.

.

Jun 24, 2013

විනය තකා, වාටි ලිහීම.. - School Uniform for Barbarians



අම්මට සිරි ලංකාවේ ප්‍රවීණ හා ජේෂ්ඨ ජනමාධ්‍යවේදීන්ගේ පත්තර හා රූපවාහිනි නාලිකා කියවූ විට හා නැරඹූ විට, සිංහල තේරෙන වෙන ජාතියක එකෙකුට සිතෙනු ඇත්තේ, මේක සිවිලයිස් සමාජයකට වඩා බාබේරියන් සමාජයක් බවය. පිට රට උන් ඕනා නැත. අපේ රටේ වුවද, මොළයක් තීබෙන එකෙකුට නම්, මේ රට පෙනෙන්නේ එලෙසය. එය හෙලා දැකීම කෙසේ වෙතත්, අගය කරනා පිරිස වැඩි බව, මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් පවත්වන කප්පරක් මැතිවරණ වලින් ඔප්පු කොට හමාරය.


උගත් යයි කියනා උන් බුද්ධිමත් නැත. බුද්ධිය තියෙන එකා උගත් නැත. ලංකාවේ අජ්ජාපන ක්‍රමයේ හා විභාග ක්‍රමයේ, සිලබස් හා සිස්ටම් හදා තියෙන්නේ ඒ විදියටය. මේ සියළු කරුම ජනතාව වෙත පතිත වන්නේ 56 න් පසුවය. සුද්දා එන්න පෙර අපේ රටේ තිබුනේ, සිවිල් සමාජයක් නොවේ. වැඩවසම් ක්‍රමයේ රජෙක් යටතේ ජීවත්වූ, කුළවලට බෙදා වෙන්කරන ලද වහළුන් පිරි දේශයකි. එම ක්‍රමය තුල අධ්‍යාපනයක් නැත. එම හිමිකම් තිබුනේ භික්ෂූන්ට හා රජ පවුල්වල උන්ට පමණය. ඒ කියා දුන්නේද, මිනිසා පෙලීම සඳහා කඩු පයිට් හා සාසනේ තම පන මෙන් රැකිය යුතුය යන්න පමණි.

එහෙත් සුද්දා ආ පසු ක්‍රමේ වෙනස් විය. උන් පටන් ගත්තේද, තම ආගම පැතිරවීමේ මිෂනාරි ගේමක් වූවද, ඊට අමතරව, වෙනත් විෂයන්ද ඉගෙනීමේ වාසනාව ආගම වෙනස් කර ගත්ත උන්ට ලැබුනේය. මේ සිස්ටම් එකෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ දෙමළ ජනතාවයි. එය අහඹු දෙයක් නොව නියතයකි. ඕනෑම රටක ජීවත් වන සුළුතර ජනතාවගේ මානසිකත්වය එය බව, පිටරටක ජීවත් වන, සිංහල එකෙකුට වුවද තේරෙන සත්‍යයකි. පන්සල් වල උන්නාන්සේලාගේ ඉහ මොළ රත්වී ග්‍රහ තාරකාවන් පේන්න පටන් ගත්තේ මින් පසුය.

මිෂනාරී අධ්‍යාපනයෙන් ලද දැණුම පමණක් නොව. එංගලන්තයෙන් ලද දැණුමද උපයෝගි කොටගෙන, සුද්දන්ගේ පිහිටෙන්ම, රට පුරා බෞද්ධ පාසල් ආරම්භ වන්නේ ඉන් පසුවය. සුද්දාට කෙලින්න එසේ ආරම්භ කළද, ජනතාව දැණුවත් වීම, මළ කරුමයක් බව රදළයන්ට වැටහෙන්නේ මින් අනතුරුවය. බුද්ධිමත් ජනතාවක් පාළණය කරනවාට වඩා, ළිං මැඩි හරකුන් රැලක් පාළණය ඉතා ලෙහෙසි කරුණක් බවත්, මෝඩ මිනිසා තම ආගම හා ජාතිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරනා බව වටහා ගන්නා. මුලින් හින්ගල කතා කරගන්නවත් බැරි, කලිසම් කෝට් ඇන්ද, බන්ඩාරනායක, දෙමලාගේ වේට්ටි ඇඳගෙන. (එය ඔවුන්ගේ ජාතික ඇඳුමයි, බන්ඩාරණායක පරම්පරාවේ මුදුන් මුල් ඇදි ඇත්තේ තමිල්නාඩුවේය.) එය හින්ගල කිරීමට, ඊට උඩින් අමුඩ ලේන්සුවක් කරේ දාගෙන 56 දි, සඟ වෙද ගුරු ගොවි කම්කරු යන නූගත් ජනතාවගේ කර මතින් පාලණයට පැමිණ කරනා විනාශයේ ප්‍රතිඵල, බුක්ති විඳිමට ලැබී තිබෙන්නේ අද දවසේය.

ඔය උඩින්ම තියෙන පින්තූරය හොඳට නිරීක්ෂණය කරන්න. දකුණු පැත්තේ සිටින්නේ රටේ බහුතරයක් මෙන්ම, කොළඹ වෙසෙන බහුතරයක්ද නොදන්නා, කොළබ උසස් බාලිකා විදුහලක, ශිෂ්‍යාවන් පිරිසකි, ඒ විදේශිකයන් නොවේ, අම්මට සිරි ලංකාවෙම ගෑල්ලමයින්ය. වම් අත පැත්තේත් ඉන්නේත්, ගෝත්‍රික සමාජයක ගෑල්ලමයින් පිරිසක් නොව, එම රටේම ගෑල්ලමයින් පිරිසකි. එසේනම් මේ වෙන්ස කුමක්ද..? මේ තමයි රදලයන් බලාපොරොත්තු වූ දෙය. මේ තමයි අන්සිවිලයිස් සමාජය. 

මේ තමයි 56 විප්ලවයේ ප්‍රථිපල. 56 පාර්ලිමේන්තුවට එන්නේ, අර කියු පංච මහා බලවේගේ සෙට් එකය. මුන්ට, ඒ නම දාපු උන්ට නම් සම්මාන දෙන්න වටින්නේමය. මන්ද මුන් දන්නේ පංච දාන්න පමණමය. ගම් වල හා නගරයේ ජීවත්වූ, සුද්දාගේ සිවිල් සමාජයට හුරු විය නොහැකි වූ, මරි මොට්ට කාළකන්නි ජනතාවගේ පිහිටෙන්, නැවතත් වැඩවසම් ක්‍රමයක් ආරම්බ වන්නේ ඉන් පසුවය. ගමේ බයියන් හැරුණු විට එම පක්ෂයේ උන්නේ, වේට්ටි ඇඳ අමුඩ ලේන්සු කරේ දමාගත් රදළයින් හා සමාජවාද පඩත්තරයෝ බව, ඕනෑම කෙනෙකුට 56 පත්වූ සෙට් එක දෙස බැලූ විට, සක්සුදක් සේ පැහැදිල කර ගත හැකිය.

සමාන්‍ය ජනතාව, ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීම නවතා දමන ලදි. එතැන් පටන් ඉගෙන ගන්න ලැබුනේ, සිංහල පමණි. ළෝකය ගැන දැන ගැනීමට එකල තිබූ එකම මාර්ගය වූ ඉංග්‍රීසී පත පොත කියවීමේ අවස්ථාව, එමගින් අහිමි විය. දැන් සිවිල් පාලනයේ සිටින්නේ, ඒ 56 බූරූ පුතුන්ගේ පුතුන්ය, එනම් දෙවන පරම්පරාවයි. 56ට පෙර රට පාළණය කළ හා ළෝකය ගැන දැන ගෙන උන් උගත්, බුද්ධිමත්, එමෙන්ම සිවිලයිස් පන්තිය, අද රාජ්‍ය පාලනයෙන්ද, සිවිල් සේවයෙන්ද දැක ගැනීමට නැත. ඔවුන් පදිංචිය සඳහා වෙනත් රටවලට ගොස් බොහෝ කල්ය.

56 බූරූ පුතුන්ට අජ්ජාපනයෙන් උගත් කම ලැබුනද, මුදල් හදල් තිබුනේ නැත. ඒ නිසා විවාහයන් කර ගත්තේ ජේ ආර් පප්පාගෙන් ගොඩ ගිය, මුදලාලිගේ දරුවන් සමගය. උන්ගෙන් පිරිසක් ඉගෙනගෙන රට හැර ගිය අතර, අනෙක් පිරිස, නොම්බර එකේ දේශීය රේන්ද කාරයෝ, දේෂීය ඖෂධීය ශාක නිශ්පාදකයෝ, රති සැප ලබා දීමේ විශේෂඥයෝ, මිනිසුන් නිවන් දැක්වීමේ සේවා සපයන්නෝ, ආදී එකි මෙකි නොකී කප්පරක් වූ පාදඩ ක්‍රියාකාරකම් වල කප් ගහපු උන් වී, පාර්ලීමේන්තුවේද, පලා බබාවේද. නගර සභාවේද, පොලීසියේද, රජකරයි.

එහි පක්ෂ විපක්ෂ බේදයක් නැත. මේ මජර පාලන ක්‍රමය නිසා, මුළු රටම කොලොන්නාවෙ කුණු කන්ද මෙන් ගඳ ගැසුවද, මේ එකෙකුටවත් ඒවා නොදැන්නෙනේ, අසූචී රසම ප්‍රිය කරනා, නිළ මැස්සන් නිසාමය. පාලකයෝ පමණක් නොව අමාත්‍යංශ ලේඛම්, දිසාපති, යන සිවිල් සේවකයාගේ පටන් ගුරුවරයා දක්වාද, දොස්තරගේ සිට කොන්දොස්තර හා මගීයා දක්වාද, කිසිම විනයක් නැති, පුදුම උණක් ඇති රෝගීන් පිරිසක් වෙසෙන දිවයිනක් බවට පත්වී හමාරය.

තවත් බොහෝ ප්‍රශ්ණ තිබුනා වූවද, ලිපිය දිග වැඩි වන නිසා දැන් ප්‍රස්තුත කාරණයට එමු. පලාත් සභාවේ උන රෝගය උත්සන්න වූ බල්ලෙක්, පොල්ලක්ද ඇතැතිව ගොස්, ගුරුවරුයක් දන ගස්සා අද ඉන්නේ මහ උළු ගෙදරය. මූ තව ටිකෙන් පොල්ලෙන් කෙලින්නත් ගිය එක නවත්වා ගෙන තිබෙන්නේ අනෙක් ගුරුවරුන්ය. එයා දණ ගැසීමට අකමැති වූවත්, අනෙක් උන් කියා තිබෙන්නේ, දන ගසන්න කියාය. ඊට අමතරව පලාත් සභාවේ සබාවේ බල්ලා, සංස්කෘත පාඩමක්ද ගුරුවරුනට හා සිසු දරුවන්ට කියා දී ඇත.

දැන් මෙහි හේතුව කුමක්ද? ටීචර්ගේ ඉන්ටවීව් එකෙන් සියල්ලම එලියට එන්නේය. ඇය කියන්නේ, පලා බබා මෙන්ම, මේ දරුවා ගැන හොඳින් දන්නා බවත්, ඉගෙනීමට දක්ෂ, ඉතා විනීත, අහිංසක දරුවකු බවත්ය. නමුත්, පසුව කියන්නේ, මේ දරුවා පලා බබාගේ දරුවා බව, දැන ගෙන උන්නේ නැති බවය. පලා බබාගේ දරුවා වේවා, නගර සභාවේ කුණු අඳින එකාගේ දරුවා වේවා, ගවුම් වල වාටි ලෙහන්න කියා.. කියා තිබෙන්නේ මොන චක්‍රලේකයේදැයි කියා, මට ජෝෂප් ස්ටාලින් හෝ කියා දෙනවානම් ලොකු දෙයක්ය.

ඇයගේ ඇඳුම කොටනම්, මුල් දිනයේ අවවාද කළ යුතුය. එසේ නොමැතිනම්, පාසල් දිනේට පමණක් නොව, නිවාඩු දිනවලත් පාසලට කැඳවන දෙමාපියන්ට මෙය කිව යුතුය. ඒ කියා අසන්නේත් නැතිනම් පින්සිපොල්ට කියා, දරුවා පාසලෙන් ඉවත් කල යුතුය. ශාරිරක දඬුවම් පැනවීම නීතියෙන්ම නවතා ඇති කලේක. මෙවන් මානසික දඬුවම් වෙත යොමු වන්නේ, ගුරුවරුන් තුල ඇති උන නිසාය. අනෙක, පාසල්වලට මිනි ගවුම් ඇඳගෙන එන්නේ නැත. ගවුම දනහිසේ ප්‍රමාණයට තිබුනාම, හොඳටෝම ඇතිය. නැතුව පරඬැල් වගේ එල්ලේන විට, ජම්බු ගහෙන් වැටුන ගමන් කෙල්ලන්ගේ, පුහුල් ගෙඩි වන් සුන්දර තාවය නැතිවී යනවාය.

මේවා, නියම ළමා අපචාරයන්ය. මේ දරුවා වාටිය ලිහූ, නූල් එල්ලෙන, ගවුම ඇඳගෙන පාරේ යන්නේ කෙසේදැයි යන දේ ගැන, ගුරුවරියට වගේ වගක් නැත. ඒ උණ නිසාය. මේ දරුවා, ලැජ්ජාවට ටයි පටියෙන් එල්ලි ජීවීතය නැති කර ගත්තා නම්, ටීචර්ලා වග කියන්නෙ නැතිය. දරුවා නැති වන්නේ දෙමාපියන්ටය. මෙවන් දේ කරනා විට, ඒ දරුවා, මුළු සමාජය සමගම වෛර බැඳ ගන්නා බව, ගුරුවරුන්ට උපාධියටවත්, ගුරු පුහුණු විජ්ජාල වලවත්, වැඩ මුලු වලවත්, රැස්වීම වලවත්, කියා දෙන්නේ නැත.

එසේ සිතීමට ඕනා කමකුත් නැත. මොකෝ ඒ කුඩා දරුවන් පිරිසකගේ නායකාය යන, උණ රෝගය නිසාය. අනික පාසලේ විනය බාර උණ නිසාය. (සාමාන්‍යයෙන් මේ තනතුර දෙන්නේ, දරුවන් සමඟ සහ සම්බන්ධතාවය අඩු උන්ටය.) විනය තකා, තම දරුවන්ගේ ගවුම් වල වාටි ලිහන්න ගොස්, බලා බබා මෙන් පොල්ලක් රැගෙන නොව, අපේ මර්වින් සිල්වා වගේ, මල පැන්න තාත්තා කෙනෙක් ඇවිත් ටීචර්ගේ, තනය විකා ගියොත් නම් පත්තර කාරයන්ට මල් මසුරන් හෙඩිම් ටිකක් දාගන්න පුළුවන් වෙන්නේය. එම නිසා නිසා ටීචර්ලාට කියන්නට තියෙන්නේ විනය තකා උණ පාට් දාන්න ගිහින් තමුන්ගේ තනය විකා ගන්නා එක වලක්වා ගන්න ලෙසය.

ලිපියේ දිගු බවට සමාව අයදිමි..

72 comments:

  1. ගරු මාතලන්;
    කොහොමත් වාටි ලෙහිල්ල චක්‍ර ලේඛන මගින් නිකුත් කර නොතිබුනාට ගොඩක් කල් සිට කරගෙන ආපු දෙයක්.
    කොහොමත් මන්ත්‍රීයව නිදහස් කර ගන්න වැඩ පිලිවල ජයටම යනව.
    විදුහල්පතිය දීපු කට උත්තරයත් ඉල්ලා අස්කරගෙන.
    ඊළගට ගුරුතුමිය කියයි එයාම දන ගහගත්ත කියල.
    එහෙම වුනාම අපිට වෙන්නෙ ලගම ඉන්න අපේ එකීගේ වින තකන්න.

    ReplyDelete
    Replies
    1. ගුරුවරයාට දෙවියෙක් ලෙස සැලකිය යුතුයි.. ගුරුවරයා දෙවියෙක් ලෙස හැසිරිය යුතුයි.. කෙන්ජි කියන එකත් ඇත්ත.. ගුරුතුමිය කියන්ට බැරි නෑ එයාම දණ ගහගත්තා කියලා.. මේක ඉතිං අසිරිමත් රටක් නොවැ..

      Delete
    2. kenji මේ ගරු කෑල්ල ආවේ රාජ්ගේ ලිපියෙන් වෙන්ටෑ....

      Delete
    3. ඔව් බං.නොමීලේ සේවා/උපදෙස් etc: සපයන හැමෝටම අද සිට ගරු නාමය භාවිතා කරමි.
      ඊයෙ රාත්‍රී සිට මගේ බිරිදට ගරු පැටියො කියා පටන් ගතිමි.

      Delete
    4. ගරු කෙන්ජි මැතිතුමා.... ගරු රාජ් මැතිතුමා කියලා තියෙනවා වගේ මේක එහෙම ලේසි වෙන එකක් නෑ. දැනටත් පොර මීගමු හිරේ ඉන්නේ.. දෙපැත්තෙන් සමගි උනොත් මිසක් වැඩේ ලේසි වෙන්නේ නෑ.. නමුත් එහෙම සමගි වෙන්න, වෘත්තිය සමිති වලින් ඉඩක් ලැබෙන එකක් නෑ.. ඒ කියලා ඒ බල්ලා කරපු වැඩේ මම කීයටවත් අනුමත කරන්නේ නෑ..

      Delete
  2. කියලා තියෙන කරුණු එක්ක එකඟයි.. මං හිතන්නෙ ලිපියෙ වැදගත්ම ටික තියෙන්නෙ අන්තිමට.. දේශපාලකයන් තමන්ගේ නොමනා වැඩ නිසා තම ගෞරවය සිඳ ගත්තා වගේම.. ගුරුවරු ද පඩ ෂෝ දාන්න ගොස් තම ගෞරවය නැති කර ගනිති. මා ඉගෙන ගත් පාසලේත් ඔයවාගේ අවිචාරශීලී ගුරුවරු විශාල පිරිසක් සිටියහ.. ගුරුවරයා කෙරෙහි වූ ගෞරවය නැත්තටම නැතිවන්නට පෙර පාසලෙන් ඉවත් වන්නට හැකි උවත්.. අත්‍යාවශ්‍ය කාරනයකටවත් පාසල පැත්තේ යන්නට නොසිතෙන්නේ එබඳු ගුරුවරුන් නිසාය. ගුරුවරුන්ගේ අවිචාරවත් වැඩපිළිවෙල නිසා මම විශාල වශයෙන් අපහසුතාවට පත්වූ අයෙක්මි.

    ReplyDelete
    Replies
    1. සමාන්‍යයෙන් ගුරුවරුන්ට කියන්නේ සෑම දරුවටම එක වගේ සලකන්න කියලා. අනික ගුරුවරු උගන්වන්න ඕන දක්ෂ දරුවන්ට නොවෙයි, අදක්ෂ දරුවන්ට. නමුත් වෙන්නේ ඒකේ අනිත් පැත්ත. දක්ෂ එකා කොහොමත් ගොඩ යනවා. අදක්ෂ එකා ගැන සැලකිමකුත් නෑ. ඌ ගැන හොයා බලන්නෙත් නෑ. හැබයි සල්ලි කාරයෙක්නම් සම්පූර්ණ චිත්‍ර කතාව වෙනස්...

      Delete
  3. රටේ තියෙන්ස් ප්‍රශ්න වලට 56 මුව හමට තැලීම වැරදියි. එදා වෙනස්කම් වලින් සිවුවූ යහපත වැඩියි අයහපතට වඩා.

    ReplyDelete
    Replies
    1. මුව හම. ඒක හොඳ මුව හම.. ඒක මුව හමක් නෙවෙයි කකා.. ඒක කබර හමක්. මේ රට විනාශ කළේ බන්ඩාරනායක. මැදිහත් සිතින් බලන සිරි ලංකා කාරයෙක් උනත් ඒක පිලිගන්නවා. සිංහල ජනතාව තුල ජාතිවාදය වැපිරුවේ උන්නැහේ. අදත් අපි දුක් විඳින්නේ ඒ යකා කරපු පව තමයි.. දැන් ඉන්නේ එයාගේ අවතාරයද කියලත් වෙලාවකට හිතෙනවා...

      Delete
  4. සිදුවීම ගැන මම බලාපොරොත්තුවෙන්ම හිටි ප්‍රතිචාරයක්.

    ReplyDelete
    Replies
    1. ඔයාට බැරිද ජනාධිපති උපදේශක කෙනෙක් වෙන්න.....

      Delete
    2. ඔයා බ්ලොග් අවකාශයෙ පොරක්නෙ! මොනවද සෑර් බ්ලොග් එකක් කියලා ලිව්වෙ?

      Delete
    3. පැරා සහ හිරු මේක ගැන ලියලා තිබුන නිසා නොලියා ඉන්නයි හිතා ගෙන උන්නේ. නමුත් කියන්න ඕන දේ එයාලා හරියට කියලා තිබුනේ නෑ..

      Delete
  5. පැහැදිලිවම මේ රටේ අධ්‍යාපන සිස්ටෝන් එකම මහා විකාරයකි වික්ටෝරියානු යුගයේ සිට රාජ්‍ය පාලනයට අවශ්‍යය යන්ත්‍ර බිහිකරගැනීමට තමයි මේ මොඩල් එක යොදාගත්තේ. එක්කෝ යුද්ධයට එක්කෝ ඒ හා බැඳුනු පරිපාලන ආකෘති වලට.අද බටහිර රටවල් මේ මොඩල් එක අයින් කරලා නවීන තාක්ෂණික ලෝකයට අවශ්‍ය මොළ බිහිකරන්න ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරගෙන තිබෙනවා. සෑහෙන මනෝවිද්‍යාත්මක සංකල්ප එකතු කරගෙන තියෙනවා. ඒ තුලින් නිර්මාණශීලී පෞරුෂයකින් යුත් මිනිහෙක් සමාජයට දායාද කරනවා. එත් අපි අච්චුවේ ගඩොල් හදනවා වගේ තමයි ළමයි සමාජෙට දාන්නෙ.

    pink floyd ගායක කණ්ඩායම කියන another brick in the wall කියන ගීතයත් බලන්න
    http://www.youtube.com/watch?v=VZbM_MIz4RM

    හැමදාමත් වගේ එලම ලිපියක් මාතලන්

    ReplyDelete
    Replies
    1. ඕක අපි ඉස්කෝලේ යන කාලේ මාර ජනප්‍රිය සිංදුවක්. වාසනාවකට අපේ පන්තිවල, ඉහල සමාජයේ සෙට් එකක් හැමදාම උන්නා. උන් නිසා තමයි ඉන්ගිරිසි සින්දු අහන්න ආසාව වැඩි උනේ. ඒ වගේ සින්දුවක් මෙහේ කිව්වනම් කොහොම තියේවිද? මම මේ ලිපිය කියවන හැම කෙනාටම කියන්නේ ඒ සින්දුව බලන්න. එතකොට තේරේවි අපි කියන්නේ මොකක්ද කියලා..

      Delete
  6. නර්ස් කෙනෙක්ට හදියක් කරන්න හදපු එකාට දඩුවම් නොදී ,නඩුකාරයා නර්ස්ගේ ඇඳුම හොයන්න ගිය රටේ ,ටිචර් කරපු එක හරිනේ........පාරේ තොටේ මොකක් හරි වුනොත් ඉතිං පස්සේ ගුරුවරුටනේ දොස් අහන්න වෙන්නේ කියලා ටිචර්ට හිතෙන්න ඇති.

    ගවුම
    පරඬැල් වගේ එල්ලේන විට, ජම්බු ගහෙන් වැටුන ගමන් කෙල්ලන්ගේ, පුහුල් ගෙඩි වන් සුන්දර තාවය නැතිවී
    යනවාය ++++++++++++++++++++

    එකනම් ඇත්ත... කෙන්ජී ඉන්න රටේ නම් ඉතිං ඉස්කොල යන ඔය වයසේ කෙල්ලන්ගේ ස්කර්ට් එක තියෙන්නෙ දණ හිසට වියත් දෙකක් විතර උඩින්......

    ReplyDelete
    Replies
    1. උන් ඒක ඉස්කෝලෙන් එලියට ඇවිල්ලා නේද බන් රෝල් කරගන්නෙ ඉනෙන්? නැත්නම් ඒක හෙන දිගයි.

      Delete
    2. එහෙම දේවල් කරන්න අයිතියක් නෑ. මෝඩ දෙමාපියන් නේ ඉන්නේ ඒකයි. ඔය දේවල් ළොකු ඉස්කෝල වල කරානම් කන්න වෙන්නේ. මමත් මේ ඊළඟ මීටීම එනකන් ඉන්නේ එකෙක් අල්ලගන්න.

      Delete
  7. 56 තමයි මේ රටේ හැරවුම් සංධිස්ථානය. මම නම් දකින්නෙ බොරුකාරයෝ පාදඩයෝ, දේශපාලනයට එන්නෙ මින් පස්සෙ. ඒ නිසා වර්ථමාන සමාජ පරිහානියේ විශාල බරක් කර ගහන්න ඕනෙ 56 වෙනස කරපු උන්. බණ්ඩ නම් මම දකින සෙවලම පොරක්. මේ රටට හෙණ ගහන්න වාතාවරණය හැදුවේ එයා තමයි. ටීචර්ල දන ගස්සන්න තරමට වර්ධනය වන්නෙ ඒ 56 යුග පෙරලිය තමා.

    ගැහැණු ළමුන්ගේ පාසැලක් වන මගේ දියණියගේ පාසලේ වර්ථමානයේ සිටින ඉතාම දක්ෂ මෙන්ම ශිෂ්‍යාවන් බොහෝ ප්‍රිය ඒ වගේම බිය ගුරුවරියක් හා මම මේක ලියන්න කලින් කතා කළා. ඇය කියනවා ඇයගේ පාසලේ දැනට පාර්ලිමේන්තුවේ සිටින බොහොමයක් මැට්ටන්ගේ ඇමැට්ටන්ගේ දරුවන් සිටිනවාලු. එක දේශප්‍රේමියෙක් එක් වතාවක් හැර කිසිම දිනක ගුරුවරයෙක්ගේ සිද්ධියකට කතා කරලා නැහැලු.

    මේක මාතලන් අර රත්තරන් බැන්ද කටුස්සට වුණු දේ වගේ වැඩක්. මන්තිරියා ගියපු උඩක්.

    ReplyDelete
    Replies
    1. මෙන්න අදහන්න වටින බ්ලොග් කරුවෙක්..... බ්ලොග් කලාවේ කමෙන්ට් ලිවීමට සුසමාදර්ශයක්... ( තිසර කැලේ ) කොමෙන්ට් එකක් දාන්න කලින් පවා අදාල තැන්වලට කතාකරලා තොරතුරු රැස් කරගෙනයි කොමෙන්ට් කරන්නෙ...

      මෙන්න මෙව්වට තමයි ප්‍රොෆෙෂනලිසම් කියන්නෙ.....

      Delete
    2. බණ්ඩාරනායක UNP එකෙන් අයින් වෙන්නේ අගමැති වීමේ සිහිනය ඉටුකරගන්න.පස්සේ මිනිහට පෙනීහිටින්න දේශපාලන මතයක් නැති උනා. ආණ්ඩු පක්ෂය උනේ ධනවාදී UNP ය. විපක්ෂේ වාමාංශික. ඔය දෙකම විධිමත්ලෙස සංවිධානය වූ දේශපාලනික මතවාද සහිත පක්ෂ. මුට නඩත්තු කරන්න දේශපාලන මතයක් නැතිකොට එල්ලුනේ ජාතිවාදයේ. තනිකරම සිංහල බෞද්ධ ජාතිවාදී චන්ද පදනමකින් ඔහු අගමැති වීමේ හීනය ඉටුකරගන්නවා. නමුත් ඒක අද දක්වා දිවෙන ජාතිවාදී වර්ගවාදී දේශපාලනයේ මුල් බීජය. දේශපාලන පක්ෂ බිහිවෙන්න ඕන ජාතිවාදී පදනමකින් නොවේ. කාට හරි කියන්න පුළුවන් ජාතිවාදයත් දේශපාලනයක් නේ කියල. යම්තාක් දුරකට ඒක ඔව්. එත් බහු ජාතික බහු වාර්ගික රටකට ඒක තරම් පිළිකාවක් තවත් නැහැ. 56 කියන්නේ 77 ටත් වඩා රටට විනාශයක් කරපු යුගයක්. අදටත් එකේ විපාක විදිනවා

      Delete
    3. එතකොට තමුං ඉගනගත්තේ 56න් පස්සේ ඒරොප්පෙන් වෙන්නැති නේද? මේ රටේම මුදලින් ඉගනගෙන ලොකු තානාන්තර අරගන රටටම කෙළිනවා බලය නැති කමට

      Delete
    4. මා උගත්තේ නම් පුද්ගලික පාසලක. විශ්ව විද්‍යාලෙ දි නම් නොමිලේ පශ්චාත් අධ්‍යාපනය මම්ම උපයන දෙයින් ලබා ගත්තේ.

      Delete
    5. මම දන්නේ නැහැ මම හරිද කියලා නමුත් මට හිතෙන්නේ තමන්ට බලය ලබා ගැනීමේ පටු අරමුණින් තමයි බණ්ඩාරනායක උන්නැහේ ඔය සිංහල පමණයි කියන තැනට ආවේ කියලා.ඕකෙන් උණේ සිංහල බස සුරැකීම කේසේ වෙතත් මාතලන් කිව වාගේ සමාන්‍ය ජනතාවට ඉංග්‍රීසි ඉගෙන ගන්න තිබුන අවස්ථා නැති වෙලා ඒවා උන්ගේ පැලැන්තියට සිමා උන එක විතරයි.

      Delete
    6. පනස් හය නිසා සාමාන්‍ය මිනිහාට ඉංගිරිසි ඉගෙන ගන්න බැරි වුනාය කීම නං මහා විහිළුවක්.

      (full reply below)

      Delete
    7. වෙද මහතාගේ සියළු අදහස් හා එකඟයි.. මොරබ්බා සහ මනෝජ් කියලා තියෙන්නෙත් ඇත්ත.. කතාට මම වෙනම උත්තර ලිව්වා...

      Delete
  8. මේ පළාත්සභා නියෝජිතයාගේ හැසිරීම ඉතාම වැරදියි.ඒ ගැන තර්කයක් නැහැ.නමුත් මට දැනෙන දෙයක් නම් මේ ගුරුවරිය වෙනත් කෙනෙකුගේ කුණු කොන්ත්‍රාත්තුවක් ඉටු කරන බවක් දැනෙනවා.ගස් බැඳපු සමුර්ධි නියාමකට,ගුටිකාපු මේජර්ට නැති කරුණාව මෙයාට ඉහලින්ම ලැබෙන්නේ මොකද?.මේ පළාත් සභා නියෝජිතයා දංගෙඩියට ගෙල තියවන්න ඉන්න ඇත්තේ,මේ ගුරුවරිය කඩුව මුවහත් කරලා දුන්න වෙන්න පුළුවනි.තංගල්ලේ සුද්දා මරපු එකා යහතින් ඉන්නත් පුත්තලමේ එකාට කෙලවෙන්නත් හේතුව මොකද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය සැකේ නම් මටත් තියනවා. මම හිතන්නෙ ලොක්ක බොර දියෙන් මාලු බානව වගේ. ඡන්දෙ ලඟනෙ. අවස්ථාව අනුව ඒක නැඟලා ගියා. අහම්බෙන් වුනත් ලැබුනේ හොද හයිය අත්තක්.

      Delete
    2. මගේ නං අදහස ටිකක් වෙනස්.
      සුද්දගෙ කේස්එකටත් සමෘද්ධි නියාමකගෙ කේස් එකටත් වඩා මෙතන තත්වෙ ටිකා..ක් බරපතලයි. ඕනම කේස් එකකදි ලොක්ක හැසිරෙන්නෙ තමුන්ට තියන වාසියේ තරමට. මර්වින් සිල්වට විරුද්ධව ලොක්කට යන්න බෑ.අනෙක ගස්බැන්ද නෙවේ අහවල් වැඩේ කලත් සමෘද්ධි නියාමකයො ‍ආණ්ඩුවට විරුද්ධ වෙන්නෙ නෑ. තංගල්ලෙ කේස් එකත් සාමාන්‍ය සමාජයට බරපතලෙට දැනුනෙ නෑ. ‍ඒක ලොකු ප්‍රමාණයේ නිව්ස් 1ක් විතරයි. මැරුනෙ සුද්දෙක්නෙ.

      ‍මේ කේස් එකේදි කැළඹීම ඊට වඩා වැඩියි. ගුරුවරු කියන්නෙ සාපේක්ෂව බලපෑමක් කලහැකි පිරිසක්. මෙතනදි එයාල තරහ කරගැනීම සහ තමුන්ගෙ මන්ත්‍රී ගෝලය අස් කිරීම කියන දෙකෙන් වැඩි වාසිය ලැබෙන්නෙ දෙවනි කාරණාවට.
      ඒකයි වෙනස.

      Delete
    3. එහෙම සැකයක් තියෙනවනම්. රාජ්ගේ තර්කයෙන් ඒක බිඳෙනවා. ඔය දේ මර්වින් කරත්, මඩවල මැරුවා වගේ බේරෙන්න වෙන්නෙත් නෑ. මොකෝඅ ගුරුවරුන්ගෙන් වැඩි පිරිසක් පොදු පෙරමුනේ.. ටීචර්ලට සුපිරි පඩු හම්බ උනේ මේ ආන්ඩුවෙන් අනික ඉන්න තරමක් ඉන්නේ ආන්ඩුවෙන් පත් කරපු චක් ගෝලයෝ...

      Delete
  9. අන්සිවිලයිස් සමාජයක් බව ඇත්ත.

    වාටි ලිහීම නං යම් තරමක් විවාදසම්පන්න කාරණාවක්. ඔන්න පාසලක් තියනව ඒකෙ ඉගනගන්න එවුන්ට නීතියක් තියනව අහවල් විදියට ඇඳිය යුතුයි කියල. ඒකට අනුගත වෙන්න බැරි කවුරුහරි ඉන්නව නම් කරන්න තියෙන්නෙ එයින් ඉවත්වී තමුන්ට අවශ්‍ය විදියට අඳින්න පුළුවන් තැනකට යාමයි(මේ කේස් එකේ මම දැක්ක, අදාල පාසලේ දැන්වීමක් පවා තිබුන දැඳුමේ තිබිය යුතු දිග සඳහන් කරල). අපිට ඒකට අනුගත වෙන්න වෙනව. මොකද ඒක නීතිය. ඒක ක්‍රියාත්මක කලා කියල දනගැස්වීම සාධාරණිකරණය කරන්න බෑ.

    ඒ වගේම මේකෙ ඇතුල්පැත්ත තමයි ගුරුවරයා සිසුවා දෙමව්පියන් අතර තියන සම්බන්ධතාවයේ තරම. ඕනම ළමයෙකු "හදාගන්න" පුළුවන්. ඒ සාත්තරේ දන්න උදවිය අඩුයි. මේක හොඳටම විස්තර කරල තිබුන අජිත් පැරකුම් මහත්තය.


    නව යොවුන් වියේ දරුවන්ගේ මානසික තත්වය තේරුම් ගන්න අවශ්‍ය පරිණතකම හා සංවේදීභාවය බොහෝ ගුරුවරුන් තුළ නැහැ. ඇතැම් ගුරුවරුන්ට සිසුන් කියන්නේ ගව පට්ටියකට වැඩි දෙයක් නො වෙයි. ඉතින් අද පාසල් කියන්නේ වධකාගාර වැනි තැන්. ළමයින් හා ගුරුවරුන් පරම හතුරන් වගේ. එහෙම නැතිනම් ළමයින් හා ගුරුවරුන් අතර සම්බන්ධය හරියට මුදලාලිලා හා පාරිභෝගිකයන් අතර සම්බන්ධය වගේ.

    කොහොමින් කොහොම හරි අද වන වි‍ට පාසල තමයි ළමයින්ට වැඩියෙන් ම ශාරීරික හා මානසික වධ දෙන ළමා අපචාර මධ්‍යස්ථානය. වැඩේ කියන්නේ දැන් දෙමව්පියෝ විතරක් නො වෙයි ළමයි පවා හිතන්නේ මේක තමයි හරි වැඩේ කියලා.

    පාසල් ඇතුළේ ආදරය නැවත පිහිටුවිය යුතුයි. ළමයින්ට පාසල කියන්නේ සොඳුරු අවකාශයක් විය යුතුයි. දැන් කාලෙ නම් පාසල කියන්නේ කොතනින් හරි ගුරුවරයෙක් තමන්ගේ ඇඟට කඩා පනියි කියලා බියෙන් සිටින ළමයින් පිරිසක් ගාල් කරපු තැනක්.

    ReplyDelete
    Replies
    1. මම මේක අනුමත් කරන්නේ නෑ. බල්ලෝ ලිපිය ලිව්වේ එයාලාට උපහාර පිනිසම තමයි.. පැරා කියන දෙයම තමයි මමත් කෙටියෙන් කිව්වේ. ගිරව් වගේ ගුරුවරු බිහිකරලා වැඩක් නෑ. ළමුන්ගේ මානසිකත්වය ගැනත් උගන්වන්න ඕනා. මේක මේ උපාධිය ගත්ත එකා කෙලින්ම ටීච් කරන්න දානවා. ඌ එන්නේ කැම්පස් මානසිකත්වයෙන්. පොඩි දරුවගේ මානසික මට්ටම ඌට නෑ. උපාධියේ උණෙන් ඉදිමිලා ඉන්නේ. එහෙම නැත්නම් ක්සිම පුනුවක් නොමැති, දේශපාළණ පත්විම්, එතකොට පොලිටිකල් උණ. ඉතින් පොඩි එකා මරාගෙන කනවා..

      Delete
  10. //"මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් පවත්වන කප්පරක් මැතිවරණ වලින්........"// කොයි රටේද? අපේ රටෙනම් මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් මැතිවරණ පැවැත්වූ කාලයක් මට නම් මතක නැත, එය "සුමනදාස අමරසේකර විසින් නියම කරන දින පවත්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව (කතාවට කියන්නේ එහෙමය) විසින් තීරණය කරන" මැතිවරණයි.
    56 දී සිංහලය රාජ්‍ය භාෂාව කල බණ්ඩාරණායක මහතා තමුන්ගේ ළමයින් එකෙක්වත් ලංකාවේ ඉගෙන ගන්න තිබ්බේ නැත.ඒ මොකදැයි කියා දෙන්නට උවමනා නැත. අදටත් එක ගොබ්බයෙකුගේවත් ළමයි ලංකාවේ ඉගෙන ගන්නේ නැත.
    ගව්මේ වාටි ලිහීමේ කතාව ගැන මට හිතෙන්නේ මෙහෙමය. ළමයාට දඬුවම දුන්නේ මාතලන් කියන විදිහට මුලින් අවවාද නොකරදැයි හරියටම දන්නේ නැත. කොහොම වුනත් මේ වැටි ලිහිල්ල ඉස්කෝල වල ජනප්‍රිය දඬුවමකි. මමත් ඉස්කෝලේ කාලේ "ඩබල් ෆෝල්ට් "දමා මසා ඇති කලිසම ඇඳ ඩබල් ෆෝල්ට් එක ගලවා දැමීමේ දඬුවමට ගොදුරු වී ඇත්තෙමි. නමුත් එය විනෝදයට හේතු වූවා මිස අපි හැදුනේවත්, ගුරුවරුන් සමග තරහා වුණේවත් නැත. මෙතැන දී වී ඇත්තේ පියාට ළමා හිංසනය ගැන අවබෝධයක් තිබී ඊට විරුද්ධ වීමක් නොවේ, උද්ධච්ච කමට වැඩ පෙන්නන්නට යාමකි.
    කෙසේ වුවත් අවසානයේ අමාරුවේ වැටුනේ මන්තිරියාවත් , ටීචර්වත් නොව අහිංසක ළමයාය, වාටිය ගැලවීමේ ලජ්ජාවත්, තාත්තා ගේ මොංගල් හැසිරීමෙන් වූ ලජ්ජාවත් දෙකම විඳින්නට සිද්ධ වෙන්නේ දරුවාටය. ඒ ළමයාට නැවත එම පාසලට යාමට හැකියාවක් නැති බව පැහැදිලිය, ගියත් ඉන්නට වන්නේ නොස්ලකිල්ලට ලක්වෙමින් මානසික පීඩාවකින්ය. ඒ පළාතේ වෙන පාසලකට ගියත් තත්වය වෙනසක් නැතිය.
    අපේ රටේ හැටියට ටීචර් ඊළඟ පාර නිදහස් සන්ධානයෙන් වයඹ පලාත්සභාවට තරඟ කර වදිඅ මනාප අරන් දිනන්නටද බැරි කමක් නැත.
    එදාට මෙහෙම කටවුට් වැදෙන්නත් බැරි නැත,"

    "ජනපති ආශීර්වාදයෙන් වීර ගුරු මාතාව වයඹ පළාත් සභාවට"

    "අයුක්තියට මැර බලයට එරෙහි වූ වීර කාන්තා නියෝජනය වයඹ පළාත් සභාවට"

    "විනය ගරුක සමාජයක් ගොඩ නැගීමට ජනපති සමග අත්වැල් බැඳගත් ගුරු මාතාව දිනවමු"

    ReplyDelete
    Replies
    1. ඔව් බන් දැන් යන විදියට ඔය ආකාරයේ කටව්ට් වදින්නත් බැරි නැහැ තමයි...:D

      Delete
    2. ඔව් උඹ කියන දේ වෙන්නත් පුළුවන්. කොහොමත් දෙපිරිසම දරුවෝ ගැන හිතන්නේ නෑ. නැතිනම් දරුවෝන්ට මෙච්චර ප්‍රේෂර් එකක් දෙන්නේ නෑනේ. පොත් බෑග් එකේ සයිස් එකෙන් කියන්න පුළුවන් අපේ අධ්‍යාපනයේ තරම..

      Delete
  11. ගුරුවරුන්ට සැලකිය යුතුයි. එහෙත් මේ දැනට තියෙන අධීරාජ්‍යවාදි මානසිත්වය ගුරුවරුන්ගෙන් ඉවත් කළ යුතුයි. තරගකාරි පාසැල් රටාවක් ගොඩ නැංවිය යුතුයි. මා කලින්ම කිව්ව නෙව වාටිය හදන එක මානව හිමිකම් කඩ කිරීමක්.. කොහොම උනත් 56 කෙංගෙඩිය වගේම 77 රිලාමොටෙත් අඩු වැඩි නැතිව මේ ක්‍රියාදාමයන්ට වග කිව යුතුයි.

    ReplyDelete
    Replies
    1. ගුරු ගෞරවය නිකන් එන්නේ නෑ. එක ලබාගන්න එයාලා දැන ගන්න ඕන. අපිත් ඔක්කෝටම ගරු කලේ නෑනේ..

      Delete
  12. මාතලන් මතුකරන අදහසට මම මූලික අර්ථයෙන් එකඟයි, ඒත් මේ අදහස මේ වෙලාවෙ වැඩිපුර උඩට ගන්න එකෙන් වෙන්නෙ , අපේ කට්ටිය.. " මිස් කරපු වැඩෙත් වැරදියි, පලා බබා කරපු වැඩෙත් වැරදියි එහෙනම් දෙකට දෙක හරි " කියන තැනට යන එකයි...

    මම අදත් නිවුස් එකක් දැක්ක දැනටමත් එකම සාක්කියක් වත් නැති තැනට ඇවිල්ලලු තියෙන්නෙ... පුදුම වෙන්න දෙයක් නෑ තමන්ගෙ සාක්කියවත් තමන්ට නැති ( තමුන්ම ගහේ බැඳිච්ච එකා ට වගේ ) රටේ...

    56 දී කලේ ලෝකේ වේගෙන් ඉස්සරහට යද්දි ලංකාව රිවස් ගියර් එකට දැම්ම එකය....

    ReplyDelete
    Replies
    1. රිවර්ස් ගියර් එකට නෙමෙයි. කෙලින්ම කනෙන් අල්ලලා, ගල් යුගයට යවපු එකයි..

      Delete
  13. මම කියන්නේ නැහැ මේ පුද්ගලයා කරපු දේ හරි කියලා හැබැයි මගේ දරුවෙකුට වුනා නම් මම වුනත් මේක ඉස්කෝලෙට ගිහිල්ලා අහනවා.

    දරුවාගේ වැරැද්දක් තියෙනවා නම් ඒක නිවැරදි කරන්න ඕන හැබැයි මේ විදිහට දරුවාගෙන් පලි අරන් නෙවෙයි. මුලින් ම දරුවායි දෙමව්පියනුයි දැනුවත් කරන්න ඕන. ඒත් හරියන්නේ නැත්නම් දෙමව්පියන්ට කියන්න ඕන කොටට අඳින්න ඕන නම් ඉස්කෝලෙන් අස් කර ගන්න කියලා. එහෙම නැතුව මේ ගුරුවරු තමන්ගේ තියෙන පීඩනය නැති කරන්න දරුවන් දිහා බලන්නේ හරියට හතුරෝ වගේ. හැම ගුරුවරයෙක් ම මෙහෙම නැති වුනත් මේ වගේ ලෙඩ්ඩුත් ඉන්නවා. ගුරු වෘත්තියට ආදරෙන් ගිය අය කී දෙනාද ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. 100% එකඟයි.. මම කියන්නෙත් එයමයි.. මේ ඇවිත් අන්සිවිලයිස් සිස්ටම්...

      Delete
  14. මම ඔයාලට කියන්නේ අරුණි ෂපිරෝගේ ගුවන් මගීන් නිරුවත් කරවීම
    http://arunishapiro.wordpress.com/2010/11/17/%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B6%9F%E0%B7%93%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93/

    කියන ලිපිය කියවන්න කියලා ඒකෙන් ගන්න තියෙන ආදර්ශය තමා සුද්දෝ තම සමාජයේ මිනිස්සුන්ගේ හැසිරීම ස්වභාවික දෙයක් හැටියට පිලිගෙන කටයුතු කිරීම මේක කකුලට හැලපෙන සපත්තුවක් සාදාගැනීමට සමානයි නමුත් අපේ කලු සුද්දො හිතන්නෙ සපත්තුවට ගැලපෙන්න කකුල පිහිටිය යුතුයි කියලා නැත්තන් එයාල හිතන්නෙ ඒක කකුලේ වැරැද්දක් කියලා
    ඔයා සිංහලයන්ගේ ගෝත්‍රික කම ගැන කියපුවා ගැන මට කියන්න තියෙන්නෙ ඒකයි.
    මට මේක කියන්න හිතුනේ නර්ස්ගේ ගල මිරිකපු සිද්දිය ගැන පෝස්ට් එකේදි හැබැයි මේකටත් ඒක ගැලපෙනවා
    සිංහලයෝ ඔච්චර අශිෂ්ට ජාතියක්නම් 2500 වසරක් වඳනොවී හිටියේ කොහොමද කියලා කියන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් "ජගත් පතිරණ" කියන හින්ගල නමක් දාගත්තට. බින්තැන්නේ අදටත් ඉන්නේ ඔහේලගේ පරම්පරාවේ කස්ටිය. ඔස්ට්‍රේලියාවෙත් ඉන්නේ..

      ඕයේ ඔජායේ....//
      ඕ.......ජා.........යේ..........

      Delete
  15. //උගත් යයි කියනා උන් බුද්ධිමත් නැත. බුද්ධිය තියෙන එකා උගත් නැත//
    ඉතින් එකනේ අර රවී උන්නැහේ ඒ දවස්වල කිවේ අපිට මොළය තියෙනවා බලේ නැහැ.
    බලේ තියෙන උන්ට මොළේ නැහැ කියලා.

    ඇත්ත මේ කරනාවේදී මේ ළමයාගේ ආත්ම ගරුත්වය ගැනත් හිතන්න.
    අප්පා කල වැඩේට දඩුවම ලැබුණේ දරුවාට.

    ReplyDelete
    Replies
    1. මුන් දෙගොල්ලටම පිස්සු. දෙගොල්ලටම උණ.. නිකන් නෙවෙයි.. සහලවලා....

      Delete
  16. මගේ දුවගේ ගවුම හැමදාම මැදලා දෙන්නෙ මම. එයා හැමදාම ඇඳුම ඇඳලා බලලා දන ගහලා බලනවා දනහිස වැහෙන්න තියනවද කියලා. මොකද මේ ඉස්කෝලෙත් ඔය වාටි ලිහන ක්‍රමය ක්‍රියාත්මක කරනවා. මම නම ගුරුවරයෙකු දඬුවමක් නියම කිරීම වරදක් හැටියට දකින්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ලොකු ජෝන් වෙනස් කරලා... කැළෑ ජෝන් කියලා දාගත්ත නම් හරි... කේන්ති ගන්න කාරි නෑ ඕන්........

      Delete
    2. කේන්ති ගන්නෙ නෑ ඒ එක එක්කෙනා දකින විදිය මේ මට ගුරුවරයෙකු දඬුවම් කල කතාවක් " පමා නොවී එමි අකුරට "

      Delete
    3. උඹට විතරක් නෙමෙයි. මමත් හොඳට ගුටි කාලා තියෙනවා. ඒත් මම ඒවා නුමත කරන්නේ නෑ..

      Delete
    4. ඒත් මම නම් හිතන්නේ ගුරු ගෞරවය ඇතිවෙන්නේ, අවංකව අපේ වැරදි දැකලා අපිට දඬුවම් කරපු ගුරුවරු හන්දා කියලා

      Delete
    5. අපි නම් එහෙම උන්ට ආදරේ නෑ... ගෞරවයකුත් නෑ. අපේ දෙමව්පියන් පවා කිසිදාක අපට දඬුවම් කර නෑ. අපේ පවුලේ මම විතරක් ජීවීතේටම තුන් වතාවක් අතින් පාර කාලා තියෙනවා තාත්තගෙන්. ඒත් ඒවා ගුටි නෙමෙයි. වෙන තාත්තලා නම් ගස් බැඳලා දිමි ගොටු දාන වැරදි..

      Delete
  17. පාරට බහින්න බැරි මට්ටමකට ගවුම් වාටිය ලෙහල තිබුනයි කියල හිතන්න අමාරුයි නේද? එහෙම කැත වැඩක් කළානම් ඒ ගුරුවරිය බරපතල වැරැද්දක් කරල තියෙන්නෙ.
    ඒ වගේම, පාසලක ගුරුවරියක් කරපු වැරැද්දක් ගැන ගත යුතු පියවර කොතෙකුත් තිබියදී කඩා බිඳගෙන ඇවිත් දණගැස්සවීම අනුමත කරන්න බැහැ කොහොමටත්.
    ඒ වුනත්, ඒ සිද්ධිය වටේ ගොතා ඇති කතාවේදී කරල තියන විචාරයන් සර්ව සාධාරණ නැහැ. කතන්දරකාරයා කියල තියනව වගේ 56 මුව හමට තඩි බෑම ගැන මගේත් ප්‍රසාදයක් නැහැ.
    56 ප්‍රතිසංස්කරණවල ප්‍රගතිශීලී ලක්ෂණ ගොඩක් තිබුනා. ඒත් අනිත් හැම දෙයක්ම වගේ මේ සිද්ධියත් අවස්ථාවාදීන් විසින් තමන්ගෙ වාසියට හරවාගත්තා. ඇත්ත ඒක නේද?

    ReplyDelete
    Replies
    1. මම "බල්ලො" කියලා ලිපියක් ලිව්වා.. ඇහැක්නම් පොඩ්ඩක් ඒකත් කියවන්න.. 56 ප්‍රගතිශීලී ලස්සන තමයි අදත් මේ දිරව ගන්න බැරුව දඟලන්නේ. නැති ප්‍රශ්නයක් ඇති කරලා රට කෑවා...

      Delete
  18. පනස් හය නිසා සාමාන්‍ය මිනිහාට ඉංගිරිසි ඉගෙන ගන්න බැරි වුනාය කීම නං මහා විහිළුවක්.

    අපේ තාත්තලාගේ කාලේ ගමේ (වර්නකි්‍යුලර් එඩුකේෂන්) ඉගෙන ගත්තු ළමයෙකුට හැකියාව ලැබුනේ ගුරුවරයෙක් වෙන්න විතරයි.

    හැට ගනංවල රජයේ පාසල් බවට පත්වෙනම්ම ආනන්ද නාලන්ද වගේ ඉස්කෝලත් පුද්ගලික පාසල්. ගමේ අයට ඒවයේ ඇවිත් ඉංගිරිසියෙණ්ඉගෙන ගන්ණ ලැබුනේ නෑ සල්ල් නැත්තං.

    ගමේ කොල්ලෝ කෙල්ලෝ විද්‍යා විෂයන් ඉගෙන ගෙන ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට ගියේ 1964 වගේ කාලයකයි.

    එදා සිට අද දක්වා ලංකාවේ සිංහලෙන් ඉගෙන ගන්න කොල්ලෝ කෙල්ලෝ එංගල්නතයේ, ඇමරිකාවේ, යුරෝපයේ, මැද පෙරදිග, ඕස්ට්‍රලේසියාවේ රටවල්වල ගිහින් අපූරුවට වැඩ කරන්නේ!

    ඇත්තටම කියනවා නම් - විවිධ ජාත්‍යන්තර ක්‍ෂේත්‍රවල ලංකාවේ අය තම දක්‍ෂකම් වඩාත් පෙන්වන්නේ 1956 න් පසුව නේද?

    ReplyDelete
    Replies
    1. කකා මම ලියන්න උන්න උත්තරේ මොරබ්බා ලියලා තියෙනවා. ඒත් ඒකට උත්තරේකුත් කතා ලියලා තියෙනවා. ඔය ඔය ගමේ මිනිහා පිටරට ගියා කියන කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් ඒ අයගේ දෙමාපියන්, ඉන්ගිරිසියෙන් ඉගෙනගත්ත, ඒකේ වටිනාකම දැනගත්ත. ළෝකය ගැන දැණුවත් මිනිස්සු. අන්තර්ජාලේ නොතිබිලත්, තම දරුවන්ට ඉන්ගිරිසියේ වටිනාකම කියාදුන් ඒ දෙමාපියන්ට පින් දෙනවා මිසක්. ඒක අනික් උන්ට සිංහල පමණයි කරලා. තමන්ගේ දරුවෝ එංගලන්තේ යවපු රදළයන්ගේ කෙරුවාවක් නොවෙයි. ඒ වගේම දක්ෂ ශිෂ්‍යයන්ට ඉන්ගිරිසියේ වටිනාකම කියා දුන්, රත්තරන් ගුරුවරු, ආචාර්යවරුත්, ඉස්කෝලවල, කැම්පස්වල උන්නා. අදත් මම හැම එකාටම කියන්නේ ඒකයි. කොහොම හරි ඉන්ගිරිසි ඉගෙන ගනින් කියලා.. මටත් මහ ළොකු දැණුමක් නෑ. නමුත් කාළයක් මම දන්න දේ දුප්පත් දරුවන්ට නොමිළේ කියා දුන්නා. සමහර අය නම් අදටත් ඒ වෙනුවෙන් පින් දෙනවා.

      Delete
    2. පනස් හය නිසා සාමාන්‍ය මිනිහාට ඉංග්‍රීසි ඉගෙන ගන්නපනස් හය නිසා සාමාන්‍ය මිනිහාට ඉංග්‍රීසි ඉගෙන ගන්න තිබුණ අවස්ථා කොයි තරම් සිමා උනාද..?
      අනිත් එක බණ්ඩාරනායකගේ ළමයින්ට රට ගිහින් ඉගෙන ගන්න පුළුවන් කම තිබුණට හැමෝටම ඒ හැකියාව නැහැ.
      මොරබ්බා උඩින් කිවා වගේ 56දී තමයි රට වැනසුනේ 77ට වඩා.අමතක කරන්න එපා පෙනෙන විනාශයට වඩා නොපෙනෙන විනාශය හානිකරයි කියන දේ.රට දැනුත් තියෙන්නේ ඒ වගේ තැනක.

      Delete
  19. . සුද්දා එන්න පෙර අපේ රටේ තිබුනේ, සිවිල් සමාජයක් නොවේ. වැඩවසම් ක්‍රමයේ රජෙක් යටතේ ජීවත්වූ, කුළවලට බෙදා වෙන්කරන ලද වහළුන් පිරි දේශයකි. එම ක්‍රමය තුල අධ්‍යාපනයක් නැත. එම හිමිකම් තිබුනේ භික්ෂූන්ට හා රජ පවුල්වල උන්ට පමණය. ඒ කියා දුන්නේද, මිනිසා පෙලීම සඳහා කඩු පයිට් හා සාසනේ තම පන මෙන් රැකිය යුතුය යන්න පමණි

    දලයන් බලාපොරොත්තු වූ දෙය. මේ තමයි අන්සිවිලයිස් සමාජය.

    සමාන්‍ය ජනතාව, ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීම නවතා දමන ලදි. එතැන් පටන් ඉගෙන ගන්න ලැබුනේ, සිංහල පමණි
    මාතලන්ගේ සමහරක් කරුණු සහතික ඇත්ත.එත් සමහරක් කරුණු පක්ෂපාතිව ලියපුවා.කොන්තරේට ලිව්වා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම කරුණු ඇත්ත. එහෙම ඇත්ත කියන කොට.. පක්ෂපාති බවක් පේනවා.. නොකං කෝන්තරයක් පිරිමහනවද කියලත් හිතෙනවා.. එහෙම පේන්නේ ... එහෙම දැනෙන්නේ... ඇත්ත තිත්ත නිසා නෝනේ..

      Delete
    2. දැන් ගයානී නියම පාරට ඇවිත්.පරණ ඇනෝගෙන් සුභ පැතුම්!!

      Delete
  20. ඔය ඉතින් "ජගත් පතිරණ" කියන හින්ගල නමක් දාගත්තට. බින්තැන්නේ අදටත් ඉන්නේ ඔහේලගේ පරම්පරාවේ කස්ටිය. ඔස්ට්‍රේලියාවෙත් ඉන්නේ..

    ඕයේ ඔජායේ....//
    ඕ.......ජා.........යේ..........

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. "ගවුම දනහිසේ ප්‍රමාණයට තිබුනාම, හොඳටෝම ඇතිය. නැතුව පරඬැල් වගේ එල්ලේන විට, ජම්බු ගහෙන් වැටුන ගමන් කෙල්ලන්ගේ, පුහුල් ගෙඩි වන් සුන්දර තාවය නැතිවී යනවාය."

    yiyahhh Peadophiliac.....!

    ReplyDelete
    Replies
    1. ඉන්ගිරිස් වචනේ ඉස්පෙලින් වැරදියි.. නලියා එහෙම දැක්කා නම් විනාශයි. ඔබ කියන වචනෙන් නිර්වචනය් වෙන්නේ. වැඩිවියට පත් වන්න පෙර දරුවන්. මම කතා කලේ ජම්බු ගහෙන් වැටුණු පුහුල් ගෙඩි ගැන. ඒවා මට පේන්නේ පුහුල් ගෙඩි වගේ තමයි. නමුත් මගේ කාමාශාව යට කර ගැන්මට තරම් මගේ මනස දියුණුයි. මිනිසා යන්නෙහි නියම අර්ථය එයයි.

      Delete
  23. ප්‍රශ්න කරන්නන්ට පිළිතුර,

    කුරුලු සමඟින්ම අස්වීමේ මේල් එක දැමු අනෙකා මමය. මමද එදින අස්වීමට හේතුව අයිෂ් නැමැති බස් රේඩියෝ සාමාජිකාව විසින් මේල් එකක ගෙන ගිය වැඩසටහන් සතියක් ඇර සතියක් කරනවා නම් නොකරම නිකා ඉන්න ලෙස පැවසූ දේ නිසා මට රාජකාරියත් සමග වැඩසටහන් කර සංස්කරණය කර ගැනීමට ඇති අපහසුතාවය නිසාමය.

    දෙවන කරුණ ලසිත නැමැති බස් රේඩියෝ සාමාජිකයා විසින් මාකට් වීමක් ගැන අදහස් ගෙන යාමය. කුරුලු පැවසූවා සේම මට බස් රේඩියෝවෙන් මාකට් වීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. මා බස් රේඩියෝව මාකට් කලා කීවා නම් එය නිවැරදිය. බොහෝ අසන්නන් පිරිසක් සහ බොහෝ මිනිසුන් සංඛයාවක් හදුන්වා දුන් බව ඇත්තය. මම නිසා බස් අහන්න ඇබ්බැහි වුන මිනිසුන් බොහෝය. එය උනුන්ගේ හදවත් දන්නවා ඇත.

    අනෙක බස් රේඩියෝවෙන් මාව නම් මටත් හොරා මාකට් කර ඇති බවට තව දෙයක් නම් මම එහි සාමාජිකත්ව දරන කාලයේදිම මටවත් නොදන්වා මගේ මිතුරෙකුගේ වෙබ් සයිට් එකකට ඔබේ වෙබ් පිටුවේ මෙන්න මේ කතාව ලියන කෙනා අපේ බස් රේඩියෝවේ සාමාජිකාවක්. ඉතින් අපේ බස් රේඩියෝ ඇප් එකක් ඔබ සයිට් එකට දමන්නට හැකිදැයි කියා අවසර ඉල්ලා යවා ඇත. ඒ ගැන මගේ මිතුරා මට දුරකථනයෙන් පවසන තුරු බස් රේඩියෝවෙහි කිසිවකු කිවේ නැත. මම ඔවුන්ගෙන් ඇසුවාට පසුය මට කිවේත්... ඉදින් එදින මා කිවේ මින්පසු දෙයක් කරනවා නම් නම සදහන් කර මට කියන ලෙසය.

    මා අස්විම දි සිටියදිම පුද්ගලිකව අයිෂ් නමැති බස් රේඩියෝ සාමාජිකාව සමග කතා කරද්දි අවංකවම මට මගේ අසන්නන්ට මං බස් එකෙන් බැස්සා කියන්න බැහැ දුකයි. ඒ අය පවු. මම නිසා බස් අහන්න ආවෙ කියා කියුවෙමි. ඇය මා නැවත රැදෙන ලෙස කියු නිසා සහ මා පැත්තට වැඩි බර කළ නිසාම හිත හොද වැඩිකමටම මා ඔහේ රැදි සිටියෙමි. එහෙත් ඉන්නම් වාලෙ කාලය ගෙවුවෙමි. ඒ අතර තුරත් ඔවුන් රහස් ඡන්ද තියා ඇතුලින් කරන කියන දේ මා දැන ගත් සැනින් තවත් මෙවැනි කුහුක මිනිසුන් ළග රැදි නොසිටිය යුතු නිසාම මම අයින් විය. එහෙත් අයින් විමට මේල් එක දැමුවිට එය ෆේල් විය. එනම් මා එම සමුහ ගෘපයෙන් නොදන්වාම ඉවත් කර ඇත. අඩුම තරමින් ඉවත්කළ බව කියන්නට තරම්වත් මැනර්ස් ඔවුන් දැන නොසිටියෙහිය. ඒ ගැන දැනගෙන මා පුද්ගලිකව අයේෂට සහ නෙරංජි කියන සාමාජිකාවන්ට පැවසු විට එදින හවස තුනයි ගානට මට මෙතෙක් කල් රැදි සිටියට ස්තුතියි කියා දන්වා එවා තිබුණි.

    ඉදින් මා අයින් වුවත් පාඩුවේ නිහඩවම සිටියෙහිය. මන්ද එය අහන්න ගිය මගේ මිනිස්සුන්ට මම නැහැ කිය කියා අණබෙර ගසා අසන එක් අයෙක් හෝ අඩු කරන්නට මා අකමැති වු නිසාය. මේ සියල්ලම හදවතින්ම අවංකම සිදු වු දේවල්ය. මා අප්‍රමාණව බස් රේඩියෝවට ලෙංගතුවිමය. එහෙත් ඊට දින කිහිපයකට පසු මගේ පවුලේ අයෙකුට වෙනත් අයෙකුගේ මාර්ගයෙන් මේල් එකක් යවා ඇත. කුමක් යැවුවාද කිසි දෙයක් මම නොඇසුවෙහිය. එයද මා දැන ගත්තේ එම පවුලේ අදාල පුද්ගලයා මට ඉතා තදින් පණිවිඩයක් එවා තිබුණ නිසාය. එසේ නොවුනා නම් මොවුන් මෙයත් රහසින්ම ගිනි අවුලවා බලා සිටින අය වනවාය

    ReplyDelete
    Replies
    1. මෙතන ඇඩ්ස් දානවනම්. කරුණාකරලා, බෑන්ක් එකවුන්ට් එකට සල්ලි දාන්න. මෙළෝ මලදානයක් තේරුනේ නැත.

      Delete
  24. මෙතන සේරම කතා කරන්නෙ ඉස්කෝලෙ ගිහිල්ල නැති උන් වගේ. නැත්නම් තමන්ගෙ ලමයි ඉස්කොලෙ යන්නෙ නැති උන් වගේ. හැම ලමයම ඉස්කොලෙට භාර ගනිද්දි කියනව ලමයගෙ ඇඳුම කොයි වගේ විය යුතුද, විනය කොයි වගේ විය යුතුද කියල. සමහර විට මාතලන් ඒ රැස්වීමට ගිහින් නැතිව ඇති ඊට පස්සෙ අඩුම ගානෙ අවුරුද්දකට සැරයක්වත් දෙමාපිය රැස්වීමක් තියල ඔය ගැන දැනුවත් කරනව. මාතලන් ඒවට සහභගී නොවන දෙමාපියෙක් විය යුතුයි. එහෙම තිබිලත් නොගැලපෙන ඇදුම් අන්දල එවන්නෙ දෙමාපියන්ගෙ තියෙන බූරු කමට. මාතලන්ගෙ දඩුවම තමයි ලමයව කියල අහන්නෙ නැත්නම් පාසලෙන් අස් කර දැමීම ලමයෙක් පාසලකට ඇතුලත් කර ගැනීමෙ අමාරුව දන්න කෙනෙක් ඔය වගෙ දඩුවම් ගැන කතා කරන්නෙ නෑ. අනික මොකක්ද මන්ද ජාතක කතාවක තියෙනව දිසාපාමොක්තුමා රජ කුමාරයට පහරක් ගහල යහමගට ගත්ත කියල තල මිටක් හොරකම් කලාට, එදා දිසාපාමොක්තුමා කුමාරයාව අස් කරල දැම්ම නම් එයා රජ වෙන්නෙ නෑ. ලමයි කරන හැම එකටම අස් කරන්න ගත්තොත් හොදට හිටී. ඔහොම කරල හරි ලමයිව හදා ගත්තෙ නැත්නම්, මාතලන් පෝස්ට් එකක් ලියයි මේක පාසලක්ද පැෂන් සෝ එකක්ද කියල ලමයින්ගෙ විලාසිතා දැකල.

    ReplyDelete
    Replies
    1. Omesh
      කුමාරය රජ නොවෙන්නේ ඇයි? රජ කමට සුදුසුකම කුමාරයකු වීමයි, හොරෙකු වීම හෝ නොවීම නොවේ. ඉතින් මේ දිසාපාමොක් වැඩේ කේන්තියෙන් කළා නම් ඉළඟ ජාතක කතාවේ ඉන්නේ A.දිසාපාමොක් නෙවෙයි B.දිසාපාමොක්. ගුරුවරුන් ලබා ගත යුතු පාඩම එයයි, සිසුන් කියන්නේ මතු පරපුරයි, ආදි පරපුර නොවේ.
      -රවී

      Delete
    2. කරුණාකරලා කලබල වෙන්නේ නැතුව පෝස්ට් එක නැවත් කියවන්න. හින්ගල නම් තිබුනට, ටයි කෝට් ගහලා උන්නට, ගෝත්‍රිකයෝ කියන්නේ ඔහේ වගේ අයට තමයි...

      Delete
    3. control your angry darling. get used to tolerate others views, it's a good quality

      Delete
    4. මට ලේසියෙන කේන්ති එන කෙනෙක් නෙමයි. මේ ඔහුගේ අදහසට. මගේ අදහස එක් කිරීම පමණි. එහෙනම් කොමෙන්ට් එක අයින් කරන්න තිබුනනේ..

      Delete
  25. මෙ වගේ සිද්දියක් අපිටත් උනා. 2007 අපි සා.පෙ. කරනකොට කලිසම පාතින් අදින ලෙඩක් තිබුන. ඔකට අපෙ කලිසම් වල වාටි කෑපුව. වාටි කෑපුවෙ ඉන ගාවින්. එතකොට කලිසම බිමට කඩන් වටෙනව.. ගුරුවරු හඩුවෙ ගෑනු ලමුන් ඉස්සරහ අපිව ලජ්ජ කරන්න... අන්තිමට කොල්ලොන්ට මල පනල ගහන්නත් ගියා.එඩඉන් පස්සෙ එයාල කියපු දේවල් අපි ගනන් ගත්තෙ න්. ගුරුවරුන්ව අපිට එපා උනා.එත් campus යන්න තෙරුනහම ම්න් හමොටම වඩල ආව.(කාලයක් ඉඩන් මෙක බෑලුවට මුල්ම comment එක අද දෑම්මෙ.)

    ReplyDelete
    Replies
    1. ලිපිය ගෑන කියන්න අමතක උනානෙ. මට හිතෙන්නෙ ගුරුවරු දඩුවම් දෙනකොට මීට වඩා හිතන්න ඔනෙ.අනිත් එකා ගන නම් කතා කරන්න දෙයක් නෑ.දෑන් ඉන්න හුගක් උන් ඔය වගේ තමයි.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න