.

.

Jun 22, 2013

සිංහල සිනමාවේ කඩාවැටීම හා ඩයනගෙ මගුල - History of TV's in SL


මේක මේ කලින් ලියපු පල්හෑල්ලක, තවත් දිග හැරුමක්. පරණ පල්හෑල්ල බලන්න ඕන නම් මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න...
ඩයනගෙ මඟුල, සිංහල සිනමාව හා අපේ ටැලිවිසොන් එක... - History of Television

ඕන් ඉතින් "ටොෂීබා" ටැලිවිසොන් එක, කැබිනට් එක උඩ තියලා, කස්ටියම කට ඇරගෙන බලා ගෙන ඉන්නවා.. අර වහින එක නැවතිලා, අළු පාට ඉඳන් කළු පාට වෙනකන් දික් අතට ඉරි ටිකත් එක්ක "කීන්" ගාන්න පටන් ගත්තා.. ඊට පස්සේ ජාතික ගීය. ඒ කාලේ ෆිල්ම් හෝල් වලත්, සෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා ජාතික ගීය යනවා. අපරාදේ කියන්නේ ඔක්කෝම නැගිටලා ආචාර කොරනවා. ඊළඟට යන්නේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවෙන් පෙන්නන රටේ සංවර්ධන වැඩ සටහන්. ඊට පස්සෙ කමින් කෑලී. අපරාදේ කියන්නේ, ඒවට තමයි මැක්සා චියර් එක එන්නේ. ඇයි ඉතින් පෙන්නන්නේ සෝ එකේ තියෙන හොඳම කෑලි නේ.


ඒ කාලේ අපි ෆිල්ම් බලපු හෝල් අද බොහෝමයක් නෑ. වැඩියෙන්ම බැලුවේ "අශෝකා ග්‍රෑන්ඩ්පාස්", හෝල් එකේ. එකේ අද ෆිල්ම් පෙන්නන්නේ නෑ. ලක්බිම පත්තර කන්තෝරුව තියෙන්නේ එතන. ඒකේ මැනේජර් උන්නේ, "පියදාස විජේකෝන්". උන්නැහේ ඉන්න මරු ෂෝ එකක් මේ ළඟදිත් දෙරණෙන් බැලුවා නම නම් මතක නෑ. "හර්බට් රංජිත් පීරිස්ගේ" වැඩක්. ඒ ඇරෙන්න තව ගොඩක් ෆිල්ම් බලපු හෝල් එකක් තමයි මරදානේ "ගාමිනී". ඒක, අපේ දේශප්‍රේමින් 83 දී ගිනි තියලා දැම්මා. ඒක විතරක් නෙමෙයි පරණ ෆිල්ම් සංරක්ෂණය කරලා තියපු ච්ත්‍රාගාර පවා ගිනි තියලා දැම්මා. ගොඩක් ෆිල්ම් වල, එකම පිටපතක් වත් නැත්තේ ඒකයි. "ලිඩෝ", එකයි "රිට්ස්" එකයි බොරැල්ලේ. බොරු කියන්නේ මොකටද ආයුබෝවන්ඩ මම ඔය රිට්ස් හෝල් එකේ අද වෙනකන් එකම ෆිල්ම් එකක් වත් බලලා නෑ.

ඒ ඇරෙන්න "මරදානේ ක්‍රවුන්". පොලොවටම සමතලා කරලා දාලා, "සෙයිස්තාන් ග්‍රෑන්ඩ්පාස්" - මක්කා උනාද දන්නෙ නෑ. ඒ පැත්තෙ ගිය කාලයක් මතක නෑ. පරණ අයට නම් මතක ඇති "දළුගම මුවිටෝන්" එක. ගෙවල් පැත්තේ නිසා ඒකෙත් බලලා තියෙනවා. දැන් ඒක. ආර්පිකෝ එකේ ඉස්ටෝරූම් එක. තව එකක් තිබුනා වැල්ලම්පිටියේ ඔය කුණු කන්දට පොඩ්ඩක් මෙහායින් "රුක්මනී" කියලා. එකේ තමයි සිංහල බ්ලොග් අතර හොඳම බ්ලොග් එක වගේම, සිංහල සිනමාවේ වාර්ථා පිට වාර්ථා තියපු "මාතලන්" බැලුවේ.

ඒකේ, "මාතලන්" පෙන්නපු කාළේ, හැම ඉරිදම "මාතලන්" බලන්න ගියා හොඳට මතකයි. අපේ තාත්තගේ ෆේවරිට්ම සෝ එකක්. ඕකේ සිංදු ටික මට පොඩි කාලේ කට පාඩම්. මම ගෙදර ඇවිත් මාතලන් එකේ කෑලී ඇක්ට් කොරලා පෙන්නනවා. ආච්චිත් කැමතිම සෝ එකක්. මේකේ ලතා වල්පොලයි, ධර්මදාස වල්පොලයි ගායනා කරපු ගීත අදටත් ඉතාම ජනප්‍රිය ගීත. ඒ නිසා තමයි මගේ මතකයේ මේ "මාතලන්" තද බල ලෙස ජීවත් වෙන්නේ.

හැබයි මාතලන් ඉස්සෙල්ලම තිරගත වෙලා තියෙන්නේ 1955 දී, බුද්ධාගමට අනුව නම්, මම එතකොට දිවිය ළෝකේ වෙන්න ඕන. විජ්ජාව අනුව නම් තාත්තගේ ඇටෙත් නෑ. මේක ඒ කාළේ "රුක්මනි" හෝල් එකේ පෙන්නපු "ඕල්ඩ් හිට්" එකක් උනාට, බොක්ස් ඔෆීස් රැකෝඩ් තිබ්බා. අපෙ කාළේ කොල්ලයි කෙල්ලයි තමයි, "ගාමිනියි", "මාලනියි", දුෂ්ඨයා "ඩොමී". ඩොමී ජයවර්ධන, ආයේ වචන දෙකක් නෑ. ඩොමීට ගහන්න දුෂ්ඨයෙක් නම්, ආයේ සංසාරෙදි බිහිවෙන්නේ නෑ. සිනමාවට දුෂ්ඨ කම් කරන උන් නම් ඉන්නවා. මම කියන්නේ ඇක්ටින් වලින්. ඩොමී එක්ක රඟපාපු, සුපිරි නළුවෝ දෙන්නෙක් තමයි පියදාස විජේකෝනුයි, ඩී ආර් නානායක්කාරයි. ඔය තුන් දෙනා ඉන්න ෆිල්ම් එකක තියෙන "ගෙදර හිටිය රෝස කැකුළු රෝසා" මගේ ජීවීතේටම අමතක නොවන ගීතයක්.

සමහර ඒවල ජෝතීපාලත් උන්නා. කොමඩි වලට උන්නේ සුපිරි බඩු, "ප්‍රෙඩියා" මාර ලස්සනයි ඒ කාළේ . ඒ උනාට ෆ්‍රෙඩියා ආපු අලුත, "ජෝ" කොල්ලගෙ පාට් එක වගේම ජෝකර් පාටුත් ඇක්ට් කොලා. "දොන් සිරිසේනයි", "ඇන්තනි සී පෙරේරයි", "බී ඇස් පෙරේරයි" දැක්කත් ඇති හිනාවෙන්න. මේ ඔක්කොම හිටපු නොම්මර එකේ සෝ එකක් තමයි "කොළඹ සන්නිය". ඔය කොළඹ සන්නිය එකේ "ගීතා" ජංගියක් ගහගෙන දුවනවා තාම මතකයි.

මාලනීලා, ගීතලා, විතරක් නෙමෙයි ශ්‍රියානී අමරසෙනලත්, මිනි ගවුම් ගහගෙන, කිරි ගල් එලියේ දාගෙන, පොඩ්ඩ තැර උනොත් හිල් වෙන, උල් බැසියර් ඇඳගෙන තමයි ඔය ෆිල්ම් වල උන්නේ. කිසිම සංගයක් නෑ. අම්මපා ඒ කාළේ දැන් වගේ රටට දැයට ආදරය කරන සගිස්කුරුත ඇමතිවරු උන්නේ නෑ නේ, මේ යක්කුන්ට ලෝගූ අන්දන්න. ඔහෙලට කියන්න අයිබෝවන්ඩ.. ඒ කාළේ ඕවා බලලා. පඩත්තතර වේස කොල්ලෝ, ගම්වල ගෑණු, නගරේ ගෑණූ, සෑහෙන රේප් කොලා. මොකෝ අර කොටට ඇඳලා ගිය නිසා. පත්තර පිටු පුරවලා තිබුනේ තනිකර රේප් කේස් වලින්.


ඊට පස්සෙ තමයි, "විජේ" එන්නේ. නෑ යකෝ... විජේ ආවේ නැවේ කියලා මාත් දන්නවා. මම කියන්නේ "විජය කුමාරණතුංග". බොරු කියන්නේ මක්කටෙයි. මම ඒ කාළේ විජේට කැමති නෑ. මොකෝ විජේ අඳින කලිසම් මට අල්ලන්නේ නෑ. ඒ කාලේ විජේ, මාලනීට සෙට් වෙලා උන්න කාලේ, විජේ මාලනිලයි ගෙදර ආවම අපි යනවා බලන්න. පොර ඒ කාළේ ඉඳලා පොඩි උන්ට ආදරෙයි, කෙල්ලන්ට උන්නැහේගේ තියෙන ආදරේ කියන්න ඕන නෑ නේ. මම හිතන්නේ ලංකාවේ උන්න පින් කඳක්, ඒ අතින්නම්.

"දෙනවක හාමිනේ" විතරලු නේ බේරුනා කියන්නේ. විජේට ආදරේ කරන්න ගත්තේ විජේ දෙශපාළණයට ආවයින් පස්සෙ. ඇත්තම කියන්න. ඒ තරම් ලස්සන, මනුස්ස ගති තියෙන, උදාර මනුස්සයෙක්, මම අද වෙනක්න් දැකලා නෑ. හොඳ වෙලාවට, ජෙප්පො ඒ සුන්දර මූණටම වෙඩි තියලා මරලා දැම්මේ. අද උන්න නම් නිළි රැජිනගේ වැඩ දැකලා, වහ බීලා මැරෙනවා ආයේ කතා දෙකක් නැතුව. හැබයි ඉතින් අපරාදේ කියන්නේ ලොක්කත් ඒ කාළේ ඉඳන් විජේ වගේම පොරක් නිසා. නිලියො ටිකත් ගොඩ ගියා..

ඔය කස්ටිය උන්න ෆිල්ම්, එකක් නෑර බැලුවා ඒ කාළේ. මට අමතක උනා මරදානේ ඇලිෆිනිස්ටන් එකෙත් ෆිල්ම් පෙන්නුවා. ඔය අලිෆිනිස්ටන් එක ඉස්සරයින් දාලා තියෙන, "අළුත් පාර" තිබුනේ නෑ ඒ කාළේ, ආමර් වීදියෙන් මරදාන පැත්තට එන කොට පෙනුනේ, ෆිල්ම වල තඩි කටවුට්. ඒවල ඒ කාලේ පෙන්නපු ඔක්කෝල ෂෝස් වල කටවුට් තිබුනා. මට හොඳට මතක එකක් තමයි. "හාරලක්ෂෙ මංකොල්ලේ" ෂෝ එකට ඇත්ත කාර් එකකුත් දාලා, කටවුට් එකක් හදලා තිබුන බව. ඒ වගේම් ෆිල්ම් පෝස්ටර් හැම තැනම අලවලා තිබුනා. ඒකත් වෙනම කළාවක්.

ඔය ෆිල්ම බලලා එනකන්, අපේ වෙලේ ගෙවල් වල උන්න, මහතුවා බලාගෙන ඉන්නවා කතාව අහන්න. අපේ ගෙවල් වල කොල්ලා කෙල්ල නොකිව්වට. ඌ තමයි මගෙන් අහන්නේ කෙල්ල කවුද, කොල්ලා කවුද, මොකක්ද ඉස්ටෝරිය කියලා. ඒ කාලේත් ඉතින් අද කාලේ ටෙලි නාට්ටියවල වගේම, ගොඩක් ෂෝ වල තිබුනෙත් එකම කතාව. කෙල්ල පොහොසත් නම් කොල්ලා දුප්පත්, කොල්ලා පොහොසත් නම් කෙල්ල දුප්පත්. ඒ ඇරෙන්න ඉතින් කිසිම හේතුවක් නැතිව, ටෙඩී විද්‍යාලංකාරලා, ඇන්ඩර්සන් ප්‍රනාන්දුලා, රොබින් ප්‍රනාන්දුලා අම්බානක ගුටි කනවා.

මම නම් හිතන්නේ, ඒ කාළේ ෆිල්ම් නැගලා ගියේ වෙන හේතුවක් නිසා නෙමෙයි, මිනිස්සුන්ට විනෝදෙට වෙන කිසිම දෙයක් නොතිබුන නිසා. ඒ වගේම ජෝතිගේ සිංදු. මේ හැම ෂෝ එකේම සින්දු පොත වෙළඳ පොලේ උණු කැවුම් වගේ විකුනුනේ. වයර්ලස් එකේ ගියෙත් ෆිල්ම් ප්‍රචාරනය කරන වැඩ සටහන් තමයි, කොමර්ෂල් වලට. වෙන දෙයක් නෑනේ ඉතින්.. මම මේ කියන 70-77 කාළේ. ටැලිවිෂොන් ගෙනාවේ පප්පගේ කාළේ නේ.

නමුත්, ඒ කාළේ මට තිබුන ප්‍රශ්ණයක් තමයි, ෆිල්ම් පෙන්නන්නේ "හෝල්" වල උනාට, සෙනග පිරුනම බෝඩ් එක දාන්නේ "හවුස් ෆුල්" කියලා. අන්න එහෙම "හවුස් ෆුල්" වෙලා තිබුනා, අපේ "හවුස්" එකේ නම්. (ඔයාලා දන්නවද ඉන්ගිරිසියෙන් හවුස් ලියන්නේ කොහොමද කියලා..? දන්නෙ නැත්නම් ඕන් බලාගන්න "Hows") සිංහල ෂෝ එක යන දවසට අපේ ගෙදර කට කපලා එකයි. මේ වැඩේට අම්මයි ආච්චියි කැමතිම නෑ. ඒත් ඉතින් තාත්තගෙ හිත රිදෙන්න වච්නයක් වත් කිව්වේ නෑ. ෆිල්ම් බලන්න එන උන්ට තේත් හම්බ උනා. බ්‍රිස්ටල් බීපු උන්ට තාත්තා සිගරට් එකක් අල්ලන්නේ නැතුව උන්නේ නෑ කවදාවත්.

මෙච්චර සෙනග ආවේ, අහල පහල ගෙවල් වල අයම නෙමෙයි. අපේ ගෙවල් ළඟ අලුත් ගෙවල් කීපයක් හැඳුනා ඒ දවස්වල. ඕවා හැදුවේ "ගාමිනී බාස්", ජෙප්පො නම් දන්නවා මේ කව්ද කියලා. පොර තමයි 72 කතරගම පැත්තේ නායකයා. බාස් උන්නැහෙයි, නෝනයි දෙන්නම නොම්මර එකේ කාඩර්වරු. අපේ තාත්තගෙ බොක්ක. මොකෝ දකුණෙ නේ. ඉතින් ඔය ගෙවල් හදන බාස් උන්නැහෙලා, අත් උදව් කරුවෝ ඔක්කොමත් දකුණේ. මේ අය ෆිල්ම් බලන්න එන්නේ අපේ ගෙදර. ඒ ඇරෙන්න මගේ ආරාධනෙන් ආපු අයත් උන්නා.

කවදත් නහයෙන් අඬන, හෙළ සිනමාවේ කස්ටිය, මේ ටැලිවිසොන් එකේ සිංහල ෆිල්ම් පෙන්නන නිසා, සිංහල සිනමාව කඩා වැටිලා කියලා මළ අඬෝවැඩියාව. පත්තරවලත් හැමදාම ලිපි. සිංහල සිනමාව කඩා වැටීම කෙසේ වෙතත්, අපේ ගෙදර තිබුන ආර්පිකෝ යකඩ එටි සෙට් එක ඇර, අනෙක් පුටු ඔක්කොම නම් කඩාගෙන වැටුනා කියලා, අපේ ආච්චිනම් හැමදාම කුනු කුනු ගෑවට, තාත්තට ඇහෙන්න නම් මුකුත් කිව්වේ නෑ.

පස්සෙ, ගමේ ගෙවල් වලට හෙමිහිට හෙමිහිට, රූප පෙට්ටි වඩින්න පටන් ගත්තත්. ආයේ කට කපලා සෙනග පිරිච්ච දවසක් තමයි. ඩයනගේ මගුල් දවස. එතකොට අපේ ගෙදර තිබුනේ. අඟල් 17 පැනසොනික් කලර් ටී වී එකක්. ඔහේලා කිව්වොත් හිතයි, මම මේ ගජබින්නාලංකාරේ දිග අරිනවා කියලා. එහෙම බොරුවක් මුසාවක් නම්, ඔය ඇමතියෙකුට හෙන ගහන්න.... එදා ලන්ඩන් වල උන්න සෙනගට වඩා සෙනඟක් උන්නා ආයිබෝවන්ඩ අපේ ගෙදර.... එදානම් "House Full" නෙමෙයි, ගාර්ඩන් එකත් ෆුල්....

ඔහෙලට කියන්න.. අර රත්තරන් අස්ස කරත්තේ යන ගමන්, චාර්ලිස් කුමාරයයි, ඩ‍යනා කුමාරියි, අත වනන කොට, අපේ වත්ත පුරවලා උන්න අයගෙන් ගොඩක් උනුත් අත වැනුවා ආයිබෝවන්ඩ. මේ සැරේ කොමන්වෙල්ත් එකට ආපුවාම චාර්ලිස් කුමාරයගෙන් අහන්න ඕනේ, අපේ "මහතුවා" අත වනනවා දැක්කද කියලා. මොකෝ ඌ තමයි ඉස්සරහම උන්නේ..

72 comments:

  1. මාතලන්ට ලොකු ඉතිහාසයක් තියෙනවා වගේ.ඒ විතරක්ද පරම්පරාවම කැමති නමක් වගේ.

    ReplyDelete
    Replies
    1. මේක මගේ හිතේ දෝංකාර දෙන නමක්....

      Delete
  2. ආයිත් අහල කලුසුදු ටෙලිවිසොන් එකේ කෙල පෙරාගෙන අපිත් සෝ බැලුවෙ..! හැබැයි ඒව බලල චිත්‍රපටි හොල්වල බලන්න උද්දීපනයක් ඇති උනා මිසක්...!වෙන මක්කවත් උනේ නැහැ සිනමාව කඩන් වැටෙන්න.

    දැන් ඔය පෝලිං පිට ගොහිල්ල කට්ටිය දෙපැත්තකට වෙලා මරාගන්න ඕන්න මෙන්න..ඒ ගැනත් ලීවනම්..?

    ReplyDelete
    Replies
    1. ලියන්නෙයි කියලා කීප දෙනෙක්ම කිව්වා.. කොහොමත් මේ සිස්ටම් එක ඉවරවෙන්නේ බල්ලො බල්ලොම මරාගෙන...

      Delete
  3. @"අශෝකා ග්‍රෑන්ඩ්පාස්" එකේ අද ෆිල්ම් පෙන්නන්නේ නෑ - මේ ලඟදිත් ෆිල්ම් පෙන්නුවා නේද? 2003-2006 කාලේ.(කොළඹ හිටියට මෑතක එය පාරේ ගියේ නෑ)

    @“මේ ළඟදිත් දෙරණෙන් බැලුවා නම නම් මතක නෑ. "හර්බට් රංජිත් පීරිස්ගේ" වැඩක්“ - ඇරසොයිසා නේද? මමත් ටීවි එකේ බලපු හොදම කොමඩි ෆිල්ම් එකක්

    @“"ගෙදර හිටිය රෝස කැකුළු රෝසා"“ - ෆිල්ම් එක ළසඳා නේද? (ජෝතිපාල කියන මේ ගීය මොහොමඩ් රාෆි ගේ එකක් නෙවෙයි නේද මාතලන්?




    ReplyDelete
    Replies
    1. @ නෑ දැන් පෙන්වන්නේ නෑ
      @ ඇර සොයිසා නේන්නම්...."හරී............ ෂෝක්"
      @ ඒක නම් මොහොමඩ් රාෆීගේ නෙමෙයි. හැබයි ජෝති වහ බොන්න ගියාලූ රාෆී මැරුණ දවසෙ, මම දැන් කියන්නේ කාගේ සින්දුද බන් කියලා...
      ඒක ජෝතියි ඇම් ඇසුයි දෙන්නගෙම..

      Delete
    2. ආයෙත් අතීතයට ගියා.

      ඇරසොයියා නං මාර ෆිල්ම් එක තමා. ඒක කොච්චර ජනප්‍රියද කියනවනං, දැනුත් අපේ පැත්තෙ අවුරුදු 18 ක විතර කොල්ලෙක් ඉන්නවා ‘ටාසන්‘ කියලා කාඩ් එකක් වැදිච්ච. ‘හායි හූයි බබි ආච්චි‘ ගැහුවෙ ඇර සොයියා එකේ රි ක්‍රිෙය්ෂන් එකක් වගේ. ඒත් ඒක පරණ එකේ අහලකිං වත් තියන්න බෑ.

      Delete
    3. “ගෙදර හිටිය රෝස කැකුල රෝසා“ කේමදාස මාස්ටර්ගෙ සංගීත අධ්‍යක්ෂණයක්

      Delete
  4. හ්ම්... මට වචන නැහැ මාතලන්.
    සේරම ඇත්ත.

    ReplyDelete
    Replies
    1. අම්මේ පිට පිට.... කැසිල්ල කොහොමද කියනවනම් ඇගිලි 5ම පිටේ.... එන්න වෙදමහත්තයත් පිට කසන්න......

      Delete
    2. නියපොතු කපල තියෙද්දිත්?

      Delete
    3. ඔහේ ඉතින් මේවට සම්බන්ධ මනුස්සයනේ..

      Delete
  5. කවද බලපු පික්චැර්ද...
    මම නං බලලා නැද්ද කොහෙද. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹට ඉතින් කන බනේ විතරමනේ...

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  6. මාතලන්ගේ සිනමා ඉතිහාසයත් මගේ සිනමා ඉතිහාසයත් සමානයි. මම චූටි එකා කලේ ඔය 74 - 75 විතර යාන්තමය හෝඩියේ පන්තියේ හිටපු කාලෙ රොබ්න් තම්පෝ, ලෙනින් මොරායස්, නීල් රූපසිංහ හදපු ෆිල්ම් මාස ගනනස් දිවවා. මාතලන් කුඩා කාලෙම හත් අටවතාවක් බැලුවා. මට තාමත් මතක තියෙන්නේ "උපත ලබා මේලෝකේ" සිංදුවේ දර්ශනයත්, හනික යමන් සිංදුවේ දර්ශනයත්.

    හැබැයි ඒ කාලේ චිත්‍රපටිය පටන් ගන්න කල් වාදනය වුනේ ජිප්සීස්ලගේ"දුන්නෙ කිස් එකයි" සිංදුවයි ඩෙස්මන් සිල්වගේ සිංදුවකුයි.

    එදත් සුරයා අදත් සුරයා - හතරදෙනාම සුරයෝ වගේ හැබැයි ගාමිණිල විජේල රගපාපු චිත්‍රපට වල ත්‍රිල් එක අද හැදෙන ඒවයේ නෑ.

    අද ආචාර්ය සෝමෙලා අපේ සාක්කුවට නොදැනේන පොකට් එකට විදින්න පුළුවන් චිත්‍රපට හදනවා හඳගමලා, විමුක්තිලා, ප්‍රසන්නලා ඔලුවට දැනේන්න චිත්‍රපට හදකනවා. ඒත් සෝමෙලා හැම අතින්ම දිනුම්. හදගමලා පරාදයි. අපි තවම ගැලරියේ.

    ReplyDelete
    Replies
    1. මමත් පොඩි එකා ඔය කියන සන්දියේ.. ඔය ඔක්කෝම බැලුවේ පවුල පිටින් ගිහිල්ලා.. නංගී සමහර වෙලාවට අඬනවා.. ගොඩක්ම පොඩියි.. අම්මා ඒ වෙලාවට එළියට අරගෙන යනවා.. මොකෝ තාත්තා පිචැර් පිස්සා නිසා. හිඟන කොල්ලා, ඒ විදියට අම්මට මිස් වෙලා. අපි ආයෙත් ගිහින් බැලුවා. එදානම් කෙල්ල ඇඬුවේ නෑ. ඇඬුවනම් තාත්තා එළියට යන්නයි උන්නේ. අපේ ගෙදර අය ගියාම හවුස් ෆුල්. ෆුල් හතරයි, භාග දෙකයි. අම්මයි, තාත්තයි, ආච්චියි, මැණිකයි, ෆුල් ටිකට්... මල්ලිටයි මටයි භාග ටිකට්.. නංගි තමයි නොමිලේ බැලුවේ...

      සෝමෙලා ජැකාලා ඔක්කෝම එක්කාසු වෙලා කරන්නේ මිනිස්සුන්ගේ මොළ සේදීමක්.. මේ පාළණය පවත්වා ගෙන යන්න.. මෙහේදි හොඳම නළුවා ජැකා උනාට.. පිටරටදි හොඳම නළුවෝ වෙන්නේ වෙන උන්. අර මවුස් එකේ රඟපාපු තිසල් මොරගොඩත් සාක් කලාපයේ හොඳම නළුවා උනානේ...

      Delete
    2. //අද ආචාර්ය සෝමෙලා අපේ සාක්කුවට නොදැනේන පොකට් එකට විදින්න පුළුවන් චිත්‍රපට හදනවා හඳගමලා, විමුක්තිලා, ප්‍රසන්නලා ඔලුවට දැනේන්න චිත්‍රපට හදකනවා. ඒත් සෝමෙලා හැම අතින්ම දිනුම්. හදගමලා පරාදයි. අපි තවම ගැලරියේ.//

      සිරාම අර්ථවිග්‍රහය.

      Delete
  7. මේ සටහන් කියවද්දි දැනෙන හැඟීම නොස්ටැල්ජියාවමද කියන්න බෑ. ඩයානා බදිනකොට අපි පොඩි එවුන් නිසා මට ඒ ගැන මතක නෑ. ඒත් ජාතික රූපවාහිනියෙයි ස්වාධීන එකෙයි සුදු ඉරි ඉරි ටිකයි ශෝ ශෝ සද්දෙයි නම් හොඳට මතකයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වචනේ.. ඒත් ඉතින් මොනවා කියලා කොරන්නද.. මේවා ලියලා තියන්න එපාය...

      Delete
  8. පරණ සිනමාව ලස්සන කලේ ජෝ ගාමිණි ෆ්‍රෙඩී ඩීආර් එඩී දෙනවක හාමිනේ වගේ විශේෂ චරිත තමයි.ඊට පස්සේ ස්වර්ණා මල්ලවආරච්චි ගෙ තමයි මට නම් වර්ණ යුගයේ හොදම් රගපෑම්.ඊට පස්සේ සනත්ල සබීතල වීනල සංගීතලා දිල්හානිල චරිතවලට පෙනී හිටිය විතරයි වගේ.මෑත යුගයේ නම් කමල් මහේන්ද්‍ර ජයනි දුලීකා රොජර් බිමල් සෞම්‍ය සමාධි වගේ කිහිප දෙනෙක් ඉන්නවා දක්ෂයෝ.ඒ වගේම නිව්යෝක් සිනමා උළෙලේ හොඳම නළුවා උන ජගත් චමිලත් නියම දක්ෂයෙක්.රුප පෙට්ටිය ආවට පස්සේ පොඩි පසුබෑමක් තිබුන උනත් රසිකයෝ අඩුවෙලා නම් නැහැ සිනමාවට හොඳ නිර්මාණ තමා අඩු ඒවත් වාරණ වලින් මිදිලා මණ්ඩලේ හරහා කැපිල කෙටිලානේ එන්නේ..
    ඔය රුප පෙට්ටිය ආපු දවස්වල කට්ටිය ඇහුවලු අර ගෙදර එකේ පෙන්නන එව්වමද මේකේ පෙන්නනෙත් කියල

    ReplyDelete
    Replies
    1. අපේ අක්ක කෙනෙක් උන්නා "අයිඩියල්" එක විතරයි බලන්නේ..

      දුලිකා සමහර අවස්ථාවල ඕවර් ඇක්ටින්.. ගොඩක් උන්ට ෆිල්ම් වල රඟපාන්න තේරෙන්නේ නෑ.. තිසල් මොරගොඩත් සාක් කලාපේ හොඳම නළුවා උනා...

      Delete
  9. I'm a fan of u & this is the 1st time i'm commenting!!!

    "Bokkatama weduna machan" tks for the sweet memories.

    ReplyDelete
  10. ඩයනා ගැන කියන කොට මතක් උනේ....ඩයනගේ ලොකු කොලුවට ඉන්දියන් ජාන ගිහින්ලු....ඒ මදිවට ඒ ජාන වර්ගය අම්මගෙන් විතරක් ලැබෙන් ඒවාලු....ඇත්ත නැත්ත දන්නේ නෑ...ලිපියක් තමයි මමත් දැක්කේ....

    DNA Evidence Finds That Prince William Has Indian Ancestry

    ReplyDelete
    Replies
    1. දෙනවක හාමිනේව අත ඇරුනේ ගාමීනිට....හැබයි මාතලන්ට ගාමිනි ව අත ඇරිලා වගේ...

      Delete
    2. එව්වා ඉතින් කියන්න බෑ. ඔය ජවහල් ලාල් නේරුත් කොටු පැනලා තියෙනවනේ ඒ කලේ...

      ගාමිනිගේ ෆොටෝ එකකුත් දාල... කොල්ලා ගාමිනි කියලා ලියලා තියෙන්නේ බොලව්...

      Delete
  11. Somewhere in early 80's we had a 12" B & W "Tatung" TV.to get colours we pasted a green or red colour glass paper on the TV screen.& some houses had an TV antenna even though they hadn't a TV @ home.

    ReplyDelete
    Replies
    1. The same comments received for the last post also....

      Thanks for your comment...

      Delete
  12. සිත අතීතයටම අරන් ගිය පෝස්ටුවක්. එදා මාතලන්ට රඟපෑවේ ශේෂා පලිහක්කාර. ද්විත්ව චරිතයක් තමා උන්නැහැ කොලේ.ගොඩක් දිග වැඩි වුණත් බොහොම ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. duoble acting කිව්වම ඒ කාලෙ ලොකු වැඩක් නිසා සෑහෙන්න කතාවෙන දෙයක්!

      Delete
    2. දිග වැඩි උනාට.. කඩන්න හිත දුන්නේ නෑ..
      වරදක් කලත් සිතකින් නොවේ....

      Delete
  13. දැන් කාලෙ ෆිල්ම් එකක් බලන්න හෝල් එකකට යනවා කියන්නේ සාමාන්‍ය පවුලකට ටිකක් දැනෙන වියදමක්! ඕකත් ලොකු හේතුවක් ඔය සිනමාව කඩා වැටෙනවා කියන එකට!

    ReplyDelete
    Replies
    1. කොල්ලා කාලේ නෙමෙයි. මම දැන් ෆිල්ම් බලන්නේ හොරෙන්.. වෙන මුකුත් නිසා නෙමෙයි ආර්ථිකේ නිසා...

      Delete
  14. රසවත් ඉතිහාසයක්!!!
    මාතලන් රඟ පාලා තියෙනබව හරියටම දැනගත්තේ අද... :D

    ReplyDelete
    Replies
    1. හොඳ නළුවෙක් තමයි මේකත් කියවන්නකෝ...

      http://maathalan.blogspot.com/2010/06/vesak-drama-festival.html

      Delete
  15. රසවත් ඉතිහාසයක්!!!
    මාතලන් රඟ පාලා තියෙනබව හරියටම දැනගත්තේ අද...:D

    ReplyDelete
  16. මහතුව අත වනපු එකෙක් අවසන් කළ එක හරිම සානුකම්පික බවක් එක් කලා. නිව් යොර්ක් සිටි සිනමා උලෙලේ හොඳම නලුවා වූ ජගත් චමිල මගේ ඔලුවට ආවා නිකංම, සැමීගෙ කතාව තාම එලියට ඇවිල්ලත් නෑ.
    අගේ ඇති වියමනක්, අතීතෙට අපව ගෙන ගියා.
    වැල්ලම්පිටියෙ කුණු කන්ද අමතක නොකිරීම හොඳයි

    ලාංකික සිනමා අර්බුදයට තවත් හේතුවක් ලෙස මා දකින්නෙ දැන් ලාංකික සිනමාව වීරයෝ නොතැනීමයි.
    ඒ වගේම වීරයො තනන්නත් ඉඩ නොදීමයි එමෙන්ම අමාරුවෙන් හරි තනන වීරයෝ දේශපාලනයට යෑමයි
    එමෙන්ම පොදුවේ අපේ වටිනාකම් ගිලිහී යාමයි, ගිලිහී යන්නට මග සැලසීමයි
    අවසාන වහයෙන් රටේ හැබෑ ප්‍රශ්නය වසං කරන්නට යෑමෙන් එනම් ජාතික ප්‍රශ්නය වසං කරන්නට ගිය හැම කලා මාධ්‍යක්ම රටත් සමග විනාශයට පත් උනා

    පෑගුන ජනයා වෙනුවෙන් පෙනී සිටීමයි වීරයො කරන්නේ. අපේ පෑගුන ජනයා ගැන කතා කිරීම දේශප්‍රේමයෙන් වසා දැමුවා. තවමත් එය තේරුම් ගෙන නෑ. එය තේරුම් ගත් දාට තමයි අපි වීරයො බිහිකරන්නේ. අමරසේකර කියනව උත්තර සංවාදයක් සමාජයේ නැතිලු. ඒ නිසාලු සාහිත්‍ය අගාධයට ගිහින් තිබෙන්නේ. මා කියන්නේ සාහිත්‍ය අගාධය ගිහින් තිබෙන්නේ පෑගෙන මිනිස්සු ගැන අමතක කිරීම නිසයි. සාහිත්‍යයක් (විචාර කලාවත් ඇතුලුව ) නැති තැන කුමන කලා මාධ්‍යයක් වුවද වැඩෙන්නේ නැත.
    (උපුටා ගත්තේ- 2013 අප්‍රේල් 7 සංහිඳ- ජයන්ත චන්ද්‍රසිරි )

    ReplyDelete
    Replies
    1. ජයන්ත චන්ද්‍රසිරිත්.. අමු හෙළුවෙන්ම කඩේ යනවා නේද ආයිබෝවන්ඩ...

      Delete
    2. හ්ම්ම්.. එයාගේ "ගරිල්ල මාකටින්" චිත්‍රපටයට මම කැමතියි. කඩේ යන්න ඉස්සෙල්ල හදපු එකක්. :D

      ලිපිය කියවගෙන යද්දි, එක සැරයක් රෑ එළිවෙනකම් ඡන්ද ප්‍රතිඵල කියන අතරෙ ටී.වී. එකේ පෙන්නපු "ඇර සොයිසා" මතක් වුනා. XD

      Delete
  17. මාතලන් මමත් ඉතාම ආසාවෙන් බලපු ෆිල්ම් එකක්, මම වැඩියම කැමති එකෙ "හනික යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරගෙටා "සිංදුවට මෙන්න මේක තමයි ඒ
    හනික යමන් පුල්ලි ගොනෝ
    අද සිනමාව කඩාවැටිලා තියෙන්නේ මොකද කියලා කියන්න ගියොත් කොමෙන්ටුව පොස්ට් එකට වඩා දිග වෙනවා .

    ReplyDelete
    Replies
    1. ඒකේ සින්දු ටික ඔක්කෝම ලස්සනයි... ලොකු කොමෙන්ට් දැම්මට කිසි අවුලක් නෑ. සමහර වෙලාවට පෝස්ට් එකට වඩා රසවත් කොමෙන්ට් වැටෙනවා..

      Delete
  18. ඇයි මතක නැද්ද පුජිත මෙන්ඩිය දුන්න ආතල්.
    තව ෆරීනා ලායි ගෙ කෝටු කකුල්,ලෑටි පුක අඹරල චුටි ජංගි කොට ඇදන් නටපු නැටිලි.

    ReplyDelete
    Replies
    1. කැබරේ ඩාන්සර්ස්ලා ගොඩක් ෆිල්ම් වල උන්නා.. හැබයි ෆිල්ම් වල නම් ටොප්ලස් උන්නේ නෑ.. මැලේ කෑලි ගොඩාක් උන්නා ඒ කාලේ. ෆරීනා ලායි නම් හිත හොඳ කෙල්ලෙක් කියලා කෙන්ජිත් කියලා තිබුනේ. විජේ එක්ක මේන් රෝල් එකක් කරපු කෙල්ලෙකුත් උන්නා නම මතක නෑ.. කොහොමත් මැලේ කෑලී වල අමුතු ලස්සනක් තියෙනවා.. මගේ ප්‍රේම පුරාණෙත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා..

      Delete
    2. ඇයි ඇන්තනි සී ??? මතක ද අල්ලපු ගෙදර? එඩීගේ කොළොම්පුරේ ශ්‍රියා????????

      Delete
    3. ඇන්තනී සී ගැන පෝස්ට් එකේ තියෙනවා...

      Delete
    4. ආ.... තුන්දෙනා සෙට් වෙලා අපිට නොකියම නේද?

      Delete
  19. කොහොමද අප්පා මෙච්චර දිග කතාවක් මේ කෙටි ලිපියට එකතු කරගත්තේ??? මාව අතීතයට ගියා. ඔන්න මම පිට කසනවා හම යන්නම. මේවා ලියනව නම් හැමදාම කෑමට පෙරයි, පසුයි මාතලන් කියවනවා.

    ReplyDelete
    Replies
    1. දේශීය ඖෂධවල පිහිට තමා...

      Delete
  20. උඹට මතකද මචං ඔය කටවුට් එක එලටම ඇන්දි ප්‍රේම් ජයන්ත්. ආයේ නෑ. පට්ට පට පට. උඹ කියන්නේ මේ මිනිස්සුන්ගේ මූණවල්වල කොළපාටත් ගානවනේ ෂේඩ් කරන්න. මට හිතාගන්න බෑ බය නැතිව ඒවගේ පාටකින් මූණක් ෂේඩ් කරන්නේ කියලා. නමුත් කිසි අප්සෙට් එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රේම් ජයන්ත් මට හොඳට මතකයි.. හොහොමත් අපේ උන් වර්ණවලට බය ජාතියක් නෙමෙයිනේ. ප්‍රාතමික වර්න වලින්ම ගේම දීලා ඉවරකරලා දානවා. මම අපේ රටේ කැමතිම චිත්‍ර ශිල්පියා, ජයසිරි සේමගේ. ප්‍රේම් ජයන්ත් ගේ සබ් ගන්න එකෙක් අපේ ගෙවල් පැත්තේ උන්නා. ඌ නම් කොටු ගහලා නෙමෙයි අඳින්නේ. උඹට මතකද සමහර කටවුට් වල ගාමිනී, ප්‍රෙඩී වගෙත් ඇඳලා තිබුනා.. කොහොමත් බටහිර ච්ත්‍ර ශිල්පීන් එක්ක ගත්තම අපි ඉන්නේ ගව් ගානක් පහල. ඒත් අවංකව කියන්නේ. උඹේ චිත්‍ර සෑහෙන ඉහලයි. ඒවල හැඟිම් ප්‍රකාෂනය අති විශිෂ්ඨයි....

      Delete
    2. ප්‍රේම් ජයන්ත් හිටියේ වත්තල හැඳල හංදියට හැරෙන තැනම. අපි කුඩා කාළේ ප්‍රේම් ජයන්ත්ගේ ගේ ගාව බලාන ඉන්නවා. නොයෙක් වැඩ කෑලි දාල ඇඳපු චිත්‍ර බෝඩ් පිරිල තියනවා. දිනක් හැඳල පංසලේ පෙරහැර දිනයක් මීගමු පාරේ ඉඳලා පෙරහැර බලලා එද්දි ප්‍රේම්ගේ ගේම සුද්ද කරලා. එයාගේ පුතා තයඉ ජගත් රෝහාන්. සබීතා ෆිල්ම් එකේ හිටිය කොල්ලා. සබීත එක්ක පළමු වරට රඟපෑව. එතනින්ම මෑන්ගේ නළුකම ඉවරයි. දැන් නම් කොහේ ඉන්නවද දන්නෙ නැහැ.

      Delete
    3. ඒ කමෙන්ට් දෙනෙක් මම සෑහෙන දේවල් ඉගෙන ගත්තා. ප්‍රේම් ජයන්ත් කටවුට් කිං මචං. චිත්‍ර මාරම තාත්විකයි. සමහරුන්ට මිනිස් රූප ඇන්දට වාහන අඳින්න බෑ. ඒ දෙකම පුලුවන් එකාට සීනරි අඳින්න බෑ. නමුත් ප්‍රේම් ජයන්ත් ඕනැම දෙයක් පන පිහි‍ටුවලා අඳිනවා. අනික මොන පහසුකම් තිබිලද?

      Delete
  21. කාරෙක දාපු කටවුට් එක හදලා තිබුනේ "දඩයම" එකට නේද?

    අපි ඒ කාලේ ඔය දඩයම චිත්‍රපටියට කිව්වේ The-Diamo(nd) කියලයි!

    ReplyDelete
    Replies
    1. දඩයම ආවේ මැතක නේ කකා. එකේ උන්නේ රවීන්ද්‍රයි ස්වර්ණයි නේ .... හාරලක්ෂේ කාළේ කකා ගමේ ඉස්කෝලේ වෙන්න ඕන.. තොරණ් ගහනවා වගේ පත පුවක් ගස් ගහලා තමයි කාර් එක තියලා තිබුනේ..

      Delete
    2. නෑනේ මචං. ඔය කකා කියන එක ඇත්ත. ඒකෙ තිබ්බේ ෆෝඩ් කැප්‍රි එකක්ද කොහෙද. ඒ කාලේ හෙනෙ පොපියුලර් කා එකක්. ඕක රීගල් එක ගාවා ගහලා තිබ්බ නේද?

      Delete
    3. දඩයම බැලුවේ කෙල්ලෙක් එක්ක ගිහින්.. හාර ලක්ෂේ මංකොල්ලෙ එනකොට මම පොඩි එකා.. ඒක තිබුනේ මරදානේ කටවුට් ගහන තැන නෙමෙයි. අද ඔය මගී පාලම තියෙන හරියේ නිව් ඔලිම්පියා එක පැත්තට වෙන්න..

      Delete
  22. අපිත් සෑහෙන්න චිත්‍රපටි බැලුවා හෝල් එකේ වගේම ටීවී එකේ . හෝල් වල වැඩිහරියක් නම් ගැහැණු නේ ..මානෙල් දොමටගොඩ , හිමාලි කිරිබත්ගොඩ , විජයන්ති ,ලේඛා කඩුවෙල .

    ලංකාවේ රාත්‍රී කාලයේදී ප්‍රවාහන අපහසුව ෆිල්ම් බලන එක අඩුවෙන්න හේතුවක්ද කියල මට හිතෙනවා ..එක්කෝ හොඳ ඒවා හැදෙනවානම් මිනිස්සු පයින් හරි යයි නේ . අර කිවා වගේ වෙන විනෝදාත්මක අංශ නැති නිසා ඒ කාලයේ මිනිස්සු වැඩිපුර ෆිල්ම් බැලුවා වෙන්නත් පුළුවන්.
    ඩයනාගේ මගුල බැලුවා කියන්නේ ඒ කාලේ ඩයනා සැහෙන ජනප්‍රිය වුනානේ . මාත් එක පාරක් ඩයන කට් එකට කොන්ඩේ කැපුවා. රුපියල් පනහක් ගත්තා කියලා හොඳට මතකයි . ඒකාලයේ එක ලොකු ගානක් . එයින් පස්සේ මන් කොණ්ඩේ වවන්න ගත්තා . ටිකක් වැඩි වෙද්දී ගෙදරදීම කතුරක් අරන් කොට කරගත්ත . ඔන්න ඔහොමයි ඩයනා සහ මගේ කොණ්ඩය අතර නොමැකෙන මතකයක් ඇති වුනේ

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ඔක්කෝම ඩයනා කට් කැපුවා නේන්නම්.. සැන් පෝල්ස් එකේ ඩයනා කට් කපපු ලංසි කෙල්ලෙකුට එකසිය ගානට හිත ඇදිලා ගියා කියා ගන්න විදියක් නැතුව උන්නේ. පස්සෙ කාළේ නම් අපි හොඳ යාළුවෝ උනා. මම අර කතාව කිව්වම. එයත් එහෙමමයි ඉඳලා තියෙන්නේ. ඒක සැට් උනා නම්, අද මාත් කැනඩාවේ...

      Delete
  23. හරිම ආශාවෙන් කියෙව්වා මාතලං. අපේ අම්මත් තමන්ගෙ නෑදෑ සනුහරෙත් එක්කම චිත්‍රපටි බලන්න ගිය කතාවන් කියලා තියෙනවා, මෙන්න මේ වගේ පෝස්ට් ලියපන් කෝ අයියේ. මේ ඇතුලෙ තියෙන පොලිටිකල්වලට වඩා පොලිටිකල් කොයින්ද?

    ReplyDelete
    Replies
    1. කෙලින් කියනවට වඩා මෙහෙම කියන් කොට රසවත් කියන කතාව නම් ඇත්ත. ප්‍රසංසාත්මක මේල් ගොඩා..........යි... තැන්කූ මචන් අගය කිරීමට...

      Delete
  24. මං කැමතිම වර්ගයේ පෝස්ටුවක්.. එක පාරක් කියවල ගිහින් දැන් ආයෙත් කියෙව්වා.. පෝස්ට් එක වගේම රසවත් කමෙන්ටු ටිකත්...

    ReplyDelete
    Replies
    1. ඇත්ත පෝස්ට් එකට වඩා රහයි කොමෙන්ටු...

      Delete
  25. හරිම රසවත් මාතලං.... බොහොම හොඳයි මේ වගේ තමන්ගේ අත්දැකීම් එකතු කරලා ලියන එක...

    ReplyDelete
    Replies
    1. අර පැරා කියන්නා වගේ අපේ ජීවිතත් කතන්දර ගොඩක්.. නමුත් ඊට වඩා කතන්දර හැමදාම එලියට එනවා නේ..

      Delete
  26. කෝ බන් දාපු පෝස්ට් එක?

    ReplyDelete
    Replies
    1. බයවෙලා මැකුවද?

      Delete
    2. මාත් ආවේ ඒකට කමෙන්ටුවක් දාන්නත් එක්කයි.

      Delete
    3. වෙද මහත්තයගෙන් ඇපෘවල් අරන් නැතිවලු මාතය පෝස්ට් එක දාල තියෙන්නෙ.... පස්සෙ ෂේප් කරගන්න මකලා.... නැත්තම් පිට කසන්න එකෙක් නෑනෙ....

      Delete
  27. සු-ලලිත වූ කලා මිහිරෙන් මාතලන් චිත්‍රපටයේ මම කැමතිම සින්දුවක්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න