.

.

Jun 4, 2013

කොලිටි බාල අටපිරිකර - Low Quality


මේකත් කලබලේට ලියලා "පින්තූරූ" බ්ලොග් එකේ දාපු එකක්. දෙන්නෙක් තුන්දෙනෙක් කිවා "මාතලන්" එකෙත් දාන්න කියලා, ඒත් මේකේ වර්ෂන් එක ඊට වඩා ගොඩක් දිගයි......

හතර අතට ණය වීලා,
හතර වරිගෙ නිවන් යන්න..
හතර ගාතේ වැඳ වැටිලා,
අෂ්ඨපරික්කා පූජා..
-
ගෝල්ඩ් කලර් සුපර් කොලිටි......

ඊළඟ දවසේ උදේම,
පෙට්ටගමෙන් රහත් වෙලා,
අටපිරිකර සාප්පුවේ,
අල්මාරියටම වැඩලා....
වැඩ ඉන්නව සාධු සාධු...!!!
-
කොලිටිය නැති වැඩ ඔව්වා....

අටපිරිකර වැහි වැහලා,
වලඳන්නෙයි මහත්තයෝ....
අර මොකටෙයි කඩෙන් ගන්නේ...?
ඕන් ඔහේ කියක් හරි
ශ්‍රද්ධාවෙන් තියලා යන්න.
-
කෝකෙත් කොලිටිය එකමයි.....

රට කරන්න මින් මත්තට,
චතුරඟ සේනා කුමකට...?
බොදු බල සේනා සමඟින්,
නිවන් යන්න පින් නැතිවද...?
-
කොලිටියටම නිවන් යන්න....

රට වෙනුවෙන් හඬ නොනඟන,
මල්වතු අස්ගිරි කුමටද....?
සිංහල උරුමෙට, රාවෙට,
තේවාවත් බාර දෙමුද...?
-
කොලිටියටම තියෙයි නේද.....?

කුමටද පව් පුරවන්නේ,
කර, අඩු කොලිටියේ පූජා....
කරනවනම් කරපල්ලා,
ඉන්ද රතන ගිණි පූජා...!!!
-
කරනවනම් කොලිටි වැඩක්....

තුන් ළෝකෙම ගරු කරණා,
බුදුන් දෙසු සද්ධර්මේ....!!!
මොලේ කචල් හිමිවරුන්ට
දුන්න එකයි මේ කරුමේ....
අම්මපා උප සම්පදාද...?
මොලේ කචල් උන්දලාද....?
-
බාල කොලිටියේ පිංකම්

රන් මසු වටිනා ධර්මේ.,
උන්ට ඕන ලෙසට දෙසති.....
වගකියනා නා හිමිවරු,
ගොරව ගොරව නිති සැතපෙති.....
-
යහන උනත් සුපර් කොලිටි......

ආගම ධර්මයෙ විතරද .....?
මුළු රටේම නැති කාලේ...
කොලිටි සොයමු අටපිරිකරේ
වෙන වැඩ නවතා රාලේ....!!!
-
 ඔන්න රජෝ කොලිටි වැඩක්....

ඇස් ඇල් ඇස් කොලිටියටම.....
ISO, එකත් බෙදමු.....
සංඝරත්නයේ සිවුරෙත්,
ඇස් ඇල් ඇස් කාඩ් ගහමු....
-
කොලිටි බඩුවේ හිලක් නැතෝ....!!!


 -x-

87 comments:

  1. හැහ්............

    අපේ අහා පන්සලේ ,අටපිරිකර පන්සලෙන්මයි දෙන්නේ.ඒ කියන්නේ එකම පිරිකරේ තමයි හැමෝම පුජා කරන්නේ. සල්ලි දෙනේකයි කරන්නේ.

    අනේ මන්දා මෙවුවා.එක අතකට අට පිරිකර දැන් නවීකරණය වෙන්නෝනි කාලේ ඇවිත්.

    ඔය සමහරෙව්වා දැන් කාලෙට ඕනිත් නැහැනේ....

    ඉදිකටු ,නූල් ,දැලිපිහි ,අර මක්කටෙයි ඔවුවා.

    පනහෙ රිලෝඩ් කාඩ් මිටියයි.නවීන ජංගම දුරකතනයයි. ටැබ් ,ටීවී ඔන්න දෙනව නම් පොළව දෙදරන් ඒ වේලාවේ යනවා නිවනට...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ඔය ඔක්කෝටම වඩා වටිනවා, කවරෙක දාලා කීයක් හරි දෙන එක.. රස්සාවක් නොවැ කරන්නේ..

      Delete
  2. මේක අර විරිඳු තාලෙටද මාතලන් කියන්න තියෙන්නේ... හි හි....

    ඔය අටපිරිකර ‌ගොඩ ගහලා තියෙන හැටි දැකලා දවසක් ලිව්වනේ මාත් හිතට ආපු දේවල් ටික... ආයිත් මොකටද ලේ පුච්ච ගන්නේ....

    ReplyDelete
    Replies
    1. හි හි....
      හි හි....
      හි හි....
      හි හි....
      හි හි....
      හි හි....
      හි හි....
      හි හි....

      Delete
    2. හී,හී

      Delete
    3. මේක තනිකර බොරු පූජාවක්. පාත්තරෙන් වළඳන්නේ නෑ. රේසර් එකෙන් තමයි රැවුල බාන්නේ. කොන්ඩෙ පීරන්න පනාවක් දෙන්න වෙනවා. එක එක අය අඳින සිවුරේ පාට වෙනස්. ඊට වඩා වටිනවා අවශ්‍ය මොනවද කියලා අහලා ඒවා දන් දෙන එක.

      Delete
  3. මක් කරන්නද ඉතින්.....

    ReplyDelete
  4. අද මහනුවර අට පිරිකරක අවම මිල රු4000යි. සාදු සාදු ... මේ ඉල්ලීම එන්නේ මහනා හිමිගෙන්මයි.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ නම් සාමාන්‍යයෙන් 1000 - 1500 යි පන්සලේ විකුණන්නෙ.

      Delete
    2. 100-200 ක් විතර ඔඩර් කරලා බැරි වෙයිද මහනුවරට යවන්න. නලින්ටත් අරලිය මැදුරේ කඩේ යන්නේ නැතිව ගොඩ දාගන්න හොඳ බිසිනස් එකක්.

      Delete
    3. නලින්,

      මාලිගාවට ලැබෙන පිරිකර වලින් අතිරික්ත ඒවා සති දෙකකට සැරයක් වෙන්දේසියේ දමනවා.හැබැයි අවම ලන්සුව රුපියල් 150,000යි. ඔබටත් ඒකට ඇතුල් වෙන්න පුළුවන්. තියෙන ලොට් එකම ගන්න ඕනෑ. තෝරන්න බැහැ.සාමාන්‍යයෙන් අටපිරිකරක් වැටන්නේ රු. 1500.කට විතර.4000ක් වෙන්නේ නැහැ. හැබැයි එහන එකක් රු,7000,8,000 විතර වටිනා ඒවා තියෙන අතරම 1500ක් වත් වටින්නේ නැති ඒවත් තියෙනවා.

      Delete
    4. @WMK,
      මචං උඹ වැස්සකටවත් මැත්ස් පංතියකට ගොඩ වෙලා නැද්ද?
      වේටඩ් ඇවරේජ් එක ගත්තම 4000 කියන එකේ එච්චර ලොකු අවුලක් පෙන්න නෑ.. ( 8000*x +1500*y)/(x+y)

      උඹට ඕක තේරෙන්නේ නැත්තං කතන්දරයගෙන් අහ ගනින්..ඊයේ පෙරේදා ඌ පන්සිල් වල පව් පින් වල වේටඩ් ඇවරේජ් එක හොයලා පේපර් එකක් ලියලා තියෙන්නේ...ඒකේ එක්සෙක්ටිව් සමරිය තමයි බ්ලොග් පෝස්ට් එකේ උඹලා වගේ බයියන්ට දැම්මේ...කියවලා තේරුම් ගන්න.....:)

      මචං කකා තරහ නැතුව මෙතැන ඒ ලින්ක් එක දාපං......උඹට ඒ පිනෙන් කක්කා ජී නැති ජොකෙක් හම්බ්වෙනවා දිට්ඨ දර්ම කර්ම වශයෙන්ම :)

      Delete
    5. මචං ඇනෝ...


      කතන්දරයා, මාතලන් වගේ බයියන්ගේ බ්ලොග් බලන්නේ නෑ...ඌ බලන්නේ රියල් පෝස්ට් මොඩනයිස් බ්ලෝග හා ගෑලුලමයි ලියන ඒවා විතරයි....ඇමෙරිකාවේ ඇන්ටිලගේ වල් පල් බලන්නත් නෑ...උඹට ඕනේ නම් උඹම ලින්ක් දාගෙන ජොකා ඇද ගනින්.....

      Delete
    6. ඌ තවම ජොකෙක් අදින්නෙ නැති ද බං

      Delete
    7. හැම එකම ගනන් යන කාළේ මේවත් ගනන් ගියාට අවුලක් නෑ...

      Delete
  5. ATAPIRIKARA KANNADA OOI. CAR EKATA PETROL GAHALA ATAPIRIKARAK DUNNAMA GANNAWADA.

    ReplyDelete
  6. හට්ටි විතරක් නෙවි පොල් කෝම්බත් මුනින් නවල තියනවය කියල කතාවක් තිබුනනේද? මම හිතන්නෙ ඔය කාරනේ ගැන නම් අපි වැඩිය වද වෙන්න ඕන නෑ. හාමුදුරුවොත් අටපිරිකරක් නැවත නැවත විකුණනව මිස පාවිච්චියට ගන්නෙ නෑනේ. ගත්තත් පාත්තරේ අරන් දානවලට වඩින හාමුදුරුවරු දැන් නෑනේ. හාමුදුරුවොත් වළඳන්නෙ පිඟන්වල. (පිඬු සිඟා වඩින්නෙත් ලොකු උත්සවයක් එහෙම තියල දායකයො කලින් දැනුවත් කරල බොහොම කාලෙකට සැරයක්. ඉතිං පාත්තර පාවිච්චි වෙන්නෙ නැති තරමයි)

    අනෙක අටපිරිකරක් පූජා කරන මිනිස්සු ඒක කරන්නෙ ඒ ඇතුලෙ තියෙන දේවල් ගැන හිත හිත නෙවිනේ, තමන්ගෙ හිතේ ශ්‍රද්ධාවෙන්. ඉතිං එයාලගෙ කාරියත් ඉටුවෙනව. අටපිරිකර වැරදි ලෙස සකස්කිරීමේ ප්‍රශ්නය නම් විසඳිය යුත්තෙ බුද්ධ ශාසන අමාත්‍යංශය, පාරිභෝගික අධිකාරිය, පොලිසිය වගේ රාජ්‍ය ආයතන මැදිහත්වෙල. මොකද ඕව විකුණන තැන්වලට ඕපපාතිකව එන්නෙ නෑනේ. නිසි පරීක්‍ෂණයක් කළොත් පහසුවෙන් වැරදි කරුවන් අල්ලගන්න පුළුවන්. දැන් කාලයක් තිස්සෙ ඕක සිද්ධ උනත් ඒ ආයතනවලට ඒ ගැන ඒ හැටි උනන්දුවක් නෑ.

    අනෙක අටපිරිකර විතරක් නෙවි, හාමුදුරුවරුන්ට පිරිකරවලට හම්බවෙන සබන්, තුවා, බෙඩ්ෂීට් වගේ හුඟක් දේවල් පන්සලටම ඇවිත් සතිපතාම වගේ එකතු කරන් යන වෙළෙන්දො මම දැකල තියෙනව.

    ReplyDelete
    Replies
    1. අටපිරිකර සාප්පුවල සප්ලයර්ස්ලා තමයි පන්සල්. මේවා කවුරුත් දන්න ප්‍රසිද්ධ රහස්. මහ නායක හිමිට තියෙන ලොකුම ප්‍රශ්ණෙ තමයි, පිරිකරේ කොලිටිය බාල එක.

      Delete
  7. ලෝක විනාශය ළඟයි.

    ReplyDelete
    Replies
    1. පිරිකර අප්ෂට් නිසාද...

      Delete
  8. අට පිරිකර කතාව නං හරි.. ඒකට බොදු බල සේනාවයි සිහල රාවයයි ගාවගත්ත කාරණේ නම් පැහැදිලි නෑ.. දැං කියන්ට හදන්නෙ.. මොකද්ද.. බොදු බල සේනාවෙ මැදිහත් වීමෙන් අටපිරිකර වංචාව වෙනවා කියලද???

    ReplyDelete
    Replies
    1. හැබැයි අපරාදෙ කියන්ට බෑ.. අපේ හෙල කරුමේ චක්‍රවර්තී තුමා ගෙ පංසලේ නං ඔය වැඩේ ජයටම යන බව මට ආරංචි උනා.. ඒක කොයි තරං දරුණුද කියනවා නං.. පිටිං අට පිරිකර ගන්ටම බෑ ලු..

      Delete
    2. බොදු බල සේනාවට පුළුවන් හිජාබ් එකට යටින් ජංගිය තියනවද කියල බලනවට වඩා, අටපිරිකර අස්සෙ අවශ්‍ය කළමනා ටික තියනවද කියල බලල ඒකට මොකක් හරි ප්‍රමිතියක් හදන්න.
      අනුන්ගෙ හලාල් හොයන්නෙ නැතිව අපේ හලාල් එක හදාගන්න.
      හාමුදුරු‍වො බිස්නස් කරන එක නවත්තන්න.

      Delete
    3. මේ බල සේනාවට ඇඟිලි දික් කරන්න එපා හරිද. වැඩිය කට දැම්මොත් ගොඨා ට කියනවා.

      Delete
    4. මම කියන්න ඕන දේ, ඇනෝලා කියලා තියෙනවනේ...

      Delete
  9. හාමුදුරුවරු කවදාවත් ඕවා කඩලා වත් බලන්නේ නෑ කියලයි අහලා තිබ්බේ . .වැරදීමකින් කඩපු වෙලාවේ වෙන්ටෑ මාට්ටු වෙන්න ඇත්තේ බාල බඩු කියලා . . . හික්ස්

    ReplyDelete
    Replies
    1. මොකද බොල හිකිස්.
      තොට හෙම්බිරිස්සාවද. තව ටිකකන් වෙද තුමා ඇතුළු තුන් කට්ටුව එයි. කසායක් ඉල්ලාගෙන බීහං.

      Delete
    2. හික්ස්
      හික්ස්
      හික්ස්
      හික්ස්
      හික්ස්
      හික්ස්
      හික්ස්

      Delete
    3. මහ නායක හිමිලත් මොනවා හරි කරන්න එපයි, රට ජාතිය වෙනුවෙන්...

      Delete
  10. බාල සිමෙන්ති ,
    බාල කම්බි,
    බාල පෙට්‍රල්,
    බාල ඩීසල්,
    බාල හයිවේ,
    බාල වරායන්,
    බාල ගුවන්තොටුපොළවල්,
    බාල ගුවන්සේවා,
    බාල ප්‍රයිවට් කැම්පස්,
    බාල උපාධි,
    .....................................
    අඳ බාල පාලකයින්
    ...............................ඉතින් මොකද දුන්නම බාල පිරිකර.

    ReplyDelete
    Replies
    1. බාල බ්ලොග්
      බාල පෝස්ට්
      බාල කොමෙන්ට්

      Delete
    2. බාල අපචාර අමතකද?

      Delete
    3. බාල වැඩ කරන තැනකට බාල බඩු ඇර කොලිටි බඩු හම්බ වෙන්නේ නෑනේ..

      Delete
    4. මා බාල කාලේ.....
      අම්මාගේ උකුලේ.....

      Delete
  11. හලාල් කරනන්ත් වෙයිද??? හැක්...

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කරන්න කලින් සබන් දමා අත සෝදන්න.

      Delete
    2. සමහර ඇනෝලට නම් ඔකේ අනිත් පැත්ත කියන්න වෙන්නේ.

      Delete
  12. සමහර පන්සල් තියෙනවා අට පිරිකරක් තියා දානෙ වේලක් වත් හම්බවෙන්නෙ නැති. වැඩිපුර තියෙන අටපිරිකර නැතිබැරි පන්සල් වලටවත් දුන්නානම් මොකද?

    ReplyDelete
    Replies
    1. අර අරන්තලාවේ ඝාතනයෙන් බේරිච්ච හාමුදුරුවරු වගයක් පෙන්නුවා එකෙක්වත් බලන්නේ නැති. දානයක් නැති. මෙහේ චොකා බයිලා ගහනවා...

      Delete
    2. එක හාමුදුරු නමක් විතරයි බේරුණේ නේද?
      විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කෝකිල ගුණවර්ධන බලයි ඕව.

      Delete
  13. 1. පාත්‍රය.
    2. දෙපොට සිවුර
    3. තනිපොට සිවුර
    4. අඳන සිවුර
    5. බඳ පටිය
    6. පෙරහන්කඩය
    7. ඉදිකටු/නූල්බෝල
    8. දැලි පිහිය යන මේවා අට පිරිකරට අවශ්‍ය ද්‍රව්‍ය වේ. නමුත් වටා පත එකල බුදුන් දවසවත් භික්ෂූන් භාවිතා කළ බවට සාධක හමු නොවේ. නමුත් භික්ෂූන් චත්‍ර (කුඩය ) දැරීමක් පිළිබඳ සාක්ෂි ත්‍රිපිටකයෙන් සොයාගත හැකිය. ඒ කෙසේ වෙතත් අට පිරිකරට අයත්, තනිපට සිවුර සහ දෙපට සිවුර දැරීම පිළිබඳ විධිමත් නියමයන් ත්‍රිපිටක සාහිත්‍යයෙන් කරුණු සොයාගත හැක.

    වටාපත සහ කුඩය මේවා එම නිසා සුළු පිරිකර නමින් හඳුන්වයි.

    පොළොන්නරු යුගයේදී ලියන ලද් ටිකාවක පමණක් භික්ෂූන් වටාපත දැරීම පිළිබඳ තොරතුරු ඇත. මේ මැසි මදුරු උවදුරින් වැලැකීමට භාවිතා කලැයි මේ අනුව සිතා ගත හැක.

    පාත්‍ර තුන් වර්ගයකි. 1. උත්කෘෂ්ට පාත්‍රය. - එකල දඹදිව මගධ දේශයේ භාවිතා කළ නැලියෙන් සහල් දෙනැලියක බත් ද, ඒ බතින් සතරෙන් කොටසක් මුං ආදී වෙනත් ව්‍යාඤ්ජන ද බෙදිය හැකි පාත්‍රයයි.
    2. මධ්‍යම පාත්‍රය. - මගධ නැලි එකක් පමණ සහලේ බත් ද ඉන් සතරෙන් එකක් ව්‍යඤ්ජන ද බෙදිය හැකි පාත්‍රයයි.
    3. කුඩා (ඕමක පාත්‍රය ) යනු - ඉහත දෙකටම කුඩා පාත්‍රයයි. මගධ නැලියෙන් අඩක සහලින් බත් ද, ඉන් සතරෙන් කොටසක ව්‍ය්ඤ්ජන ද බෙදිය හැකි පාත්‍රයයි.

    (මගධ නැලිය - පත දෙක මනා එකයි/ මනා දෙක නැලි එකයි. මේ අනුව අඩු කෝප්ප 4 ප්‍රමාණය නැලියක් හෙවත් සේරුවකි.) ඉහත උත්කෘෂ්ට පාත්‍රයකට ආහාරය බෙදු කළ පාත්‍රයේ ගැට්ට උඩින් ආහාරය ඒ නම් එය නුසුදුසු පාත්‍රයකි.
    පාත්‍රය සාදන ද්‍රව්‍ය වන්නේ යකඩ හෝ මැටි යි. ඉතා සුදුසු පාත්‍රය නම් මධ්‍යම පාත්‍රයයි.

    අටපිරිකරට අයත් අනෙක් ද්‍රව්‍ය පිළිබඳ ද විධිමත් නියම සහ ඒවා එසේ අට පිරිකරට ඇතුළු වීමට හේතුව භික්ෂුවකට අවශ්‍ය කළමනා එපමණක් ම වීමයි.

    අටපිරිකරක් පූජා කිරීමෙන් ලැබෙන සම්පත්තිය නම්. කෙදිනක හෝ බුදු වහන්සේ නමක සම්මුඛයෙන් ධර්මාවබෝධය ලැබී නම් එවිට ඒහි භික්ඛු භාවයෙන් පැවිද්ද ලැබීමේ හැකියාව ලැබීමයි යැයි, මා හිතවත් ධර්ම දර භික්ෂූන් වහන්සේ නමක් ම වෙත දේශණා කරන ලදි.

    එහෙනම් මාතලන් මේ කර ගත්තා වූ කුසල කර්මයෙන් ඔබට ඒහි භික්ඛුභාවයෙන්ම බුදුන් දැක නිවන් දැකීමට හේතු වේවා, වාසනා වේවා.

    එහෙමනම් හිතන්නකො බාල පිරිකර භාවිතයෙන් මොන තරම් නම් අකුසල් කන්දරාවක් මේ නිෂ්පාදකයොත් වෙළෙන්දොත් පුරවා ගන්නවා ඇද්ද?

    ReplyDelete
    Replies
    1. මහණවෙලා හිටියද?

      Delete
    2. එන්න කෙන්ජි... එන්න මාතලන්...

      Delete
    3. @වෙද මහතාණනි;
      ස්තුතියි ඔබට නොදන්නා කරුනු ටිකක් අප සමග බෙදාගත්තට.
      වෙළෙන්දො හිතන අකුසල්.එවුන්ට බල්ලො මරල හරි සල්ලි එනවනම් එච්චරයි නේ.

      Delete
    4. 8:10 ඇනෝ :
      මාරයා කියලා තියෙන්නේ..

      Delete
    5. මේ විස්තරේ වටිනවා වෙද මහත්තයෝ

      Delete
    6. බොහෝම ස්තුතියි වෙද මහත්තයෝ අපේ ඇස් පෑදුවාට
      මේ කරගත්තාවූ පිනෙන් ඉපදෙනා ජාති ජාතිත් සත්‍යාවබෝධය ලැබේවා

      Delete
    7. වෙදා පොතක් බලා ගෙන නෙලලා වගේ......

      Delete
    8. ඇනෝ,
      පොත් නොබලා මේවා ලියන්න නම් ඉතින් අතැඹුලක් සේ ධර්මාවබෝධය ලබන්න ඕනෙ. ඒකට තාම කළ පිං මදි. ඔබ වගේ නෙමේ නොවැ අපි පුහුදුන් අය නොවැ.
      "ප්‍රාතිමෝක්ෂය, භික්ෂු උපසම්පදාව සහ සීමා සංකල්පයේ විකාශය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යනයක්, පූජ්‍ය අම්බලන්ගොඩ සුමේදානන්ද හිමි."

      Delete
    9. පුහුදුන් කියුවෙ? අෆ්සැට් වගේ... මට සින්හල අවුල මෙයා... පුකදුන් නෙවෙයි නේද?

      "පුක යනු කුණුහරුපයක් නොවේ"

      Delete
    10. ඔව් බං ඇනෝ. Kenji සමඟ සහ වාසේ. අවසානයට පුක දුන් වෙනවා.

      Delete
    11. ඇයි මේ තරම් පහත් තත්වෙට වැටෙන්නේ ඇනෝලා?ඕනෙම දේක සීමාවක් තියෙන්න ඕනේ.ඇනෝ බ්ලොක් කරන්න මාතලන්.දැන් නම් හොඳටම ඇති.

      Delete
    12. අගේ ඇති හැඳින්වීමක් වෙද මහත්තයා. මේ වගේම ඉතා වැදගත් වැඩ සටහන් කීපයක් සිරස රූපවාහිනියෙන් විකාෂය කලා. නියමාකාරයෙන් සිවුරක් නිශ්පාදනය කරන්නේ කොහොමද? නියමාකාරයෙන් පාත්තරයක් හදා ගන්නේ කොහොමද කියලා...

      Delete

  14. අට පිරිකර පූජා කිරීම මත් ඵල මහානිසංස ලැබෙන පුණ්‍ය කර්මයක් කියන විශ්වාසයෙන් තමයි අපි ඒ පූජාව කරන්නේ. අපි එහෙම කරන වෙලාවට ගන්න කලින් පාර්සලේ ලෙහෙලා බලලා තමයි ගන්නේ.

    පන්සලට අටපිරිකර ලැබෙන තරමට ඒවා කොහේ තියාගන්නද කියන ප්‍රශ්ණෙත් මතු වෙනවා තමයි. ඒ වෙලාවට ඒක රීසයිකල් කරන එකෙත් ඒ හැටි වරදක් පේන්නේ නෑ. නමුත් කොයි දේත් වගේ සීමාව ඉක්මවා ගියාම අටපිරිකට දායකයන්ට විකිනීමට අමතරව, පන්සලෙන් ගත්ත එකක්ම මිසක් පිටින් ගත්ත අට පිරිකර භාර ගන්නේ නෑ කියන තත්වෙටම ඇද වැ‍ටුනාම නම් ඉතින් තවත් ශ්‍රද්ධාව වැඩි වෙන එකයි වෙන්නේ මට නම්.

    ReplyDelete
    Replies
    1. අටපිරිකර රීසයිකල් නම් කරන්නේ නෑ......රීයූස් තමයි කරන්නනේ..රීයූස් කරන්නෙත් දන් දෙන කෙනා මිසක් හාමුදුරුවෝ නම් නෙවෙයි.....:))

      Delete
    2. රී යූස් තමයි මයියා. ස්තුතියි. පන්සලයි දායකයගේ ගෙදරයි අතර කැරකුනාට. :)

      Delete
    3. අන්න එතන තමයි අපි කරන ළොකුම වැරද්ද. අපි ගෙදරට ගන්න දෙයක් අපි හොඳට චෙක් කරලා බලලා ගන්නවා. මේ වගේ දෙයක් අපි කීයටවත් චෙක් කරන්නේ නෑ.

      Delete
  15. අපූරු හාමුදුරු පැටිය.
    විජය හිටිය නම් වඩා ගන්නව.

    ReplyDelete
    Replies
    1. හාමුදුරු නම වෙනුවට කොලු පැටියෙක් හිටියා නම් මෙලහට්ට කෙන්ජියා ඌයියා කරලා !

      Delete
    2. කෙන්ජිට කොහොමත් එකයි.උඹත් පරිස්සමෙන්.

      Delete
    3. ඊයා චිකේයා.
      මොනවද ඔබතුමාලා කෙනජි උපාසක මහත්තයා ගැන කියන නරක කතා.
      මීට,
      පොඩි නම.

      Delete
    4. පුදුම ආදරයක් ඇතිවෙන්නේ. අපේ ගමේ පන්සලෙත් ඉන්නවා පොඩි සෙට් එකක්. මම එහේ ඉන්නවා දැක්ක ගමන් වඩිනවා ගෙදරට. ඒ එන්නේ අයිස්ක්‍රීම් කාලා කූල් ඩ්‍රින්ක්ස් බීලා යන්න. සල්ලි තිබුනොත් කීයක හරි දෙනවා..

      Delete
  16. සහතිකයක් ඕනෑවගේ පාත්තරේටත්
    …ඇයිද නරක හලාල් එකක් මේකට දුන්නොත්

    ReplyDelete
    Replies
    1. අවුලක් වෙන එකක් නෑ...

      Delete
  17. ඔයා හොද හිතින් නිවන් යනවද? නැත්නම් නිවන් යවන්නද? සාදූ සාදු සාදූ..ප්..

    ඇයි අනේ අට පිටිකර කියන්නේ සදාකාලික ගිෆ්ට් අයිටම් එකක් මිස පාරිභෝගික භාණ්ඩයක් ඈ....ඒවට මොන කොලිටිද....

    ශාසනයට නිගරු කරනවා නෙමේ, ශාසනයේ නාමයෙන් බඩ වඩා ගන්නා සිවුරු දරන්නන් දිහා උපහාසයෙන් බලනවා පමණි.

    ReplyDelete
    Replies
    1. දේයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු....

      Delete
  18. හැමතැනම කොලිටිය බල්ලට යනකොට....අටපිරිකරටත් ඒ ආනිසංසෙම තමා...ශීලයේ පිහිටන්නේ නැති මහනුන්ට කොලිටි අටපිරිකරම ඕනෙද...

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලා, පන්සල්වලයි ඒවල ඉන්න අයගෙයි කොලිටිය හදාගත්තනම් වඩා හොඳයි...

      Delete
  19. දැන් හාමුදුරුවරුත් බාල කොලිටියට පත්වෙලානේ,ඉතින් අටපිරිකර කොහොම වුනාම මොකැයි.

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මමත් කිව්වේ....

      Delete
  20. අට පිරිකරෙත් දැන් අර කාලෙකට ඉස්සෙල්ලා ජන්ප්‍රිය උන ගෝල්ඩ් කොයින් වගේ වෙලා නේද....වටිනාකමක්, ප්‍රයෝජනයක් නැති උනත් ගන්න අයත් ඉන්නවා..විකුනන්න අයත් ඉන්නවා.....අට පිරිකර වෙනුවට ගඩෝල් භාගයක් ඔතලා දුන්නත් ඔය වැඩේමනේ වෙන්නේ.........

    ReplyDelete
    Replies
    1. මිනිස්සු දෙන්න ඕනවට ඉසටයිල් එකට දෙනවා මිසක්, කිසිම භක්තියකින් දෙන දෙයක් නෙමෙයි නේ. මේවලින් පෙන්නන්නේ හැම තැනම කොලිටිය තමයි.

      Delete
  21. සාප්පුවෙන් පන්සලට පන්සලෙන් සාප්පුවට ..

    ReplyDelete
    Replies
    1. හැමදාම වෙන්නේ ඕක තමයි.. දැන් තියෙන්නේ පඩ ෂෝ බුද්ධාගමක්...

      Delete
  22. අට පිරිකරට මෙන්ම අනෙකුත් පිරිකර වලටත් ප්‍රමිතියක් අවශ්‍ය වෙලා තියෙන්නෙ බාල (පාවිච්චි කිරීමට බැරි) පිරිකර වෙළඳ පලේ තිබෙන නිසයි.පිරිකර තොග වෙළඳාම තියෙන්නේ මුස්ලිම් අය අතේ. ලාබය උපරිම කරගන්න ඒ අය නුසුදුසු පුජා භාණ්ඩ වෙළඳ පලට දමනවා. අඳින්න බැරි (නියමිත දිග,හා පළල නැති) සිවුරක් වෙළඳුන්ට (පන්සල් වලින් පුජා භාණ්ඩ මිලට ගන්න වෙනම සෙට් එකක් ඉන්නවා,) විකුනනවා හැර තිබෙන එකම විකල්පය තමයි නායක උත්සවයකදී හෝ ආදාහන පුජෝත්සවයකදී පාරවල් හරහා කොඩි දාන්න පාවිචිචි කරන්න ගන්න එක.

    හාමුදුරු කෙනෙකුට වසරකට සිවුරු 6ක් 7ක් තිබුනාම හොඳටම ඇති. ආයේ සිවුරු පුජා කරන්න එපා කියල කියන්නත් බැහැ. එහෙම කිව්වත් ඒක මිනිස්සු අහන්නේ නැ.(මමත් අහන්නේ නැහැනේ) මියගිය නෑදෑයින්ට ආහාර පාන ලැබෙන්න ආහාර පාන පුජා කරනවා. වස්ත්‍ර ලැබෙන්න සිවුරු පුජා කරනවා. වැඩිවෙන (අතිරික්ත) සිවුරු විකුණා පන්සලේ නඩත්තු වියදම් පියෙව්වාම එකෙ වැරද්දක් තියෙනවාද?
    තව කාරණයක් කොළඹ පළාතේ පන්සල් වල දැන් වැඩිපුර ඉන්නේ බංගලිදේශයේ හාමුදුරුවරු. ඒ ගොල්ල තමන්ට ලැබෙන පිරිකර මුදල් කරලා එතෙර ඉන්න තම දෙමාපියන්ට යවනවා.

    මම මේ දේවල් හොයා ගත්තේ පිරිකර සිල්ලර කඩයක් කරන මගේ යාළුවෙකුගෙන් තමයි.

    ReplyDelete
    Replies
    1. ලියන්න පුලුවන් පලියට රට කෙප්ප කෙලින්න එපා...

      Delete
  23. #මාතලන්
    ආගම ධර්මයෙ විතරද .....?
    මුළු රටේම නැති කාලේ...
    කොලිටි සොයමු අටපිරිකරේ
    වෙන වැඩ නවතා රාලේ....!!!
    --------------------------------------
    කොලිටි නැති අට පිරිකර හා වෙනත් පිරිකර තොග වෙළඳ පලට ඉදිරිපත් කරන්නේ මුස්ලිම් ජාතිකයන්. පිරිකර කොලිටිය බලන්න එපා කියල ඔබ ඔවුන්ට සුදු හුණු ගාන්නේ ඇයි? මේ blog එක ලියන්න ඔබට මුස්ලිම් පිරිකර වෙළඳුන්ගෙන් ගතමනාවක් ලැබුනද?

    ReplyDelete
    Replies
    1. ඔයා වගේ මොළේ අවුල් පිස්සෝ තමයි බුද්ධාගම කන්නේ. මුස්ලිම් මිනිස්සු අසාධාරන වෙළඳාම් කරන්නේ නෑ කවදාවත්. දන්න වෙළෙන්දෙක්ගෙන් අහලා දැනගන්න..

      Delete
  24. ///කුමටද පව් පුරවන්නේ,
    කර, අඩු කොලිටියේ පූජා....
    කරනවනම් කරපල්ලා,
    ඉන්ද රතන ගිණි පූජා...!!! ///

    දේශපාලනයේ කොලිටි අඩු වෙනකොට මිනිස් ජීවිත වලත් කොලිටිය අඩු වෙනවා. ඒක තමයි අපි පාරකට බැස්සත් දකින්න තියෙන දේ.

    ReplyDelete
    Replies
    1. හැම තැනම කොලිටියක් නැති රටෙ. මේක සුළු දෙයක්. ඊට වඩා හොඳයි ලොක්කට කියලා ධර්ම සංඝායනවක් තිබ්බනම්..

      Delete
  25. අටපිරිකර ගැන මගෙත් කතාවක් තියෙනව මාතලන්,මම ඒක ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. ලියන්නයි තියෙන්නේ හැලපේ. අනිවාර්යයෙන් රස සාගරයක් වෙන්න එපාය...

      Delete
  26. මට මතක හැටියට රේරුකානේ හාමුදුරුවන්ගේ පොතක තියෙනවා විනයානුකූල අටපිරිකර ගැන .
    මේ පිරිකරයි ඒ පිරිකරයි අනේ මන්දා .
    කොයිල් වගේ . හඃ හඃ හඃ හා.....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න