.

.

Mar 27, 2013

ලාංකීය දෙමළා මුරලි පමණද...? - Where are the Tamils of Mother Lanka?


රටේ ජනතාවගෙන් 15% වන ජනතාවක්, රටෙන් 1/3 ඉල්ලන එක, මටනම් එදා ඉඳලා තේරෙන්නේ නැතිය. ලංකාව මෙන් 52 ගුණ්යක් විශාල රටක තියෙන සිස්ටම්, මුම්බායි නගරයේ ජනතාවට සමාන ජනතාවක් සිටින රටක, ඇප්ලයි කරන්න යන්නේ කුමන තියරියටදැයි යන්නත්, මට නම් තේරෙන්නේ නැතිය. එහෙම තුනෙන් එකක් ඉල්ලපු කස්ටිය ඇමරිකාවේ, ඉන්දියාවේ උදව්වෙන් දිවිය ළෝකේ යැව්වත්. උදව් කරන එකාට කොන්ඩොම් තියරියෙන් සලකන්න ගිහිල්ලා, අද ශුක්‍රාණු කෑ රිලවාගේ තත්වයට පත්වෙලා තියෙන බව නම් නොකියාම බැරිය.

13 කියන්නේ ඉන්දියාව අපිට බලෙන් දුන් අටමගුලක් මිස අපේ මළදානයක් නොවේ. බලයට ඇති කෑදර කම නිසා. ජනාධිපති කම නැතිකරනවා කියා එන එකා ඒකට තව බල තල වැඩි කර ගත්තා විනා, ගෝල බාලයන් සනසන්න පලා බබා මේන්ටේන් කරනවා විනා, මේ කරුම නැති කරන්න උත්සාහ නොකරපු කරුමය, අද ඇස් පනා පිටම විඳවන්න වෙලා තිබීම, රටේම කරුමයක්ය. ඒවා වලින් දුක් විඳින්නේ. පාලකයන් නොව අහිංසක ජනතාවයි. මගේ මතය නම් මේ අපේ කන මිරිකුවේ ඇමරිකවා නොව, ඉන්දියාවේ මධ්‍යම ආන්ඩුවම බවයි.

ඒ යුද්ධය දිණූ පසු 13 ගැන ඉන්දියාවට දුන්න බොරු පොරොන්දු නිසාමය. දැන් පලාත් සභා මැතිවරණය තියන්න යන්නේ බලෙන්ය. තිබ්බේ නැත්නම් ඉල්ලගෙන කන්න වෙන සයිස් එකක් තියෙනවාය. ජයලලිතා පටන අරගෙන තියෙන්නේ ඒ ගේමය. ජයලලිතා මේ සියල්ල කරන්නේ මධ්‍යම රජයේ අනුග්‍රහයෙන් බව ඕනෑම හරකෙකුට තේරෙනවාය. නැතිනම් මධ්‍යම ආන්ඩුව කටක් හොල්ලන්නේ නැත්තේ ඇයි? විමලෙලා, චම්පිකලා අපේ ගොන් බූරූ හරකුන්ට බයිලා කියා වැඩක් නැත. දැන් හත් පොලේ ගාගෙන අවසානය. ලියලා දුන්න කච්චතිවු එකත් ඉල්ලනවාය. සිරි ලංකාවේ ඊළම ප්‍රකාෂයට පත් කරන්නැයි කියනවාය. මෙවන් ත්‍රස්තවාදී ප්‍රකාෂ ඉන්දියානු මධ්‍යම රජය අනුමත නොකරනවානම්, කළ යුත්තේ, තමිල්නාඩු රජය විසුරුවා හැරීමය.

තමිල්නාඩුව වෙනම රාජ්‍යයක් කරා යෑම නතර කර ගත හැක්කේ, සිරි ලංකාවේ දෙමළ රාජ්‍යක් බිහි කිරීමෙන් බව ඉන්දියාව දන්නවාය. ඒ නිසා ජයලලිතාට බැක් කරනවාය. ජයලලිතා පමනක් නොව, කමලා හසන්, රැජිනි ප්‍රමුඛ නලුවෝත් ගේමට බැහැලා ඊළාම් සෝ එක රඟ දක්වන්න යනවාය. ලංකාවේ මූසලයෝ, ලොක්කාගේ පිලිකන්නට වී කුස්සියෙන් විසිකරන දෙයක් කා, ඉඳුල් වතුර බිබි ඉන්නවාය. උන් පිකට් කරන්න නම් ලොක්කා කියන්නම ඕනාය. නැතිනම් සිනමාවේ ප්‍රවීනයෝ. කජු කිරි කෙල්ලොත් එක්ක ටැලිවිසොන් එකේ ටී පාටි දානවාය. මුං නම් නළුවෝ නොවේ. නළු බට්ටෝය.

ඇත්තටම දෙමළාට ඇති ප්‍රශ්ණයක් නැත, කොටින්ම ජනවාර්ගික ප්‍රශ්ණයක් නැත. කරුමේ වෙලා තියෙන්නේ දුප්පත් එකාට හා නූගත් එකාටය. පොලිටික්කෝ ටාගට් කරන්නේ මේ සැට් එකය. ප්‍රභා බයිට් එකට ගත්තේත් මේ පිරිසමය. ඉගෙනගත් එකා මරා දැම්මේය. ජාතීවාදය වගුරන සිංහල එකාත් තම්බියාත් ඉතුරු කළේය. කොයි ජාතියෙත් අහිංසක මිනිසා මරා දැම්මේය. ආන්ඩුව කරන්නේත් එයමය. මහ කොටින්ට වී අයි පී ට්‍රීට්මන්ට් දෙද්දී, දුප්පත් කොටි පැටව් තවමත් හිර බත් කනවාය. කූඩාරම් වල දුක් විඳිනවාය.

මහ ජාතිය හා මුසු වීමට හැකි දෙමළා මෙන්ම මුස්ලමානුවාද ආර්ථික අතින් මෙන්ම සමාජීය අතින්ද දියුණුව ලබා සිංහල ජනතාව අතරම, කිසිම උපද්‍රවයකින් තොරව ජීවත්වේ. ඇත්තටම සිඳු විය යුත්තේ එයයි. තම සංස්කෘතික අනන්‍යතාවය රැක ගනිමින් මහ ජාතිය හා මුසුවීමයි. දැන් ඔය ඩයස්පෝරාවෙන් මට ඇසීමට ඇති ප්‍රශ්ණයනම්, ඒ රටෙත් රජයේ කාර්යාලවල කටයුතු කරන්න දෙමළ නිළධාරීන් සිටිනවාද යන්නයි, කැනඩා ජාතික ගීය ගායනා කරන්නේ දෙමළෙන්ද යන්නයි. පොලිසියේ පැමිණිළි ලියාගන්නේ දෙමළෙන්ද යන්නයි, නඩුකාරයා තීන්දු දෙන්නේ දෙමළෙන්ද යන්නයි. අපේ දේශපාළකයන්ට වැරදුන තැන මෙතනය.

ඩයස්පෝරාව ගේම අදින්නේ ලංකාවට එන්න වෙන නිසාය. ආන්ඩුව බල්ලා මාක් එකට දමා තිබෙන උතුරේ ජනතාව ජයලලිතා කියන දෙයකට ආවඩනවා මිස විරුද්ධව මුකුත් කියන්න යන්නේ නැතිය. සම්බන්ධන්ලාත් එහෙමය. උන් ජීවත් වෙන්නෙත්, අර අහිංසක ජනතාව නිසාය. එහෙත් එකෙක් පමණක් හඬ අවදි කොට ඇත. ඒ මුත්තයියා මුරලිදරන්ය. මුරලි කියන්නේ තමිල්නාඩුව දෙවන නිවහන උනත්. මේ මගේ රටයි කියාය. එසේ කිව හැක්කේ මුරලිට පමණක් නොවේ. මුරලි මෙන්ම වරප්‍රසාද ලබන පුභූ දෙමළ ජනතාවක් ලංකාවේ ජීවත්වේ. මුරලි කළ යුතුව ඇත්තේ. එම ජනතාවගේ නායකත්වයෙන් බලවත් හඬක් නැගීමයි.


කිසිම ජාතියක් පාගා දැමිය යුතු නැත. ඔවුනට ඔවුනගේ සංස්කෘතියට ගරු කිරීමට ඉඩ දිය යුතුය. එහෙත් රටේ නීතීයට අනුව ජීවත් වීමට ඉගැන්විය යුතුය. ඔස්ට්‍රේලියාවේ ජාතික ගීය ගායනා කරණා විට කොටි කොඩි වන්නනේ නැතිය. එසේ වනන්නත් බැරිය. අපේ ගොන්නු කරන්නේ සිංහලයාට දෙමළ ඉගැන්වීමය. දැන් එහෙම ඉගෙනගෙන මාරම රිලේෂන් ෂිප් එකක් ඇති වෙලා තියෙනවාය. මෙව්වා මළ විකාරය. මේ රටේ ජනවාර්ගික ප්‍රශ්ණයක් නැතයි, කිව යුතුව ඇත්තේ අඩුම ගානේ ආන්ඩුවේ ඉන්න දෙමළාය. මුරලි මෙන් ඔවුනගේ හඬ අවදි කළ යුතු කාළයයි මේ.

මේවාට විසඳුම,  මොට්ට හාමුදුරුවරු කියනවාක් මෙන්, බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියන බයිලා දේශනා නොවේ, එහෙම උනොත් සුද්ධෝදන ඉපදිලා තියෙන්නෙත් මෙහේය. සමහර විට ඇත්තක් වෙන්නත් ඇතිය. ඡේතවනාරාමය තියෙන්නේ ආමර් වීදීයේය. මහමෙවුනාව තියෙන්නේ කොට්ටාවේය. බුද්ධගයාව තියෙන්නේ කතරගමය. තව්තිසාව තියෙන්නෙත් මෙහේ වෙන්න ඇතිය. විජය ඇවිල්ලා තියෙන්නෙත්, විහාර මහා දේවී ආවා වගේ, කරෙක් නිසා, පිටකොටුවේ ඉඳන් වෙන්න ඇතිය. මේ වෙළාවේ මේ වගේ පොළොව පලාගෙන යන පච කෙලලා, අපේ මොට්ට බූරුවෝ රවට්ටලා හරියන්නේ නැතිය.

දැන් අපේ පොල් බූරුවෝ හා ළෝකයා රැවැට්ටුවා හොඳටම ඇතිය. මේ රැවටිල්ලේ හා බොරුවේ අවසානයක් තිබිය යුතුය. බොරුව, වංචාව හා දූෂණය නිසා රට වැටෙන්න තිබෙන අන්තිම අඩියට වැටී අවසානය. සෝභිත හාමුදුරුවෝ කරනවාක් මෙන් කළ යුතුව ඇත්තේ සාමයෙන් කරුණු වටහා දීමයි. උන් වහන්සේට අපගේ ගෞරවය මෙන්ම, රටේ සම්පූර්න සහයෝගය හා ආශීර්වාදය ලැබිය යුතුමය. පලා බබෙක් බලෙන් ඇඟේ ගැහුව ඉන්දියාව, බබගේ කනවැන්දුම් අම්මාත් (ඊළම), මෙහෙ ගෙනත් පදිංචි කරන්න යෑම වලකා ගත හැක්කේ, එසේ ක්‍රියාකිරීමෙන් පමණි.

76 comments:

  1. දෙමළාට දෙමළ වීම නිසා තිබුන ප්‍රශ්නත් මේ වෙද්දි ඉවරයි. දැන් ප්‍රශ්න තියෙන්නෙ ජාතිකත්වය මත නෙවේ. මාතලන් එක්ක එකඟයි.
    //තමිල්නාඩුව වෙනම රාජ්‍යයක් කරා යෑම නතර කර ගත හැක්කේ, සිරි ලංකාවේ දෙමළ රාජ්‍යක් බිහි කිරීමෙන් බව ඉන්දියාව දන්නවාය//
    නෑ! ලංකාවේ දෙමළ රාජ්‍යක් බිහිවෙනව කියන්නෙ ඉන්දියාවෙ බිඳීම නවත්වන්න බෑ.

    දැන් ඇතිවෙලා තියන ප්‍රශ්නය මම හිතන විදියට සාමයෙන් විසඳා ගත යුත්තක්. ඇත්තටම ලංකාවෙ තත්වය තමිල්නාඩුවෙ සාමාන්‍ය මිනිස්සු දන්නෙ නෑ.

    කළාකරුවන් ගැන කිව්ව කතාව නං පංකාදුයි.

    ReplyDelete
    Replies
    1. එකඟයි රාජ් , මාතලන්ම පලවෙනි ඡේදෙ කියනවා ඇමරිකාවෙන් ඉන්දියාවෙන් උදව් අරන් කොටින්ට ගැහුවලු , ඊලම ඉල්ලලා සාර්තකම අරගලය කරපු එකාව වලගම්පිටි යවන්න උදව් කිරිම තබා , කරබාගෙන බලාගෙන ඉන්නෙ වත් නැ ලංකාවේ ඊලමකට ඉන්දීය මධ්‍යම රජයේ වුවමනාවක් තියනවා නම් , ඇත්තටම මෙහේ ඊලමක් හැදුනොත් තමිල්නාඩුවත් ඒකට එකතු වෙන්න දඟලන එකයි වෙන්නේ . ජයලලිතා භාරතීය ජනතා පක්ෂයේ සහයීකාවක් , එයාගේ රජයක් එහෙම ලේසියෙන් විසුරවලා දාන්න කොංග්‍රස් රජයට බෑ , කලොත් ඒක සැහෙන ලොකු ප්‍රශ්නයක් වෙනවා . ලංකාවේ වගේ හිතු හැටියට විසුරවන්න බෑ ෆෙඩරල් පාලනයක , හැබැයි ජයලලිතා නෝනා තමිල්නාඩුවේ ඊලමක් ඕනි කිව්වොත් අන්න එදාට විසුරවයි . ජයලලිතා කරන්නේ ඉස්සරහට එන ඡන්දෙට පොයින්ට් එකතු කරන එක , බෙලි කඩාගෙන තමන්ගේ ෆිල්ම් බලන ගොබ්බ සෙට් එක අතරේ වීරයො වෙන්න යි අර නලු බට්ටො ටික දඟලන්නේ . තමිල්නාඩුව මොනව කීවත් කලත් ලංකාවට ලොකු බලපැමක් නැ , ඉන්දියා මධ්‍යම රජය ඉන්න ස්ථාවරය අවම වශයෙන් නියුට්‍රල් නම් . හැබැයි එහෙම නැ , ඒ ඊලමක් මෙහෙ හදන්න ඕනි නිසා නම් නෙවෙයි මාතලන් කියනවා වගේ දුන්න බොරු පොරොන්දු සහ චීන හිතවාදී කම කියලයි මම කියන්නේ

      Delete
    2. ජයලලිතා මුලින් හිටියෙ ඊලාම්වාදී නොවන ස්ථාවරයක. සමස්ථයක් විදියට තමිල්නාඩුව ගත්තත් එහෙම තමයි. නිකමට හිතල බලපං යුද්ධෙ දරුණුවටම තිබුන කාලෙත් අපිට තමිල්නාඩුවෙන් මේවගේ ප්‍රශ්න තිබුනෙ නෑ. ඒත් කෙසේ හෝ තමිල්නාඩුව ඊලාමිවාදී ස්ථාවරයකට තල්ලුඋනා. ජයලලිතා කරන්නෙ ගලන වතුරෙන් නාන එකයි. මොකද ඕන කෙනෙක් අංක එකට හිතන්නෙ තමුන් ගැන නිසා. තමිල්නාඩුව දැන් තියන ස්ථාවරයට ගෙනාවෙ නැදුමාරන්ල කරුණානිධිල තමයි.

      මගේ අදහස නම් තමිල්නාඩුවෙදි ජයලලිතා එක්ක මේ ගණුදෙනුව විසඳගන්න ලේසියි.(අනිත්උන්ට වඩා). උඹ කිව්ව වගේ අපි චීනය පැත්තට යනව කියන්නෙ, ඉන්දු මධ්‍යම රජය කරන්නෙ 'මට්ටුවෙනකල්' බලා ඉඳිමක්.

      මුරලිදරන් ගැනත් යමක් කියන්න ඕන. මේ කේස් එකට මුරලිව පාවිච්චි කරන්න පුළුවන් අපිට වාසිදායක විදියට. මුරලි කියන්නෙ කදිරගාමර්ටත් වඩා අපිට වාසිදායක ලාංකීය දෙමළ අයිකන් එකක්. අපේ උදවිය එයාගෙන් කවදා ප්‍රයෝජනයක් ගනීද දන්නෙ නෑ. (මං කියන්නෙ මැතිවරණ කාලෙක "අපේ පැත්තෙන් ඡන්දෙ ඉල්ලපං" කියල කාඩ් එක දෙනඑක නෙවේ) බුවා මොකද කියන්නෙ ඒ ගැන?

      Delete
    3. @ රාජ් & බුවා
      ඉන්දියාව ඊළමකට පාර කපන්නේ අදක ඊයෙක නෙමෙයි. ප්‍රභාලව ට්‍රේන් කලේ ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි ඉන්න කාළේ. ඒ කාලේ අපේ බුද්ධි අංශ පෙන්නපු දේ ඇහුවානම් ත්‍රස්තවාදයක් බිහි වන්නේ නෑ. ඉන්දියාව ප්‍රභාට ගේම දුන්නේ ප්‍රභා කියන දෙයක් නාහන දරුවෙක් නිසා. උඹලා හිතනවද ප්‍රභා ගාව තිබුන බඩු ඔක්කෝම ප්‍රේමදාස මහත්තයා දීපුවා කියලා. තමිල්නාඩුව බෙදන එක වලක්ව ගන්න ක්‍රමය තමයි ඊළම බිහිකිරීම. බැරිම තැන තමයි කොළඹ එක්ක බිස්නස් එක පටන් ගන්නේ. එතනින් හරි ගේම ගහන්න.

      Delete
    4. ඒ කාලේ ඉන්දියාව කොටි පෝෂණය කලෙත් ඊලාම් වුවමනාවකින් නෙවෙයි ජේ. ආර් එක්ක තිබුන දේශපාලන වෛරය පිරිමහගන්න , දැන් සහ එදා තත්වය වෙනස් . උඹ මහ ලොකුවට කථා කරන විදේශ ප්‍රතිපත්තිය ඉන්දියාවට ඊලමට සපෝට් ඒ නිසා ගේම ඉල්ලපන් කියන එකද ?

      රාජ් - එකඟයි , ජයලලිතාව ඊලාම් වාදයට තල්ලු වෙනකන් බලාහිටියේ මාතලන්ගේ "ආදරණීය ලොක්කගේ" විදේශ ප්‍රතිපත්තියේ හොඳ කම නිසා . මුරලිව හරියට යොදාගන්න තිබුනා ඒ දවස් වල ඉඳලම , ඒත් එපා , ඒ මනුස්සයට ජයසුරියට වෙච්ච දේ වෙයි කියල මට බයයි . මොකද අපේ අයගේ "හරියට යොදා ගැනීම " මට ශුවර් නෑ

      Delete
    5. ජේ ආර් බලයට එන්න ඉස්සෙල්ලා බොහෝ කළක පටන් තියෙන ගේමක් මේක. ප්‍රභා කියන්නේ එහි සටන්කාමි නියෝජනය පමණයි. කවුද බන් කිව්වේ ඉන්දියාව එක්ක ගේම ඉල්ලන්න කියලා. කරන්න පුළුවන් දෙයක් එපයි කතා කරන්න. මම කියන්නේ අපේ බබාලට දෙන ටොපි, දිල්ලියට කවන්න ගිහින්, දැන් තමිල්නාඩුවේ ටොපි කන්න වෙලා තියෙන්නේ ඔක්කෝටමයි කියන එක.

      Delete
    6. දැන් මොකක් කර්මු/ කල යුතුව තිබුනා කියලද මාතලන් සහෝ කියන්නේ . ඔය කියන විදිහට ලංකාවේ ඊලමක් හදන්න ඉන්දියානු ආණ්ඩුවට ඕනි නම් යුද්ධේ ඉවර වෙච්ච ගමන් 13 අහෝසි කරලා , අපි බලය බෙදන්නේ නෑ කියල ප්‍රකාශයක් කලා නම් ආ එහෙනම් කමක් නෑ මල්ලියේ කියලා මන් මෝහන් සියා පැත්තකට වෙය්ද ?

      Delete
    7. විදෙස් සේවය කියන්නේ එහෙම ගොන් බූරූ කතා කියන එක නෙමේ බන්. මහ විශාල සබ්ජෙක්ට් එකක්. ජනමත විචාරනයක් තියලා පලාත් සභා ක්‍රමයම අයින් කරන්න තිබුනා. මත්තලට හම්බන්තොටට වියදම් කරපු සල්ලි උතුරේ සංවර්ධනයට යොමු කරන්න තිබුනා. උතුරේ නිදහස් වෙළඳ කළාප දෙකක් ඇති කරන්න තිබුනා. නිවාස යෝජනා ක්‍රම හදන්න තිබුනා. කීයක් දේවල් කරන්න තිබුනද..? මොනවද කළේ.

      Delete
    8. හරි ජනමත විචාරණයක් තියලා පලාත් සභා ක්‍රමයම අහෝසි කලා කියමු , ඊට පස්සෙ ඉන්දියාව බලය බෙදීමක් ගැන කතා නොකර කට පියාගන්න වාය කියල කියන්නෙ කොහොමද ? උඹ කියන විදිහට ඊලමක් වෙනුවෙන් පෙනී ඉන්නවා නම් කොහොමවත් එහෙම වෙන්න විදිහක් නැනේ ?

      Delete
    9. නැහැ එතකොට දෙමළ මිනිහා අපේ පැත්තේ.. ඔය ඊශ්‍රාලය ඇතුලේ ඉන්නවා මුස්ලිම් මිනිස්සු. උන් එකෙක්වත් කැමති නෑ. පලස්තීනෙට ජෙරුසලම තියා එක බිම් අඟලක් දෙනවට. කොටින්ම කොළඹ ඉන්න දෙමළ මිනිස්සු කැමති උනේ නෑ ප්‍රභා යටතේ ඉන්න. එකක් කුළභේදය. අනික. කොළඹ දාලා යන්න වෙයි කියන බය.

      Delete
  2. ඇත්ත නේන්නං ජය ලලිතට ඉන්දියාවෙන් කෑල්ලක් ඉල්ලගන්ට කියමුකො. අපේ අඹ ගෙඩියට ඇගිලි ගහන්නෙ නැතුව.

    මාතලන් කියන්නෙ මුර්ලිට දේශපාලනේට එන්න කියලද, නැත්නම් වෙන විකල්පයක් එක්ක හඩ නගන්න කියලද?

    ReplyDelete
    Replies
    1. අර විජේ කියන නලුව(දෙමල එක්කෙනා) නම් මට පේන්න බෑ. උට මොලේ උනද කොහෙදො

      Delete
    2. බොබ් මාලේ. ජැමෙයිකාවේ දේශපාලන ප්‍රශ්ණ විසඳුවේ පොලිටික්ස් කරලා නෙමෙයිනේ. ඩේවිඩ් බෙකම් එංගලන්තෙට ඔලිම්පික් අරගෙන දෙන්නේ ටීම් එකට ගහන්න බලාගෙන වත් නෙමෙයිනේ..

      Delete
  3. //දැන් අපේ පොල් බූරුවෝ හා ළෝකයා රැවැට්ටුවා හොඳටම ඇතිය. මේ රැවටිල්ලේ හා බොරුවේ අවසානයක් තිබිය යුතුය. බොරුව, වංචාව හා දූෂණය නිසා රට වැටෙන්න තිබෙන අන්තිම අඩියට වැටී අවසානය.//

    ඇත්ත කියන එක තමයි ප්‍රශ්නෙ. ඇත්ත කියන්න ගියොත් ඇඳගෙන ඉන්න රෙදි ගැලවිලා යනවා.

    ReplyDelete
    Replies
    1. ජාත්‍යන්තරය බොරුවෙන් රවට්ටලා ඉවරයි..

      Delete
    2. මම සිතන්නේ නැහැ, රටේ සියලුම මිනිස්සු හෝ බහුතරයක් පියවි සිහියෙන් සිටිනවා කියා.

      Delete
    3. මේ ගැන ලස්සන ළිපියක් තිබුනා මෙතන හැබයි හොඳම කෑල්ල තියෙන්නේ අවසාන හරියේ...

      http://c-u-l-t.blogspot.com/2013/03/blog-post_7028.html

      Delete
  4. දෙමලාට දෙමල වීම නිසා ප්‍රශ්න නැතැයි කියන ඔබ එසේම මුස්ලිමුන්ට මුස්ලිම් වීම නිසා දැන් ඇති කරන ප්‍රශ්න ගැන කියන්නේ මොනවාද?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් වෙනස් කරල අහන්න තරහ අවසරද?
      මුස්ලිමුන් මුස්ලිම් වීම නිසා "එයාල ඇති කරල තියන" ප්‍රශ්න කොහොමද?

      Delete
    2. දෙමළ මනුස්සයා ඉල්ලං කෑවා වගේම. මුස්ලිම් කස්ටියත් ඉල්ලගෙන කනවට අපි මක් කොරන්නද.? අපිත් මේ රටේ ජීවත් වෙන්නේ පොඩි කාළේ ඉඳන්. හලාල් අපේ ඇඟේ ගහන්න උන්ට තියෙන අයිතිය මොකක්ද. පටන් ගන්න කොටම නවත්තලා දාපු එක බොහෝම හොඳයි. උඹට තලෙයිබාන් කරණයයක් නොපෙනුනාට. මට හොඳට පේනවා. නමුත් ප්‍රචන්ඩත්වය නෙමෙයි එයට පිළිතුර. ඒ නිසයි සද්දෙ වහලා ඉන්නේ. 7% කට තියෙන අයිතිය මොකක්ද 93% කට හලාල් කවන්න.

      Delete
    3. බෞද්ධ මූලධර්මවාදය ගැන උඹ කතා නොකරන්නේ ඇයි

      Delete
    4. ඇයි හැලපේ ඔය මම කියලා තියෙන්නේ. අපි සද්දේ වහලා ඉන්නේ ඒකයි කියලා. මම හිතන්නේ බුවත් ඉන්නේ ඒ තීරණයේ. ප්‍රචන්දත්වයෙන් ප්‍රශ්ණ විසඳීමට මම එක හෙලා විරුද්ධයි. දැන් තියෙන්නේ බෞද්ධ මූලධර්මවාදයක් තමයි. මම නම් ඒකට කියන්නේ බෞද්ධ තලෙයිබාන්කරණය කියා.

      Delete
  5. මට මුරලි කිව්වාය කියන දේ දැක්කම මතක් උනේ පකිස්ථානෙන් ඉන්දියාවේ ඉන්න මුස්ලිම් අයට ආරක්ෂාව දෙන්න ඕනේ කිව්වම, ඒත් වැඩකට නැති දේශපාලකයෙක් තමයි කිව්වේ, ඒකට ශාරුක් ඛාන් උත්තර දුන්න හැටි... මට අවශ්‍ය ආරක්ෂාව මේ රටේ තියෙනවා, මේක තමයි මගේ රට කියලා...

    ජයලලිතා සහ කරුණානිධි ඇතුළු ( අම්මපා මේ නාකි දෙන්නා මැරෙන්නෙවත් නැති හැටි... පුදුම වදයක්... ) තමිල්නාඩු ආණ්ඩුව දඟලන්නේ ඊළඟ ඡන්දේ ඉලක්ක කරගෙන කියලා කියන්න පුළුවන්.. මධ්‍යම ආණ්ඩුව සද්ද වහලා ඉන්නේ කොරන්න දෙයක් නැති කමට කියලා කියමුකෝ සැකයේ වාසිය විත්තියට දීලා... ඒ ගැන නෙවෙයි මම මේ කියන්න හැදුවේ...

    කැනඩාවේ මේ දවස්වල ස්වදේශිකයෝ උද්ඝෝෂන කරනවා ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා ගන්න.. අලුත් නීති වලින් ඔවුන්ගේ සාම්ප්‍රාදායික ජීවන රටාව නැති වෙනවා කියලා... දැන් මේකෙදි කැනඩා රජය මොනවගේ දෙයක් කරයිද කියලා මං මේ බලං ඉන්නේ...

    ආගම, සංස්කෘතිය වගේම නීතියත් රකින්න ඕනේ කියන එක අපේ රටේ අය දන්නේ නෑ නේ... ( කොහොමත් ඔය තුනම රකින්නේ නැති නිසා ඉතිං කොරන්න දේකුත් නෑ...)

    ///කිසිම ජාතියක් පාගා දැමිය යුතු නැත. ඔවුනට ඔවුනගේ සංස්කෘතියට ගරු කිරීමට ඉඩ දිය යුතුය. එහෙත් රටේ නීතීයට අනුව ජීවත් වීමට ඉගැන්විය යුතුය. ඔස්ට්‍රේලියාවේ ජාතික ගීය ගායනා කරණා විට කොටි කොඩි වන්නනේ නැතිය. එසේ වනන්නත් බැරිය. අපේ ගොන්නු කරන්නේ සිංහලයාට දෙමළ ඉගැන්වීමය. දැන් එහෙම ඉගෙනගෙන මාරම රිලේෂන් ෂිප් එකක් ඇති වෙලා තියෙනවාය. මෙව්වා මළ විකාරය. මේ රටේ ජනවාර්ගික ප්‍රශ්ණයක් නැතයි, කිව යුතුව ඇත්තේ අඩුම ගානේ ආන්ඩුවේ ඉන්න දෙමළාය. මුරලි මෙන් ඔවුනගේ හඬ අවදි කළ යුතු කාළයයි මේ. //

    මේන්න මේ කෑල්ලට නම් අකුරක්වත් වෙනස් නොකර එකඟය... මම ඒකෙන් කියන්නේ ළමයින්ට දෙමල ඉගැන්විය යුතු නෑ කියලා හෙම නෙවේය... ඒ ඉගැන්නිල්ලෙන් ජාතික එකමුතුවක් ඇතිවේයැයි හීන මැවීම නම් මෝඩ වැඩක් කියාය......

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක ආයිත් කියවද්දි මතක් උනේ... ඔය කරුණානිධි කියන නාකි මිනිහා අවුරදු 80දි ද කොහෙද , අවුරුදු 18ක කෙල්ලෙක් බැඳගත්තා නේද තිරිහන් වෙන්න කියලා... ඒක හරි ගිහිල්ලද මන්දා...... උන් දෙන්නගෙන් එකෙක් ඉක්මණට මැරෙනවානම් මේ කරදරේ ඉවර වෙනවා... මොකද ඊළඟට කරුණානිධිගේ පුත්තු දෙන්නා මරාගන්න පටන් ගන්නවා.. එතකොට දෙයියනේ කියලා උන්ට දෙමල ෆිල්ම් වල වගේ කුස්සි පිහි අරන් පාරවල් දිගේ තරහාකාරයෝ කැති ගගා යතෑකි නේ..... අපිට පාඩුවේ ඉන්න දීලා...

      Delete
    2. හහහා සිරා කතාව... දෙමළ ෆිල්ම් වල කොටන්නෙම මන්නෙන් නෙහ්? ^_^

      Delete
    3. කතාව ඇත්ත හිරු අක්කෙ. ඒත් පෝස්ට් ඇතුලෙ තවත් පෝස්ට් දාන්න ඔට්ටු නෑ.
      අපිට මිස් වෙනව

      Delete
    4. කරුමේ කියන්නේ ඉස්සට එකෙක් ගහන කොට අනිකා අපිව බේරනවා. දෙන්නම එකතු වෙලා ගහන එකෙන් පැහැදිලිව පේනවා. මේක දිල්ලියේ වැඩක් බව. මම මේක මුලින්ම කිව්වේ කරුණා නිදි නෑ වගේ කියන පෝස්ට් එකේදි. ඒ දවස්වල ඔහේට සනීප නෑ..

      Delete
  6. දකුණු ඉන්දියාවේ මැතිවරණයක් එනව මම හිතන්නේ. ඒකයි මේ උණුසුම. ඉන්දියාවේ බහුතර මිනිස්සු මේ විගඩමට කැමති නැහැ. එහි පුවත් පත් පවා බොහෝ විරුද්ධයි මේ කරුණානිධිලගේ, ජයලලිතාගේ වැඩවලට. ලංකාව කැඩුනොත් ඉන්දියාවටත් අබසරණයි. ඒ කියන්නෙ තමිල්නාඩුව නෙමේ. මුළු ඉන්දියාවම ගිනි ගන්නවා. නාගලන්ත, කාෂ්මීර, පංජාබ්, ප්‍රශ්න නම් කීයක් ද? ඒ නිසා නටන අය නටපුදෙන් අපේ සහෝදර දෙමළ ජනයාගේ හිතසුව පිණිස අපි අපිට හැකි දෙයක් කරමු.
    මුරලි ඒ සහෝදරකම හොදින් දන්නා මිනිහෙක්!!!!!!!

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයා එක්ක මමත් එකඟයි...

      Delete
    2. ඒ තිබුනට ලංකාවේ ඊළමක් බිහිකරන සිහිනය ඉන්දියාවට තියෙන්නේ අද ඊයේ ඉඳලා නෙමෙයි. මම හිතන්නේ ඒ ගැන වෙද මහත්තයා දන්නවා. ඉන්දියාවට මොනවා උනත් තමිල්නාඩුව ෂේප් කර ගන්න පුළුවන් නිසා ඒ දේ කළොත් ඉන්දියාවට වාසියි. බහුතර දෙමළ ජනයා එහෙම නොවෙයි කියන එක මමත් පිළිගන්නවා. නමුත් කරුණා නිදිගේ සෙට් එක අයින් වෙන කොටම පේනවා මේක දිල්ලියේ පිටපතක් කියලා. ඇත්තටම ඇමරිකාව නෙමෙයි යෝජනා ගෙනාවේ, ඉන්දියාව. දිල්ලිය නිහඬව ඉන්නේ ඒකයි.

      Delete
  7. ජාති, ආගම්, පක්ෂ, පාට ඔය කොයි වර්ගීකරණයට අහු උණත් ඇති හැකි අය සුවෙන් ඉන්නවා... නැති බැරි මිනිහා හැමදාම තැලෙනවා... මට පෙනෙන දැනෙන ඇත්ත ඒකයි...

    ReplyDelete
    Replies
    1. මුළු ළොවේම සත්‍යය එයයි. එහෙත් බොහෝ රටවල ධෛර්යයවන්ත මිනිහාට ඉදිරියට එන්න චාන්ස් එක තියෙනවා. මේ වගේ රටවල ඒක අල්පයි...

      Delete
  8. අම්මෝ කාලයකට පස්සේ මාතලන්ගේ වැදගත් ලියමනක්.සම්පුර්ණ ලිපියට නැතැත් එකඟ වන්න පුළුවන් කරණා බොහෝය.

    ඇත්තටම දෙමළාට ඇති ප්‍රශ්ණයක් නැත, කොටින්ම ජනවාර්ගික ප්‍රශ්ණයක් නැත. කරුමේ වෙලා තියෙන්නේ දුප්පත් එකාට හා නූගත් එකාටය.

    තමිල්නාඩුව වෙනම රාජ්‍යයක් කරා යෑම නතර කර ගත හැක්කේ, සිරි ලංකාවේ දෙමළ රාජ්‍යක් බිහි කිරීමෙන් බව ඉන්දියාව දන්නවාය. ඒ නිසා ජයලලිතාට බැක් කරනවාය. ජයලලිතා පමනක් නොව, කමලා හසන්, රැජිනි ප්‍රමුඛ නලුවෝත් ගේමට බැහැලා ඊළාම් සෝ එක රඟ දක්වන්න යනවාය.
    අත් දෙකම උස්සා අනුමත කරමි.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්ණයේ මුල සිටම දන්න එකා, ඉන්දියාවේ උතුම් පරමාර්ථය කුමක්දැයි හොඳින් දන්නවාය.

      Delete
  9. මේ ප්‍රශ්නය දෙසට ලොවේම අවධානය අපට යහපත් ලෙස ලබාදිය හැකි චරිතය තමා මුරලි.. මුරලි හරහා දෙමළ සහෝදරත්වයක් ඇති කරන්න අවස්ථාවක් තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. මුරලිට මීට වඩා අවස්ථාව ලබා දිය යුතුයි. මම උදේ දැක්කා අර සුරාංගනී ගීතය රැප් කරපු කොලු පැටියත් ලංකාව වෙනුවෙන් කතා කරනවා. උන්ව තමයි ඉස්සරහට දාන්න ඕන. ඌ මැලේසියාවෙත් ජනප්‍රියයි.

      Delete
    2. මැලේසියාවෙ ඉන්දියා/මැලේ අයගේ ගෙදරක පාටියක් තිබුනොත් "සුරාංගනී"සින්දුව වරදින්නෙ නැහැ.

      Delete
  10. අනේ මන්දා මටනම් කියන්න තියෙන්නේ අපේ උන්ට කොන්ද පණ නෑ කියලා විතරයි

    ReplyDelete
    Replies
    1. මේක කොන්ද පන නැති ප්‍රශ්ණයක් නෙමේ. කොන්ද හයිය වැඩි වෙලා කරපු ඇදගෙන නෑමක්. ප්‍රතිපත්තියක් නැති කම. මෙහේ ගොන්නු වගේ, දිල්ලියත් රවටන්න පුළුවන් කියලයි හිතුවේ..

      Delete
    2. මට හිතෙන්නේ හිරි වැටිලා

      Delete
  11. ජාති,ආගම් විදියට මිනිස්සු බෙදෙන එකට මන්නම් විරුද්දයි.
    අනික මේ ප්‍රශ්නයේදී ඉන්දියාව දෙබිඩි පිළිවෙලක් අනුගමනය කලත් මේකට අපිට විසදුම් හොයාගන්න වෙන්නෙත් ඉන්දියාව එක්කම නේද?

    ReplyDelete
    Replies
    1. නැතුව... පකිස්ථානෙත් එක්කය.. නැතුව චීනේ එනවයි අනුන්ගෙ ටොපි කන්න.

      Delete
  12. //සෝභිත හාමුදුරුවෝ කරනවාක් මෙන් කළ යුතුව ඇත්තේ සාමයෙන් කරුණු වටහා දීමයි. උන් වහන්සේට අපගේ ගෞරවය මෙන්ම, රටේ සම්පූර්න සහයෝගය හා ආශීර්වාදය ලැබිය යුතුමය.//

    හැබෑට උන්නාන්සේ බලයට පත් කලොත් කොහොම හිටීවිද?

    ReplyDelete
    Replies
    1. අනේ කෙල්ලේ මේන් මම උඹට වැන්දා..

      Delete
  13. හැම මැතිවරණයක් කිට්ටු වෙද්දීම තමිල්නාඩුවට තියෙන එකම සටන් පාඨය තමයි මේක.ඕවට විතරක් නෙමේ ලෝකයාගෙන් එන කෙනහිලිකම් වලට මුහුණ දෙන්නවත් අපේ උපසේන ලා ලග සැලසුම් සහ වැඩපිළිවෙලවල් කිසිවක් නැහැ.ජාත්‍යන්තරයෙන් මොනව හරි ප්‍රස්නයක් ආපුගමන් මුණ සුරතල් හාමුදුරු කෙනෙක් හරි,කට කචල් විමලේව දාල රටේ ජනතාව චුන් කරන එක තමයි කරන්නෙ.ලබන මාර්තු ප්‍රශ්නෙටත් පෙබරවාරි අන්තිමට තමයි උත්තර හොයන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනිතීමට කිව්වේ තර්ටීන් ප්ලස් ප්ලස් දෙනවා කියලා. දැන් තර්ටින් එක්ක පොළොවේ පස් කන්න තමයි වෙලා තියෙන්නේ. කෂ්ටියම ඉන්නවා අරවා කාපු රිලව් ටික වගේ..

      Delete
  14. What do you say about Dr. Dayan Jayathilake's ideas at Derana 360 on this issue?

    ReplyDelete
    Replies
    1. මම ඒක බැලුවේ නෑ. නමුත් දයාන් ජයතිලක කියන්නේ ළෝකය ගැන දන්නා උගතෙක්. අපේ කාළකන්නි ඒ මිනිස්සු එලවලා දාලා, පිස්සො ටිකක් එක්ක පිස්සු නටනවා. මේ ඔක්කෝටම වග කියන්න ඕන ජී ඇල්. තමන්ට ඒ දේ හරියට කරන්න බැරිනම් යන්න ඕන ගෙදර.

      Delete
    2. It was very informative and clear talk. worth watching !

      Delete
  15. ඔච්චර ආදරේ නම් අරන් ගිහින් සලකන එකනෙ ඇත්තෙ. මේක හරියට අපේ ගෙදර බල්ලට කන්න දෙන්න කියල එහා ගෙදරට තග දානව වගේ වැඩක්

    ReplyDelete
    Replies
    1. බලාගෙන හිටපන්.. මේ කෑ ගහන්නේ ජයලලිතා නෙමෙයි. දිල්ලිය...

      Delete
  16. මේක සොභිත හාමුදුරුවන්ටත් තර්ජනය කරපු ලොකු වුන් ඉන්න රටක් !

    ReplyDelete
    Replies
    1. සෝභිත හාමුදුරුවන්ගේ මේ වෙනස මට අදහාගන්නත් අමාරුයි...

      Delete
  17. ජාති ආගම් බේද නැති ලංකාවක් කවදාවත් එන එකක් නෑ කියලා මේ වෙනකොට මට නම් විස්වාසයක් තියෙනවා. කොටින්ම මේ උඹලා ලියන දේවල් අස්සෙත් ඔය කියන ජාතිවාදය තියෙනවානේ මචන්. සිංහල දෙමළද මුස්ලිම්ද නෙමෙයි හැම එකාම මනුස්සයෝ කියලා හිතනදාක රටක් විදියට මෙයිට වඩා වෙනසක් තියෙයි. දියුණුවක් තියෙයි.

    ReplyDelete
    Replies
    1. ජාතියට ආදරය නොකරන කෙනා තම මවටත් ආදරේ කරන්නේ නෑ. අපේ රටේ මිනිස්සු ඇත්තටම අපේ රටට ආදරේ නෑ. මේ හැම දේටම මුල ඒකයි. නමුත් ප්‍රචන්ඩත්වයෙන් ප්‍රශ්ණ විසඳීමට මම එක හෙලාම විරුද්ධයි.

      Delete
  18. මුරලිදරන් පොරක් ද බං?
    (මගේ හෙට කතන්දරේ මාතෘකාවයි ඒ)

    ReplyDelete
    Replies
    1. මට නම් මුරලි පොරක්... ටෙස්ට් කඩුළු 800 ක් ගන්නවා කියන එක ලේසී වැඩක් නෙමෙයි. අනික ඔහුගේ නිහතමානීකම...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කතාත් බ්ලොග් ළෝකයේ පොරකි...

      Delete
  19. ඉන්දියාව කරනුයේ ලංකාවේ පෙට්ටිය කැඩුවා මදිවට ඉදිරියෙදී බඩ කරවන බවට අනියමින් තර්ජනය කිරීමයි. අප ඉදිරි අනාගතයේ බඩවීමේ අනතුර වලක්වා ගැනීමට නම් පෙට්ටිය කැඩුවාට සමාව දිය යුතුව ඇත. තව ටික දිනකින් කාටත් නොදැනීම මේ සියල්ල අවසන් වනු ඇත. ඉන්දියාව ඔවුනට උවමනා දේ කරගෙන අවසන්.. මෙය අපට මතුපිටින් පෙන්වන සිල්ලර දෙශපාලන ජවනිකාව නොවේ.......

    ReplyDelete
    Replies
    1. ගෝලීය දේශපාළණය ගැන හොඳ අවදියෙන් සිටින් කෙනෙක් වගෙයි පේන්නේ. කස්ටිය අලියා අතගාපු අන්ධයෝ සැට් එක වගේ. නමුත් අලියගෙ තරම එකෙක්වත් දන්නෙ නෑ..

      Delete
  20. @"මෙවන් ත්‍රස්තවාදී ප්‍රකාෂ ඉන්දියානු මධ්‍යම රජය අනුමත නොකරනවානම්, කළ යුත්තේ, තමිල්නාඩු රජය විසුරුවා හැරීමය."
    වැඩක් වෙන්නේ නෑ බං, ලංකාවට ඇටෑක් කරනව කියන කාරණයේදී තමිල්නාඩුවේ විපක්ෂයක් නෑ.ජයලලිතා, කරුණානිධී, කනමොලි, වයිකෝ, නෙදුමරන් මෙකී නොකී හැත්තෑවරිගේම එක හඬින් ලංකාවට විරුද්ධයි.

    ReplyDelete
    Replies
    1. විපක්ෂයක් නැති කතාව වෙනම එකක්. ඒත් විසුරුවා හරින්න බෑ. මොකද හිලරි ක්ලින්ටන් ලංකාවට ආවේ නැති උනාට, තමිල්නාඩුවට ඇවිත් ගියා. මේවා තමයි ගේම් කියන්නේ. අපේ උන් මොනවැයි කරන්නේ. හාල්පාරුවට පාර්ලිමේන්තුවේ අපේ එකෙක්ට උත්තරයක් දෙන්න බැරි එකෙක් කොහෙද. විදේශයන්ට උත්තර දෙන්නේ.. බොරුවට ආයුෂ අඩුයි කියන්නේ ඕකයි.

      Delete
  21. වලත්තයාMarch 29, 2013 at 9:07 AM

    මම හිතන්නේ අපි කරන්න ඕනි ඉන්දියාවට එරෙහිව යුද්ධ කිරීමයි.කට්ටිය ඉන්නවා ඕනි තරම් යුද්දෙට යන්න.සී නිව්ස් එකේ කමෙන්ට් කරන සෙට් එක.බුවා දන්නවා සිද්ධිය.බුවා පෝස්ට් එකක් දාලා තිබුණා කලින් සී නිව්ස් සෙට් එක ඇමරිකාවට ගහන්න හදපු එකක්.

    ReplyDelete
    Replies
    1. විමලේ වෙන්නැති ලීඩ් කරනවා ඇත්තේ...

      Delete
    2. අප්පා මාතලන් දන්නේ නැද්ද ? විමල් නෙවෙයි ලීඩ් කරන්නේ නාථ දෙවියො , කෝඩිනේට් කරන්නේ නලින්, විමලයා නිකන් ශවේන්ද්‍ර සිල්වා වගේ , අමරේ , බණ්ඩා එහෙම අනික් සේනාංක බාර නිලධාරින් වගේ . සී නිවුස්/ෆේස් බුක් දේශප්‍රේමියෝ ටික තමයි සෙබලු . ඇමරිකාව කුඩු පට්ටම් කරන්න ඉන්න සෙට් එකට ඉන්දියාව මොන කජ්ජක්ද

      Delete
    3. අම්මට හුඩු ඇමරිකාවට ගහන්න.. එහෙනම් ඉන්දියාව මොකෙක්ද.. සාමජික කාඩි පතක් කීයද දන්නෙ නෑ...

      Delete
  22. ඉන්දියාව වර්ජනය කරනවා කියල කට වචනෙට කිව්වට කොහොම කරන්නද . මන් මේ කල්පනා කලේ තුනපහ ටික හදා ගන්නේ කොහොමද කියල .දඹදිව නොගිහින් ඉන්න පුළුවන් . ඉන්දියාවේ සැත්කම් වලට යන මිනිස්සු මොකද කරන්නේ . ඒ හින්දා කොහොම හරි යාලු වෙන්න ක්‍රමයක් කවුරු හරි යෝජනා කරන්න .

    ReplyDelete
    Replies
    1. බුද්ධාගමත් එළවන්න වෙනවා. හැබයි ඉතිං ඊට පස්සේ ආයෙත් මුවා මරන්න පුළුවන්.. (ඒකත් රජ්ජුරුවන්ට විතරද දන්නේ නෑ.)

      Delete
  23. ලංකාවේ දෙමෙල්ලුන්ට තියෙන්නේ මානසික රෝගයක් ඔ්කට කියන්නේ හිස්ටීරියාවකියලා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඔය ලෙඩේ ඕන කෙනෙකුට හැදෙනවා. පිටරටක ටික කාළයක් පදිංචි වෙලා ඉන්න කොට.

      Delete
  24. මුරලි කරපු දෙයට උනත් වැඩිය උපහාර දක්වන්න අවශ්‍ය නෑ මොකද එයා කෙරුවේ ශ`ී ලාංකිකයකු වශයෙන් එයාට පැවරුනු වගකීමක් දෙමලද සිංහලද කියනඑක ඒකෙදී වැදගත් නෑ
    සමහරවිට දෙමල ජාති වාදියෝ තමන්ගේ සියලුම පව් වහගන්න මේක ආයුධයක් කරගන්න ඉඩ තියෙනවා
    අපි ඒ ගැනත් විමසිලිමත් විය යුතුයි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න