැක ගැනීමයි.ඒ සදහා නම් යූ ඇන් පිය සිටින්නේ පසුපසිනි

    දැන් සංස්කෘතිකමය වටිනාකම්ද යම් ප්‍රමානයකට රැකේ .සංවර්ධනයද සිදුවේ.එබවින් පවතින පාලනය හොද බව ජනතාව මැතිවරණ වලදී නොකඩවාම තීන්දු කරති.

    ජේ ආර් ගේ වරද ඔහු සංවර්ධනය ගැන පමනක් සිතීමයි.ඔහු ජීවත්ව සිටියානම් "මේ තමයි නියම ක්‍රමය කියා ශ්‍රීලනිප සාමාජිකත්වය ගැනීමටද ඉඩ ඇත"ජේ ආර්ට මහින්දගෙන් හුගක් ඉගෙන ගන්නට ඇති බව මට සිතේ.ඔහු සිටියානම් ඔහුද එය පිළි ගැනීමට නිහතමානී වනු ඇත.
    ජේ ආර්ට ඔහු කැමති දේවල් කරන්නට ඉඩ නොලැබුනි.බංකොලොත් මාක්ස්වාදීන් විවිධ කඩාකප්පල් වඩ කළහ.නමුත් ඒ අතින්ද මහින්ද වාසනාවන්තය.

    ජේ ආර් මොන තරම් දක්ෂයෙක් වුනත් මහින්ද ඉදිරියේ අත දරුවෙකි

    ReplyDelete
    Replies
    1. මම උඹේ පෝස්ට් එකේ කිව්වේ. උඹේ ඔය ගයිනෝෆෝබියා හෝන්තුව නැතුව වරෙන් කියලා. උඹටත් උඩ කොමෙන්ට්ස් කියෙව්වාම තේරෙන්න ඇතිනේ මමත් කිව්වේ උඹ කියපු දේමයි කියලා. මහින්ද සුපිරිය. එහෙත් ප්‍රජාචන්ත්‍රවාදයට වඩා ප්‍රජාතන්ත්‍රවාදයට වඩාත් බර වන්නේ නම්. සුපිරිය. උදාහරණයක් ලෙස. අගවිනිසුරු ප්‍රශ්ණය දෙපැත්තටම වාසි සහගත ලෙස ඔනෑනම් විසඳාගැනීමට වුවත් මහින්ද මහත්තයාට ඉඩ තිබිනි.

      Delete
  16. මට නං මේ ව්‍යවස්ථා කතා දැන් අරහං!

    ReplyDelete
    Replies
    1. ඒක දැන් අපිටත් අරහං. ඒකයි මේවා ලියන්නේ...

      Delete
  17. මාතලන්,බලන්න ඔබ මේ ලිපි පෙළ පටන් ගත්ත ගමන් මෙතන කී දෙනෙක් අදහස්/යෝජනා ගේනවද.ඔබගේ ලිපි පෙලට සමගාමීව ඉතා වටින ලිපි පෙළක් ලියන්න උදිත පටන් අරගන.මේවා අපි මෙතන විතරක් කතා කරල විතරක් මදි.මේ දේවල් රට කරවන ඇත්තන්ට පෙන්වාදෙන වැඩ පිලිවලකටත් යමු.උදාහරණයකට,ජනතාව වැඩිපුර සවන් දෙන FM නාලිකාවක සහ පුවත් පත් වල Kottu වල පලවන විවාදාත්මක ලිපිවල වැදගත්කම ප්‍රචාරණය කිරීම වගේ දෙයක්.
    මොකද සමහර ඇමතිල ගාවත් ඉන්නව මෙවැනි අදහස් දරන උපදේශකවරු,නමුත් හණමිටි අදහස් දරන ලොන්ත ලේකම්ල නිසා ඒවා ක්‍රියාත්මක වන්නෙ නැහැ.රටටම දැනෙන විදියට අර වගේ දෙයක් කලහම ඇත්තටම් වැඩක් කරන්න ඕනෙ එකෙක් හරි වැඩක් ගනියිනෙ.
    අද රනිල් ලොක්කට සජිත් එක්ක මත්තලට චොපර් එහෙකින් හරි බහින්න තිබුනෙ කියල හිතුන රැඩිකල් වෙනසකටත් එක්ක කියල.මොකද 2014 ආණ්ඩුව පිහිටෙව්වම එයාල එපෑය ඕව පාලනය කරන්න.
    පින්තූර ටික දැක්කම නම් මටත් මාරයි කියල හිතුන.[නැහැ...නැහැ...මාතලන් රෝහිත පුතාගෙ කෑල්ල දැකල නෙමේ.එයාර්පෝර්ට් එකේ ලස්සන දැකල]

    ReplyDelete
    Replies
    1. මටනම් ඊයේ ඇත්තටම ආඩම්බරයි. මොන තරම් විවේචන තිබුනත් මෙවන් දෑ අගය කල යුතුමයි. අපේ රටේ මිනිස්සු වෙනස් වෙන්න බයයි. රනිල් නම් ඊයේ කක්කා ගොඩක් උනා..

      Delete
  18. හිට්ස් ලක්ෂ 5ට සුභ පතනවා අයියා.මට නම් දැන් පොලිටිකල් එපා වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. Dude:
      මාත් නිශාන් සමග එකතුවෙනවා මාතලන් ලොක්කගෙ හිට් පන්ලක්ෂයට සුබ පතන්න.
      ජයවේවා!

      Delete
    2. තෑන්ක්ස් මචෝලා දෙන්නටම. හැම දේකම දේශපාලනයක් තියෙනවා...

      Delete
  19. ඉදිරියට එන එව්වත් බලමුකො.

    මෙව්ව නම් අපේ ටිකිරි මොල වලට ටිකක් විතර බර වැඩියි. දෙතුන් වන්ගියක් කියවල කොරල තමයි තෙරුම්ගන්නෙ අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. ඕක තමයි වත්මන් තරුණ පරපුරේ ඛේදවාචකය. අපිත් වෝක්මන් ගහගෙන පාරේ ගියා, ලව් කලා. කරන්න ඕන ඔක්කෝම කලා. ඒ වගේම රට ගැන ළෝකය ගැනත් දැනගෙන උන්නා. "රාවය" වගේ පත්තරයක් කියවන්න පුරුදු වෙන්න. එය ඔබේ මතය නොවුනත්. සියළුම ළිපි කියවන්න. මට රාවය ගැන විවේචන බොහොමයි. ඒත් ඉංග්‍රීසි දැණුම අඩු කාලේ අපේ බුද්ධිය වැඩුවේ ඒ පත්තරේ. අදටත් එහෙමයි. වික්ටර් අයිවන් දැන් ආයෙත් දෙයක් ලියනවා.

      Delete
  20. මාතලන් - ඔබගේ ඉතා දක්ෂ ලේඛයෙක් බව සැබැය , නමුත් ඔබගේ අදහස් තුල පරස්පරතාවයන් මතුවන අවස්ථා බොහෝය. පහත සඳහන් ප්‍රශ්න වලට ඍජු පිලිතුරක් දිය හැකි නම් අගය කරමි

    01. රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂයන අය අතරින් ශ්‍රි ලංකාවේ ජනපතිවරයා වීමට වඩාත්ම සුදුසු පුද්ගලයා කව්ද ?
    02. රනිල් වික්‍රමසිංහට එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාව - සටන් විරාම ගිවිසුම "රට පාවාදීමක් " වශයෙන් ඔබ දකිනවාද?
    03. ඉහත ප්‍රශ්නයට පිලිතුර "ඔව්" නම් , රට පාවා දුන් නායකයෙක් , රටේ නායකත්වයට සුදුස්සෙක් වශයෙන් ඔබ වරින් වර විග්‍රහ කරන්නේ ඇයි ?
    04. ඔබ විශ්වාස කරන්නේ සමාජවාදයද, ධනවාදයද ?
    05. ඔබට අනුව මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අනුගමනය කරනා දේශපාලන මාවත් වඩාත් අනුකුල වන්නේ ධනවාදයටද , සමාජවාදයටද ?

    ස්තුතියි !

    ප.ලි- මාතලන් හැරුණු විට අනෙකුත් බ්ලොග් කරුවන්ටද කැමති නම් මේ ප්‍රශ්න වලට පිලිතුරු සැපයිය හැක.

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඔබ කියල තියෙනවනේ වෙනත් අයටත් කැමති නම්

      උත්තර දෙන්න පුළුවන් කියල...ඒ නිසා මගේ මතය කියන්නම් ..

      මට ඔය කිසිම කෙනෙක් එක්ක ප්‍රශ්නයක් නැහැ හරියට 225ස් දෙනා එක්ක
      එකතු වෙලා විධායක ජනපති බලතල ටිකත් ප්‍රයෝජනයට අරන් පුද්ගලික වාසි
      ප්‍රයෝජනම ( පොඩ්ඩක් ඉතින් ගියාට කමක් නැහැ ) පස්සේ යන්නේ නැතුව මේ
      රට කරනවා නම් ..එතැනදී 225 අතරට යන පිරිසෙන් යම් කිසි නියෝජනයක්
      රට්ටු වෙනුවෙන් ඉටු වෙනවා නම් මට ඒ ඇති...


      නමුත් වර්තමාන රජය නමින් අපිට දකින්න තියෙන දේ තුල වෙන්නේ පුද්ගලයන් 5 දෙනෙක් වගේ පිරිසක් එකතු වෙලා මුළු පාර්ලිමේන්තුවයි , අධිකරණයයි , විධායක බලතලයි අනිසි විදිහට පාවිච්චි කිරීම ... 225 දෙනාව අල්ලේ නටවනවා අර මිනිස්සු 5 දෙනා ..

      ඒ 5 දෙනා විටින් විට ටොපි චොකලට් දෙනවා අඬන බබාලට ..
      ගොඩක් අඬන බබාලව ජාතියේ නාමයෙන් වල පල්ලට යවනවා ..
      සොහොන් කොතේ ගහනවා දේශ ද්‍රෝහී ලේබලය ..ප්‍රශ්නේ ඉවරයි...!




      කොහොම හරි ඇනෝ මෙන්න මේ තත්වෙට ඉක්මනට විසදුමක් නාවොත්
      වෙන්නේ ඔයාට මට අපි හැමෝටම ඉක්මනට වලපල්ලට යන්න.
      ( මේක මගේ අදහස , එකග වීම නොවීම ගැන අමනාපයක් නැහැ )

      Delete
    2. පරස්පරතාවයක් දකින්න පුළුවන්. මොකද කිසිම දෙයක් 100% හොඳත් නෑ. 100% නරකත් නෑ. බුද්ධාගමේ හොඳ ඒවා තියෙනවා වගේම ඉස්ලාම් ධර්මයෙත් හොඳ ඒවා තියෙනවා. මම ගන්නේ හැම එකේම හොඳ.

      1. දැන් වැඩි ඡන්දයෙන් පත් උන ජනාධිපති කෙනෙක් ඉන්නවනේ. එයා හොඳයි. නමුත් ඊට වඩා දෙයක් කරන්න පුළුවන්. මගේ මේ ළියුමේ තේරුම රනිල් එනවනම් මේ ක්‍රමයම ඉදිරියට ගෙනියන්න. එයා ඕන නෑ මෙයා හොඳයි.

      2. ඒ කාළේ ඒ විසඳුම හැර වෙන විසඳුමක් තිබුනේ නෑ. ඒක පවාදීමක් නොවේ.

      3. දෙක "නැත" නිසා අදාල නැත.

      4. ධනවාදය හා සමාජවදය නිර්වචනය කරන්න. ඔය දෙකම කොහේවත් නැත.

      5. කොහේවත් නැති වාදයක් ගැන වාද කිරීමෙන් පලක් නැත.

      දැන් ඔබ අහයි එහෙනම් සමාජවාදය කියන එකට විරුද්ධව අදහස් දක්වන්නේ ඇයි කියලා. මම කැමති වැඩි පිරිසක් අවම පහසුකම් හෝ ලබන්නාවූ වාදයකට.

      Delete
    3. 1. යුද්ධයට පෙර - මහින්ද
      යුද්ධයට පසු - රනිල්(අඩු තරමේ මහින්ද යටතේ අගමැතිවත් වුනානම් හොදයි)
      2. නැත - සටන් විරාම ගිවිසුම "රට පාවාදීමක්" ලෙස මා නොදකිමි.
      3. අදාල නැත.
      4. ධනවාදය
      5. මහින්ද - ෆැසිස්ට්වාදී ධනවාදය
      රනිල් - ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදය(උපකල්පනයකි කොහොම කරයිද කවුද දන්නේ)

      Delete
    4. 01) රනිල් වික්‍රමසිංහ
      02) නැත , අඩුපාඩු ඇතත් අවස්ථානුකූල විසඳුමකි
      03) අදාල නොවේ
      04) ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියල කියන්නම්
      05) රනිල් - උඩින් කිව්ව එක , මහින්ද - අනේ මන්ද

      @උදිත මහින්ද යටතේ අගමැති වෙන එකෙන් වැඩක් තියේද ?

      Delete
    5. බුදු දහමේ මෙන්ම ඉස්ලාම් දහමේද යහපත් දේ තිබෙන බව සැබැය , නමුත් ඔබට ඉස්ලාම් දහම අවශ්‍ය වන්නේ "බුදු දහමේ නැති ,අතිරේක යහපත් දේ ඉස්ලාම් තුල තිබේ නම් පමණි "

      ක්‍රමයේ වෙනසක් ගැන බලාපොරොත්තු තැබීමට තරම් සාධාරණ හේතුවක් නීරික්ෂණය කල නොහැක . එම නිසා මාතලන් වීසින් රනිල්ට වඩා යහපත් නායකයෙකු වශයෙන් මහින්ද නම් කර තිබේ - ඔබ නැවතත් පරස්පර අදහසක් මතු කලවිටක මා මෙය නැවතත් මතක් කර දෙන්නම්

      //එදා ප්‍රභාකරන් මහතාට රටේ 2/3 ක් ලියා දෙන්න ගිය සුනන්ද දේශප්‍රියලා, වික්ටර් අයිවන්ලා හා බාහු, චන්ද්‍රිකා, රනිල්, මොන්ගල්, ඩිලාන්, ජී ඇල්ලා මුල් කර ගත් නඩය මෙන්ම//

      ඔබ විසින් "හලාල් බොරුව සහ පරාජය" ලිපියේ තබන සටහනකි , මින් කියවන දේ සහ රනිල් රට පාවා නොදුන් බවට ඔබ මෙහි කර ඇති ප්‍රකාශය පරස්පර නොවේද?

      ධනවාදය සහ සමාජවාදය යනු සංකල්ප දෙකකි .මේ සංකල්ප නොපවතී යනුවෙන් ඔබ අදහස් කරනුයේ ධනවාදි හෝ සමාජවාදී රාජ්‍යයක් නොපැවතීම විය හැක . මා ඉතා පැහැදිලිව "වඩාත් අනුකුල" වන්නේ කුමන සංකල්පයටද යන්න විමසා ඇත , උදිතගේ සහ බුවාගේ පිලිතුරෙන් මා ප්‍රශ්නය නිවැරදිව අසා ඇති බව පෙනේ

      උදිත , බුවා - ඔබ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ ධනවාදය වෙන්කර දැක්වීමට උත්සහ දරන්නේ ඇයි ? ලිබලර් ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව ධනවාදය ක්‍රියාත්මක කල හැකිද ? ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුල ධනවාදය මිස සමාජවාදය අනුගමනය කල හැකිද ?

      සහන්- මා අපේක්ෂා කලේ " ඍජු පිලිතුරු පමණි"

      ස්තුතියි !

      Delete
    6. @ ඇනෝ

      01. මහින්ද ( වෙන නැත්නම් )
      02.කිසිම කිසිම කිසිම විදිහකින් " නැත "
      03. ------
      04.ධනවාදය
      05.දෙන්නම ඉන්නේ real ධනවාදයේ .
      බොරුවට සමාජවාදී මූණුවරකින් හිටියට .



      මට කෙටිම කෙටි පිළිතුරු ටිකක් දෙන්න තිබ්බා ..ඒත් බලන්න
      ඔය පිළිතුරු වලින් රටට වැඩක් තියෙනවද ?
      අංක 5 ප්‍රශ්නය නැවත සලකා බැලුවොත් එහෙම

      රනිල් - ප්‍රජාතන්ත්‍රවාදී, සුමට , ඩිංගක් කුහක පාලනය.
      මහින්ද - සමාජවාදී මූණුවරකින් හෙබි ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමය.

      දැන් මට ඇනෝ කියන්න ඕවට කොහොමද ලස්සන
      නිර්වචන දෙන්නේ?ඉහත පුද්ගලයෝ දෙන්නම කරන්නේ
      ප්‍රසිද්ධම දේශපාලන වචන ටිකක් අරන් ඒ විදිහට
      පෙනී සිටීමත් , යටින් වෙන දෙයක් කිරීමත් විතරයි..

      ඔය කිසිම කෙනෙක්ගේ නියම සමාජවාදය , ප්‍රජාතන්ත්‍රවාදය ,
      ෆැසිස්ට්වාදී ධනවාදය ,ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදය වගේ
      කිසිම දෙයක් නැහැ .කරන්නේ බොරුව .
      ඒ නිසයි මට මෙහෙම උත්තර දෙන්න උනේ ..
      ඇත්තටම මීළඟ පාලකයා විය යුත්තේ ඔය දෙන්නගෙන්
      කෙනෙක් නෙවේ.මේ රටට ඕනේ ධනවාදය . ( සමාජ වාදය
      යනු මුලාවක් පමණයි. දිව්‍ය ලෝකෙට නම් ගැලපෙනවා ඇති )

      Delete
    7. @ ඇනෝ
      මේවන් ප්‍රශ්ණ වලට එහෙම ලේසී උත්තර දෙන්න පුළුවන්නම්. ළෝකය කොතරම් සොඳුරුද ඇනෝ. මා එහිදි රනිල් රට පාවා දුන්නා යයි කියා නැත. එය ඔබේ නිර්වචනයයි. ඒ කාළයේ යුධ පෙරමුනේ උන් හමුදාවද උන්නේ ඒ මතයේ මිස වෙන මතයක් නොවේ.

      Delete
  21. ඊයේ මාතලන්ට, මත්තල යන්න පුළුවන් වෙලා. දැන් ටික කාලයක් මහින්ද ගැන ලියයි. රනිල්ට බනියි. ගන්ගන්න එපා බං.

    ReplyDelete
    Replies
    1. ඒ ඉස්සර මත්තලටම යන්න ඕන. දැන් ටී වී එකේ ලයිව් පෙන්නනවා. ඒ බැලුවෙත් නෑ. මොකෝ මත්තල බැලුවයි කියලා මගේ බඩ පිරෙන්නෙ නෑනේ. රනිල්ට බනිනවා නෙමෙයි මේ මාර්ගය පෙන්වනවා. ආන්ඩුවේ හැම එකටම පිස්සෝ වගේ විරුද්ධ වෙලා වැඩක් නෑනේ. සුද්දෝ හදලා ගියඉන් පස්සෙ ගුවන් තොටුපලක් හදපු එකම ළොකු දෙය්ක් නෙමෙයිද...?

      Delete
    2. මාතලන් - එහෙම මොකක් හරි ලබ්බක් හදපු ගමන් ඒක හොඳයි නම් , අර නැව් ගණන් කරන වරාය , නොරොච්චොලේ වගේ ඒවත් හොඳයි කියන්න වෙනවා . මොකක් හරි කලාට වැඩක් නැ , හරි දේ හරි විදිහට, හරි වෙලාවට කරන්න ඕනි

      Delete
    3. ගුවන් තොටුපල සහ වරාය අසාර්ථක උනොත්, යුද්ධය අවසන් කිරීමට කාලගුණ සැලකීමක් වශයෙන් හම්බන්තොට වරාය බෙබිලට බෝට්ටු පදින්න සහ ගුවන් තොටුපල බෙබිලට ගුවන් යානා පදින්න පුදගලික දෙපලක් හැටියට ලියල දෙන්න ඕනෑ ඒක ඉස්සරහට එන මගේ තව යෝජනාවක්. විහිලුවට නොවෙයි සිරාවට කියන්නේ. ඇයි බං ඒ පවුල කරපු දේවල් මදිද ඒ වගේ ලොකු දෙයක් අපි දෙමු පැන්ෂන් යන කොට.

      Delete
    4. කඩයක් දාපු ගමන් බිස්නස් එන්නේ නෑ. කස්ටමර්ස්ලා අල්ල ගන්න කල් යනවා. හම්බන්තොට ගැන ආන්ඩුව මොනවා කිව්වත්. හාබර් ගැන දන්න එකෙක් දන්නවා එතනට නැව් එන්න හේතුවක් නෑ. කියලා ඒ කියන්නේ දෙවන පියවර සම්පූර්ණ නෑ. මත්තල එහෙම නෙමෙයි. ගුවන් තොටුපලක් ලෙස සම්පූර්ණයි. කතාකරන්න හරි බය නැතු නොරොච්චෝලයක් හැදුවා නේ. මහින්ද මහත්තයා තියා උඹවත් මමවත් දන්නෙ නෑනේ. හයි කරන්නෙ මොනවද කියලා. ඒකට ඉන්නවා ඉංජිනේරුවෝ. ඉතින් එහෙම දෙයක් වෙනවනම් මුල ඉඳලා දැණුවත් කරන්න ඕන. ගෙදර ගියත්. එහෙම නැතුව . හදලා ඉවරවෙලා. බඩු කැඩුනයින් පස්සෙ ඤං පඥ ගාන කොට උන් ගැන සැකයක් ඇති වෙනවා. කොමිසන් තියන්න ඕන මේවට. මම දන්න තරමින් මත්තලටත් වඩා වියදමක් එතනට.

      Delete
    5. 1) බිස්නස් නැත්නම් කඩයක් දාන්නෙත් නෑ. කොයි බිස්නස්.
      2) නොරොච්චෝලෙ කියන්නේ චීනේ දුවපු එකක්. මම ගාවත් ජෙනරේටරයක් තියෙනවා. ඉල්ලුවානම් රජයට පාඩු නාති ගාණකට දෙනනවා. ඒ උනාට මුන්දැලැ අපෙන් ගන්නේ නෑ නේ.
      3) //මහින්ද මහත්තයා තියා උඹවත් මමවත් දන්නෙ නෑනේ// ඌ බබා. ඔබත් බබා. උන්ට අයිකොරන දේවල් මොකටද බං. ඩොලර් ඩොලර් උන් දන්නේ.
      4) ඇත්තෙන්ම මාතලන් ලැඡ්ඡා නැතිව අපිට කියහං, ලැප් එකක්වත් හම්බඋනා ද?

      Delete
  22. මහින්ද පප්පාට වඩා හොඳයි කියනවානම් මාතලන් ගැන කතා දෙකක් නැහැ. අයියෝ සල්ලි.
    රට වටේ පොඩි රවුමක් ගිහිල්ලා බලන්න. සංවර්ධනය රටකට දරාගත හැකි සංවර්ධනයක් විය යුතුයි කියන එක මම නම් විශ්වාස කරනවා.

    සිංගප්පූරුව ගොඩනගපු අසහාය නායකයෙක් වන ලී ක්වයං යූ සමග පෞද්ගලිකව හමුවී පැය දෙකකට ආසන්න කාලයක් කතා කීරීමේ වාසනාව ලබපු මම ඉගෙනගත්තා රටක සංවර්ධනය විය යුතු අංශ ගැන ඒ රටට හිතකර වන. මට අදටත් මතකයි එතුමා ලංකාව ගැන කියපු දේවල්. මම හිතන්නේ ලොක්කා නම් කරන්නේ තනිකරම ඒකේ අනිත් පැත්ත. කියවලා නැත්නම් කියවන්න රංජිත් ගුණරත්න පරිවර්ථනය කරපු ලී ක්වයං යූ ගේ සිංගප්පූරු කතාව පොත.

    ReplyDelete
    Replies
    1. පප්පට වඩා හොඳයි කිව්වේ 100% නෙමෙයි. 83 කේස් එක ගන්න. ඒත් මහින්ද ත්‍රස්තවාදයම අවසන් කලා. දකුනේ ද්‍රවිඩ ජනතාවට නියපොත්තක වත් තුවාලයක් නොවී. හරි හෝ වැරදි ජාත්‍යන්තරය හමුවේ උනත් කෙලින්ම මූනට කියන දේ. (ඒක තමයි අදටත් බලපාන්නේ.) නමුත් පප්පට නියම සෙට් එකක් උන්නා. මෙයාට ඉන්නේ හාල්පාරුවෝ. එතකොට ඒක සාපේක්ශයි. ලී ක්වාන් යූ ක්‍රමේ එකක්. මහතීර් මොහොමඩ් ක්‍රමේ එකක්. මහින්ද ක්‍රමේ තව එකක්.

      Delete
    2. ඔය ක්‍රම තුනේ තිබුන සමාන කම තමයි ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණ අවම වීම . ඕකෙන් අනික් දෙන්න රටවල් දියුණු කලා , ඒකාධිපති භාවය භාවිතා කලේ වංචා දූෂන අවම කරන්න , නීතියේ සමානාත්ම තාවය ඇති කරන්න . මහින්ද ක්‍රමය අන්න එතනදි වෙනස් , ඒ හින්ද ලංකාව යන්නේ වලට අන්න ඒකයි ක්‍රම දෙකේ වෙනස .

      Delete
    3. බුවා මහතීර් මොහොමඩ් ක්‍රමය පොඩ්ඩක් බැලුවනම් පෙනෙයි මොකක්ද කලේ කියලා. මහතීර් කොච්චර කාළයක් බලයේ උන්නද...? ලී ක්වාන් යූ කොපමණ කලක් බලයේ උන්නාද..? එතකොට අපේ ස්ඟිස්කෘතිය. මොකෝ මහින්ද මහත්තයා නියෝජනය කරන කස්ටිය ෂේප් කර ගන්නත් එපාය. මෙතන තාම ළෝකයේ තිබුන දරුණුම ත්‍රස්තවාදයෙන් මිදිලා තාම පහයි. උතුර බින්දුවේ ඉඳලා පටන් ගන්න ඕන.

      Delete
    4. මහතීර්ල ගියාට එයාලගෙම රජය එක දිගට අවුරුදු පනස් ගණන් පාලනය කරන්නෙ,වංචා තිබුනත් රටට වැඩදායකව කටයුතු කරන නිසා.අද ලංකාවෙ සංවර්ධනය නමැති ප්‍රෝඩාවේ යටි අරුත,තාත්තල,මහප්පල,බාප්පල,මස්සිනාල සහ පුතාලගෙ කොමිස් ගැහිල්ල පමණි.

      Delete
    5. මහතීර්ලත් එහෙම තමයි කෙන්ජී. අද ළෝක දේශපාලනයේ කවුරුත් එහෙමයි.

      Delete
  23. ඔය අද ජේ ආර් ගැන හොඳ කියනව වගේ මහින්ද මැරිලා අවුරුදු ගානක් ගියහම මොනව කියයිද කියලා මන් කල්පනා කරන්නේ .

    ReplyDelete
    Replies
    1. අන්න එතනයි ප්‍රශ්ණය තියෙන්නේ. ප්‍රේමදාස මැරුනම රතිඤ්ඤා දාපු උන් දැන් එයාගෙ හොඳ කියනවා.

      Delete
  24. නමුත් පුතා අද රට ඉස්සරහ තිබෙන අර්බුදය බොහොම බරපතලයි.ඊයේත් පෙරේදාත් තමිල්නාඩුවේදී ප්‍රදර්ශනය උනේ ඒ යින් සුළු කොටසක් පමණයි.කවුරු කොහොම කීවත් ඒ ප්‍රහාරය දියත් කලේ කොටි හිතවාදීන්ගේ වුවමනාවටම පමණක් නොවෙ.ඒ තන ඉන්දීය මධ්‍යම රජයත් ඉන්නවා.ලංකාවේ දකුණු කෙලවරෙ අළුතින් වරායක් සහ ගුවන් තොටුපලක් අැතිකිරීමත් ඒවායේ ඉදිකිරීම් කටයුතු සිදුකලේ චීන ජාතිකයින් වීමත් ඉන්දියාව සැහැල්ලුවෙන් සලකන්නේ නැත.ඒවා හදිසි අවස්ථාවකදී යුධමය ක්‍රියාකාරකම් සදහා චීන්නුන්ට භාවිතා කිරීමට අැති හැකියාව පිලිබදව ඉන්දියාව හොදින් දනී.පසුගිය වසර කිහිපය පුරා චීනුන් ලංකාව තුල කරනු ලබන මැදිහත් වීම් නිසා ඉන්දියාවේ සැකය තහවුරු වෙයි.1971 ජෙ.වී.පී. කැරැල්ල පිටුපස සිටියේත් චීනයයි.ඒ මෙන්ම මැතිනියගේ කාලයේ අළුත්කඩේ උසාවි ගොඩනැගිල්ලත් බන්ඩාරනායක සම්මණ්ත්‍රන ශාලාවත් ඉදිකරමින් චීන්නුන් ලංකාවට කල මැදිහත්වීම් නිසා තමයි ඉන්දියාව ද්‍රවිඩ ත්‍රස්තවාදය උතුරේ අැතිකලේ.තනිකරම ඉන්දියන් අනුග්‍රහය යටතේ කමයි ඒදා ද්‍රවිඩ ත්‍රස්තවාදය ගොඩනැතුනේ.යාපනයට වාසිදායක අාර්ථික ප්‍රතිපත්තියක් අැතිකර තිබියදී පවා යාපනයේ ශ්‍රී.ල.නි.ප. නගරාධපති ඝාතනය කරන්නේ ද්‍රවිඩ ත්‍රස්තවාදයයි.ඒ ඉන්දියාවේ අවශ්‍යතාවය මතයි.අැතමුන් ද්‍රවිඩ ත්‍රස්තවාදය ජේ.අාර්. ගේ ගිණුමට බැර කිරීමට උත්සාහ කලත් ඒහි අාරම්භය 70 දශකයේ මුල දක්වා දිවයනවා.ඉන් පසුව චීන මැදිහත් වීම් මෙන්ම ද්‍රවිඩ ත්‍රස්තවාදයත් ඉදිරියට යන්නේ ඉබි ගමනින්. නමුත් නැවතත් 1983 වනවිට ජෙ.වී.පී. ඒක නැවත අායුධ සන්නද්ධ අරගලයකටත් ද්‍රවිඩ ත්‍රස්තවාදය ක්‍රියාකාරී වීමත් සිදු වන්නේ ඒකි නෙකට සමගාමීවය. ඒ අනුව පලන විට ඊයේ තමලිනාඩුවේ සිදු වූ දෙය පිලිබදව අපට පහසුවෙන් නොසලකා හැරිය නොහැක.

    ReplyDelete
  25. ලංකාව ආසියාවේ මොකක්ද එක වෙනකොට . ඉන්න මිනිස්සුන්ට මොකවත් නැතිවෙලා තියෙයි...

    ReplyDelete
    Replies
    1. එක පවුලක් හරි ඉඳියිනේ....

      Delete
  26. ජෙ ආර් නිසා තමා ඔය ඇමතියො එහෙම දැං පිස්සු කෙල කෙලා ඉන්නෙ

    ReplyDelete
  27. Hey There. I found your blog using msn. This is a very well written article.

    I will be sure to bookmark it and return to read more of your useful info.
    Thanks for the post. I'll certainly return.

    Feel free to visit my web blog: bmr calculator for women

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න